Saturday, December 13, 2014

පොඩි උන්ගේ ලොකු කතා..!


මේ දවස්වල හැම තැනම දේශපාළන ලිපි. ඒව කියවලම එපා වෙලා නිසා මම හිතුව අපේ පොඩි උන්ගෙ රස කතා ටිකක් ලියන්න කියන්න කියල.

මේ පොඩි අයගෙ කතා බ්ලොග් වල දානවට අපේ හාමිනේ මනාපත් නෑ. ඒත් ඉතින්, වෙනසකටත් එක්කත් කියල ලිව්ව.

මීට කලින් අපේ සිංහ බාහුගේ සිංහබාහුගෙ සිංහ ටෝක් කියවල නැත්තන්, ඉස්සෙල්ල මේව බලල එන්න.

සිංහ බාහුගේ සිංහ ටෝක්!

 

පුතා තාත්තාට පැම්පර් ඇන්දවූ හැටි!

 

පොඩි "පොඩි" වංචා


මේක අපේ ලොකුපුතා ලොකුබාහු පොඩි කාලෙ වෙච්චි සිද්ධියක්.

එතකොට කොළුවට වයස අවුරුදු තුනක් විතර ඇති.

ඒ කාලෙ උදේට එයාට කවන වෙලාවට තමයි අපේ කම්පවුන් එකේ කුණු ගෙනියන ට්‍රක් එක එන්නෙ. ඒ කහපාට ට්‍රක් එකෙන් බහින් කහ ඇඳපු මිනිස්සු දෙන්න අර කුණු දාන යකඩ බක්කිය තල්ලු කරල ට්‍රක් එක ගාවට ගෙනිහින් අමුනල, ඉන්පස්සෙ ඒක උස්සල ඇතුලට දාල, ආයි බක්කිය බාන ඔපරේෂන් එක මිනිහ හැමදාම බලන් ඉන්නව.

ලඟ ඉන්න කෙනෙකුට අපුලක් උනාට ජනේලෙන් බලන් ඉන්න අවුරුදු තුනක පැට්ටෙක්ට ඔය  වැඩේ මහ ලොකු දෙයක්. ඒ නිසා කම්පවුන් එකේ කුණු බක්කි තියෙන තැන් තුනටම ගිහින් ඒ මිනිස්සු ඒ වැඩේ කරනලකල් පොඩ්ඩ ජනේලෙ ගාවින් හෙල්ලෙන්නෙ නෑ.

පොඩි උන් කන්න හොරයි කියල දන්නවනෙ. අපේ ඈයොත් එහෙමම තමා. ඒ හින්ද පොඩ්ඩ ඕක බලන් ඉන්න අතරෙ එයාව බලාගන්න කෙනා කොල්ලට උදේ කෑම පිඟාන ගිල්ලවනව, මිනිහට නොතේරෙන්නම.

හැමදාම උදේ 8.30 විතර එන ඔය ට්‍රක් එක දවසක් මෙන්න 8 විතර ඇවිත්. සද්දෙ ඇහිච්චි ගමන් පොඩ්ඩ දිව්වලු ජනේලෙ ගාවට. ඉන් පස්සෙ මහ හය්යෙන් කෑ ගහනවලු මෙහෙම.

ඇන්ටී.... අන්න කුණු  තක් එක ඇවිල්ලා.....ඉක්මනට බබාගෙ බයි එක ගේන්න කවන්න...


බැලුවහම ඇන්ටි හිතුවට පොඩි උන් රැවටිල ඉන්නෙ කියල, ඇත්තටම රැවටිල ඉන්නෙ ඇන්ටිම තමයි කියලයි අපේ හාමිනේ මට පස්සෙ කිව්වෙ.

..............................................................................

දෙවනි සිද්ධිය...මේක උනේ මෑතකදි.

අපේ පොඩි පුතාව නර්සරියෙන් ප්‍රයිමරි එහෙකට දාන්න ඉන්ටර්වීව් එහෙකට එක්ක යනව.

වාහනේ ඉන්නෙ මමයි ලොකුපුතයි, පොඩි පැංචයි, හාමිනෙයි.

පාරට බැස්ස විතරයි සුපුරුදු විදියට ඔන්න ලොකු පුතාගෙ ප්‍රශ්ණ ඇසීමේ වැඩසටහන පටන්ගත්ත.

පුතා; තාත්තෙ ඇයි මල්ලිව අලුත් ඉස්කෝලෙකට දාන්නෙ?

මම; ඉගෙන ගන්න

පුතා; ඉතින් එයා මේ ඉස්කෝලෙත් ඉගෙන ගන්නෙ

මම; ඒ උනාට මේකෙ එයාට ඔයිට වඩා දේවල් උගන්නන්නෙ නෑනෙ. ඒ නිසා ලොකු ඉස්කෝලෙට දානව.

පුතා; ඉතින් එයාගෙ යාළුවො ඔක්කොම ඉන්නෙ මේකෙනෙ.

මම; එයා පුරුදුවෙයි අළුත් යාළුවන්ට.

පුතා; ඉතින් මල්ලිට මුලිම්ම උගන්නපු ඉස්කෝලෙ දාල යන එක පව්නෙ තාත්තෙ.

මම; ඔව්, ඒක තමයි එයාට අකුරු හෝඩිය කියල දුන්නෙ. එහෙම කියල ඒ ඉස්කෝලෙම හැමදාම හිටියොත් එයා දන්නෙ හෝඩිය විතරයි. ඉතින් එයාට කවදාවත් උගත් ලොකු මනුස්සයෙක් වෙන්න බෑ. වෙන්නෙ හෝඩිය විතරක් දන්න මෝඩයෙක්. එහෙම උනාම අපිට, එයාට වගේම ඒ ඉස්කෝලෙටත් වෙන්නෙ ලොකු වැරැද්දක්. ඒ නිසා එයා එතනින් එහාට යන්න වෙනව තව ඉගෙනගන්න.

පුතා; ඉතින් මල්ලි අලුත් ඉස්කෝලෙ ඉගෙනගත්තෙ නැත්තන්?

මම; එතකොට අම්මයි මමයි බලල එයාට උදව් කරල, සැර කරන්න ඕන උනොත් ඒකත් කරල එයාට ඉගෙන ගන්න උනන්දු කරනව.

පුතා; අම්මයි තාත්තයි එයාව උනන්දු නොකරොත්?

මම; පුතේ, අම්මල තාත්තල, ගුරුවරු, බලන්නෙ නැතුව අත්හැරල දැම්මොත් කිසිම ළමයෙක් හොඳ ළමයෙක් වෙන්නෙ නෑ. අම්මලගෙ තාත්තලගෙ වගකීම එයා ඉන්න ඉස්කෝලෙ හරි නැත්තන් වැරැද්ද හොයල බලල, අවශ්‍යනම් ඉස්කෝලෙ මාරු කරල දෙන්න ඕනෙ.  නැතුව ළමයින්ව ඉස්කෝලෙකට දාල, එතනින් පස්සෙ ඉතුරුටික දරුවටම තනියෙන් කරගන්න කියල  අම්මල තාත්තල  ඒ අයගෙ වගකීම පැහැර හැරැල, පස්සෙ ළමය නරක් වෙලා කියල දොස් කිව්වට හරියන්නෙ නෑ පුතේ.

බිරිඳ; ඇති ඇති, පොඩි එකාට ඔය ඡන්ද කතා තේරෙන්නෙ නෑ..!


42 comments:

  1. //බිරිඳ; ඇති ඇති, පොඩි එකාට ඔය ඡන්ද කතා තේරෙන්නෙ නෑ..!//
    සභාවේ තදින් හිනා!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්..ගොඩක් සංවාද ඉඅරවෙන්නෙ ඔහොම තමා බං

      Delete
  2. අනිත් ඉස්කෝල ඔක්කෝම මීටත් වඩා අප්ෂෙට් ඒවා නම් මොකෑ කොරන්නේ තාත්තේ...

    ReplyDelete
    Replies
    1. හා හා පොඩි එකාට ඔය ඡන්ද කතා තේරෙන්නෙ නෑ කිව්වනේ.
      ඇත්තටම මාතලන්, මුල් ගුරුතුමාගේ ඉඳන් සියළු ගුරුවරුන්ගෙ වැරදි නිසා, කිසිම ළමයෙක් හොඳ ළමයෙක් වෙන්නෙ නැති මේ ඉස්කෝලෙ මාරු කරන්න මාතලන්ගෙ කැමැත්තක් ඇත්තෙම නෑ වගේ.

      Delete
    2. මාතලන්, මේකෙ හිටියම ස්ත්‍රී දූෂ්කයෙක්, හොරෙක් මංකොල්ලකාරයෙක් වෙන පුතා වෙන එහෙකට දාල අඩුගානෙ බොරුකාරයෙක් විතරක්වත් කරගන්න ලැබුනොත්!

      මාතලන් කැමති මේ සෑර්ගෙ මේ පන්තියට විතරමලුනෙ ඇනෝ.

      Delete
  3. මට නම් හුඟක්ම හිතට ඇල්ලුවා බබාගෙ බයි එක ගේන කතන්දරේ. අපේ ගෙදරත් ඉන්නව ඔය වගේ හුරතල් වයසෙ පුතෙක්. අයියගෙ පුතා. තවම යන්තම් අවුරුද්දයි මාස දෙකක් විතර, වචන ශබ්ද කරන්නත් බෑ තවම. පණ්ඩිත වැඩනම් තියෙනව දැන්ම ඉඳන්.

    ReplyDelete
    Replies
    1. ඔය එන්නෙ හොඳම කාලෙ. ඉන් පස්සෙ 5 පැන්නම පොඩි උන් පණ්ඩිතයො. එතකොට හුරතල් කතා නෑ.

      Delete
  4. හොඳ වෙලාවට උපශාන්තයගේ තාත්තා බ්ලොගක් ලිව්වේ නැත්තේ , එහෙම වුනානම් බලාගන්න තිබ්බා උපශානතගේ ශාන්තකම ..ඕ යේස්

    ReplyDelete
    Replies
    1. ඉඳලා හිටලා ඉවානයත් මොලේ ඇති කතාවක් කියනවනේ බොලේ ...... මේ ශාන්තයා පොඩිකාලේ තමන්ගේ ගෙදරටම ගල් ගහපු එකා නොවෑ ............

      Delete
    2. මෝඩයා මෝඩයා කියුවට මැලයටත් මොලය තියනවනේ යකෝ

      Delete
    3. මැලෙය මේ කොමන්ට් එක දාල තියෙන්නෙ කාම පැයේ .. ඒකයි !!

      Delete
    4. ඇත්තමයි ඉවානයො, මගේ එකම පැතුම පොඩි උන් මම වගේ නොවේවා කියල. දැනුයි තේරෙන්නෙ අපේ අම්මල තාත්තල මොන දුකක් විඳින්න ඇතිද කියල!

      අඩෝ මැලේ, තෝව අච්චාරු දානව.

      අටම, ඌ බොට වඩා දස්සය :P

      ප.ම, කෑම පැයේ මැලේ ඇන්ටිකෙනෙක් එනවලු මූට බත් අරන්

      Delete
  5. සිංහ ධෙනුව තමයි මේක කාලීන ප්‍රශ්නයක් කරගන්නෙ නේද? අපි ඔව්ව හිතුවයැ නැද්ද මං අහන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඒ ගොල්ලො එහෙමමයි, පොඩි දේට දුර හිතනව.

      Delete
  6. පොඩි එකාගෙ කුණු කතාව කුණු ගෙනියන බුවාලට ඇහුණනං ඇන්ටිට වෙන්නෙ කුණු ලොරියටම පනින්න තමයි.
    අනේ ඔය ඡන්ද කතා අපිට තේරෙන්නෙත් නෑ.

    ReplyDelete
  7. දැන් ළමයි අපිට වඩා ගොඩාක් ඉස්සරහින් ඉන්නේ... ෆෝන් එකක් දීල බලන්නකො කොයි තරම් ඉක්මනට ඒකෙ ගේම්ස් එහෙම හොයාගන්නවද කියලා...

    ReplyDelete
    Replies
    1. අයිත් අහල. අපේ හාමිනේ එයාගෙ ෆෝන් එකේ ෆීචර්ස් ගැන ඉගෙන ගන්නෙ පුතාගෙන්.

      Delete
  8. උන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන එක තමයි අමාරුම වැඩේ.

    ReplyDelete
    Replies
    1. අයිත් අහල. ඒත් ඉතින් නොදිත් බෑනෙ බං!

      Delete
  9. සමහර පොඩි එවුන් අහනවා බුදුහාමුදුරුවෝ ඇසිපිය නොගහා සතියක් බෝ රුක දිහා බලා ඉන්නේ නැතුව, වතුර ටිකක් පෝර ටිකක් දැම්මනම් මොකද වෙන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. එහෙම කොහොමද, එතකොට අර ගහේ එල්ලෙන උල් පත්‍රවලින් කිරණ ඇවිල්ල විශ්ව ශක්තිය සමග ඇඟට ඇතුල්වීම වගේ සයන්ටිෆික් බණ දැන් ඉන්න බුද්ධපුත්‍රයන්ට කියන්න බැරිවෙනවනෙ

      Delete
    2. විචාරක, සිතාම්බර පටලෙ දැක්කෙත් පොඩි එකෙක්නෙ. අපි තමා උන්ගෙ චින්තනේ අපේ ච්න්තනෙ වහල දාන්නෙ පස්සෙන් පහු.

      ප්‍රා, ඒකත් ඇත්ත. බලත්දි සේරම වෙල් ප්ලෑන්ඩ්!

      Delete
  10. මදුරුවො වැඩි දවසක රෑ අම්මා ඇහුවලු “පුතේ මදුරුවො කනවද?“ කියලා අඩනින්දෙ හිටි පොඩිඑකාගෙන්. ඌ කිව්වලු “අම්ම කවනවනං කන්නං කියලා“.

    ReplyDelete
    Replies
    1. පට්ට කතාව විසිටරයො.

      ඇම්ඩත් ඔහොම ඇවිත් තාත්ත කිවලු අපේ අම්ම ළම්යි හදන්න දන්නෙ නෑ කියල. තාත්ත ඇහුවලු ඇයි කියල. ඇම්ඩ කිව්වලු, මට බඩගිනි නැති කොට කන්න කියනව, බඩගිනි උනාම කන්න දෙන්නෙ නෑ, නිදිමත උනාම ඇහරල තියනව, නිදන් ඉන්නකොට නැගිට්ටනව කියල.

      Delete
  11. සුප්පා දේවි ඔක්කොමටම වඩා හොඳයි.:)

    ReplyDelete
    Replies
    1. දී කිරට බැළලියොත් සාක්කියි

      Delete
  12. වෙනසකටත් එක්ක හොඳයි.

    ReplyDelete
    Replies
    1. ඔව් බං, දැන් ටිකක් වැඩියි වගේ

      Delete
  13. ඔය ජන්ද කතා අපිටත් තේරෙන්නේ නැහැ දැන්නම්..:D

    ReplyDelete
    Replies
    1. මේන් තවත් බබෙක්. හිටාන් වනිතක්කට කියල කිරි ටිකක් දෙන්න.

      Delete
  14. //පොඩි එකාට ඔය ඡන්ද කතා තේරෙන්නෙ නෑ//

    එක ඉස්කෝලයක් හොඳ නෑ අනික් එක ගැන දන්නෙ නෑ. අපි රැවටෙන්නෙ නෑ. එකකින් යන්න ඕනැ. අනික මොකක්ද මංද. මතයක් අතිකරන්න ඕනෙ වගේ සුපැහැදිලි ලෙස කිව්වනම් ඉවරයිනෙ

    ReplyDelete
    Replies
    1. ඒ වෙලාවෙ මම උන්නෙ කොළ පාට කණ්නාඩි දාගෙනනෙ ප්‍රා.

      Delete
  15. හීනියට ටොක්කක් ඇනල.. කොහෙන් ගියත් මැක්කගේ කතාව වගේ නේද?

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්..අලේ මන්දන්නෙ නෑ බං

      Delete
  16. හෙහ් අපි හිතං හිටියට අපි තමා ගල් ඇම්ඩො කියල අපේ පොඩි උං තරං ඇම්ඩන්ල ලොවෙත් නෑ ඉන්දික අය්ය

    ReplyDelete
    Replies
    1. උන් එක්ක හැරෙන්නත් බෑ බං අපිට. දැන් කන් දෙකම වහන් ඉන්නෙ. මොකද එකක් ඇරියොත් එකෙක් කනෙන් රිංගුව තමා.

      Delete
  17. "ඒ ඉස්කෝළේ උගන්වන්න ඉන්න ගුරුවරු උගන්වන්න දන්නේ නැතිනම්, ඉගෙනගන්න පහසුකම් නැතිනම්,........ දුප්පත් අම්මලාගෙන් පවා සල්ලි ගන්නවානම් මොකද කරන්නේ අම්මේ..............."

    නිදහස් අධ්‍යාපනය කියලා දෙයක්නම් පොඩි ළමයින්ට තේරෙන්නේ නෑ. නමුත් වැඩිහිටියන්ටත් තෙරෙන්න ඕන. කොහොමත් වගකීම දෙමාපියන් අතේමය. දේශපාලකයින් පත්කරන්නේත් දේමාපියන්ගේ ඡන්දයෙන්මයි.

    මම ලොකු කතාවක් කීවද මන්දා?

    ReplyDelete
    Replies
    1. පතරංග ජාතකේ තරම් තේරුමක් තියෙන සුටි කථාවක්.

      Delete
    2. නිර්මලා, මගේ පොඩි කතාවෙ තීන්නෙත් ඔය ලොකු කතාවම තමා. ගැටපද විවරනයට ස්තූතියි!

      Delete
  18. හැමදාම බ්‍රා විතරයි, කෝ කුක්කු?

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails