ඇයි අපි බ්ලොග් ලියන්නෙ??
බලන්න කට්ටිය ඉන්න හින්දද, කට්ටිය බලල කමෙන්ට්
එකරන හින්දද?
බලන අය ඒ ඔස්සෙ අත්දැකීම් බෙදාගෙන සංවාද විසංවාද ඇතිවෙන හින්දද?.
එහෙමත් නැත්තන් පොත් පත්තර බලල, ඒ වගේ තමන්ටත් ලියන්න,
ලේඛකයෙක් වෙන්න
ආසව තිබ්බත් අවස්ථාවන් නොතිබ්බ නිසාද!
එච්චරද.
තමන් පොරක් කියල පෙන්නන්න ඕන හින්ද, තමන්ගෙ හීන මානෙ
වහගන්න, කෙල්ලෙක් සෙට් කරගන්න, ණයක් ගන්න, බිස්නස් වැඩිකරගන්න මේ වගේ ඕනම දෙයක් වෙන්න
බැරිද..!
ඔය නොයෙක් හේතු නිසා ලියන හැමෝගෙම ඒ අභිමතාර්ථ ඉටුවෙන්වද
නැද්ද කියන එක වෙනම දෙයක්. හැබැයි
ඉතින් ඔය මොන හේතුවක් නිසා හරි ලියන තමන්ගෙ බ්ලොග් එකේ නයි අරින්න, තමන්ගෙ පුරාජේරු
කියන්න බැරිද?
තාක්ෂනික කරුණු, නිව්ස් ලියන ලිපි, බ්ලොග් ගැන නෙමෙයි
මම කියන්නෙ.
ඔය රසකතා, ඕපදූප හෝ පුද්ගලික කතන්දර අත්දැකීම් ලියන
බ්ලොග් සටහන් වල නයි, නේම් ඩ්‍රොපින්, පුරාජේරු නැතිව
ලියනව කියන්නෙ හරියට අර මනාල යුවළ ගැන සඳහන් නොකර මගුල් ගෙවල් ගැන කරන කතා බහ
වගේ තමයි. බැරි නෑ, ඒත් රස නෑ!
තමන්ට අයිති තමන්ගෙ බ්ලොග් එකේ, තමන් ගැන නයෙක්
හරි, ඇනකොන්ඩෙක් හරි යවන එක අනික් අය වැරදියි කියන්නෙ කොහොමද?
හැබැයි යම් කෙනෙක් දිගටම යවන්නෙ නයි විතරනම්, කරන්නෙ බ්ලොග් එකක්
අටෝගෙන තමන්ගෙ ට්‍රම්පට් එක තමන්ම
ගහ ගහ පුරාජේරු කියවන එක විතරනම්, ඒකට කවුරුත් අකමැති
වෙයිද! ඒ බ්ලොග් එක නොබල
කොන් කරල දායිද?
මගේ උත්තරය සෑම විටකම එහෙම නොවේ...කියන එක.
හොඳම උදා හරනෙ චානුකගෙ සිහි සටහන්.
චානුක වැඩිපුර ලිව්වෙ
තමන් කොරපු ලොකු ලොකු වැඩ, ඇසුරු කල ලොක්කන්ගෙ විස්තර උනාට ඒව රසවත්ව ලිව්ව නිසා,
සමහර කරුණු සංවාදාත්මක
නිසා ඒ බ්ලොග් එකට කියවන්නො අඩු වුනේ නෑ. නේම් ඩ්‍රොපින් නිසා බරපතල විවේචන ආවෙත් නෑ.
ලියවන්නෙ තමන් දන්න පුද්ගලික අත්දැකීම් නම්, ලියන දේ බලන කියවන්නොත්
ඉන්නවනම් …එහෙනං ඔය ඉඳ හිට ඇහෙන හූවක් දෙකක් ගනන් නොගෙන, තමන්ගෙ මැට්ටම්
තම්මැට්ටම් කියල දන්න දේ ඕන කෙනෙක් ලිව්වම ඉවරයි.
බලන් උන් බලනව, එපා උන් අහක බලන්
යනව. නැත්ත ජිප්සීස්ල කියන්න වගේ අහල දුවනව, පැනල දුවනව.. බැරිනං ගහල දුවනව…
කෙන්ජි තමන් දන්න විදියට තමන්ගෙ අත්දැකීම් වලින් වැල පත්තර ගහනව. වැඩේ අල්ලන්නෙ නැති නිසා මම බලල සද්ද නැතුව එනව. කැමති උන් උඩ පැනල කමෙන්ට්
කරනව.
මම කුඹුරත් කොටල, එලදෙනගෙ කිරිත් දොවල, එලෝලු කොටුවෙ පලදාවත්
නෙළන අතරෙ කුකුල් කොටුවකුත් කරන ගමන් රබර් රොටි දෙකක්
දාන ඉන්ගිරියෙ රබර් ගොවියෙක් වගේ.
කෙන්ජි ලෝක රබර් වෙළඳපොල වගේ. මගේ රොටි දෙක නොදැම්ම කියල
රබර් වෙළඳපොලේ බිස්නස් වැටෙන්නෙ නෑ වගේම ලෝකෙ රබර් මිල වැටුන කියල මට පාඩුවකුත් නෑ!
ඒ උනාට ලෝක වෙළඳපොලෙ රබර් වැටුනම මම වෙනුවෙන් අඬන සමහර මන්ත්‍රීවරු
වගේ අහක ඉන්න සමහර මල්ලිල ලියන උන්ටයි, බලන උන්ටයි, නොබලන උන්ටයි ඔක්කොටොම
තලනව!!
ඊළඟට ඒ අයම ගිහිල්ල පැරාට බනිනව සමාජවදී රටවල තෝර ගැනීමේ
නිදහස නෑලු.
තෝරගන්න දුන්නම ඕන එක අරන් යනව විතරක් නෙමෙයි එපා එව්ව පොලේ
ගහල කුඩු කරන්නත් බලනව!
එහෙන් මඩේ දාල මෙහෙන් හෝදනව.
හැබැයි බ්ලොග් කියන්නෙත් සමාජෙ අනික් අය එක්ක කරන ගණුදෙනුවෙම
කොටසක් නිසා දුබලයො පහු බහිනව, විනාස වෙනව, ප්‍රභලයො ඉතුරුවෙනව.
පලි,
මම උඩ දාල තීන පින්තූරෙ සමහරවිට ඇයි එතනට යොදා ගත්තෙ කියල කියල තිබ්බොත් සමහරුන්ට වඩා පහසුවෙයි කියල තේරුනා.
ඔය සමහරුන්ට අනුව බ්ලොග් සමහර බ්ලොග් ලියන්නො මඩේ ඉන්න හරක් වගේ, තමන් කිරි කොක්කු වගේ. ඒ උනාට ඒ අයට අමතකයි තමන් වහල ඉන්නෙ අර මඩේ ඉන්න හරක් මත්තෙ කියල සහ බඩේ තීන්නෙ මඩේ උන්නු කාවය්යො කියල. ඒ එක්කම උන්ට අමතකයි මඩේ ඉන්න හරකගෙ බඩේ තීන්නෙ ගොඩේ තිබ්බ තණකොල මිසක් මඩේ තිබ්බ කුණු නෙමෙයි කියල..
තව එකක්. මම ඇනෝනිමසිටි සංකල්පයට කැමති, ඇනෝලගෙ ගොඩක් සහයෝගය ලබපු කෙනෙක්. සහන්ගෙ සහ අභීතගෙ කේස් වලදි ඇනෝ බ්ලොග් කිය්වන්නො කීප දෙනෙක් පට්ට උදව් කලා. ඒ හින්ද මේක මාලන්ගෙ වගේ ඇනෝනිමස් එරෙහි කතාවක් නෙමෙයි, නයි අරිනවා, නයි කාරයෝ කියල සමහර ලියන්නො කියවන්නොන්ට ඇනෝනිමසිටි තිරෙන් වැහිල ගහන එකෙන් ලියන උන් අධෛර්‍යට පත්නොවෙන්න මගෙන් පොඩි තල්ලුවක් විතරයි!!



