Wednesday, April 16, 2014

අපේ මාමා තම්බියෙක් උනානම්...!

මගේ බිරිඳගෙ පවුලෙ පළවෙනි දෙවෙනි වටයෙ වැඩිහිටි ඥාති බොහොම දෙනෙක් ( ඇගේ මව් පියන්ද ඇතුළුව ) එක්කො වයසට, සමහරු අකලට සහ කීප දෙනෙක් සුනාමියටත් අහුවෙලා නැතිවෙලා, අන්තිමේ ඉතුරුවෙලා ඉන්න කීප දෙනයි.

ඒ ඉතුරු අයගෙන් විතරක් නෙමෙයි ගිය අය එක්ක බැලුව උනත් තරමක් ගරු බුහුමන් ලබන, කවුරුත් කැමති හරිම හිත හොඳ මනුස්සය තමයි මාතුපාල මාම.

සුනාමිය නිසා තරමක් තුවාල උනාට උන්දැගෙ හිත තාම හය්යයි. අසූවෙ වර්ජනේට අහුවෙලා රස්සවා නැති උනාට, තමන්ගෙ මහන්සියෙන් සහ අනෙක් අයගෙ උපකාරෙනුත් කොහොම හරි හාමිනේ එක්ක ජීවිතේ ගැට ගහගෙන හික්කඩුවෙ මහ ගෙදරට වෙලා සතුටින් ඉන්නව.

උදේම නැගිටල බුදුපාන තියල, වත්ත පිහිදාල, කුරුල්ලන්ට ලේනන්ට බත් තියල පස්සෙ තමන්ගෙ හීල පිරිමහගන්න, රාහු කාලෙට කලින් ගමන් යන එන, නැකතට වෙලාවට කිරිබත් විතරක් නෙමෙයි හිස තෙලුත් ගාන මාම නියම සිංහල විදියට කේන්දරේ උපරිමයෙම්ම විස්වාස කලාට මොකද හරිම බෞද්ධය.

අහන්නෙ එස් එල් බී සී එක, බලන්නෙ අයි ටී එන් සහ ජාතික රූපවාහ්නිය, කියවන්නෙ දිවයින පත්තරේ, චන්දෙ දෙන්නෙ අතට නැත්තන් පුටුවට, කොටිම්ම මිනිහ මහින්දට වඩා සැර ශ්‍රී ලංකා කාරය, ටිපිකල් සිංහල ජහ මනය.

ඉතින් මේ මාතු මාම අලුත් ව්‍යාපාරයකට අත ගහන්න ලෑස්තිවෙලා.

මාමම මේ වැඩේටත් පොඩි බිස්නස් ප්ලෑන් එකක් එහෙම ගහල අපේ මස්සිනා, ඒ කිව්වෙ මගේ හාමිනේගෙ මලය එක්කත් කතා කරල, එයාගෙයි තව ලඟ ඥාතියෙක් දෙන්නෙක්ගෙ උදවෙනුයි වැඩේ පටන් ගන්නයි යන්නෙ.

මාමගෙ සොයා ගැනීම අනුව තමන් විකුණන්න බලන දේවල් එක තැනකින් ගන්න බැහැලු හික්කඩුවෙ. අනික හොඳ කොලිටි සප්ලයර්ල හැමෝම අඳුනන්නෙ නැති නිසා තැන් තැන් වලින් ගන්න අය ටිකක් අහුවෙනවත්ලු. ඉතින් ඔඅය වගේ කරුණු කීපයක් නිසා මේ ව්‍යාපාරෙට තරමක ඉල්ලුමක්, උනන්දුවක් තියෙයෙ කියලයි මාමගෙ ගණනය කිරීම.

කියපු කරුණු එක්ක හිතල බැලුවම මාමගෙ ඇනලයිස් එකේ වැරැද්දක් නැති තරම්. ඒ කියන්නෙ බිස්නස් එක සරු වෙන්න තියෙන ඉඩ වැඩියි!

හැබැයි ඉතින් මාමගෙ ප්‍රථිපත්ති අනුව නිකම්ම බොහ් ගාල, මාර්කට් රිසර්ච් එක අනුව විතරක් පටන් ගන්න බෑනෙ. ඒ නිසා තැනක් සහ අනෙක් අඩුම කුඩුම හොයා ගත්තට පස්සෙ මාම ගිහින් වැඩේ පටන් ගන්න නැකතක බලන්න.

නැකැත් කාරය නැකැත් පතද බලල මාමට කිව්වලු මේ කෝණ මාසෙ නිසා කිසිම නැකතක් නැතිය, ඒ නිසා මැයි මාසෙ මුලම, ඒ කිව්වෙ දෙවෙනිද හොඳ නැකතක් තීනවය, එකට වැඩේ කරන්න ලෑස්ති කරගන්නය කියල.

ඔන්න ඔතන තමයි කොස්ස. කොටිම්ම මට මාම "තම්බියෙක් උනානම් කොහොම වෙයිද" කියල හිතුන තැන.
  
මොකද, මාම පටන් ගන්න යන කඩේ සිංහල කැවිළි සහ කේක් බිස්කට් වගේ රසකැවිළි විකුණන කඩයක්....!!!
 
ඉතින බලන්න අප්‍රෙල් මුල වෙනකොට කඩෙත්, කඩේට බඩු සප්ලයර්ලත් හොයා ගන්න පුළුවන් උනාට, කඩේට හොඳම කාලෙ ඒක පටන් ගන්න නැකතක් නැති වෙච්චි හැටි!

දැන් මාම ඔය දීපු නැකතට කැවිලි රස කැවිලි වල උපරිම ඉල්ලුම තීන අවුරුදු සීසන් එක පැනල, ඒවගෙ ඉල්ලුම අඩු මැයි මාසෙ පටන් ගත්තම, නැකතෙ බලෙන් ගින්දර වගේ ආයි මිනිස්සුන්ට කැවිලි කන්නවත් හිතෙයිද?

එහෙම නැත්තන් නැකත් කාරයෙ පත හින්ද මාමට මාසයක් දෙකක් අතින් කාල හරක් බලන්න වෙයිද!

හැබැයි මාම සිංහලයෙක් නොවී තම්බියෙක් උනානම් මට හිතෙන්නෙ වැඩේ මෙහෙම වෙයි.

අප්‍රේල් පළවෙනිද උදේම කඩේ අරිනව. අලුත කපපු එළු බෙල්ලකින් ලේ ටිකක් දොරේ ගාල, ඇවිත් ඉන්න ප්‍රභූ කෙනෙකුට මුලිම්ම ටිකක් විකුනල සළු කරගන්නව.

ඉන් පස්සෙ එකා දෙන්න ගානෙ ඇදිල අප්‍රේල්  දහය දොළහ වෙනකොට කට්ටිය වැඩි වෙද්දි පහළවෙ කැවුම විසිපහට විතර විකුණනව. සප්ලයර්ලටත් දහයට දෙන කැවුමට පහළවක් දෙන්නම් කියල ඒ ටික දවසෙ වැඩිපුර බඩු හද ගන්නව.

කොහොම හරි අවුරුද්දට පිස්සුවෙන් වගේ කැවිලි හොයන සිංහලයන්ට පුලුවන් තරමක් දහතුවෙනිද රෑ වෙනකල් විකුණල, නොනගතේට කඩේ වහල ඉතුරු බඩුත් අරන් ගෙදර යනව.

දන්න විදියට ඉතුරු එව්ව රෑ තිස්සෙ හුමාලෙන් තම්බගන්නව. උදේට නැකතෙන් පස්සෙ කඩේ ආයි ඇරල, අහල පහල සිංහල කඩ කාරයන්ට අර ඉතුරු ටිකෙන් කොටහක් නිකනුත් දෙනව. කඩේට එන අයටත් කැවුම් කොකිස් මේසයක් හදල තියනව නිකන් කන්න.

ඉන් පස්සෙ ඉතින් මැයි වෙනකල් නෑ ගම් යන උන්ට කේක් පෙට්ටියක් දෙකක් විකුණගෙන මාසෙ ඉතුරු ටිකත් කවර් කරගන්නව.

ඔන්න ඔහොම මුලදිම නැගල ගත්තු ගැනිල්ල නිසා එන ප්‍රසිද්ධියෙන් මැයි මාසෙ මගුල් ගෙවල් කීපෙකටත් කැවිලි විකුණල, අහල පහල කඩ කාරයො අල්ලපු එකෙන් අප්‍රේල් අවුරුදු කාලෙ ආපු කප්පරක් කස්ටමර්ලගෙන් ලැබෙන ප්‍රසිද්ධියෙන් තවත් බිස්නස් අල්ලගෙන, අර කියපු කෝණ මාසෙ, බිස්නස් එකේ ස්ප්‍රින්ට් එක වගේම ටර්නින් පොයින්ට් එක කරගන්නත් වග බලා ගන්නව.

අනේ ඒත් ඉතින් සිංහල බෞද්ධය උන අපේ අහිංසක මාතු මාම....උන්දැට සිංහල රාවයෙයි, බොබසෙයි රාවණා බලයෙයි පිහිටවත් ලැබෙන්නෙ නැතෑ බිස්නස් වලදි!

කොහොම උනත් හිත හොඳ අහින්සක මනුස්සය වෙච්චි මාතුමාමගෙ ව්‍යාපාරෙ ජයෙන් ජයම වේවා කියල බෑණ ඉත් සිතින් පතනව....!

ප/ලි
මම නරක තම්බින්ට හම්බයාද හොඳ උන්ට තම්බියාද කියමි.

78 comments:

  1. අද දෙවනි පාරට ඔය අප්‍රේල් කෝණ මාස නිසා වැඩක් කොට ගිය කතාවක් ඇහුවෙ... පළවෙනි එක උනේ මට... මං නං ඕවා සත පහේ කෑල්ලකට ගනං ගන්නෙ නැති උනාට අනිත් උන්දැලගෙ කීමවල් වලට ඉහලින් යන්න බෑ නෙ... ඒක නිසා ඕනෙ බම්බුවක් කියල කට වහං ඉන්නව.... ( මේකත් ඔය බුදු හාමුදුරුවන්ටත් වඩා බෞද්ධ, අලුත්ම මෝස්තරේකට බුද්ධාගම අදහන කෙනෙක්ගෙ වැඩක්.... හි හි... )

    ReplyDelete
    Replies
    1. කෝණ මාස අඩු මාස බැලුවනං මන් තාම තනිකඩය. අපරදෙ කියලත් හිතෙනව එක අතකට :)

      Delete
    2. කෝණ මාස අඩු මාස බැලුවනං මන් තාම තනිකඩය. අපරදෙ කියලත් හිතෙනව එක අතකට :)
      හිටුකෝ මං කියන්න බිරින්දෑට.........
      හිකිස්.........

      Delete
  2. /එහෙම නැත්තන් නැකත් කාරයෙ පත හින්ද මාමට මාසයක් දෙකක් අතින් කාල හරක් බලන්න වෙයිද!/
    අනිවා වෙනවා

    ReplyDelete
  3. ඇත්තටම ඕක තමයි අපේ අයට වැදිලා තියන හෙනේ.

    ReplyDelete
    Replies
    1. ඔබේ සිංහල දැනුම දුර්වල බව පෙනේ. "හෙනේ" නොව "හෙණය" විය යුතුය.

      Delete
    2. වෙන්න බෑ... මේ අපේ සාහිත්‍ය ධර.... මහා ශාස්තෲ... අග්‍ර පණ්ඩිත.. විචාරක කලා රිට අපහසුතාවයට ලක් කරන්න කවුරුන් හරි උවමනාවෙන් කල කුමණ්ත්‍රණයක්.....

      බය වෙන්න දෙයක් නෑ... රෙජිමේන්තුවෙ බුද්ධි අංශය මගින් මේවා හොයාගන්න යන්නෙ සුළු කාලයක්....

      Delete
    3. විචාරක,

      ඔව් අනිවාර්‍යෙම්ම. අනික දැන් එන්න එන්න වැඩිවෙනව.

      Delete
    4. අනේ පවු. වාචික ශෛලිය සහ ලේඛන ශෛලිය අතර වෙනස නොදත් බූරුවෝ දෙදෙනෙක් බෑඟිරි තලති.

      Delete
    5. ඔබේ සිංහල දැනුම දුර්වල බවට තවත් සාක්ෂි සැපැයීම ගැන අප ගේ නොවක් ස්තූතිය. අවසාන වාක්‍යයේ "බූරුවෝ දෙදෙනෙක්" යන්න "බූරුවන් දෙදෙනෙක්" ලෙස නිවැරදි විය යුතුය. කෙනෙක්, දෙනෙක්, පිරිසක් වැනි පද උක්ත වෙද්දී ඊට පූර්ව රෘපය අනුක්තව සිටින බව ඔබ නොදන්නවා විය යුතුය සිතමු. ඔබේ මෑණියන්ට බුදු සරණයි.

      Delete
    6. ඔබ වැනි පුද්ගලයින් ඒ යුගයේ යුද හමුදාවට බඳවා ගන්නට ඇත්තේ අද මෙන් නොව තරුණ පිරිස හමුදාවට බැඳීමේ ලොකු අඩුවක් තිබුණු නිසා විය යුතුය සිතමු.

      Delete
  4. මේවා හිතන්නේ නැතිව..වැඩ කරන අපේ අයට තියෙන්නේ ඉතින් තම්බියාගේ තොන්ගලේ කපන වැඩේට අර හාදයාව දාලා...තොන්ගලේ වෙනුවට බෙල්ල කපන එක. ජාතියක් ගොඩ නැගෙන්නේ එක එකාට අපහාස කර කර ,ජම්මයක් නැති එවුන් කඩු අතට ගැනීමෙන් නොවන බව තරලසාරලා ඉගෙනගන්න කම් මේවා මෙහෙම තමයි ඉන්දික. මාතු මාමා කඩේ අරිනකම් සයිවර් කඩේකින් වඩේ එකක් කාලා හඬේ හැටියට පඩේ දාගෙන ඉමු ඔන්න ඔහේ. වෙන මොනවා කියන්නද?

    තරලසාර දන්නවා ඇතිනේ උඹ.

    ReplyDelete
    Replies
    1. ගෙදරකට බල්ලෙකුත් ඕන තමා හොරු එලවන්න එහෙම. ඒත් ඌ මේ උදේ හවා යන එන උන්වත් හපා කන ගානට ඇවිත්නෙ. කොටිම්ම ගෙදර උන්ටත් බල්ලට ඕන විදියට ඉන්ට වෙලා. හේතුව ගෙදර මහ එකගෙම බලු වැඩ තමා ඉතින්.

      Delete
  5. අපේ මිනිස්සුන්ට බිස්නස් බෑ බන් අයියේ,ඉන්න වැඩි පුරත් මුඩුම මූනවල් දාගෙන ඉන්න උන්,,ඉතාම පොඩි පිරිසයි බිස්නස් ඒ විදිහට කරන්නේ,,ඒත් මුස්ලිම් මිනිස්සුන්ගේ බිස්නස් කිරිල්ල එක්ක අපේ උන්ට අහලකටවත් ලන් වෙන්න බෑ,,ඕක අපේ එකාලට දිරෝ ගන්න බෑ ලගක ඉදන්,,මේ ප්‍රශ්න වලට මුලක් ඕක.
    මීගමුවේ රට සල්ලි මාරු කරන බිස්නස්,රත්තරන් බිස්නස් මුස්ලිම් මිනිස්සුන්ගේ අතේ තියෙන්නේ,යම් කෙනෙක් වටිනාකමින් ඉහල මුදල් හෝ රත්තරන් අරන් එලියට බහිනවා නම් අර මිනිස්සු ඉන්න කියලා උන්ගේ වාහනවලින් ගෙදරටම ගිහින් දානවා මම දැකලා තියනවා.උන්ගේ බිස්නස් එහෙමයි.

    ReplyDelete
    Replies
    1. හරියට හරි ඩිලා. අපේ උන්ගෙ බැරිකම අරුන්ගෙ දක්සකමට කරන ඉරිසියාවෙන් වහගෙන ඉන්න හදන්නෙ දැන්.
      ලොකුකමයි බිස්නසුයි එකට යන්නෙ නෑ. අපී උන්ට පුකක් කහගන්න නියපොත්ත නැතත් ලොකු කම මහ ඉහලින්නෙ.

      Delete
  6. //අලුත කපපු එළු බෙල්ලකින් ලේ ටිකක් දොරේ ගාල//

    කතාවනම් හොඳයි, එත් කියන පණිවිඩයටම පටහැනි වෙන මේ වගේ බොරු නොදා හිටියනම් තමයි වැඩිය හොඳ.

    ReplyDelete
    Replies
    1. එළුවාගේ බෙල්ල කපා ලේ දොරේ ගෑම පමණක් නොවේ, ඒ ලේ වත්ත වටේ සහ නිවසේ පිරිත් පැන් ඉසිනවා වගේ කරනවා. පුදුම වෙන්න එපා. මේක ඉස්ලාම් චාරිත්‍රයක්. ලංකාවේ කරනවාද මම දන්නේ නැහැ. මැද පෙරදිගදි මම දැකලා තියෙනවා. මට සහභාගි වෙන්න වුනා එවන් දවසකට.

      Delete
    2. තල්දුවේ තියන ඒජන්සියක් පටන් ගත්ත දවසේ එහෙම එකක් කලා . ලේ ඉහලා ඒ මස් කෑමට ගන්නවා .

      ඒ වාගෙම මම දැකල තියනවා හින්දු අය එවැනි අවස්තාවල කඩය ඇතුලට හරකෙක් දක්කනවා , ඒ හරක ගොං බෙට්ටක් දානව කියන්නේ හෙන මංගල කරුනක්

      අපි නං ඉතින් කරන්නේ උදේම කිරි උතුරවල කිරිබත් ටිකක් කාල , එන එවුන් දෙන ලියුම් කවරටික කඩල බෝතලයක් දෙකක් ගෙනත් කඩේ පිටි පස්සේ තියාගන හොරාට අනුමත වෙන එකනේ

      Delete
    3. ඔව් අටම්...ඒ මස් ගෙදර උයනවා..ඉතිරිවා වටේ ගෙවල්වලට බෙදනවා. මම එහෙදි හිටියා පොඩි ගමක ටික කාලයක්. ඒ ගැන පස්සේ ලියන්නම්.

      Delete
    4. ඇනෝ,

      මම ඒ ටික එකතු කලේ උවමනාවෙම්ම හේතුව ලොකෙ හැම ජතියකම මිනිස්සුන්ට ඔහොම මිත්‍යා විස්වාස තියෙන බවත්, ඒත් ඒවගෙන් අපේ තරම් අදාල කාරනයට අවාසියක් නොවෙන බවත් මතු කරන්න. මමත් අවුරුද දහයකට කිට්ටුව අරාබියෙ ඉන්න නිසා දන්නව ඔය එළු බෙලි කපල ලේ ගාන දේ මෙහෙ අනිව කරන බව. කොටිම්ම මගේ මුතුරු බහරේන් වෛද්‍යවරියක් එයාගෙ අලුත් ජීප් එකටත් ඔය දේ කලා.

      අරූ, අටම්, උඹලගෙ සුපියල් පහටත් ස්තූතියි. දැන් ඇනෝට පැහැදිලි ඇති විස්තරේ!

      Delete
  7. සිංහල මිනිස්සුන්ට බිස්නස් කරන්න තේරෙන්නේ නෑ කියන එකේ ඇත්තක් තියෙනවා කියල හිතෙන්නේ මේ වෙලාවට තමයි.
    මේ රටෙත් ලංකාවේ බඩු විකුණන කඩ තියෙනවනේ. ඕවයින් සිංහල කඩේකටයි, දෙමළ කඩේකටයි ගිහින් බලන්න ඕනේ වෙනස.
    සිංහල කඩේ මුදලාලි නිදිමතේ සිංහල ටෙලි ඩ්‍රාම එකක් බල බල ඔහේ ඉන්නවා.
    දෙමළ කඩේ මුදලාලි නම් යනකොටම ආ ගිය තොරතුරුත් අහල,මොනවාද අද ඕනේ, මෙන්න අද අලුතින් මාළු පාන් තියෙනවා, අරකයි මේකයි....
    ඔන්න ඕකයි තත්වේ.

    ReplyDelete
    Replies
    1. සම්පූර්ණ ඇත්ත....මම මේ කියන්ට හැදුවා විතරයි.:)

      Delete
    2. නිරෝ,

      සහතික ඇත්ත. මෙහෙත් කියල වෙනසක් නෑ. අනික උන් හිතාන ඉන්නෙ අපි බඩු ගන්නෙ එයාලගෙ සල්ලි වලට කියල.

      කුමාරිහාමි,

      අප්පමදෝ අමත පදං..

      Delete
  8. ඔයාගේ මාමා තම්බියෙක් උණා නම් ඔයත් තම්බියෙක්...:D

    තම්බි කියන්නේ දෙමල භාෂාවෙන් මල්ලිට නේද?

    ReplyDelete
    Replies
    1. ඉස්සර ගම්වලට ආපු මුස්ලිම් වෙළෙන්දො හැමෝටම අයිය , අයියා , කියල කතා කරපු හන්දා එයාලට තම්බි කියල ආමන්තුනය කරන්න ගත්තා කියලනං මං අහල තියනවා

      Delete
    2. කුමාරිහාමි,

      ඔයා පෝස්ට් එක කිය්වෙ නෑ නේද? මගේ නෝනගෙ අම්මගෙ අය්ය තම්බියෙක්නම් මම තම්බි වෙන්නෙ නෑ, ඔන්න නෝනනම් තම්බි වෙන්න ඉඩ තිබ්බ :P

      තම්බි කියන්නෙ මල්ලිට, අය්ය කියන්නෙ මහත්තය කියන එක.

      Delete
  9. ඉන්දියාවෙ තියෙන හැම ගූ ගොඩක්ම මෙහෙ පැළ පදියන් වෙනව. මට නම් මේ ජ්‍යොතිෂය කියන පට්ටපල් බොරුව නම් තිත්ත වෙලා තියෙන්නෙ. මට වෙලාවකට හිතෙනව මෙහෙම මන්ස්ගාත තියෙන රටක ඉපදුන වැරැද්ද කියල. මේ මගුල හින්ද කිසිම වැඩක් හරියට කරගන්න බෑ. අර වෙලාවයි මේ වෙලාවයි අරමාසෙයි මේ මාසෙයි කිය කිය වැඩකල්දානව. ඇත්තටම ඔය දේවල් ඇතිවුනේ බමුණු මාල්ලන්ගෙ වෙන වෙන ඕනකම් නිසා. මට ඊය අහන්න ලැබුන කතාවක් තමයි අගහරුවාද සිකුරාද නාන්න හොද නෑ කියල බමුණො කියල තියෙන්නෙ එදාට සාමාන්ය මිනිස්සු නාන එක වලක්වන්නලු.මම දන්නෙ නෑ ඒකෙ ඇත්ත නැත්ත.
    ක්‍රි :පූ ගනන් වල හිටපු ඉන්දියන්කාරයො හිතපු විදියට අපටත් හිතන්න වෙලා.

    ReplyDelete
    Replies
    1. මේ බ්ලොග් ලියන එවුන් අස්සෙත් ඉන්නව නේද ඔය ජ්‍යෝතිෂය මිථ්‍යාව වවාගෙන කන කීප දෙනක්ම? ඕව පෙන්නල දෙනකොටත් උන්ට මළ.

      Delete
    2. යකා,

      ඉන්දියාවෙ සමහර ප්‍රාන්ත වල තත්වෙ මීට හපන්. මොනා කරන්නද අපිත් එහෙන් එනකොට ඒ බයිලත් අරම්මනෙ ඇවිත් තීන්නෙ. දැන් මේ කරුමෙ ඔව්ව විසිවාස කරන ඔලුව උඩ තියන් ඉන්න රජෙකුත් පහල වෙච්චි එකනෙ. ගුරා හිටගෙන කරද්දි ගෝලයො උඩ පැන පැන කරනවලු!!

      ඇනෝ,

      බ්ලොග් ලියන්නෙත් සාමාන්‍ය මිනිස්සුමනෙ බං.

      Delete
    3. යකා.........
      (මට ඊය අහන්න ලැබුන කතාවක් තමයි අගහරුවාද සිකුරාද නාන්න හොද නෑ කියල බමුණො කියල තියෙන්නෙ එදාට සාමාන්ය මිනිස්සු නාන එක වලක්වන්නලු.මම දන්නෙ නෑ ඒකෙ ඇත්ත නැත්ත. )

      ඒ කතාව එහෙම වෙන්න හේතුව හැටියට අපිට දර්ශනය උගන්නපු ගුරා නම් කියල දුන්නේ ඔය සාංදෘෂ්ටික වාදීන්, හේතුඵල වාදීන් එහෙම හිටියයි කියන්නේ ඇගේ නූල් පොටක්වත් නැතිවනෙ. ඉතිං එයාලට නාන්න එන්න බැහැලු ගඟට. මොකද ගෑනු උදවිය ගඟ අරක්අරගෙන හිටින හන්දා. ඉතිං මෙයාල කෙරුවේ කාන්තාවන්ට අඟහරුවාදා සිකුරාදා නාන්න හොඳ නැහැ කියල කාන්තාවන්ගේ ඔලු ගෙඩිවලට එබුව එකයි. එදාට නෑවම විවිධ ලෙඩ රෝග ඇතිවන බවත්, අපල ඇති අයට යනාදි වශයෙන් එකී මෙකී නොකී දෑ කියල ඒ දවස් දෙක, ගෑනුන්ගෙන් තොර දවස් දෙකක් ලෙසට නම් කරල හිතේ හැටියට නා ගත්තලු. මේ අතර සමහරු ඉන්නවා කවදාකවත් නාන්නේ නැති අය. මොකද ඇඟේ ඉන්න පුංචි පුංචි කෘමි සත්තු මැරෙනව කියල.
      අනේ මංදා, ඔන්න ඔය විදියට තමයි අපේ ගුරා නම් අපිට කියල දුන්නේ.
      බලාගෙන ගියාම අපේ රටේ මිනිස්සුත් හරිම අන්ධ භක්තිකයෝ නේද හැබෑටම..........

      Delete
  10. Jothisaya kiyanne budurajanan wahanse prathiksepa karapu hindu mathayak. Hodama nakatha dan, me mohotha kiyala thamai buddhagame kiyanne.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට අපේ මාමත් හොඳ බෞද්ධය :D

      Delete
  11. ජ්‍යෝතිෂයට බනින්න එපා. අර බ්ලොග් එකකම එක්කෙනෙක් කියල තිබුණෙ නැතිවුණු ප්ලෙන් එකේ මඟීන්ගේ කේන්දර 40ක් බැලුව නම් ප්ලේන් එකට උනේ මොකද්ද, තියෙන්නෙ කොහෙද කියලා හොයා ගන්න තිබුණා කියලා. එයාට ඒක කරන්න බැරිවුණේ කේන්දර 40ක් නොලැබුණු නිසා. නැත්නම් මෙළහට කාටවත් හොයා ගන්න බැරිවුණු ප්ලේන් එක හොයලා දීලා රටට කීර්තියකුත් ගෙනල්ලා. අන්න අදහන්න වටින මිනිස්සු.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ එතන කියවුන අදහස ඊට එහා ගිය එකක් කියලයි.

      Delete
  12. සිංහල කඩවල් වලට ගියාම උන්නෙ මූණ බලල කතා කරන්නනෙ බැරි හරියට උං කඩවල් දාං ඉන්නෙ අපිට ඕව වට වගේ සේදද

    ReplyDelete
    Replies
    1. බැරි වැඩ නොකරන් අබරන් කියන්නෙ ඕකනෙ.

      Delete
  13. අවුරුද්ද කෝණ මාසයකට වැටෙනවා කියලා නැකත් නැති වෙන්නේ නෑ.වෙලාවේ හැටියට හරි නැකතක් හදන්න පුළුවන්.නැත්නම් කඩේ නම නැතුව පටන් ගන්නවා අප්‍රේල් මාසේ.නම ඇතුව අර නැකතට මැයි මාසේ අරඹනවා.එහෙමත් නැත්නම් ඔය මාමගේ බිරිඳගේ කේන්දරෙට නැකතක් හදා ගන්න තිබ්බනේ.

    ReplyDelete
    Replies
    1. කඩේ නමයි අහසෙ ග්‍රහයොයි ගැලපෙන විදිය හිතා ගන්න බෑ. නම නැති උනාම ග්‍රහයො මුළා වෙනව කියලද ඔය කියන්නෙ?

      Delete
    2. ග්‍රහයෙක් නෙවෙයි අනේ,කඩේ නම හදන්නේ අයිතිකාරයගේ නමට සුභ වෙන්නනේ.එතකොට නිල වශයෙන් කඩේ පටන් ගන්නේ නැකතට.ඊට කලින් නම නැතුව පරීක්ෂණ වෙළෙඳාමක් කරනවා.ඔය වගේ එක එක සෙල්ලම් තියෙනවා ග්‍රහයො එක්ක හැප්පෙද්දි,ඒත් ඔය ජෝතිෂ්‍යය වවාගෙන කන අය ඔව්වා මිනිස්සුන්ට කියන්නේ නෑ.ජෝතිෂ්‍යය හොඳ සේවකයෙක්,නරක ගුරුවරයෙක්.හැකි නම් මගේ බොලොග් එකේ "සෙනසුරු අපලය හෙටයි" කියවන්න.ලින්කුව දාන්න හැදුවා,හරි යන්නේ නැ‍තෝ.

      Delete
  14. // අපේ මාමා තම්බියෙක් උනානම්...! //

    එවිට වෑදගත් වන්නේ "කෝණ "නොව "කොන" ය

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ "මාතුපාල මාම" එතකොට "කොනකපාල මාම" වෙනව කියන එකනෙ.

      Delete
  15. "අප්‍රේල් පළවෙනිද උදේම කඩේ අරිනව. අලුත කපපු එළු බෙල්ලකින් ලේ ටිකක් දොරේ ගාල, ඇවිත් ඉන්න ප්‍රභූ කෙනෙකුට මුලිම්ම ටිකක් විකුනල සළු කරගන්නව"

    මේ මොකද්ද මේ කේස් එක අදමයි ඇහුවෙ

    ReplyDelete
    Replies
    1. පින්වත, ඉහල ඇනෝවරයකුට දී ඇති පිළිතුරු යලි බලන්න. මෙහි ආවාට ස්තූතියි!!

      Delete
  16. අපොයි මමනං ඔය වගේ දේකට නැකත් බලන්නෙ නෑ. කොහොමත් බිස්නස් එක්ක නැකත් කියන එක ගැලපෙන්නෙ නෑ. නැකත් කාරයොත් කරන්නෙ බිස්නස් එකක්නෙ.

    ReplyDelete
    Replies
    1. //කොහොමත් බිස්නස් එක්ක නැකත් කියන එක ගැලපෙන්නෙ නෑ.//

      අම්මප!! උඹත් බිසිනස් නේ බන් කොරන්නෙ?

      //නැකත් කාරයොත් කරන්නෙ බිස්නස් එකක්නෙ.//
      හරකුන්ද මැක්කන්ද ජීවත් විය යුතුය.

      Delete
  17. මමත් උඹේ ලිපිය බැලුවට පස්සෙ රාහු කාලය බලලා වැඩට යන්න තීරණය කලා. :D

    උඹ මේ ලිපියේ කමෙන්ට් වලින් දකින්න ඇති අපේ උන් මුස්ලිම් උන් වගේ බිස්නස් කරන්න දන්නේ නෑයි කියලා කියපු කමෙන්ට් හුඟාක්. මුස්ලිම් වුනත්, මෝල්ඩිවියන් බිස්නස් කාරයින්ගේ තියෙන්නේත් අන්න ඒ කියපු දුර්වලකම් වලටත් එහා ගිය දුර්වලකම්.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ ...පේ ධනපාල අයියල අහලක තිබ්බහැකිද

      Delete
    2. ඔය ඉතින් ඔහෙ ඉන්නෙත් මෙහෙ අය්යලමනෙ ආගම බලෙන් වෙනස් කරාපු. ඒ උනාට උපන් රියල් මුස්ලිම්, ඒ කියන්නෙ අර යේමන,මොරොක්කන් මුස්ලිම් ජාන තීන රියල් බඩු එහෙම නෑ.

      උඹ දොට්ට බහිද්දි රාහුට කාලෙ බලා ගන්න කියහන් :)

      Delete
  18. සිංහල මිනිස්සුන්ට බිස්නස් කරන්නත් බෑ. බ්ලොග් ලියන්නත් බෑ. බ්ලොග් ලියන්න ගියත් එක එකාගෙ බෙල්ල මිරිකා ගන්නමයි බලන්නෙ. හැබැයි ලියන දේවල් වලින් නම් කරුණාව මෛත්‍රිය වෑහෙනවා. මෙහෙම ජඩ මනුස්ස කොට්ඨාෂයක් දැක්කමයි. (මේ බ්ලොග් එකට නෙවෙයි මේ කිව්වෙ. වරදවා තේරුම් ගන්න එපා.)

    ReplyDelete
    Replies
    1. වෙලාවට අර වරහන් ඇතුලෙ කෑල්ලක් තිබ්බෙ. නැත්තම් පුතෝ උඹ ඉවරයි. අල්ලල හම ගහනව. අපි හොඳ ...ඔන්න ඔහෙ ඕන්නෑ...:D

      Delete
  19. මාම කරන්න ගිය බිස්නස් එකට නං කෝණ බලල බෑ,බිස්නස් තියන වෙලාවෙ කරගන්න ඕනෑ නැකතට පස්සෙ විවෘත කරගන්න තිබ්බා,උඹගෙ මාම සුපිරි සම්ප්‍රදායික පොරක්නෙ බං.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බන් කිව්වෙ ටිපිකල් ජහමනය, බලන්නෙ අයිටීඑන් සහ දිවයින කියල. මනුස්සය ලංකාදීපෙ නොබලන්නෙ ඒකෙ අර තීන ඇස් කඩන් යන ගතිය නිසාලු :D

      Delete
  20. මේ මනමාල මහතාගේ නැකත් පත...

    නැකත් කියන්නේ පට්ට පල් බොරුවක්. මමත් මේක ඉගෙන ගත්තා නේ. ඒ නිසා බොහෝම වගකීමකින් කියන්නේ..

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න මාතලන් ගොයියෝ ඔහොම කිව්වාම කොහොමද ඔය අවංක විදිහට නාකි ගෑනු රවට්ටන මිනිස්සු බිස්නස් එකක් කාරිය කර ගන්නෙ?

      Delete
    2. ලංකාවේ ජ්‍යෝතිශය කියන බොරුවට වහල් නොවුණ එකම රාජ්‍ය නායකයා මාතලන්ලාගේ නායකයා වන රනිල් වික්‍රමසිංහ. මේ හන්දා පියසේන "කණේ මයිල්" රතුවිතානගේ ඉඳලා පහළට ජ්‍යෝතිශ කාරයින්ට රනිල් පේන්න බැහැ. රනිල්ගේ නම ඇහෙන කොටත් ජ්‍යෝතිශකාරයින්ට අධෝ මාර්ගයේ කටු කම්බියක් යැව්වා වගේ දැනෙන හැටි මං දැකලා තියෙනවා.

      Delete
    3. මාතලන්, මනමාල ජෝඩුව පදිංචිය කොහ්ද දන්නෙ නෑ!!

      නැකත හොඳ උනාට මොනාටද බං වැඩේ නොකෙරෙනවනං. මම නං ඔය පොඩි උන්ගෙ අකුරු කියවන, අපේ පෝරුවෙ නගින එව්වට නැකත් බැලුව, හැබැයි නැකත හදල දෙන්න කිව්ව මට ඕන දවස් වලට. අනේ සල්ලි දුන්නම ඔය යසට රතුවිතානම වැඩේ කරල දුන්නෙ. එහෙම හරි එකක් හදා ගත්තු හේතුව නැකතක් නැතිවීම කියන වැඩිහිටි දෝස් මුරෙන් බේරෙන්න සහ සම්ප්‍රදායෙ සිරිත් වල තියෙන සංස්කෘතිකමය වටිනාකමට මම කැමති නිසා. නැතුව ඔය වලිගෙ විසින් බල්ලා වනන්න හදන එකට මම තදින් විරුද්ධයි.

      Delete
    4. රනිලුයි අධෝ මාර්ගෙයි අතරෙ සම්බන්දයක් තියෙනවද ?

      Delete
  21. ඉන්දික මචෝ, අර උඩ පින්තූරෙ ඉන්න හතර පස් දෙනාගෙන් කවුද දැන් උඹේ මාමා?

    ReplyDelete
    Replies
    1. උන් ඔක්කොම අපේ බාප්පොච්චිල බන් :D

      Delete
  22. ඔය එලුවෙක්ගෙ බෙල්ල කපල ලේ ගාන එක ලංකාවේත් සිදු වෙනවා.. මං දන්න ආමර් වීදියේ මහල් නිවාසයක පදිංචි මුස්ලිම් පවුලක් ඉන්නවා.. එයාලෙ නම් කරන්නේ හෙයි දොරකඩ තියල බෙල්ල කපල් ඒ ලේ මුලු ගෙයිම බිම පුරාම තවරනවා අවුරුද්දකට පා‍රක් !!

    ReplyDelete
    Replies
    1. මිත්‍යා විස්වාස කොහෙද බං නැත්තෙ. ඒ උනාට ඕන දේක සීමාවක් තියෙන්න ඕන. දැන් ප්‍රථිමා වඳින්න තහනම් මුස්ලිම් ආගමේ ෂිය නිකායෙ අය මූණ නැති පිළිම ( චිත්‍ර ) වලට යාඥා කරනව. ඔව්ව ඔහොම තමයි.

      Delete
  23. මේ කොමෙන්ට් බැලුවම අන්‍යාගමිකයන් ගැන සිංහලයන්ගේ දැනුම හරිම දුර්වලයි කියල හිතෙනවා. මුස්ලිම් උදවිය එළු බෙලි කපන්නේ ලේ ගාන්න නෙවෙයි, මස් කරන්න. අවුරුද්දකට වතාවක් එළුවෙක් කපනවනම් මොනවා හරි දානයක් වෙන්නැති. අලුත් වාහන/දේපල ගත්තම මස් දන් දෙන්නේ සශ්‍රීකත්වය වර්ධනය කර ගන්න. දන් දෙන්න මස් ම අවශ්‍ය නෑ. එත් මස් දන් දීම සිරිතක් වෙලා. හජ් කාලෙට සතුන් මරන්නෙත් දන් දෙන්න.

    -මුස්ලිම් ඇනෝ

    ReplyDelete
    Replies
    1. මුස්ලිම් ඇනෝ, අදහසට ස්තූතියි. සිංහල බහුතරය සංවෘත මුස්ලිම සුළුතරයෙ දේ අඩුවෙන් දැනීම සමාන්‍යයි.

      ඔබ ඔය කියන මස් කිරීම පිණිස විතරක් නෙමෙයි, මම දැකලම තියෙනව ඒ කපන බැටළුවගෙ ඔළුවෙ ලේ වාහනේ ගාල ඒකට සුභ පතනව මෙහෙදි.

      ලංකාවෙදි මේ දේ පොඩ්ඩක් වෙනස් ඇති. කොහොමත් ඕනම ආගමික සම්ප්‍රදායක් ලෝකලයිස් වෙන එක සාමාන්‍යයිනෙ.

      Delete
  24. හම්බයන්ට බැණ බැණ ඉන්නෙ නැතුව අපේ ව්‍යාපාර කරන උන් මිනිසුන්ගේ හිත දිනාගෙන සාධාරණ ව්‍යාපාරයක් කරන හැටි ගැන අවධානය යොමු කලා නම් සෑහෙන දෙයක් කරන්න තිබුනා.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත මල්ලි. මගෙත් පොයින්ට් එක ඒකයි.

      Delete
  25. නැකතට පටන්ගන්න ගොඩක් දේවල් වලට කෙලවෙචච අවස්ථා තියෙනව. නැකැත් නැතත් හරියනවනං හරියනව.

    ReplyDelete
  26. සිංහලයා තමන්ගේ පුහු මාන්නය නැති කරගන්නකම් බිස්නස් හරියන් නෑ. කඩේකට ආපු කෙනෙක් දෙයක් ගන්න කලින් ගොඩක් විස්තර හොය හොය හිටියොත් ඒ කෙනාට කඩේ එපා කරවනවා ආය නොඑන්නම. තියෙන්නෙ මොනවද කියන්නෙ කීයද ඒ ගානට ගන්න ඕන. හිනාවක් නෑ. ඒ වගේම ගනුදෙනුකරුට ඕන වෙලාවට නෙවි කඩේ කරන අයට ඕනි වෙලාවටයි කඩේ අරින්නෙ. (කොන්ඩෙ කපන්න ගිහින් මට සිදුවුනු වැඩක් මම ලීවා)

    ReplyDelete
    Replies
    1. සිංහල කඩ අති බහුතරය ඔහොමම තමයි. ඒක තේරුම් නොගෙන නිකන් තම්බි දෙමළු එක්ක බිස්නස් වලින් හැප්පෙන්න බෑ.

      Delete
  27. එතකොට මාමට කෙලින්ම මගුල් ගෙවල් වලටම කැවිලි විකුනන්න තිබ්බා , හැබැයි ඕවා කිව්වට වැඩේ කරන්න ඕනේ එකානම නොනිල වශයෙන බිස්නස් එක පටන් ගන්නවා , පස්සේ නැකතට ලොකුවට කරනවා

    ReplyDelete
    Replies
    1. මමා එහෙම නෑ බන්. මනුස්සය රියල් සිංහල බෞද්ධ ගැමිය. බිස්නස් නෙමේ හරියන්නෙ උන්දැට ආන්ඩුවෙ රස්සාවක් තමයි.

      Delete
  28. මාතුපාල මාමා පවු. ඔච්චර හිතන්නේ නැතුව වැඩේ පටන් ගන්න තිබ්බා. මාතුපාල මාමා නිසා මටත් අපේ සීයා කෙනෙක්ව මතක් වුණා. එයත් මෙහම්ම තමා. කොටින්ම රාජු කාලේ තියෙන වෙලාවට ඇඳට වෙලා ඉන්නවා. ඇඳෙන් බිමට බහින්නේ නැහැ. ඒත් අන්තිමට රාහු කාල, මරු සිටින දිසා ඔක්කොම පන්නලා කරලා පිටත්වුණු කතරගම ගමනේ ආපහු එද්දී ඇක්සිඩන්ට් එකකින් හාමිනේ අන්ත්‍රා වුණා වගේම සීයගේ ඇහක පෙනීමත් නැතිවුණා වුණු තුවාල නිසා

    ReplyDelete
    Replies
    1. ඔන්න දැක්කද, නැකතට ඕනවට වඩා ගියාම නැකත් පත වෙනව කියන්නෙ ඕකනෙ.

      Delete
  29. මාතුපාල මාමා ඕවා බැලුවම මොකෝ මහින්ද මාමත් ඕවා ඔලුව උඩ තියන් ඉන්න එකේ...:D

    ReplyDelete
    Replies
    1. ඕකනෙ ලොකුම කරුමෙ. ලොක්කගෙ පඩෙත් සුවඳ උන්නෙ ඉන්නෙ වැඩිපුරම!

      Delete
  30. සමහර සිංහල මිනිස්සු හණමිටි කරේ තියන් යද්දි තවත් අය හණමිටි මාකට් කරලා හම්බ කර ගන්නවා, ඒ වැඩේට ඔය ජෝතියො හරි දක්සයි, අපේ මිනිස්සු සමප්‍රදායෙන් පිට පනින්න කැමතිම නෑ, එකෙක් හරි පැන්නොත් ඌට වැටෙනකං ගහනවා, මරු කතාව. අනුගමනය කරන්න තියෙන බුද්ධ දර්ශනය ආගමක් කරන් බුද්ධාගමනෙ අදහන්නෙ ඔය කට්ටිය, මටනං මගේ වැඩවලට හොදම වෙලාව මට හිතුණු වෙලාව, ආයි ඒක රාහු කාලෙද? මරු සිටින දිගෘව කොහෙද? රිට්ටාන මොකක්ද අරක කොහෙද මේක කොහෙද බැලුවොත් බල බල ඉන්න පුලුවන් කරන්න නං වෙන් නෑ.

    ReplyDelete
  31. නැකත් වල තියන මම කැමති එකම කාරණේ තමයි, වෙලාවට වැඩක් කරගන්න පුළුවන් එක. ඒ නිසා බොරුවට වුණත් මේ වෙලාව තමයි නැකත කියලා කියන එක සමහර වෙලාවට හොඳයි. මගේ වෙඩිමට නැකත් බලන්න යනකොට, හැම දේම වෙන්න ඕනේ වෙලාවල් ගැන දළ සටහනක් හිතේ තියාගෙන ගියේ... මම කිව්ව මෙන්න මේ වෙලාවල් වලට නැකත් ටික හදලා දෙන්න කියලා... අපරාදෙ කියනන් බෑ පොරත් මම 8:30 දීලා තිබ්බ ඒවට '8:32 යෙදෙන සුභ මුහුර්තයෙන්' කියලා දාලා ලස්සනට හදලා දුන්නා... මම නම් කියන්නේ නැකත් හදන්න ඕනේ එහෙමයි.. අපි වෙලාවා දීලා හදවගන්න ඕනේ :)

    ReplyDelete
  32. ඔය ඉලව්වල් වල එල්ලිල ඉන්න හින්ද තමයි දකුණු ආසියාව තාමත් දුපපත්කමේ ගිලිල තියෙන්නෙ. පත්තරයක් අරං බලන්න. පි‍ටු දෙකක් පුරාම වශී ගුරුකං.. කරන්නෙ හාමුදුරුවරු...

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails