Friday, January 9, 2015

සටන ඇරඹුනා පමණි ....!



සිරිසේන ජනපති තුමණි. ඔබේ තත්වය ඉතිහාසයේ වූ කවර හෝ ජනාධිපති චරිතයකටත් වඩා අවධානම් සහ අභියෝගාත්මක එකකි.

ඔබ විසින් ඉටුකල යුතු දෑ බොහොමයකි. ඒ සියළු කරුනු සඳහා ඔබට ඇත්තේ මීලඟ මහ මැතිවරනය තෙක් වූ සීමිත කාලය පමණි.

මතක තබා ගන්න, ඒ වනවිට ඔබ කණ්ඩායම පොරොන්දු වූ සාධනීය දේශපාලනය බිහිකිරීමට අවශ්‍ය මූලික පියවරයන් නොගත්තේනම්, මේ ඔබ වෙනුවෙන් කඩේ ගිය අප බහුතරය ඔබට එරෙහිවනු ඇත.

එහි ප්‍රථිඵලය කුමක් විය හැකිදැයි සිතාගැනීමට තරම් ඔබ පරිනත වී ඇතැයි අප තවම විශ්වාස කරමු.

ඔබතුමන් ප්‍රමුඛ පිරිසට පරෙස්සමෙන් ඒ සද් කාර්‍ය කරගැනීමට අවශ්‍ය ධෛර්‍ය සහ ශක්තිය ලැබේවා..!!





ඔබ වෙනුවෙන් කඩේ ගිය විදේශ කුමන්ත්‍රණ කරුවන් පිරිස වෙනුවෙන්...,

58 comments:

  1. //ඔබ වෙනුවෙන් කඩේ ගිය විදේශ කුමන්ත්‍රණ කරුවන් පිරිස වෙනුවෙන්...,//

    මාවත් ඇතුල් කරලා ලිව්වට තැන්කූ

    ReplyDelete
    Replies
    1. මාත් වෙනුවෙනුත් ලීවට ස්තුතියි

      Delete
    2. මාත් එකෙන්ම !! ඕ යේස්

      Delete
    3. අපි නම් ගෑවිලාවත් නෑ...:P

      Delete
    4. අපි විදේශීය නෙමේ අපි දේශීය කුමන්ත්‍රණකාරයෝ,දේශාද්‍රෝහියෝ.

      Delete
    5. පේනවනෙ දැන් යන කතාව. මෛත්‍රී දිනල තීන්නෙ විදේශ කුමන්ත්‍රණ සහ දෙමළ මුස්ලිම් ඡන්ද වලින්. බලත්දි මිනිහ දකුණෙන් සියඹල ගෙනල්ලම නෑ!

      Delete
    6. ඒ අනුව එතකොට මමත් තවත් දේශීය කුමන්ත්‍රණකරුවෙක්. නැතිනම් මහින්ද මමාගේ භාෂාවෙන් කොටියෙක්.

      Delete
  2. ඇත්තටම යහ පාලනයක් නම් රටට සුභ අනාගතයක්.
    හරි පාරට ගන්න බලමු නැත්නම් විරුද්ධව පෙලගැසෙමු

    ReplyDelete
    Replies
    1. එකෙම්ම, මෙන්න මේකයි පක්ෂ විපක්ෂ හැමෝම කරන්න ඕනෙ.

      Delete
  3. ඇත්තටම තමන් හමුවේ තිබෙන කාර්යභාරය මෙන්ම අභියෝගද නිසි පරිදි අවබෝධ කරනොගතහොත්, එමෙන්ම විශ්වසනීය සහ ස්ථිර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකළහොත්, මෛත්‍රීපාල සිරිසේන මහතාද කෙටි කලකින් දේශපාලනයෙන් අතුගෑවී යනු ඇති.

    ReplyDelete
    Replies
    1. anE naaki hamo tho dhanna dhEshapaalanE. badiyanta gal kapalaa maattuwuna nEdha

      Delete
    2. විචාරක, මහින්දට බළල් පන තිබ්බට මෛත්‍රීට තීන්නෙ කොයි පනද මන්ද! පරෙස්සමින් වැඩ නොකලොත් පන යනව් බුරියෙන්, මිනිහටත් හොරාම.

      Delete
  4. දේශීය කුමන්ත්‍රන කරුවන්ද සිටී...අප වැනි..

    ReplyDelete
    Replies
    1. බලාගෙන තව අර ඒ කාලේ ගෙනාව රතිඥ්ඥා එකක්වත් ඉතිරි වෙලා තියේවිද දන්නේ නෑ පාක්ශිකයෝ ගාව.

      Delete
    2. ඇයි කුමණ්ත්‍රණය ස්ටාර්ට් කරපු හඳහන් සුමනදාසව අමතක කරන්නේ?
      ඔහුට කලගුණ සැලකිය යුතුයි නේද ? ගිනිතියාගෙන වෙනත් ග්‍රහලෝකයක්වෙත ගමන් කිරීමට පෙර) ?

      Delete
    3. ඕ යේස් ප්‍රා.…මහින්ද සෑර් ඒක කරයි …අපි කරන්ඩෝනැ නෑ :D

      Delete
    4. චෙෆාකි,

      හපොයි ඔව්, මාතලන්, ඉවාන් වගෙම උඹලත් දකුනෙ ඉන්න හොරකොටි. හිටපියව ලොක්ක ආවම මසොපි ට කියල දෙන්න කළුකුඩු බස්නෙ.

      ප්‍රා, සුමනෙ ඔළුවට වෙඩි තියාගෙන, ඉස්පිරිතාලෙ ගෙනත් ඔළුවෙ මුකුත් නැති නිසා තුවාලෙට බෙහෙත දාගෙන නිරුපද්‍රිතව ගියා කියල එෆ්බී එකේ වාර්ථාවෙලා තිබ්බ.

      Delete
  5. ඔව් ඔව් අපිත් බලං ඉන්නෙ කැද හැලිය බෙදාගන්න විදිය

    ReplyDelete
    Replies
    1. කැඳ හදන්න බැරි වෙයි කියල කෙල හලපු උඹල දැන් කැඳ බෙදාගන්න ගිහිල්ල එක එකා කාගනීවි කියන ප්‍රාර්තනයෙන් ඉන්නව. උඹල ගැන ලැජ්ජා වෙනව ඇරෙන්න කරන්න දෙයක් නෑ. මොකද උඹල උඹල ගැන ලැජ්ජා වෙන්නෙ නැති නිසා.

      Delete
    2. කැඳ හැදුවා පමණි කිසිවෙක් එහි රස සහ ගුණ අගුණ තවම නොදනී. බෙදාගැනීමේ ප්‍රශ්න වලට වඩා රටට කැඳ පෙවූ පසු පක්ෂඝාතය වැළදීමට මෙන්ම පිළිකා නිසා අංග චේදනය කිරීමට ඉඩ වැඩිය.

      Delete
    3. පරිප්පු වලට වඩා කැඳ බොහෝ ගුණ ඇති අහාරයකි, පානයකි.

      Delete
    4. පුක කලුවාගේ පුක ඈත්කර උණු උණුවේ කැඳ එකක් හලන්න ඕනෙ තොගේ මොලේ පෑදෙන්න

      Delete
    5. මහේෂ්,

      කුහක කම ඇර ඕකට වෙන වචනයක් නෑ! උඹල ඉන්නෙ අනිකට කෙලවෙනකල් තමන්ගෙ එකා ගොඩ දාගන්න. මහ ලොකුවට කියන්නෙ සිංහලය දෙකඩ උනාලු!

      Delete
  6. ඔය ෙකාෙහාම කිව්වත් මුස්ලිම් ෙදමල ෙනාහිටින්ට ෙෙමත්‍රීට ෙෙමත්‍රීම තමා

    ReplyDelete
    Replies
    1. හෙහ්..2005 දෙමළ උදව් නොකලනං මෙලහට මහින්දත් කුණු කූඩෙ!

      Delete
  7. හරියට හරි. බලමු මෙයා අපි ඉල්ලන දේවල් කරයිද කියල. නැත්තං එයාවත් එලවමු.

    ReplyDelete
    Replies
    1. ඊට කලින් අරූව හරියට එළවලම ඉන්න වෙයි වගේ!

      Delete
    2. අහිංසක "අරූ" මොන වරදක් කලාටද ?

      Delete
  8. මහින්ද ගෙදර යාම ගැන මට ලොකු දුකක් හෝ මෛත්‍රී ජනපතිවීම ගැන මට අමුතු සතුටක් හෝ නැත. නමුත් මට ඇති එකම දුක සිංහලයන් බහුතරයක් සිටියත් රජයක් පිහිටුවන්නට දෙමළ හා මුස්ලිම් ඡන්ද හිගාකෑමට සිංහල දේශපාලඥයන්ට සිදුව තිබීමය. මෙය සිනහ වී ඉවත හෙළිය යුතු කරුණක් නොවේ. සිංහලයාගේ අනාගත මහා ව්‍යසනයක් පෙරනිමිත්තක් පමණි.

    ReplyDelete
    Replies
    1. සුළුජාතික චන්ද ලබා ගැනීමට ගැසූ එකඟතා ක්‍රියාත්මක වුවොත් ලොකු ප්‍රශ්නයකි.ක්‍රියාත්මක නොකලොත් මහාජාතියේ දේශපාලකයෝ කෙරෙහි සුළුජාතික විශ්වාසය බිඳ වැටීම තවත් ලොකු ප්‍රශ්නයකි. මෙම ජය ග්‍රහණයට දායක වූ අයට කෙදිනක හෝ අප පවසන දේ සත්‍ය බව වැටහෙනු ඇත.එවිට undo කිරීමට ඉඩක් නැත.

      Delete
    2. තේ කෝප්පෙ කුණාටු දකින්.. ලංකාවේ මන්ද බුද්ධික මානසිකත්වය.

      Delete
    3. මුස්ලිම් /දෙමළ සුළුතරය උනත්, ඒ අපේ ලාංකික වැසියෝය. උන්ගේ හඬට කන් දියයුතු කාලය එළඹ ඇත. රට බෙදනවා කියා මර ලතෝනි නොදී ඔවුන්ගේ ඉල්ලීම් වලට කන්දෙන නායකයෙක් ඔවුන් ඉල්ලා සිටිති. එය අසාධාරණද? අපි මහා ජාතිය කියා අපේ සපත්තු ඔවුන් ලෙවකෑ යුතු නොවේ..

      Delete
    4. @Maathalan - Priyantha HewageJanuary 9, 2015 at 1:05 PM
      මා හරි උගතා
      මා හරි ජගතා
      කියනා මිනිහා
      මෝඩයෙකි

      Delete
    5. අපගෙන් කවුද හරි කවුද වැරදි කියා කාලය පෙන්වනු ලබනු ඇත. වැරදි කරුට පසු තැවීම ද,නිවැරදි කරුට කල කලකිරීමද ඇතිවනු නියතය

      Delete
    6. සුලු ජාතීන්ගේ චන්ද අපිට එපායයි සිතීම රට බෙදීමට සමාන ආකල්පයකි.

      Delete
    7. නිරංජන්, උඹලගෙ ජාතියෙ උන්ට පොදුවෙ පිළිතුරක් දෙන්නම් -

      ලංකා ජාතික සංගමය හදනකොට එතන ඔය ඔක්කොම ජාති එකට හිටිය. ඉන් පස්සෙ ඒගොල්ලො එක්සත් ජාතික පක්ෂය හදගෙන ඡන්දෙට ඉල්ලුව.එහෙමයි ඩීඇස් පලවෙනි අගමැතිඋනේ. නමුත් බණ්ඩ ඒ එකමුතුව ඇනික් පැත්ත ගහනWඅ බල තණ්හවට. අන්තිමේ මිනිහගෙම බණ්ඩ-චෙල්ව ගිවිසුම ජාතිවාදී බලපෑම නිසා ගිණි තියල, වාහනවල ශ්‍රී අකුර ගහනව.

      57 ජාතිවාදි කෝළහල එනව, පළවෙනි පාර කෙලගන්නව.

      ඉන් පස්සෙ ඩඩ්ලි එනව 65, ආයි කට්ටිය එක මේසේට ගන්නව, චෙල්වනායගම් එක්ක ගිවිසුමක් ගහනව. එතකොට ඔන්න ආයි ජාතිවාදියො ටික පාරට එනව ඩඩ්ලිගෙ බඩේ මසලවඩේ කියල කෑ ගහනව, ඒ ගිවිසුමත් බකල් කරනව.

      උතුර රතු වෙනව, 75දි දොරේ අප්පට වෙඩි තියනව.

      77 සිරිම යනව, පප්ප එනව, විපක්ෂනායක අමිර්තලිංගම් වෙනව. පප්පගෙ අලුත් ව්‍යවස්ථාව ගේනව, අමිරතලිංගම්ගෙ තණතුර අහෝසි වෙනව, දෙමළු ආයි පිළිකන්නට දානව.

      83 ජාතිවාදි කෝළාහල එනව. යුද්දෙ ඇරඹෙනව.

      දැන් ආයි 2015! මේ ඉතිහාසෙ ලැබෙන අන්තිම අවස්ථාව වෙන්න පුළුවන්. මේකත් දෙපැත්තෙම ජාතිවාදියො ටික එකතුවෙලා බකල් කරහල්ල, අම්මට හැමිනෙන්නවත් තාත්තට රටක් නැතිවෙන්න කියල.

      Delete
  9. එයා පිස්සු කෙලියොත් එයාටත් අබ සරණමය..

    ReplyDelete
    Replies
    1. අන්න ඒ තැනට මේ සමාජය ගේන එක තා සැබෑ ජයග්‍රහණය!

      Delete
  10. මෙන්න මගේ කාලීන දේශපාලන විග්‍රහය පැමිණ කියවා අදහස් දක්වන්න

    ReplyDelete
    Replies
    1. පුක කලුවාගේ බූරු දේශපාලන මොන්ටිසොරිය

      Delete
    2. මකසි, හරි මචන්, එන්නම්.

      ඇනෝ, ඒක උගෙ අයිතිය.

      Delete
    3. මන්ද මනසිකයාගෙ බ්ලොගට ගිහින් බලමුකො...

      Delete
  11. "සිරිසේන මහතා ජනාධිපති වෙලා තියෙන්නේ සුළු ජාතික ඡන්ද වලින් , සුළු ජාතික දිස්තිරික්ක වල ඔහු ජය අරගෙන , සිංහල දිස්ත්‍රික්ක වල මහින්ද මහතා ජය අරගෙන "

    මේ ප්‍රකාශයේ බරපතල කම ගැන ඉන්දිකට මොකද හිතෙන්නේ , ඒ කියන්නේ පේ දේශප්‍රේමීන් ඒ ඒ දිස්ත්‍රික්ක සුලුජාතිකයන්ට ලියලා දීලා. එතකොට ඒ ප්‍රදේශ වල මහින්දට ඡන්ද එකක්වත් වැටිලා නෑ, සිංහල දිස්ත්‍රික්ක වල මෛත්‍රීට එක චන්දයක්වත් වැටිලා නෑ. ඒ කියන්නේ දැනටම රට බෙදිලද තියෙන්නේ , මට තේරෙන්නේ නෑ ඕයි

    ReplyDelete
    Replies
    1. ඉවාන්, ඔය කතාවට අම්බනෙට මලෙන් ඉන්නෙ. උඹ දැක්කනෙ උඩ මම නිරන්ජන්ට දීපු උත්තරේ. අපිම මුන්ව ජාතිවාදෙට තල්ලු කරල, අපිවම කෑව කියල කෑ ගහල, අපිම උන්ව පරද්දල වීරයො වෙනව.

      යකෝ එක රජෙක් යටතෙ එක්සේසත්වෙලා බලෙන් ඉන්න බෑ හැමදාම කියන එක මුන්ට තේරෙන්න නැති හැටි. මාෂල් ටිටෝගෙ යටතෙ යුගෝස්ලොවියාව එකක් උනාට මිනිහ මලාම උනේ මොකද්ද කියල මුන්ට ටියුෂන් දෙන්න වෙනව, බූරු හැත්ත.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  12. මහින්ද පැරදුනේ මහින්දගේම වරදින්,යුද්දෙන් ඉවර වුනායින් පස්සේ මහින්ද ක්‍රමානුකුලව ඒකාධිපති ගමනක් යමින් හිටියේ.මේ රට මිලිටරිකරණයකට ලක් නොවී මේ විදියට ගැලවුණු එකත් ලොකු දෙයක්.මහින්ද යුනිපෝම් නොඇන්දත් සමහර විට හැසිරුනේ ආඥදායකයෙක් වගේ.
    දැන් මෛත්‍රීගේ වාරේ.හැබැයි මෛත්‍රීත් මහින්ද ගිය වැරදි පාරේ ගිහින් රටට කොකා පෙන්වන්න ගත්තොත් එයාට විරුද්ධ වෙන්නත් දෙපාරක් හිතන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. Politicians and diapers must be changed often, and for the same reason - Mark Twain

      Delete
  13. මේ ඔබගේ වාරයයි..

    ReplyDelete
  14. අනිවාර්යෙන්ම ඔහුට ලොකු වගකීමක් පැවරී තිබෙනවා...එහෙත් වරෂ 40 කට වැඩි ලාංකීය දේශපාලන භූමිකාව තුල ඔහු උපයාගත්ත අත්දැකීම් එක්ක ඒ කාරිය කල හැකියි කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා...මොකද මයි3 එක්ක පුුද්ගලිකව අමනාප දේශපාලුවො හරිම අඩුයි...හැමෝගෙම සහයෝගය ගන්න පුලුවන්.

    ReplyDelete
  15. ඡන්දෙ දිනල ජයපැන් බීල දවස් 5කින් මේ පැත්තෙ ගොඩ උනේ.. හැක් හැක්.. ආපහු යුද්දයක් (දේශපාලන ) කරන්න කරුණු යෙදෙන හැඩයි..

    ReplyDelete
  16. යහපාලනයක් සහ වෙනසක් කිරීමට තමයි එතුමන්ට මිනිස්සු චන්දෙ දුන්නේ. ඉතින් එක එතුමාගේ වගකීමක් වගේම යුතුකමක් :)

    ReplyDelete
  17. ඉන්දිකගේ පරම මිතුරා අභීත මහින්ද මාමා/සීයා වෙනුවෙන් උපරිම කඩේ යනවා. හැබැයි මේපාරනම් කඩේ ගිහින් ‍ගෙදර මොකුත් ගෙනියන්න ලැබිලා නෑ.

    ReplyDelete
  18. මයිත්රීට පඩයක් ගියත් බුකියේ එවුන් අහනවා මේකද යහපාලනේ කියල... යකෝ නිකං අපි පාර්ලිමේන්තු ගියා වගේ...

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails