Tuesday, April 30, 2013

මගේද, උගේද, නැතිනම් අපේද?




අරූ කුඩු ගෙනාවට මොකෑ මම ගහනවයැ...? ඒ හින්ද මට ඌ එක්ක අවුලක් නෑ..!

ඉතින් ඌ වෙඩි තියල මැරුවෙ මාවයැ..? මට මොකෝ...මට ඌ එක්ක අවුලක් නෑ..!

අරූ කොමිස් ගන්නෙ මගෙ සල්ලියැ...?ඔන්න ඔහෙ කරගත්දෙන්.. මට ඌ එක්ක අවුලක් නෑ..!

ඒ මිනිහ අල්ලගත්තෙ මගෙ ඉඩමයැ....?ඒක උන් උන් බේර ගත්දෙන්...මට ඌ එක්ක අවුලක් නෑ..!

අර මිනිහ දූෂනය කලේ මගෙ දුවයැ? අනික ඌ මට මොනතරන් උදව් කලා කියලද..ඒ නිසා මට ඌ එක්ක අවුලක් නෑ..!

ඉතින් ඌ බලෙන් උස්සන්ගියෙ මගේ ගෑනි නෙමෙයිනෙ. මම මොකට එච්චර හොඳ එකා එක්ක අමනාප වෙන්නද...මට ඌ එක්ක අවුලක් නෑ..!

ඌ හොරා උනාට කී දෙනෙක්ට උදව් කරල තියනවද. ඉතින් එහෙම අහක දාන්න පුළුවන්ද..ඒ නිසා මට ඌ එක්ක අවුලක් නෑ..!

දියුණු සමාජයක් යනු මම මෙන්ම අපි ගැනද එකසේ සිතන, මගේ සහ අපේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින, නීති ගරුක සහ ස්වාභිමානයක් සහිත මිනිසුන්ගෙන් පිරුණකි. එහි මා කල නරක ගැන ලජ්ජා වන්නෝ සහ හොඳ ගැන ආඩම්භර වන්නන් මිස එහි විලෝමය දැකිය නොහැක.

රටකට හරි නායකයන්, ජාති මාමක දේශපාලකයන් සහ වැඩ කරන ජනතාවක් ලැබෙනු ඇත්තේ මගේ සතුරන් නොව අපේ සතුරන් හඳුනාගත හැකි වුනු දිනක පමණි! අප එසේ හඳුනා නොගන්නා තුරු අරූගෙ සතුරා උගේ සතුරා වී ඌත් අරූත් නසා මා වෙතට එනු ඇති අතර එවිට මට ඉතිරිව වනු ඇත්තේ සතුරාගේම පිහිට පමණි!




First they came for the Socialists, and I did not speak out--
Because I was not a Socialist.

Then they came for the Trade Unionists, and I did not speak out--
Because I was not a Trade Unionist.
Then they came for the Jews, and I did not speak out--
Because I was not a Jew.
Then they came for me--and there was no one left to speak for me.

Martin Niemöller (1892-1984)  

Picture from here..


ප/ලි

මම ලියාපු දේ අර මාතලං කිව්ව වගේ මගෙයි අභීතගෙ ප්‍රශ්නෙට විතරක් ලඝු කරන්න එපා. මෙතනදි අදහස් කරේ අපේ වටේ ඉන්න සමාජය සහ  අපිව පාලනය කරන්න අපිම පත් කරගන්න මිනිස්සු මොන තරම් හොරු වංචාකාරයො උනත් අපිට වෙන පුද්ගලික පොඩි වාසියක් නිසා සමාජය ඒ දේවල් නොදැක්ක වගේ ඉන්න එක සහ නොදැන වගේ එහෙම හොරු එක්ක නිදි වදින එක ගැනයි.


අභීතල "ලොග් කරුවන්ගෙන් වංචා කරපු සල්ලි ටික එකතු කරලා මගේම කියලා සංචාරක නිකේතනයක් පටන් ගත්ත නිසා " කියද්දි ඒ නොදැක්ක වගේ ඔයා හරී හොඳ මිනිහ කියල යටින් කමෙන්ට් දාන්නෙ, දුමින්දල හාස්කම් වලින් සුව වෙද්දි බස් පුරෝල පිළිගන්න මිනිස්සු එන්නෙ, ජාතික උරුම ඇමතිල වන්දි මුදල් වංචා කරන්නෙ, තව ඇමතිල ප්‍රසිද්ධියෙ ගිහින් කප්පම් ගන්නෙ, තව කට්ටිය ගස් බඳින්නෙ, හසිත කිව්ව වගේ අපේ සමාජය හිරි වැටිල ඉන්න නිසා. සමාජය හොරු සමඟ හෙළුවෙන් නිසා.

හරි නම් වෙන්න ඕන හොඳ කරන එකා තමන්ගෙ නමට පොඩි නරක නාමයක් වත් වදින එක ගැන වොරි වෙන එකයි. ඒත් වෙන්නෙ ගොඩක් නරක කරල පොඩි හොඳක් කරන එකෙන් ඒව වහගන්න හදන එකයි.

පහුගිය දශකය ඇතුලෙ ජපාන අගමැතිවරු දහයක් මාරු වෙනකොට අපේ එකක් වෙන්නෙ අපිට යහ පැවැත්ම ගැන නිසි තක්සේරුවක්, අවබෝධයක් නැති නිසයි.


Sunday, April 14, 2013

අළුත් අවුරුදු පැතුම!




පොළුකාරයන් (කාරියන් ), මුදල් වංචාකරුවන්, රැවිටිලිකරුවන්ගෙන් තොර සුභ අළුත් අවුරුද්දකට සියළු බ්ලොග් රචක පාඨක සැමට සුභ පැතුම්!

Sunday, March 10, 2013

ඇනෝ කෙනෙක් ගැන ඔත්තුවක්





මේ දවස්වල නැගල යන ඇනෝ අධි වසංගතය සහ කට්ටියම ඒ ගැන ලින දේ නිසයි මේ කතාවත් කියන්න හිතුනෙ. මේක සමහරවිටක ඒ ඇන ඇනෝ බ්ලොග්/කමෙන්ට් කරුව කවුදැයි හිතාගන්න උදව් නූනත් යම් උදව්වක් කරයි කියල මට හිතෙනව

මේ මට උන සිද්ධිය අනෙක් සහෝදර බ්ලොග් කරුවන්ට ගහපු මඩ වගේ ඇදෙන්නෙ නැතුව හිමීට වැලලිල ගියාට මොකෝ මේ උන දේ ගැන මට නිකං අමුතු සැකයක් තියෙනව තියෙනව වගේ.

මම වෙච්චි සිද්ධිය වාර්ථා කරන්නං, තීරණ තීන්දු ගැනීම තමුන්නැහෙලගෙ අතේ.

පහුගිය ජූලි මහේ මම නිවාඩු ඉඳල ආවට පස්සෙ දැකපු අලුත්ම ඇනෝ අඩවියෙ තිබ්බ අපට කොයින්ද අප්පා කුමාරිහාමිලා? අපිට ඉන්නෙ සිත්ති උම්මල කියල තිබ්බ පෝස්ට් එකක අපේ ප්‍රසිද්ධ ගණුදෙනුකරුව ගැන වහෙං ඔරෝ සඳහන් කරල ඇනෝල කීප දෙනෙක් "ගත්තු ණය ගෙවල වරෙං" වගේ කතා කියල තියෙනව තිබ්බ. ඒ වෙනකොට වැදුනෙ පොල්ලක්ද කියලත් සැකයක් හිතිල, මට ඒ බව හිතුන එක මිනිහටත් ටිකක් අඟවන්න හිතං, ඒ ඇනෝ කතා වලට උත්තර විදියටම,

"තව දවසක් හෝ දෙකක් ඇතුලත මේ පොලු ගැන සේරම කියන්නං.
"රත්වෙන තෙක් දිය සැලියේ, සැපයක් යයි කකුළුව දිය කේළියේ" //

කියල කමෙන්ට් එකක් දැම්ම.

මේක එහෙම දාල තව පැය කීපෙකට පස්සෙ මේල් බලනකොට මෙන්න මේ පහල තියෙන මේල් එක ඇවිත්!



ඉන් පස්සෙ එදා රෑ මම ගෙදර ඉන්නකොට මෙන්න අර බුවා මට කතා කරල කියනව,

"මචං අන්න උඹට හෙන මඩක් යනව. අර උඹ මට වදින්න දාල තිබ්බ කමෙන්ට් එකට යට කවුද එකෙක් උඹ දූෂනය කරපු කරපු අම්පාරෙ කෙල්ලෙක් ගැන කියල එකෙක් කමෙන්ට් එකක් දාල පොඩ්ඩක් බලහන්" කියල.

මට ඉස්සෙලම හිතුනෙ "මූ අතින් වියදම් කරන් මේ පිට රටක ඉන්න මට කතා කරල මට මෙව්ව කියන්න තරං තියෙන ආදරේ මොකද්ද?" කියල.

ඒත් ඉතින් සතා කවුද කියල හරියට නොදන්න නිසාම මම හිතුව මිනිහ එක අතකට හොඳ හිතකින් වෙන්ටැ මේ කියන්නෙ කියල. ඒ නිසා මාත් කිව්ව "හරි මං බලන්නං, මොනා උනත් මටත් ප්‍රසිද්ධියක්නෙ බං. මම හෙට ඒක්ත් බලල එකවුන්ට් එකත් චෙක් කරල උඹට කතා කරන්නං" කියල කතාව ඉවර කොලා.

ඒත් පහුවෙන්දිඅ උදෙ ඔෆිස් ඇවිත් තකහනියෙ මේ කියාපු කතා ඒ වෙබ් පෝස්ට් එකේ හෙව්වට මොකද ඒකෙ එහෙම දෙයක් නෑ. ඒ තියා මම දාපු කමෙන්ට් එකත් නෑ. පස්සෙ ආයි මම මේල් බලනකොට එකෙක් ඔය පහත තියෙන කමෙන්ට් එක දාල, ඒත් ඉතින් ඒකත් පේන්න නෑ.


පස්සෙ මට මෙව්ව නොපෙනෙන සීතම්බර සීන් එකද්ද කියල හිතල අර පුද්ගලයටම මේලක් දැම්ම මට සීන් එක නොපෙනෙන බව කියල. 



මෙන්න ඉන් ටිකකට පස්සෙ මට ඔය පහත තියෙන මේල් එක එනව. වැඩේ කියන්නෙ ඒ වෙනකොට බ්ලොගේ නොපෙනෙන, වෙන කිසි කෙනෙක් දැක්ක බවට සඳහනකුත් නැති ඒ කමෙන්ට් එක මෙන්න මෙයා ළඟ! කොහොම මේ ස්ක්‍රීන් ෂොට් එක ගත්තද කියල හිතා ගන්න බෑ. ඒත් ඉතින් පස්සෙ මට හිතුන මේ වෙන්නෙ මොන වගේ සීන් එකක්ද කියල. ඒ නිසා මිනිහට මම "එල එල" කියල උත්තර දීල ඒ කඩේ එහෙමම වහල දැම්ම මේ වගේ පසු අවස්ථාවක ඕන උනොත් ආයි අරින්න කියල.


ඔය කමෙන්ට් එක දැක්ක ගමන් මට හිතුන මේ මන් ගැන හරියට නොදන්න, මමම බ්ලොග් වල දාන කමෙන්ට් වලින් මඩක් ගහන්න අහුලන් කියපු එකෙක් තමයි කියල. මොනව උනත් හිත හොඳ නැති ඒ නිසාම කට හොඳ නැත් සතා මොකාද කියල කාටවත් අමුතුවෙන් ඇනල පෙන්නන්න ඕන නෑනෙ. ඒ නිසා තම තමන් කැමති විදියකට හිතා ගත්තාවෙ කියල ඒ වගත් මෙසේ ලියා පලකල වගනම්,,,, කිව්ව.



ප/ළි

කුණුහරුප නොදන්න කෙනෙක් මේ අවකාසෙ නෑ. ඒ නිසා අමුතුවෙන් කාටවත් දැනගන්න ලියන්න දෙයක් නෑ. අනික තමන් දන්න භාෂාවෙ වචන මදි උනාම තමයි අර හින්දි පිචර් වල ලව් සීන් වෙනුවට සින්දු පෙන්නනව වගේ කුණුහරුප අතාරින්නෙ. ඉතින් එහෙම නොවී හොඳට හෙළුවෙන් වනහල්ල මචන්ල.

LinkWithin

Related Posts with Thumbnails