Thursday, July 15, 2010

මට හිතෙන හැටි...පළමු දිග හැරුම...



මට හිතෙන හැටි ගැන හිතුව තරම් කමෙන්ට් ආවෙ නැත්තෙ සමහරවිට ඕනෑවට වඩා දේශපාලනය ගෑව්ල කියල හිතිලද, නැත්තං අර දුමී කිව්ව වගේ මොන අන්ඩර දෙමළයක්ද කියල හිතා ගන්න බැරුවද මන්ද!

වැඩේ පැහැද්ලි කරන එක හිතුවට වඩා දිග වෙයි වගේ. ඒ නිසා ඉස්සෙල්ල මං කොටම අදහස් දෙක දාන්නං. හොඳ හොඳ ඒව එළිවෙන ජාමෙට කියනවනෙ.

5. විමල් වීරවන්ස මහත්තය මෝටර්රථ නලාවකට එහෙම නැත්තං සිංහලෙන් කියන විදියට හෝන් එකකට සමාන කරපු එකට හුඟදෙනෙක් එකඟ ඇති මයෙ හිතේ. තම තමංගෙ අදහස් කොහොම උනත් මෙන්න මගේ අදහස.

හෝන් එක නගන්නෙ රියැදුරුගේ හඬයි.

හෝන් එකක් නැති කාරයකට පැවැත්මක් ඇත්තේ වුවද කාරයක් නැති හෝන් එකකට පැවැත්මක් නැත.

එංජිමක් මාරු කිරීම අපහසු අධික වියදම් ගෙන දෙන්නක් වුව, හෝන් එක අඩු වියදමකින් පහසුවෙන් මාරු කරගත හැක.

වඩාත්ම වැදගත් හේතුව වන්නේ ලංකාව, ඉන්දියාව වැනි රටවල ආරක්ෂිතව දුර ගමණක් යෑමට රථයකට හෝන් එක අත්යාවශ්ය උනද උගත් සහ විනීත රියදුරන් සිටින රටක මහමග ඔනෑ තරම් දුරක් යෑමට හෝන් එක නැතිව පිළිවන.

දැං පැහැදිලිද මං එතුමවයි හෝන් එකයි එක සමානව දකින්නෙ ඇයි කියල? ඒත් නැත්තං, අපිට කවදාවත් හෝන් නැතිව ගමන් යන්න වෙන්නෙ නෑ!

4. රටේ ජනාධිපතිතුමාට බයිට් කිලෝ එකයි කිව්වෙ ඇයි කියල හිතාග්න්න පුලුවං උන අයත් බැරි උන අයත් දෙගොල්ලොම කට වහං ඉන්නෙ සරීර සෞක්ය ගැන හිතල හෝ, නැත්තං නිකං මොකට ඔය වෑන් වල ගමන් බිමන් යනවද කාර් මෝටර් බයිසිකල් ගෙදර පුස් කද්දි කියල හිතලද මන්ද.

මෙන්නේ මගේ විග්රහය.

අපි පොඩි කාලෙ ඉස්කෝලෙදි කවුරුහරි අපිට කාර්ඩ් එකක් දැම්මොත් ඒක රෙජිස්ටර් වෙන්නෙ කාර්ඩ් එකට බයිට් උනොත් විතරයි. ඒ වගේම කවුරුහරි මෝඩයෙක් කියන කතා සීරියස් අරං ගේම ඉල්ලුවොත් ඒකෙදිත් අන්තිමට වෙන්නෙ තමං තමංවම බයිට් කරගන්න ඒකයි. මොකද අර අපිව තරහ ගස්සන එකාට ඕනෙම ඒ දේ කරන්න, අපිව බයිට් එකට ගන්න.

එක්නැළිගොඩල, ලසන්තල ගැන හරි ආරන්චියක් නැති උනත් කවුද මොකද කොලේ කියල, අර සරත් ෆොන්සේකගෙ කේස් එකෙන්නං අපේ රජතුමා හොඳටම බයිට් වෙලා ඉන්නෙ. ශ්රීපති හරි මංගල හරි වගේ ඔහේ ඕනැ මඟුලක් කියපුදෙන් කියල ඒවට සංවර්ධනීය කිරියා වලින් උත්තර දුන්නනං මේ වෙනකොටත ෆොන්සේක උන්නැහෙව අර එදා දහනායක මහත්තයව වගේ කාට කාටත් අමතක වෙලා ගිහින්. ඒත් බයිල වලට ගේම ඉල්ලන නිසා දැං රජ පවුලම හිටු කියල බයිට් කරනව ෆොන්සේකයි ජෙප්පො ටිකයි.

අනික් කාරනේ තමයි ජනාධිපතිතුමා කිලෝ බයිට් එකයි. ඒ කියන්නෙ කැපෑසිටි අඩුයි. වෙගය මදි. යුද්ධෙ දින්නට දැං වැඩ වැඩි වෙනකොට මැෂින් එක ස්ලෝ වෙලා. මොකද ගිගා බයිට් එකක් නෙමේ තීන්නෙ කිලෝ බයිට් එකයිනෙ.

ඔන්න මං දෙකක් පැහැදිලි කරා. අදට මේ ඇති. අපි සෙනසුරාදට තව දෙකක් බලමු.
( මේ සේරීස් එකට එන කොමෙන්ට් වලින් බලා ගත්තෑකි මේ හෝන් හැර වෙනත් හෝන් තිබේද, මේ බයිට් හැර තවත් බයිට් තිබේද කියල )

ජය වේවා...

9 comments:

  1. ජය වේවා....නියම පැහැදිලි කිරීම........!!!.

    ReplyDelete
  2. පට්ට... මටත් නිකං වයර් සීන් එකක් තමා තිබුනේ පැහැදිලි කරනකම්..
    හැබැයි මේ අපි එහෙම අල්ලගන්ට එපා ඔය උත්තමයන්ට අපහාස කරල රාජ උදහසට ලක් වුනාම ඕං... :P

    ReplyDelete
  3. අප්පෝ.. කෑමක් ඉල්ලගන්න වගේ යන්නේ... මරු පැහැදිලි කිරීම..

    ReplyDelete
  4. නියම පැහැදිලි කිරීමක් අයියා. අදහස හොඳයි. අනිත් ටිකත් දාන්න බලන්න :)

    ReplyDelete
  5. අද සෙනසුරාදා...........බොරු පොරොන්දු එපෝපෝපෝ.....

    ReplyDelete
  6. හැමදාමත් මේ ලියන බ්යිල බලල අගය කරන උඹල හතරදෙනාට විශේශයෙනුත්, අනිත් අයට ඔන්න ඔහෙත් ස්තූතියි.
    අනේ වත්...කොමෙන්ට් 5ක් කියල දැක්ක ගමං මට හිතුන අන්තිම එක කවුද කියල. ඔයාට දැං ගිනි දවල් උනාට මේ කන්තෝරුවට ආව විතරයි. තාම උදේ කෑම කනව. චුට්ටක ඉන්න, ඔලුවෙ පණ තිබ්බොත් අද දානව දානවමයි. බොරු නෑ. හොර නෑ.

    ReplyDelete
  7. නිකං කිලෝ බයිට් එකක් නෙවෙයි
    Corrupted 1KB

    ReplyDelete
  8. @මකර,

    හික්..හික්..හි.හි...ඒ කියන්නෙ වේගය අන්තිමයිද? ඒකට කොහොමද අපෙ විජයබාහු රජ්ජුරුවො නැද්ද..

    ReplyDelete
  9. රාජ උදහසට ලක් වෙයි බලාගෙන හික් හික්.... බලමු ඉතුරු ටිකත් සරල පැහදිලි කිරීමකින්ම.

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails