Saturday, June 14, 2014

ආයි ආයි ඔන්න ආපි නිවාඩු නිවාඩු කාලේ...


ලංකාවෙදි අපිට ලැබෙන වාර්ෂික නිවාඩු විසි එක ඉවර වෙන්නෙ මාසෙට එක දෙක ගානෙ මගුල් ගෙවල් මල ගෙවල් වලට අරගෙන. අනික බැංකු වගේ ක්ෂේත්‍ර කිහිපයක හැර එහෙම දවස් විසි එක එක දිගට අරන් ගෙදර ඉන්න සිරිතක් ලංකාවෙ නෑ.

අනෙක් පැත්තෙන් මාසෙට නිවාඩු පහකට වඩා අනිවාර්යෙන් තීන ( සෙනසුරාද අමතක කලොත් ) ලංකාවෙදි සමාජමය වැඩ නිසා අර විසි එකත් මදි වෙනව.

ඒත් මෙහෙ අරාබියෙ තත්වෙ එහෙම නෙමෙයි. මෙහෙ සති අන්තෙට අමතරව නිවාඩු අවුරුද්දටම දොළහයි. මම හිතන්නෙ මේ රටේ විතරයි එච්චර ගොඩක්, කලාපෙ අනෙක් ඒවගෙ මීට අඩුයි. එයිට අමතරව වාර්ෂික නිවාඩුව කැලැන්ඩර් දින තිහයි.

ඔය වාර්ෂික නිවාඩුව කියන්නෙ එක දිගට අවුරුද්දක් වැඩ කරහම ලැබෙන මාසෙක විවේකය. ඒක දෙන්නෙ අර දුවපු අවුරුද්දෙ මහන්සිය නිවිල තවත් අවුරුද්දක් දුවන්න ජවය ගන්න, තමන්ගෙ නොදැකපු නෑයො, මව් දෙමාපියො දකින්න, ගං රටවල ගිහිල්ල ඒ ජීවිතේ විඳල එන්න වගේ දාහක් එකක් රාජකාරි කරගන්න.

සාමාන්‍යෙන් අපි වගේ පවුල් පිටින් ඉන්න, ළමයි මෙහෙ ඉස්කෝලෙ යන උන්දල මැයි පහුවෙනකොට සිහින මවන්න, සැළසුම් කරන්න පටන් ගන්නව ජූනි අග විතර පටන් ගන්න නිවාඩු යාමට.

මෙහෙ ඉන්දියානු නොවෙන විදේශික ළමයි බහුතරයඉගෙන ගන්නෙ බ්‍රිතාන්‍ය විෂයමාලාවට. ඒ අයට ඉස්කෝලෙ නිවාඩු ලැබෙන්නෙ ජූනි අග ඉඳන් මාස තුනක් එක දිගට. ඒවගේම රස්නෙ වැඩි නිසාමේ රටේ ඉස්කෝල වලත් ඇමරිකානු ඉස්කෝලවලත් නිවාඩු ඒ විදියම තමා. හැබැයි ඉන්දියානු ඒවගෙ ටිකක් වෙනස්. ඒ අයගෙ දිග නිවාඩුව එන්නෙ ජනවාරි සිට අප්‍රෙල්.

අපි ඉතින් ඔය නිවාඩුව එන කාලෙ වෙනකොට වැඩ වැඩි වෙනව වෙනදට වඩා. මොකද නිවාඩු කලෙ කෙරෙන්න ඕන දේත් සැළසුම් කරල, අනුප්‍රාප්තිකයන්ට බෙදල, වගු හදල පවරල යන්න ඕන. උන්ට හරියට නොදි වැඩේ අල උනොත් නැති අතරෙ, වැඩි වගකීම තමන්ටමයි. අනික ඒ පැවරුම හරියට නොකලොත් නිවාඩුවට බිත්තර කට්ටක් හොයාගන්න වෙනව ෆෝන් සින්ගනල් නැති. ඉන් පස්සෙ වෙන රස්සාවක් හොයා ගන්න වෙනව ආපහු ඇවිත්.

විශෙෂයෙන්ම බහුතර ඉන්දියානුවො මැද්දෙ ඉන්න ලංකවෙ කෙනෙක් වෙනකොට තත්වෙ ඉතාම දරුණුයි. සහයෝගය දෙන තරමට කපන්න උන්. එක අතකට ලංකාවෙ උන් හිටිය කියල වෙනසක් නැති වෙයි, මොකද ලංකාවෙ රස්සාව කරද්දි කපන්න බලන්නෙ අපේම උන්නෙ.

ඉතින් කොහොම හරි මමත් හෙට ඔය කියපු වාර්ෂික නිවාඩුවට පිටත් වෙනව. ඒත් ඉතින් මේ පාරත් පොසොන් පෝය මිස් උනා. සිංහල අවුරුදු සහ වෙසක් කියන්නෙ කොහොමත් අපිට අකැප නිවාඩු නෙ. මොකද පොඩි උන්ගෙ ඉස්කෝලෙ නිවාඩු නෑ ඒ කාල වලට. ඉතින් එකම චෑන්ස් එක පොසොන්. ඒකත් මාසෙ මුලට වැටිල මේ පාරත් මිසින්.

පෝය ගැන ඔච්චර වද වෙන්නෙ පොඩි ළමයින්ට ඒ වෙසක් සැරසිලි, දන්සැල් පෙන්නන්න බැරි වෙන නිසා. ඒවගෙ තියෙන ගුණ අගුණ කෙසේ වෙතත් පොඩි කාලෙ අපි ඕව බලල වින්ද ඒ චමත්කාරය අපේ පොඩි උන්ට ටිකක් හරි දෙන එක අපේ යුතුකමක්. එහෙම නැතිව බොරුවට ෆේස් බුක් එකේ ස්ටෙට්ස් එකක් දාල අපි තමා මේව අන්තිමට කලේ කියල දැන් කාලෙ උන්ට විරිත්තන එක නෙමෙයි.

පොඩි සැනසීමක් තීන්නෙ ඇසළ මාසෙ නුවර ගිහින් පෙරහර පැටියෙක් පෙන්නන්න චාන්ස් එකක් තියෙන ඒකයි. කතරගම නං ඉතින් ඇසළ වලට යනවට වඩා හොඳයි ගමේ ගොණාකෝවිල වඳින්න යනව.

මේ පාර නිවාඩුවට යන්න ගමන් කීපයක් තීනව. රත්නපුර බේරුවත්ත පාරෙ දිය ඇලි කීපයක් බලන්න. නැගෙනහිර වෙරළෙ පන්සල්, මුලතිව්වල වෙරළ, විල්පත්තුව මැදින් හදාපු පාරෙ අරිප්පු කොටුවයි ඩොරික් බංගලාවයි යෝධ වැවයි, පේසාලෙ වැලි පර වගේම සුපුරුදු ගල්කිස්සෙ වෙරළෙ බීල නිදා ගන්න, හික්කඩුවෙ කොරල් බලන්න, තංගල්ලෙ සී ෆුඩ් කන්න. මගෙ අම්මේ නිවාඩුවකට කරන්න කොච්චර දේ තීනවද!

එහෙනං අපි පුලුවං විදියට ආවට පස්සෙ හම්බුවෙමු. විශේෂයෙන් අටමවයි නලින්වයි අපේ තව පරණ මං එනකල් බලං ඉන්න බ්ලොග් මිත්‍රයෙක්වයි හම්බුවෙන්න ඕනමයි.

ගිහින් එන්නං!! මේකෙ දාන කමෙන්ට් වලට රිප්ලයි තව මාසෙකින් හමාරකින් තමා. ඒත් දිගටම බ්ලොග් බලනව කෝම හරි. ඒක දැන් මිදෙන්න බැරි ඇබ්බැහියක් වෙල ඉවරයි.






කොහොමද බලන්න මේ වීඩියෝ එකේ ඉන්න බුවාගෙ වික්‍රමය. මිනිහ වගේ කාර්යක්ෂම බුද්ධිමත් සේවකයො පිරිල ඉන්නෙ ලංකාවෙ රාජ්ය සේවය මතක් උනා මේක දැක්කම.



30 comments:

  1. සාදරයෙන් පිළිගන්නවා මිත්‍රයා. අංක ඇති මූණු පොතෙත් බ්ලොගයෙත්. හමුවෙමු එහෙනම් අනිවා.

    ReplyDelete
  2. විල්පත්තුව මැදින් යන පාරේ යනවානම් 4 wheel වාහනයක් හොයාගන්න. ඒ පාරේ සමහර තැන් තවම ඒ තරම් හොඳ නැහැ. එළුවන්කුලම ප්‍රදෙශයේදී අසා දැනගන්න පාර කොහොමද කියලා.

    ReplyDelete
    Replies
    1. මීයාගල ගිය වාහනේට විල්පත්තුවත් කජ්ජක්ද කිව්වළු... :D

      Delete
  3. සාර්ථක නිවාඩුවක් ගත කිරීමට ලැබේවා ...එහෙනම් ...

    ReplyDelete
  4. හොඳින් විනෝද වෙන්න ලැබෙන.....අවුරුද්දක මහන්සිය නිවා ගන්න ලැබෙන නිවාඩුවක් වේවා!

    ReplyDelete
  5. මේ පාර විභාගෙන් කී වෙනියාද?

    ReplyDelete
  6. නිවාඩුවේ රසමුසු තැන් ඇවිත් කියන්න. ගමන හොඳින් පරිස්සමින් ගිහින් එන්න.

    ReplyDelete
  7. පට්ට වීඩියෝ එකක්නේ.. :D මෑන්ට පඩි ගෙවනවා මදි මං හිතන්නේ.. මේතරං කැපවීමෙන් රස්සාව කරනවට... :D

    ReplyDelete
  8. තව අවුරුද්දකට ජීවිතයට අලුත් හුලං ගනිං....කියන්න දෙයක් නැහැ. හේතුව මම අවුරුදු 12ක් අපේ පවුලම සමගම ඔය ජීවිතය ගතකලා. උඹලාට වඩා අඩු පහසුකම් හෝ වැඩි පහසුකම් සහිතව. ආතල් නිවාඩුවකට බොක්කෙන් සුබ පැතුම්!!!!!!!
    දරුවන්ව මදුරුවන්ගෙන් ආරක්ෂා කරගන්න උත්සාහ කරපන්. ලෙඩ දුක්වලට බය වෙන්න එපා. ප්‍රිකෝශන් වලට මුල් තැන දීපන්. ජය ආතල්!!!

    ReplyDelete
  9. නිවාඩුව සතුටින් ගෙවලා ලියන්ට දේවල් ගොඩක් එකතු කරගෙන එන්ට. සිංහබාහුලා පරිස්සමින් බලාගන්ට හොඳේ.

    ReplyDelete
  10. නිවාඩුව එහෙනමි පට්ටෙටම ගත කරන්නකො...
    හිහි
    ඒක නෙමේ අර මීඩියෝ එකේ ඉන්න මංඥං බුවා අර මොකද්ද කරන්නෙ...
    ඇයි යකෝ එතනින් පල්ලට දාන්න ඕන නං ආයෙ අයවල් කෙංගෙඩියකටද විල්බැරෝවට වැලි පටවන්නෙ...
    හතර වරං

    ReplyDelete
  11. එහෙනං සුබ ගමං වගේම සුබ නිවාඩුවක් වේවා !
    අර වීඩියෝ එකේ ඉන්න බුවා තාක්ෂණය උපරිම අයුරින් ප්‍රයෝජනයට ගන්නව වගේ.

    ReplyDelete
  12. හැපි හොලිඩේ එකක් වේවා....!!!

    ReplyDelete
  13. Happy Vacation!
    Have a Rockin' time!

    ReplyDelete
  14. හැපීම හැපී වැකේෂන් එකක් වේවා.ටිකට් පට්ට ගණන් අපි යන්නෙ කොහොමද, බොලාට නං ටිකට් ගණන් ගියාට අවුලක් නෑනෙ.

    ReplyDelete
  15. එහෙනම් බොලත් නිවාඩු යනවා ඉරිසියාවේ බෑ ඕයි

    ReplyDelete
  16. සුභ ගමන් මචන්....

    අඩේ ඉරිසියා හිතෙන ගමන් ගැන කියන්න එපා. තාම අපි මෙහේ ලංකාවේ නිවාඩු පේනමානෙක නෑ.

    ReplyDelete
  17. හැපී හොලිඩේ මචෝ!

    අර බුවා වීල් බැරෝ එකට අත ගහන්න කලින් අත පය ගසලා තොප්පිය හදාගෙන සෙට් වෙන හැටි තමයි ආතල් ම.

    ReplyDelete
  18. "විශෙෂයෙන්ම බහුතර ඉන්දියානුවො මැද්දෙ ඉන්න ලංකවෙ කෙනෙක් වෙනකොට තත්වෙ ඉතාම දරුණුයි. සහයෝගය දෙන තරමට කපන්න උන්. එක අතකට ලංකාවෙ උන් හිටිය කියල වෙනසක් නැති වෙයි, මොකද ලංකාවෙ රස්සාව කරද්දි කපන්න බලන්නෙ අපේම උන්නෙ"
    අපරාදෙ කියන්න බෑ ලංකාවේ මල්ලි කෙනෙක් හිටිය කලින් වැඩ කරපු තැන. කෝල් එක තියා ඊමේල් එකක් වත් නැතිව මගෙ වැඩ ටික හොඳට බලාගත්ත.

    ReplyDelete
  19. අනේ වාසනාවන්. අපිනම් අසල වාසි රටක ඉන්න හිංදා සුරුස් ගාලා දුවලා එන්න පුළුවන්. එත් මම වෙසක් පොසොන් දෙකෙන් එකකට හරි යන්න ට්‍රය් කරාට හරි ගියේ නැ. සතියකට ගිහින් එන්න කියපි. දැන් ඉතින් ලබන මාසේ මුල්ම යනවා. බලමු මමත් මේ සැරේ බ්ලොගර්ලා කීප දෙනෙක්වත් හම්බෙන්න හිතාන ඉන්නේ. හැකි උනොත් හම්බෙමු. ප්‍රීතිමත් නිවාඩුවක් විශේෂයෙන් පොඩි උන්ට.

    ReplyDelete
  20. නිවාඩුවෙ ආතල් එක තේරෙන්නෙ ඉතිං නිවාඩු නැතිව මාසගානක් අම්ම තාත්තගෙන් පවුලෙන් නෑදෑයින්ගෙන් යාළුවොන්ගෙන් මවුරටෙන් ඈත්වෙල රස්සාවක් කරන තවත් කෙනෙක්ටම තමා. මමත් සුබපතනව, නිවාඩුකාලෙ සතුටින් ගතකරල එන්නකෝ එහෙනම්.

    ReplyDelete
  21. හැපී නිවාඩුවක් වේවා. අඩේ එක මාසෙට ඔය ඔක්කොම තැන් වල ඇවිදින්න පුලුවන්ද හැබැට.

    ReplyDelete
  22. එහෙනං හැපි හොලිඩේ එකක් වේවා...

    එහෙනං අටමාවයි, නලියාවයි බලලා මීමුරෙත් ගිහිංමයි එන්නේ ආ....

    ReplyDelete
  23. කොහේ ගියත් කමක් නෑ පරිස්සමින් ඔලුව පාවිච්චි කරල වැඩ කරපං. අමතක වෙලා නං මතක් කරගනිං එන්නෙ ලංකාවට කියලත්....
    හැපී ටුවර්!

    ReplyDelete
  24. හැ..ඇ .... මාව හම්බෙන්ඩ ......අඩේ එළ එල

    ReplyDelete
  25. අපිට නම් මාස ගණන් නිවාඩු නෑ සතියකට විතර ගිහින් එන්න හිතන් ඉන්නව අගෝස්තු වගේ... මේ දවස්වල තදින්ම දැනෙනවා හෝම් සික් :(

    ReplyDelete
  26. පට්ට වැකේශන් පාරක් දාල වරෙල්ලා .. ජය වේවා !!

    ReplyDelete
  27. අපිත් ලංකාවට නිවාඩුවට ගිහින් හිටිය නිසා මේ පැත්තේ ගොඩ වෙන්නවත් බැරි වුණා. ලංකාවට ගියාම ඉතිං කොහෙද බ්ලොග් බලන්න ඉස්පාසුවක්. දවස් 28 ක් කියන්නේ අප්පේ හීනයක් වගෙයි. හැරෙන්නවත් මදි. බහරේන් ඉද්දි නම් මට දවස් ගෙවා ගන්න හරිම අමාරුයි. මලකරුමේ දින යන්නෙත් නැහැ. පැය ගෙවෙන්නෙත් නැහැ.
    ඒත් තමන්ගේ මවුරටට යනවා කියන්නේ පුදුම වාසනාවක් අප්පා.
    ඒ ගැන දැනෙන්න ඇත්තටම මවු රටින් වෙන්වෙලාම ජීවත් වෙන්න ඕන.
    ලංකාවට යන්න මාස තුනකට කලින්ම ඉදන්ම යන දවස කැලැන්ඩරෙන් බල බල ඉන්නේ පුදුම නොඉවසිල්ලකින්. ඒත් ලංකාවට ගියාට පස්සේ ආයෙත් යන දිනය ගැන මතක් වෙද්දි නම් දැනෙන්නේ පුදුම වේදනාවක්.
    මං හිතන්නේ පිටරටවල ජීවත්වෙන හැමෝටම මෙහෙම හිතෙනවා ඇති.
    අපි ලංකාවෙන් එද්දි ඉන්දික බහරේන්වලින් ගිහින්. කමක් නැහැ සහෝ ආයෙත් ආවම මුණ ගැහෙමුකෝ.......
    සතුටින් සුවෙන් පිරි නිවාඩුවක් ගත කරන්න ලැබේවා.......!
    පැටවු දෙන්නා පරිස්සම් කොර ගන්ට සහෝ..........

    ReplyDelete
  28. සුභ පතපු ඔක්කොටම බොහොම ස්තූතියි!! උඹලගෙ සරණනින්, අපේ මහන්සියෙන් ගිහින් ආව. කොහ්ම හරි කිලෝ තුනක් බැහැල ඒ ටිකට. හිතපු නැති විදියට තිස්ස, තරු, ඉෂාර, ශාකුන්තල සහ මාරය හම්බු උනා, තිස්සට ස්තූතිවෙන්න.

    හිතපු විදියටම අටම්, නලින් හම්බුවෙන්න එනකොට කුෂ් සහ මාතලන්වත් නොහිතපු විදියට එකතු උනා.

    බොහොම සුන්දර දවස් කීපයක්. ස්තූතියි උඹල සේරටම ආයි පාරක්!

    ලියන්න දේවල් තිබ්බට ලියාගන්න කම්මැලියි සහ වැඩත් ටිකක් වැඩියි. අනික මගෙ හාමිනෙත් මම නැති අතරෙ බ්ලොග් බලන්න සෙට් වෙලාලු. මට කෙලවෙන පොටක් ඒක. කෙල්ලෙක්ට පැණි හලල කමෙන්ට් එකක් වත් දාල හමාරයි ඉතින් දැන්.

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails