Saturday, July 17, 2010

කතා අංක හතර. නියම රාවණා.



රාවණා ගැන හුඟක් කතා ජනප්රවාද තීනව. මේකත් එක ප්රවාදයක්.

ඔය රාවණා ගැන කියන හැමෝම අමතක කරන දේ තමයි, තමං මේ ස්ටෝරි එක මුලිංම දැනගත්තෙ ඉන්දියන් පොතකින් කියන එක. ඉන්දියාව පොත දැමීමට බොහොම ප්රසිද්ධ රටක්. අනික මේ අල්ලපු පොඩි රටේ අසුරයෙක් තමංට ගුවන් යානයකින් ඇවිල්ල ගහල ගියා කියන්න තරං නිර්ලජ්ජි වෙච්චි එක පුදුම නැද්ද? ඒ කියන්නෙ මෙතනදිත් ඉතිහාස කාරය කතන්දරෙ තමංට ඕන විදියට හරවල තීනව. එහෙම නැත්තං මුලු කතාවම බොරු.

හරියට බැලූවොත් බොරුම තමයි. වඳුරු හමුදාව, යුද්දෙදි දෙවියො දීපු සපෝර්ට් එහෙම ගැන හිතුවම හොලිවුඩ් වල ට්රික්ස්නුයි බොලිවුඩ්වල මෝඩ ආදර කතායි දෙකම කැලේ.

අපේ මිරැන්ඩෝ මහත්තයලටත් වඳුරු වැඩ බොරු උනාට මොණරෙ ඇත්ත වෙන්නැතිනෙ. නැත්තං මෙච්චර ඔය ගැන කියවයියැ.

එක්කො අර ඇත් හමුදා වගේ ට්රේන් කරපු වඳුරො හිටියමද කියන්නත් බෑ, ඒත් අනික් සීන් වල තාර බර ඇරියම කතාවෙම ගන්න දෙයක් නෑ. ඒ නිසා මගේ පුද්ගලික මතයනම් මේ රාමගේ ස්ටෝරිය සම්පූර්ණයෙන්ම අර උම්මග්ග ජාතකේ වගේහොඳ පරණ සයන්ස් ෆික්ශන් එකක් විතරයි.

දැන් සමහරු අහන්න පුළුවන් ඇයි ඔය සීත එළිය ගැන එහෙම තීන ජනකතා ගැන මොකද කියන්නෙ කියල. එහෙනං ඔය සීත එළියෙ දාං හිටපු තැන සීත එළිය නං නුවර එළිය, හාව එළිය ගැන මොකද හිතන්නෙ? ඒ කවුරු එළියෙ දාං හිටපුවද? ඔය එළි ඔක්කොම අර රිදී නිම්ණය පොතේ කියල තීන විදියට හැදිච්චි සිල්ලර එළි මිසක් වෙන මොන කෙහෙම්මලක්වත් නෙවී. මේ මට හිතෙන හැටි.

එහෙනං මොකද්ද රාවණාගෙයි විජයබාහු රජතුමාගෙයි තීන සම්භන්දෙ.

මුලිම්ම කියන්න ඕනි පළවෙනි විජයබාහු කියන්නෙ මේ රටෙ බිහිවෙච්චි අති ශ්රෙශ්ඨම ර්ණ සූරය. මේ රට සිංහල රටක් හැටියට අද තාක් කල් තීන්නෙත්, ඉන්දියාවෙ විශාලම හා වැඩිම කලක් අල්ලන් සිටි ඉන්දීය සහ බුරුම, ඉන්දුනීසියානු දෙමළ අධිරාජ්ය බිඳ වැටිල වෙන පාලකයො බලයට එන්නෙත් ක්රි. වර්. 1060 පස්සෙ ලංකාවෙ ඇත්වෙච්චි තත්වයත් හින්දයි කියන එක අද අපේ ගොඩ දෙනෙක් එක්කො දන්නෙ නෑ, නැත්තං අමතක කරල.

දැං බලමු දෙන්නගෙ තීන සමානකං.

නීලමහා යෝධයො එක්ක ඉන්දියාවට ආදම්ගෙ පාළමෙන් ගියෙ විජයබාහු රජු මිස ඔය වඳුරො නෙමෙයි. වහල්සේවයට ගෙනිච්ච අපේ ගෑනු මිනිස්සු ඉන්දියාවෙන් ආයි අරං ආව මිස ඔය කොහොවෙත යන අනුංගෙ ගෑනු එතුම ගෙනාවෙ නෑ. අවුරුදු පනස්ගානක් රජ කරල තමංගෙ මල්ලිට රජකම දුන්න මිස අර රාම යටතෙ වැඩ බලන්න ගෝලයො රජකරපු බාල වැඩ මෙහෙ උනේ නෑ.

තමංගෙ වෙල්ලක්කාරයො කැරලි ගැහුවම ඒව මැඬලල, උංවත් අල්ලල කුදලල දඬුවං දීල අවුරුදු පනස්පහක් රජ කොලා මිස තමංගෙ ඉහල නිළදාරීන්ගෙ උගුල්වල වැටිල හීය ඇනං විජයබාහු මලේ නෑ.

ප්ලේන් හදං ටුවර් නොගියට සිරීපදෙට පාරවල් කප්පවල, වැව් අමුණු දාස් ගාණක් බඳවල අලුතිං උපසම්පදාවත් පිහිටුවන එක අච්චර ප්රභල ආක්රමණික අධිරාජ්යක් යටතෙ අවුරුදු සීයකට වැඩිය තිබ්බ රටක කරපු එක තමයි නියම ප්රාථිහාර්ය, නැතුව ඔය ගල් පලං ඇවිල්ල රත්නපුරෙ හබරල අලේක ඇනිල නවතින්න හී විදින එක නෙවි.

ඉතිං මෙච්චර රටට වැඩ කරපු රජවරුන්ගෙ බිසොවක්වත් නාපු තැනක් ගැන එහෙමට කතා නැති රටේ මේ නෙල්ලිකැලේ සීත ගැන කොහොම මෙච්ච්ර කතා හැදෙන්නද. ඔය සේරම කාලෙං කාලෙට මෙහෙ ආව ඉන්දියන් කාරයො ( විශේශයෙන්ම මහනුවර රජ සමයෙ ) සහ වතු වලට ආපු දෙමළ කම්කරුවො පතුරපු මිත්යා විශ්වාස විතරයි.

ඒ නිසා නියම රාවණා වෙන්න ඕනෙ මුම්මඩ චෝල මන්ඩලම් අධිරාජ්යට අභියෝග කරල උන් එක්ක හැපිල රටට නිදහස දිනා දුන්න අති ශ්රෙශ්ඨ පළවෙනි විජයබාහු මිස මේ නව ශිලා යුගයෙ හිටපු පිස්සෙක් නෙවෙයි.

ප. ලි.
සොඳුරු සිත්වලට බොරුකාරය වෙන්න බැරි හින්ද ඊළග කතාව දාන දවස කියන්නෙ නෑ.

ආයිත් කියනව; මේ මට හිතෙන හැටි. ඔබට මොකද හිතෙන්නෙ?

37 comments:

  1. මමනම් ඕං රාවණා ගැන බොහොම භක්තියෙන් ඉන්න කොල්ලෙක්... අල්ලපු රටේ එවුන්ගෙ කට වහන්ට තියෙන හොඳම සීන් එකක් තමයි රාවණා සීතා උස්සපු එක...... සමහර විට දන්නවත් ඇති අල්ලපු රටේ අවුරුද්දකට වතාවක් තියෙනව රාවණා ගේ ඩමියක් හදලා පුච්චන උත්සවයක්... රාවණා කියන රජ්ජුරුවෝ හිටියෙ නෑ කියන්ටමත් බෑ ඔය පුරාවිද්‍යා සාක්ෂිත් එක්ක... මං අහල තියෙනවා හාලිඇල පැත්තෙ පංසලක දඬුමොණරයට සමාන ගැජමැටික් එකක් තියෙනව කියලා...
    ඒ මොනව වුනත් කතාව නියමයි... එල....

    ReplyDelete
  2. ඇත්තටම නියම තර්කයක්....අනේ මන්ඳා ඔය බොහොමයක් වීර කාව්‍ය එකම මොඩලයේ නොවෙයිද?....ඉලියඩ් වල කියැවෙන්නේත් ඔය වාගෙම සීන් එකක් නෙමෙයිද...දෙවියොයි නරයොයි වඳුරොයි......කොහොමටත් ඉතිහාසය ලියලා තියෙන්නෙත් මිනිස්සු නෙව....කෙසේ වෙතත් හොඳ ලිපියක්....

    ReplyDelete
  3. ඉතාම වටිනා ලිපියක් සහෝ!! ඇත්තටම අපි විජයබාහු රජතුමාට ප්ලේස් දෙනව මදි!

    ReplyDelete
  4. එල කතාව.... හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. නීල මහා යෝධයත් එක්ක චෝල දේශයට ගියේ ගජබා රජ්ජුරුවෝ මිසක් විජයබාහු රජ්ජුරුවෝ නෙවෙයි නේද...? ගජබා සහ විජයබාහු කියන්නේ දෙන්නෙක් නේද....? පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්නම් හොඳයි.

    ReplyDelete
  5. ඔයාගේ කතාවේ ගැටළුක් තියෙනවා අයියා......

    "නීලමහා යෝධයො එක්ක ඉන්දියාවට ආදම්ගෙ පාළමෙන් ගියෙ විජයබාහු රජු මිස ඔය වඳුරො නෙමෙයි. වහල්සේවයට ගෙනිච්ච අපේ ගෑනු මිනිස්සු ඉන්දියාවෙන් ආයි අරං ආව මිස ඔය කොහොවෙත යන අනුංගෙ ගෑනු එතුම ගෙනාවෙ නෑ."

    මේ වැඩේ කළේ මහා විජයබාහු රජතුමා නෙමෙයි ගජබාහු රජතුමා [ක්‍රි.ව 113-135]. මේ රජතුමා තමාගේ පියරජතුමා වුණු වංක නාසිකතිස්ස රජ දවස ලංකාවෙන් සොළී රටට අරන් ගිය ලාංකිකයන් 12,000 නැවත ලංකාවට අරගෙන ආවා වගේම සොළීන් 24,000 කුත් ලංකාවට අරගෙන ආවා කියලා තමා වංශකතාවල කියවෙන්නේ.

    කොහොම වුණත් ඔයා මතුකරන්න යන අදහසට මාත් එකඟයි අයියා. මහාවංශයේ වීරයා වෙන දුටුගැමුණු රජතුමාටත් චූලවංශයේ වීරයා වන මහා පැරකුම්බා රජතුමාටත් වඩා ශ්‍රේෂ්ඨ කාර්යබාරයක් මහා විජයබාහු රජතුමා කරලා තියෙනවා කියන එක අවිවාදිතයි

    ReplyDelete
  6. @ පුතා : බලංගොඩ පැත්තේ තියෙන බොල්තුඹේ සමන් දේවාලයේ රාවණාගේ දඩු මොණරය තැන්පත් කරලා තියෙනවා කියලා මතයක් පවතිනවා. මම ගිය අවුරුද්දේ මේ දේවාලයේ වාර්ෂික පෙරහැර බලන්න ගියා. එහේ කොඩිවල පවා රාවණාගේ රූපය තමා ඇඳලා තියෙන්නේ.......

    මිට ටික කාලෙකට කලින් ලක්බිම පත්තරේක මේ දේවාලේ ගැන කරුණු කාරණා වගයක් පලවුණා.

    ReplyDelete
  7. ම්ම්.. වැදගත් ලිපියක්... මටත් මතක ගජබා කියල තමයි.. රාවණා රජ පිළිබඳ සමහර කරුණු වලට හැර බොහෝ කරුණු වලට මමත් එකඟයි.. දිගටම ලියන්න...

    ReplyDelete
  8. ලොක්ක ඔයා විජයබාහුයි, ගජබාහුයි, පරාක්‍රමබාහුයි ඔක්කොම පටලවලනෙ.. නීලමහා යෝධයත් එක්ක ඉන්දියාවට (ඉන්දියාවම වෙන්නත් බෑනෙ, චෝළ රට කියන්නෙ දකුණු ඉන්දියාවෙනුත් 1/4 යිනෙ - චෝළ, චේර, කේරළ, පාණ්ඩ්‍ය - රාජධානි 4ක්) ගිහිං සෙල්ලං දැම්මෙ ගජබාහු. පළමුවෙනි පරාක්‍රමබාහු (මහා පරාක්‍රමබාහු) තමා පාණ්ඩ්‍ය රාජධානිය ආක්‍රමණය කරලා ඊට පස්සෙ අරමණ් රටත් ආක්‍රමණය කරලා සෙල්ලං දැම්මෙ. විජයබාහු තමා අනුරාධපුරේට අරක්ගෙන හිටපු සොළීන් ටික පන්නලා රට ආයෙමත් එක්සේසත් කලේ.. හැබැයි ඔයා කියන කතාව හරි, විජයබාහුට ලැ‍බෙන්න ඕන නියම ස්ථානය මහාවංශයෙන් ලැබිලා නෑ.. පුදුමවෙන්න දේකුත් නෑ මහාවංශය කොහොමත් පක්ෂග්‍රාහීනෙ..

    රාවණා ගැන ඔයාගෙ මතයට එකගවෙන්න ටිකක් අමාරුයි. ඔය සුරංගනා කතාටික අයින්කරාම පුංචියට හරි පොඩි හුටප්පරයක් වෙලාතියෙනවා කියලයි මමනං හිතන්නෙ.. ඉලියඩ් කතාව උනත් තාරබර ඇරලා ගත්තම යුද්ධයක් වෙලා තියෙනවනෙ.. මහාවංශය අපේ ඉතිහාසය බුස් ගාලා විජයගෙන් පටංගත්තට ඊටකලිනුත් ‍මෙහෙ යක්ෂ-නාග-දේව ගෝත්‍රිකයො දියුණු ශිෂ්ටාචාරයක් පවත්වගෙන ගිහිං තියෙනවනෙ.. ඉතිං ඔය පොඩිපහේ වලියක් යන්න ඇති ගෑණු කේස් එකකට හරි වෙන මොකකට හරි (කොහොමත් ඉතිං මේ ලෝ‍කෙ වෙන ඕනම වලියකට ගෑණියෙක් ගෑවිලා ඉන්නවනෙ කොහෙං හරි)..

    ReplyDelete
  9. ඈත්තටම ඔයා මතුකරන කරුනු ඉතා වෑදගත් විජය එන්න කලින් උනත් අපි දිඋනු ජතියක් රාමායනය ලිඋවේ වාල්මිකි මම අහල තියන විදිහට මිනිහ හොර දෙටුවෙක් රාවනා කියන්නෙ දුටුගෑමුනු ගජබා විජයබා පරාක්‍රමබා වගේ අපි නොදන්න ඉතිහාසයක විරයක් තව හොයන්න ලියන්න

    ReplyDelete
  10. බොහොම ස්තූතියි ඔක්කොටම සහ සමාවෙන්න වෙච්චි පටළැවිල්ලට වියයබාහු සහ ගජබාහු අතරෙ. වැඩි විස්තර දවල්ට වැඩ ඉවරවුනාම ලියන්නං.
    විජයබාහු රජතුමාට තමන්ගෙ වෙල්ලක්කාරයො අන්තිම මොහොතෙ කැරළි ගහපු නිසා යා ගන්න බැරි උනත් හමුදාව චෝල අධිරාජ්යට යැව්ව කියලයි මං කියවල තීන්නෙ. රාවණා ගැන සිංහල ඉතිහාසයෙ මොනාද ලියැවිල තීන්නෙ? ඇත්තටම මොකක් හරි උනානං ඇයි ඒක් ඒක පාර්ශවිකව විතරක් වාර්ථා වෙන්නෙ?

    ReplyDelete
  11. "මුම්මඩ චෝල මන්ඩලම් අධිරාජ්යට අභියෝග කරල උන් එක්ක හැපිල රටට නිදහස දිනා දුන්න අති ශ්රෙශ්ඨ පළවෙනි විජයබාහු ............."

    මුම්මුඩිචෝල මණ්ඩලම් කියලා ඒ කාලේ හැඳින්වුණේ චෝල අධිරාජ්‍යයට නෙමෙයි. ඒ නමෙන් හැඳින්වුණේ ශ්‍රී ලංකාවේ චෝල පාලනය යටතේ පැවතුණු ප්‍රදේශ. මුම්මුඩි චෝල කියන්නේ රාජ රාජ අධිරාජ්‍යාව හඳුන්වපු නමක්. මණ්ඩලම් කිව්වේ ප්‍රාන්තය කියන එක.

    මේ මුම්මුඩි චෝල මණ්ඩලම්හි අගනුවර වුණේ ජනනාථමංගලම් හෙවත් පොළොන්නරුව. ජනනාථමංගලම් කිව්වේත් රාජ රාජගේ විරුද නාමයක්

    ReplyDelete
  12. @පුතා,

    කතාවක් හැටියට හොඳයි තමයි. ඒත් මේක ඇත්තක්නං, අර කපුටො වමනෙ දාපු එක වගේ තමයි.

    ReplyDelete
  13. @ හේමලයා,
    ඔව් ඔක්කොම වීර කාව්ය එක්කො ලැජ්ජාව වහගන්න හදපුව, නැත්තං වන්දිභට්ට යන්ගෙ ප්‍රශස්ති ගී. රාමයණේ ඉඳං රම්බො වෙනකල් සත්ය ඒකයි.

    ReplyDelete
  14. @ ගඩොල්,

    ඔව්, ඒක තව හාමුදුරු ගැටයක්.

    @ උදිත,

    ඔව් සහෝ, ලොකු වැරදීමක්..බාහු පැටලුනා.

    ReplyDelete
  15. @ හසිත,

    පැහැදිලි කිරීම ගැන හුඟක් ස්තූතියි මලේ. මම හිතන්නෙ ලංකාවෙ නියම වීරයො වෙන්නෙ විජයබාහු සහ මහසෙන් කියලයි.
    ඔය මොණරෙ කොහෙ හරි තීනවන්ම් ඒක එළියට අරං ඒ තාක්ශනය ගැන ලෝකෙට කියන එක රාජකීය වගකීමක්. හැබැයි ඇත්තටම එහෙම එකක් තීනවනම් හරි තිබුනනං හරි ඒක අද වෙනකොට තීන්න ඕනෙ බ්රිතාන්ය කෞතුගාරෙ. මොකද ඔහොම ආරංචියක් බෙල් මහත්තයලගෙ කණින් රිංගුවනං අනිවාර්යෙන් හොයනවම තමයි.

    ReplyDelete
  16. @ වැම්පයර්,

    ඔව් ලොකු වැරදීමක් වෙලා තීනව. ඒත් මම හිතනව තාම රාවණා ගැනයි විජයබා ගැනයි ඉන්න ස්ථාවරය නිවැරදියි කියල. හොඳ හරිය තව ඉස්සරහට.

    ReplyDelete
  17. @ Buratheno,
    අදස් දැක්වීමට ස්තූතියි සහෝ...ඒත් මට හිතෙන්නෙ මෙන්න මෙහෙමයි.

    1. මෙතන පටලැවිල තීන්නෙ ගජබාහුයි විජයබාහුයි විතරයි. ඉන්දියාවෙ චෝල අධිරාජ්යට විරුද්ධව විජයබාහු සටන් කරා, නැත්තං අඩුමතරමෙ අභියෝග කලා. ඒත් එයාගෙම වෙල්ලකාර කුලී හේවයො තමංගෙ රටටම ගිහිල්ල තමංගෙම උංට ගහන්න බෑ කියල විජයබාහුට විරුද්ධව කැරළි ගහපු නිසා තමයි මාළිගාව ගිනි ගනිද්දි එයා කෑගල්ලට පැනල ගියෙ.
    2. ඔය උඩ තීන පින්තූරෙන් පේන්නෙ චෝල අධිරාජ්ය පැතිරිල තිබ්බ ආකාරය. ඒක ඉන්දියාවෙ කේරළය, තමිල්නාඩුව කෙලින්මත්, තමංට යටත් පක්ෂපාතී රජවරු හරහ ( හරියට අරාබිය සුද්දො යටතෙ තිබ්බ වගේ, මහා පරාක්‍රමබාහු පාඬිරටට කරා වගේ ) ඉන්දුනීසියාව දක්වාම පැතිරිල තිබ්බ. එහෙම පීක් එකේදි හතරවටෙංම සපෝර්ට් එක තීන චෝල අධිරාජ්යෙ මුල්ම සහ දරුනුම පරාජය අත්දැක්කෙ විජයබාහුගෙන්. ඒක අනුරාධපුරේට අරක් ගත්ත සොළීන් කියල ලඝු කරන එක වැර්දියි.අනික අමතක කරන්න හොඳ නෑ ඔය චෝල බලය දකුණත් යටත් කරං හිටිය සහ බුදල්නා යන්තං අමාරුවෙන් දකුණ ගොඩදාල ඉතුරුටික විජයබාහුට කරන්න දීල සයිඩ් සපෝට් එකක් දීපු වග.
    3.රාවණාගෙ කතන්දරේම නැති උනාට අනන්ත පොඩි පොඩි වළි යන්න ඇති තමයි. හැබැයි ඉතිං සුරංගනා කතා ටික අයින් කරාම රාවණාගෙ ගන්න යමක් තීනවද කියන එකයි ප්‍රශ්නෙ!
    4. වලි වලටනං ඉතිං ගෑනුම තමයි මුල. ඒකට මමත් එකඟයි. අනික මහාවංසෙ අර මහාවිහාරෙන් ලියපු නිසා තනිකරම පක්ශග්‍රාහීයි තමයි. එක අතකට මෙච්ච්‍ර දියුණුයි කියන අදත් ඒ දේම වෙන එකේ එදා කොහොමට වෙන්න ඇත්ද. මොකෝ කවුරු අහන්නද, කොහොම වෙරිෆයිි කරගන්නද!

    ReplyDelete
  18. @ උමා,

    ස්තූතියි අදහසට. මේක හොඳ වේදිකාවක් උනා කියල හිතනව දන්න නොදන්න ගොඩක් අයට.

    ReplyDelete
  19. @ හසිත,

    මුම්මඩ චෝල මණ්ඩලම් කියන්නෙ ලංකාව ඇතුලු කලාපයට චෝල අධිරාජ්ය දීල තිබ්බ නම. මේ මුම්මඩ චෝල මණ්ඩලම් කිව්වෙ අතිවිශාල ගණනක් චෝල මණඩ්ලම් වලින් එකක් විතරයි. රාජ රාජ චෝල කියන්නෙ අහරිය අර එංගලන්තෙ ජෝර්ජ් රජා එදා ලංකාව ආණ්ඩු කරා වගේ එහෙ ඉඳං මෙහෙ පාලනය කරපු ගොය්යෙක් මිස මෙහෙ හිටපු ප්‍රාදේශීය දෙමළ රජෙක් නෙමෙයි.

    "The most famous rulers of the Chola dynasty were Rajaraja I (985-1014) who extended the boundaries of his territory to include virtually the entire southern India, Sri Lanka, Lakshadweep and Maldives; and his son Rajendra (1014-42) who defeated the Pala rulers of Bengal and dispatched a naval expedition against the Srivijaya empire that flourished in Sumatra and the Malaya peninsula, which had caused some hindrance to the Chola kingdom’s trade activities with China, that were carried out through the straits of Malacca."


    http://www.indiaheritage.org/history/history_ancient_south.htm

    ReplyDelete
  20. "එහෙ ඉඳං මෙහෙ පාලනය කරපු ගොය්යෙක් මිස මෙහෙ හිටපු ප්‍රාදේශීය දෙමළ රජෙක් නෙමෙයි."

    හරි හරි අයියේ මම කිව්වේ නැහැනේ රාජ රාජ කියන්නේ මෙහෙ හිටපු ප්‍රාදේශීය දෙමළ රජෙක් නෙමෙයි :) :) :)

    ReplyDelete
  21. @ හසිත,

    මල්ලි හරි මල්ලි...

    ReplyDelete
  22. කොමෙන්ට් ටිකයි උබේ ලිපියයි කියවලා සෑහෙන දෙයක් දැන ගත්තා....

    ඒත් ඉතින් ඔය පරන කතා හුඟක් ඒවා තාර බර ඇරියම ඇති දෙයකුත් නැහනේ... රාවනා කතාවත් ඒ වගේ...

    ඒත් යමක් වෙන්න ඇති... ඒකට එකතු උන සහ එකතු කල තාර කතා ටික අයින් කරාම යම් ඇත්තක් තියෙන්න බැරි නැහ.

    මතු කරන අදහස වටිනවා. ඉතිහාසෙ යම් යම් පාලකයන්ට ලැබුන තැන මදි...

    ReplyDelete
  23. ඉන්දික, රාවණා කතාව සම්බන්ධයෙන් ඉදිරිපත් කල ඔබේ අදහසට මා එකඟයි.

    ReplyDelete
  24. රාවනා යනු මම දන්න තරමට ලන්කව (ලන්කපුරය ) දර්මිකව පලනය කල රජ කෙනෙකි ඔහුගෙ පියා පොලොන්නරුවෙ පුලස්ති රිසි කුම්බකර්න, කුවෙර, විබිසන, සහොදරයො සුපර්නිකා සහොදරිය සුපර්නිකාට ලක්ස්මන කල වරදකට තමා සීතව පෑහරගෙන එන්නෙ

    ReplyDelete
  25. මොකද අයියා සද්දයක්වත් නැත්තේ ?

    ReplyDelete
  26. සිතට මුකුත් නොකරපු 1ක ම අපේ පැ‍රැන්නන් කොචර වැදගත්ඩ්ක කියල හිතෙන්නෙ නැද්ද?
    හැබැයි රාමායනය ලියපු කෙනාට හොටන් තැන්න ගැනයි, රුමස්සල කන්ද ගැනයි (හිමලයෙ රුමස්සලට සමානව අඩුවක් තියනව ලු. රුමස්සලයි හිමාලයෙ එම කොටසෙයි පස් වර්ගය හරියටම ගැලපෙනවලු, එවගෙම රුමස්සල තියෙන්නෙත් ඉතාවටිනා බෙහෙත් වර්ග) හොද අවබෝදයක් තිබිල තියනව... ආදම්ගේ පාලමත් එහෙමයි..
    හොටන් තැන්නේ විසාල පිපිරිමක් වගෙ දෙයල් වෙලා වගෙ කියල පෙන්න තියනව.. කොච්චියෙන් එනකොට හොටන් තැන්නට සමාන තැන් විසිරිලා තියන බව පේනව.. ලොකු පැල්ලම් වලින් පටන් අරන් පොදි පැල්ලම් දක්වා විහිදිලා තියනව..

    ReplyDelete
  27. මම නම් ඔය කතා අහලා තියෙනවා මිසක් වැඩි දෙයක් දන්නේ නැහැ.. (ඉගෙන ගත්තේ නැහැ..) හැබැයි ඔය කියන රාවණා හන්දා අද මම නං ටිකක් බය නැතුව ඉන්නවා...
    මම වැඩ කරන්නේ කටාර් වල ඉන්දියන් කාරයෙක්ගේ ආයතනයක... ලංකාවේ පස් හය දෙනෙක් ඉන්නවා... අපිත් එක්ක වැඩ කරන්නෙත් ඉන්දියන් සහ නේපාල් අය...
    හැබැයි ඔය ඔක්කෝම දෙනා ලංකාවේ අපිට සෑහෙන ගරු කිරීමක් තියෙනවා (ඒ ගරු කිරීම ඇතුලේ ඒ අයට පොඩි බයකුත් තියෙනවා..) ඒ අය කියන්නේ ලංකාවේ උන් එන්නේ රාවණගේ පරම්පරාවෙන්... ඒ හින්දා ලංකාවේ අය හොඳ වගේම ටිකක් දරුණු මිනිස්සු කියලා...
    ඉතින් අපිට කොච්චර ආඩම්බරද.. රාවණ හින්දා ඔළුව උස්සගෙන ඉන්න පුළුවන් කියලා......

    ReplyDelete
  28. මොකද කාලෙකින් ලියල නැත්තේ.........

    ReplyDelete
  29. මචං . . .

    ගොඩක් දෙනා ගොඩක් දේ කියල තියනවා . . . . නමුත් ඒ හැම දේම ලිකිත සාහිත්යය. ඕනෙම කෙනෙකුට හොයාගන්න පුලුවන්.

    නමුත් මම අලුත් දෙයක් කියන්නම් . . . . .

    උබ දන්නවද . . . මීගමු කලපුවත් . . . මුහුදත් අතර තියන බිම් තීරුව . . . . .?

    දූව, පිටිපන, අලුත්කූරුව, බසියවත්ත, තලාහේන, දුන්ගාල්පිටිය, සෙත්තප්පාඩුව, කැපුංගොඩ ලයින් එක . . . .???

    මම අදාල ජන කොටසට අයිති වාසගම් කිහිපය කියන්නෙ නෑ . . .

    නමුත් ඒ ප්‍රදේශයේ අදටත් ඉන්න ජන කොටස් කීපයක් පැවතෙන්නෙ. . . .ඔය කියපු ගජබා රජ්ජුරුවො සොලී දේශයට ගිහිං අපේ රටින් පැහැරගෙන ගිය පිරිස බේරගෙන එද්දි සොලී රටෙන් සිරකරුවන් විදිහට ගෙනා සොලී මිනිසුන් ගෙන්.

    මචං . . . . මම මේ විස්තරේ ඊ මේල් එකක් විදිහට උඹට එවන්නෙ . . . . comment එකක් විදිහට දාන්න try කරල කරල බැරිම තැන.

    P.S. තව දෙයක් . . . .ගජබා රජ්ජුරුවන්ගෙ පියා නේද විජයබා රජ්ජුරුවො . . . .(මචං මට හරියටම "විජයබා කොල්ලය" කියන කතාව මතක නෑ)

    මචං දුලිප්, ඔන්න මං කමෙන්ට් එක දැම්ම.

    විජයබා කොල්ලය කියන්නෙ මීට ගොඩක් පස්සෙ උන කතාවක්, ඒක රට ඇතුලෙ සහෝදරයො රජකමට කල කුමන්ත්‍රනයක්!
    පාළ්වෙනි විජයබාහුගෙ මුණුබුරා තමයි ගජබා!

    ReplyDelete
  30. ගජබා නමින් හඳුන්වපු රජවරු දෙන්නෙක් ඉතිහාසයේ දැක්ගන්න පුලුවන්.

    එක්කෙනෙක් තමා අනුරාධපුර රාජධානි සමයේ හිටපු පළමු වන ගජබාහු (ක්‍රි.ව.112-134) මෙතුමාගේ තාත්තා තමා වංකනාසික තිස්ස රජතුමා.

    අනෙකා තමා පොළොන්නරු රාජධානි සමයේ හිටපු දෙවන ගජබාහු
    ( ක්‍රි.ව 1132-1153 ) මෙතුමාගේ තාත්තා තමා පළමු වන වික්‍රමබාහු රජතුමා. සීයා තමා තමා පළමු වන විජයබාහු රජතුමා

    ReplyDelete
  31. විජයබා කොල්ලය කියන්නේ කෝට්ටේ රාජධානි කාලේ 1521 දී හයවන විජයබාහු රජතුමාව මරලා දාලා පුත්තු තුන්දෙනා වුණු බුවනෙකබාහු, රයිගම් බණ්ඩාර, මායාදුන්නේ රාජ්‍ය ගන්න කරපු අරගලය.

    ReplyDelete
  32. මචං;

    උඹ නම් මේක බලයි ද මන්දා. දැන් මේ සටහන අවුරුද්දක් පරණයි.

    උඹ ගජබා එක්ක විජයබා පටලාගෙන. විජයබා ගැන එකඟයි. ඕක තමයි පරණවිතාන ගොයියාගේ මතයත්. විජයබා නොඉන්න අපි දෙමල/ද්රාවිඩියන් වර්ෂන් එකක් කතා කරන හින්දු අදහන ඉන්දියානු ප්‍රාන්තයක පිරිසක්.

    රාමායනේ මහා කාව්‍යයක් උනත්, වාල්මිකී මේක ලියන්නේ ප්‍රවාද ඇසුරින්. [උම්මග්ගේත් එහෙම්ම තමයි] අනික ඔය සිද්දිය උනා කියන සන්දියේ හැටියට [මං කිව්වේ ආර්ය අනාර්ය යුද්ධ] වාල්මිකී ගොයියාගේ කාලෙ බොහොම ළඟ අතීතයක්. ඕක නිකම් හරියට අලගියවන මුකවෙටි ලිව්ව කතාවක් කියවලා විජයාගමනය සත්‍ය වුනා කියල කිව්වා වගේ. [නැත්නම් ඩා වින්සි කාරයා හදපු පසල් එකකින් ජේසු තුමා කසාද බැඳ හිටිය බවව ඔප්පු කළා වගේ]

    රාවනා ගැන කියන මගෙ මතය නම් පහතාකාරයි.

    රාවනා නම් වූ කෙනෙක් හෝ මහා කාව්‍යයක් වන රාමායනයේ කරුණු වචානාර්ථයෙන් සැලකිය නොහැකි වුවද, මෙය අතීතයේ මේ දෙරට අතර පවතී දිගු කාලින සන්ග්රාමාවලියක් ගැන සාක්ෂි දරයි. මෙම සමය පහත කරුණු උපකල්පනය කල හැක.

    - සංග්‍රාම සිදු වන්නට ඇත්තේ ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ හුන් කිසියම් ජන කොට්ටාශයක් හා වසර 8000-6000 අතර කාලයේ උතුරු ඉන්දියාවට සංක්‍රමණය වී පසුව දකුණට ව්‍යාප්ත වූ ආර්ය ප්‍රජාවන් අතරයි.

    - විජයට පෙර ශ්‍රී ලංකාවේ දියුණු හා විශාල රාජධානි පවතී බවට මෙය සාධකයකි. සමහර විට දහස වස ගණනක තිස්සේ ආර්යන් ට බයේ පලායන ඉන්දියානු ස්වදේශිකයන් ලංකාව ජනාකීර්ණ බවට පත කරන්නට ඇත.

    - සිංහලයා හා දෙමළා යනු නිවුන් සොයුරන්. උතුරු ඉන්දියානුවා කසින් කාරයෙක්.

    - ආර්ය කමක් සිංහලයාට නැහැ [විජයයි තව 700 යි කොරයි බම්බුවක් මෙච්චාර ලොකු රටකට]

    - මෙම සටන් සියවස් ගණනක සිදු වන්නට ඇත. [මොකද ජන ප්‍රවාද ඇති වන්නේ එහෙම දිග කාලයක් අවෙච්ච සිද්ධි වලින්].

    - රාවණාට එන්ජිමක් සහිත ගුවන් යානයක් තිබී නැත. මං මෙහෙම කියන්නේ මොකද පියාඹන අනිජිමක් තිබ්බ නම් අද ඒ තාක්ෂනය ගේක ෆෑන් එකක් වෙනුවට හරි ශේෂ වෙලා තියෙන්න ඕනේ. අනික ගුවන් යානය දක්වා වෙනත් අතරමැදි නිර්මාණ බිහි වන්න ඕනේ. සමහරක් අදටත් සුරැකෙන්න ඕනේ. තාක්ෂනය අහසින් වැටෙන්නේ නැහැනේ.

    - මධ්‍යම ශ්‍රී ලංකාව පාදක කර ගත් දියුණු ශිෂ්ටාචාරයක් තිබුණි නම් [මේකට සාධක නැහැ] ග්ලයිඩරයක් හදන එක සිදු විය හැක්කක්. ග්ලයිඩරයක් විශාල බෑවුම සහිත බොහෝ තැන් වල හැදෙන්න ඉඩ තියෙන දෙයක්. [මේකට සාධක නැති අතර මා කිව්වේ විය හැකි බව පමණි]

    - රාවනා අපේ හදවත තුල ඉන්නේ ඉන්දියානු හා හින්දු බලපෑම නිසයි. කොටින්ම රාවනා දේශීය සංකල්පයක් නොව විදේශීය එකක්. එහෙම නැත්නම් ඔය අනුරපුර යුගයේ බොහොම බරසාර සාහිත්‍ය තුල රාවනා පිලිබඳ සටහන් තිබිය යුතුයි. රාවනා කියන්නේ බොහෝ හින්දුන්ට අත්‍යාවශ්‍ය කෙනෙක්. එවැන්නෙක නොහිටි බව කිව්වොත් උන්ට එන්නේ මාර අවුලක්.

    - ලංකාව හා ඉන්දියාව යා කරන පාලම ස්වාභාවික නිර්මානයක්. මිනිසුන් මොදිෆය් කල තැන් ඇති.

    ReplyDelete
  33. [[උබ දන්නවද . . . මීගමු කලපුවත් . . . මුහුදත් අතර තියන බිම් තීරුව . . . . .?

    නමුත් ඒ ප්‍රදේශයේ අදටත් ඉන්න ජන කොටස් කීපයක් පැවතෙන්නෙ. . . .ඔය කියපු ගජබා රජ්ජුරුවො සොලී දේශයට ගිහිං අපේ රටින් පැහැරගෙන ගිය පිරිස බේරගෙන එද්දි සොලී රටෙන් සිරකරුවන් විදිහට ගෙනා සොලී මිනිසුන් ගෙන්.]]

    දිමිත්‍රි මස්කරඥඥ කියලා එනගල්න්තෙට සෙල්ලම් කල තුන ඉරියව් ක්‍රිකට් කාරයා මේ පරපුරෙන් එන ලංකාවේ උපන්නෙක් නේද?

    ඉහත ඉන්දික [උපශාන්ත නොවේ] ගෙන එන කාරනා වලට කිසියම් සාධකයක් [සබැඳියක් සෙල් ලිපියක් වගේ] දෙන්න පුළුවන් ද?

    සුරිය ගුණසේකර මහත්තයා ගැන ලංකාවේ පුරා විද්‍යා ශාස්ත්‍රඥයින් දරන්නේ ජැක්සන් ගැන ඉතිහාසඥයින් දරන මතය මයි. මං එතුමාගේ රිවිරේ ගිය ලිපි කියෙව්වා. අනේ දෙයියනේ මං හිතන් උන්නේ මෙහෙම පොරවල් ඉන්නේ ට්‍රොස්කි වාදියෝයි, දේශ හිතයිශියෝයි නලියයි විඔතරයි කියලා. තර්කනය මැක්සා මොංගල්. පොරගේ ලිපි කැමති කෙනෙකුට එවන්නම්.

    ReplyDelete
  34. ප්‍රබල නාවික අධිරාජ්‍යයක් වූ දමිල අධිරාජ්‍ය බිඳ වැටුනේ, ඉන්දියාවේ අනෙකුත් ජන වර්ග මෙහෙය වූ යුද්ධ වලින්. ලංකාව ඒක වාට්ටුව නොවේ, නමුත් වැටෙන මොහොත බලා හරියටම ගහපු නිසයි ලංකාව නිදහස් උනේ.

    ReplyDelete
  35. මචං සුජීව,

    මෙහෙ ගොඩ වැදුන එක සතුටක්, පරණ පෝස්ට් බල මෙහෙම යමක ලියපු එක ඊට වඩා සතුටක්.

    උඹ හරි, මට ගජබා පැටලුනා, මට බුරා ඒක පෙන්නල දුන්න සහ ඒ ගැන මගේ උත්තරෙ උඩ කමෙන්ට් එකක උඹ දකින්න ඇති කියල හිතනව!

    රාමායනය ගැන උඹ කියන කරුණුවලින් අඩකට මම එකඟයි.
    ඒත් සංග්‍රාමයක් උනා ද නැත්ද කියන එක ගැටළුවක්! මොකද ආර්ය අනාර්ය ය්ද්ධයක් අවුරුදු 6000කට කලින් උනානම් විජයගේ කතාවට මෙච්චර ප්‍රසිද්ධියක් ලැබෙන්න තීන අවස්ථාව අඩුයි. මොකද විජයට පෙර ආර්යයො මෙහෙ ආව නිසා!

    විජයට පෙර ලංකාවේ විශාල රාජ්‍යන් තිබූ බව මහාවංශයම කියන මුත් අර බුදුසසුණ සමඟ ආ කර්මාන්ත කරුවන් මෙන් විජය එනතෙක් ඔවුන් කිසිවක් නොදැන් සිටිය බවයි මහාවංශ කරුවන්ගේත් අදහස ( මම මහාවංශය නිවැරදිමයයි නොකියමි. විජයට පෙර යමක් තිබූ බව සැවොම පිළි ගන්න බව හුවා දැක්වූවා පමණි )

    සිංහලයා සහ දෙමළා නොව චේර නොහොත් කේරළය නිවුන් සොයුරන් විය යුතුය. දෙමළා කසින් කෙනෙකි. ආර්ය උතුරු මිනිසුන් අමුත්තන් පමණි. සිංහල ආර්ය නොවි දෙමළාට නැති ආර්යන්ගෙන් බිඳුන බසක් අපට ආවේ ඇයි?

    රාවණාගේ ගුවන් යානයක් වෙනුවට ග්ලයිඩරයක් නම් තිබෙන්නට ඇත. එහෙත් තාක්ෂනය ගැන ඔබේ අදහසට මම එකඟ නැත. දැණුම හා තාක්ෂනය විව්ධ හේතූන් නිසා වියැකී යා හැක. උදා; මිසර ප්‍රිරමීඩවල තාක්ෂනය.

    අවසානයේ උඹත් මම හිටපු තැනටම ඇවිත්! රාවණා යනු ඉන්දියානු ව්යාප්තවාදයයි ( හෝව් මම ජෙප්පෙක් නොවෙමි )

    දිමිත්‍රි ගැන මම නම් අහල නෑ. ඒත් නමනම් ග්‍රීක/රුසියන් සහ ස්පාන්ඤ්ඤ මික්ස් එකක් වගේ!

    සූරිය ගුණසේකර විතරක් නෙමෙයි මචං අර මිරැන්ඩෝ මහාචාර්ය තුමත් ඔය උඩ පනින්නෙ!

    අන්තිම කාරනේ. චෝල අධිරාජ්‍ය වියයුතු පරිදිම විවිද යුද්ධ වලට මූන දුන්න. ඒ වගේම රජාධිරාජ නම් ප්‍රභලම චෝල අධිරාජ්යා මැරුනෙත් චාලුක්යන් අතින් යුද්ඩෙදිනෙ. ඒත් චෝල අධිරාජ්ය වැටෙන්න පටන් ගත්තෙ 1250 න් පස්සෙ. 57 වෙනකොට සම්පූර්ණයෙන්ම වැටුන. විජයබාහු රජ උනේ 1072 හෝඉ 1073, ඒ කියන්නෙ අධිරාජ්යෙ හොඳම කාලෙ අග හරියෙ.

    අන්න ඒකයි මම කිව්වෙ අපේ මිනිහ තමයි මුලින්ම රිදෙන්න ගැහුවෙ සහ සම්පූර්ණ රටක්ම අධිරාජ්‍යෙන් මුඅදා ගත්තෙ මුලින්ම කියල. මොකද උතුරෙ පොඩි පොඩි කෑලි ඒ වෙනකොට නිරන්තර ගරිල්ල ඇටෑක් නිසා අතෑරල දැම්ම මිස කවුරුත් ගහල නිදහස දිනං තිබ්බෙ නෑ!

    ReplyDelete
  36. ශ්‍රී ලංකාවේ ද්‍රාවිඩ නොවන දේශයක් බිහි කරන්න බලපෑ තනි දාශකය විජයබා. තර්කයක් නැහැ.

    සිංහලයා දෙමලාගේ නිවුන් සොයුරා කියා මං කිව්වා එක සිංහලයා ද්‍රාවිඩ මිනිසුන්ගේ නිවුන් සොයුරා ලෙස වෙනස් විය යුතුයි. මේ සහෝදර කම මා දකින්නේ විජයටත් පෙර සිට එන්නක් කියා.

    මෙයට අමතරව දැවැන්ත සංක්‍රමණ සිද්ද වෙලා තියෙනවා පහුගිය දහස් වසේ. උතුරේ එව්වා විතරක් නොවේ දකුණටත්. දකුණට ආ ඒ මිනිසුන් අද හැඳින්චෙන්නේ සිංහල හැටියට මිශ්‍ර වීමෙන්.

    ඔය නිශ්ශංක අලගක්කොනාර වඩුග රජුන් වගේ. මේ කාලේ නම එන්න ඇත්තේ දකුණු ඉන්දීය ජාතින් විශේෂයෙන් මලබාරයින්.

    ලංකාවේ දකුණේ [හා මැද] දැවැන්ත මලබාර් පිරිසක් උන්නා කියන එකට රොබට් නොක්ස් සාක්කි. පොර උතුරේ දෙමළුන්ට කියන්නෙත් මලබාර් කියලා.

    ReplyDelete
  37. දිමිත්‍රි මස්කරඥඥ ගෙ නමේ දෙවෙනි කෑල්ලයි වැදගත්

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails