Monday, January 5, 2015

මහින්ද රාජපක්ෂ රැකගමු- කළගුණ සළකමු! Tribute to Mahinda Rajapaksha


තිස් වසක් තිස්සේ පැවති කුරිරු යුද්ධය බිහිසුණු බව, එයින් වූ අපමණ හානිය ගැන ඔබ සැමට ඇති තරම් අත්දැකීම ඇතුවාට සැක නැත!

තවත් පරපුරකට එය ඉතිරි නොකරමින්, යුධ භීතියෙන් අප මුදවාලමින් එය නිමා කිරීමට අභීතව පෙරමුණ ගත්, ගරු මහින්ද රාජපක්ෂ මැතිඳුන් රැක ගැනීම සහ එතුමන්ට කළ ගුණ සැලකීම ජාතියේ යුතුකමකි.

මේ එලැඹෙන්නේ ඒ සඳහා සුදුසුම මොහොතයි...!

අදද එතුමන්ට විරුද්ධ චන්ද්‍රිකා කල්ලිය 2005 දිද අහක බලා සිටිත්දී, එතුමන් බලයට ගෙන ඒම වෙනුවෙන් කඩේ ගිය හිතවත් ජෙප්පන්න්ට මුදලින්, ශ්‍රමයෙන් සහ ද්‍රවම්‍ය වශයෙන් අධාර කරමින්, හැකි හැම ඡන්දයක්ම මහින්දට ලබා දීමට උපරිමයෙන් වැඩ කල පුදගලයකු ලෙස, මගේ උපහාරය සහ කළගුණ සැලකීම වස්, පහත යෝජනා ඉදිරිපත් කරන්නෙමි.

1. එළඹෙන රජයේ ප්‍රමුඛ කාර්‍ය්ක් ලෙස සලකා, මහින්ද රාජපක්ෂ මැතිඳුන්ට ආරක්ෂිත සහ සුවපහසු නව නිවසක් තැනීමට සුදුසු ස්ථානයක් මැදමුළන හෝ තංගල්ලෙන් සොයා, එයට දළ සැළස්මක් සමග ඇස්තමේන්තුවක් නිර්මානය කිරීම "මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්‍යංශයට" පැවරිය යුතුය. මේ සඳහා උපරිම ලෙස දින තිහක් වෙන්කල හැක.

2. අදාල ව්‍යපෘතිය සඳහා අවශ්‍ය මුදල් පරිපූරක ඇස්තමේන්තුවක් මගින් අනුමත කරගෙන, ඉංජිනේරු සංස්ථාව ලවා ඉදිකිරීම් වහාම ඇරඹිය යුතුය.

3. උක්ත මන්දිරය දින එකසිය අසූවක් තුල නිමකර, චාම් රාජ්‍ය උත්සවයක් පවත්වා ගරු හිටපු ජනාධිපතිතුමන්ට උපහාරයක් ලෙස පිදිය යුතුය.

4. හිටපු ජනාධිපතිතුමන්ගේ ආරක්ෂක සේනාව ලෙස, ඉතා සාධාරණ තාක්ෂනික ඇගයිමකින් පසු, සුදුසු භට පිරිසක් එතුමන්ගේ අභිමතයට යටත්ව ලබා දිය යුතුය.

5. මහින්දරාජපක්ෂ මහතා සඳහා වෙඩි නොවදින මෝටර් රථ දෙකක් හෝ තුනක් සමඟ, ආරක්ෂකයන්ට සහ බිරිඳට ගමණ් පහසුව පිනිස රජයේ මුදලින් නඩත්තුවෙන ප්‍රමාණවත් රථ සංචිතයක් ලබාදිය යුතුය.

6. රට වෙනුවෙන් කල සේවය සලකා, රාජපක්ෂ මහතාගේ නමටම ඇති පුද්ගලික බැංකු ගිණුම්, මුදල් සේප්පු යනාදිය පරීක්ෂා නොකිරීමටත්, ව්‍යවස්ථා සංශෝධනයකින් පසුව වුව ඒවාට විරුද්ධව නඩු නොදැමීමටත් කටයුතු කල යුතුය ( සැයු. රාජපක්ෂ පවුලේ හෝ මිත්‍රයන්ගේ දේපළ සම්භන්ධයෙන් එවන් සහනයක් අවශ්‍ය නොවේ ).

7. මේ වනවිට කේ.පී නම් කොටියා සැප ගන්නා කොළඹ විසුම්පාය, මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ අගනුවර නිළ නිවස ලෙස පවරා දිය යුතුය.

8. කොළඹ ගාළු මුවදොර පිටිය අසල, පෙර බණ්ඩාරනායක පිළිමය පැවති අයුරින්, මහින්ද රාජපක්ෂමහතාගේ විශාල පිළිමයක් ස්ථාපනය කල යුතු අතර, තවත් එවැන්නක් පාර්ලිමේතුව ඉදිරිපිටද ස්ථාපනය කල යුතුය.


9. යම් විදේශ කුමණ්ත්‍රණයක්, අතපෙවීමක් මගින් මහින්ද, ගෝඨා, බැසිල් සහ අනෙකුත් ත්‍රිවිධහමුධාපතීන් හට ඔවුන්ගේ යුධ සමයේ ක්‍රියාකාරකම් පිළිබඳව කිසියම් හෝ ගැටළුවක් ඇතිකරන්නේනම්, එයට එරෙහිව කොන්දේසි විරහිතව රජයක් සහ ජාතියක් ලෙසින් නැගී සිටිය යුතුය.


මෙයට අමතරව, එතුමන්ට කළගුණ සැලකීම සඳහා ප්‍රොපගැන්ඩා රථයක පැටවූ විසාල පුවරුවක් රටවටා ගෙනගොස් අත්සන් ලක්ෂ දහයක් එකතු කිරීම, මල් මැසූ අත්වැඩ තැපැල් කර එවීම, කිරි/පැණි ගෙන මැදමුලන යාම වැනි දේද පුරවැසියන් හැටියට එකතුව හෝ තනි තනිව කල හැක.

තවද, යුද්ධය අවසන් කිරීමට අනගි මෙහෙයක් කොට අද විදෙස් තනාපති කාර්‍යාලවල සේවය කරන හිටපු හමුධාපතීන් සහ නිළධාරින්ටද ස්වාසීලන්තය වැනි උපායමාර්ගිකව නොවැදගත්, නිතර වෙහෙසිය යුතු නොවෙන තානාපති කාර්‍යාල වලට මාරුවීම් සාදා දී, තම ජීවිතයේ සැඳෑ සුවය සතුටින් හා සාමයෙන් ගෙවීමට කටයුතු කර දිය යුතුය.

අවසාන වශයෙන්, මේ කාර්‍යයේදී ජනපතිට විශාලම ශක්තියක් වූ ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ මහතුන්ට අවශ්‍ය පහසුකම් සලසා ඔවුන්ගේ ඇමරිකාවේ නිවාස සහ දේපල භුක්ති විඳිමින් යෙහෙන් වැජඹීමට ඉඩ හසර විවෘතකර දිය යුතුය.

ඉහත ක්‍රම හැර, කතිරයක් ගසා ඡන්දයක් දී එතුමන්ලාට තම කළගුණ සැලකීමට යන්නේ නම්, එය ඔබ අසීරු අවස්ථාවක දියපහරකින් එගොඩ කල තොටියාගේ ගාස්තුව නොගෙවා, ඔහු මෙලෝ හසරක් නොදන්නා ඔබගේ මෝටර් රථයද පැදවීමට දුන්නා වැනි ගුණමකු ක්‍රියාවෙකි.

මහින්ද මහතා සහ එතුමන්ගේ පිරිස හැකිතරම් අප වෙනුවෙන්  කලයුතු දෑකොට අහවරය. අපි එතුමන්ලාට සුවසේ ඉන්නට දී, ඉතිරිය යාමට සුදුසු රියදුරෙකු සොයා ගමු.

ඔබ සැමට සුභ නව වෙනසක්...!

87 comments:

  1. මරාගේ පිළිමවල මූනට වයිපර් සවිකළ යුතුය.

    ReplyDelete
  2. අනේ බං ඉන්දික උබට දැන් තිබුන මොලේ ඒ කාලේ තිබ්බා නං අර අභීත එදිරිසිංහ වගේ ලෝක හොරෙක්ට අහුවෙන්නේ නෑනේ.

    ReplyDelete
    Replies
    1. කල අවුල් උනාම විශ්නු දෙය්යොත් බටකොළ කෑවලුනෙ!

      Delete
    2. අන්න ඒ හොරා දැන් ගජරාමෙට ලොක්කට කඩේ යනවා..... හොරු ඉතින් කවදත් ගන්නෙ හොරුන්ගෙ පැත්තමනෙ.

      Delete
    3. අභීත සල්ලි ආපහු ගෙව්වද ඉන්දික​?

      Delete
  3. රැල්ලට අහු වෙමු. කුප්‍රකට සින්හල විරොධීන් අටවපු උගලටු අහු වෙමු. විධායක ජනාධිපතිදූරය අහොසි කරමු. අස්ථාවර රටක් අපෙ කතිරයෙන්ම ඇති කර ගමු. ඉතුරු ටික දෙමල සන්ධානය සහ ජිහාඩ් කාරයො ටික බලාගන්නවා ඇත.

    ReplyDelete
  4. Replies
    1. එහෙම කියන්න එපා. තුන්දෙනාම සූරයෝ. පොඩිම එකා නම් AC-DC.

      Delete
    2. ඒකත් හේතුවක්ලු එංගලන්තෙ තානාපතිට කෙලවෙන්න කියල කවුදෝ කිව්ව.

      Delete
  5. ඔන්න ඔය හීනෙන්ම තව දවස් දෙකක් හිටපං මචං. එයින් පස්සේ ආයේ තමන්ගේ වැඩක් කරගනින්.

    ReplyDelete
  6. Arakshawa nethuwa enawanam,kalaguna hodin salakanna puluwan,

    ReplyDelete
  7. //Let's tribute to Mahinda Rajapaksha //
    කඩ්ඩ වැරි වැරි රොන්ග් මෙයා

    ReplyDelete
    Replies
    1. තෑන්ක් යූ සෝ මච් මෙයා. අපි ඉතින් ගොය්යොනෙ.

      Delete
    2. යන්තං ගොඩ ගියා නේද?

      Delete
    3. Let us pay our tribute to Mahinda Rajapaksa විය යුතුයි. Tribute to Mahinda Rajapaksa කියන්නෙ මේ බ්ලොග් පෝස්ට් එක රාජපක්ෂට tribute එකක් කියලා.

      Delete
    4. මචෝ, අදහසට ස්තූත්යි! //මේ බ්ලොග් පෝස්ට් එක රාජපක්ෂට tribute එකක් // එකම තමා අදහස ( ඒකයි සරා පත්තු කරපු ගමන් Let's කෑල්ල කැපුවෙ ). බ්ලොග් පෝස්ට් එහෙක සිංහල සහ ඉන්ග්‍රීසි හෙඩින් දාන කළාවෙදි මම ට්‍රයි කරන්නෙ කකාගෙ ක්‍රමය.

      අපි ඇයි මේක මහින්දට tribute කරන්නෙ? ඒකෙ අදහස එයා තව දුරටත් නෑ, අන්න ඒ නැති කෙනා වෙනුවෙන් කෙරෙන පිදීමක්, ගුණ වැයීමක් වගේ අදහසක්.


      Delete
    5. අපේ මාරයා අයියා නම් හැමදාම කියන්නෙ ඉංග්‍රීසි බැරි වුණාට පොඩ්ඩක් වත් ලජ්ජා වෙන්න එපා මම (ඒ කියන්නෙ මාරයා අයියා) සුද්දට වැඩිය කොච්චර දේවල් දන්නවද කියලා.

      Delete
    6. සිංහල වැරදි පෙනුනම හදාගන්න එක නම්බුකාරයි, ඉන්ග්‍රීසි වැරදි දැක්කම හදන එක නෝන්ඩියි. අනේ මන්ද මුන්ගෙ කොඳු!

      Delete
    7. It should be either 'A tribute to Mahinda Rajapaksa' or 'The tribute to Mahinda Rajapaksha'. The use of definite or indefinite article makes the meaning different. If indefinite it is something like a poem. If you you the definite article you are referring to most probably an attempt by another.

      Delete
  8. මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්‍යංශයට වැඩේ කරන්න බෑ කියලා ලොකු අයියට කථා කලොත් අහිංසක මරාට ගේ පොඩ්ඩක් හදාගන්න ප්ලෑනක් ඇඳලා දෙන්න...මොනවා උනත් යුද්දෙ දින්නනෙ....

    ReplyDelete
    Replies
    1. අයිත් අහල මල්ලි, එකෙම්ම ස්ප් එක දෙනව. ඒත් ඉතින් අපිට වඩස සුදුස්සො ඉන්න එකේ මොනාට ඉල්ලන් කනවද බං.

      Delete
  9. මහත්තයෝ,
    ඔච්චර මහන්සි වෙලා යුද්ධයක් දිනපු මනුස්සයට දැන්වත් නිවිහැනහිල්ලෙ විශ්‍රාම සුවයෙන් ඉන්න දුන්නොත් නරකද?
    මේ අහන්න, තනතුරකට පත් කළ යුත්තේ අදාළ කාර්යයට සුදුසු පුද්ගලයෙක් මිසක් කළ ගුණ සැළකීමක් හැටියට නෙවෙයි.
    අපේ රටේ තමයි ඡන්දෙට වියදම් කරපු පෝස්ටර් ගහපු අයට ආයතනවල තනතුරු දෙන්නෙ. ඒ ක්‍රමය වැරදියි කිය කියා ආයෙත් අපි කරන්න හදන්නෙත් ඒකම නේද?
    ජනාධිපති තනතුරට අයිති ප්‍රධාන රාජකාරිය තමයි රටේ ප්‍රධානියා විදිහට නීතිය හා සාමය රැකීම.
    ඒකට මහින්ද අසමත් වෙලා කියලා පැහැදිළිවම පේනව නේද? අද විනයක් නැති වාහන රියැදුරන්ගෙන් පාරෙ යන එකාට තියන අමාරුව දැක්කම තේරුම් යන්න ඕනැ රටේ නීතිය කොච්චර පිරිහිලාද කියල.
    දෙවෙනි රාජකාරිය රට සංවර්ධනය කිරීම.
    ඒතටනම් මහින්ද හොයාගෙන තියනව නියම ක්‍රමයක්. සංවර්ධනය කරන එකාට සීයට විස්සක් තිහක් දෙනව. වැඩෙි කෙරෙනව. ප්‍රමිතිය බිංදුවයි. වියදම නහුතයයි. මේව පුතෝ මහජන සල්ලි. උගෙ අප්පගෙ බූදලේ නෙවෙයි.
    යුද්දෙ?
    යුද්දෙ දිනවන්න මහින්ද කරපු හරිය අහන්න ඕනැ හමුදාවල ඉන්න අයගෙන්. ඉන්න අය කියන එකක් නෑ සමහර විට. හිටපු අයගෙන් අහන්න ඕනැ. සරත් ෆොන්සේක ඕනැ නෑ අනිත් අයගෙන් අහන්නකො.
    මහින්ද ආයුධ කොච්චර මිල දී ගත්තද?
    මහින්ද යුද්දෙට කොච්චර වියදම් කළාද?
    කළින් හිටපු ජනාධිපතිවරු කොච්චර වියදම් කළාද?
    කළින් හිටපු ජනාධිපතිවරු කොච්චර ආයුධ ගත්තද?
    මෙන්න මේ ටික හොයල කියන්නකො.

    ReplyDelete
    Replies
    1. //තනතුරකට පත් කළ යුත්තේ අදාළ කාර්යයට සුදුසු පුද්ගලයෙක් මිසක් කළ ගුණ සැළකීමක් හැටියට නෙවෙයි./// අනිවාර්යෙන්ම. මහින්ද ට සාපේක්ෂව වෙන සුදුස්සෙක් මෙවර ඉල්ලන්නේ නැත.

      ///අපේ රටේ තමයි ඡන්දෙට වියදම් කරපු පෝස්ටර් ගහපු අයට ආයතනවල තනතුරු දෙන්නෙ. ඒ ක්‍රමය වැරදියි කිය කියා ආයෙත් අපි කරන්න හදන්නෙත් ඒකම නේද?// දැනට තියන සියලු දේශ පාලන පක්ෂ වල ක්‍රමය එයයි. සිරිසේනට කඩේ යන්නෝද රැකියා බලාපොරොත්තු වෙති. එබැවින් මහින්ද පරදා එය වෙනස් කල නොහැක. මහින්ද බොහෝ ජොබ් දුන්නේ කරපු වැඩ සලකා නොවේ. උදා - උපදී පත්වීම්

      // අද විනයක් නැති වාහන රියැදුරන්ගෙන් පාරෙ යන එකාට තියන අමාරුව දැක්කම තේරුම් යන්න ඕනැ රටේ නීතිය කොච්චර පිරිහිලාද කියල.// විනය සහ නීතිය යනු දෙකකි. කිසිදු විනයක් නැතිව නමුත් නීතිගරුකව රිය පැදවීම කල හැක. රටේ මහමග විතරක් නොව බොහෝ තැන්වල විනය පිරිහී ඇත. එය නීතියේ වරදක් නොවේ. මහින්දගේ වරදක් නොවේ.


      //සංවර්ධනය කරන එකාට සීයට විස්සක් තිහක් දෙනව. වැඩෙි කෙරෙනව. ප්‍රමිතිය බිංදුවයි. වියදම නහුතයයි. මේව පුතෝ මහජන සල්ලි. උගෙ අප්පගෙ බූදලේ නෙවෙයි.// උදාහරණ සහිතව පෙන් වන්න. දුෂණය වැඩි කියන එක ඇති කරන ලද මතයකි. අධිවේගී මාර්ග වලට ගිය වියදම් දල ගණනයක් මගින් මම පරික්ෂා කෙරුවෙමි. ලොකු නාස්තියක් සිදුවී නැත.

      //යුද්දෙ දිනවන්න මහින්ද කරපු හරිය අහන්න ඕනැ හමුදාවල ඉන්න අයගෙන්. ඉන්න අය කියන එකක් නෑ සමහර විට. හිටපු අයගෙන් අහන්න ඕනැ. සරත් ෆොන්සේක ඕනැ නෑ අනිත් අයගෙන් අහන්නකො.//
      යුද්ධේ දිනුවේ දේශපාලන නායකත්වය නිසා නැත්නම් යුද්දේ දිනන්න බැහැ. අන්තිමට ප්‍රබාකරන් කොටුකරහම විදේශ බලපෑම් වලට යට වෙලා ජනාධිපති ආපසු හැරෙන් කියුවනම් යුද්දේ දිනන්න බැහැ . විදේශ බලපෑම් වලට නැවුනේ නැත්නම් යුද්ධේ ඉවර කරන්නේ JR මිස මහින්ද නොවේ. අපි මහින්දට ගරු කරන්නේ ඒ නායකත්වය නිසා

      //
      මහින්ද ආයුධ කොච්චර මිල දී ගත්තද?
      මහින්ද යුද්දෙට කොච්චර වියදම් කළාද?
      කළින් හිටපු ජනාධිපතිවරු කොච්චර වියදම් කළාද?
      කළින් හිටපු ජනාධිපතිවරු කොච්චර ආයුධ ගත්තද?
      මෙන්න මේ ටික හොයල කියන්නකො.
      // සන්සන්ධනය කරන්න ඕන වියදම් නොවේ මහින්ද වියදම් අඩුවෙන් කළා නම් එක ඔහුගේ සාර්ථකත්වය. අදුෂිත බව. යුද්දේ දිනන්න ඕන සල්ලි විතරක් නොවේ නායකත්වය සහ ක්‍රමෝපායන්.

      ඔබගේ සියලු තර්ක හිස් වේ. ඔබ මහින්ද විරෝදියෙක් වෙන්නේ මෙවැනි මෝඩ තර්ක වලින් ඔහු වැරදි කරු කරගෙනද?

      රට වෙන්වෙන් මහින්දට චන්දෙ දෙන්න.

      Delete
    2. මාත් එකඟයි සෙනහුරා එක්ක.
      රටක නායකයෙක් කියන්නේ ඒ රටේ නීතිය හා සාමය රැකීම වගේ රටේ දියුණුවේ වගකීමත් ගන්න ඕනේ.
      (වොන්ඩර්ලෑන්ඩ් එකේ කෙසේ වෙතත් අපි ජීවත් වෙන රටවල නම් ඒසේය.)

      දේවත්වයෙන් සලකන්න මහින්ද පූජා භාන්ඩයක්ද?

      අනිත් හිටපු අගමැතිවරු ජනාධිපතිවරු වගේ එයාටත් ඉන්න පුළුවන් නේ. යහතින් ජීවත් වෙන්න හොඳ පෙන්සන් එකකුත් හම්බ වෙනවනේ.

      Delete
    3. /අධිවේගී මාර්ග වලට ගිය වියදම් දල ගණනයක් මගින් මම පරික්ෂා කෙරුවෙමි. ලොකු නාස්තියක් සිදුවී නැත./

      අම්මප. ඔහේව නම් මේ රටේ ඔඩිටර් ජෙනරාල් කරන්න වටිනව මේ කරපු ප්‍රකාශයට.

      Delete
    4. @ හෙනහුරා - කොයිතරමකට ඔය ඇත්ත තේරිලද කියල බලමු! බහුතරය කියන්නෙ නිවැරදි තීරණය නෙමෙයි, කරුමෙට.

      @ ම.ක.සි - සිරිපාල මහින්දට වඩා හොඳ නැති වෙන්න පුළුවන්. නමුත් ඔහු මහින්ද තරම් නරක නෑ!

      @ බුරු - පොළිසියට දාහක් දීල ඉක්මනින් කොළඹ එන්න කියපු නායකයනෙ.

      @ ඇනෝ - අපි නොදන්න කන්ස්ට්‍රක්ෂන්.

      Delete
    5. මකසි කියන්නෙ ගොළු සහන්.

      Delete
  10. ඔබ කියන ටික අනිවාර්යෙන්ම දෙන්න ඕන පදවියෙන් ඉවත් වන දවසට.
    රට ගෙනියන්න දෙන්න වෙන සුදුසු ඩ්‍රයිවර් කෙනෙක් සඳහා ඇප්ලිකේෂන් ලැබී නැත. දැනට ඉන්න රියදුරු මහතාගේ පැදවීමේ රටාව අනුව ඉන්ධන නාස්තිය වැඩි ය නමුත් ඔහු පරිස්සමෙන් පදවයි. ඉලලා ඇති අනෙක් ඩ්‍රයිවර් ට දුන්නොත් වන්නේ වාහනයේ කොටස් හොරෙන් විකුණන එකය. උතුරේ රෝදය එක පිරිසකටත් නැගෙන හිර රෝදය තවත් පිරිසකටත් විකිණීමට පොරොන්දු වී ඇති අතර සුක්කානම කරකැවීම ඇසක් නැති නොනාටත් ගියර් පොල්ල දරුවන් නැති මහත්තයාටත් දීමට පොරොන්දු වී ඇත. එසේම කවුරු කෙසේ කියුවත් ඔහුගේ පැදවීමේ ඉන්දන නාස්තිය ඉතා වැඩි වීමට ද ඉඩ ඇත. එබැවින් දැනට සිටින රතු සාටකයක් දැමු ඩ්‍රයිවර් මහතාට ඔහුගේ සහෝදරයන් දෙදෙනා ගෝල කමට තියාගෙන රට පැදවීම භාර දීම අපගේ කැමැත්තයි.

    ReplyDelete
    Replies
    1. අර ලෙස්ටර්ගෙ ඇඟට කේ.පී. ගෙ මූණ දාපු මහත්තයට දෙන්නෙ කාර් එක හෝදන වැඩේද?

      ඒක නම් එයා හොඳට කරයි. පහුගිය දවස් ටිකේ කරපු ඇපිල්ලිලි බලන කොට ඒකට සුදුසුම පුද්ගලයා.

      Delete
    2. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
      ඉන්දන නාස්තියත් වැඩියි.වාහනේට දෙහි එල්ලනව වගෙ වැඩත් වැඩියි.ඒ සේරටම වඩා ලැයිසොන් නැති නෑයන්ට එළවන්න දෙනවත් බොහොම වැඩියි.වාහනේට සැරසිලි දාන්න බොරු වියදම් ගජරාමෙට කරනව.ස්පෙයා පාට්ස් දාන්නත් ලොකු වියදමක් දරනව.සමහර පාට්ස් ඒ තැන්වලට ගැලපෙන්නෙත් නෑ.ඒ ගැන කතා කරන්න ආවම බිත්තර වලින් ගහනව.
      ඒත් දැන්ම වෙන ඩ්‍රැයිවර් කීන්කුට දෙන්න ඕනකියල හිතන්නෙ නෑ.
      දැන් ඩැයිවරය හැදෙයි.මොකද මෙදා පොටේ ලොකු තරවටුවක් උනානෙ

      එනවයි කියන හාදය අනේ මන්ද
      ඉන්ටෙව් එකට ආවම අතුගාන අයටත් සර් මැඩම් කියන්න ගත්ත.මිනිහ හොඳ රූකඩයක් වෙයිද මන්ද

      Delete
    3. /දැන් ඩැයිවරය හැදෙයි.මොකද මෙදා පොටේ ලොකු තරවටුවක් උනානෙ/

      අම්මප ඔහේ මාර මධ්‍යස්තයි නෙවැ.

      Delete
    4. @ මකසි - දැනට පදවන මහතා රථය චීනකොරටුවට උකස් තබා ඒ මුදලින් ඉන්ධන පිරවීම සහ හැඩ වැඩ දැමීම කරන බව ඔබ දන්නවා ඇතැයි සිතමි. එයට අමතරව ඔහු විසින් රථයේ අමතර කොටස් ඉල්ලා සිටින අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු නොකරීම නිසා ඇඩිකල් යෑමට පෙර ඒවා ගැලවී යන්නටද ඉඩ තිබේ.එයට අමතරව අනාර්ක්ෂිතව මිනිසුන් යටකරමින් රිය පැදවීම ගැන ඔහුට ඇති චෝදනා වලට අද දක්වාම නිසි පරීක්ෂනයක් කරන්නට අසමත්ව ඇත. එනිසා මේ යන ගමන අවසන් වන්නේ රථයත්, මගීනුත්, රියදුරාත් විනාස වෙමින් බව පැහැදිලිය.

      @ ඇනෝ 8:28 AM - ඔබේ ගැටළුව පැහැදිලි නැත!

      @ ම.ම. - වාහනේට කෙලවන බව පිලිගැනීම සතුටකි. එනිසා නව රියදුරකුගේ සේවය ලබාගැනීමට නිර්භීත වන්න.

      @ ඇනෝ 12:52 PM - සීනි බනිස් සහ මාළු පාං වගේ තමයි උන්නැහෙගෙ නමත්.

      Delete
    5. දැනට ඇති යහ පාලනය නොදැක ඉන්නා යහපාලකාය එලාවන්න හදන උන්නට. එය සිදු වුනොත් තේරේවි කරගත් ගොන් කම. නැත්නම් දිගටම කුමන්ත්රණ සිදුවේවි.

      Delete
  11. ඔය කිට්ටුවෙන්ම පන්සලකුත් හදලා වයසක නායක හාමුදුරුකෙනෙකුට බාරදෙන්න ඕනේ. එතකොට බැරියෑ ඔය මොනවා හරි කියවලා 'නැද්ද අපේ හාමුදුරුවනේ?' කියලා අහන්න...

    ReplyDelete
    Replies
    1. දේවාලේකුත් හදලා දෙමු. එතකොට පුළුවන් නේ හඳහනත් බලාගන්න ;)

      Delete
    2. දේවාලවල හඳහන් බලනවලුද? :O

      Delete
    3. මරා බඩු කාරයා නිසා බඩු පොට් එකකුත් දාලා දෙමු.

      Delete
    4. මම දන්නේ නෑ. එහෙනම් මොකටද මහින්ද ඔය දේවාල/හඳහන් පස්සේ යන්නේ? අර ශර්ට් එකක් හෙම නැතිව

      Delete
    5. අනිවා. තිසරගෙ යෝජනාවට මාත් එකඟයි.

      Delete
    6. යකෝ ඔහොම ගිහිල්ලා කෙළවරක් නැති වෙනවා. ජොගින් කරන්න ට්‍රැක් එකකුත් ඉල්ලයි. ඇයි ඉඳ හිටලා වත් වඩා ගන්න පොඩි එකෙක් වත් ඕනැ. සුමනදාසයාට නම් ඔය පැත්තකින් මඩුවක් ගහලා දුන්න හැකි එතකොට හඳහන බලා ගැනිල්ල ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. අර රොකට් පුතාටත් අහස් කූරු ටිකක් වත් දෙමු උඩ යව යවා ඉන්න. ලොකු පුතා රේස් පදින්න පටන් ගත්තොත් තමයි මළ මඟුලක් වෙන්නෙ.

      Delete
    7. අවශ්‍යනම් පෝයට සිල් රෙද්දක් වාගේ දෙමු.

      Delete
    8. @ තිසර - අර ටැට්ටර් සාදුටම භාර දෙමු. බැරිනං ගිරුවායෙ මර්වින් මහණ කරවමු! (උඹෙ නම කියන්න තහනම් නේද අද සහ හෙට? )

      @ බුරු - දෙය්ය කව්ද? ප්‍රභාද?

      @ කුමාරිහාමි - ඉතා-ලිය එහෙමයි. ඔහෙත් එහෙමද?

      @ ඇනෝ 4.33 - දැන් මහළු වයසේ, බැරිය වෙන-වෙන ගායනා පෙරසේ

      @ බුරු - ෂර්ට් නැටුව යන්නෙ කාන්තා ආක්‍රෂනයට ( මෙන්ඩට කියල බ්‍රා එකක් අරන් දෙන්න හිතුන හැබැයි දැක්කම )

      @ රාජ් - හංසයන්ට මොක්කුද සාක්කි?

      @ ඇනෝ 8.34 - //යකෝ ඔහොම ගිහිල්ලා කෙළවරක් නැති වෙනවා.// ඒත් තියාගෙන ඉන්නවට වාඩා ඒක එකට එකක් නෙමේ ඊටත් වඩා ලාභයි.

      @ නිර්මළා - ඒකෙ තුත්තිරි ගලවන්න දාමු සාරුව සුනිල්ව.

      Delete
  12. //වෙඩි නොවදින මෝටර් රථ දෙකක් හෝ තුනක් සමඟ, ආරක්ෂකයන්ට සහ බිරිඳට ගමණ් පහසුව පිනිස රජයේ මුදලින් නඩත්තුවෙන ප්රමාණවත් රථ සංචිතයක් ලබාදිය යුතුය.//

    නියමයිනේ. ඒ කියන්නෙ ජනාධිපති බිරිඳ කෙනෙක් වෙන එකත් නරක නෑ. :P

    ReplyDelete
    Replies
    1. ඇයි නරක නැත්තේ. ජනතාවට නරකයි.

      Delete
    2. කුමාරිහාමි - ඒකනෙ, ඒකාලෙම මාව බැන්දනං ඔයාටත් චාන්ස් එකක් ගන්න තිබ්බ. දැන් කරන්න තියෙන්නෙ ඔයාගෙ උඩරට උඹහ කුළ පාරිශුද්ධ හබියව දේශපාලනේට දාන එක තමා.

      @ නිර්මළා - එලීනා ජයවර්ධන වගේ කෙනෙක් උනොත් හරි විජේතුංග මැණිකෙ කෙනෙක් උනොත් හරි අවුලක් නෑ.

      Delete
  13. WHY, SUMANADASA ABEY WATH E KITTUWENMA PADINCHI KERUWOTH NARAKADA

    ReplyDelete
    Replies
    1. කනත්තක් කිට්ටුව මහින්ද මහත්තයගෙ ගේ හදන එක නරකයිනෙ මචෝ

      Delete
  14. ඇවිත් ගියා
    අපි පොඩි ළමයි
    බ්‍රෑන්ඩ් එක ගල්

    ReplyDelete
    Replies
    1. පොඩි උන්ට ගල් ගැහිල්ල අකැපයි

      Delete
  15. තවත් එක යෝජනාවක්. මහින්දගෙ පැත්තෙන් හිතල, ඔහුව මේ සා විනාශයකට ඇදදැමූ සුමනදාස ජීවිතාන්නය දක්වා සිරගත කලයුතුයි. ඒ වගේම සුමනදාස රටට කල සේවය උදෙසා ඔහුගේ ප්‍රතිමාවක් ඉදිකල යුතුයි.

    ReplyDelete
    Replies
    1. /මහින්දගෙ පැත්තෙන් හිතල, ඔහුව මේ සා විනාශයකට ඇදදැමූ සුමනදාස ජීවිතාන්නය දක්වා සිරගත කලයුතුයි./

      එචචර ඕනෙ නෑ. සුමනදාසයාට බල කරමු අභීතට ණයක් දෙන්න කියලා. ඔක්කෝම හරි එතකොට.

      Delete
    2. අපි සුමණෙව මීමුරේ යවමු.

      Delete
    3. @AnonymousJanuary 6, 2015 at 8:39 AM

      //එචචර ඕනෙ නෑ. සුමනදාසයාට බල කරමු අභීතට ණයක් දෙන්න කියලා. ඔක්කෝම හරි එතකොට.//

      අම්මපා මරුම මරු යෝජනාව... මිනිහෙකුට දෙන්න පුළුවන් උපරිම දඬුවම තමයි ඒක...

      @ ඉන්දික උපශාන්ත

      මීමුරේට යවල විතරක් මදි.. අර මොකද්ද කන්ද නග්ගන්නත් ඕනෑ.

      Delete
  16. දැන් පච වංශ ගේ භාරයේ තියෙන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවටනම් ඔය වැඩේට දින නෙවෙයි අවුරුදු එකසිය අසූවක් ගතවෙයි. අයියෝ ආචාර්ය කුලසිංහයන්ගේ ඉංජිනේරු සංස්ථාව

    ReplyDelete
    Replies
    1. අර වැව් බැඳි රාජ්ජෙ උත්තමයෙක් නේද බං එකේ ලොක්ක? හැබැයි පච වංසට කලින් රාජිතයත් ඕක ටිකක් කෑව නේද?

      Delete
  17. ඒ අතර විමල් වීරවංශයන්ට හිටපු ජනපතිගේ අග්‍රදායක තනතුර ලබා දී එතුමන්ගේ හිතසුව පිණිස මැහමුලනේ පදිංචිකල යුතුය.

    ReplyDelete
    Replies
    1. රජකාලෙ වැසිකිළියෙ හිටය පොරක් සට්ටැඹිරාළ කියල. රජා බොග දැම්මම මිනිහ තමයි අත දාල හෝදන්නෙ. අන්න එක එහෙමම දෙනව විමළෙට.

      Delete
  18. Replies
    1. He did not work for two successive terms, thus most likely to be as Roosevelt

      Delete
    2. Roosvelt was not defeated. He died. Churchill was defeated a couple of months after winning the war. People respected and honoured him but decided that he was not the best leader for the country during peace time.

      Delete
  19. 10. ඉහත සඳහන් මැදමුලන මන්දිරයට සුදුසු නමක් දිය යුතුය. මහින්ද චින්තන මන්දිරය, සුබ අනාගත මන්දිරය, මහිරන්ති මන්දිරය (මහ දෙන්නාගේ නම් වලින්) හෝ නායෝරෝ මන්දිරය, රෝයෝනා මන්දිරය (දරුවන්ගේ නම් වල මුලකුරු වලින්) වැනි නම් සලකා බැලිය හැක.

    11. මෙම මන්දිරයේ භාරකරු, අරක්කැමියා, ආරක්ෂක මුරකරු යන තනතුරු ඒකාබද්ධ කොට එය චතූෂ තුෂර කුමාර කැකුලාවල මහතාට භාර දිය යුතුය. ඒ පිණිස කැකුලාවල මහතාට වැටුප් ගෙවීම පවා අවශ්‍ය නොවන්නේ ඔහු එය ස්වේච්ඡාවෙන්ම කිරීමට පෙළඹෙන බව අප දන්නා නිසාය.

    12. හිටපු ජනාධිපතිතුමන්ගේ මූල්‍ය කටයුතු හැසිරවීමේ වගකීම අභීත එදිරිසිංහ මහතාට භාර කළ යුතුය.

    13. අචාර්ය සුමනදාස අබේගුණවර්ධන මහතාට තව දුරටත් ඔහුගේ ජ්‍යෝතිර්වේදියා සේ කටයුතු කළ හැකිය. අවශ්‍ය නම් ඒ සඳහා කැකුලාවල මහතාගේ සේවය පවා ස්වේච්ඡා පදනමින් ලබා ගත හැකිය.

    ReplyDelete
    Replies
    1. @ ඇනෝ 8.20 -

      10. මරානා මන්දිරය.
      11. එතකොට රංගට මොකද්ද?
      12. ඊට වඩා හොඳයි මාධ්‍ය ප්‍රකාෂක කම
      13. සුමනෙ ලෙඩින්, කැකුළට ඒක දෙමු.

      Delete
  20. මට නං මරා හොදයි.. මොකද නරක.. හැබැයි ඉතිං විධායකේට යන හැම එකාටම වෙ සෙතේ අන්තිමට මරාට උඩින්ම වැදුනා.. ඒකෙන් උනේ අවුලක්.. නැත්නං අපරාදේ දෙපාරක් ඉදල ගෙදර ගියා නං කොයි තරං වටිනවාද හමබ කර ගත්ත සොච්චමත් අරගෙන..

    ReplyDelete
    Replies
    1. මේ ලඟදි fb මිත්‍රයෙක් අහල තිබ්බ ඇයි සංග දැම්ම යන්නෙ කියල? මම කිව්වෙ, පීක් එකේ අයින් උනාම සදාකල් රැඳී ඉන්නව කියල. ඌ ඒත් ඇහුව කොහොමද මේ සංගගෙ පීක් එකයි කියල කියන්නෙ කියල.

      කොහොම හරි සංග ඒක අඳුනගත්ත, ඒත් මරාට තමන්ගෙ පීක් එක අඳුනගන්න බැරි උනා!

      Delete
  21. හැමෝම බනිනව බ්ලොග් අවකාසේ මරාට සපෝට් පෝස්ට් කවුරුත් දන්නේ නෑ කියල..කවුද කියන්නේ.. මේ තියෙන්නේ එකෙන්ම දාලා..හැක් හැක්.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි. 2010 දි නම් මරාට සපෝට් බ්ලොග් ගොඩක් තිබුණා. මාරයා බැහැලා වැඩ කළා. දොස්තර රංග මිගාර වීරක්කොඩි හා නාමල් උඩලමත්ත කරපු බ්ලොග් එකක් තිබුණා පෙරමුණේ රාළගෙ අටුවාව කියලා. පස්සෙ ඒ දෙන්නම ජන සේනා කියලා බ්ලොග් එකක් කළා. වැප් නිශාන්ත බ්ලොග් එකක් ලිව්ව නුවර පාර කියලා. කසා පබ්බත කියලා එකක් ලිව්ව නාමල් උඩලමත්ත. තව මඩ බ්ලොග් ටිකක් තිබුණා කවුරු කළාද නොදන්නා. මේ සැරේ කිසිම සද්දයක් නෑ තමයි. පැරාලා, රාජ්ලා ඉන්දිකලා, විචාරකලා, මාතලන්ලා, රසිකලා පාළුගෙයි වළං බිඳා වගේ වැඩක් කළේ.

      ඕහ්, මතක නැතිවුණා. මේ සැරේ අභීත මහත්තයා මරාට කඩේ යන බ්ලොග් එකක් කළානෙ. ඒකත් නැත්නම් නෑම තමයි.

      Delete
    2. @ ක.මි - අපි එහෙමයි, කවදත් රට බේරාත්තු නායකයට සපෝට්, ආයෙ ඒකෙ කතා දෙකක් නෑ.

      @ ඇනෝ 9.48 - මේ පාර කට්ටිය එෆ් බී එකේ හිරවෙලා, බැට්ල් ෆීල්ඩ් දෙහෙකට ටීම් නෑ. එච්චරට පිරිහිල. මට මක්තක් වෙන්නෙ පිං පිරිහිච්චි රාජසිංහට අරිට්ඨ කීවෙන්ඩු නිසා වෙච්චි කෙළවිල්ල.

      Delete
  22. පිරිත් නූල් කඹයක් දිනපතා අතේ එතිම සඳහා යැවිය යුතු අතර. මිරීකීම සඳහා උඹේ බෝලය හෝ ලබා දිය යුතුය..

    ReplyDelete
    Replies
    1. දකුණෙනෙ බං, ලණු අඹරන මධ්‍යස්ථානයක් දාමු සජිනවයි, ක්ෂෙනුකාවයි වගේ තව ලණු දුන්න කට්ටිය දාල.

      මගේ බෝලෙ යවල බෑ බං, තව එකෙක් හදන්න ඉන්නෙ. තියන් උන්නට වැඩක් ගන්නෙත් නැති එකේ උඹම ඒ උදව්ව කරල දියන්.

      Delete
  23. මං ඉතිං දුප්පතා නෙවැ. මං ගානෙ ගල් කාලකුයි ගෝලිප් දෙහෙකුයි සෝඩ බෝතලේකුයි ඇන්න යනව..ගිහිං කුස්සිය දිහැයිං තියල අවසර හාන්දුන්නේ කියල සුරුස් ගාල මාරු වෙනව. . ඕ යේස් !!

    ReplyDelete
    Replies
    1. පට්ට! ඔන්න ඔහෙ තණමල්විල දිහාවෙන් රොකට් එහෙකුත් ඇන්න පල අර පොඩි එකාගෙ ආසාව ඉස්ට කරගන්න.

      Delete
  24. කළගුණ සැලකීම ගැන හිතනවනම් කළ යුතු හොඳම දේ විශ්‍රාම සුවයෙන් ඉන්න ගෙදර යැවීම තමයි. නැත්නම් මෙහෙම ගියොත් යවන්න වෙන්නෙ අංගොඩ.

    ReplyDelete
    Replies
    1. අනිව. අපි එතුමව රැක ගන්නම ඕනෙ මේ වෙලාවෙ. මුන් ඒ අහින්සකයව අන්දනව. අනික වයසත් දැන් 70 උනානෙ. ඔයි මදෑ!

      Delete
  25. මහින්ද පමණක් නොවේ, අගමැති, අමරසිරි දොඩංගොඩ,.......... තව්ත් මැති-ඇමති රොත්තක් ඉන්නවා විශ්‍රාම ගන්වන්න සුදුසු. මීලඟ මහමැතිවරණයදී ඒක තීරණය කරමු.

    ReplyDelete
    Replies
    1. බොට වැරදිල මචං, දොඩං මලේ 2009දි. මං හිතන්නෙ ඔයි කියන්නෙ වික්‍රමනායක හිටපු අකමැති. ඔව් ඒ මහලු මඩම අනිව වහල දන්න ඕන.

      Delete
    2. Amarasiri Dodangoda had retired in 2009 :) for good.

      http://en.wikipedia.org/wiki/Amarasiri_Dodangoda

      Delete
  26. This is so creative. Comments are so hillarious. Well done guys.

    ReplyDelete
    Replies
    1. Many thanks mate!

      //Comments are so hillarious// we are very serious too ;)

      Delete
  27. 2015 ජනවාරි 5 රාත්‍රි 12.00 න් සියළු ඡන්ද ප්‍රචාර කටයුතු අවසන් කළ යුතුය. නීතියක් ලෙස මෙය බ්ලොග් වලට අදාළ නැති වුවද මෙසේ කරන හේතුව ප්‍රචාරයන්ගෙන් මිදී ස්වාධීනව තීරණයක් ගැනීමට ඡන්ද දායකයාට ඉඩ සලසා දීමය. එනිසා ජනවාරි පස් වැනිදා රාත්‍රි 12.00 න් පසු කරන ඕනෑම ඡන්ද ප්‍රචාරක කටයුත්තක් සදාචාර විරෝධී වෙයි. (මේ කියන්නේ නීතිය ගැන නොවේ.)

    අනුන්ගේ සදාචාරය නිතර ප්‍රශ්න කරන අජිත් පැරකුම් ජයසිංහ මහතා මේ සදාචාරය බිඳින්නේ තමන් දිනමිණ කර්තෘ කමට නිසි සුදුස්සෙක් බව ඔප්පු කරන්නටද?

    ReplyDelete
  28. මඩ , අල්ලස ,මැර බලය හා රාජ්‍ය දේපල අව භාවිතය හැරුණු විට මහින්දගේ චන්ද සටනේ ප්‍රධානම තුරුම්පුව වන්නේ යුද්ධ ජයග්‍රහණය, ජාත්‍යන්තර කුමන්ත්‍රණ හා ඊනියා සංවර්ධනයයි. රාජපක්ෂගේ යුද්ධය ගැන අප මීට පෙර ලිපියෙන් කීවෙමු.

    රාජපක්ෂ/වීරවංශ ඇතුලු කල්ලිය කියන පරිදි ඇමෙරිකානුවන් හා යුරෝපීයන්ට මහින්දගේ රජය පෙරලීමට කුමන්ත්‍රණ කිරීම හැර වෙනත් කිසිම වැඩක් නැත. ඒ රටවල නායකයන්ගේ සිට අත දරුවන් දක්වා සියලු දෙනා උදේ ඇස ඇරි මොහොතේ පටන් නින්දට යන තෙක් කල්පනා කරන්නේ මහින්දගේ ආණ්ඩූව පෙරලා ශ්‍රී ලංකාව අස්ථාවර කරන්නේ කෙසේ ද යන්නයි.

    රාජපක්ෂ තෙමේමත් වීරවංශ ඇතුලු ඔහුගේ ගිරා පෝතකයිනුත් පුන පුනා කියන්නේ මේ කුමන්ත්‍රණ පැරදවීමට නම් ඔවුන්ට බලය දිය යුතු බවයි.

    අපි නිකමට මොහොතකට සිතමු මේ කියන ආකාරයේ කුමන්ත්‍රණයක් ඇත්තටම පවතිනවා යැයි කියා. එනම් මෙම බටහිර රටවල වෙසෙන්නවුන් ‍රැ දවාලක් නැතිව ලංකාව අස්ථාවර කිරීමට කැස කවන වා යැයි කියන කතාව ඇත්ත බව.

    එසේ නම් කළ යුත්තේ මොනවාද? රා බී ගත් ගමේ චණ්ඩියෙකු ලෙස කුණුහරුප කියමින් කෑ ගැසීමද?

    නැතිනම් එසේ ඔවුන් මෙරටට මැදිහත් වන හේතු සොයා ඒවා විසඳා සැබෑ රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීමක් කර එම උත්සාහයන් පැරදවීමද? ඔවුන්ට අප රටට අත පෙවීමට පසුබිම සකස් කරන මානව හිමිකම් අහිමි කිරීම , සීමා කෙරෙමින් ඇති ප්‍රජාතන්ත්‍රවාදය වැනි කරුණු වලට සැබෑ විසඳුම් දීම නොවේද?

    අනික් අතට ජාත්‍යන්තර පීඩනයක් එල්ල වන විට ඊට එරෙහිව කටයුතු කල යුත්තේ. කල හැක්කේ ඊට මනා සේ පුහුණු කළ විනය ගරුක විදේශ සේවයකින් මිස මත් පැන් බී එකිනෙකා මරාගන්නා කසඩ රස්තියාදු කාරයින්ගෙන් හා නූගත් ඥාතින්ගෙන් පිරවූ විදේශ සේවයකින්ද? රාජපක්ෂගේ විදේශ සේවය එබඳුය. ජාත්‍යන්තර කුමන්ත්‍රණ පැරදවීම කෙසේ වෙතත් ඒවා ඇති කිරීමට නම් ඔවුන්ට හැකිය.

    kalamadiriya
    http://bitternight.blogspot.com/2015/01/3.html

    ReplyDelete
  29. මම නම් කියන්නේ ඔච්චර දේවල් කරන්න ඕනේ නැහැ.මහින්ද වැරදි කරලා තියෙනවානම් අනිවර්යෙන් අධිකරණ ක්‍රියාමාර්ගයක් අරගත යුතුයි.ඊට පස්සේයි ඔහුට සමාවක් දිය යුතුද නැතිද කියා තීරණය කල යුත්තේ.

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails