එක දිගටම සැහැල්ලුවෙ "බර කතා" ගිය නිසා පොඩි සැහැල්ලු කතාවක් ලියන්න හිතුව. මේකත්
අපේ ලොකු උන්දැ නොහොත් ලොකු බාහුගෙ තවත් ඉල ඇදෙන ස්ටෝරියක්.
මිනිහ ඉඳ හිට ඔහොම හොඳ කතා කියනව. දැන් අය්ය එක්ක මල්ලිත්
සෙට් වෙලා තත්වෙ තවත් දරුණුයි.
ඒ ගොල්ලො අහන සමහර ප්රශ්ණ සහ කියන කතා වලට අපිට තමයි කට
උත්තර නැති වෙන්නෙ.
දවසක් මම ලොකු බාහුට කියල දුන්න ඔය කොන්ක්රීට් පම්ප් වල
මොනා හරි තාක්ෂනික කරුණක් ගැන. එයාට අමතක වෙලා
ආයි දවසක් ඒ සිද්ධියම දැකල මගෙන් ඇහුව "තාත්තෙ ඇයි එක එහෙම වෙන්නෙ" කියල.
ඉන් පස්සෙ උන දෙබස් ටික තමයි මේ..
මම - ඇයි පුතේ එදත් මම ඔයාට කියල දුන්නනනෙ ඕකම මතකද අර අපේ
ගේ ගාව බිල්ඩින් එකට කොන්ක්රීට් දාන්න ආපු දවසෙ?
බාහු - ඒ උනාට මතක නෑ, තාත්ත ආයි කියන්න.
මම - එහෙම බෑ, ළමයි උනාම මතක තියාගෙන
ඉන්න ඔනෙ. දැන් බලන්න තාත්තට මතකයි ඔයාට කියල දුන්න කියල, ඒත් ඔයාට මතක නෑ
ඒ කියපු දේ!
බාහු - ඉතින් තාත්ත ලොකුයිනෙ, මම තාම ග්රේඩ්
වන් නෙ…
මම - එහෙම නෑ, අපිත් ග්රේඩ් වන්
ඉන්නකොට ඔය වගේ දේවල් කියල දුන්නම එකපාර මතක තියා ගන්නව. මතක නැත්තං කොහෙද ඉස්කෝලෙ
වැඩ කරගන්නෙ.
බාහු - ඉතිං තාත්ත වෙනස්, අය්ය වෙනස්නෙ (
එයා අය්යා නිසා තමාව හඳුන්වාගන්නේ “අය්යා” කියලයි ).
මම ( තරමක කුතුහලයකින් ) - ඒ මොකද ඒ වෙනස්?
බාහු - ඇයි තාත්ත
ඉපදුනේ ආච්චිගෙ බඩෙන්, අය්ය ඉපදුනේ අම්මගෙ බඩෙන්. ඉතින් කොහොමද එක වගේ වෙන්නෙ?
මම - ( හිනාව කට පුරවාගෙන කහිමින් ) හ්ම් හ්ම්
මෙන්න ඊළඟ කතාව,
බාහු ඉස්කෝලෙ නර්සරි එකෙන් ප්රයිමරි එකට ගියාම ඉස්සර හිටපු
ළමයි වෙනස් වෙලා අලුත් ළමයි කට්ටියක් එක්ක තමයි වැටිල තිබුනෙ. ඉතින් ඒ ළමයි මොන රටවලද
කියල පුතාට නොතෙරුන නිසා නමෙන් හොයා ගන්න මම උදව් උනා වගේම අපේ වැඩේ සෑහෙන්න හරි ගියා.
පුතා නමයි පෙනුමයි කිව්වම මම රට කියනව.
ඇලෙක්සිස් කියන්නෙ ග්රීක් කීවට සයිප්රස්, ඒත් ආසන්න වශයෙන්
හරි. මාරියෝ කිව්වම මම කිව්ව ඒ පිලිපීන් වෙන්නැති කියල හරි. වැරදුනේ ඩිඈන් කියන නම
විතරයි, මොකද එයා ඩිඈන් ඩි සිල්ව :D
කොහොම හරි ඔහොම ගිහින් ටික දවසකින් ඔය පන්තියෙම ඉන්න තවත්
ලංකාවෙ ළමයෙක්ගෙ අම්මල තාත්තල අපේ ගෙදර ඇවිත් අනෙක් කතා අස්සෙ පන්තියෙ ළමයි ගැනත් කතා
උනා.
මේ වෙලාවෙ පුතත් හිටිය එයාගෙ යාළුවත් හිටිය අපි එක්කම. ඔතනදි
අර ඉන්න ළමයින්ගෙ ජාතිකත්ව ගැන කියද්දි අපේ හමිනේ ඉඳන් කිව්ව "මෙන්න මේ දෙන්න
එකතුවෙලා ඔක්කොම ළමයින්ගෙ රටවල් හොයාගෙන තිබ්බ" වගේ කතාවක්.
අම්ම එක කියනවත් එක්කම වගේ එක පාරම අපේ බාහු..
“ආ මට අමතක උනානෙ තාත්තෙ අහන්න... තාත්ත දන්නවද කිම්බ මොන රටේද කියල?”
මහා හය්යෙන් කතා කර කර උන්නු අපේ සභාව නිකං හිරෝශීමා බෝම්බෙට
පස්සෙ වගේ නිෂ්චල උනා..!
ඕගොල්ලන්ටත් හිතා ගන්න අමාරුද පොඩ් එකගෙ ප්රශ්නෙට උත්තරේ?
එහෙනං මෙන්න පහලට
ගිහින් බලල මොන රටේ වෙන්නැතිද කියල කියල යන්න.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
( ගෑණු දරුවෙක් නිසා සම්පූර්ණ පින්තූරෙ දාන්න වෙන්නෙ
නෑ )
බාහුගෙ පරන කතා…
සිංහ බාහුගේ සිංහටෝක්!
පුතා තාත්තාට පැම්පර්ඇන්දවූ හැටි!
ප/ලි
රාජ් ගෙ අදහසක් උපුටගෙන මාතෘකාව වෙනස් කරා. හේතුව අගත අනගත ජහමන හිතසුව පිණිසය ( හිට්ස් වැඩිකරගන්න නොවේ :D )
රාජ් ගෙ අදහසක් උපුටගෙන මාතෘකාව වෙනස් කරා. හේතුව අගත අනගත ජහමන හිතසුව පිණිසය ( හිට්ස් වැඩිකරගන්න නොවේ :D )



