Wednesday, August 29, 2012

ඔබේ සෙනෙහෙන් යළි උපන්නෙමි!






ගිය මැයි මාසෙ  තිබ්බ අම්මගෙ උපන්දිනේට සුභ පැතුවට මොකද ඊට දින කීපෙකට පස්සෙ ආපු තාත්තගෙ උපන්දිනේ අමතකවෙන්න ඉඩ ඇරල කරපු වරද කොයි තරම් ලොකුද කියල මට හිතුනෙ අද උදෙයි.


අවුරුදු හැත්ත හතරක් ඉවර වෙන තාත්ත අපෙන් Happy Birth Day Dad..! කියල කාර්ඩ් එකක් බලාපොරොත්තුවෙන්නෙ නෑ කවදාවත්ම කියන එක මම හොඳිම්ම දන්නව. ඒත් දුර රටක ඉන්න තමන්ගෙ ලොකු පුතා උදේ කතා කරල "ඔන්න තාත්තටදැන් හැත්ත හතරයිනේද, ඒ කියන්නෙ ලොකු සීය කෙනෙක්" කියලවත් ඇහුවනම් කොයි තරන් නං සතුටක් හිතෙයිද?

ඇත්තටම දූලට පුත්තුන්ට තාත්තලගෙ ඔය වගේ දේවල් අගය කරන එක බොහෝවිට අමතක උනාට ඒක එහෙම නොකකරොත් ඒ අයගෙ හිතට කොයිතරන් සතුටක්ද කියන එක අද කවදාවත්ම නැති තරන් හිතුනෙ මේ පාර මගෙ අතින් ඒ වැරැද්ද උන නිසාද!

කොහොම උනත් තාත්තෙක් හැටියට මගේ තාත්ත දිහා බලන්න මට කියල දුන්නෙ, මග පෙන්නුවෙත්, මම සාමන්‍යෙන් උපන්දිනේ ගැන මීට කලින් බ්ලොග් එකේ නොලිව්වට ඒ ගැන ලියෙව්වෙත් මගේ ලොකු පුතා.

වෙනද උපන්දිනේට කාර්ඩ් එකක් අරන් ඒකේ පුතයි අම්මයි හරි, අම්මටනං මායි පුතයි හරි යමක් ලියල දෙන එක තමයි කරන්නෙ. ඒත් මේ පාර මම පහුගිය දොහක කියපු දෙයක් කණට ගත්තු අවුරුදු පහේ පුංචි එකා මට සුභ පතන්න අපූරු නිර්මාණක් හදල.

ඇත්තටම අද උදේ මම රාජකාරියට එන්න සපත්තු දාද්දි පිටිපස්සෙන් ඇවිත් බෙල්ලට බදාගෙන "හැපි බර්ත් ඩේ කියල" කනට කරල කියල මේ පිතූරෙ දුන්නම ඇස් දෙකට කඳුළු පිරුනේ නෑ කියන්නෙ මොකටද?


මීට දවස් දෙක තුනකට ඉස්සර මම කියපු දෙයක් ඇහිල මගෙන් ඇහුවට "කවද්ද තාත්තගෙ බර්ත් ඩේ එක " කියල, මම හීනෙකින්වත් මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ. කොටිම්ම ඊයෙ උදේ මට කියල මොණරෙක් ඇඳ ගන්න කියල අත කොලේක ඇඳගත්තෙ මෙහෙම අදහසකින් කියල කොහොම හිතන්නද!

ඔය උඩ ඉන්න මොණර පවුලෙ විශේෂය තමයි එතන මගේ අතයි, අම්මගෙ අතයි, ලොකු පුතා නොහොත් ලොකු බාහුගෙ අතයි, චූටි මල්ලිගෙ අතයි හතරම තියෙනව. ඔය කොළ ටික අම්මගෙ කැබිනට් එකේ දාල තිබ්බ මල් බොකේ එකකින් ගලවගෙන. වැඩේට උදව් වෙන්න ගෙදර වැඩ්ට ඉන්න උන්දැටවත් රස්සාවට යන අපි දෙමහල්ලනටවත් නොකිය තනිමයම කරගෙන තියෙන හැටි අපූරුයි නේද?

ඉතින් මේක දැක්කම මට "මං වෙනුවෙන් මේ නොදන්න පොඩි පැටිය මෙච්චර දෙයක් කරාට  ඇයි මම මගේ තාත්තට නිකංවත් කෝල් එකක් නුදුන්නෙ" කියල හිත බර වෙන එක..!  මෙහෙම උනාම එහෙම  හිතෙන එක සාධාරණ උනාට ඒ අසාධාරණ වැඩේ සමනය කරගන්නෙ, මේ හිතට වද දෙන සිතුවිල්ලෙන් මිදෙන්නෙ මොනා කරලද?

46 comments:

  1. සුභ උපන් දිනයක් වේවා මචං . . .
    ඇත්තෙන්ම පියෙක් වෙන්නම ඕන ද මන්දා පිය සෙනෙහස අඳුන ගන්න . . .
    අම්මගේ උපන් දිනේට හැමෝම ගෙදර ඇවිත් පාර්ටි දානවා උනට තාත්තගේ උපන් දිනේ තාත්තට වත් මතක නෑ . . මම පිට රට ගියාට පස්සේ නම් ගොඩක් වෙලාවට කාර්ඩ් එකක් යවනවා කෝල් කරනවා (ලංකාවේදි විශ් කලේ නැතුවට ) එක සැරේක කප් රුක එකෙන් කේක් එකකුත් යැව්වා . . . කොල් කරද්දි මනුස්සයගේ හිනාව ඇහුනාම මට මාර දුකයි ඇයි මම ඒ වැඩේ කලින් නොකලේ කියලා . . .
    අපිට ආදරේ ඕනම කාලේ අපේ තාත්තට වෙලාවක් වත් උවමනාවක් වත් තිබ්බේ නෑ අපිට ආදරේ පෙන්වන්න . .
    ඒකෙන් මම ඉගෙන ගත්තේ මම නම් මගේ දරුවට කවදාවත් එහෙම හිස් තැනක් තියෙන්න ඉඩ දෙන්නේ නෑමයි කියන එක . . .

    ReplyDelete
    Replies
    1. උඹේ සුභ පැතුමට ස්තූතියි. ඇත්තටම අපිටත් ඔහොම දවසක් නො එන්නනම් අපි ඒක ආදර්ෂයෙන් පෙන්නන එක තමයි හරි. උඹේ කතාව හරි.

      Delete
  2. මේ ආදරේ..මේ සෙනෙහස දැකලා මගේ ඇස් වලට කඳුළු ආවේ නෑ කිව්වොත් ඒක පට්ට පල් බොරුවක්. උපන්තේකට තාම " තාත්තා " කියලා මගේ තාත්තට කතා කරන්න අවස්ථාවක් මගේ තාත්තම මට දීලා නෑ. මම ඒ ආදරේ මොකද්ද කියලාවත් දන්නෙ නෑ. දැනෙන්නෙත් නෑ. ඒත් ඒ ආදරේ මෙන්න මේ වගේ කියලා කවුරු හරි ලියපු දෙයක් දැක්කම...මගෙ ඇස් වලට කඳුළු එන්නෙ හිතන්නත් කලින්ම. ...

    දරුවො තාත්තලාට ආදරෙයි. ...

    ආ....තව පොඩ්ඩෙන් අමතක වෙනවා...සුබ උපන් දිනයක් වේවා සහෝ !

    ReplyDelete
    Replies
    1. ඔබේ කතාව මොකද්ද කියල මම නොදන්නෙ මම ඔබේ බ්ලොග් එකට ගොඩ නොවැදුන නිසානම්, ඒ ගැන කණගාටුයි.

      මේ ලෝකෙ හැම තාත්තතම එක වගේ නොවෙන්න පුළුවන්. ඒත් තාත්තෙකුගෙ ආදරේ අම්මෙකුට වඩා ගොඩක් වෙනස්. ඒක හරිම ගුප්තයි, ඒ අව්ගේම මහ විසාලයි.

      ස්තූතියි අදහසටයි, සුභ පැතුමටයි දෙකටම.

      Delete
  3. //"මං වෙනුවෙන් මේ නොදන්න පොඩි පැටිය මෙච්චර දෙයක් කරාට ඇයි මම මගේ තාත්තට නිකංවත් කෝල් එකක් නුදුන්නෙ" කියල හිත බර වෙන එක..!//

    වැඩිය හිතන්න එපා. ඉන්දික කරපු යුතුකම් වලට, පොඩ්ඩා යුතුකම් කරලා..

    ReplyDelete
    Replies
    1. නෑ බං. අපිත් දැන් තාත්තල නිසා එහෙම අතෑරල දාන්න අමාරුයි මෙව්ව.

      Delete
  4. ඇත්තමයි කියන්නේ මේ මගෙ ඇස් වලටත් කදුලු ආවා....
    ඇත්ත.. අපිට ගොඩක් වෙලාවට ඔය වගේ පුංචි දේවල් අමතක වෙනවා තමා.... මේ ඊයේ පෙරේදා අපේ අම්මලගේ වෙඩින් ඇනිවසරි එක මට අමතක උනා... ඒක කවදාවත් සැමරුවා කියලා මට මතකයක් තිබුනේ නැති නිසා.... ඒත් මට පුදුම දුකක් දැනුනා මල්ලි දුන්න පාටියට මට යන්න බැරි උන නිසා... ඊටත් වඩා දුක හිතුනා පස්සෙන්දා තාත්තා කෝල් කරලා ඔයත් හිටියනම් ෂෝක් දෝණි කියලා කිව්වම.....
    දැං නම් ඉතිං කරන්න වැඩිය දෙයක් නෑ... ඊළඟ පාර වත් මතක තියාගන්න එක ඇරෙන්න...

    ම්ම්ම්........ ඔයාට සුභ උපන්දිනයක් වේවා......

    ReplyDelete
    Replies
    1. මම බ්ලොග් ලියන්නෙ දුක හිතෙන්න නෙමෙයි සතුටු වෙන්න. ඒත් මේක නොලිය කොහොමද!

      දූලට මේව්ව අමතක වෙන එක හොඳ නෑ. සුභ පැතුමට ස්තූතියි. ඒත් මගේ කමෙන්ට් ස්පෑම් යවන ඔබතුමීගෙ අඩවියෙ මගෙන් නං ආයි නෝ කමෙන්ට් :D

      Delete
    2. අනේ ඉතිං එහෙම කරන්න එපා..... මං බොහොම අමාරුවෙන් ඔය ස්පෑම් වෙලා ගිය කමෙන්ට් යන්නේ කොහෙද කියලා හොයාගෙන ඔන්න හරි තැනින් අරං තිබ්බා..... හි හි...

      Delete
  5. ඔවු මචං ජිවිතේ අපි සමහරවෙලාවට මහලොකු දෙවල් කියල නොහිතන සිදුවිම් සහ සිතිවිලි තවත් කෙනෙකුට මහ මෙරක් වගේ මොනා උනත් ඔන්න තාත්තටයි තාත්තා පුතාටයි දෙන්නටම සුබ උපන්දිනයක්

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත මචං.
      ස්තූතියි සුභ පැතුමට.

      Delete
  6. අපට කරන්න හැකි හොඳම දේ හොඳ තාත්තා කෙනේක් වෙන එකයි!

    ඊයේ රෑ මගේ පුතා දත් නොමැද නින්ද ගිහින් තියෙනවා දැකලා කූද්දලා දත් මැද්දෙව්වා. මෑන් විලාප තියලා එක විකාරයක් කළා නිදිමතේම. අද උදේත් මා එක්ක තරහෙන්. මටත් දුකයි.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. ඉන්දික මචෝ,
      මෙතන මම දාපු කොමෙන්ට් එක පබ්ලිශ් කරන්න එපා :)

      Delete
    3. මට මේ ළඟදි ඕකෙ අනික් පැත්ත උනා. මහ රෑ ටී වී බල බල හිටිය මන් ගාව උතා නිදා වැටි වැටි උන්න. පස්සෙ මන් මිනිහව උස්සන් ඇඳට යන්න හැදුවම මේක ගියෙම නෑ "දත් මැද්දෙ නෑ" කියල. කොච්චර කිව්වත් මැද්ද කියල මිනිහ පිළිගත්තෙ නෑ. පස්සෙ ආයි බොරුවට මද්දල එක්ක ගියා. නැත්තං උනන්දුව අඩු වෙනවනෙ.

      ඔව් කකා, ගෙවෙන හැම මොහොතක්ම ඉස්සරහට පාඩමක්.

      ( ඕනයගෙ දෙවනි කමෙන්ට් එක දැක්කෙ පළවෙනි එක දැම්මටත් පස්සෙ )

      Delete
  7. සුභ උපන්දිනයක් මචෝ.

    ReplyDelete
  8. තාත්තගේ උපන් දිනේ අමතක වුනා වගේ පෙන්නලා... එයාට මොකක් හරි හිත පිරෙන තෑග්ගක් යවන්න... "උපන්දිනේ අමතක වුනේ නෑ" කියලා ලියලා... එත​කොට උපන්දිනේ දාට සුභපැතුවට වැඩිය සතුටු හිතෙයි....!!!

    සුභ උපන් දිනයක් වේවා....

    ReplyDelete
    Replies
    1. මේක හොඳ යෝජනවක්. තාත්තගේ පැත්තෙන් බැලුවම වැරැද්දක් නෑ.

      Delete
    2. උඹේ අදහස මසුරන්. වැඩේ සැට් කොලා, රිසල්ට් එක සඳුදට. ඔන්න බුද්ධියො ආදර්සෙට ගන්න ඕන මිනිස්සු. උඹල හිටියට ඔහොම අදහසක් දෙයිද?

      Delete
  9. තාත්තගේ උපන් දිනේ අමතක වුනා වගේ පෙන්නලා... එයාට මොකක් හරි හිත පිරෙන තෑග්ගක් යවන්න... "උපන්දිනේ අමතක වුනේ නෑ" කියලා ලියලා... එත​කොට උපන්දිනේ දාට සුභපැතුවට වැඩිය සතුටු හිතෙයි....!!!

    සුභ උපන් දිනයක් වේවා....

    ReplyDelete
  10. This is wonderful..He is very creative and thoughtful. First of al wish you a very happy birth day.

    ReplyDelete
    Replies
    1. ඔව්, මිනිහ ටිකක් දක්ෂය. කොලාජ් වලට ෆස්ට් ප්‍රයිස් එකකුත් ගත්ත ඉස්කෝලෙ. ඒත් ඉතින් මේ ලස්සන චිත්‍රෙ ඇඳල දුන්නට එදා රෑ මිනිහට ටිකක් උන. ඒ නිසා අපි කට්ටියම පාන් කාල නිදා ගත්ත.

      සුභ පැතුමට ස්තූතියි.

      Delete
  11. සුබ උපන්දිනක් උඹට.....!

    ආයි නම් අමතක කරන්න එපා තාත්තගෙ උපන්දිනේ.

    ReplyDelete
    Replies
    1. තැන්කියු මචන්. ආයි අමතක නොවෙන පාඩමක් ඉගෙනගත්තනෙ.

      Delete
  12. සුබ උපන්දිනක් උඹට.....!

    ආයි නම් අමතක කරන්න එපා තාත්තගෙ උපන්දිනේ.

    ReplyDelete
  13. සුබ උපන්දිනක් උඹට.....!

    ආයි නම් අමතක කරන්න එපා තාත්තගෙ උපන්දිනේ.

    ReplyDelete
  14. සුභ උපන් දිනයක් ඔයාට .
    …මටනම් මගේ පියාගේ උපන් දිනේ කවදාවත් අමතක වෙන්නෙ නෑ . උපන් මාසේ ඒ දවස එනකම් බලාගෙන ඉන්නව සුභ පතන්න සොහොන ලගට ගිහින් . ඔයාගෙ ලිපිය මගේ නෙතට කඳුලක් ගෙනාව . මීට පස්සේ අමතක කරන්න එපා හොදේ .

    ReplyDelete
    Replies
    1. සංවේදී ඇස් තෙත් වෙන එක සාධාරනයි. විශේෂයෙන් තාත්ත ගැන කිව්වම ඔයාට එහෙම හිතෙන එක. ඒත් ආයි මට මෙහෙම කතාවක් ලියන්න හිතෙන හෝ එහෙම වෙන එකක් නෑ කියල හිතනව, සහ පතනව.

      Delete
  15. සුභ උපන් දිනයක් සහෝ!
    අනේ මන්ද..ගොඩක් හිතට දැනුනා මේ පෝස්ට් එක..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි!

      එහෙනං ඒ ගැන මට අවංකව සතුටුයි.

      Delete
  16. නොකියම බැහැ. "සුභ උපන් දිනයක් වේවා"!!!!!
    පරක්කු වුනාට මිතුරුකම එහෙමමයි. හැබැයි පියාගේ සිද්ධිය ගැන නම් මගේ ප්‍රසාදයක් නැහැ. ඒත් එහෙම වුනාට පියවරු කවදාවත් තරහා වෙන්නෙත් නැහැ.

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම කෙලින් කියන ඔබ වගේ කෙනෙක් ගැන කොහොම අහිතක් හිතන්නද?
      ස්තූතියි සුභ පැතුමට.

      Delete
  17. "Amma sadki Mama ea lowa Hiruya Dili" "Piya senhasata Kawi,Ge liya una madi"
    Jayawewa,
    Sajith Mendis.

    ReplyDelete
    Replies
    1. "පියවරුමයි ලොව බුදුවනට මවුනට ඒ විවරන දෙන්නේ"

      ජයවේවා..!

      Delete
  18. සුබ උපන්දිනයක්!

    අර නිර්මානේ අපුරුයි! කොල අලවන්න කාගෙවක් උදව්වක් ගත්තෙ නැතුවට ඒක බොහොම ඉවසිල්ලෙන් කරලා කියලා පේනවා.!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මලෙ. කොලුවට ටිකක් අඩුත් ඒක තමයි. ඒකයි මට පුදුම.

      Delete
  19. ඇත්තටම මේ කතාවෙන් මටත් ලොකු වරදකාරී හැඟීමක් ආවා අයියා. ලබන අවුරුද්දේ ඒ වැරැද්ද නොවෙන්න වග බලා ගන්නවා කියලා මම මටම පොරොන්දු වුණා

    ReplyDelete
  20. හිතන්න දෙයක් ඉතුරු වුණා!

    ReplyDelete
  21. පොඩි බබාගේ නිර්මාණ අපූරුයි...

    ReplyDelete
  22. salli wadeta mokda une... update ekak denawada?

    ReplyDelete
  23. alut monwat dena nada apita kiywana.
    Jayawewa,
    Sajith.
    (11-10-2012)

    ReplyDelete
  24. වියැකි යන දේවල් නැවත දළුලා වැඩේවා!
    හරවත් ලිපියක්
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails