Friday, August 14, 2015

බය්යො දන්න "වාසුදේව"

//පිටරටවල ජීවත්වෙන ලංකාවෙ ටොයියො හිතන්නෙ උන්ට වඩා දැන් ලංකාවෙ තියෙන දේශපාලන තත්වෙ ගැන දන්න වෙන අය නැහැ කියලා.දැනගනිල්ලා උබලට පර සුද්දන්ගෙයි පර හමිබයන්ගෙයි සල්ලි ලොකු උනාට මෙකෙ අපේ දරැවො ජිවත් වෙන්න ඔන.....//

ඉහත සටහන මා ඥාති සහෝදරියක විසින් තම ෆේස්බුක් පිටුවෙහි තබන ලද්දකි.

ඈ මෙය පලකරන විට අරාබියේ සිටින ටොය්යකු වන මමත්, එංගලන්තයේ සිටින මගේ සහෝදරියත් එය දකින බව දැන නොසිටින්න විදිහක් නැත. එපමණක් නොව, "හම්බයින්ගේ සල්ලි" වලට ගරහන ඇගේ සටහන තම ස්වාමියා සේවය කරන "හම්බ" ආයතනයේ කිසිවකු විසින් දකින්නට ඉඩ ඇති බවත් නොදැන සිටින්නට නැත.

නමුත් එසේ දැකීමෙන් ඇයට හෝ ස්වාමියාට සිදුවිය හැකි යම් සෘණාත්මක බලපෑමක් ගැන ඇයට කිසිම හැඟීමක් නොතිබෙන්නට ඇති බව මට විශ්වාසය.

බය්යන් ලෙස වර්ගීකරණයට ලක්ව ඇති බහුතරයකගේ තත්වය මෙයයි. ඔවුන්ගේ බොහෝ ප්‍රකාෂන වල ඇති වෛරය සහ අනර්ථය ගැන ඔවුනටම හැඟීමක් නැත.

එය තමන් කරනා මහින්ද දිනවීමේ ව්‍යායාමය තරම්ම අනර්ථකාරී, සමාජ විරෝධී ක්‍රියාවක් බවට සිතන්නට ඔවුනට තර්ක බුද්ධියක් හෝ අස්වැසිල්ලක් නැත. මන්ද, බුද්ධිය වෙනුවට හැඟීම් ඉදිරියට විත් ඇති අති මන්ද බුද්ධික තත්වයකට ඔවුන් පත්ව ඇති බැවිනි.

ගහලා හරි නොගත්තේ ඇයි දැයි ඇසූ ගායිකාවට එය මොනතරම් සමාජ විරෝධී ප්‍රකාෂයක්දැයි නොසිතුනා මෙන්ම, ලංකාවට වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් එවමින් ලංකාවේ සිටින්නන් හට සියළු සැප සම්පත් ආනයනය කරන්නට උපකාරී වෙන විදේශ ශ්‍රමිකයන්ගේ සේවය හෙලා දැකීමේ වරද මගේ ඥාති සහෝදරියටද නොවැටහෙනු ඇත.

එපමණක් නොව, මහින්ද රනිල්ට වඩා මාරාන්තික නොවන්නේ, මහින්දට එරෙහි තරුණ කැරැල්ලක් ඇති නොවුන නිසා බව ඔවුනට වැටහෙන්නේ නැත.

රනිල්ට වඩා කඩවසම්, රැවුල වැවුනු ප්‍රතාපවත් මහින්ද, රට රකින්නේ මාෂල් ටිටෝ මෙන් අවි බලයෙන් බවත්, ඔහුගේ අවි සහ බලය නැති දාට ලංකාව තවත් කෑලි කෑලි වෙන යුගෝස්ලාවියාවක් වනු ඇති බවත් ඔවුනට තේරුම් ගන්නට බැරි තරම් ඉහල දේශපාළන කරුණු කාරනාවන් වේ.

කොටින්ම ඔවුනට අනුව දියුණු රටක් යනු පාරවල් සහ ගොඩනැගිලි පමණක් වන මුත්, ඒවා සපිරි කිසිදු අරාබි රාජ්‍යක් සංවර්ධිත පළමු ලොව රටවල් ලෙස තවම පිළි නොගෙන ඇත්තේ මෙහි ඇති අව මානව සංවර්ධන සහ මානව හිමිකම් දර්ෂක නිසා බවත් මේ අය තවම දන්නේ නැත.

මෙනිසා මෙවන් හය හතර නොදත් කුඩා උන්ගේ ගොන් කතාවලට තරහ ගැනීම හෝ ඒවා ගැන දුක් වීම තවත් කාලය නාස්ති කිරීමක් පමණි.

ඉදින්, නාස්ති කිරීමට කාලයක් නැති මේ මොහොතේ, කුඩා උන්ගේ විහිළු, බිණුම් සහ විකාර කතා වලට කලබල නොවී, ඒ අයට කැමති වාසුදේවක් කරගන්නටැයි කියා එළඹෙන දහ අටවැනි දිනටත් යහ පාළනය ඇති රටක මිනිසුන් ලෙස අවදිවන්නට අවැසි යුතුකම් පෙරදින සිදුකරීමට හැකිවන සම්මා සතියෙන් යුතු සතියකට සුභ පතමි!

59 comments:

  1. Seems like ?? Oh!! he has been since the beginning :P

    අධර්මිෂ්ට මිනිහෙක් ගෙන් ධර්මිෂ්ට පාලනයක් පැතූ , වයිරී මිනිහෙක්ගෙන් මයිත්‍රී පාලනයක් පැතූ , බටලන්දේ වධකයාගෙන් ප්‍රජාතන්ත්‍රවාදය පතන සිංහල ටොයියා නම් වෘෂභයා හට කරුණු පැහැදිලි කිරීමට වඩා ගං ඌරෙක් ට හෝඩිය ඉගැන්වීම පහසුය. නේද උපශාන්ත මචෝ .... :D

    ReplyDelete
  2. පැරදවිය යුත්තේ මහින්ද නමැති තනි මිනිසා නොවේ මහින්ද නමැති බලලෝභියා සහ ඔහුව විකුණා ගොඩ යන්නන්ට දඟලන සහචර රැල විසින් වැපිරූ මේ අසික්කිත ගෝත්‍රවාදයයි . අවුරුදු දහ පහළොවක් තිස්සේ මේ රටේ සිංහල ජනතාවට ජාත්‍යන්තර කුමන්ත්‍රණ,බෙදුම්වාදය ආදී වූ බිල්ලන් පෙන්වමින්,ජාතිවාදය සහ අවස්ථාවාදී දේශප්‍රේමය එන්නත් කොට සිහි මුර්ජා කරමින් කොන්ක්‍රීට් සංවර්ධන මායාවෙන් සියලු වංචා දුෂණයන් වසාලමින් ගෙනගිය ඒ දුර්දාන්ත
    පාලනය මේ සියල්ල මගින් තම පැවැත්ම උදෙසා අවශ්‍ය කරන වහලුන් නිර්මාණය කර ගත්හ.අද බයියන් ලෙස මතුව ඇත්තේ මේ වහලුන්ය.ආගම ජාතිය පිළිබද උන්ගේ දැක්ම නානසාරගෙන් එහාට නොයයි.ජාත්‍යන්තරය ගැන උන්ගේ න්‍යායාචාර්ය වීරවංශය.මහින්දාගමනයෙන් එහාට චිත්‍රපටියක් කලාවක් උන්ට නැත.ඕනෑම පට්ට හොරෙකු මදාවියෙකු මහින්ද සරණ යන්නේ නම් දේශප්‍රේමියෙකු සේ අදහන්නට මේ බයි රැල පසු බට නොවෙති.සිහි මුර්ජා කරන ලද කොඳු නාරටි කඩා ගත් මේ වහලුන් ගැන ලත වීමට වඩා මේ මොහොතේ කල යුත්තේ නැවතත් මේ මජර ක්‍රමය අලුතෙන්ම පටන් ගන්නට වලිකන වහල් හිමියන්ව පරාජය කිරීමයි.අඩුම තරමේ රටේ පාලකයා උසාවියට අත නොපොවන,අයි ටී එන් එකේ සිළුමිණේ විරුද්ධ පක්ෂයේ නිවුස් යන,ජනාධිපතිට ආණ්ඩුවට ඕනෑම කෙනෙකුට සුදු වෑන්එහෙක නොයා ප්‍රසිද්දියේ විවේචනය කල හැකි,සාධාරණ මැතිවරණයක් තිබෙන රටක් නිර්මාණය වී තිබේ.අවුරුදු දහ පාලොවක් මේ දේවල් දැක දැක සාමාන්‍යකරණය වූ වහලුන්ට මේ සිස්ටම් එක දිරවා ගැනීම අපහසුය.එහෙත් ගෝත්‍රිකත්වයෙන් මිදුණු නිදහස්ව නිවහල්ව සිතන, අන්තවාදී පකිස්ථානයක් හෝ ඇෆ්ගනිස්ථානයක් නොව සිංහල දෙමල මුස්ලිම් සියලු ජන කොටස් එක රටකට රොද බඳින නුතන රටක් පතනා අප සැවොම දිනු මේ නිදහස ඉදිරියට රැගෙන යා යුතුය.බයියන්ට ඇට මිදුළු තුලටම රිංගවූ මේ වහල්භාවයෙන් මිදීමට කලක් ගත වනු ඇත.ගෝත්‍රවාදයේ ඉතිරි වී ඇති නටඹුන්ද 17 වැනිදා පරාජය කිරීම තුලින් අපට ඔවුන්ට සහය විය හැක.

    ReplyDelete
    Replies
    1. kalaboy, යන්තන් ඒ ගමණ යන්න මුල් කඩුල්ල පැන ගත්ත.

      Delete
  3. Replies
    1. අනු හතරෙන් පස්සේ හෝ ඒ ආසන්නයේ උපන් එකෙක්

      Delete
    2. දේශ,

      0|0 හරිද දැන්? UU දීහන් දැන් ඉතින්

      Delete
  4. :D මාතෘකාවේ තේරුම වැටහුනේ ගොඩක් පස්සෙ මේක වාසුදේව ගැන කියලා නෑ කියලා තේරුනාම.

    මට පෙනිච්ච විදිහට බයියන් කියලා හඳුන්වන පිරිස හිතන පතන විදිහේ ලොකු සමානාත්මතාවයක් තියෙනවා, දේශපාලනය හැර අනික් කාරණාවලදීත්.

    ReplyDelete
  5. චන්දේ නිසා මටත් නිවාඩුවක් ලැබෙනවා ගමේ යන්න ඒක වටිනවා

    ReplyDelete
  6. දේශපාලන මති මතාන්තර වෙනුවට මේ දිනවල තැන තැන දකින බයියන්ගේ හා ටොයියන්ගේ අපහාසාත්මක කතා දැක කලකිරි සිටිමි.

    ReplyDelete
  7. බ්ලාහ්.. අපරාදෙ මේක ලියුවෙ මොකෝ ඕව ලීව කියල ඇති වෙනසක් වෙනවැයි හිහික්

    ReplyDelete
  8. අපේ මහේෂ් කිව්ව වගේ කතා කරලා වැඩක් නැත බයියන් ගැන.....

    ReplyDelete
    Replies
    1. හායි ‍ෙටෙොයිය සුදා

      Delete
    2. ආආආආආ........බයිය සුදා........................

      Delete
    3. කෙන්ජි, බය්යො ටොය්යො මාරුවෙලා බං දැන්

      Delete
  9. දැන් කෝ වාසු...............

    ReplyDelete
    Replies
    1. විපක්ෂ නායක වෙන්න හීන දකිනවලු

      Delete
  10. සාධූ..... සාධූ..... සාධූ.... !!!!

    ReplyDelete
    Replies
    1. ආආආආආ.....සුද්ද ....මොකෝ නැතිව සද්ද.......

      Delete
    2. සමීක්ෂණයේ ප‍්‍රතිඵල පහත පරිදි වේ.
      එක්සත් ජාතික පක්ෂය ඡන්ද ප්‍රතිශතය 47.62% ආසන 115
      එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද ප්‍රතිශතය 35.43% ආසන 74
      ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද ප්‍රතිශතය 10.47% ආසන 17
      ද්‍රවිඩ ජාතික සන්ධානය ඡන්ද ප්‍රතිශතය 4.73% ආසන 18
      ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ඡන්ද ප්‍රතිශතය 0.81% ආසන 01
      වෙනත් ඡන්ද ප්‍රතිශතය 0.93%

      Delete
    3. තව දවස් දෙකකින් බලමු කෙන්ජයියේ. ඒ වුණාට ඔයා සතුටු වෙන්න අගමැති රනිල් තුමා ම තමා. ඔය සමික්ෂණනං හුගාක් වැරදියි.

      Delete
    4. කෙන්ජ, නියම සමීක්ෂනය. එළ කිරි!

      Delete
  11. උඹට කියන්න බුකිය තිත්ත වෙන්නේ ඔය ටොයි බයි මගුල හින්දා.

    ReplyDelete
  12. ඇත්තටම් ඉස්සර බුකියෙ දේශපාලන පොස්ට් පින්තූර ශෙයා උනේ හරවත්කමක් එක්ක. දැන් හුජ්ජ කොල්ලො ඇවිත් ගොන් හැත්තට මේක දැලි පිහියක් වෙලා මේකෙ එහෙ මෙහෙ යන එව්ව කියවන්න අප්පිරියයි.. කඩේ යන්නෙ හෙළුවෙන්... ඔය ගැන කියල වැඩක් නෑ....

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. දැන් ෆේල්ඩ් පොටෝෂෝප් ගොං ආතල් තමා තියෙන්නෙ ඔය මගුලෙ. උන්ට ඒකවත් හරියට කරගන්න බෑ අතේ පත්තු වෙනවා.

      Delete
    2. සජ්ජ, බුකි දේශපාලනෙත් දැන් මොබයිල් ෆෝන් වගේ. එන්න එන්න බාල වෙනව එක පැත්තකින්, තව කොටසක් දියුණුවෙනව

      Delete
  13. //මෙනිසා මෙවන් හය හතර නොදත් කුඩා උන්ගේ ගොන් කතාවලට තරහ ගැනීම හෝ ඒවා ගැන දුක් වීම තවත් කාලය නාස්ති කිරීමක් පමණි. //
    ඒ වුනාට හය හතර නොදත් කුඩා උන්ගේ චන්දය නිසා මොන නස්පැත්තියක් වෙයිද කියල හිතල බලන්න.

    ReplyDelete
    Replies
    1. අන්න එච්චරයි මටත් ඇහුනෙ බන්..+++++++++++++++

      Delete
    2. හිතූ තරම් නරකක් උනෙත් නෑ, එහෙමටම හොඳක් උනෙත් නෑ බං

      Delete
  14. මදාවියෙක්ගෙන් ආශ්චර්යයක් පතන බයියෝ නම් වෘෂභ රාජයෝද කිසිවක් තේරුම් නොගනිති. ටොයියෝ පැතූ මෛත්‍රී පාලනයක් නැත. ටොයියන්ට වුවමනා වූයේ ටොයි ආණ්ඩුවක්ම පමණකි. එහෙත් මේ වතාවේදී බයි ආණ්ඩුවක් නැවත පැමිණීම වැළැක්වීමට ටොයි ආණ්ඩුවක සරණ පැතීමට සිදු වී තිබේ.
    එහෙත් ටොයියාට ටොයි ආණ්ඩුවක් හරහා පිස්සු නැටීමට සීමාවක් පැනවී ඇත. ඒ යහපාලන ප්‍රතිඥාවයි.
    සියළු බයියන් සහ ටොයියන් පරාජය කර යහපාලනය දිනවීමට හැකි අළුත් පිල්ලියක් සොයාගැනීම අද දවසේ කාර්ය භාරය වී තිබේ.

    ReplyDelete
  15. ඔක්කොම කමෙන්ට් වලට උත්තර දීම දින දෙකකින් කල් තැබුවෙමි :D

    ReplyDelete
    Replies
    1. දින දෙක අද ගෙවී ගිය බව සිහි කල යුතුය

      Delete
  16. බයියෝ දැන් හැසිරෙන්නෙත් උන්ගේ මහා එවුන් පාර්ලිමේන්තුවේ හැසිරෙනවා වගේ.. හැක හැක..

    ReplyDelete
    Replies
    1. බලමු ඇමති බය්යො කොහොම කරයිද කියල

      Delete
  17. හෘද සාක්‍ෂියට ඉඩ දෙනවා බං.

    බයියෝ කිව්වාම මතක් වුනේ ඔය අපේ යාළුවෙක් හිටං මහින්දගේ පොස්ට් හෝ ගලා ශෙයා කරනවා."රනිල් අවොත් රට බෙදෙනවා,කොටි නැගිටිනවා,අප්පච්චි නැතුව බැහැ,etc"ඔය වගේ.මම ඔව්වාට දාන කමෙන්ට්ස් මේකා ඩිලිට් කරනවා.පස්සේ මට මතක් වුනේ ඌ වැඩ කරන්නේ නැණස පැදු මිනිහාගේ මීඩියා එකේ කියලා.:D

    ReplyDelete
    Replies
    1. කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල

      Delete
  18. ජේ ආර්, ප්‍රේමදාස, විජේතුංග, චන්ද්‍රිකා යන සියල්ලන්ගේම කාලවල LTTE සහ/ හෝ JVP ත්‍රස්තවාදය තිබුනා. ඔවුන්ගේ ක්‍රියාකලාපය බොහෝ දුරට ඒමත රඳා පැවතුනා

    මහින්දගේ 2005-2009 කාලයේ ත්‍රස්තවාදය අවසන් වුනා. ඔහු සහ අනෙකුත් එයට දායක වූ අය සහ රටවල් පැසසිය යුතුයි.
    ඒත් 2010-1014 කාලයේ ත්‍රස්තවාදය තිබුනේ නෑ. මං මහින්දට අකමැති ඔහු ඒකාලයේ රට පාලනය කල ආකාරයටයි. ඔහුට මේ රටේ දේශපාලන හා සාමාජයීය විශාල වශයෙන් සහ සාමාන්‍ය වශයෙන් ආර්ථික වෙනසක් හොඳ අතට කරන්න වෙන කාටවත් නො ලැබුණ අවස්ථාවක් ලැබුනා.
    කලේ නෑ. ඒ අතින් ඔහු අන් පාලකයින් හැමෝටම වඩා නරකයි

    ReplyDelete
    Replies
    1. ප්‍රා,

      බලය ඇති තැන මොළය නැතිවෙන බව අපි ආයි අත්දකිමින් ඉන්නවද?

      Delete
  19. දැන් ඒ ඤාති සහෝදරී මොකද කියන්නෙ? පැය විසිහතරම ඕෆ්ලයින්ද? නැත්නම් වලංගු ඡන්ද (ප්‍රකාශිත ඡන්ද, ලියාපදිංචි ඡන්ද ආදිය ඇනලයිස් කිරීමට තරම් සිහිකල්පනාවක් නැති බැවින්.) එකතු කරමින් අප්පච්චිගේ ඡන්ද දසලක්ෂයක් හොරා කෑ මැකෝට විරුද්ධව පෝස්ට් දානවද?

    ReplyDelete
    Replies
    1. ඔව් බං, අර දෙකේ පන්තියෙ ගාණ හදාගන්න බැරුව ලතවෙනව.

      Delete
  20. බයියො සාධක සහිතව පෙන්වලා දුන්නත් කිසි දෙයක් පිළිගන්නෙ නෑ. ෆේස් බුක් අඩවියේ පලවෙන අර්ථයක් නැති පෝස්ට් වලින් තමයි උන් දේශපාලන ගමන මග පිළිබඳ අවබෝධයක් ලබාගන්නෙ.

    ReplyDelete
  21. අභිමතාර්ථය සතුටුදායක මට්ටමකින් ඉෂ්ඨවිය. දැන් ඇති අභියෝගය වන්නේ, වලේ නොවැටී, අගතියට නොගොස්, සාධාරණව, ඉදිරියට ගමන් කිරීමයි.

    ReplyDelete
    Replies
    1. මුල් අඩියනම් එහෙම ගතිය පේන්න නෙමේ තිබ්බෙ.

      Delete
  22. /මහින්ද රනිල්ට වඩා මාරාන්තික නොවන්නේ, මහින්දට එරෙහි තරුණ කැරැල්ලක් ඇති නොවුන නිසා බව ඔවුනට වැටහෙන්නේ නැත./

    විශේෂෙන් මේ වගන්තියටත් අන්තර්ගතයටත් එකඟයි.

    සම්බන්දන්ට විපක්ෂ නායක කම දීලා. මට පේන්නෙ ඒක හොඳ ධනාත්මක පියවරක් අභ්‍යන්තර වශයෙන්. ඒ වගේම ජාත්‍යන්තර බලපෑම් වලට මුහුණ දෙන්න ඉතාම හොඳ ඉදිරි පියවරක් වගේම, ඩයස්පෝරාවට ගහපු තඩි කණේපාරක්...!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ඩ්‍රැකී. මෛත්‍රී තාම තැන තියගෙන උන්නත් රනිල් ලකුණු කපා ගනිමින් සිටින වග පෙනේ!

      Delete
  23. සොහොනා කෝමද, සන්තෝස ඇති නේද ලංසල එහෙම ආයි ආවට?

    ශනි, දාන්න පහක්!

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails