මේ ඇවිත් තීන්නෙ ඉතිහාසෙ මාර සිරා මැතිවරණය!
මේකෙ ප්‍රධාන අපේක්ෂක මරා ( මහින්ද රාජපක්ෂ ) සහ අනෙක් පැත්තෙ සිරා ( මෛත්‍රිපාල සිරිසේන ) මාර සිරා ආතල් දෙමින් කරට කර ගේමක් දෙනව පේනව.
මම කොහොමත් සිරා පොර නිස මට මරාගන්න යන්න කැමැත්තක් ඇත්තෙම නෑ.
ඒ එක්කම සිරා වැඩ දාල ගේම දිනල මරානොගෙන ඉන්නවනං තමයි මම කැමති.
ඉතින් මේ සිරා ඡන්දෙ නිව්ස් බලනකොට පෙනිච්චි මරාගෙන කන්න හිතෙන සීන් කීපයක් මේ.
November 1, පොදු අපේක්‍ෂකයා මමයි – රනිල්
November 5, රනිල් ජනාධිපති අපේක්ෂකයා ලෙස තීරණයක් නෑ.. මංගල රැකගැනීම නායකත්වයේ වගකීමක්
November 8, පොදු අපේක්‍ෂක තේරීමේ අවසන් වටය ඇරඹේ.. අවසන් සිවු දෙනා මෙන්න.. මාදුළුවාවේ සෝභිත හිමි, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, රනිල් වික්‍රමසිංහ හා කරු ජයසුරිය යන සිව් දෙනාගෙන් අයෙක් ඒ සඳහා තෝරා ගැනීමට නියමිතය.
November 9, පොදු අපේක්‍ෂකයාට ජනපතිගෙන් සුභ පැතුම්. ජනාධිපතිවරයා විසින් දුරකතන ඇමතුමකින් ජයසූරිය මහතා වෙත මෙසේ සුභ පැතුම් එක්කකර ඇත.
November 14, නමක්, ගමක්, පාටක් නොදන්න පොදු අපේක්ෂකයා ගැන විපක්‍ෂය අවබෝධතා ගිවිසුම් ගහයි
November 17, පොදු අපේක්ෂකයා ගැන බෙදීමක්! ගිවිසුම අත්සන් කිරීම දිනනියමයක් නැතිව කල්යයි!!"
November 21, එළැඹෙන ජනාධිපතිවරණයේදී විපක්‍ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඇමති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නම් කිරීමට එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රි කණ්ඩායම, පළාත් සභා විපක්‍ෂ නායකයින් සහ G-20 කණ්ඩායම එකඟතාවය පල කර තිබේ.
December 22, සිරිසේන ජාතියම පාවා දේ.. හොර ගිවිසුම මෙන්න.13 ඉක්මවා බලය බෙදන්න, උතුරෙන් හමුදා කැඳවන්න, යුධ අපරාධ පරීක්‍ෂණය සූදානම් (අත්සන් කර ඇත්තේ නොවැම්බර් 1 වෙනිදා!! - අපොයි මන්දබුද්ධික අංශ සහ යුද්ධ වීරයෝ )
මෙන්න තවත් සීන් එකක්
December 5, බදුර්දීන්ගේ පක්‍ෂය අස්වර්ගේ මන්ත‍්‍රී අසුන බාර ගනී..තම පක්‍ෂය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ පැවැත් වූ සාකච්චාවකින් පසු මෙම තීරණය ගත් බව එම පක්‍ෂ නායක රිෂාඞ් බදුර්දීන් මහතා සඳහන් කරයි.
December 22, පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේනට සහාය දීම සඳහා ඇමති රිෂාඞ් බදුර්දීන් තීරණය කර ඇත. ( අය්යො අස්වර්ගෙ මන්ත්‍රීකම )
මේක තවත් සිරා සීන් එකක්
November 24, ආණ්ඩුවෙන් ඉවත් වී ගිය පිරිස් සම්බන්ධ රහසිගත ලිපි ගොනු තමා සතුමුත් ඒවා කිසි දිනක හෙළි නොකරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
December 5, ඇමතිවරුන් කැබිනට් එකට එවන ෆයිල් තියෙනවා. මම කිවෙ ඒ ෆයිල් ගැන. කැබිනට් පේපර් එකක් එළියට දාන්න බෑනේ. ඒවා රහස්නෙ - ජනාධිපති මහින්ද රාජපක්‍ෂ
තවත් සිරා සීන් එකක්
November 21, ජනාධිපතිධූරය දින 100 න් අහෝසි කරන පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීගේ ජයග්‍රහණයට කැපවෙන්න එජාපය ඒකමතිකව තීරණය කළා: රටේ පොදු යහපතට කළ විශාල පරිත්‍යාගයක් -තිස්ස අත්තනායක
December 19, විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක සිරිසේන මී පැටියෙක්.. ජනාධිපති පරද්දන්න හීනෙන්වත් බෑ – තිස්ස අත්තනායක"
පහුගිය නිව්ස් ආයි බැලුවම මෙහෙම බුදු සිරා කතා මහ ගොඩක් දකින්න පුලුවන්. වැඩේ තීන්නෙ, මරාගන්න ඉන්න උන්ට පේන්නෙ සිරා නැති නිව්ස් විතරක් වීම. අනේ ඉතින්, සිරාවට පේන දවසක් මේ මරාගන්න උන්ට කවද එළඹෙයිද?
ඔය සේරගෙන්ම මම කැමතිම මේකට.
December 13, තමනට ඇමති ධූර හෝ වරප‍්‍රසාද කිසිවක් අවශ්‍ය නැතැයි බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී උයද ගම්මන්පිල මහතා පවසයි.
November 27, පළාත් සභාව ඇතුලේ ලොකු පෙරලියක් කරන්න හැකියාවක් උදය ගම්මන්පිල ඇමතිතුමාට ඇති කියල මං හින්නෙ නෑ – හිරුණිකා

