Tuesday, January 3, 2012

සිංහබාහු ක්‍රමයෙන් නව වසරට අනාවැකි......ඉතිරි කොටස...




අද යන්තන් වැඩ අස්සෙ අනාවැකිවල ඉතුරිටික ලියාගත්ත.

මෙව්ව මේ විශ්ලෙශනය කරල සංකෝචනය කරල උන්ඩුක පුච්චෙන් හිතල අක්මාවෙන් උපදින අදහස් නිසා වෙලා යනව ටිකක් එන්න.

ඔන්න තම තමන් අයිති කොටස ගැන ලියල තීන එව්ව හිතට හරි මදිනං තායිලන්තෙ ටර්කිෂ් බාත් එකකට ටිකට් එකක් අරන්

"සිංහයා, තුනෙං දෙක, බගතලේ පාර, අඹතලේ හරහා මිහින්තලේ"

ලිපිනයට තැපැල් කරන්න. යෝගයක් කරල අපල කපල අගලට දාන්නං.

එහෙනං ඔක්කොටම ආවඩා ආයිබෝ කිව්ව!


උසස් වෘත්තිකයින්

ගෙදරට කාර් ණය මදිවට ගෙවන්න
කප්පං කාරයෝ ඇත මහ මඟ රකින්න
යන්තං ගෙවා පැන ආවත් හිඟන්න
මහ බදු යකුන් එනු ඇත තව කෙළින්න

සල්ලි නැතත් ණයට ගත්තු අරුමෝසම් බඩු
තට්ටු තුනට ණයක් දලා හදාගත්තු මඩු
ගෙව්වෙ නැතොත් චාටර් වෙන ක්‍රෙඩිට් කාර්ඩ් නඩු
කවර් එකට කුණු කැවේවි පරිස්සමින් හිටු



විදේශ සේවා වෘත්තිකයින්


බාල්දු වී ඩොලර් සල්ලි පඩි වැඩි වනු ඇත
ඉහල නගින තෙල් හින්දා ටිකටුත් වැඩි වෙත
තොටුපොලෙදි හූරං කරනා කාක්කො හරි කැත
ගොඩක් වෙලා මරං කාවි පරිස්සමින් අත

ලියන් ගොඩේ පරංගිරට ඉස්පාන්ඤ්ඤෙ පැත්තේ
ණය පිරිලා ගෙවාගන්න කිසි විදියක් නැත්තේ
අරාබියෙත් ගිණිකෙළිමයි වැඩි වෙයි තව මත්තේ
රට හිටියත් රස්සාවල විස්වාසය නැත්තේ


විපක්ශ දේශපාලකයින්

ගුටි කනවා මිස තොප හට මස් නං එනු නැත්තේ
ළඟකදි නං වැහි කඳුලක් නොවැටෙනවා ඇත්තේ
ඇල්ලූවත් බර තැනකින් ඒ පැත්තේ අත්තේ
ඵල නැතිවෙයි උන්දැලටත් එන යන මං නැත්තේ

මහ රජාගේ පන්දුවලට පාදෙ පෙරට දමා
පහර දෙන්න කෙනෙක් හැදී එනතුරු බර දමා
ඉවසාපන් පපුව කියා නොගෙන ගුස්පි දමා
හිටිය වගේ මේ වසරෙත් ඉඳින් වෙලා පමා

රජයේ දේශපාලකයින්

කරන කරන හොඳ අඳුරෙන් වැසෙන්නේ
නරක කරන උන් මයි බබලවන්නේ
අරණ හැර දමා වදුලෙම වදින්නේ
නරක කල තමයි මේ මහ රජුන්නේ

හොඳට නරක දෙකටම කට නම් වේය
වවන තල මිසක් මුං නං නොකැපේය
කරන හොඳ උනත් නරකෙන් අඩු වේය
අමතක කරන එක මුල නං සුභ නෑය

18 comments:

  1. //ගුටි කනවා මිස තොප හට මස් නං එනු නැත්තේ//
    සහතික ඇත්ත.

    ReplyDelete
  2. පත්තරේක විශේෂාංග ලිපියකට දාන්න මරු කවි ටික බන් . . ඇත්තමයි . . . කියනවට වත් රාවයට හරි යවපන්කෝ . . .

    ReplyDelete
  3. අර විදේශ කට්ටියට ලියපු ටිකටනම් මම ලයික්.. මේ යන විදිහට ඕක අනිවාර්යෙන් වෙනවා..

    ReplyDelete
  4. අපෝ..විදේශ කට්ටියට මාත් ඉන්නවනෙ සික්..

    ReplyDelete
  5. මරු කවි සෙට් එක .රජයේ දේස පාලකයන් ගැන තියන කයි දෙකට මගේ මනාපය

    ReplyDelete
  6. එළ කවි ටික.....

    ReplyDelete
  7. කවි ටික නම් ලස්සනයි. ඒත් අපිට අනාවැකි නැති හන්දා ඔන්න අපි ගියා. :D

    ReplyDelete
  8. කවි ටික නම් මැක්සා....... අලුත් අවුරුද්ද කවියෙන්ම නැගලා යයි....

    ReplyDelete
  9. එතකොට අපි ගැන කතාකරන්නේ නැද්ද ?

    ReplyDelete
  10. ආයු බෝ වේවා...!!!

    ReplyDelete
  11. අම්මප කිව්වත් වගේ කෝ බවලත් උදවිය ගැන මුකුත්ම කියල නෑ නෙව

    ReplyDelete
  12. හරිම අසාධාරණයි.

    ReplyDelete
  13. රාජ්,

    හිඟන්නන්ට උණුබත් කොයින්ද?

    -----------------------------------------------------------

    දුකා,

    යකෝ අපේ නෝනවත් මාව නග්ගවන්නෙ නෑ වත්තෙ මුරුංගගහට. ඒකට මෙන්න මූ!

    --------------------------------------------------------

    ඩිනේෂ්,

    චින්චැට්කිරිල්ලී,

    මාත් ඉතින් ඔයගොඩේම තමයි මේ කිව්වට.

    --------------------------------------------------------

    සඳරු,

    එතකොට විපක්සෙ එක අවුල්ද? මේ නං අලියට බනින අලියෙක්ද කොහෙද!

    ---------------------------------------------------------

    ඔබ නුදුටු ලොව,

    ස්තූතියි!

    ---------------------------------------------------------

    කුමාරිහාමි,

    කුමාරිහාමිල ගැන මොනා ලියන්නද. තරහ නොගෙන ඔහෙං පොඩ්ඩක් ඉඳල යන්ට ආයිබෝං.

    --------------------------------------------------------

    ගොඩයා,

    මම මේ කවිපන්තියක් ලිව්වමයි. බලනකොට එහෙනං ඒකත් අවුලක් නෑ වගේ!

    ---------------------------------------------------------

    ගිම්හාණි,

    අපි කිව්වෙ? මං බඳින්න කලින්නං කෙල්ලොන්ගෙ අත බලා සාත්තර කිව්ව. දැන් මගේ කල නොහොඳ වෙයි කියල ඒ වැඩේ අතෑරල තීන්නෙ ( අපේ නෝනගෙ අතින් ඇල්ලුවෙත් ඔය සාත්තර ගුලියක් දාල තමයි තමයි මුලිම්ම ) :D

    --------------------------------------------------------


    ඔබා-ම

    ආවඩාම ආයුබෝවේවා...

    ---------------------------------------------------------

    නවම්,

    මොනා කියන්නද බං අමුතුවෙන්? අනික මොන සාත්තරේටද ඒ ගොල්ලන්ගෙ මී උන්න මේ වෙනස් වෙන එව්ව මීටර් වෙන්නෙ?

    ---------------------------------------------------------

    පිණිබිඳු,

    මොකද බං සැට් එක කියන්නෙ. සෙට් එක සෙට් එක! :DD

    ---------------------------------------------------------

    පොඩ්ඩි,

    ස්තූතියි ආවට.

    මට තේරුනේ නෑ මං කොරාපු අසාධාරනේ! ඔබ තුමී දාන්නෙත් පොඩ්ඩි දාන දෝස්මුරෙනං, අන්න මං නවම් මලයට කිව්ව උත්තරේ. :D

    ReplyDelete
  14. කෝ එතකොට අපි වගේ අවසේස ජනයාට අදාලව අනාවැකි ???

    ReplyDelete
  15. ඕනය,

    අත් වල රේඛ නැති කල මොන අනාවැකිද බොල?

    ReplyDelete
  16. කෝ බං රාළහාමි මගේ කොමෙන්ට් එක...

    ReplyDelete
  17. අසරණයා,

    මාත් එහෙම එකක් දැක්කෙ නෑනෙ! ආයි ලියහං බන්.

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails