Friday, February 21, 2014

බහරේනයේ මෝඩ මෝල! Bahrain Moda Mall.




අර ඔටු කතා බ්ලොග් එක හඳුන්වල දෙන වෙලාවෙ කකා කියල තිබ්බ ඒ ඒ රටවල ඉන්න ඈයො ලියන්නෙ ලංකාවෙ එදිනෙදා දේ ගැන මිසක් ඒ රටවල් ගැන නෙමෙයි කියල. ඇත්ත, ඒ කියපු කකා විතරක් නෙමෙයි මම දන්න තරමින් නම්, බින්දි ඇර අනික් හැමෝම ලියන්නෙ ඒ වගේ ලංකාව ගැන මිසක් තම්න් ඉන්න රටේ තොරතුරු නෙමෙයිනෙ. ඒ හින්ද මම හිතුව මම ඉන්න රටේ තීන විශෙෂ දේවල් කිහිපයක් ගැන ටිකක් ලියන්න.

මේ ඒකෙ පලවෙනි ලිපිය බහරේන් ලෝක වෙළඳ මධ්‍යස්ථානය එහෙම නැත්තං සිංහලනෙ  Bahrain World Trade Canter ගැනයි .
මුලින්ම කියන්න ඔන මේ පොස්ට් එක තාක්ෂනික කරුණු ගැඹුරින් සාකච්ඡා කෙරෙනවට වඩා සාමාන්‍ය විදියට තොරතුරු ඉදිරිපත් කරන ලිපියක් බව. කාට හරි එහෙම ඕනනම් අපි කමෙන්ට් වලදි තාක්ෂනික කරුණු ගැන බලමු.

BWTC කියන්නෙ ඉදිකිරීම් ක්ෂෙත්‍රයෙ කඩ ඉමක් උන අති විශේෂ ගොඩනැගිල්ලක්. ඒකට හේතුව තමයි ලෝකෙ මුල්ම වටරට ගොඩ නැගිල්ලේම පිහිටවූ යන්ත්‍රයක් උදව්වෙන් පුනර්ජනනීය විදිය ලබා ගන්නා ලෝකෙ පළමුවෙනි වාණිජ ගොඩනැගිල්ල වීම.

 ඒ කියන්නෙ සුළං බල ජනනයන් සවිකරන ලද ලෝකෙ පළමුවැනි තට්ටු ගොඩනැගිල්ල.

 ඒ විතරක් නෙමෙයි, මේ ගොඩනැගිල්ලෙ තවත් විශේෂ දේ කිහිපයක් තියෙනව.  

එකක් මේක වලිගය විසින් බල්ලා වැනූ ගොඩනැගිල්ලක් වීම.

ඒ වගේම මේක මහා ඛේදවාචකයක් සහ ජීවිත ගානක් බිලිගන්න හේතුවක් උන ගොඩනැගිල්ලකුත් වෙනව.

මුලිම්ම හොඳ පැත්ත ගැන බලමු.

2004 පටන් අරන් 2008දි නිමකරපු මේ ගොඩ නැගිල්ලෙ ප්‍රාධාන නිර්මාණ ශිල්පියා උනේ දකුණු අප්‍රිකානු ජාතික Shaun Killa ප්‍රමුඛ ATKINS නම් සුප්‍රසිද්ධ ඉංජිනේරු සමාගම. ඩුබායි හි බර්ජ් කලීෆා හෝටල වැනි විශ්මිත ඉදිකිරීම් නිසා නමක් දිනා ගත්තු ATKINS ආයතනයට මේ ගොඩ නැගිල්ල අභියෝගයක් වෙලා තියෙන්න ඇති එහි තිබ්බ අපූර්ව සැළසුමනිසා.

ඔවුන්ට ඕන වුනා මේක බහරේන් හි සංකේතයක් වෙන තරමට විශේෂ අරුම ගොඩනැගිල්ලක් කරන්න. ඒකෙදි ඔවුන් තෝරගත්තෙ ඒ වෙනකොට ජනප්‍රිය වේගෙන ආපු ග්‍රීන් බිල්ඩින් සංකල්පය.

තෙල් සහ ගෑස් සම්පතින් පිරිච්ච රටක හදන මේ වගේ බලශක්තිය සුරකින ගොඩනැගිල්ලක් අනිවාර්යනෙම ලෝකෙ අවධානයට යොමුවෙන දෙයක්. මේ බව මේ නිර්මාණශිල්පියො දැනගෙන උන්න.

මෙතනදි සාමාන්යෙන් භාවිතා වෙන අධි පරාවර්ථිත වීදුරු, එල් ඊ ඩී විදුලි බල්බ, විදුළි කළමාණාකරන පද්ධති (BMS) වගේ දේට එහා සාමාන්‍ය රාමුවෙන් පැනල ඒ අය මේ ගොඩ නැගිල්ලට සුළං බල ජනනයන් තුනක් සවි කරා. ගොඩ නැගිල්ලට අවශ්‍ය වෙන විදුලියෙන් කොටසක් ඒ මගින් සපුර ගන්න සැළසුම් කරල.

ඇත්තටම මේක එක්තරා විදියකට විප්ලවකාරී අදහසක්. හේතුව තමයි මේ වනකල් ලෝකෙ වෙන තැනක මෙවන් දෙයක් ඒ කියන්නෙ තට්ටු ගොඩ නැගිල්ලක වින්ඩ් ටර්බයින් හයිකරල තිබ්බෙ නැති එක.

අනික තෙල් ලාභ රටක මේ වගේ දෙයක් කොයි තරම් වාණිජ වශයෙන් වාසි වෙයිද කියන එක.

නමුත් නිර්මාණ ශිල්පියො මේ අභියෝග දෙකම ජයගන්න ක්‍රමයක් හොයා ගත්ත.

මෙතනදි වර්ල්ඩ් ට්‍රෙඩ් සෙන්ටර් වල අනිවාර්‍ය අංගයක් වෙන ට්වින් බිල්ඩින් අවශ්‍යතාවයත් වාසියට හිටිය. ඉතින් මුලින්ම ඔවුන් මේ ගොඩ නැගිල්ලට වින්ඩ් ටර්බයින් තුනක් හයි කරන්න සැළසුම් කරා අර එක ලඟ පිටුවන ටවර් දෙක යා කරල.

ඒකෙදි ඊළඟට ආව අභියෝගය තමයි මේ දෙක අතරින් එන සුලඟ පාලනය කරගෙන මේ ටර්බයින් තුන නිසි ලෙස කරකවා ගැනීම.

මොකද අනිවාර්යයෙන්ම පහත ටර්බයින් වලට එන හුලඟ  අඩු නිසා ඒක හෙමීටත් උඩ එකට එන හුලඟ වැඩි නිසා ඒක වේගයෙන්තු කැරකෙන්න ගන්නව. ඉතින් එතනදි බිලිඩින් එකේ සැකිල්ලට අනවශ්‍ය පීඩනයක්හෝ අසමමතුලිත බලයක් ඇතිවෙලා කඩන් වැටෙන්න බැරි නැහැ.

මෙන්න මේකට පිළිතුරක් විදියට ඇට්කින්ස් ඉන්ජිනේරුවො යොදා ගත්තු උපක්‍රමය තමයි මම කිව්වෙ නැට්ට විසින් බල්ල වනාපු සිද්දිය.

උනේ ම්නේකයි. ගොඩනැගිල්ලෙ පහල කොටස පුළුල් කරල පොඩි බොක්කක් නිර්මානය කරා පහතින්. ඒ එක්කම උඩ හුළං යොමුවීම අවම එන්න ටික ටික සිහින් කරා. දැන් වැඩේ හරි. යට ෆෑන් වලට හුළන් වැඩි වෙනකොට උඩ ඒවට අඩුයි. වැඩේ බැලන්ස්.
 

පේනව නේද හැඩේ. ඒ විතරක් නෙමෙයි බිලිඩිමේ දෙකෙළවර උල් හැඩයට මුලත් සුළඟ කළමණාකරනය සහ පාළනය.

හැබැයි සමාන්‍ය්නෙ ගොඩනැගිල්ලක් හදද්දි එකේ හැඩය සැළසුම් කරද්දි මූලිකව බලන්නෙ බාහිර පෙණුම සහ අවසාන කාර්‍ය කරගන්න තියෙන පහසුවයි. නමුත් මේ බහරේන් වර්ල්ඩ් ට්‍රෙඩි සෙන්ටර් එක නිර්මාණයෙදි හැඩය තීරනය උනේ වින්ඩ් ටර්බයින් වල ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යාම.
මේ තීන්නෙ වින්ඩ් ටර්බයින් උඩ ඉඳ බැලුවම. 
මෙතන විශේෂය උනේ ඒ අවශ්‍යතාව ගොඩනැගිල්ලෙ මූලික කාරනය වෙන කන්තෝරු වලට බිම කුළියට දෙන ගොඩනැගිල්ලක අවශ්‍යතාව වෙන වැඩි ඉඩකඩක් සෑම මහලකම තීබීම කිය්න දේට ස්ම්පූර්ණයෙන්ම වෙනස් වීම.
කොටින්ම ටර්බයි පාළනයට ගෙනාව විසඳුම නිසා උනේ බිල්ඩින් එකේ වැඩි මිලකට විකුනන්න පුලුවන් කම ලැබෙන ඉහල මහල්වල ඉඩ දරුණු විදියට සීමිත වීම.
බලන්න මුල්ම පින්තූරය. උඩ හරියට යනකොට බිල්ඩිමේ ඉඩක් නෑ කාමරයකට වඩා යමකට.

හැබැයි මේකෙන් උන පාඩුව යම් තරමකට පියවගන්න ක්‍රමයක් ගොඩනැගිල්ලෙ අයිතිකරයන්ට ලැබුන. 

එකක් තමයි මේක අති විශේශ ගොඩ නැගිල්ලක් නිසා විශාල ඉල්ලුම හැම තට්ටුවකටම ලැබීම. දෙක අර උඩම තීන හතලිස් දේනි තට්ටුවෙ තනි කාමරයට විශාල පිරිසක් ඉල්ලුම් කිරීම.

පස්සෙ හිමිකරුවො කරේ බ්ලිඩින් දෙකේම ඉහලම මහල් පහ වෙන්දේසි කරපු එකයි.. මේකෙන් අර උඩම 42 තනි කාමර දෙක පහල තට්ටුවක්ට වඩා ලොකු ගානකට විකිණින බව තමා දන්න අය කිව්වෙ.

ඒක එහෙම වෙන එක පුදුමයක් නෑ. මොකද ලෝකෙ පළමු සුප ග්‍රීන් බ්ලිඩින් එකේ උඩම තට්ටුවෙ තනි ඔෆිස් දෙකෙන් එකක ඇඩ්‍රස් එක හිමි කෙනෙක් වෙන්න නොවටිනා ගානක් විසි කරන එක රෝල්ස් රොයිස් කාර් එක වගේ හතර ගුණයක් ගෙවල ඒකට  ස්පෙෂල් නම්බර් ගන්න අරාබීන්ට අමුතු දෙයක් නොවෙන නිසා.

ඔය පහත පින්තූරෙ තීනෙ මේ ලියුම්කරුව හතලිස් දෙවනි මහලට ගිය වෙලාවක ගත්තු පින්තූරයක් සහ හතලිස් දේ ඉඳල අවට බහරේන් පෙනෙන විදිය.

බලන්න. 42ට යතුරක් දාල ඕපන් කරන්න ඕන මිස නිකන් ප්‍රෙස් කරාට යන්නෙ නෑ. ඒ කියන්නෙ ඕන කෙනෙකුට මේ ලිෆ්ට් එකට වෙන මහලකින් නැගල 42 ඔබල යන්න බෑ!

හැබැයි ඔච්චර වියදම් කරල මහන්සි වෙලා හදාපු ගොඩ නැගිල්ලෙ සැළසුමේදි උන පොඩ් වරදක් නිසා අද සුළං බමන තුනම එකට කරකවන්නෙ නෑ. ඒ ඇයි කියල දැනගනන්න කලින් බලන්න මේ පහත පින්තූරෙ හොඳට. බ්ලිඩින් දෙක අතරෙ තීන පාලම සරළරේඛීයයි නේද.

ඒ උනාට මේ පින්තූරෙ ඒ පාළම ටිකක් නෙරල ඇවිත් තියෙනව.

ඕකට හේතුව තමයි පළවෙනි පින්තූරෙ විදියට ඩිසයින් කරල දෙවනි එකේ විදියට හදපු එක! 
එහෙම උනේ තද හුළඟකදි ෆෑන් එකි පෙති නැමිල පාළමේ වැදිල වෙන්න තිබ්බ විනාශයක් වලක්වගන්න.

ඒත් ඒ එක්කම ඒකෙන් උනේ බ්ලිඩින් එක ඩිසයින් කරපු ස්ට්‍රක්චරෙකට ඒ සුළු වෙනසෙන් කරන පීඩනය දරන්න අමාරු උන එකයි. මොකද ෆෑන් තියෙන්නෙ ඩිසයින් කරාට වඩා මිලි තුසීයක් ඉස්සරහින්.

ඉතින් මේ නිසා අද වෙනකොට එක වරකට කරකවන්නෙ ෆෑන් දෙකක් වේතරයි. අන්තිමට ෆෑන් අර නත්තල් ගහේ බෝල වගේ එල්ලල තියල තෙල් විදුලියෙන් තමා වැඩිපුරම දුවන්නෙ.

ඔය ෆෑන් එක වැඩ නොකරන එක සලකලද මන්ද මේකෙ පහත මහල් දෙකක තීන අති සුඛොපභෝගී සාප්පු සංකීර්ණය අපූරු නමක් දාල තීනව.

මේක super luxury උනාට, විකුණන සපත්තු කුට්ටම්ක් ඩිනාර් 1000 විතර උනාට, කෝපි කෝප්පයක් ඩිනාර් දහයක් උනාට, පැය භාගයකට වඩා පාර්ක් කරල තිබ්බොත් ඩිනාර් තුනකට ටිකට් එකක් කැඩුවට, නෙමෙයි මම ඕකට නොයන්නෙ නම නිසාමයි (1 Dinaar = Rs. 345.00).

පේනව නේද? ඉතින් ඕකට යතෑකිද මොළයක් තීන එහෙකුට?

දැන් මම අර මුලිම්ම කිව්ව මේක මහා ඛේදවාචකය ගැන කතාව මේකයි.

2006දි ඔය බිල්ඩින් එකේ ස්ට්‍රක්චර් එක හදල ඉවර කරාම කොන්ත්‍රාත්කාර මුරේ රොබට් සමාගම තමන්ගෙ සියලු නිළධාරීන්ට විශාල බෝට්ටුවක විශේෂ සාදයක් තිබ්බ.

අවාසානාවට ඒ බෝට්ටුව මුහුද මැදදි, මැද කිව්වට වෙරළ පේන දුරකදි පෙරළුනා!

මේකෙන් ප්‍රොජෙක්ට් මැනේජර් ඇතුළු කොන්ත්‍රාත් සමාගමේ සියුළුම වගේ ප්‍රධාන නිළධාරියො තමන්ගෙ පවුල්වල අයත් එක්කම දිය යටදි මරු තුරුළට ගියා.

ඔක්කොම 57 දෙනෙක්.

කොයිතරම් වෙරළ ආසන්නයෙ උනත්, මේ මුහුද ලංකාවෙ වැවක් වගේ නිසල උනත් ඒ අයව බේරගන්න බැරි උනේ බෝට්ටුව මුනින් අත හැර උනාට පස්සෙ වතුරෙ තෙරපුමට දොර ජනෙල් ඇර ගන්න බැරි උන නිසයි.
ඔය ඛේදවාචකයෙන් බේරුන එකම ලාංකිකය මට හම්බවුනා. ඔහු බේරිලා තීන්නෙ පුදුම විදියට. 
මොහොතකට කලින් ඇතුලෙ මධුවිත තොලගගා හිටපු ඔහු සිගරට් එකක් බොන්න උඩ ඩෙක් එකේ ඉන්නකොට තමයි බෝට්ටුව ඇලවෙලා තීන්නෙ. මම හිතන්නෙ සිගරට් එකක් බොන මිනිහගෙ ජීවිතය බේරපු එකම අවස්ථාව එක වෙන්න පුලුවන්.
ඉතින් ඔන්න කතන්දරටත් අනෙක් අයටත් මෝඩ මෝල් එකෙන් බඩු ගන්න, ලෝකෙ මුල්ම වින්ඩ් ටර්බයින් හයි කරපු බ්ලිඩිම දැක ගන්න පුලුවන් බහරේන් ආවොත්!

103 comments:

  1. ස්තුතියි.

    දවසක එන්නම්කෝ මෝඩ බිල්ඩිම බලන්න.

    කොච්චර විස්තර දාලා තිබුනත් මේකේ වර්ග මීටරයකට
    ගිය ගාන කියලා නෑ නේ?
    ;=)

    ReplyDelete
    Replies
    1. ඔන්න කකා නිවුන ගින්දරට පැස්ටෝල් දානව :) :) ...

      Delete
    2. ලොකු ගානක් යන්නෙ නෙතුව ඇති කකා !!
      මැද තියෙන්නෙ රූං පෙති නේ
      අනික උඩට යන්න යන්න හීනිත් වෙනවනේ : D

      Delete
    3. කකා,

      මයි ප්ලෙෂර්!

      මීටරයට ගාන හැදුවෙ නෑ, ඒක දන්නෙ CEO විතරයි. මම දන්න විදියට වේරියේෂන්ස් නැතුව කන්ට්‍රැක්ට් සම් එක ඩිනාර් මිලියන 57.2යි.

      කෙන්ජි නිවිල සේරටම වඩා!

      පත්තර මල්ලි, උඩට යනකොට හීනි වෙන එව්ව සාමාන්‍යෙන් ගාන වැඩියි!

      Delete
    4. අභීතයට හුලං ටිකක් පුම්බල ගත්තනම් උඹයි ඌයි අයියයි මල්ලියි වගේමයි. (මචන් විහිලුවක් කරන්නෙ සීරියස් ගන්න එපා..අදනෙ උඹෙ මූන දැක්කෙ :D)

      Delete
  2. නම ලියලා තියන හැටියට 'MODA' ඇක්‍රොනිම් එකක් කියලා හිතෙන්නේ.

    42 තට්ටුවේ මොනවද තියෙන්නේ, වීවිං ඩෙක් එකක්ද? 39-41 තට්ටු කෝ?

    බෝට්ටුව පෙරලුන කතාව මට මතකයි. වැඩිය මැරුණේ විදේශිකයෝ මං හිතන්නේ... ඒ නිසා ගොඩක් නිව්ස් චැනල් වල ගියා ඒක.

    ReplyDelete
    Replies
    1. MODA Mall, the ultra-exclusive shopping complex is located on the ground floor of the landmark Bahrain World Trade Center (BWTC)Visit our website: www.modabwtc.com

      Company Overview

      MODA Mall, the ultra-exclusive shopping complex located on the ground floor of the landmark Bahrain World Trade Center (BWTC), with tenants comprising a veritable who’s-who of the fashion world. The mall is home to some 160 exclusive brand name boutiques a number of which were previously unattainable in the Kingdom of Bahrain.

      Fast Facts of MODA Mall:
      • Open from Saturday to Friday from 10 a.m. to 10 p.m.
      • 16,500 square meters in size
      • 1,700 car parking spaces shared with BWTC
      • 160 high end fashion boutiques
      • Anchor tenant Villa Moda
      • Three spectacular Courts
      o Centre Court
      o Jewellery Court
      o North Court
      • Dining
      o Maya La Chocolaterie
      o Espressamente illy Café at Sheraton Hotel

      Delete
    2. මෝල් එක ගැන ඔය තීන්නෙ විස්තරේ දල ඇනෝ ළමය ( මෙහෙම උන්වනෙ අර මාලන් එළවන්න කියන්න ).

      39, 40 දෙකට තීන්නෙ එක තට්ටුවක්.ඒක සර්විසස් වලට. 41 ක්‍රේඩල්ස් ඒ කියන්නෙ අර වීදුරු පිහ දාන්න වගේ වැඩ වලට පිටින් එන්න ගන්න කේබල් වලින් එල්ලෙන කූඩුව, අන්න ඒකයි ඒක හසුරවන යෝධ යකඩ අතයි. ඉතින් ඒ සර්විසස් තියෙන තට්ටු වලට පැසෙන්ජර් ලිෆ්ට් ඇක්සස් නෑ. ඒකයි ඒ අංක නැත්තෙ.

      Delete
  3. හොද අපුරු විස්තරයක්.ස්තුතියි ඔබට.
    >> මෙතනදි වර්ල්ඩ් ට්‍රෙඩ් සෙන්ටර් වල අනිවාර්‍ය අංගයක් වෙන ට්වින් බිල්ඩින් අවශ්‍යතාවයත් << මෙයට හේතුව කුමක්ද ඉන්දික?
    ඔහාට එනවනම් ඉන්දික ඉන්න කාලෙකම තමා එන්න ඕන .. :)

    ReplyDelete
    Replies
    1. මටත් මේක අනූ ගනන් වල ඉඳලම තිබුනු ප්‍රශ්නයක්. ට්වින් ටවර්ස් ගහන්නෙ ඇයි? ජනෙල් වැඩි කර ගන්න ද?

      නැත්නම් උඹ වගේ උන් නොදන්න CEO ල විතරක් දන්න රහසක් ද? :D

      Delete
    2. හිටපල්ලකෝ මං සිස්සත්තෙ පාස් වෙලා ඉංජිනේරුවෙක් වෙනකං !!!

      Delete
    3. කෙන්ජි,

      world trade center කියන නම අපි ඕන කෙන්කුට හදන බ්ලිඩිමකට දා ගන්න බෑ. ඒකට WTC Association එකේ මෙමබ්‍රෂිප් එක ඕන. මොකද world trade center සහ WTC කියන්නෙ global copyright තීන බ්‍රෑන්ඩ් නෙම් එකක්. ඉතින් එකේ මෙම්බර්ෂිප් එක ගන්නනම් ට්වින් බ්ලිඩින් කන්සෙප්ට් එක අනිවාර්යයි කියල ක්ලෝස් එකක් තිබ්බ. ඒත් මම හිතන්නෙ දැන් එක වෙනස් වෙලා, මොකද මෑන් හැට්න් වල අලුත් WTC එක "one world trade center " කියල නම් කරල තීන නිසා!

      Delete
  4. සරල විස්තරයට ගොඩක් ස්තූතියි. :)

    මම නම් ආවේ මෝලේ තියෙන කඩ සාප්පු ගැන දැනගන්ට.

    කියවගෙන යනකොට තවත් වැදගත් ප්‍රශ්නයක් මතු උණා. දැන් ඔය ලියුම්කරු ඉන්නේ ෆොටෝ එකේ වම් අත පැත්තේද? දකුණු අත පැත්තේද? මතක තියාගන්ට ෆොටෝ එකේ පැත්ත ගැන අහන්නේ...:D

    ReplyDelete
    Replies
    1. මටනං හිතෙන්නේ අර මහත බඩා කියලා

      Delete
    2. ඔය ෆොටෝ එක අප්ලෝඩ් කරනකොට මට හිතුන කුමාරිහාමි මේ ප්‍රශ්නෙ අහනවාමයි කියල!

      මගේ බහරේන් ජාතික යාළුවෙක් කිව්වෙ ඕකට යන කෙල්ලෙක් නං බඳින්නෙ නෑ කියල. මොකද ලුවී විටෝන් මලු, ඩී ඇන් ජී, අර්මානි ඇඳුම් තමයි තීන්නෙ. ඉතින් ඔව්වට වියදං කරන්න ඉහින් ඩිස්පෝසල් මනීම එපාය!

      අටම්,

      ඔව් ඒ පොටෝ එකේ ඉන්නව කිව්වෙ උඹනං එහෙම හිතන්නත් තිබ්බ තමයි.

      Delete
  5. මෝඩ මෝලෙ 39, 40, 41 තට්ටු නැද්ද..? නැත්නම් ඒ ඇයි...? තියෙනවා නම් ඒවට යන්නෙ කොහොමද...? මමත් මේ වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් වල ට්වින් බිල්ඩිං කතාව අනිවාර්ය අංගයක් කියල ඇහුවෙ අදයි... ඒකට හේතුවත් කිව්වොත් අගෙයි...
    අර ඛේදවාචකය ගැන කියැවූ බවක් මතකයේ නෑ... බොහොමයක් ඒවයෙ ලාංකිකයෙක් ගෑවිලා හරි ඉන්නවා... ඒ දිවි ගලවා ගැනීම නම් වාසනාවටම වෙච්ච දෙයක් වෙන්න ඕන... මේ තොරතුරු වලට බොහොම ස්තුතියි... මං මේකෙ පින්තූර ටිකක් නෙට් එකෙන් බැලුවා... හරිම ලස්සන තැනක් වගේ...

    ReplyDelete
    Replies
    1. සයුරිගෙ ප්‍රශ්න ඔක්කොටොම ඔන්න උඩ උත්තර තීනව. හොඳ නරක ගොඩ දේක ලාංකිකයො ගෑවිල ඇති.

      Delete
  6. හරිම ආසාවෙන් කියවූ ලිපියක් ..ඇත්තටම මැදපෙරදිග කිව්වම හුඟක් දෙනෙක්ට මැවෙන්නේ වේලිච්ච කාන්තාරයක්. රට ඉඳි ගස් පෙළක්..ඔටුවෙක්.දෙන්නෙක්. නැත්තන් අද කාලේ නම් නිව්ස් වලට වුනත් පෙන්නන්නේ එක්කෝ යුද්ධයක්. මේ වගේ තොරතුරු වටින්නේ එනිසා. .

    පහල දර්ශනය හරිම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. //ඔටුවෙක්.දෙන්නෙක්//

      මේ සිතිවිල්ල නම් තහවුරු වුණා උඩ ෆොටෝස් බලනකොට...

      Delete
    2. තිසර +++++++ :D :D

      උඹේ සමහර කමෙන්ට් පට්ට ආතල් බන්. අර රාජ් ගෙ එකෙත් french වලින් දාපු එක සුපර්!

      Delete
    3. " පෙන්නන්නේ එක්කෝ යුද්ධයක්."
      ඉස්සරනම් ඒවත් මෙතන තිබුන.
      නෑද්ද පත්තර මල්ලි?

      Delete
    4. ප්‍රා ජේ
      චැහ් .. අරාබියෙ තියෙන්නෙ යුද්ධද බං ?? ඒව නිකං කැට් ෆයිට් නේ :D ..
      අපිනෙ යුද්ධ කලේ,. බොඩි ආමර් කැලේ !!
      හරිනං මහින්ද මාම ආරක්ෂක ලේකම් කරන්ඩ ඕනැ මාවයි.. !!

      Delete
    5. එතකොට යාලුව?

      Delete
    6. සමාවන්න ..
      මොහොතකට ප්‍රධාන පාලක මැදිරියට යොමු වෙමු !!!

      Delete
    7. බින්දි, විස්වාස කරන්න මේ රටේ වැළි කාන්තාර නෑ. තීන්නෙ පස් සහ ගල් කාන්තාර. ඔය රට ඉඳි ගස් ගැන කිව්වම මතක් උනේ අපේ ලොකු බාහුට උන ලස්සන වැඩක්. මිනිහ මුල්ම පාර ලංකාවට ගියාම පොල් ගස් පෙන්නල "අම්මෙ මෙහෙ ඉඳි ගස් මහ ගොදායි" කියපි!

      තිසර,

      පරිසරයට අනුවර්ථනය නොවන්නෝ වඳවී යන්නේය කියන එක උඹට මත් කරන්න ඕන නෑනෙ.

      ඇනෝ, තිසරට තමයි බෙස්ට් සිංහල කමෙන්ට් හ්‍යුමර් අවෝර්ඩ් එක හැමපාරම!

      ප්‍රා, අපි ගේමනං ගේම, සාමෙ නං සාමෙ.

      පත්තරේ, උඹව කරන්න ඕන දුක්ගන්නා රාළ. මොනා උනත් මිනිහෙකුට ඔහොම යාළුවො ලැබෙන්නෙ එක්තරා විදියක පිනකට.

      Delete
    8. හරි :D ... කොලර් එක උස්සගත්තා !!!!!

      Delete
  7. ඒකනේ බං අපි සිකැරට් බොන්නේ...

    මෙහේ බෑන්ක් ඔෆ් සිලෝන් එකට හදාපු පිට්ටු බම්බුවෙත් අනන්තවත් වැරදි තීලා, ඒවා හැදුවා කාලයක් තිස්සේ.. දැණුත් එහෙමද කියන්න නම් දන්නේ නෑ.. කොහොමත් මේ ආන්ඩුවෙන් හදන බිල්ඩින් ගැන නම් මෙළෝ විශ්වසයක් නම් නෑ.. මොකෝ ඔක්කෝම බාල වැඩ නේ කරන්නේ.. ආන් අර මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලත්, ඩොමැස්ටික් එකක් කොරන්න යනවලු.. මාර ආස්චර්යනේ...

    ReplyDelete
    Replies
    1. ඩොමස්ටික් කරල හරි හම්බන්තොට ඉදල නොරෝච්චෝලෙටයි ,නොරොච්චෝලේ ඉදල හම්බන්තොටටයි චීන කම්කරුවෝ ටික හරි අදින්න බැරියා ...

      Delete
    2. සිකරැට් බොන එකාට සතා සරුපයවත් කන්නේ නැ . දැක්කා නේ

      Delete
    3. මේ ඉන්නෙ ලංකාවෙ මෝඩ මෝලා...

      Delete
    4. නෑ නේද? එයා ඉන්නෙ තව ටිකක් පල්ලෙහායින්.

      Delete
    5. සහතික ඇත්ත අටං !

      කන බොන මනුස්සයගෙ හිත හොඳයි නොවැ. ආං ඒකයි විද්‍යාත්මක පැහැදිලි කිරීම..ඕව ඉති පත්තරයම ඉන්ට ඕනැ කියල දෙන්ඩ !!

      Delete
    6. මාතලන්,

      සිගරට් බිව්වට මදි, බෝට්ටු පදින්නත් ඕන.

      ලෝකෙ ඕනම බ්ලිඩින් එහෙක අඩුපාඩු තියෙනව. ඇමරිකාන් කාරයො ඩිසයින් කරල උන්ම හැදුව පිට්ටු බම්බුවෙ අඩු පාඩු චීන එව තරන් හයිලයිට් උනේ නෑ හැබැයි.

      ඔව්ව මොනාද බං ටැන්සානියාවෙ තීනව රේල් පාරක් චීන හදල දැන් කෝච්චි යානෙ මාසෙකට එකයි. ඒක්ත් උන්ටම තඹ අදින්න. ණය ගෙවන්න ඕන ඒ උනාට වෙලාවට.

      Delete
  8. "Mode" est "Vogue". Il n'est pas stupide. Bon article. Un grand nombre d'informations. Merci beaucoup.

    ReplyDelete
    Replies
    1. අනේ මචෝ මම ප්‍රන්ස දන්නෙ නෑ. අපේ පුත්‍රයනං මට වඩා ටිකක් දන්නව. ඒත් ඌ තාම එකේ පන්තියෙ නිසා මෙව්ව අහගන්න බෑ. අර ට්‍රාන්ස්ලේටරේ දෙන්නෙත් තිසරය දාන ප්‍රන්ස කමෙන්ට්ස්. ඒ නිසා කියන දානයක් සින්හල්, හින්දි හෝ ඉන්ග්‍රීස්යෙන් කියහන්.

      Delete
  9. වටින විස්තරයක් ස්තූතියි ඔබට.... වැදගත්ම ලිපියක්... ඒ වගේම පිංතූර ටිකත් ලස්සනයි... වට පිටාවත් ලස්සනයි... හැබැයි කර වෙනව ඇති

    අවන්හල

    ReplyDelete
    Replies
    1. ඇගයුමට ස්තූතියි!

      කර වෙනව සමර් එකට. මේ දවස්වල සෙල්සියස් අංශක 14 - 24 අතරෙ නිසා සීතලයි.

      Delete
  10. අම්මප මේකේ මේ කියපු කරුණු අනුව මෝඩ බිල්ඩිමේ වර්ග අඩියට කීයක් ගියාද දන්නෑ නේද??

    ReplyDelete
  11. හම්මෝ ඉන්දිකත් දැන් නයි අරින්න අරන්.. :D
    කාටවත් යන්න දෙන්නේ නැති.. ලිෆ්ට් එක පවා යතුරකින් ලොකු කරපු 42 තට්ටුවට ගෙහුන් නෙව... :D :D :D

    මෝඩ මෝලේ උඩම තට්ටුවටත් ගෙහුන් දැන් නම හින්දා යන්නේ නැහැ කියන්නේ හැබෑවටම මක්කෙයි..? :P

    ReplyDelete
    Replies
    1. බැ බැ ඒක මුට දෙන්න බැ මට ඕන

      Delete
    2. මටත් සුදුසුකං තියනවා.. මේක අසාධාරණයි .

      Delete
    3. නෙද්දකින් ඉතරක්.. ඒකටත් මුං පොර කනවා... අළුත් පට්ටමක් හොයා ගන්න වෙයි වගේ... :D

      Delete
    4. ළමයිනේ වැදගත් කතා බහක් යන අස්සෙ පුද්ගලික මඩ ගහ ගැනීම් හොඳ නෑ නේද?

      Delete
    5. මාරය, යකෝ අලියෙක් උනාම පෙරහරෙත් ඉඳ හිට යන්න ඕන. නැත්තන් කොටම ඇද්දට විතරක් ගනන් ගන්නෙ නෑ.

      Delete
  12. ස්තුති තොරතුරු වලට..

    ඕක අස්සෙ තියෙන ෆැන් පෙති ටික දැක්කෙත් අදමයි බොලව්..

    ReplyDelete
    Replies
    1. ඔව්ව මෝනාද ගෙශර තීන සමර ෆෑන් පෙතිත් අපි දකින්නෙ කැඩුනමනෙ.

      Delete
  13. ‍මම මේ වගේ එකක් ගැන ඩිස්කවරි එකේ බැලුවද කොහෙද.
    මටත් තියෙන ප්‍රශ්නෙ අර ලිෆ්ට් එකෙන් 39, 40, 41 තට්ටු වලට යන්නෙ කොහොමද කියන එකයි.
    මොඩයොනං ඉතිං කොහෙත් ඉන්නවනෙ.

    ReplyDelete
    Replies
    1. මේ ගැන මෙගාස්ට්‍රක්චර් ප්‍රොග්‍රෑම් එකක් කරා තමයි. මෝඩයො ගොඩකවෙලෙත් ඉන්නවද?

      Delete
  14. මේ පොස්ට්ටුවට සාදර අනුග්‍රහය දුම්කොළ සමාගමෙන්දෝ...:D

    ReplyDelete
    Replies
    1. නෑ පිලිප් මොරිස් කොම්පැණියෙන්.

      Delete
  15. ඉන්දික...... මට පේන විදිහට උඹ තමා බහරේනයේ මෝඩ මෝලා....

    ReplyDelete
  16. මේක හදන කොට අපිත් හිටියා මෙතන. මේ ගැන ඔයාලාට නොතේරෙන දේවල් ගොඩක් හංගලා තියෙනවා සමාවෙන්න මට ඒවා එලියට දෙන්න අවසර නැහැ ..ඒත් මම ටිකක් කියන්නම්..
    ලොව පුරාම අපි වගේ එංජිනේරු ක්ෂේත්‍රය සම්බන්ධ විද්‍යාඥයින් පවසන ආකාරයට තවත් තහවුරු වන්නේ මෙම නිර්මාණය කිසි සෙත් නවීන විද්‍යාව අනුව තැනු කිසිම යන්ත්‍ර සූත්‍ර ආධාරයෙන් ඉදි කළ නොහැකි බවයි. එසේ ඉදි කිරීමට නම් අවම වශයෙන් ටොන් 50 ක් පමණ එසවිය හැකි යෝධ දොඹකර කිහිපයක් , ඩයමන්ඩ් විදුලි කියත් සහිත කැපුම් යන්ත්‍ර කීපයක් , මිනිස් ශ්‍රමය වෙනුවෙන් පුද්ගලයන් 50 දෙනෙකු පමණ සහ එන්ජිනේරු උපදෙස් වෙනුවෙන් ක්ෂේත්‍ර කීපයක එන්ජිනේරුවන් කීප දෙනෙක්ද අවශ්‍ය බවයි. ඒත් අපි මේවා කලේ වෙනත් විදියකට රහසිගතව කවුරුහරි ඒක බොරුයි කියනවානම් මම මේ බිල්ඩිමේ අත්තිවාරම කපනකොට අමුඩේ ගහගෙන කිබුලා උදැල්ලත් එක්ක ගත්ත ෆොටෝ එකක් දාන්නම් .. මේවා වෙන කොහෙවත් නැහැ සයිලන්සර් ගෙන්ම විතරයි හොදේ..

    ReplyDelete
    Replies
    1. මේ වනයේ කෙසෙල් ගසුත් ඇත.

      Delete
    2. එකනේ සහන් කියන්නේ, අපිට බිල්ඩින් ගැන උගන්නන්න එන්නේ තැපැල් පියුං ලානේ බලාගෙන ගියහම.

      -- මුකලන් බස්සා

      Delete
  17. හෙන්රි වර්ණකුලසූරියFebruary 21, 2014 at 9:53 AM

    අපූරු විස්තර ටිකක්. මටත් බලන්න යන්න හිතුණා.

    ReplyDelete
    Replies
    1. යමු වෙලාවක. මේ දවස් වල පුලුවන් උඩටම යන්න.

      Delete
    2. දෙන්නම එක ඉසව්වෙ නොවැ ඉතින් ගොහින් ඇවිත් තවත් විස්තර ටිකක් දාමු.

      Delete
  18. කොහොමත් ඉතිං සැලසුම් කෙරුවා වගේ නෙවේනේ හදද්දී ඒක වෙනස් වෙනවනේ. හැබයි මේ විදියට අලුත් දෙයක් හිතපු එක ගොඩක් වටිනවා

    ReplyDelete
    Replies
    1. එහෙම ලොකු වෙනසක් වෙනවනං ඒක සැළසුමේ තියෙන අසාර්ථක බවයි පෙන්නන්නනෙ.

      Delete
  19. විස්තරේ කියවද්දි බලන්න යන්න හිතුණා.

    ReplyDelete
    Replies
    1. මෝඩ මෝල් එකෙන් උඩට හැමෝටම යන්න බෑ.

      Delete
  20. බොහෝම වටිනා තොරතුරක්! ඉංජිනේරැ තාක්ශනයේ මහිමය. ජය!!

    ReplyDelete
    Replies
    1. සහතිකවම. ස්තූතියි ආවට ලිව්වට.

      Delete
  21. ====
    අපූරුයි ඉන්දික විස්තරය. නැව පෙරලිලා මිනිස්සු මැරිච්ච සිද්ධිය ගැන විස්තර අහල තිබ්බට මේ මෝඩ මෝල ගැන වැදගත් විස්තර ටිකක් දැන ගත්තේ ඔයාගේ වියමනෙන්.
    එහෙනම් හෙට අනිද්දම බලන්න යන්න ඕන. තාම ඉතිං බහරේන් වලට ඇවිල්ලා ඒ හැටි කාලයක් නැහැනේ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යය්නෙම යන්න වටින තැනක්. යනකොට මට කියන්න. උඩට යන්න උදව් කරන්නං. මොකද මෝල් එකෙන් උඩට හැමෝටම යන්න බෑ.

      Delete
  22. මුන්ට බිල්ඩිම කෙලින් තියන් හුලං පෙති වෙනස් කරන්න තිබුන නේ? උඩ හුලං පෙති පොඩියට හදල හරි බ්ලේඩ් වල ඈන්ගල් එක වෙනස් කරල හරි බ්ලේඩ් හීනි කරල හරි.

    ReplyDelete
    Replies
    1. චැහ් ..
      උඩ ෆෑන් එකේ ඉඳල යට එකට බෙල්ට් එකක් දැම්මනං බබා වගේ කැරකෙනවා !!!..හැක් :D

      Delete
    2. අඩේ ඔව් බන් ගියර් සිස්ටම් එකක් දාල ඔන්නම් යට එක වැඩි වේගෙන් කැරකෙන්නත් හදලා "උඩ එකට වඩා වේගෙන් යට එක යන මහා පුදුමය" කියල සුපියල් පහ පහ අරන් පෙන්නන්නත් තිබුනා :D

      Delete
    3. ඇනෝ, මම උත්තර දෙන්නං හෙට. මොකද විස්තර වැඩී ටය්ප් කරන්න.

      ( ඉන්න මම මේ ගැන ඊළඟ ලිපිය දාන තුරු ඉවසන්න ).

      Delete
    4. ආයෙත් අහල ඇනෝ !! අර තෙල් වලින් දුවන ෆෑන් එකට පිටිපස්සෙං අනිත් දෙක කනෙක්ට් කරානං හුලං නැතිව රූංපෙති තුනම කරකවල පෙන්නන්න තිබුනා !!
      චැහ් .. මගෙ දැනුම මුන්ට් වටින් නෑ !!

      Delete
    5. මූලිකවම ඔතන ගැටළු කීපයක් තීනව.


      1. wind mill එහෙක සාමාන්‍ය අඩුම ප්‍රමාණයට තමයි මේ රොටර්ස් හදල තීන්නෙ ( 39m dia ). ඒක මීටත් වඩා කුඩා උනොත් සාමාන්‍ය සුළං තත්වයක්, ඒකියන්නෙ 5m/s ( මේ තමයි බහරේන් වල සමාන්‍ය සුළඟේ වේගය )වලදි වැඩ කරන්නෙ නැතුව යනව. හේතුව ටර්බයින් එක කරකවන්න අවම 4+m/s තියෙන්න ඕන නිසා.

      2. මේ ටර්බයින් වලින් කැපෑසිටි එක 225 kW. ඉතින් තව ෆෑන්ස් කුඩා කරොත් turbine power මීට වඩ අඩු කරන්න වෙනව. ඒක යොදවන ප්‍රාග්ධනයට අනුව වෙන්නෙ පාඩුවක් අන්තිමට. ඒකත් එක හේතුවක් ෆෑන්ස් වෙනස් නොකරන්න.

      3. ඔය ඔක්කොටම වඩා වැදගත් දේ මේකයි. මේ බිල්ඩින් එක ඩිසයින් කරල කන්ස්ට්‍රක්ෂන් පටන් ගත්තටත් පස්සෙ තමයි ටර්බයින්ස් සහ ෆෑන්ස් වල ඩිසයින් එක කරේ. ඒකෙ එහෙම උනේ ඇයි?.මූලිකවම architectural feature එකක් විදියට මේ fans දාන්න plan කරාට ඒකට technical study & design එකක් කරල තිබ්බෙ නෑ. මොකද මේකෙ ටර්බයින් ගාන තුනක් විතරක් නිසාත්, සාමාන්‍යනෙ හදන ෆෑන් වලට වඩා සයිස් එක ගොඩක් පොඩි නිසත්, මේ ඔෆිස් බිල්ඩින් එකක හයි කරන wind mill එකක තියෙන සේෆ්ටි රිස්ක් එක නිසාත් කිසිම wind mill producer කෙනෙක් මේ වැඩේට සහභාගි වෙන්න කැමති උනේ නෑ. ඒත් අන්තිමේදි සන්බ්ජෙක්ට් එකටඋපන් හපන් ඩෙන්මාර්ක් වල "NORWIN" කම්පැනි එක අත ගැහුව. ඒත් ඒ වෙනකොටත් බිල්ඩින් එක ඩිසයින් කරල කන්ස්ට්‍රක්ෂන් පටන් අරන් තිබ්බෙ. ඉතින් ඒ නිසා සයිස් එක වෙනස් කරන ඔප්ෂන් එහෙකට යන්න වෙලා තියෙන්න නැතුව ඇති!

      ඔය පත්තරේ කියන විදියෙ තව ඔප්ෂන් තීනව.

      ඩීසල් පවර් වලින් එක මෝටරයක් වැඩ කරවල, ඒකෙන් තව බෙල්ට්ස් දාල, පුලි, වීල් සෙට් කරල ටර්බයින්ස් ගොඩක් කරකවල ඩීසල් වගේ දෙගුණයක් විදුලිය ජෙනරේට් කරන්නෙ නැත්තෙ ඇයි කියන එක, ජල විදුලි බලාගරෙ පහලට යන වතුර ආයි මෝටරයක් දාල උඩට ඇදල එකම වතුරෙන් ආයි ආයි ජෙනරේට් කරන්නෙ නැත්තෙ ඇයි කියල වගේ හෙන ඉනොවේටිව් අයිඩියාස්.
      කරුමෙ කියන්නෙ එව්ව කවුරුත් ගනන් ගන්නෙ නැති එක!



      Delete
    6. "ජල විදුලි බලාගරෙ පහලට යන වතුර ආයි මෝටරයක් දාල උඩට ඇදල එකම වතුරෙන් ආයි ආයි ජෙනරේට් කරන්නෙ නැත්තෙ ඇයි"

      මිට ලඟින් යන බලාගාරයක් ඇමරිකාවේ තියෙනවා. ජලාශයේ වතුර වැඩි කාලයට තව ඉහලින් තියෙන upper lake එකකට වතුර පොම්ප කරනවා. වතුර අඩු කාලෙට ඉහල ජලාශයේ ඉඳල පහල ජලාශයට වතුර එන්නේ අර පොම්ප හරහාමයි. එතකොට ඒ පොම්ප ටර්බයින් විදියට වඩා කරලා විදිලිය නිපදවනවා. ඊළඟට ඒ වතුරම ප්‍රධාන ජලාශයේ ටර්බයින් හරහා ගඟේ පහලට යනකොට නැවත විදිලිය නිපදවෙනවා.

      මේක "සදා චල" යන්ත්‍රයක් නොවෙයි, නමුත් වතුර වැඩි හිම දියවෙන කාලයට උපරිම ප්‍රයෝජන ගන්න හදපු ක්‍රමයක්.

      කියවල බලන්න Grand Coulee Dam ගැන. 1942 තාක්ෂණයට මේක ලොකු වැඩක්.

      බැම්ම හදපු තැන ඉඳං අමුඩයක් ගහන් ෆොටෝ ගන්න බැරිවුනාට අවුරුදු 3 කට කලින් බැම්ම උඩ ඉඳල නම් ෆොටෝ ගන්න ලැබුනා. :)

      Delete
    7. machan,

      me tank eka wada karanne raata. e kiyanne, reeata viduliya paribijane wadi nisa hawasa endala uda thiyena tank eken wathura pahala tank ekakata ewala thamayi viduliya nipada wanne.

      passe dawalta, e kiyanne viduliya pari bojane adu welawata main line eken viduliya aragen motor karakawala apahu uda tank ekata danawa.

      mekata kiyanne water battery system ekak kiyala.

      Delete
    8. AnonymousMarch 30, 2014 at 7:54 AM said,

      මෙ ටෑන්ක් එක වැඩ කරන්නෙ රෑට. ඒ කියන්නෙ, රෑට විදුලිය පරිබෝජනේ වැඩි නිසා හවස ඉඳල උඩ තියෙන ටෑන්ක් එකෙන් වතුර පහල ටෑන්ක් එකකට එවල තමයි විදුලිය නිපදවන්නෙ.

      පස්සෙ දවල්ට, ඒ කියන්නෙ විදුලිය පරිභෝජනෙ අඩු වෙලාවට මේන් ලිනෙ එකෙන් විදුලිය අරගෙන් මොටර් කරකවල වතුර අපහු උඩ ටෑන්ක් එකට දානව.

      මෙකට කියන්නෙ වටෙර් බැටෙරි සිස්ටම් එක කියල.


      ( ඇනෝ මචෝ, ඔන්න පරක්කු වෙලා හරි උඹෙ අදහසට සාධාරනයක් කරා. ස්තූතියි දීපු අලුත් තොරතුරට ).

      Delete
    9. @prabath's blog,

      //බැම්ම හදපු තැන ඉඳං අමුඩයක් ගහන් ෆොටෝ ගන්න බැරිවුනාට අවුරුදු 3 කට කලින් බැම්ම උඩ ඉඳල නම් ෆොටෝ ගන්න ලැබුනා. :)//

      තාම හිනා :D

      Delete
  23. moda කියන වචනේ බොහොම සාමාන්‍ය එකක්නේ. ඒක හින්දාද මන්දා මට මේක මෝඩ මෝල් කියලා හිතුනේම නෑ. මෝදා මෝල් කියල මිසක්.
    අර ගොඩක් අය අහපු ලිෆ්ට් එකේ 35 ඉඳන් 42 ට වෙනකම් නම්බර්ස් නැති නම් ආරක්ශක හේතුන් මත වෙන්න ඕනේ. 35 න් හරි 42න් හරි ඉන්ටර්නල් ලිෆ්ට් එකකුත් ඇතිනේ. අනික ඒ බ්ලොක් එකම එකට වික්කා නම් එහෙම වෙන්න තියෙන ඉඩ වැඩියිනේ නේද?
    බර්ජ් අල් කලිෆා ගිය දවසේ මටත් මුලින්ම බය හිතුනා. ඇ‍යි අප්පා අර සෙන්ට්‍රල් බෑන්ක් වගේ බෝම්බයක් එහෙම ගැහුවොත් කියලා. අනික ඉතින් ඔය මැදපෙරදිග ඔය අහස උසට ගහන බිල්ඩින් වලට විතරක් ඔය තරම් ඉල්ලුමක් ඇයි?

    ReplyDelete
    Replies
    1. 3 ඉඳන් 38 වෙනකල් ඔෆිස් ෆ්ලෝර්ස්. 39, 40, 41 සර්විසස්. 42 පර්සනල් ඔෆිස් එකකකට ඉඩ තීන ෆ්ලෝ එක. ඔක්ෂන් කරේ 35, 36, 37 ,38, 42 ෆ්ලෝර්ස්.

      ඔය මෝඩ කියන්නෙ ෆ්‍රෙන්ච් වචනයක් නේද?

      අරක බර්ජ් නෙමෙයි බුර්ජ්. අරාබියෙන් එහෙමයි.

      Delete
  24. කාලයක් මැද පෙරදිග හිටිය නිසා "මෝඩ මෝල්" වැඩ ගැන ටිකක් දන්නවා. ඒවා ටෙක්නිකල් මෝල් වැඩ නෙමේ හැබැයි.

    ReplyDelete
    Replies
    1. ඒ මෝල් වැඩ නිසානෙ කළු බුර්කාව දාන්නෙ.

      Delete
    2. අරූ අර උඹ කිව්ව වගේ අගට :D නොදා කමෙන්ට් වලට රිප්ලයි කරා. බලමු කොහොන් කොහෙන් අල්ලයිද කියල කියවන්නො.

      Delete
  25. වැදගත් තොරතුරු ටිකයි.. ඇත්තටම අරකේ ඇයි 38 පස්සේ 42.. අතර මැද තට්ටු 3කට මොකද වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. හොඳ දේ ටික ටික තමයි දෙන්නෙ.

      Delete
  26. බොහොම හොද විස්තරයක්, වැඩි අවදානය දීලා තියෙන්නේ හුලන් පෙති වලට වගේ නේද... නැට්ට විසින් බල්ලා වැනිම..හික්..හික්..

    ReplyDelete
    Replies
    1. ඔව් හුළං පෙත්ත අනුව බිල්ඩිම ඩිසයින් කරා. හැබැයි පස්සෙ ඕකට කිව්ව "රුවලක හැඩේ දුන්න කියල අරාබි ඩෝව් යාත්‍රාවක් වගේ පේන්න".

      Delete
  27. දවසක් මාත් පොඩි ගමනක් යද්දි ඔය විදිහෙම පොඩි ඇඳුම් කඩයක් දැක්ක.වැඩේ පොඩ්ඩක් ලොල් නිසා පොටෝ එකකුත් අල්ලල දැම්ම බුකියට.. යටින් ගිහින් බලන්නකො.

    https://www.facebook.com/photo.php?fbid=534733059903130&l=6d590b513b

    ReplyDelete
    Replies
    1. ඒක දැක්කම හිනා කාල පන යනව. නියමම නම අප්ප.

      Delete
  28. 39,40,41 තට්ටුවවල මොනවද අයියා තියෙන්නේ ? ඒවාට lift එකේ යන්න බැරිද ?

    ReplyDelete
    Replies
    1. කම්මැලිය නොවී උඩ කමෙන්ට්ස් ටික කියවල වරෙන් බං ( මට ආයි ලියන්න කම්මැලියි ).

      Delete
  29. මට හිතෙන්නෙ ඔය මෝල් එකට මාවත් එක්කන් යන එකක් නෑ ( බඩු වල ගණන් ඇහුවම ) :D

    ReplyDelete
    Replies
    1. ඒකෙ තීන බඩු දැක්කම ඕගොල්ලො මෝල් වෙනව, ගාන ඇහුවම, ගෙවන්න ගියාම අපි මෝල් වෙනව. ඒ නිස ස්මෝල් ඒවටම යන්න.

      Delete
  30. This comment has been removed by the author.

    ReplyDelete
  31. ඇය් අය්යේ ඔය බොක්කට විරුද්ධ පැත්තෙන් හුලන් හමන්න බැරිද.?දන්නැති නිසා ඇහැව්වේ.
    හොද වියමනක්.අපේ බන්දුල ඇමැත්තා කියන ආර්ථික විජ්ජාවට අනුව ඩිනර් 8කින් එක්කෙනෙකුට මුළු මාසෙටම කතහැකි බඩපිරෙන්න.

    ReplyDelete
    Replies
    1. බෑ. හේතුව තමයි බහරේන් කියන පොඩිම පොඩි රටේ වෙරළට මුහුන දාල මේක හදල තීන නිසා. ඉතින් රටේ සයිස් එක අනුව මෙහෙ ගොඩ සුළං වේගය අන්තිම අඩුයි. අනික එහෙම ආවත් ගානක් නෑ මොකද සිස්ටම් එක ඩිසයින් කරල තීන්නෙ කාලයෙන් 50% විතරක් වැඩ කරල බිල්ඩින් එකේ අවශ්‍යතාවයෙන් 15%ක විදුලිය විතරක් නිපදවන්න.

      හැබැයි ඇත්තම මේ රටවල ජීවන වියදම ලංකවට වඩා හරිම අඩුයි. ඒ නිසාඩිනාර් 10 ට 12 ට තුන් වේල කන්න දෙන ( හොඳට බඩ පිරෙන්න මස් මාලු එක්ක ) කඩ මෙහෙ ඔය බැචුලර්ල ඉන්න ඉන්ඩස්ට්‍රියල් ඒරියාවල ඕන තරන්.

      Delete
  32. අදටත් ලෝකෙ උසම නිවුන් ගොඩනැගිල්ල සහ 2004 වන තුරු ලෝකයේ උසම ගොඩනැගිල්ල ලෙස වැජබුන මා සිටින ක්වාලාලම්පූර් නුවට පෙට්‍රොනාස් ගොඩනැගිල්ල ගැනත් යමක් ලියන්න හිතුනා මේක කියවලා....තොරතුරු වලට තුති....

    ReplyDelete
    Replies
    1. අනිව ලියන්න. දන්න දේ බෙදා ගන්න. මාත් ඒකට ගියා. හැබැයි මට ඊට වඩා හිතට ඇල්ලුවෙ අර කන්ද උඩ තීන කමියුනිකේෂන් ටවර් එකයි ඒක අයිනෙ තිබ්බ ගහයි :D

      Delete
  33. මේකෙත් 13 තට්ටුව තියෙනවද? ලංකාවේ දැන් හදන බිල්ඩින් ගොඩක 13 කියලා තට්ටුවක් නෑ 12 ට පස්සේ 14 පිස්සු නේ ...13 අසුබයි ලු

    ReplyDelete
    Replies
    1. ඉවාන්.......බොහෝ රටවල්වල හෝටල්වල 13 කියලා කාමරත් නැහැ. අරාබි රටවල්වල කොහොමද දන්නේ නැහැ.

      Delete
  34. නියම විස්තරයක් ඉන්දික ඔබේ වියමනත් එයටම ගැලපෙන කමෙන්ට්ස් ටිකත් නිසා මේ ලිපියෙන් බොහෝ තොරතුරු දැන ගත්තා. ස්තුතියි.

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails