Wednesday, November 1, 2017

නහවා ගෙට ගන්න...

ගිණියම් සඳ පායනවිට ගිණිදන කතරට..
මගෙ සකි සඳ සිහිවෙනවා ..තනි ඇති හරියට ..
ගිණි දුක් තව ටික දොහකට ඉවසන් ඉන්න..
ඉගිලී මං එනතුරු ...කප් තුර තුරුලට ගෙන ...

ඉර සඳ නැතුවට ..අසෙණිය සුපිපෙන...
යෞවන තුණුසපු.. පරවී දියවෙන...
ජීවිතය .. ඉදින් ගෙවා නිදි වරා...
දින ගනිමි ..ඔබ වෙතට එනතුරා...

තුරු පත් වල ..පිණි සිසිල විඳින්නට..
තරු ඇස්.යට .. සොමි පහස ලබන්නට...
කුළගෙයි යලි ඔබෙ පතිනිය වෙන්නට..
ඉගිලී එමි...., නහවා ගෙට ගන්න...

20 comments:

  1. අමාරුව හැදුනම බ්ලොග් මතක් වෙලා... හැක්

    ReplyDelete
    Replies
    1. පළයං යන්න, උඹව වද්ද ගන්නෙ නෑනෙ සකර් ඉතින් :P

      Delete
  2. ඒ කියන්නෙ මෙච්චර කාලයක් නොනා ද ඉඳල තියෙන්නෙ.

    ReplyDelete
  3. ෂැම්පූ ඇඩ් එකකටද?

    ReplyDelete
  4. මගේ සඳ ඔබ නැතුව පාලුයි හරියට
    ඒ වුනාට කම් නැහැ දැම්මම නාවට
    පිච් එක රේඩි ජනවාරියේ එනවලු ජන්දය
    එතකොට එන්න බඩු මිල අඩුවී තියේවි හරියට

    තුරු සෙවනේ යන්නට බැහැ අව්වයි හොඳටම
    කැලේ කපලා බදුර්දීන් වහින්නේ ඉඳහිට
    ගෙදර ඇවිත් නිදි නොමරා හොඳට නිදා ගන්ට
    මතක් කරලා ඒ සී එක නැවට දාලා ඉන්ට

    තරු ඇස් යට සැඟවෙනු බැහැ හිමියනි ඔබ හට
    හතලිස් ඇඳිරියත් ඇවිදින් නුඹ නොදන්නවා උනාට දැන් මට
    හදිසි නැහැ තව රියාල් හොයන් ඔබ හෙමිහිට එන්ට
    තවම වතුර ගන්නේ පාරේ පයිප්පෙන් හොරට

    ReplyDelete
  5. නහවා ගෙට ගන්න...... හැක් හැක්

    ReplyDelete
  6. ඩුබායි වල්කමේ ගිහින් ගෙදර එද්දී නාවල ගෙට ගන්න
    හහ් වරෙන්කෝ :P

    ReplyDelete
  7. //කප්රුක සොලවන්නට යන පතිනියන්ගේ ශෝකාලාපය// හැබැයි එයාල එහෙ කප්රුක හොයනකොට මෙහෙ හොඳ වැඩ වෙලා
    විචාරක දියණිය

    ReplyDelete
  8. මොකෝ මචං වැලි කුනාටුවකටවත් අහු උනාද?

    ReplyDelete
  9. අන්-දුන්-කුන්-දුන් කවි.. නහවා ගෙට ගන්නේ අහවල් එකටය ඔච්චර සෙනේහයෙන් එනකොට?

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails