Wednesday, January 25, 2012

ජනඅප්‍රිය බ්ලොග් ලියන කාන්තාවනි, තොපට කෙරෙන අවවාදයයි..! "Ladies be careful!”


මේ දිනවල සිංහල බ්ලොග් ලෝකය ලිංගිකත්වයෙන් පිස්සු වැටී ඇත. කබල රත්වෙමින් තියෙන විට මාත් රොටිය සාදාගත යුතුය. ඒ නිසා දෙඤ්ඤං බැටේ න්‍යායෙන් සැමට දන්වන වගයි!

කවුරුත් නොදන්නා නමුත් නමට උපශාන්තවූ සිංහයා විසින් සිංහල බ්ලොග් අවකාශයේ කාන්තාවන්ට අම්බානක කෙලවා ඇත.

කුළ භේදය අවුස්සා පහර පිට පහර එල්ලකල හෙයින් පොඩි කුමාරිහාමි තම අවතාරයද වෙනස් කර පොඩ්ඩි නමින් නව අඩවියකට හිමින් මාරු වෙමින් සිටී.

අනුන්ගෙන් ණයට ගත් ඇස් වෙනුවට ලස්සන කර කැපූ නිම්නයට බැස සිය උඩඟු කුළයෙන් ඈත්වූ බව කියා පෑවත් එල්ලවූ අධික පීඩනය හමුවේ පැදුරටත් නොකියා පලාගොස් ඇති බවත් මේ වන විට අඩවි දෙකේම මකුලු දැල් වළව්වේ මුර භටයා වනලී බොනික්කා විසින් පිසදමමින් සිටින බවත් වාර්ථා වේ.

එමෙන්ම දින කිහිපයක සිට මහදැනැමුත්තී අරුණි ශපීරෝට කල අවවාද යන්තම් පිළිගෙන සිංහයාගෙන් සමාව ඉල්ලා සිටි මුත් ඇය නැවතත් ජාත්‍යන්තර කුමන්ත්‍රණයකට ගොදුරුවී ඇති නිසා නැවත සමාවක් දිහැකිදැයි සොයා බැලිය යුතුය.

මේ සියල්ලට වඩා දරුණු වන්නේ මාග්‍රට් තැචර්ගේ හදවත බ්ලොගයයි.

සිංහයා විසින් භූත වෙසින් කල කමෙන්ටුවක් නිසා යකඩ උණුවී එය වසා දමා ඇතිබව අද උදේ මේලයකින් යමකු සින්හයා වෙත දන්වා ඇත!

දැන් මට මාර ආතල් වී මගේ ෆාස්ට් ට්‍රැක් ප්‍රොජෙක්ට් එකද ඉවර කරන්නට ගටක් ලැබුනි.

හෙට එය ඉවර වූ පසු ඉතිරිව ඇත්තේ, සිප් එක ඇරන් පාරේ යන නිෂූපා ෂූ, මඩවිලේ බින්ඩි සහ පැවිල්ලට වැටෙන පිණි බිඳුගේ බොලොක්ක වසා දැමීමට භූතවෙසින් යාම පමණි.

කෙල්ලනි, ප්‍රවේසම් වණු! සිංහයාගේ දත්පෙනෙන්නේ සිනහවෙන නිසා නොවේ..!

Thursday, January 12, 2012

පොඩි "පොඩි" වංචා



පුතා මේ මොකද මේ
වතුර එක බීල නැහැ

වෙලාවක් තිබ්බෙ නෑ

මොන වැඩද ඔච්චරට
ඔය පුන්චි ඉස්කෝලෙ?

කමක් නෑ අපි තාත්තෙ
බෝතලේ පෙරළලා
වතුර එක බිම හලමු

ඒ මොකද ඒ වැඩේ
කාට බොරු කරන්නද

නෑ ඊයෙ "ටී" අතින්
බෝතලේ පෙරලුනා
පස්සෙ ඇහුවම අම්ම
ඇවිල්ලා රෑ ගෙදර

"බබා අද හරි හොඳයි
වතුර සේරම බීල"

කිව්ව...


සුන්දර පුන්චි ලොකේ පුංචි පැටව් ඔන්න ඔහොමයි පස්සෙ බොරු කාරයො වෙන්නෙ.


ප/ලි

"ටී" නොහොත "ආන්ටී" යනු අපේ දරුවන් බලාගන්න ගෑණු උන්දෑය. මේ අද දවල් පුත්‍රයත් එක්ක ඉස්කෝලෙ ඉඳන් ගෙදර යද්දි වූ කතාබහකි.



ප/ප/ලි
කමෙන්ට් දාන්න බැරි අවුලක් තීනව කියල කියල ඔබා-ම කියල තිබ්බ. මොකක් වෙලාද දන්නේ නැත! අවුල ලිහන්නට හැකි කෙනෙක් උදව්වක් කලොත් ගොඩක් පින්.

ප/ප/ප ලි

කමෙන්ට් අවුල ඉවරය.!

Tuesday, January 3, 2012

සිංහබාහු ක්‍රමයෙන් නව වසරට අනාවැකි......ඉතිරි කොටස...




අද යන්තන් වැඩ අස්සෙ අනාවැකිවල ඉතුරිටික ලියාගත්ත.

මෙව්ව මේ විශ්ලෙශනය කරල සංකෝචනය කරල උන්ඩුක පුච්චෙන් හිතල අක්මාවෙන් උපදින අදහස් නිසා වෙලා යනව ටිකක් එන්න.

ඔන්න තම තමන් අයිති කොටස ගැන ලියල තීන එව්ව හිතට හරි මදිනං තායිලන්තෙ ටර්කිෂ් බාත් එකකට ටිකට් එකක් අරන්

"සිංහයා, තුනෙං දෙක, බගතලේ පාර, අඹතලේ හරහා මිහින්තලේ"

ලිපිනයට තැපැල් කරන්න. යෝගයක් කරල අපල කපල අගලට දාන්නං.

එහෙනං ඔක්කොටම ආවඩා ආයිබෝ කිව්ව!


උසස් වෘත්තිකයින්

ගෙදරට කාර් ණය මදිවට ගෙවන්න
කප්පං කාරයෝ ඇත මහ මඟ රකින්න
යන්තං ගෙවා පැන ආවත් හිඟන්න
මහ බදු යකුන් එනු ඇත තව කෙළින්න

සල්ලි නැතත් ණයට ගත්තු අරුමෝසම් බඩු
තට්ටු තුනට ණයක් දලා හදාගත්තු මඩු
ගෙව්වෙ නැතොත් චාටර් වෙන ක්‍රෙඩිට් කාර්ඩ් නඩු
කවර් එකට කුණු කැවේවි පරිස්සමින් හිටු



විදේශ සේවා වෘත්තිකයින්


බාල්දු වී ඩොලර් සල්ලි පඩි වැඩි වනු ඇත
ඉහල නගින තෙල් හින්දා ටිකටුත් වැඩි වෙත
තොටුපොලෙදි හූරං කරනා කාක්කො හරි කැත
ගොඩක් වෙලා මරං කාවි පරිස්සමින් අත

ලියන් ගොඩේ පරංගිරට ඉස්පාන්ඤ්ඤෙ පැත්තේ
ණය පිරිලා ගෙවාගන්න කිසි විදියක් නැත්තේ
අරාබියෙත් ගිණිකෙළිමයි වැඩි වෙයි තව මත්තේ
රට හිටියත් රස්සාවල විස්වාසය නැත්තේ


විපක්ශ දේශපාලකයින්

ගුටි කනවා මිස තොප හට මස් නං එනු නැත්තේ
ළඟකදි නං වැහි කඳුලක් නොවැටෙනවා ඇත්තේ
ඇල්ලූවත් බර තැනකින් ඒ පැත්තේ අත්තේ
ඵල නැතිවෙයි උන්දැලටත් එන යන මං නැත්තේ

මහ රජාගේ පන්දුවලට පාදෙ පෙරට දමා
පහර දෙන්න කෙනෙක් හැදී එනතුරු බර දමා
ඉවසාපන් පපුව කියා නොගෙන ගුස්පි දමා
හිටිය වගේ මේ වසරෙත් ඉඳින් වෙලා පමා

රජයේ දේශපාලකයින්

කරන කරන හොඳ අඳුරෙන් වැසෙන්නේ
නරක කරන උන් මයි බබලවන්නේ
අරණ හැර දමා වදුලෙම වදින්නේ
නරක කල තමයි මේ මහ රජුන්නේ

හොඳට නරක දෙකටම කට නම් වේය
වවන තල මිසක් මුං නං නොකැපේය
කරන හොඳ උනත් නරකෙන් අඩු වේය
අමතක කරන එක මුල නං සුභ නෑය

LinkWithin

Related Posts with Thumbnails