Wednesday, April 30, 2014
Wednesday, April 16, 2014
අපේ මාමා තම්බියෙක් උනානම්...!
මගේ බිරිඳගෙ පවුලෙ පළවෙනි දෙවෙනි වටයෙ වැඩිහිටි ඥාති බොහොම
දෙනෙක් ( ඇගේ මව් පියන්ද ඇතුළුව ) එක්කො වයසට, සමහරු අකලට සහ කීප
දෙනෙක් සුනාමියටත් අහුවෙලා නැතිවෙලා, අන්තිමේ ඉතුරුවෙලා ඉන්න කීප දෙනයි.
ඒ ඉතුරු අයගෙන් විතරක් නෙමෙයි ගිය අය එක්ක බැලුව උනත් තරමක්
ගරු බුහුමන් ලබන, කවුරුත් කැමති හරිම හිත හොඳ මනුස්සය තමයි මාතුපාල මාම.
සුනාමිය නිසා තරමක් තුවාල උනාට උන්දැගෙ හිත තාම හය්යයි. අසූවෙ
වර්ජනේට අහුවෙලා රස්සවා නැති උනාට, තමන්ගෙ මහන්සියෙන් සහ අනෙක් අයගෙ උපකාරෙනුත්
කොහොම හරි හාමිනේ එක්ක ජීවිතේ ගැට ගහගෙන හික්කඩුවෙ මහ ගෙදරට වෙලා සතුටින් ඉන්නව.
උදේම නැගිටල බුදුපාන තියල, වත්ත පිහිදාල,
කුරුල්ලන්ට ලේනන්ට
බත් තියල පස්සෙ තමන්ගෙ හීල පිරිමහගන්න, රාහු කාලෙට කලින් ගමන් යන එන, නැකතට වෙලාවට කිරිබත්
විතරක් නෙමෙයි හිස තෙලුත් ගාන මාම නියම සිංහල විදියට කේන්දරේ උපරිමයෙම්ම විස්වාස කලාට
මොකද හරිම බෞද්ධය.
අහන්නෙ එස් එල් බී සී එක, බලන්නෙ අයි ටී එන්
සහ ජාතික රූපවාහ්නිය, කියවන්නෙ දිවයින පත්තරේ, චන්දෙ දෙන්නෙ අතට
නැත්තන් පුටුවට, කොටිම්ම මිනිහ මහින්දට වඩා සැර ශ්‍රී ලංකා කාරය, ටිපිකල් සිංහල ජහ
මනය.
ඉතින් මේ මාතු මාම අලුත් ව්‍යාපාරයකට අත ගහන්න ලෑස්තිවෙලා.
මාමම මේ වැඩේටත් පොඩි බිස්නස් ප්ලෑන් එකක් එහෙම ගහල අපේ මස්සිනා,
ඒ කිව්වෙ මගේ හාමිනේගෙ
මලය එක්කත් කතා කරල, එයාගෙයි තව ලඟ ඥාතියෙක් දෙන්නෙක්ගෙ උදවෙනුයි වැඩේ පටන් ගන්නයි
යන්නෙ.
මාමගෙ සොයා ගැනීම අනුව තමන් විකුණන්න බලන දේවල් එක තැනකින්
ගන්න බැහැලු හික්කඩුවෙ. අනික හොඳ කොලිටි සප්ලයර්ල හැමෝම අඳුනන්නෙ නැති නිසා තැන් තැන්
වලින් ගන්න අය ටිකක් අහුවෙනවත්ලු. ඉතින් ඔඅය වගේ කරුණු කීපයක් නිසා මේ ව්‍යාපාරෙට තරමක
ඉල්ලුමක්, උනන්දුවක් තියෙයෙ කියලයි මාමගෙ ගණනය කිරීම.
කියපු කරුණු එක්ක හිතල බැලුවම මාමගෙ ඇනලයිස් එකේ වැරැද්දක්
නැති තරම්. ඒ කියන්නෙ බිස්නස් එක සරු වෙන්න තියෙන ඉඩ වැඩියි!
හැබැයි ඉතින් මාමගෙ ප්‍රථිපත්ති අනුව නිකම්ම බොහ් ගාල,
මාර්කට් රිසර්ච්
එක අනුව විතරක් පටන් ගන්න බෑනෙ. ඒ නිසා තැනක් සහ අනෙක් අඩුම කුඩුම හොයා ගත්තට පස්සෙ
මාම ගිහින් වැඩේ පටන් ගන්න නැකතක බලන්න.
නැකැත් කාරය නැකැත් පතද බලල
මාමට කිව්වලු මේ කෝණ මාසෙ නිසා කිසිම නැකතක් නැතිය,
ඒ නිසා මැයි මාසෙ
මුලම, ඒ කිව්වෙ දෙවෙනිද හොඳ නැකතක් තීනවය, එකට වැඩේ කරන්න
ලෑස්ති කරගන්නය කියල.
ඔන්න ඔතන තමයි කොස්ස. කොටිම්ම මට මාම "තම්බියෙක් උනානම්
කොහොම වෙයිද" කියල හිතුන තැන.
මොකද, මාම පටන් ගන්න යන කඩේ සිංහල කැවිළි සහ කේක් බිස්කට් වගේ
රසකැවිළි විකුණන කඩයක්....!!!
ඉතින බලන්න අප්‍රෙල් මුල වෙනකොට කඩෙත්, කඩේට බඩු සප්ලයර්ලත්
හොයා ගන්න පුළුවන් උනාට, කඩේට හොඳම කාලෙ ඒක පටන් ගන්න නැකතක් නැති වෙච්චි හැටි!
දැන් මාම ඔය දීපු නැකතට කැවිලි රස කැවිලි වල උපරිම ඉල්ලුම
තීන අවුරුදු සීසන් එක පැනල, ඒවගෙ ඉල්ලුම අඩු මැයි මාසෙ පටන් ගත්තම, නැකතෙ බලෙන් ගින්දර
වගේ ආයි මිනිස්සුන්ට කැවිලි කන්නවත් හිතෙයිද?
එහෙම නැත්තන් නැකත් කාරයෙ පත හින්ද මාමට මාසයක් දෙකක් අතින්
කාල හරක් බලන්න වෙයිද!
හැබැයි මාම සිංහලයෙක් නොවී තම්බියෙක් උනානම් මට හිතෙන්නෙ
වැඩේ මෙහෙම වෙයි.
අප්‍රේල් පළවෙනිද උදේම කඩේ අරිනව. අලුත කපපු එළු බෙල්ලකින්
ලේ ටිකක් දොරේ ගාල, ඇවිත් ඉන්න ප්‍රභූ කෙනෙකුට මුලිම්ම ටිකක් විකුනල සළු කරගන්නව.
ඉන් පස්සෙ එකා දෙන්න ගානෙ ඇදිල අප්‍රේල් දහය දොළහ වෙනකොට කට්ටිය වැඩි වෙද්දි පහළවෙ
කැවුම විසිපහට විතර විකුණනව. සප්ලයර්ලටත් දහයට දෙන කැවුමට පහළවක් දෙන්නම් කියල ඒ ටික
දවසෙ වැඩිපුර බඩු හද ගන්නව.
කොහොම හරි අවුරුද්දට පිස්සුවෙන් වගේ කැවිලි හොයන සිංහලයන්ට
පුලුවන් තරමක් දහතුවෙනිද රෑ වෙනකල් විකුණල, නොනගතේට කඩේ වහල
ඉතුරු බඩුත් අරන් ගෙදර යනව.
දන්න විදියට ඉතුරු එව්ව රෑ තිස්සෙ හුමාලෙන් තම්බගන්නව. උදේට
නැකතෙන් පස්සෙ කඩේ ආයි ඇරල, අහල පහල සිංහල කඩ කාරයන්ට අර ඉතුරු ටිකෙන් කොටහක් නිකනුත්
දෙනව. කඩේට එන අයටත් කැවුම් කොකිස් මේසයක් හදල තියනව නිකන් කන්න.
ඉන් පස්සෙ ඉතින් මැයි වෙනකල් නෑ ගම් යන උන්ට කේක් පෙට්ටියක්
දෙකක් විකුණගෙන මාසෙ ඉතුරු ටිකත් කවර් කරගන්නව.
ඔන්න ඔහොම මුලදිම නැගල ගත්තු ගැනිල්ල නිසා එන ප්‍රසිද්ධියෙන්
මැයි මාසෙ මගුල් ගෙවල් කීපෙකටත් කැවිලි විකුණල, අහල පහල කඩ කාරයො
අල්ලපු එකෙන් අප්‍රේල් අවුරුදු කාලෙ ආපු කප්පරක් කස්ටමර්ලගෙන් ලැබෙන ප්‍රසිද්ධියෙන්
තවත් බිස්නස් අල්ලගෙන, අර කියපු කෝණ මාසෙ, බිස්නස් එකේ ස්ප්‍රින්ට්
එක වගේම ටර්නින් පොයින්ට් එක කරගන්නත් වග බලා ගන්නව.
අනේ ඒත් ඉතින් සිංහල බෞද්ධය උන අපේ අහිංසක මාතු මාම....උන්දැට සිංහල රාවයෙයි, බොබසෙයි රාවණා බලයෙයි පිහිටවත් ලැබෙන්නෙ නැතෑ බිස්නස් වලදි!
කොහොම උනත් හිත හොඳ අහින්සක මනුස්සය වෙච්චි මාතුමාමගෙ ව්‍යාපාරෙ
ජයෙන් ජයම වේවා කියල බෑණ ඉත් සිතින් පතනව....!
ප/ලි
මම නරක තම්බින්ට හම්බයාද හොඳ උන්ට තම්බියාද කියමි.
Saturday, March 29, 2014
ඉඟුරු දී ගත්තු මිරිස් ..….. Putin’s bitch putting him down!
ඒ ලාංකීය ඉතිහාසයෙ
මෙන්ම ජාත්‍යන්තරයේද ඉතා අවධානයට යොමු වූ නඩුවක
තීන්දුව දෙන දිනයයි.
පසුගිය දින බ්‍රිතාන්‍ය ලංකාවට ජිනීවාහීදි කල දෙයෙහි පළිය
ගැනීමට ලැබුනු මෙම අනගි අවස්ථාව මඟ නොහරින බවට සියලු දේශ හිතෛශී ජනතාව තුල තිබූ විශ්වාසය
නිසා ඔවුන් අලුක්කාල් කඩේ වටකොට කඳවුරු බැඳ සිටියහ.
උසාවිය තුල ප්‍රකාශ කෙරෙන මෙම තීන්දුව ජංගම දුරකථනයක් හරහා
සන්නිවෙදනය කොට පිටත එක්වී සිටින දහස් සංක්‍යාත ආධාරකරුවන් වෙත සන්නිවේදනය කිරීමට පහසුකම්
සලසා තිබින.
දීර්ඝ දේශනා, අවසන් වාද විවාද කෙළවර සියල්ලෝ බලාසිටි
ඒ ඓතිහාසික මොහොත උදාවිය...
උසාවිය කොහොමත් නිෂ්ශබ්ධවමය..
තෝල්කයාගෙ හඬ ප්‍රතිරාව නැන්විනි.. …..”උසාවිය… නිෂ්ශබ්ධ වෙනු..!”
පිටත රතිඥ්ඥා වැල් භාරව සිටි කොල්ලන් තම සිගරට්ටු අතට ගත්හ.
කුඩා දරුවන් සමග සිටි මව්වරුන් දරුවන්ට දෙකන් වසා ගන්නට සිහි
කලහ..
“කුරාම් ශෙයික් නමැති බ්‍රිතාන්‍ය ජාතිකයා ඝාතනය කිරීම සම්භන්ධයෙන් කිසිදු පිළිගත
හැකි පරවේශනීය සාක්ශියක් හෝ, ඇසින් දුටු සාක්ශියක් ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අපොහොසත්වූ
බැවින් උක්ත ඝාතනය සඳහා මෙම නඩුවේ පළමු සැකකරු සම්පත් පුෂ්ප විදානපතිරණ ඇතුළු සෙසු
සියලු සැකකරුවන් අද දින ඉහල කෝටුවේ රජු විසින් නිදොස් කොට නිදහස් කරණු ලැබේ…”
ඩෝං...පටෝන්... ඩෝං...
රතිඥ්ඥා වල මහ හඬ පරයා නැගුනේ.."ජයවේවා...ජනාධිපතිතුමාට
ජයවේවා...වීර නායකයාට ජයවේවා...සුද්දාට පාඩමක් ඉගැන්වූ අපේ නායකයාට ජයවේවා..."
යන වචන පමණි...!
ඉන් පසු විනාඩි ගනනාවක් පැවති ඒ හඬ නිසා උසාවිය තුල සිදුවූ
කිසිවක් පිටතට නෑසෙන්නට විය..
“එන්ංගලන්තෙ විදේශ ලේකමුත් ලොක්කට කතා කරාලු..”
“සුද්දොන්ට හොඳ වැඩේ...”
“දැන් ඉතින් මිලිබෑන්ඩ්ලට වෙන්නෙ මිනී බෑන්ඩ් ගහන්න තමයි..”
සිනා, සතුට උතුරන මුහුනු වලින් උදම් වැකි පිටවෙයි….
රතිඥ්ඥා දුම වියැකෙමින් තිබිනි...
බෙර සහ නැට්ටුවන් දෙපසින් වූ මාවත මැද මල් මාලා අතින් ගත්
කඳ බඩ මහත කාළ වර්ණ යෝධයින් පිරිසක් සූදානම්ව සිටියේ වීරයා පිළිගැනීමටය..
දැඩි රැකවළ් මැදින් උසාවි බිම සිට පිටතට එන සම්පත් දැක ගනු
රිසින් හිස් උස්සමින් අවට පිරිස් නොඉවසිලිවන්තවය..
ගේට්ටුව වසා තිබුනු යකඩ ෆ්‍රේම් මෑත් විය...
ඇස්ටීඇෆ් බටයින් දෙපසට වත්ම වේගයෙන් පිටතට ආවේ පොළිස් ජීප්
රියකි.
අන්දමන්ද වූ මල්මාලා දැරුවන් "තොපෙ අම්මට..." කියමින්
යන්තම් පැනගනිද්දී ඒ පසුපසම බන්ධනාගාර බස් රියද පැමිනුනි..
“අන්න සම්ප බස් එකේ........”
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
“ඒයි අන්න සම්ප කන්ඩෙම් දීල ආයි ගෙනල්ල...”
“පල හුxxනො යන්න...ලොක්ක ඌට රිලීස් එක දෙනව කිවායි කියල ඌ යන්න කලින්
හැමෝටම බුරියානිත් දීලනෙ ගියෙ...”
“ඔව් ඉතින්….. රිලීස් එක දීල සුද්ද මැරුවට..”
“එහෙනං කන්ඩෙම් දීල තීන්නෙ අහවල් පxxද??”
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
“කවුද තාත්තෙ ඊයෙ රෑ කතා කරපු ඔය තරන් ලොක්ක...”
“පට්ට වේx...අර ඔස්කාර්ගෙ කෙල්ල....
උඹවත් මල්ලිලගෙන් පරිස්සම් වෙලා හිටහන්... මේ වෙච්චි දේවල් පාඩමකට අරගෙන”
කවුද ජී අංකල් ඔස්කාර් කියන්නෙ...
“මම කොමිසමක් දාල හෙව්ව බබා ...ඒ රුසියන් ජනාධිපතිගෙ බැල්ලිගෙ පුතා….”
දඩ බඩාස්...
……………පිරිස වටවී නාමලෙන් පවන් සලයි................
“මොකෙ පුතේ ඇයි එකපාර කලන්තෙ දැම්මෙ?”
“තාත්තෙ...”
“ඔව්??”
“මගෙ නඩුවක අද තීන්දුව...අර පරිසර සන්විධානෙ වෙනුවෙන් පෙනී හිටපු....”
“ඉතින් අවුල මොකද්ද ...ඔයාට ජජ්ට කෝල් කරන්න අමතක උනාවත්ද..?”
“තාත්ත මේ බම්බුවක් කියනව…ඒව ඉතින් ආයි කියන දෙයක්යැ.... !”
“එහෙනං..???”
“ඒ නඩුව අර තාරකා ඉබ්බො කාපු චීන්නු දෙනෙක්ට විරුද්ධව දාපු කේස් එකක්....”
දඩ බඩාස්....
“තාත්තෙ...තාත්තෙ...”
සැහ්..සිකුරාදාවකටවත් හීනයක් බල බල නිදාගන්න දෙන්නෙ නෑනෙ
අපේ කොල්ල...
Subscribe to:
Posts (Atom)



