Friday, January 1, 2016

ගිණි වගේද කෙළි? Dubai is not in fire..



සතුට සහ දුක එකවර දහස් ගණනකට ගිණි නිසා ඇතිවෙන අහඹු සහ දුර්ලභ අවස්ථාවක සාක්ෂි කරුවකු වන්නට මේ අලුත් අවුරුද්දේ හැකිවුනි.

දුම් අතරින් ගිණිකෙළි අහසට එත්දී ස්වදේශික විදේශික සැම අත්පොළසන් දුන් අයුරු මෙන්ම, ගිණි ඉහලට එත්දී හෝටලයේ සිට පළා ආවුන් විළාප දුන් අයුරුද ඇසුවෙමි.

එහෙත් වසරක් තිස්සේ සැළසුම් කල මහා ගිණි කෙළි ව්‍යාපෘතියක්, කිසිදු දැනෙන හෝ බලපෑමක් කරන්නට ඒ අසල වූ මහල් හැටක හෝටලයේ ගින්නට බැරිවිය.

මේ රෝමය ගිණි ගනිද්දී නීරෝ විණා වැයූ කතාව නොව, ටයිටැනික් ගිලෙත්දී බෑන් චූන් ගැසූ කතාවේ තවත් දිගුවක්ද නොව, බල්ලෝ බිරුවත් තවලම ඉදිරියට යන අන්දම ලොවට පෙන්වූ, කළබල නොවී අධිෂ්ඨානයෙන් තම ගමණ යන නායකයකුගේ තවත් එඩිතර පිම්මක් බව මගේ පුද්ගලික අදහසයි.


සිතන්න, මෙවැන්නක් අප රටෙහි සිදුවූවා නම්?



එසේඑනම් මිත්‍රවරුනි, ගිණි සහ ගිණි කෙළි සමඟින් නව වසර උදාවූ ඩුබායි සිට ඔබ සැමට ගිණි නැති කෙළි පිරි නව වසරකට ආසිරි!





අළුත් අවුරුද්දෙ වැඩිපුර ලියන්න සැමට ශක්තිය ධෛර්ය ලැබේවා...



2015 අන්තිම සෙල්ෆිය :)

57 comments:

  1. සුභ නව වසරක් වේවා !!

    ජ ය වේ වා !!!

    ReplyDelete
  2. ඔබටත් සුභ නව වසරක් වේවා

    ReplyDelete
  3. සුභ නව වසරක් වේවා

    ReplyDelete
  4. සුභ නව වසරක් වේවා.................

    ReplyDelete
  5. ගිනි පිට ගිනි.. හරිම ලස්සන ප්‍රකාශයක් අර ගිනි උඩ යන එකයි පහලට යන එකයි.. කොඩිතුවක්කු මහතා ඇතුලු පවුලේ සැමට සුභ නව වසරක් වේවා. මේ මගල හරි යන්නෑ බං.. අනිත් දවසේ ජනවාරි මුල් සතිය නිවාඩු දාන්න ඕන.. අතත් රිදෙනවා කටත් රිදෙනවා.. හැක්

    ReplyDelete
    Replies
    1. බොටත් සුබ නව වසරකට ආසිරි.

      Delete
    2. දේශ, මෙහෙ එච්චරටම ඔය කරදරේ නෑ, ඒ වෙනුවට අතට අත දීලම එපා වෙනව.

      Delete
  6. ඉන්දිකටත්, පවුලේ සැමටත් සියලු පැතුම් ඉටුවන ගිනි නැති වාසනාවන්ත සුබ නව වසරකට ආසිරි.

    ReplyDelete
  7. මෙම සිද්ධිය නිව්ස් වල දුටුවා. එයින් කිසිම කෙනෙක් ගේ ජීවිත හානි නොවුන එක ලොකු දෙයක්. සතුට දනවන දේවල් අසන්නනට ලියන්නට ලැබෙන වසරක් පතනවා.

    ReplyDelete
    Replies
    1. මෙහෙ ගිණිගත්තට එහෙම ලෙසියෙන් කාවත් මැරෙන්නෙ නෑ. ඒක මාරයි.

      Delete
  8. උඹ ෆීල්ඩ් එකට ආපු එක හොඳයි.... කොකු ටික්ක බලා ගන්න පුළුවන්.. අනික් උන්ට පම්පෝරි ඝහන්න හම්බ වෙන්නෙත් නෑ නේ...

    නව වසර සුබම සුබ එකක් වෙවා....!!!!

    ReplyDelete
    Replies
    1. යකෝ මම කොකු කාරය කියලද එතකොට කාඩ් එක වැටිල තීන්නෙ?

      Delete
    2. චැහ්...වස කැතයිනෙ. අනික මම කොක්කක් කියල දාගත්තෙත් එකම එකයි.

      Delete
  9. ඉන්දිකටත් පවුලේ සියලු දෙනාටත් සුබ නව වසරක් වේවා!!

    ReplyDelete
    Replies
    1. හැළපෙටත් පවුලෙ සැමටත් එසේම වේවා!

      Delete
  10. සිංහයාටත් පවුලේ සැමටත් සුභම සුභ නව වසරක් වේවා !!
    මේ අවුරුද්දේ ඉන්දලාවත් මේ බොලොග් එකේ පොස්ට් කියවන්න අපිට වාසනාව ලැබේවා !!!

    රෝමය ලෙසේ අතීතයේ
    ගිනි ඇවිලේ ගිනි ඇවිලේ
    යෞවන සිත් නගරේ
    වෙණ වයා නැළවෙමූ
    නීරෝ වගෙ අපී...

    තුන් යම පුබුදා ජීවිතයේ
    කාලය පියඹනවා
    වැහිබීරුම දුටු ලිහිණින් වාගේ
    කැළඹේ ලොව කැළඹේ
    වෙණ වයා නැළවෙමූ
    නීරෝ වගේ අපී...

    ගිනි කඳු ලෝදිය ගැබ තෙරපී
    ආවේගය පිපිරේ
    දුම් රේඛාවක් අවසන ශේෂව
    ආශාවන් අළු වේ
    වෙණ වයා නැළවෙමූ
    නීරෝ වගෙ අපී...


    පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
    තනුව සහ සංගීතය : සරත් දසනායක
    ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
    චිත්‍රපටිය : දුහුළු මලක් (1976)

    ReplyDelete
    Replies
    1. සින්දු, මට හි;උඅ උඹ ඔහොම අහයි කියල. බොට උත්තර දෙන්න සින්දුවකිම්ම කියල බැලුවෙ, ඒත් ඒක යූ ටියුබ් එකට අප්ලෝඩ් කරගන්න විදිහයක් නෑ. ඒකයි අවුල. ඔන්න තොගෙ කලබලේඑනෙ, ඒ නිසා එහෙම ඕන්නෙ නෑ.

      උඹෙ සුභ පැතුමට ස්තූතියි කිව්ව.

      ඉර ගිණි ගත්දෙන්, අපි කාල බීල ඉමු තුටින්...

      ( හොයා ගනින් සින්දුව දැන්.. )

      Delete
    2. ඕකනේ ඉතින් සිංහයන්ට විහිළුවක්වත් තේරෙන්නේ නෑනේ ...ඔන්න ඔහේ උඹම සින්දුව දාපන් අය්යා ...හැක් හැක්

      Delete

    3. ඉර හඳෙහි හැප්පී ගිනි ගනිත් දෙන්
      මුහුදු දිය අපි ගාවයි
      අපි එකට එක් වී හිඳින තුරු ලොව
      සමගිය ද අපි ගාවයි...

      කෙන්ද කෙන්දෙහි පැටලී
      කඹ රැහැන් බැඳුණා සේ
      අහුරු අහුරින් තර වී
      වැලි වලින් කඳු ආ සේ
      අහසයි පොලොවයි ලෝකේ බෝලෙයි
      අල්ලට ගමි මාගේ...

      රැල්ල එනවලු හිනැහී
      දෙපා සිඹ සෝදාලා
      දැලට නුදුරෙන් සැඟ වී
      යයි මසුන් පීනාලා
      ගිළිහෙන රන් මසු මසුරන් ගෙට ගෙන
      අපි හෙට හිනැහෙනවා...

      පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
      සංගීතය: වික්ටර් රත්නායක
      ගායනය: අබේවර්ධන බාලසූරිය සහ මර්වින් පෙරේරා

      Delete
    4. එළ කොල්ලෙක්නෙ. මගෙ කන්තෝරුවෙ සද්දෙ නැති නිසා මට ඕකෙ පද අහල ලියා ගන්න විදිහක් තිබ්බෙ නෑ. උඹ වැඩ්ඩ මල්ලි.

      Delete
  11. ඉන්දික...සතුට සාමය සෞභාග්‍යය නිරෝගි බව පිරුන 2016කට මගෙනුත් සුභ පැතුම්....
    ගිනි වගේද (දුම්) කෙළි මම නම් දැක්කා ලයිව් CNN එකේ......!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහ සේම වේවා. මේ අවුරුද්දෙවත් අපි හම්බුවෙමු කෝම හරි.

      Delete
  12. ගින්නෙන් තොර සුබ නව වසරක් වේවා...!!!

    ReplyDelete
    Replies
    1. හානියෙන් තොර ගින්නෙන් පිරි නව වසරක් වේවා.

      Delete
  13. ගිනි කෙලි විතරයි නේ මෙහෙ වගේ ගිනි අවි සමග ගිනිකෙළි නෙවෙයි නේ. මේ ඊයෙත් පොලිස් රාළහාමිලා දෙන්නෙකුට වෙඩි තියලා.

    ගිනි නොඇවිලෙන සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. එහෙම කෙළිනන් මෙහෙ කලොත් දෙන්න එන්න පුකෙන් ගිණි.

      විචාටත් හානියෙන් තොර ගින්නෙන් පිරි නව වසරක් වේවා.

      Delete
  14. සිංහ පවුලටම සුබ නව වසරක් වේවා !!!

    ReplyDelete
  15. ඉන්ඩදික,උබටත් උබේ පවුලේ සියලු දෙනාටත් සුබම නව වසරක් වේවා!!!

    ReplyDelete
  16. ගිණි ගින්දර පෝස්ට් වැටෙන අරුත්බර නව වසරක් උදාවේවා..!!
    ජයවේවා..!!

    ReplyDelete
  17. මම හිතන්නේ මම මේ සිංහයගේ ඔරිජිනල් ෆොටෝ එකක් දැක්කමද කොහේද?
    ඩුබායි කියන්නේ ඉතින් ලංකාව නෙමෙයි නේ.
    සුබ නව වසරක් වේවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් උන් මාව මූණු පොතේ දැකල තියේනෙ :)

      ඒකනෙ ඩුබායි වෙනස්, අපි ඒකට ගරු කරන්න ඕන.

      ස්තූතියි දිනේෂ් පැතුමට.

      Delete
  18. ඉන්දිකටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. උඹව දැක්ක කල්!

      ස්තූතියි සහ සේම් ටු යූ!

      Delete
  19. අවුලක් නැතිව ගිනි කෙළි සංදර්ශණ ඉවර වුන එක ගැන නම් තියෙන්නෙ අලොකු සතුටක්... ඔහෙට වඩා මෙහේ නම් පුදුම බයකින් මිනිස්සු හිටියේ. කොයි වෙලේ කොහෙන් බෝම්බයක් එයිද කියලා විශ්වාසයක් නැති හින්දා.
    ඒත් හැමදේම හොඳට වුනා. සමහරවිට ටෙරොරිස්ම් පරදවන්න පුළුවන් වෙයි.... උභටත් සිංහයෝ සෙට් එකටත් සුභ අලුත් අවුරුද්දක් එහෙනම්....
    දිගටම ලියන්න වරෙන් අපිට මොනා හරි කියවන්නවත් බැරියැ...

    ReplyDelete
    Replies
    1. බෝම්බ බිය මෙහෙත් නැතුව නෙමේ. ලඟදිත් ජිහාඩ් කාරයො වගයක් අල්ලගත්තලු තුවක්කු ආයුධ එක්ක මෙහෙ. ඒත් බුද්ධි අන්සෙ හොඳනම් ඕව අවුලක් වෙන්නෙ නෑ. උඹත් ආයි කියවන්න කොටන්න සෙට් උනා වගේ ලියන්නත් ගනින්. ජය වේවා අලුත් අවුරුද්දට!

      Delete
  20. අලුත් අවුරුද්දේ 'සැහැල්ලුවේ' වැඩි වැඩියෙන් ලියන්නට ඔබට විවේකය හා ශක්තිය ලැබේවා . පවුලේ සැමට සතුට හා සනීපය පිරි අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තිලකෙ. ඔබටත් එසේම පතනව!

      Delete
  21. සුභ නව වසරක් වේවා ඉන්දික.. ඔය ගිහිකෙලි කෙලියේ අලාභය රක්ෂණ වන්දියක් විදිහට ලැබෙන නිසා උන්ට ඔව්ව ගානක්වත් නැතුව ඇති බන්..

    ReplyDelete
    Replies
    1. ඒ උනාට ඒව එහෙම ලේසියෙන් ගෙවන්නෙ නෑ. හොයල බලල ක්ලේම් එක ගන්නකොට වෙලා තීන පාඩුව ඊට වඩා බොහොම ඉහලයි, මොකද ඉන්ෂුවරන්ස් එකෙන් හානි පූරණය මිසක් ලාභය ගෙවන්නෙ නෑ.

      ස්තුතියි සුභ පැතුමට.

      Delete
  22. මාත් ටීවී එකේ දැක්කා හරි ලස්සනයි. අපේ ලoකාව ඔය එක එක රටවල් එක්ක සන්සන්දනය කරන්ඩ එපා හිටන්. :) හි හි
    සුබ අලුත් අවුරුද්දක් ඔයාටත් පවුලේ හැමෝටමත්

    ReplyDelete
  23. සුභ නව වසරක් වේවා.

    ReplyDelete
  24. ගිනි කෙළියයිනෙ යකඩෝ....... පට්ට ඈ...
    සුභ නව වසරක් වේවා! මේ අවුරුද්දෙවත් ඇවිත් පලයං. මූණ බලාගන්න. ආ..ඔය දාලා තියෙන්නෙ මූණ.

    ReplyDelete
    Replies
    1. ගිනි සීන් එක දන්නෙ පස්සෙ බං. වෙරි සොරි!

      Delete
  25. ආහ්, උඹ ගිණි කෙලි බලන්න ගිහිල්ලා වගේ..... අපිත් ඔය කට්ට කෑවා 2010, එතකොට ගම හාමිනේ මාස 7ක බඩකුත් උස්සන් හිටියේ...... එදායින් මත්තේ නෝ ගිණි කෙලි....

    අපි නම් අතුලේ ගිණි පත්තු කරගෙන, ශෘංගාර සංගීතයට පාද තබා නැටුවා උදේ 5 විතර වෙනකම්..... ටැකිස් කාරයා ගේ එළිපත්තේ අත ඇරලා යනකම් දන්නේ නෑ කොහොමද ගෙදර ආවේ කියලා.....!

    ReplyDelete
  26. Happy New Year !

    රෝමය ගිනිගත්තත් පත්තර කෑල්ලකටවත් ගිනි ගන්නෙ නෑ

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails