Sunday, July 31, 2011

සිංහ බාහුගේ සිංහ ටෝක්!




අපේ ලොකු බාහුගෙ කතා වලින් මෙගා එකක් ලියන්න ඇහැක් වෙයි වගේ යන විදියට.

ඒත් ඉතින් නිකන් මොකටද හාමිනේගෙන් ලෙඩක් දා ගන්නෙ! මේව තැන් තැන් වල කියල ළමයටයි හොඳ නැත්තෙ කියල කිව්වොත්. ඒ හින්ද අද මේ කතා දෙකට පස්සෙ කාලයක් ලියන්න හිතන් ඉන්න ලිපි සේරීස් එක පටන් ගන්න බලනව.

ලොකු බාහු ගෙ මහලොකු කතා 1.

සාමාන්‍යෙන් අපේ සිකුරාද වේල කඩෙන්.

මොකද නෝන ඕෆ්! මම වැඩ ( සුද්ද කරන අස් කරන තණකොළ කපන, මල් ගස් වලට සාත්තු කරණ, වැසිකිළි හෝදන වගේ බර වැඩ )

පහුගිය සිකුරාදාවක ඔහොම මායි අපේ ලොකු බාහුයි දෙන්න රෙස්ටුරන් කඩේකට ගිහින් කන්න යමක් උස්සන් ආව පුරුදු විදියටම.

වෙනදට ගෙනා ගමං කනව උනත් එදා පුත්‍රය නාල නොහිටි නිසා අම්ම කිව්ව මෙයාව නාවලම ඉමු කියල. ඉතින් අරූට මල! කෑම කන්නමයි පොරේ. ටිකක් වෙලාවත් පැනල.

ඇත්තටම මාත් මිනිහගෙ පැත්තෙ තමයි. ඒත් සද්ද නැතුව උන්න (බඩට මිස කණට කන්නෙ මොකැයි කියල)

කොහොමහරි වදෙන් පොරෙන් නාවල ගත්ත බාහු ක්‍රීම උලල භාරදුන්න මට අන්දවන්න.

මූ බඩ ගින්නට එක එක විකාර කරනව, කලිසම කකුලට දාන්නම දෙන්නෙ නෑ. මටත් බඩගින්නෙ. හොඳම එකෙන් තද උන පාර අල්ල ගත්ත පොඩි අත් දෙකෙන්.

මම - ඉක්මනට මේක ඇඳගන්නවද නැත්ද?

බාහු; හිකිහිකි ... (කෑම කොහොමත් ඉල්ලපු වෙලාවට නොදීපු එකේ තව ටිකක් පරක්කු කරන්න කියල හිතල වගේ )

හිනා වෙලත් බෑ නොවිත් බෑ... ඒ විකාර මූණ නොබලම ස්ද්දෙ ටිකක දාල....

මම; දැන් ඉක්මනට මේක ඇඳගෙන කන්න ආවෙ නැත්තන් අද කෑම නෑ….මගෙන් මුලු දවසෙම ගුටි තමයි කකා ඉන්න වෙන්නෙ!

බාහු; එහෙනං ඉතින් තාත්තටත් කන්න වෙන්නෙ නෑනෙ!


මේ මොකාටද මූ එන්න හදන්නෙ. ඒ වෙලාවෙ ඇත්තටම තද උනා. ඇයි යකෝ අර කෑම එක සුවඳ ගගහ ඉන්දැද්දි මං කන එක මොකා නවත්තන්නද?

මම; ඒ මොකද ඒ. හුහ් ..

බාහු; ඇයි ඉතින් තාත්තට කන්න වෙන්නෙත් නෑනෙ..දවසෙම බබාට ගුටි කව කව ඉන්නකොට...

#@#%^%$*%^$&^%)&*(^)*&)(*&)(&*)



මහ ලොකු කතා 2.


මම දවල් කෑමට ගෙදර ගිය වෙලාවෙ මිනිහ දුවගෙන ඇවිත් දොර අරිනව අතේ පුංචි ජීප් පැට්ටෙකුත් තියාන.

ගෙට ගොඩවෙලා ඉඳගන්නත් කලින්

බාහු; තාත්තෙ, මොකද්ද තාත්තෙ මේ මේකෙ යට ලියල තීන්නෙ


මම; ඒ පුතේ හමර් H2 කියලනෙ.

බාහු; නෑ නෑ, මේ චූටියට මෙතන තීන්නෙ.

මම; ඒ ටීම් ජී එම් කියල..

බාහු; ඒක බබා දන්නව...මොකද්ද ටීඑම් ජීඑම් කියන්නෙ කියල අහන්නෙ?

මම: ටී එම් කියන්නෙ පුතේ ට්‍රේඩ් මාර්ක්...ජී එම් කියන්නෙ ජෙනෙරල් මෝටර්ස්..

මේ සමර් එකෙන් පස්සෙ අලුත් අවුරුද්දට හාදය ඉස්කෝලෙ යන්න පටන් ගන්න නිසා ඒ වැඩේට උනන්දුව වැඩි වෙන්නත් එක්ක කියල හිතල

"ඒකනෙ තාත්ත කියන්නෙ හැම තිස්සෙම බබාට ඉක්මනට ලොකුවෙලා ඉස්කෝලෙ යන්න කියල, ඉස්කෝලෙ ගියාම ඕව ඔක්කොම දැන ගන්න පුලුවං"

කියල මං තව සීනි ටිකක් අතිනුත් දැම්ම..

මගේ කතාව අහගෙනම පොඩි එකා දිව්ව කුස්සියට...ගිහින් මෙන්න මූ අම්මගෙන් අහනව..

"අම්මෙ අම්ම ඉස්කෝලෙ ගියෙ නැද්ද?"

අම්මත් ආදරෙන්..( මං කියපු කතාව උන්දැට ඇහෙන්න නැතුව වෙන්ටැ )

"ගියා මගෙ පුතේ..." කියල නලවලම කිව්ව..

එතකොට බාහු.."එහෙනං ඇයි අම්ම මේඑකෙ ටී එම් ජී එම් කියන එක දන්නෙ නැත්තෙ?"

කාල වරෙංකො...

(මේක කලින් අම්මගෙන් අහල දන්නෙ නැතුවට අම්මයි තාත්ත එනකල් ඉන්න කියල තීන්නෙ!)

අම්මව බේරගන්න පරම පවිත්‍ර සිතින් (එහෙමම විතරයි ඇත්තටම අප්ප ) මං ටක් ගාල මැදට පැනල කොල්ලට කිව්ව

"අම්ම ඉතින් තාත්ත තරම්ම ඉස්කෝලෙ ගිහින් නෑනෙ පුතේ"

$#@^$#@&^%$&^%&%^$&^%&)(*)_(+_+_((&^&$@#$@#$!@$

එදා දවල්ට කාල ගියෙ මොනාද කියල කැමති විදියට හිතා ගන්න!

43 comments:

  1. අප්පේ පොඩි උන් ඉන්නකොට මාර ෆන් නේ :D

    ReplyDelete
  2. අනේ ශෝක් කොලුපැටියෙක්නෙ ඔයාට ඉන්නේ..කට ඇති පුතෙක්...

    ReplyDelete
  3. ලයික් ෆාදර්... ලයික් සන්..
    නියම් කොල්ලෙක් නේ..

    ReplyDelete
  4. පොඩි එකා නම් ගොඩක් දගකාරයි වගේ.කොහොමත් කොල්ලො ඔහොම තමා ඉතින්.

    ReplyDelete
  5. එල කොලු පුංචෙක් නෙව !

    "අම්ම ඉතින් තාත්ත තරම්ම ඉස්කෝලෙ ගිහින් නෑනෙ පුතේ" දැන් ඊට පස්සේ සිද්ද වෙච්ච කතා බහ ලියලා නෑ නේ .!

    ReplyDelete
  6. සිරා කොලු පැටියෙක්,...

    ReplyDelete
  7. වැඩක් නෑ බං කියලා, පොඩි එවුන් කරන කියන දේවල් විඳින්න සතියේ දවස් හත මදි....!

    ReplyDelete
  8. ඇති යන්තම්!!!!! පුතා තාත්තගෙයි, අම්මගෙයි ට්‍රේඩ් මාර්ක් බලන්ට ආවේ නෑ නේද?...:)

    හිතෙන විදියට කාලා යන්ට ඇත්තේ රොස් පරිප්පු තමා....:D

    ReplyDelete
  9. සිංහය හැරමිටියෙං යනතුරාවට නොයෙක් ආකාරයෙං විසිතුරු වෙච්චි මෙවන් සිංහබාහු කතා කියවන්ට ලැබේවා කියල පතනව. බාලසිංහබාහු තවම පටං ගත්තෙ නෑනෙ.

    ReplyDelete
  10. පොඩි එවුන්ගෙ කතා ගැනනං මෙගා ලියන්න පුළුවන් තමා. අම්මගෙ ඉස්කෝල ගමන ගැන කියන්න ගිහිං නං එදා කන්ඩ ඇති හොඳට.. ආ,, මේක බලලා අපේ මහත්තයා කියනවා " එයාට එක දවසයි වැඩ, ඒකට අපි දවස් දෙකක්ම වැඩ කියලා,, රාමසාන් කාලෙත් වරුවක් වැඩලු "

    ReplyDelete
  11. බලාගෙන යද්දි අම්මගෙන් පොඩි එකාට වැඩිය තාත්තා කනවද කොහෙද. හෙහ් හෙහ්. පව්................

    ReplyDelete
  12. අම්මප උපේ අය්යෙ මක්කයි දවාලට කෑවෙ? කොස්සෙන් දෙකයි සාස්පානෙන් තුනයිද?

    මාත් බලං ඉන්නෙ මයෙ එකාත් ලොකු වෙලා එනකං.......

    ReplyDelete
  13. අම්ම ඉගෙනගත්තු තරම පෙන්නන්න ඇති නේද? :D :D :D

    ReplyDelete
  14. තාම හිනා... අම්මත් කට වහගෙන ඇති තාත්තගෙම පුතානේ කියලා....

    ReplyDelete
  15. @හිස් අහස:
    සඳරුවා . . . . බ්ලොග්වල කුනුහරුප දැම්මාම අපි වගේ පොඩි කොල්ලො නරක්වෙනවනෙ බං . . . . උඹට ඔයටික තේරෙන්නෙ නැද්ද ???

    ReplyDelete
  16. සිබිල් නැන්දගේ සුත්තර පුන්ච මතක් වුනා .

    අත්තම්මා ;;''පුතා උදේට කෑවයි''

    පුංචා ;; ''ඔව් අත්තම්මේ දවල්ටත් එක්ක කෑවා. බඩ පිරෙන්නම කෑවා ''

    අත්තම්මා ;;''මොනවද පුතේ ''

    පුංචා ;; ''තාත්තා දීපු ගුටි ''

    අපේ දෙන්නත් ඔයිට දෙවෙනි නැහැ .

    ReplyDelete
  17. පොඩි එකා පිස්සු කෙලින කාලෙ වගේ.හොඳට හිනා උනා බන්.

    ReplyDelete
  18. ඉක්මනටම අර ලියන්න ඉන්න සීරීස් එකටවත් බැහැල ට්‍රැක් මාරු නොකරොත්... උඹට හයින් හාගතේ තමා ඉන්න වෙන්නෙ ...මේ රාමසාන් මාසෙ කඩෙන් කන්න කියලයි...

    ReplyDelete
  19. පූසා,

    එහෙනං ඉක්මනට ට්‍රයි කොරහන් මලේ

    ReplyDelete
  20. ගිම්හාණි,

    හොඳ වෙලාවට කොල්ල දෙහි ගෙඩි මිරිස් කරල් එල්ලං ඉන්නෙ!

    ReplyDelete
  21. මාතලං,

    කවුද නියම කොල්ල, මේ මං වෙන්නැති නේද?

    ReplyDelete
  22. නදී,

    කොල්ලො මෙහෙම තමා, ඒත් මේ වයසට ..අප්පේ!!!

    ReplyDelete
  23. සඳරු,

    උඹ තාම බැඳල නෑනෙ කොල්ලො...ඒකයි ඔය අහන්නෙ!

    ReplyDelete
  24. දුමී,

    අනිව බං...දරුවො ඉන්න එකානෙ ඒකෙ ගතිය දන්නෙ...නැතුව අර ගල් මාරය වගේ උන්ට ඔව්ව තේරෙන එකක්යැ!

    ReplyDelete
  25. කුමාරිහාමි,

    ට්‍රේඩ් මාක් කතාවනං වැටුනෙ නෑ!

    මං කාපු එක ලඟටම ගෙස් කොලේ නවම් මල්ලි තමා.

    ReplyDelete
  26. ඊමේල් කවි කාරි,

    එක බාහුවක් මෙහෙම නං අනික් බාහුවත් ආවම කොහොම හිටීද කියල තමයි මාත් මේ හිතාගන්න බැරුව ඉන්නෙ!

    ReplyDelete
  27. හැරී - පිණි පලස...

    මහත්තයට කියන්න සාතිශය කණගාටුව ප්‍රකාසකොලා කියල. මොකද මං වැඩ අපේ හාමිනේට බබා ලැබුන නිසා සහ ඉස්සරනං උන්දැත් වැඩට යන නිසා. ඒත් ඒ අහිංසක කොල්ල නැහෙන්නෙ මේ මෙයා ගෙදර සැප ගන්න අතරෙමනෙ!
    අහෝ ඛේදයකි සහෝ!

    ReplyDelete
  28. පිණිබිඳු,

    මේ කොහොමද බොලා දෙන්න නිතර එකළඟ කොමෙන්ට් කරන්නෙ?

    අපි කන හැටි ලිපා ( කණ ) දනී කිව්වලු...

    ReplyDelete
  29. නවම්මාවත,

    උඹටත් එහෙනං නිතර ඒ වගේ ලන්ච් ලැබෙනව ඈ...? නැත්තං කොහොමෙයි ටක්කෙටම කියන්නෙ.!

    ReplyDelete
  30. මාධව,

    අයිත් අහල...උන්දැගෙ ඉගෙනුමත් මට වැඩී, පඩියත් මට වැඩී කොට ඉතින් ආයි මොනාද...!!

    ReplyDelete
  31. ප්‍රසන්න 86,

    එහෙමම උනානං හොඳයි, අර හතරවෙනි හිනාව නොදා!

    ReplyDelete
  32. ඕනය,

    අනේ උඹෙ මොනා නරක්වෙන්නද බං?
    ඒක නෙමෙයි කාරනය මේක ආන්ඩුවෙන් බ්ලොක් කරොත් එහෙම අසීලචාර් කතා කියන සහ එහෙම උන් බලන, කොමෙන්ට් දාන සයිට් එකක් කියල!

    ReplyDelete
  33. බින්දි,

    දරුවො තමයි ජීවිතේ කියන්නෙ ඕකනෙ!

    ReplyDelete
  34. කස්සා,

    මයි ගෝඩ් උඹ වගේ ගොබිලෙක් හිනා උනා කියන්නෙ දරුණු විහිලුවක් මේක එහෙනං ඈ!

    ReplyDelete
  35. සපතේරු උන්නැහේ,

    හාමිනේ මේව නොබලන හින්දම හොඳයි. නැත්තං මෙලහකටත් අර කෑම්ප් බෙඩ් එකයි රෙද්දයි එක්ක ගරාජ් එකට තල්ලුකොරල!

    ReplyDelete
  36. අඩේ පස්ට කථා ටික.... කට උත්තර නෑ......

    ReplyDelete
  37. තාත්ත්ව ආයෙ ඉස්කෝලෙ යවන්න ඇති මයේ හිතේ...

    ReplyDelete
  38. හුඟක් දවසකට පස්සෙ මේ පැත්තේ ආවේ, දැන් ඉතින් පරණ ටිකත් කියවන්නම වෙනව.
    අපිටත් ඉන්නවා අවුරුදු තුනක මුනුපුරෙක්, කොරන කියන වැඩ නං, කියලා වැඩක් නැහැ.

    ReplyDelete
  39. ගොඩා කාලෙකින් පෝස්ට් එකක් දාලා නෑ නේද? මොකුත් කරදරයක් වත්ද?

    ReplyDelete
  40. අන්තිම කතාව නං පට්ටයි ......

    ReplyDelete
  41. අවුරුදු නිවාඩුවත් ඉවරනෙ, දැං ඉතින් අර ලියනව කිව්ව ලිපි පෙළ ලියන්න

    ReplyDelete
  42. @ ඉල් මොන්ඩො (ගල් බන්ඩො ),

    @ හරී - පිණිපළස,

    දුක සැප අහල බලල යන්න ආපු එක ගැන ස්තූතියි වගේම හරි සතුටුයි!

    පහුගිය දොහේ ලංකාවට ගිහින් ආවට පස්සෙ ලියන්න දේවල් ගොඩක් එකතු උනා, ඒත් ගොඩ ගැහුන වැඩ අස්සෙ හවසට පොඩි ට්‍රාන්ස්පෝට් එකකුත් සෙට් වෙලා හින්ද මේ දවස්වල දිග කතා ලියන්න ටිකක් අමාරුයි. තව දවස් දෙක තුනකනි ඔක්කොම යථා තත්වයට එයි කියල හිතනව. එතකල් කමෙන්ට් විතරයි....

    ReplyDelete
  43. මෙවන් පුතෙක් ලද පියෙක් වාසනාවන් :)

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails