Monday, December 22, 2014

මාර සිරා වැඩ!



මේ ඇවිත් තීන්නෙ ඉතිහාසෙ මාර සිරා මැතිවරණය!

මේකෙ ප්‍රධාන අපේක්ෂක මරා ( මහින්ද රාජපක්ෂ ) සහ අනෙක් පැත්තෙ සිරා ( මෛත්‍රිපාල සිරිසේන ) මාර සිරා ආතල් දෙමින් කරට කර ගේමක් දෙනව පේනව.

මම කොහොමත් සිරා පොර නිස මට මරාගන්න යන්න කැමැත්තක් ඇත්තෙම නෑ.

ඒ එක්කම  සිරා වැඩ දාල ගේම දිනල මරානොගෙන ඉන්නවනං තමයි මම කැමති.


ඉතින් මේ සිරා ඡන්දෙ නිව්ස් බලනකොට පෙනිච්චි මරාගෙන කන්න හිතෙන සීන් කීපයක් මේ.


November 1,  පොදු අපේක්‍ෂකයා මමයි – රනිල්

November 5,  රනිල් ජනාධිපති අපේක්ෂකයා ලෙස තීරණයක් නෑ.. මංගල රැකගැනීම නායකත්වයේ වගකීමක්

November 8,  පොදු අපේක්‍ෂක තේරීමේ අවසන් වටය ඇරඹේ.. අවසන් සිවු දෙනා මෙන්න.. මාදුළුවාවේ සෝභිත හිමි,  හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, රනිල් වික්‍රමසිංහ හා කරු ජයසුරිය යන සිව් දෙනාගෙන් අයෙක් ඒ සඳහා තෝරා ගැනීමට නියමිතය.

November 9,  පොදු අපේක්‍ෂකයාට ජනපතිගෙන් සුභ පැතුම්. ජනාධිපතිවරයා විසින් දුරකතන ඇමතුමකින් ජයසූරිය මහතා වෙත මෙසේ සුභ පැතුම් එක්කකර ඇත.

November 14,  නමක්, ගමක්, පාටක් නොදන්න පොදු අපේක්‍ෂකයා ගැන විපක්‍ෂය අවබෝධතා ගිවිසුම් ගහයි

November 17,  පොදු අපේක්ෂකයා ගැන බෙදීමක්! ගිවිසුම අත්සන් කිරීම දිනනියමයක් නැතිව කල්යයි!!"

November 21,  එළැඹෙන ජනාධිපතිවරණයේදී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස ඇමති මෛත‍්‍රීපාල සිරිසේන මහතා නම් කිරීමට එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රි කණ්ඩායම, පළාත් සභා විපක්‍ෂ නායකයින් සහ G-20 කණ්ඩායම එකඟතාවය පල කර තිබේ.

December 22,  සිරිසේන ජාතියම පාවා දේ.. හොර ගිවිසුම මෙන්න.13 ඉක්මවා බලය බෙදන්න, උතුරෙන් හමුදා කැඳවන්න, යුධ අපරාධ පරීක්‍ෂණය සූදානම්  (අත්සන් කර ඇත්තේ නොවැම්බර් 1 වෙනිදා!! - අපොයි මන්දබුද්ධික අංශ සහ යුද්ධ වීරයෝ )


මෙන්න තවත් සීන් එකක්

December 5,  බදුර්දීන්ගේ පක්‍ෂය අස්වර්ගේ මන්ත‍්‍රී අසුන බාර ගනී..තම පක්‍ෂය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ පැවැත් වූ සාකච්චාවකින් පසු මෙම තීරණය ගත් බව එම පක්‍ෂ නායක රිෂාඞ් බදුර්දීන් මහතා සඳහන් කරයි.

December 22,  පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේනට සහාය දීම සඳහා ඇමති රිෂාඞ් බදුර්දීන් තීරණය කර ඇත. ( අය්යො අස්වර්ගෙ මන්ත්‍රීකම )


මේක තවත් සිරා සීන් එකක්


November 24, ආණ්ඩුවෙන් ඉවත් වී ගිය පිරිස් සම්බන්ධ රහසිගත ලිපි ගොනු තමා සතුමුත් ඒවා කිසි දිනක හෙළි නොකරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.


December 5, ඇමතිවරුන් කැබිනට් එකට එවන ෆයිල් තියෙනවා. මම කිවෙ ඒ ෆයිල් ගැන. කැබිනට් පේපර් එකක් එළියට දාන්න බෑනේ. ඒවා රහස්නෙ -  ජනාධිපති මහින්ද රාජපක්‍ෂ




 තවත් සිරා සීන් එකක්


November 21, ජනාධිපතිධූරය දින 100 න් අහෝසි කරන පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීගේ ජයග්‍රහණයට කැපවෙන්න එජාපය ඒකමතිකව තීරණය කළා: රටේ පොදු යහපතට කළ විශාල පරිත්‍යාගයක් -තිස්ස  අත්තනායක

December 19,  විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක සිරිසේන මී පැටියෙක්.. ජනාධිපති පරද්දන්න හීනෙන්වත් බෑ – තිස්ස අත්තනායක"

පහුගිය නිව්ස් ආයි බැලුවම මෙහෙම බුදු සිරා කතා මහ ගොඩක් දකින්න පුලුවන්. වැඩේ තීන්නෙ, මරාගන්න ඉන්න උන්ට පේන්නෙ සිරා නැති නිව්ස් විතරක් වීම. අනේ ඉතින්, සිරාවට පේන දවසක් මේ මරාගන්න උන්ට කවද එළඹෙයිද?


ඔය සේරගෙන්ම මම කැමතිම මේකට.

December 13,  තමනට ඇමති ධූර හෝ වරප‍්‍රසාද කිසිවක් අවශ්‍ය නැතැයි බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී උයද ගම්මන්පිල මහතා පවසයි.


November 27, පළාත් සභාව ඇතුලේ ලොකු පෙරලියක් කරන්න හැකියාවක් උදය ගම්මන්පිල ඇමතිතුමාට ඇති කියල මං හින්නෙ නෑ – හිරුණිකා

39 comments:

  1. ඔය ඔක්කොම තියෙන්නෙ ලංකා සී නිවුස් එකේනෙ සිංහයො. ඉතිං ඇයි ඒ වගේ සයිට් එකක් ගැන පොස්ට් එකක් නාස්ති කලේ?

    ReplyDelete
    Replies
    1. ලංකා සී නිවුස් නොවේ කොතන තිබුනත් ඕවා අදාළ පුද්ගලයන්ගේ කටින් පැනපුවාම තමයි.

      Delete
    2. හෙහ් හෙහ්....උන්ගෙ සයිට් එක තමයි මම බ්‍රෙක් එහෙකට, කම්මැලිකමට හිනායන්න බලන්නෙ. ඒකනෙ.

      Delete
    3. මොකේ දැම්මත් මාධවියෝ උනේ ඒකමනේ.. මේ මාධ්‍යකට මඩක් නෙවෙයි, දේසපාලුවාට මඩක්.

      Delete
  2. උඹේ මතය පැහැදිලි මදි බං මට

    ReplyDelete
    Replies
    1. මහත්තයා උලවු මතයක් නෙමේ මේ ටික කියෙව්වම අද ලංකාවේ දේශපාලනයට ඒ දේශපාලනය නිසා රටට සිදුවෙලා තීන හානිය ගැන ඔහේගෙ චුට්ටං මොලේට චුට්ටක්වත් මෙව්වා එකක් දැනෙන් නැද්ද.

      Delete
    2. අටමො, මගේ මතය උඹ දැණ ගැනීමෙන් හෝ උඹේ මතය මම දැණ ගැනීමෙන් වැඩක් නෑ, වෙන්න ඕන රටේ දේශපාලුවොන්ගෙ "මත" ගැන් යම් අදහසක් ලබාගෙන ඒ අනුව හොඳ දෙයක් වෙනුවෙන් පෙනී ඉන්න එක.

      Delete
  3. කෝ අර සිරිසේන උන්නැහේ කියපු පොර්ට් වහන කතාව සහ එහෙම එකක් කියන්න මට පිස්සුද කියන කතාව.

    කොහොම උනත් මාස කිහිපයක් තම බොස්ට විරුද්දව කුමන්ත්රණය කරපු කෑ පතේ රෙන පොරක් ජනාධිපති වෙන එක බයානකයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත ඒ නිසා බොස්ට විරුද්ධව කුමන්ත්‍රණ කරපු එකා පරද්දන්න 8 වෙනිදා උදේම ගිහින් බොස්ට කතිරයක් ගහල එන්න .එන ගමන් මතක ඇතිව පුකට බදාමයක් දාගන්න සිමෙන්ති කිලෝවකුත් අරන් එන්න. අට වෙනිදයින් පස්සෙ ඉන්නෙ ලංකාවෙනම් ඕනෑ වේවි.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. \\කෝ අර සිරිසේන උන්නැහේ කියපු පොර්ට් වහන කතාව සහ එහෙම එකක් කියන්න මට පිස්සුද කියන කතාව.//

      කිව්ව කතාව තේරුම්ගන්න බැරිතරම් ඔබ තොත්තෙ බබෙක් නෙවෙයිනේ. ඒ නිසා උගුරට හොරා බෙහෙත් බොන්නෙපා මචෝ..

      Delete
    4. මකසි, ඔය බොස් ගෙ තාත්ත, මල්ලි දෙන්නම කුමන්ත්‍රණ කාරයො. බොසුත් සිරිමට සහ චබකුට විරුද්ධව කුමන්ත්‍රණ ඕසෙට කලා. නමුත් එකම දේ කූඩැල්ල වගේ එල්ලිල හිටපු එක පල දීල ගොඩ ගියා.

      Delete
    5. එහෙමත් කතාවක් තියෙනවාද? ඒ කියන්නේ ඒ තර්කෙ අනුව සිරිසේන උන්නැහේ ආවාට කමක් නැහැ.

      Delete
  4. ඔව්වා මොනාද ලොක්කා මේ යන විදිහට මහින්ද අලියගෙන් ජන්දෙ ඉල්ලුවත් මයිත්‍රී බුලත් කොලෙන් ජන්දේ ඉල්ලුවත් පුදුම වෙන්න දෙයක් නැහැ.ස්ටේජ් වල පලු යනකන් මේ දෙසා බාන ඔක්කෝම බඩගෝස්තරේට ගහන කෙප්ප කියල කියන උනුත් දන්නව අහන උනුත් දන්නව.හැබැයි එකෙකුටවත් සති දෙකකට පස්සෙ කිසිවක් මතක නෑ.සමාජ සේවෙ ජනතා සේවෙ කියන ඇන්දීම් නැතුව දේශපාලනය කියන්නේ වගකීම් සහිත රස්සාවක් බවට පත් කරන තුරු අපේ රටේ ඉන්න මහජනයා නමැති කේප්ප වස්සන්ව අන්දන්න බැරි විදිහට දේශපාලකයාව වගකීමට බැඳ තබන ක්‍රමයක් එන තුරු මෙව්ව මෙහෙමම තමා.එත් ඉතින් මැරිච්චි උන්ටයි උපදින්න ඉන්න උන්ටයි ඇරෙන්න කාටද මේක වෙනස් කරන්න උවමනා?

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්...මේ ක්‍රමේ වෙනස් කරන්න කැමති බොලා අපි වගේ ටිකක් ඉන්නව තමා. ඒත් ඉතින් එහෙම උන් ගොඩක් එක්කො රටේ නෑ, නැත්තන් උන්නට ගණං ගන්නෙ නෑ!

      Delete
  5. මම මේ ටිකේ මල් ගහන්නේ නෑ.. උදේ ඉඳන් මලක් ගහලා වගේ ආතල් එකේ ඉන්නේ.. රිෂාඩ් බද්යුදීන් ආවා කිව්වාම පුදුම ශක්තියක් ආවේ. තව අඩු කුඩු, කාරයෙකුයි, එතනෝල් කාරයෙකුයි විතරයි. ඊට පස්සේ කාසියක් උඩ දාලා චන්දෙ දෙනවා...

    ReplyDelete
    Replies
    1. Ane mathalan, dan wath rangapama nawathwanna. Ohe kohomatath marata ne.

      Delete
    2. කවුරු කොහොම මොනා කිව්වත් අපි නං මරා ගන්නේ නෑ,මයිත්‍රී කරනවා හොදේ....

      Delete
    3. මාතලන්, රිෂාඩ් ආ එක, චන්ද්‍රිකා ඉන්න එක වගේ අවුල් තීනව. නමුත් ඉන්න කෙනා තියාගත්තොත් එන අවුල්ද, මේවද වඩා අවුල්?

      Delete
    4. මචං ඉන්දික !! මහාප්‍රාණ පණ්ඩිතයන්ට ළඟ නොවෙයි ඈතනෙ පෙන්නේ.

      Delete
    5. සහතික අැත්ත ඉන්දික. කේපීල පිල්ලෙයාන්ල තුරුලෙ ඉන්නකම්, කුඩු කාරයො ඒතනෝල් කාරයො අාව කියල කාසි උඩ දාදා හිතන්න දෙයක් නෑ.

      අනික මාතලන් ඔ්ක නිකන් ගෙයි වහලෙ ඉදල ගින්දර අැවිලෙද්දි, ඒලියෙ වහිනවද තෙමිල ලෙඩවෙයිද කිය කිය මිදුලට පනිනවද ගෙටම වෙලා ඉන්නවද කියල කාසි උඩ දැම්ම වගේ.

      Delete
  6. උදේ පාන්දර ලේ පිරිසිදුවෙනවා නේ මේව කියෙව්වම.. මට ප්‍රශ්ණේ තියෙන්නේ මේ එකෙක්වත් නෙවෙයි.. දේශපාලන ලියුමක් දැක්කම කොහෙන්ද මෙච්චර ඇනෝල පහත් වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ලේ කකියන උන්ට ඉවසන්න බෑ බං මේව දැක්කම. ඒකයි.

      Delete
  7. මෙයිට වැඩිය හොදයි 96 විතර ඉදන් මේ සෙට් එකේම කතා ටික රැන්ඩම් ප්ලේ කලානම්, බෝතලයක් බිවුව වගේ ආතල් එකක් ගන්න තිබුන.

    ReplyDelete
    Replies
    1. උඹ මයෙත් එක්ක මාර තරහක්නෙ බං තීන්නෙ? යකෝ මට පිස්සු හැදුනම මයෙ පොඩි උන් දෙන්නට කන්න දෙන්නෙ කවුද?

      Delete
  8. ලං කාවට ඇත්තටම වැඩියෙන්ම ආදරේ ලංකාවෙ දේශපාලකයො, මං විහිලුවට නෙමෙයි කියන්නෙ. ප්‍රජාතන්ත්‍රවාදීයයි සලකන හෝ හඳුන්වාගන්නා රටවලින් දේශපාලකයින්ට වැඩියෙන්ම වරප්‍රසාද, බලතල හා විශේෂයින්ම ජනතාවගේ බැගෑපත්බව ලැබෙන්නේ ලංකාවෙ දේශපාලකයින්ට. ඉතින් ලංකාව හොඳම දේශපාලකයින්ට. ඔවුන් තමයි ලංකාවෙ සංස්කෘතිය හැදියාව හුඟක්ම වර්ණනා කරන්නෙ. පිටරටට බනින්නෙ. ඔවුන් එය කරන්නේ අවංකවයි. ලංකාව ඔවුන්ට ලෝකෙන් උතුම්ම රට. ඔවුන් ලංකාවට ඇත්තටම ආදරෙයි.මෙය මා විසින් sarcastic ව කියූවක් නෙමෙයි, මං හිතන්නෙ නෑ අපේ දේශපාලකයින් ලංකාව විනාශ වීමට හෝ විශේෂයින්ම වෙනස් වීමට ඉඩ තියයි කියල


    ඇත්තෙන්ම දේශපාලකයින් පමණක් නොවෙයි ලංකාවෙ බලයක් තියන රාජ්ය පෞද්ගලික අංශයේ නිලධාරීන්, ලොකු වියාපාරිකයින් හා වෘත්තිකයන්ගෙන් සෑහෙන දෙනෙකුත් පිටරට ගියහම නිකම් තමන්ව ගණන් ගන්නෙ නෑ වගේ හිතෙනව. සෑම වෘත්තියක් කරන අයට ඒ රටවල ( අඩු ගණනෙ පිටතින්වත් ) සමානව සලකන එක ( ලංකාවට සාපේක්ශකව ) සහ උන් ලොක්කන් ඉදිරියේ බැගෑපත් නොවීම අපේ ලොක්කන්ට අල්ලන්නෙ නෑ. ඒවගේමයි තමන්ට ලංකාවෙ තියන recognition එක එහෙ නැති එක දැනෙනව,

    (මට බටහිර රටක ගතකල ඉතා සුලු කාලය ඉතා නිදහස් සහ ප්‍රසන්න ලෙස දැනුනට, කාගෙවත් ඉන්ෆ්ලුවන්ස් භාවිතා නොකර මගේ පෞද්ගලිකත්වය තියාගෙන ඉන්න එකට ආස හිතුනට, මෙහෙ සමහර අය ඒ රටවලට අකමැති මොකද කියල හිතුවහම මට හිතුන සමහර දේ ඉහතින් ලියා ඇත, අදාල නොවේනම් සමාවෙන්න )

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      සෙටිපිකැට් ඇත්ත!!

      ලංකාවෙ දේශපාළක්යො, නිළධාරියො විතරක් නෙමේ සාමාන්‍ය මිනිස්සුත් දියුණු රටවල තත්වෙට මේක එනවට කැමති නෑ! හේතුව උන්ගෙ "තැන සහ තත්වෙ" නැතිවෙනවට.

      ඉස්සෙල්ලම මිනිස්සු හැදෙන්න ඕන, එතකොට ඒ මිනිස්සු අතරෙන් පත්වෙන් නායකයො ඉබේම හොඳ හැදුනු උන් වේවි!

      ----

      //අදාල නොවේනම් සමාවෙන්න //

      ආයි පාරක් මෙහෙම කතා මගේ බ්ලොගේ ලිවූවොත් ඔබට මෙහි කමෙන්ට් කරන්න බැරිවෙන්නට හූනියමක් කර එවමි.

      Delete
    2. වශී ගුරුකම් රූපවාහිනියෙන්ද, ආශිර්වාද දුරකතනයෙන්ද කල හැකි අතර නාත දෙයියන්ට රසායනාගාර පරීක්ෂන හීනෙන්ද කල හැක.
      ඉන්දක දෙයියන්ට හූනියම් බ්ලොග් එකෙන් හෝ විද්යුත් තැපෑලෙන් කල හැකිද? එසේනැත්තම් බෝදිලිමා මාර්ගයෙන්ද?

      Delete
    3. අපොයි නැත. කූරගන්දෙනියේ රොඩී ගුබ්බෑයමේ වල්ළියාලා සහ් විල්ළියාලා එමට ඇඩ් පතුර ජාලයේ බිසිනස් කරති. කෑෂ් ඩ්‍රාෆ්ට් එකක් හදා හතුරාගේ නම පමණක් යැවීමෙන් එතර සිටම ගේම දීම සිම්පල් වී ඇත.

      Delete
  9. Replies
    1. 8 වෙනිදට පස්සෙ බඩ ගියා කියල කොටපිය. :)

      Delete
    2. මෙන්ඩා , 8 වෙනිදට පස්සෙ එලද බ්‍රා කියල කොටපිය . දිනන්නෙ අපි . බලහන්කො දෙන්නම අපිට දෙන්න හදන ඒවා , කෝක ආවත් අපි දිනුම්.

      Delete
  10. අපේ මිනිස්සුන්ට ඕව විස්ලේසොනය කරන්න තරම් උවමනාවක් නෑ. අපේ එවුන්ට අනුව ඔය හැමදේම අධිරාජ්ජවාදී කුමන්තන වලින් මවුබිම ගලවාගැනීමට කල දේවල්. එහෙමයි උන්ට උගන්නලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මෙහමයි, මහින්දට කැමති එකා මෛත්‍රීගෙ ගොන්කත ගැන අම්බානෙට විස්ලේසනය කරනව, මෛත්‍රීට කැමති එකා මහින්දගෙ ඒව විතරක් කොරනව. එකම හේතුව තමන්ගෙ තීරණය තමන්ට සධාරණීකරනය කරගන්න මිසක් හරි වැරැද්ද ගැන හොයන්න බලන්න නෙමෙයි.

      Delete
  11. දේශපාලකයන්ගේ විතරක්යැ බං... බ්ලොග් කාරයොත් එදා කියපුවා, අද කියන ඒවා වෙනස් වෙනවනේ... ඔය සමහර වෙලාවට, කට්ටිය ලින්ක් දාලම පෙන්නන්නේ.. :)

    ReplyDelete
    Replies
    1. කෝ ඒ දාලා තිබුණාය කියන ලින්ක්ස්වලට ලින්ක්ස්?

      Delete
    2. තිසර,

      ඔන්න කාල වරෙන්කො. ලින්ක් දෙය්ය අහල තීන පුරස්නෙට උත්තර දෙන්න උඹටම භාරයි.

      Delete
    3. රසික, ඔහොම නෙමේ කියන්න තිබ්බෙ,

      මෙන්න මේවද ලින්ක් කියල අහල, එකක් දෙකක් දාන්නනෙ.

      Delete
    4. http://hail-nekoyasha.deviantart.com/art/Link-Character-Sheet-17573923

      http://www.giantbomb.com/link/3005-191/

      Delete

LinkWithin

Related Posts with Thumbnails