Friday, December 24, 2010

මරු අලුත් ගැජට් එකක්.....



මගේ ගී වාදන යන්තරයට (යන්ත්‍ර සංකීර්නයට) එකතුකරගත්ත අලුත්ම ගැජට් එකයි මේ.

Iomega ScreenPlay Director.

මේ ගැන මට කිව්වෙ මගේ බොසා. මිනිහත් මං වගේම සින්දුවක් නිකං අහන්නෙ නැතිව කැටයං දාගෙන අහන්න කැමති ජාතියෙ පොරක්. ඉතින් නිතර ඔය අලුත් ගැජට් ගැන හොයනව. එහෙම දැනගෙන අරං පාවිච්චි කරල හොඳයි කියල කියපු නිසා තමයි මාත් ගත්තෙ.

මේ බ්රෑන්ඩ් එකෙන් විතරක නෙමෙයි ඔය imation, LG වගේ අයත් මේව මාර්කට් එකට දාල තීනව. ඒත් ඒ අයගෙ ඒවට දෙන්නෙ හය මාසෙක වගකීමක් විතරයි. මේකට අවුරුදු තුනක් ලැබෙනව, ගානෙත් බොහොම පොඩි වෙනසයි තිබ්බෙ.

දැං මේකෙන් ලැබෙන ලොකුම වාසිය සින්දු, ෆොටෝ, ෆිල්ම්ස් මහ ගොඩක් ගබඩා කරගන්නව වගේම ඒව ඉන්න තැන ඉඳන් රිමෝර්ට් එකන් play කරන්න ( පරිගනකයෙන් නොලැබෙන වාසියක් ) වගේම කැමති සින්දු එකතු කරල කැමති අනුපිලිවලට play list හදල play කරවන්න සහ කෙලින්ම අන්තර්ජාලයට සම්භන්ද වෙලා ටොරෙන්ට් එකේ හරි you tube එකේ හරි කැමති වීඩියෝ කෙලින්ම රූපවාහිනියෙන් ප්ලේ කරන්න ලැබීමත් කියන්න පුලුවන්.

ඇත්තටම මේක සාමන්ය external hard drive එකකට වඩා ගොඩක් පහසුයි වගේම, entertainment වැඩ වලට ලැප්ටොප් එකකටත් වඩා ප්‍රයෝජනවත් කියන්න පුලුවං.

මට මේකට වියදං උනේ ලංකාවෙ මුදලින් රුපියල් විසි හත්දසක් විතර!

අද වෙනකොට බදු සහන නිසා සමහරවිට මේ ගානටම හරි අඩුවට හරි මේව ලංකාවෙ ගන්න බැරිවෙන එකක් නෑ.

හැබැයි දැනටමත් hard drive එකක් තීනවනං 500GB හරි 300GB වගේ පොඩි කැපෑසිටි එකක් තීන unit එකක් අරන් ඒකට ඔබේ hard drive එක අමුනගෙන පාවිච්චි කරන එක පිරිමැසුම්දායකයි කියල මට හිතෙනව.


මේ තීන්නෙ යුනිට් එකයි රිමෝර්ට් එකයි.




මේ තීන්නෙ සම්පූර්න ස්පෙක්ස්.

3 comments:

  1. පට්ට....
    එකම ප්‍රශ්නෙ තමයි PC එකේ තියන සිංදු කැටයයි ‍මේ කැටයයි sync එකේ තියාගන්න එක.

    තව ක්‍රමයක් තමයි 1TB hard එකක් PC එකට හයි කරගෙන VGA out එක TV එකට connect කරල Windows Media Center එක හරහා පාලනය කරන එක. ඕනෙ නම් Media Center Remote එකක් ගන්ඩත් පුළුවන්. ඒත් ඒකට PC එක හැම තිස්සෙම on කරල තියන්ඩත් ඕනෙ තව PC එක TV ලඟින් තයන්ඩත් ඕනෙ.

    ReplyDelete
  2. mewa ebay eke tiyenwa $40ta withrath :D without hard disk,iOmega kiyanne honda brand ekak nisa thama gana wadi,natnm me wage ekak hada gannath puluwan parana PC ekain(p1 2 wage dan hena labane mekath balanna http://nagaadaviya.blogspot.com/2008/12/freenas.html),oya remort kaalla hadaganna yanne Rs100k withra :D

    menna karna widiya
    http://sinhalentech.blogspot.com/2009/04/blog-post.html

    ReplyDelete
  3. අපෝ 18000කට විතර ගන්න පුලුවන් 500 GB හාර්ඩ් එකත් එක්කල.

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails