Monday, June 28, 2010

නොදන්න සිංහලේට ගොස් වරිගෙ නසා ගැනීම



මේ කතාවත් ඉස්සෙලල එක වගේම භාෂාව සම්භන්ද එකක් තමා, හැබැයි තමන්ගෙ හිතේ ඔය "වල්" අදහස් තීන අයනං බලල ඔන්නැති ඒව හිතං මට බනින්න එහෙම එපා මේ කුණුහබ්බ ලිව්ව කියල.

එක දවසක් නුවර පැත්තෙ කොලු ගැටයෙක් ආන්ඩුවෙ රස්සාවක් හම්බවෙලා, රජ්ගම දිහාවෙ ගෙදරක නතරවෙලා.

ඉතින් ටික දවසක් යනකොට මිනිහ අහල පහල ගෙදරක පොඩි දාංගලේ ටිකක් තිබ්බ ගැටිස්සියක් එක්ක පළ හිලව්වක් ඇති කොරං, ඔය වැල්ලෙ, පඳුරු අස්සෙ හවහට හවහට හක්කලං කොරන්න අරගෙන.

දවසක් හවහක දෙන්න කාටවත් පෙන්නෙනැති තැනකට රිංගල ආලෙ "මී රස" උරාබොන්න ගත්ත.දැන් දෙන්නට ඉන්න තැනක්, උතුර දකුන සිහියක් නැතුං වැඩ.

ඔයි අස්සෙ ටික වෙලාවකින් අර දැරිවි අමාරුවෙන් තොල්පොට එකතුකරන් කෙඳිරිගානවලු " අනේ අය්යෙ වල්ළම යනව අය්යෙ වල්ළම යනව " කියල.

එතකොට අසූ හාරදාට නැගපු කොලුව " මොන පිස්සුුද මේ යටකලිසමවත් පහත් කරල නැතුව, විකාරද" කියල ආයි අර රතු තොල්පට ගැට ගහල දැම්මලු. මොන, අර දැරිවි මොනාද කියන්නම පොරේ, ඒත් අපේ කොලුවට ඔය විකාර අහන්න සිහියක් කොහිද මේ ගිනියමෙ...මිනිහ නෙවි වචනයක් කතා කරන්න ඉඩ තිව්වෙ.

ඔහොම ටික වෙලාවක් ගියාම ආයි ලැබිච්චි ඉඩක් බලල තොල කට මෑත් කොරගත්තු දැරිවි" අනේ අය්යෙ වල්ළම යනව අය්යෙ..නැඟිටින්නකො" කියල කියනකොටම එකපාරටම ආපු මහ වතුර පාරකට දෙන්නම නෑවිල ගියා.

ඕං එතකොට පියැවි සිහියට ආපු ගැටය පොඩ්ඩක් කෙළන්ව්ලා බලනකොටයි දැක්කෙ තමං මෙච්චර වෙලා රිංගල හිටිය අර අලි ඔරු කඳ හිමීට මූදට ගහගෙන ගිහිල්ල කියල.

කොහෙද, උඩබැලියං අතට හිටපු කෙල්ලට තේරුනාට මේ ගිනිකසයට ඕක තේරෙන එකක්යෑ. අනික ඉතින් කවුද දන්නෙ මේ පැත්තෙ ඔරුවට "වල්ළම" කියනවැයි කියල.

පස්සෙ ඉතිං දෙන්නම සේරම වැඩ පැත්තක තියල ගොඩ දිහාට කෑ ගහන්න ගත්තලු අපිව බේර ගනියෝ, අපිව බේර ගනියෝ කියල..

හැබැයි බේරගත්තට පස්සෙනං ගමේ උන් ටික "ඔරුව" ගලෝලම යවන්නැති කොලුවගෙ..!

17 comments:

  1. හික්ස්...

    කොහොමද රජ්ගම පැත්තේ කතා කරන විදිය එහෙම....

    ReplyDelete
  2. ඔය රජ්ගම කොහෙද තියෙන්නේ අයියා ?

    ReplyDelete
  3. හික්ස්.. මැක්සා කතාව... :D

    ReplyDelete
  4. පස්සේ කොල්ලගේ " වල්ල ම " ගලවන්න ඇති කෙල්ලගේ සහෝදරයෝ ටික

    ReplyDelete
  5. රත්ගම ගල්ල ට කිම් 4 main road ekk idala

    ReplyDelete
  6. හික්ස් මැක්සා කතාව...... එල එල....

    ReplyDelete
  7. වල්ළම ගියත් මොකෝ , වැඩේ කෙරුණ නම්...හික්

    ReplyDelete
  8. හුට්ටාරෙ...

    මටත් තියේ කතාවක් රජ්ගම මගේ කුරුළු හමුදා යාළුවෙක් ගැන , පෝස්ට් එකක් හැටියට දාන්න ගියොත් බලධාරියාගේ කතුරට අහුවෙයිද මන්දා..?

    ReplyDelete
  9. @ චමීදේවා,
    ඒකනං අහන්න වටින දෙයක්.. හැමෝටම පොදු ආමන්ත්‍රනය තමයි "වාහෙ" කුණුහරුප ගේමක් නෑ...ඒ සේරම භාෂාවෙ සාමාන්ය විදිය නිසා එහෙ මිනිස්සුන්ට ගානක් නෑ. ඔය අපේ ලසිත් මාලිංගත් ඒ පැත්තෙනෙ.

    @ හසිත,
    අම්බලන්ගොඩ, බලපිටිය, රජ්ගම එක පෙළට තීනගං. ගොඩක් අය රජ්ගම කිව්වම දන්නෙ නෑ, ඒත් ගාලු පාරෙ තීන රත්ගම කිව්වම දන්නව. ඒත් හරි නම රජ්ගම.

    @හේමලයා
    @sameerausa
    හික්ස්...ස්තූතියි...

    @හෙළයා,
    මේ ටික දැක්කෙ නැතෙයි.
    “හැබැයි බේරගත්තට පස්සෙනං ගමේ උන් ටික "ඔරුව" ගලෝලම යවන්නැති කොලුවගෙ..!”

    @ Ano,
    ඔව් රත්ගම තීන්නෙ ගාල්ලට කලින් ගාලු කොළඹ පාරෙම තමයි.

    @thariya,
    ඒකනං අගේ ඇති අදහස.

    @ මාරෙ,
    ඕකතමයි තීන ලෙඩේ. ඔය පැත්තෙ කතා හරි අමාරුයි ප්ර සිද්ධ ස්ථානවල ප්රකදර්ශනයට දාන්න.
    ඔය යාලුව අර "යායෙ" ඉන්න කුරුලු හමුදා ගොය්ය නෙමෙයි නේද?

    ReplyDelete
  10. මේක කෙලින්ම අදාල කතාවක් නෙමේ. නමුත් වැදගත්.

    එක එක පලාත් වල සමහර වචන සහ උච්චාරණය වෙනස් ඇයි කියල දන්නවද?

    ඒ පැතිවල අයගේ මුතුන් මිත්තෝ ඉන්දියාවේ විවිධ පැතිවලින් ආපු නිසා, ඒ විවිධ භාෂාවලින් තවමත් ඉතුරු වෙලා තියෙන දේ තමයි ඒ.

    වාසගං, සුවිශේෂී චාරිත්‍ර තමයි පැවතෙන අනිත් දේවල්.

    ReplyDelete
  11. හපොයි.. වල්ලම!

    ReplyDelete
  12. @ කතන්දර,

    ඔබ හරියටම හරි. ඔය වල්ළම කියන්නෙ මලයාලම් වචනයක්. අදටත් එහෙ "වල්ළම්කාලි" කියන්නෙ ප්‍රධාම බෝට්ටු තරඟෙ වගේම ලොකු සංස්කෘතික උත්සවයක්. ඒ වගේම ඔය කෞරව කුළේ (බලපිටියෙ ඉඳන් ගිංතොටට වෙනකල් මුහුද අයින ඉන්නෙ ) ඇත්තො සේරම කේරළ ඔරිජින්.

    ReplyDelete
  13. ඔය කේරල තමිල්නාඩු වලි එහෙ දාගන්නකෝ අප්පා, මොකටද මෙහෙට ගෙනාවේ, ආඬවනේ?

    ReplyDelete
  14. උඹ රජ්ගම මොකේද මචෝ වැඩ කලේ . . . ?? හික්ස්

    ReplyDelete
  15. @ දුකා,

    ඇයි බං උඹට මතක නැද්ද....මංනෙ උඹලගෙ පැත්තෙ හිටපු මහජන සෞක්ය පරීක්ෂක. අර උඹලට වැසිකිලි හදන්න ආධාර අරන්දීල වැල්ලෙ ජරා කරන එක නතරකරන්න දේශන හිටං තිව්වෙ....හනේ..... හනේ...

    ReplyDelete
  16. හික් හික් රජ්ගම පැත්තෙ නම් කොල්ලගෙ ඔරුව ගලවල යැව්වනම් ඇති හික් හික්.

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails