Saturday, August 18, 2012

මූ ෆීනික්ස් කුරුල්ලෙක්ද ට්‍රොජන් අස්පයෙක්ද?


මේ ඊයෙ පෙරේද අපේ බ්ලොග් අවකාසෙට වැඩපු නල්ලමලේ ෆීනික්ස් කුරුල්ල දැක්කද?

මට නං ඒකගෙ වැඩ කිඩ දැක්කම හිතුනෙ එක අතකට අෂ්රෆ් ඔමාර් උන්නැහෙ ෆීනික්ස් වෙනුවට බ්රැන්ඩික්ස් නම ගත්ත එකෙත් ලොකු අරුතක් තීනව කියල. මොකද ෆීනික්ස් කුරුල්ල කියන්නෙ තමන්ගෙ ආයු කාලෙ ඉවර උනාම තමණුයි කූඩුවයි දෙකම ගිණිඅරන්, ආයි අළු වලින්ම අළුත් ජීවිතයක් අරං නැගිටින සතෙක් මිස, අනුන්ගෙ ජීවිත අළු කරල අළු වලින් තම්න්ගෙ ජීවිතේ පාට කරගන්න, නැත්තං ඔය කවුඩො කරන ජාතියෙ බාල වැඩ කරන එකෙක් නෙමෙයිනෙ.

වෙන වෙන සත්තුන්ගෙ හඬින් අඬල, උන්ව මුලාවෙ දාන්න කවුඩ හරිම සූරය කියනවනෙ. එහෙම බැළුවම ෆීනික්ස්ල කියල හිතන් ඉන්න ඔය සමහර ඈයොන්ට ඇත්තටම ගැලපෙන්නෙ කවුඩ කියන එක තමයි.

ඒත් සමහරුන්ගෙ දාල තියෙන, දාගෙන තියෙන නම් ක්රියාවට ගැලපෙන්නෙ නෑනෙ. හරියට මම "උපශාන්ත" වගේ. නමට විතරයි උපශාන්ත. තව මගෙ හිතවතෙක් ඉන්නව නාලක හේවාමද්දුම කියල.මිනිහගෙ පුතා "අභීත". මුගෙ නම අභීත උනාට, ඔටර්ස් එකේ පීනන්න ඉගෙන ගත්තට, කිරිඇල්ලෙ කළුවලේ නාන්න ගියාම මේ අභීතය නෙමෙයි වතුරට බැස්සෙ. පොඩි එකාට භයලු. උනාට නම "අභීත"!

 හොඳ වෙලාවට මේ නාලකයි අභීත කොළුවයි ඉන්නෙ කැනඩාවෙ උනාට සිංහල බ්ලොග් ලියන්නෙ නෑ. නැත්තං ඉතින් කවුරු හරි අභීත පොරක් විනීත විදියට ඌව වතුරට දාල ඉන ඉහ අතගාගන්නත් තිබ්බ.

දැං ආයි කියන්න ආපු කතාවට ගියොත්, ඔය කියන ෆීනික්ස් කුරුල්ලව මට පේන්නෙ ට්රොජන් අස්පයෙක් විදියටයි.

දන්නව නේද කතාව? නොදන්න අයට දැනගන්නයි, අමතක අයට මතකෙට එන්නයි ආයි මතක් කලොත් මේකයි කෙටියෙම්ම සීන් එක.

ඔන්න ග්රීකයො අවුරුදු දහයක් වටකරගෙන ඉඳලත් ට්රෝයි වරුන්ගෙ නගරෙ අල්ලගන්න බැරි උනාලු. ඉන් පස්සෙ මේ අය මහන්සි වෙලා මහ විසාල ලී අස්පයෙක් හදල. පස්සෙ ඒකගෙ ඇඟ ඇතුලට උන්ගෙ විශේශ බලකායෙ සෙබළු ටිකක් ඔබල, අස්සය එහෙමම තියල, තමන්ට මේ වැඩේ එපා උනා, නිසා අපි යනව වගේ පේන්න ග්රීකයො ටික බොරුවට නැව් නැගල ටිකක් ඈතට ගියාලු. පස්සෙ මේ අස්පයව තමන්ගෙ ජයග්රහනට දෙවියන් දුන් තෑග්ගක් කියල හිතල, (ට්රෝයි වරුන්ගෙ සංකේතයත් අස්සය ) මේකව ආදරෙන් බලකොටුව ඇතුලට ගෙන්ච්චලු. පස්සෙ රෑ වෙනකල් මූ වටේ නට නට සතුටු උන ට්රෝය් වරු මතට තිත වෙලා තැන් තැන් වල වැටුනම අර එස් එෆ් උන් ටික හිමීට එළියට ඇවිත් ඔක්කොම ලොක්කො මරල ට්රෝයි පුරේ අල්ලගත්තලු.

ඉතින් තමන්ට තෑග්ගක් වගේ එන දේවල් පස්සෙ තමන් අහක බලනකල් ඉඳල තමන්ටම අරින කොට, එහෙම නැත්තං තෑග්ගක් හැටියට දෙන දෙයින් පස්සෙ තමන්ගෙ විනාසෙ බලාපොරොත්ත්වෙනවනං දෙන මිතුර, අන්න වගේ දේවල් වලට ලෝකේ "ට්රොජන් අස්පය" වගේ කියල කියනව.
හරියටම තව ටිකක් පැහැදිලි කරොත් එහෙම, හතුරෙක් හරි, මිතුරෙක් ලෙසින් එන හතුරෙක් හරි ඔන්න හැමෝටම පෙන්නනව මම හරි හොඳායි කියල්. මම කාටත් උදව කරන, කාවත් හිනා ගස්සන අවංකයෙක් කියල. එහෙම කියල කට්ටිය රවටල සබේට එනව. ඉන් පස්සෙ හිමීට එතන ඉන්න උන් එක එකාව, අනිකට හොරා හූරගෙන කාල අර සෙට් එකම විනාස කරනව. ඔන්න ඔහොම උන්ට ග්රීසියෙදි ට්රොජන් අස්පයො කියනවලු. මට කිව්වෙ මගේ කන්තෝරුවෙ ඉන්න ග්රීක හිතවතෙක්. කොටිම්ම දැන් ග්රීසියට වෙලා තියෙන්නෙත් අර ඔලිම්පික් කියන ට්රොජන් අස්පයව 2004 ගෙට ගත්තු කරුමෙ ගෙවන්න තමයි කියලයි මිනිහ කියන්නෙ.

ඉතින් එහෙම බැළුවම මේ බ්ලොග් ලියන්නොත් සිංහල අවුරුදු උත්සවයක් හින්ද "ට්රොජන් අස්පයෙක්" ගෙට දා ගත්ත එක ගැන කවර කතාද?

/ලි. මගෙන් කීප දෙනෙක් අහල තිබ්බ අර අභීත එදිරිසිංහ මගෙන් ණයට ගත්තු සල්ලි ආයි දුන්නද කියල. කෙටියෙන් කියන්න තියෙන්නෙ "තාම දුන්නෙ නෑ" කියල විතරයි. මේ ගැන පොළිසියෙ කේස් එකක් තියෙන නිසා වැඩි විස්තර කියන එක හරි නෑ කියල තමයි මගේ ලෝයර්  මහත්තය කිව්වෙ. හින්ද ඔන්න මම වෙන මුකුත්ම කිව්වෙ නෑ.

33 comments:

  1. මටත් හිතෙන්නේ ග්‍රීසියට උනේ ඔලිම්පික් සිද්දිය තමයි කියලා.

    ReplyDelete
    Replies
    1. ඔව්. තව පොඩ්ඩෙන් කොමන් වෙල්ත් ගෙනල්ල අපිටත් ඔයිට අන්ත වෙනව. මේ මෙහෙ කමෙන්ට් කරාමයි නේද? ස්තූතියි ආවට.

      Delete
  2. අස්පයෝ නම් හැම තැනම.බලාගෙන අස්පයෝ ගණන් නිසා පෝනියොත් අස්පයගේ පාර්ට් එක කොරනව.

    ReplyDelete
    Replies
    1. පෝනියො විතරක් නම් මදෑ. ඔය බූරුවොත් කොච්චර අස්සයො වගේ උඩ පැනං එනවද අපිව අන්දන්න!

      Delete
  3. මචන් ඔය වගේ එවුන් දැන් කාලේ වැහි වැහැල.
    ඔවුන් හැදෙන ජාතියක් නෙමෙයි. පට්ට බයිලා කියව කියව වටේට ගේම දීගෙන ඉන්න උන් දන්නවා.
    උඕ හරකෙක් වගෙඅ උට දෙන්න ගිහින් මෙතන උම්බෑ කියන්නේ නෙතුව ආතල් පොස්ට් එකක් දාපන් කියවන්න.
    උඕ කොච්චර ආතල් පොස්ට් දාගෙන ඉඳපු එකෙක්ද බන්. අනෙක උඹගේ බ්ලොග් එකට ගොඩ වුනාම බ්ලොග් එක කිවන්න හිතෙන විදිහට තියෙනව.
    ඔවුන් හදන්න බැහැ බන්. ඔවුන්ට රැවටන එවුන් හදන්නත් බැහැ.
    ඔය වගේ එවුන් හැමදාම මෙරෙනකම්ම ඔය බයිලෙන්ම තමයි ජීවත් වෙන්නේ.
    මම නම් ඔය අධිවේගී පොරවල් කවදාවත් ලං කර ගන්නේ නැහැ.
    උන්ට ගේම් දෙන්නත් දුන්නේ නෙහ වගේ ඉන්නත්. බයිලෙකින් ඒක වහන්නත්. වටේ එවුන්ට එහෙම නැහැ කියන්නත්. වටේ එවුන් උන්ව විස්වාස කරන තැනට ගේන්නත් පුදුම ටැලන්ට් එකක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. උඹේ දිගු අදහසට ස්තූතියි. එක අතකට මුං හොඳ පාර්ලිමේන්තුවටම තමයි.

      Delete
  4. ඔය දෙකම එකයිනේ... නරකද සුදු රෙදි හොරෙක්ව හොයාගත්තොත්...

    ReplyDelete
    Replies
    1. සුදු රෙදි හොරා නිකන් අහින්සකව ඉඳල පෙණුම හින්ද නම කැත කරගත්ත එකානෙ. මේ කියන උන් සුදු රෙද්දෙන් ලස්සනට වහන් ඉඳන් ගානට යටින් හොරා කන උන්නෙ. ඔන්න ඔතනයි වෙනස.

      Delete
  5. ටොයිං. මේ ෆීනික්ස් කුරුල්ලා කියන එකෙන් උඹ අදහස් කරලා තියෙන්නේ මම(ගිනි කුරුල්ලා)ගැන නෙවෙයි නෙහ්?

    ReplyDelete
    Replies
    1. මේ තොප්පිය උඹල වගේ පොඩි උන්ගෙ ඔළු වලට විසාල වැඩියි. මේක මහ ලොකු ඔළුවක් තියෙන කුරුල්ලෙක්.

      Delete
  6. //ඉතින් එහෙම බැළුවම මේ බ්ලොග් ලියන්නොත් සිංහල අවුරුදු උත්සවයක් හින්ද "ට්‍රොජන් අස්පයෙක්"ව ගෙට දා ගත්ත එක ගැන කවර කතාද?//

    හම්ම්.....

    දාලා තියෙන ලින්ක් ටිකෙන් පරණ කතන්දර ලොට් එකක් හොයාගෙන කියෙව්වා... මට ගොඩක් මගෑරිලා අප්පා....

    තැන්කූ වේවා...

    ReplyDelete
    Replies
    1. කාන්තාවන්ට අවාසි එව්ව තමා වැඩි හරියක් තියෙන්නෙ නේද?

      Delete
  7. ඔක්කොමත් හරි බන් . . මොකුත් කලේ නෑ වගේ පොර ටෝක්ස් දෙන එකනේ කාලා ඉන්න බැරි . . .

    තමන් වැරැද්දක් කලා එහෙම නැතිනම් හිතවත්කමට ගනුදෙනුවක් ඉල්ල ගත්තා . .

    යම් කිසි හේතුවක් හෝ හේතු කීපයක් නිසා ඒක පොරොන්දු වෙච්චි විදිහට වෙලාවට දෙන්න බැරි උනා . . .

    ඒත් ඒ කරන්න දෙයක් නැති කමට තාවකාලිකව බෑන්ක් එකට ස්ලිප් එක විතරක් දාලා ඩිපොස්ට් ස්ලිප් එක එව්වා

    සමාවෙයන් කරපු වැරැද්දට . .

    මම මගේ හදිසි උවමනාට උඹෙන් ගත්තු සල්ලි ඉක්මනින් දෙන්නම් . . .

    වගේ කියලා මහත්මයෙ වගේ වැඩේ ක්ලෝස් කරනවා වෙනුවට . .

    උඹ කරපු උදව්වට ප්‍රතිඋපකාරයක් විදිහට උඹට ම අරිනවා දැක්කාම @#$%^&

    ReplyDelete
    Replies
    1. දුකා.. උඹ හිතාගෙන ඉන්නේ උඹ පොරක් කියලද බන්..?

      Delete
    2. දුකා.. උඹ හිතාගෙන ඉන්නේ උඹ පොරක් කියලද බන්..? :D

      Delete
    3. දුකා උඹ තාම පොරක් නෙමෙයිද බං?

      එක අතකට පොරවල් අන්දන්න, සාක්කුවට විදින්න, මුකුත් උනේ නෑ වගේ බබා පාට් දාන්න, ණය කාරයො ගේ දොරකඩට ඇවිත් බැනල යත්දිත් ආතල් එකේ ට්‍රිප් යන්න, යාළුව රස්සාව නැතිව දහ අතේ එරිළ ඉන්දැද්දි උගේම සල්ලි වලින් බොන්න, උඹේ යාළුවගෙ මස්සිනා පොළියට දෙන බව දැනගත්තු දවසට පහුවෙනිදම යාළුවට හොරෙන් ගිහින් ඌවම විකුණල අර පොළී කාරයගෙන් ණය ගන්න, ගත්තුව දෙන්න බැරි තැන කොම්පීතරේ දීල බේරෙන්න නොදන්න, නොදීපු ලක්ස් විස්සෙ එව්වත් දුන්න වගේ කියවන්න වගේ සරළ දෙයක්වත් බැරි උඹත් පොරක්ද දුකා?

      Delete
  8. ට්‍රෝජන් අස්සයගේ ඇතුලෙ සිටි එස්එෆ් කස්ටිය කලේ නගරේ අල්ල ගන්න එකටත් වඩා බලකොටුවේ දොරවල් ඇරලා තමන්ගේ හමුදාවට ඇතුලට එන්න මඟ හදලා දුන්න එකයි කියලා යි මම අහලා තියෙන්නෙ...

    ReplyDelete
    Replies
    1. කොහොම කරත් උනේ අන්තිමට කෙළවනෙ එකනෙ මලේ.

      Delete
  9. ඔය මොකක්ද එකෙන් වගේම මේ ලඟදි මුණු පොතේ නටපු නාඩගමක් ඇතුලෙත් ට්‍රෝජන් අශ්වයෝ බුරුතු බුරුතු ඉන්නවා මම දැක්කා..

    සමහරු අශ්වයා ට්‍රෝජන් කියලා දැනගන්නේ වැඩේ උනාට පස්සේ. ඒත් අශ්වයා අඳුරගෙන නෑ තවම.

    ReplyDelete
    Replies
    1. අඳුනගෙන නැති එකද අඳුනගෙනත් නාඳුනනව වගේ ඉන්න එකද කියලත් හිතා ගන්න බෑ!

      Delete
  10. උබගේ නම සිංහයා උනාට කොරලා තියෙන්නේ ගොන් බූරූ වැඩ. ඇත්තටම උඹලා පොත් පත්තර කියවන්නේ නැද්ද. රූපවාහිනියක් බලන්නේ නැද්ද.. රේඩියෝවක් අහන්නේ නැද්ද.. අඩුගානේ ගොසිප් සයිට් එකක් වත් බලන්නේ නැද්ද.. අනික උඹලා ඉස්කෝලේ ගිහින් නැද්ද.. යාළුවෝ ආශ්‍රය කරලා නැද්ද.. කොටින්ම යාළුවෝ නැද්ද.. වලක් බැහැලා නැද්ද. ඩ්‍රින්ක්ස් නොදාන බව නම් දන්නවා... ඒත් උඹලගේ ඇස් පේන්නේ නැද්ද.. කන් ඇහෙන්නේ නැද්ද... සමාජය කියන දේ දන්නේ නැද්ද.. ඇත්තටම මට උඹලත් එක්ක මාර තරහයි.. උඹලා වගේ උන් ඉන්නකම්.. තව සක්විතිලා බිහිවෙයි..

    ReplyDelete
    Replies
    1. උඹට දෙන්න තියෙන්නෙ කෙටි උත්තරයක් නෙමෙයි ටිකක් දිග කතාවක්.

      මීට හරියටම අවුරුදු එකොළහකට කලින් මම මුල්ම්ම රට යන්න ටර්යි කරේ ඒ වෙනකොට ක්‍රෙඩිට් කාර්ඩ් හතරකටයි මහ තඩි DR250 ට්‍රෙලකටයි ගත්තු ණය ගෙව්වම මාසෙ බොන්න තියා කන්නවත් ඉතුරු නැති උන හින්දයි.
      ඒ කාලෙ තනිකඩය හින්ද සතියකට දවස් දෙක තුනක් කොහෙ හරි හොඳට ගහල එන එන නාට්‍ය බලල, මාසෙකට එකක් ට්‍රිප් ගිහිල්ල මටත් යාළුවො මහ ගොඩක් හිටිය.
      ඒ මගේ වයසට මට ලැබුන ආදායමත් එක්ක මම තමයි පොර. ඒත් අන්තිමේ පොර හිඳිල ණය වෙලා වැටුනම අර වටේ හිටිය උන්ට උවමනාව තිබ්බත් රට යන්න ඕන කරපු රුපියල් 55000 හොයල දෙන්න බැරි උනා. ඒ වෙනකොට වකුගඩුවක් බද්ධ කරන්න සල්ලි නැති නිසා (එතකොට බැඳල නොහිටපූ) හාමිනේගෙ තාත්තත් මරණය බලාපොරොත්තුවෙන් ගෙදර. ඒ නිසා එයාගෙන්වත් ඉතුරුකරගත්ත කීයක්වත් ඉල්ලගන්න විදියක් තිබ්බෙ නෑ. මගේ යාළුවො අති බහුතරය දුප්ප්තුන් නිසා උන් ගාවත් තිබ්බෙ නෑ. ඉතුරු කරපු සල්ලියක් නැති ගෙයක් හදල දරුවො හතරදෙනෙකුට උගන්නපු ( එතකොටත් නංගි ඉගෙන් ගන්නව ) තාත්ත ගාව තිබ්බ එකම තැන්පත් ධනය වෙච්චි විසි තිස් දාහ දේවත්වයෙන් අත නොගහ තියන් උන්නෙ නංගිගෙ අනාගත වැඩකට කියල.
      ඔය වෙලාවෙ මට තිබ්බෙ එක විකල්පයයි. ඒ බයිසිකලේ විකුණන එක. ඒත් මටවත් යාලුවොවත් බිරින්දැවත් ඒකට හිත හදා ගන්න පුළුවන් උනේ නෑ. ඒත් මම රට යන්නම ඕන නිසා අන්තිමට මගේ වටේ උන් පුළුවන් විදියට උදව කරල මාව උස්සල තිබ්බ. එක යාලුවෙක් උගෙ යන්තන් දහ අට පිරුණ මල්ලිගෙ ධනයෝජනයෙ එකතුවෙච්චි රුපියල් දහ දාහක් දුන්න. නිෂානි ඔෆිස් එකෙන් තව දහයක ණයක් අරන් දුන්න. ඔහොම මට රුපියල් තිස් දහක් එකතු උනා. ඉතුරු විසි පන්දහට තමා එවෙලෙ අපේ ඒ හැටිම බොක්කක් නොවුන දුර යාළුවෙක් උන ඉතාලියෙ උන්න රනිල්ට කතා කරන යෝජනාව ආවෙ. ඌත් රට ගිය අලුත නිසා කතා කරන්නත් අප්සට් උනත් මම ඌට කතා කරල සිද්ධිය කිව්ව ගමන් මිනිහ කිව්වෙ "උඹ හෙට අපේ ගෙදර ගිහින් තාත්තගෙන් ඉල්ල ගනින්, මම පොඩි වැඩකට ඊයෙ තාත්තට සල්ලි එව්ව" කියලයි. පස්සෙයි මම දැන ගත්තෙ ඒ උන්ගෙ ආච්චිගෙ දානෙට එවපු සල්ලි කියල. එහෙම යාළුවොන්ගෙ කරපිටින් මෙහෙ ආපු මම ඉන් පස්සෙ මගෙන් උදව් ඉල්ලපු හැම එකෙකුටම වගේ මගේ පුළුවවන් හැටියට උදව කරා. ඒ අර මට මුල යාළුවොම උදව් කල නිසා විතරක් නෙමෙයි, එදා සල්ලි නැතුව මම කොයිතම් අසරණ උනාද කියලත් මතකෙ තියෙන නිසා. අදටත් හෙටටත් මම මගේ යාළුවො වෙනුවෙන් කරන එකන එකම උදව්ව උන්ට ණය දෙන එක නෙමෙයි, ඒත් මට උන්ගෙ දුක සැප දෙකේදි යාළුවෙක් හැටියට කරන්න පුළුවන් ලොකුම දේ ඒක්යි කියල මම දන්නව. ( මගෙන් සල්ලි ගත්තු යාළුවො අතරෙ ගත්තු සල්ලි පරක්කු කරපු සහ නොගෙවපු යාළුවො නැත්තෙ නෑ. ඒත් උන් මට කවදාවත් බොරු කරේ නෑ. මාව ඇන්දුවෙ නෑ. "මචං මේ කයි කේස් එක, මට මාස දෙකක්/ තුනක් දියන්" කියපුව වගේම රස්සාව නැතිවීම වගේ නොහිතපු කරදර නිසා සමහරුන්ගෙ සල්ලි අතෑරල දාපුවත් තියෙනව. ඒත් උන් මට බොරු ස්ලිප් එවල මාව වටේ ගෙනිච්චී නෑ)

      ඉතින් උඹට තේරෙනව ඇතිනෙ සක්විතිල ගැන කියවන ගමන් මමත් අහු උනේ ඇයි කියල?

      Delete
  11. ඔය ඔක්කොමත් හරි ඔය ෆීනික්ස් යැයි කියාගන්නා කපුටාගෙ ලොකු ටෝක් තමා දිරවන්න බැරි. වංචා කරලා බොරු කියලා මදිවට වටේ හිටපු අයටත් බනිනව.දාලා ගියා කියලා.
    ඇයි යකෝ වංචා කරපු බොරු කියන ඒවා හදාගන්න කිවුවම ඒක අහන්නෙ නැතුව ලොකු කතා කියවන එකෙක් හලලා දන්නෙ නැතුව වෙන මොනව කරන්නද?
    සහෝදරයෙක් උනත් අත අරිනව මිසක්ක.
    ආයේ හෝදන්න දෙයක් නෑ ඔය ෆීනික්ස් කතාත් බොරු.
    නිකන් පුස් කතා විතරයි. කවද හරි ඔය දැන් වටේ ඉන්න උනුත් අද සිංහය කියන කතාවම කියයි

    ReplyDelete
  12. :D abeethayaaaata puken hina ethi mewa balalaa... ubala natanna puluwan.. eth uge meetare ubalata wada issarahin thiyenne..

    sri lanka police kiyana eka abeetata echchara gemak nemeyi.. loku pull ekakaut ekka alluwoth thamai hoda..

    ReplyDelete
  13. අපිට පොඩි කාලේ කියල දීපු අසාධාරණය ජයගන්නේ නෑ, බොරුව හැමදාම රජ කන්නේ නෑ, සත්‍යය ජයගන්නවා, කළ දේ පළ දෙනවා වගේ දේවල් ඇත්තටම බොරුද?

    අපි මහා මුලාවකද ඉන්නේ?

    ReplyDelete
    Replies
    1. අයියේ මේකට නම් උත්තරයක් දෙන්නම හිතෙනවා.
      මමත් හිතාගෙන හිටියේ එහෙම. අපේ අම්මලා අපිට ඉගැන්නුවේ එහෙමනේ. සමහරවිට මේ සමාජයෙත් අපිට ඔහොම හිතන්න බල කරන්න ඇති.

      මට තාම වයස තිස් හතක්. අද වෙනකොට මගේ හොඳකම් මනුස්සකම් හරහා මට වෙලා තියෙන දේවල් බැලුවොත් මම නම් හිතන්නේ ඔය කියමන නිකම්ම නිකම් හිස් වචන ටිකක් විතරමයි කියලා.

      අඩුගානේ පණ කඩාගෙන උදව් කරලා (සමහරවිට අපිට ඊටත් වඩා අමාරුකම් අස්සේ ) අන්තිමට කළකිරීමයි දුකයි විතරමයි ඉතුරු වෙන්නේ.

      Delete
  14. Abithayata koranna puluwan pakak nehe, policiye kosso 2-3k dena gaththata.
    Nav talks dunnata mokada me para nam kelawenawa kiyala uuu dannawa. Puken hina nemei chuu gihin inne ookata.

    ReplyDelete
  15. Machan sinhalen liyanna bari weema gana kanagatui. mama danna porak inanwa oya case deal karana. habai 1/3 k mant gewanna ona. umbn gatta salli arrogena gannwa nathanam uge gedara ganeewa hari ussagena enawawa.

    ReplyDelete
    Replies
    1. Ubata "sinhala" bari une Ape Pinakata. "BORA DIYA MALU BAMA" " KALA DUTU KALA WALA IHA GANIMA" " AWILANA RAULAN SURUTU PATU KIRIMA"
      Jayawewa.
      Sajith

      Delete
  16. aththama indika,abheethage wili lajjawak nathi kama u liyana dewal walinma penawa.eth mata nam hithenne u rata watema erila inna nisa honda sihiyakin nemey owa karanne.adahana agama mokak unath kata hari narakak kalama eka pala denawama thamai.ada,heta nowunath kawadama hari e de wenawa.muna penna nathuwa post ekak dala thaman pheonix kurullek kiyala pennan inna haduwata minihama koi tharam windawanawa athida?udin hina wela munata katha kalath yana kam indala kiyanawa neda oka pal hora,,asraya kalath kalpanawen inna oni kiyala.aththatama me yatharthaya api therum ganna oni.rata as deka piyaganna giyama u windawana tharama danne uge hithama thamai.eka ehema nemey mama harima sathutin sahalluwen inne kiyala kawa rawattuwath thamunga hithata mokak kiyannada machan..Duka umba porak kiyalada ahanne honda sihiyen inna ekekda?duka porak nowunath me hamoma dannawa abheetha duka gen nayata salli aran thiyenawa,eka apahu ganna u mara kattak kawa kiyala.e athin balanakota duka porak thamai,kohoma hari deepu salli gaththu nisa.
    Indika..umba hithe tharahata mehema liwwata umbe yati hithin u gana anukampa karanawa.mata mathakai eka ano kenek abheethaga wife,lamaya gana dala thibuna comment eka.eth umba eka ayin karala dala.

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails