Saturday, March 14, 2015

කට වහගන්න ඇතුලට මැස්සන් යනවා...!

මට ඔබ කරපු දේ ඔබටම යළි වූවා
වට යක් ගොසින් යළි මා ඉහලට ආවා
රට අද ඔබට දුන් පාඩම සිහිවේවා
කට වහගන්න මැස්සන් ඇතුලට යනවා


ඡායාරූපයක් වචන දහසකට වඩා ප්‍රභලයැයි කියනු ලැබේ. මේ ලංකා දේශපාලනය තුල කලෙකින් දුටු එවැනි පින්තූරයකි.

මේ පින්තූරය දුටුවිට ඔබට නැගෙන අදහස, සම්මත භාෂාවක ශිශ්ඨ ශිෂ්ඨ ශිෂ්ට වචනවලින් ලිවීමට කාරුණිකව ආරාධනා කරමු.

80 comments:

  1. //ශිශ්ඨ// ලියලා තියෙනවා වැරදී...:P

    ReplyDelete
    Replies
    1. මකලා හදාපු එකත් වැරැදිලු.. ශිෂ්ට කියලා ලියන්නෙ මෙන්න මෙහෙමලු.. ;-)

      Delete
    2. දේසපාළයට නැති උනුත් කමෙන්ට් කරා වැරැද්දට පින්සිද්ද වෙන්න :D

      දෙන්නට බෝම ස්තූතියි, බුරාට වැඩිපුර. හේතුව, ගොඩක් අය වැරදි පෙන්නුවට, ටික දෙනයි වැරදි නිවැරදි කරන්න උදව් වෙන්නෙ.

      Delete
    3. මයි ප්ලෙෂ්ර්!

      ඒක වචනය වැරැද්ද නම් බහු වචනය වැරැදි වෙන්ට ඕන නේද?
      වැරැද්ද - වැරැදි - නිවැරැදි, කැමැත්ත - කැමැති - අකැමැති

      Delete
    4. ඔබ නිවැරදියි. නැවත වාරයක් ස්තූතියි!

      Delete
  2. රජෙක් වුණත් කළකම් පල දෙනවාමයි
    ඒ බව වැටහුනේ වැඩ වැරදුණු දාමයි
    වැරදි හදන්නට දැන් බැහැ ප්‍රමාදයි
    ගෙදර ගිහින් ඉන්නවා නම් අපි මනාපයි

    ReplyDelete
    Replies
    1. අග පදේ "අපි" අයින් කරමු. මේ කවිය දෙන්නටම හරියවනද කොහෙද!

      Delete
  3. ඔතන ගහපු ඔය විදියේ පිංතූර දාල වෙනම ප්‍රදර්ශනයක් තියන්න පුළුවන් වෙයි..

    ReplyDelete
  4. මමනම් මෙතන දැක් කේ
    බොහෝ දනා නොදකිනා දේ
    එදා බුදු රදුන් දෙසු වේ
    මෙයයි කැරකෙන අටලෝ දහමේ

    ReplyDelete
    Replies
    1. ඕකයි ඇත්ත තත්තේ
      කවුද තේරුම් ගත්තේ

      Delete
  5. මෙන්න තවත් "රෝ" නියෝජිතයෙක්.......D

    ReplyDelete
    Replies
    1. නැහ්. මම සී.අයි.ඒ ලු! මේ රටේ ඉන්නෙ උන්නෙ වැඩිපුර.

      Delete
  6. මම දැක්කෙ තවත් අමුතු විදිහකට. ඒ කියන්නෙ මෙතන පෙනෙන්නෙ හිටපු ජනාධිපති තුමා කල්පනා කරන බවයි.. ඒ විදිහේ කල්පනාවක් යක්කඩුවෙ හාමුදරුවො තේරුමු කරන්නෙ මෙහෙමයි.
    //අනේ පුදුම ලෝකෙක හැටි
    අනේ දුදන බලයක හැටි
    අනේ කෙලෙස් මහිමෙක හැටි
    හනේ මගෙත් ඔහෙගෙත් හැටි//

    ReplyDelete
    Replies
    1. නියමයි  සාවි.
      සැහැල්ලුවටත් ස්තුතියි

      Delete
    2. ස්තූතියි සාගරී! හැම දේකම දෙපැත්තක් තීනව කියන්නෙ ඕනෑ.

      Delete
  7. කට වහගන්න කටේ ගඳ එනවා. මරා රෑ තිස්සේ කුඩු වෙන්න ගහලා ගහලා උදේට පළාතේ යන්න බෑ ගඳේ.
    ඊට පස්සේ මරාට පුක දෙන අභීත එදිරිසිංහ පල්හොරාට කියන්න ඕනි පුක වහගන්න පුකේ ගඳ එනවා කියලා. හැබැටම ජන්දේ කාලේ රෙදි නැතිව මරාට පුක දුන්නු හොරා දැන් කෝ? හොර රජාට කඩේ ගිය හොර අභීතයාගේ සද්දයක් නැත්තේ ඇයි?

    පුක යනු කුනුහරුපයක් නොවේ- කකා

    ReplyDelete
    Replies
    1. ඉන්දික , මොකද මේ ඇනෝ ඇවිල්ලා

      Delete
    2. අභීත දැන් අර්ජුන් මහේන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝසියස් සමග භාණ්ඩාගාර බිල්පත් ආයෝජන සමාගමක වැඩ. ටොයියන්ට අවුල්ද?

      Delete
    3. AnonymousMarch 14, 2015 at 6:13 PM, ගොසිප් කාරයොත් කියනව තමා ලොක්ක බොනව කියල කරටි කැඩෙන්න. අභීත මීමුරේ ගමේ උන්ටත් පොළු තියල දැන් අරුගම්බෙට පැනල.

      AnonymousMarch 15, 2015 at 10:07 AM , එතකොට අර ජර්මන් කාරයෙක් එක්ක ජාන රට යවන ගේම ගහන්නෙ වෙන කවුරු හරිද?

      Delete
  8. මහින්ද රාජපක්ෂ වැනි
    අශිෂ්ට මිනිසකු ගැන
    ශිෂ්ට භාෂාවෙන් ලිවිය හැකි දෙයක් නැති නිසා
    නොලියමි.

    ReplyDelete
    Replies
    1. ආණ්‌ඩු වෙනසත් සමග එතෙක්‌ නිසි අයුරින් පවත්වාගෙන ගිය අපේ රටේ ඇතැම් ආයතන මේ වන විට අතිශය කනගාටුදායක තත්ත්වයකට පත්ව තිබේ. ලංකා සතොස, ලක්‌සල සහ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්‌ථාව ඊට හොඳම උදාහරණයන්ය. වසා දැමීමට තිබූ රාජ්‍ය ආයතන වූ මේ ආයතන තුනම එම තත්ත්වයෙන් ගොඩගෙන මෙරට පුද්ගලික අංශය හා කරට කර තරග කරමින් රජයේ ආයතන ලෙස පවත්වා ගෙන ගියේ සෙසු රාජ්‍ය ආයතන සඳහා පවා ආදර්ශයක්‌ වන ආකාරයෙනි. එහෙත් අද වන විට ඒවායේ තත්ත්වය යළිත් ආපස්‌සට ගමන් ගනිමින් තිබේ. එයින් කනගාටු දායකම තත්ත්වයට මුහුණ දෙමින් සිටින්නේ ලංකා සතොසය. අත්‍යවශ්‍ය භාණ්‌ඩ අඩු මිලට ලබාදෙමින් විශාල පිරිසකට රැකියා ලබාදෙන අතරම විශාල ලාභයක්‌ද ලබමින් රජයට බරක්‌ නොවී ලංකා සතොස පසුගිය රජය යටතේ පවත්වාගෙන ගියේ පුද්ගලික අංශයේ සෙසු සුපිරි වෙළඳසල් පරදවමිනි. අද වන විට ලංකා සතොස අලෙවිසල් බොහොමයක ඇතැම් භාණ්‌ඩ හිඟය. ඇතැම් භාණ්‌ඩ විකිණීම සීමා කර තිබේ.

      එක්‌තරා මුස්‌ලිම් ඇමතිවරයෙක්‌ ලංකා සතොස හරහා අසීමිත ලෙස මුදල් හම්බකරමින් සිටී. අද ලංකා සතොස සියලු මිලදී ගැනීම් කරනු ලබන්නේ මේ ඇමතිවරයාගේ සහෝදරයෙක්‌ මුලිකත්වය ගන්නා සමාගමකිනි. එම සමාගම පසුගිය කාලයේ ඉන්දියාවට කරුන්කා ප්‍රතිඅපනයනය සම්බන්ධයෙන්ද චෝදනා ලත් සමාගමකි. එම ඇමති සහෝදරයා සහ පිරිස සතුව සමාගම් කීපයක්‌ විවිධ නම් වලින්ද පවතී. ඒ මිල ගණන් කීපයක්‌ ඉදිරිපත් කර තරගකාරීත්වය පෙන්වීම සඳහාය. ඒ සාමාන්‍ය වෙළඳපොළ මිලට වඩා වැඩි මිලටය. මේ හරහා දිනපතා රුපියල් මිලියන ගණනින් අදාළ සමාගම උපයමින් සිටී. අද වන විට සතොස ආයතනය සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා භාණ්‌ඩ මිලදී ගන්නේ බොහෝදුරට මේ සමාගම හරහාය. සෙසු ආයතනවලින් ඉදිරිපත් කරන භාණ්‌ඩ, තත්ත්වය හෝ වෙනයම් හේතු පවසා ප්‍රතික්‌ෂේප කෙරේ. එසේම අදාළ සමාගමෙන් ඉදිරිපත් කර ඇති මිල ගණන් වලට මිලදී ගන්නේ කොටසක්‌ පමණි. එහි වැඩිම කොටස මිලදී ගන්නේ එම සමාගමෙන්ම වැඩි මිලටය. උදාහරණයක්‌ ලෙස සීනි මිලදී ගැනීමේදී කිලෝවක්‌ රුපියල් 74 බැගින් ටොන් 175 ක්‌ එම සමාගමෙන් මිලට ගන්නට මිල ගණන් කැඳවා තිබියදී අවසානයේ තවත් ටොන් 1300 ක්‌ එම සමාගමෙන්ම මිලදී ගන්නේ ඊට වඩා වැඩි මිලටය. මෙහි හාස්‍යජනකම සිද්ධිය වන්නේ අදාළ සමාගම එම තොග ලබන්නේ තත්ත්වයෙන් පහළ බවට පවසමින් අදාළ ටෙන්ඩර් කමිටුව ප්‍රතික්‌ෂේප කළ ආයතනවලින්ම වීමය.
      http://www.divaina.com/2015/03/15/politics04.html

      කමක් නෑ මල්ලි , මහින්ද ගෙදර ඇරිය නේ ... ඒ ඇති

      Delete
    2. දැං පත්තරේ විකිනෙන්නෙම නැද්ද?

      Delete
    3. ඈ මල්ලි දැන් පත්තරේ පිටපත් දෙදාහක් වත් ගහන්නේ නැද්ද?

      Delete
    4. සිරාවටම මේ දැන් මහින්දව අතාරින්න හිතුනා.. ආයෙමත් අර හු**ක් අතේ තියං යනවා කිරි වෙහෙර වඳින්න. ඔය පරියවල් පැත්තකට දාලා මිනිස්සුන්ව විශ්වාස කරලා ගේමට එනවනං එහෙමයි.. නැත්තං ඔය පරියෙන්ම කර ගන්න කියලා අතෑරලා දාන්න තමා වෙන්නේ... යක්ෂයා නඟින්නේ ඔව්වට තමා... බෙහෙත් උනත් වැඩියෙන් ගිල්ලම විස වෙනවා... ජෝතිසේ උනත් පමණ ඉක්මවා කර මත්තේ තියං ගියොත් පිස්සෝ වෙනවා... ධර්මේ උනත් පාරුවක් කරං ගගෙන් එතෙරෙ වෙන්න මිස ඒක කරේ තියං ඇවිදින්න ගියොත් විනාස වෙනවා... මෙව්වා ගැන කියලා මගේ ලේ කෝප වෙනවා... ඔය ඇති.

      Delete
    5. AnonymousMarch 14, 2015 at 6:51 PM, මටත් මුලින් ඔහොමම හිතුන.


      AnonymousMarch 15, 2015 at 12:53 AM නියමයි, ඔය ගවේෂනාත්මක වැඩ ගිය අවුරුදුවලත් කරල, හිටපු කම්බ හොරු කරපුවත් ඒ කාලෙම එළි කොලානම් තමා කපුරුහාමිගෙ කටේ සුවඳ තියෙන්න තිබ්බෙ!

      AnonymousMarch 15, 2015 at 8:00 AM & AnonymousMarch 15, 2015 at 9:28 AM, වල්-ගමේ උන් දන්න පත්තර බිස්නස්.

      AnonymousMarch 15, 2015 at 7:16 PM ඇයි බං යාගෙකුත් තිබ්බෙ සති දෙහෙකට විතර කලින්. මිනිහ තාම හිතන් ඉන්නෙ ලංකාවෙ ඡන්ද අයිතිය තීන්නෙ දෙය්යොන්ටයි පිටරට ඔත්තුසේවා වල උන්ටයි විතරමයි කියල.

      Delete
  9. ම්ම්ම්ම්ම්.......
    ඇගිලි කොටයි.......

    ReplyDelete
  10. කල කම් පලදේ...
    ලොව දම් කැරකේ...!!

    ReplyDelete
    Replies
    1. කාලෙ ගෙවී යයි මරුව ලඟා වෙනවා...!

      Delete
  11. Replies
    1. හෙහ් හෙහ්..මොනා උනත් මැරිච්චි මිනිස්සුන්ට ගරු කරන්න එපාය බං, අපහාසෙ හොඳ නෑනෙ.

      Delete
  12. මහින්ද මහත්තයා නැතුව රෙන්න වත් බැරි තත්වයකට රටේ බහුතරයක් පත්ව ඇති බව මා කීවේ උන්නැහේ පීක් එකේ ඉද්දීය.ලංකාවේ සිංහල බොදු ගැමි ජන
    විනඥයානයට අනුව තමුන් ටක්කෙටම ගලපා ගත් නොම්මර එකේ නුල් සුත්තර අවස්ථාවදියෙකු වන මහින්ද උන්නැහේ ඊ ජී බී නැතුව කෑම බෑ කියා එලිෆන්ට් හවුස් කාරයා නාගරික පංතියට පුරුදු කල විදිහටම මහින්ද නැතුව බොලාට බැරි බවක් සිංහල බොදු ගැමියාට මාකට් කලේය.උන්නැහේගේ කැම්පේන් එක කොච්චර සාර්ථක දැයි අද අපට පෙනෙන්නට තිබේ.ෆොටෝ ප්‍රදර්ශනයක් මාකට් කර ගන්නත් මහින්ද නැතුව බෑ!

    ReplyDelete
    Replies
    1. සැකකටයුතු භාණ්‌ඩාගාර නිකුතුවෙන්
      රජයට තවත් කෝටි 540 ක පාඩුවක්‌!

      ශ්‍යාම් නුවන් ගනේවත්ත

      දැනට රට තුළ ඉමහත් ආන්දොaලනයට තුඩු දී තිබෙන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉකුත් පෙබරවාරි 27 දින සිදු කළ භාණ්‌ඩාගාර නිකුතුවෙන් පසු වෙළෙඳපොළ පොලී අනුපාත ඉහළ යැම නිසා එදිනෙන් පසුව පසුගිය මාර්තු 12 වැනිදා දක්‌වා පවත්වන ලද සෙසු භාණ්‌ඩාගාර බැඳුම්කර හා බිල්පත් වෙන්දේසිවලදි පමණක්‌ මේ වන විට රුපියල් කෝටි 540 ක (රු. බිලියන 5.4 ක) පමණ අතිවිශාල පාඩුවක්‌ රජයට සිදුව ඇතැයි ඇස්‌තමේන්තු කර ඇති බව මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ 'දිවයින ඉරිදා සංග්‍රහය'ට හෙළි කළහ.

      මේ පාඩුව සිදුව ඇත්තේ ඉහළ පොලියකට භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම නිසා පසුගිය පෙබරවාරි 27 දින බැඳුම්කර වෙන්දේසියේ දී සිදු වූ රුපියල් කෝටි සිය ගණනක අලාභයට අමතරව බවද ඔවුහු ප්‍රකාශ කරති.

      අක්‍රමිකතා සිදුවූයේ යයි පැවසෙන පෙබරවාරි 27 දින භාණ්‌ඩාගාර බැඳුම්කර වෙන්දේසියෙන් පසු 2015 මාර්තු 03, මාර්තු 10, මාර්තු 11 සහ මාර්තු 12 යන දිනවල දී භාණ්‌ඩාගාර බැඳුම්කර සහ භාණ්‌ඩාගාර බිල්පත් වෙන්දේසි පවත්වා තිබේ. පෙබරවාරි 27 දින සිදුවීම නිසා පොලී අනුපාත ඉහළ යැම සියයට එකක්‌ (1%) ලෙස උපකල්පනය කොට ඇස්‌තමේන්තු කළ විට මෙසේ රජයට රු. කෝටි 540 ක අලාභයක්‌ සිදුව ඇතැයි ඇස්‌තමේන්තු කළ හැකි බවද එහෙත් මෙහි සැබෑ අගය මීට වඩා ඉහළ අගයක්‌ විය හැකි බවද එම මූල්‍ය වෙළෙඳපොළ නියෝජිතයෝ තවදුරටත් ප්‍රකාශ කරති.
      http://www.divaina.com/2015/03/15/news10.html

      කමක් නෑ මල්ලි , මහින්ද ගෙදර ඇරිය නේ ...

      Delete
    2. //ෆොටෝ ප්‍රදර්ශනයක් මාකට් කර ගන්නත් මහින්ද නැතුව බෑ//
      මටනම් හිතෙනවිදියට මේ පින්තූරයෙන්ම මාකට්කිරිල්ල අනික් පැත්තට ගිහින්වගෙයි. මේක ඉතිහාසගතවන පින්තූරයක්වගේ. 
      පෙර සූදානමක් තිබුනද කියලත් හිතෙනව.

      Delete
    3. AnonymousMarch 14, 2015 at 10:01 PM,

      //.ෆොටෝ ප්‍රදර්ශනයක් මාකට් කර ගන්නත් මහින්ද නැතුව බෑ!//

      මෙන්න බය්යන්ගෙ රසවින්දනයේ සහ දැනුමේ දිග පළල ගැන සජීවී උදාහරණ....!

      AnonymousMarch 15, 2015 at 4:22 AM, මම හිතන්නෙත් ඡායාරූපෙ ගත්තුකෙනා බලං ඉන්න ඇති මෙතන යමක් වෙනකල්.

      Delete
  13. කෝ බොල මේකෙ බෙදාහදා ගැනීමේ බොත්තම්?

    ReplyDelete
    Replies
    1. මන්ද්ල්ලෑ බං, අහපං ගූගල් දෙය්යන්ගෙන්.

      Delete
  14. ඔය දෙන්නම පැන්ෂන් නේ.
    යන්නකෝ ගෙදර. ගිහින් නිදාගන්නකෝ වද නොදී.

    ReplyDelete
    Replies
    1. ජෙනරාල් පැන්ෂන් ගියේ නෑ කකෝ.. ඔහේ වගේ පිටරටක පුරවැසියෙක් වෙලා ඒ රටේ සැප විඳ විඳ තමුන් උපන් රටට බොරු අවවාද දෙන ටොයියෙක් නෙවෙයිජෙනරාල්. ඔහු රටට හැමදාම ඕනෑ කෙනෙක්..

      Delete
    2. මම හිතන්නෙත් පැන්ෂන් නෑ, දේශපාලනේට මොන බාධාද රසික. දැක්කනෙ බුෂ් ලොකුසීය, රේගන් සීය, කරුණානිධි මුත්ත එහෙම?

      Delete
  15. METHANA BAIYAGE PHOTO EKAK NEDDA

    ReplyDelete
    Replies
    1. මහින්දට වඩා බය්යෙක් කොහෙද කැපිටල්?

      Delete
  16. ගොඩ ගන්න මගේ රට
    දුන්නා චන්දෙ මයිත්‍රී මැතිදුට
    ඉගුරු දීලා මිරිස්
    ගත්තා දැයි සිතෙයි මට

    අනේ කල ගොන්කම
    වැටහේ දැන් මට
    ගැහුවා නොවෑ මමත් අත
    මේ රට කන මල් වට්ටියට

    මුහුදු සිමා ප්‍රශ්නය
    නිමා කළා අමුතු විදිහට
    දැන් කිසි අවුලක් නැත
    visa නැතුවම එන්න හැකිය
    ඉන්දියානුන්ට,
    අරං අපේ මාළු,
    දීලා යන්නට කුඩු

    උතුර කොටියට
    උතුරෙන් උඩ ඉන්දියාවට
    කොළඹ චීනෙටම
    මැද හරිය දෙන්නේ කාටද?

    එක එකා ගෙන්නා
    අපට ආතල් දුන්නා
    4 වෙනි තට්ටුවෙන් එහා
    මහා උළු ගෙදර
    ගිය එකෙක් නැතුවා

    ශෂී අක්කා
    ගියා හිරගෙට දැක්කා
    කුඩු ගේන දුම්මා
    ආතල් පිටම ඉන්න්නා

    අනේ කල කරුමා
    බලලා වැඩපන්
    මහින්ද ලොක්කා

    ReplyDelete
    Replies
    1. කලක් රෑ දහවලක් නැතුවන්
      දුන්නෙ කලු කුඩු බස්නයා
      එයට බියවී කටවහන් සිටි
      බය්යො දැන් කෑ ගසනවා

      Delete
  17. මං නං හිතන්නේ ජෙනරාල් හිටපු තැනිනුත් උඩට අාවා කියලායි... දැන් ෆීල්ඩ් මාර්ෂල්.... දෙවැනි ලෝක යුද්ධයෙන් පසු අාසියාවේ පළවැනියා.... ඒ කියන්නේ විශ්‍රාම යෑමක් නැහැ.. හැමදාම සේවයේ ඉන්න විදිහටයි සැලකෙන්නේ....... ඒත් මහින්ද????????? දැන් මිනිස්සුන් ම විශ්‍රාම යවලා..............

    ReplyDelete
    Replies
    1. //ඒත් මහින්ද????????? දැන් මිනිස්සුන් ම විශ්‍රාම යවලා............//

      සමහරවිට ආයිත් චන්දෙට ආවොත් අර පලවෙනිපාර ජනාදිපතිවරනෙට එනකොට වගේ මැද මුලනෙ වෙලයායක සරම කැහැපොට ගහගෙන දුවන
      "පැඩී ෆීල්ඩ් මාර්ෂල්" ඇඩ්වර්ටීස්මන්ට් එක ආයිත් දායි.
      ..

      Delete
    2. කු.ගැ.හී.ප

      ජනරාල්ට මොන බලපෑම තිබ්බත්, හිරේ හිටියත් තමන්ගෙ ප්‍රථිපත්ති රැකගෙන, සැබෑ වීර සොල්දාදුවෙක් කියල ඔප්පු කරල ඉවරයි. ආයි ෆීල්ඩ් මාෂල් කම් මොකටද?


      ප්‍රා, මහින්දට 2005 වාසි උනෙත්, මේ පාර වාසි වෙන්නෙත් ඔහොම ගොන් පාට් නිසා වෙන එකයි දුක!

      Delete
  18. අනේ බං මෙතැන ලියන්න පද දෙකක් ගලපාගන්න දවස් දෙකක් තිස්සෙ තැටමුවා බැරිවුනානෙ.ප්‍රතිභාවක් නැතිකමම තමා නැත්නං වෙන මොකද්ද.

    ReplyDelete
    Replies
    1. විස්වස කරන්නෙ කොහොමෙයි? ඒත් ඉතින් බයිල තරඟෙ දාත් උඹට ඔය අවුල උනා මතකයි.

      Delete
  19. මහින්ද මම සරත් වෙමි..!
    ඔබට අනුකම්පාවෙන් නොව රටට අනුකම්පාවෙන් දේශපාලනයට ආවෙමි..!
    නුඹට මතකද..නුඹේ යකඩ සපත්තුවට මා..පාගා දැමුවා...!
    එහෙත් නිර්භීත මිනිසුන් එසේ යට කර දැමීමට හැකියාවක් නෑ....!
    නුඹේ ඔය සාටකේ ගලවා දාපං...ඕකෙ දැන් කුරහන් සුවඳ නෑ....!
    තියෙන්නෙ..ලේ සුවඳ..????

    ReplyDelete
    Replies
    1. වඩාත්ම ගැලපෙන කැප්ෂනය මෙයයි...ස්තූතියි වීයා!

      Delete
  20. හඳ මාමා උඩින් යතේ
    අපෙ මාමා බිමින් යතේ...

    හඳ මාමයි අපෙ මාමයි දෙන්නා
    එක කන්තෝරුවෙ වැඩ කෙරුවේ
    දෙන්නට දෙන්නා කිරි පැණි වාගෙයි
    කන්තෝරුවෙ නිලතල දැරුවේ...
    හඳ මාමා හැම මොහොතෙම ඉදිරියෙ
    අනාගතය ගැනමයි බැලුවේ
    අපෙ මාමා ඔහෙ කකුල් වන වනා
    එදා දවස ගැනමයි හිතුවේ...

    දියුණු වන්න වේලාවක් නැති විය
    අපෙ මාමා තව පහළ ගියා
    රාජකාරි හරි අකුරට ඉටුකළ
    හඳ මාමා තව ඉහළ ගියා...
    නිතරම තමන්ගෙ අනාගතය ගැන
    සිතීම වැදගත් නොවෙද කියා
    ආකාසේ ඉඳ තැන්පත් ගතියෙන්
    ඇත හඳ මාමා දෙනෙත අයා...

    ReplyDelete
    Replies
    1. ඔය අපේ සාටක හඳ මාම බැබලුනේ පින්තූරෙ ඉන්න ජාතියෙ හිරු මාමලගෙ මහන්සිය නිසා. අන්තිමට අන්ද මන්ද ඝන අඳුරේ කෙන්ද පටලැවීලා, කන්ද කඩාවැටෙයි සිතූ කෙන්ද බලාපල්ලා...

      Delete
  21. රූපය පමණක් දකිමි
    ළංවී බලන්නටද බය හිතේ
    කළකම් පලදීම අත්විඳිමි
    එදා නොකලා නම් හොඳයි කියා සිතමි

    ReplyDelete
    Replies
    1. ගිය නුවණ අදින්නට ස්කැමල් දමාවත් බැරිය. එනිසා මම නැවත වෛරයේ වලටම පනිමි. MR

      Delete
  22. රූපය පමණක් දකිමි
    ළංවී බලන්නටද බය හිතේ
    කළකම් පලදීම අත්විඳිමි
    එදා නොකලා නම් හොඳයි කියා සිතමි

    ReplyDelete
  23. ලොක්ක පුකෙන් කරන්ඩ ඕනෙ දේවල් කටින් කරද්දි මැස්සො යන එක අහන්ඩක් දෙයක්ද.

    ReplyDelete
    Replies
    1. හැක්...හැක්... ලොක්කගෙ ඔය දෙක මාරු කලේ වටේ උන්න එව්වොනෙ.

      Delete
  24. ඉතිහාසේ හැටි එහෙමයි..

    ReplyDelete
    Replies
    1. ඒක තේරුම් නොගත්තොත් අබ සරණයි!

      Delete
  25. ලෝකය පෙරලෙයි කාලේ ගෙවී යයි මරුව ලඟා වෙනවා..
    සිතුදේ මොන වෙයි.. නොසිතු දෙයම වෙයි..කල කම් පල දෙනවා..

    ශිෂ්ට භාශාවෙන් වෙන ලියන්න දෙයක් මතක් වෙන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. උඹල වගේ උන්ගැන දන්න නිසා තමා මම මුලිම්ම "ශිෂ්ට භාෂාවෙන් ලියන්න" කියලම දැම්මෙ. ඒක නොතිබ්බනම් මරා බඩ වෙනව කුණුහරුප ටික අහලම...හෙහ්..හෙහ්...

      Delete
  26. ඔයත් ඉදලා හිටලා දාන ලෙඩ

    ReplyDelete
    Replies
    1. බ්‍රා එකක් අන්දමුද සාටක මාමට?

      Delete
  27. මම ශිෂ්න බාසාව දන්නැ බං..

    ReplyDelete
    Replies
    1. දූසකය, උඹ හරි වල් බං!

      මෙන්ඩ, මූ ඒව ගාණට දන්නව.

      Delete
  28. කර්මය කියලම කියන්නත් බැහැ . දෙන්නම ඇන ගත්ත.

    ReplyDelete
    Replies
    1. ඇන ගත්තෙ කරුමෙ හින්දද, කරුමෙටම ඇනගත්තද මන්ද!

      Delete
  29. නියම පින්තූරයක්. ඡායාරුපශිල්පියා රැකගෙන ඉන්නැති ඔතෙන්ට එනකල්....

    ReplyDelete
    Replies
    1. ඔව්, සමහරවිට. හොඳ ඡායාරූප ශිල්පියෙක් කියන්නෙත් සෙබළෙක්.

      Delete
  30. නියම පින්තූරයක්. ඡායාරුපශිල්පියා රැකගෙන ඉන්නැති ඔතෙන්ට එනකල්....

    ReplyDelete
  31. http://sinhala.lankanewsweb.net/features/2013-07-01-07-49-32/16215-2015-03-16-22-31-48

    ReplyDelete
    Replies
    1. ඔබ කරන මේ අතදීමට බොහොම ස්තූතියි අජිත්.

      Delete
  32. ලොකු අයියා මොකද හිතන්නෙ..අගමැති පුටුවට මරා එයිද ?

    ReplyDelete
    Replies
    1. මේ රටේ මිනිස්සූ...තනිකර කෙලින්නෙ පිස්සූ....

      Delete

LinkWithin

Related Posts with Thumbnails