Monday, December 26, 2011

හත් අවුරුද්දක්!



තවත් අවුරුද්දක් ගෙවිල.

අපේ ජීවිතවලට වැඩිම බලපෑමක් කරපු ඒ ස්වභාවික විපතට අදට අවුරුදු හතක්.

පුරුදු විදියටම මාමලගෙ ගෙදර සහ කඩේ අය්යලගෙ ගෙදර අද දානමය පිංකං. මාම කියපු විදියට දැන් දැන් හාමුදුරු ගොල්ල හොයාගන්න අමාරු නෑලු. මුල් අවුරුදු දෙක තුනෙදි දෙසැම්බර් විසි හය හාමුදුරුණනමක් වඩම්මල දානෙ දුන්නෙ හොඳම බලවත්තු විතරයි. මොකද පිංකං එච්චරට.

ඒත් මැරුණ උන් මත්තෙම නැහිල මොකටද කියල හිතල වෙන්නැති ගොඩක් අය දැන් දන් කඳ පන්සලට දීල එනවලු! එක අතකට ඒකෙත් වැරැද්දක් කියන්න බෑ. ඒත් අපිටනං පොඩි අක්කලවයි අර චූටි උන් දෙන්නවයි කොහොම අමතක කරන්නද!

මම ගිය අවුරුද්දෙ ලිව්ව වගේම අපේ පවුලෙ සුනාමියෙන් බේරිච්ච අයගෙ ජීවිත තාම ඒ විදියමයි. ඒ පරම්පරාව ඉවරවෙන තුරු එහෙමම තියෙයි. මොකද කරටිය කැඩුනෙ මහ ගහක නිසා.

පොඩි අක්කටත්, අය්යටත්, පුතාටත්, ලොකු තාත්තට සහ ලොකු අය්යගෙ පුංචි කෙල්ලො දෙන්නටත් ආච්චි අම්මාටත් එමෙන්ම සුනාමියෙන් මියගිය සියළු ලෝ වාසීන්ටත් නැවත එවන් රුදුරු මරණයක් උරුම නොවේවා..!

18 comments:

  1. මෙවන් විපත් මතු නොම වේවා.....
    සුනාමියෙන් දෙම්ව්පිය රැකවරණය අහිමි වු දූ පුතුන්ට ජීවිතය දිනන්නට දිරිය ශක්තිය ලැබේවා......

    ReplyDelete
  2. මටත් ඒ දවස අද වගේ මතකයි. ටීවී එක බලමින් ඉන්නකොට මූද ගොඩ ගලලා, මිනිස්සු ගහගෙන යනහැටි විශ්වාස කරගන්ට බැරුව බලාගන උන්නු හැටි. ඊට පස්සේ අප්ප්ච්චි එයාගේ යාලුවන් හොයමින් ලංකාවට කෝල් කරපු හැටි. මෙහේ ඉන්න යාලුවෝ ඔක්කොම එකතුවෙලා උදව් කරන විදි ගැන කතා කරලා ඒ ගැන කට යුතු කරපු හැටි.

    හරිම කණගාටුයි. මෙවන් විපතක් මෙලොව කිසිම කෙනෙකුට සිදු නොවේවා කියලා මමත්, මුලු හදින්ම ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  3. සසර පුරා උපදින වාරයක් පාසා ඔවුන්ට එවන් දුක්බර ඉරනමක් යලි කෙදිනකවත් උදා නොවේවා!

    ReplyDelete
  4. සුනාමි ව්‍යසනයෙන් මිය ගිය ඔබගේ ඥාති පිරිසටත්, සියලු දෙනාටමත් නිවන් සුව ලැබේවා...!!
    ඒ වගේ විපතක් නැවත සිදු නොවේවා කියලා මමත් ප්‍රර්ථනා කරනවා...

    ReplyDelete
  5. .......ඔය කරැමක්කාර වචනේ ආයේ කවදාවත් ..ලංකාවේ විතරක් නෙමේ මුලු ලොකෙන්ම අහන්න ලැබෙන්නේ නැත්නම් හොඳයි......කීදෙනෙක්ගේ ජීවිත නැතිවුනාද?...ඒ ගැන කතාකරල වැඩක් නැහැ.
    .....මියගිය සියලු දෙනාටම නිවන් සුව ලැබේවා....!!!

    ReplyDelete
  6. මොනව කියන්නද කියල හිතා ගන්න බැහැ. තමංට ලඟ කෙනෙක් නැතිඋනාම දැනෙන විදිහ තමාට තරම් අනෙක් අයට දැනෙන්නෙ නැහැ. නමුත් දුක බෙදා ගන්නං.

    ReplyDelete
  7. මෙවන් අකල් මරණ මතු මතුත් සිදුනොවේවා කියල ප්‍රර්ථනාකරනව සහෝ..සියලු දෙනාටම නිවන් අත්වෙවා...

    ReplyDelete
  8. සුනාමිය දවසේ මාත් පන්තියන්න ගිහින් ඒ වෙලාවේ හරියටම නේවි කෑම්ප් එක ඉස්සරහ. බස් එකට ආරංචිය ආව ගමන් හැමෝම බැහැලා දිව්වා. ඒතරම් දුරක් මං කවදාවත් එක හුස්මට දුවලා නෑ.
    අපේ පන්ති‍ ආපු සමහර ළමයි නැති වුනා.
    ඔයාගේ නෑයෝ හැමොටමයී අනිත් අය හැමෝටමයී අමාමහ නිවන් සුව පතනවා. කිසිම අත්මෙක මෙවැනි විපතක් අසන්නටවත් නොලැබේවා.

    ReplyDelete
  9. කිව්වට විස්වාස කරන්නේ නැහැ ඔය දවසේ සෑමා හිටියේ කැළණි දහම් පාසලේ සිල් ගන්න ගමන්. අපිත් ගිහන් බැලුවා කැළණි ගග උඩහට ගලනවා..

    කාටවත් කවදාවත් ‍එහෙව් විපතක් වෙන්න එපා බොලව්...

    ReplyDelete
  10. මෙවන් විපතක් නැවත සිදු නොවේවා...!!!

    ReplyDelete
  11. මං සුනාමිය ගැන කතා කරන්න කැමති නෑ බං

    ReplyDelete
  12. සුනාමිය නිසා ජීවිතේ හැරයන්න සිද්ධවුණු හැමෝටම අමා මහ නිවන් සුව පතමු !!!!

    ReplyDelete
  13. මටත් ඉතින් කියන්න තියෙන්නේ මේවාගේ විපතක් ආයේ කිසිම දවසක අහන්නවත් නොලැබේවා කියලයි ‍‍

    ReplyDelete
  14. මේවා කවදාවත් අමතක කරන්න පුලිඋවන් දේවල් නෙමේ

    ReplyDelete
  15. හැඟීම් බෙදා ගන්න ආපු හැමෝටම ස්තූතියි!

    දෙදහස් දොලහ ලෝක විනාසය උනොත් ක්ෂනික මැරෙණ විදියකටම වේවා!

    ReplyDelete
  16. ඔය දේවල් මතක් වෙන්න වෙන්න දුක වැඩියි කියලයි මට නම් හිතෙන්නෙ ඒ කොහොම උනත් නෑයෝ හැමදෙනාට ම නිවන් සුව ලැබේවා!

    ReplyDelete
  17. කණගාටු දායක පොස්ට් එකක්.මොනවා කරන්නද සහෝදරයා.

    ReplyDelete
  18. ලබන්නාවූ 2012 නව වසර ඔබ ඇතුළු පවුලේ සැමගේ සුභ සිහින ඉ‍ටුවන සුභම සුභ නව වසරක් වේවා - [නවම්-චූටිමැණිකේ-ලීනු]

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails