Friday, October 8, 2010

සසිරිබර මෙසිරිලක


මෙලෝ රහක් නැති ලංකාවෙ දේශපාලනය ගැන ලියන එක තරං ගොං වැඩක් තවත් නැති උනත් වෙච්ච් දේ ගැන සද්ද නැතුව ඉන්න හිත හදා ගන්නෙ කොහොමෙයි.

අවි ගත්තෝ අවියෙන්ම නැසෙති, බලයට කෑදර නිසා තමයි ඔහොම උනේ, අනුන්ගෙ ළනු ගිල්ලට හොඳ වැඩේ, මොනා කරන්නද හිතට අමාරුයි තමයි ඒත් ඉල්ලන්නෙ කෑවෙ, කියල හිත රවට්ටං හම්බන්තොටට ලබනමාසෙ එන්න තීන නැවක තෙල් ගහන ජොබක් හරි මත්තලට එන ප්ලේන්වල හැපෙන කුරුල්ලො එලවන්න හිතං හරි එහෙමත් නැත්තං ඊලඟ කොමන්වෙලත් ගේම් එකට කොඩි වනන්න හරි, ඔය ආන්ඩුවම මහ ලොකුවට උඩ පුරාජේරු ගහන සංවර්ධනේ කොටස් කාරයෙක් වෙන්න හිතන් හරි එයාලගෙම බයිල වලින් ඇස් ගිනිකණ වට්ටං නැති නිසා මේවට අපිට ඇත්තටම හිතට අමාරුයි.

දකුණු අප්රිකාවෙ ක්ලාක් මහත්තයට පියන් කෙනෙක්ගෙවත් මොලයක් නැතිකමට මැන්ඩෙලා උන්දැව හිරේට දැම්ම වගේ වෙන දේ හිතා ගන්න බැරි වෙනව තව අවුරුදු හතරක් යනකොට.

මාරය තිතට මත් වෙලා .. කවුරුහරි හිතනවනං සරත් ෆොන්සේකා හිර ගෙදරින් නිදහස් වෙලා ආව ගමන් මහා චරිතයක් වෙයි කියලා..ඇත්තටම ඒක එහෙම වෙන්නත් පුළුවන්..
ඒත් එදා වෙනකොට මහින්ද ඊට වඩා අගලක් හරි උඩින් ඉදීවි.
මොකද මහින්ද දැන් ඉන්නේ දිනන්න හැකි ආර්ථීක යුද්ධයක අතර මග
..... වගේ කතා කියන්නෙ තමන්ගෙම සහෝදර ජහමනතාවගෙ කැරැට්ටුව ගැන හරි අවභෝධයක් නැතුව වෙන්ටැ.

නැත්තං ගමක් ගමක් ගානෙ ගෙවල් හදාපු,( අදටත් කතරගමට හෙවන දෙන්නෙ ඒ කොහොඹ ගස් ටික ) රස්සා දීපු, අසාමාන්ය වේගයකින් සහ කැපකිරීමකින් වැඩකරපු, අදටත් මුලු දකුණු ආසියාවම අගයකරන අතිසාර්ථකම සාක් උලෙළ සහ සාෆ් ක්රීඩා තියාපු, ඛෙත්තාරාම සුගතදාස දායාදකරපු ප්රේමදාස උන්නැහෙත් මලාම කිරිබත් කාපු රටේ මහින්ද කවුද?

තව ටික කාලෙකින් ඉන්දියන් චීන මොළ එකාට එකා මේක ඇතුලෙ ඉඳන් ඇර ගන්නකොට අලි ...කද්දි අපි තෙරපෙයි කිය කිය ආතල් ගන්න හැටි බලන්න බැරිය ඔය දේශප්රේමියො කවුරු කවුරුත්.

වැඩේ උච්ච්ස්ථානෙට එන්නෙ මන්නාරමෙන් තෙලුත් ආවොතින් තමා. සූඩානෙ අංක දෙක.

එතකොට කට්ටියට වෙන්නෙ මාගම්පුරේ මෝඩ වරායට පැනල දිවි නහගන්න තමයි.

හැබැයි නැත්තං ඉතිං මාගම්පුරේ පැත්තෙ පහත්වෙලා මදටිය අහුලන වියාපාරයක් උනත් කරන්න බැරිකමක් නෑ.

මොකද එහෙමවත් ඇට්රෑක්ෂන් එකක් නැත්තං ඉතිං මොකාද යකෝ ජෙඩාවරායෙන් අච්චර ලාබෙට තෙල් ගහගන්න තියෙද්දි මේ මෙහෙට ගාල් කරන්නෙ. මොකෝ කන්ටේනරයක් බාගන්නවත් බැහැනෙ, ඔන්ලි සර්විසස් නෙ මුල් කාලෙ ( ඊළඟ ටික හදන්න ණය දෙන්න එකෙක් හොයාගන්නකල් )

කොහොම උනත් රටේ ජනතාවගෙ බහුතරයක් පොදුමත(ය)කට ඇවිත් ඉන්න එක ගැනවත් සතුටුවෙලා (අනෙ මගෙ කට ) හිත හදා ගන්නව. වෙන මොනා කරන්නද.

හැබැයි එකක්, මෙච්චර කල් බැංකුව හරහ එවපු අම්ම තාත්තගෙ දීමනාවෙ ඉඳන් හැම සතේම උන්ඩිකෑශ්ලට දෙනව මිස මගෙන් මේ යන ගමනට වෙන්න පුලුවන් තඹ සතේකවත් උදව්වක් නොවෙන තැනට වගබලාගන්න මං මහන්සි වෙනව.

ඔන්න මීට මාස දෙකකට කලින් කියපු කතාව හරියට හරි. බයිට් කිලෝ එකක් තමා මුල් පුටුවෙ ඉන්නෙ. ඔබ සැමට ( මටත් ඇතුලුව ) තෙරුවන් සරණයි.

12 comments:

  1. "මෙච්චර කල් බැංකුව හරහ එවපු අම්ම තාත්තගෙ දීමනාවෙ ඉඳන් හැම සතේම උන්ඩිකෑශ්ලට දෙනව මිස මගෙන් මේ යන ගමනට වෙන්න පුලුවන් තඹ සතේකවත් උදව්වක් නොවෙන තැනට වගබලාගන්න මං මහන්සි වෙනව."

    එහෙම එවුවට වැඩක් නෑ ගොයියෝ. රට ඇතුලෙ වියදම් කරන හැම රුපියලටම Tax වදිනවා. ඒ Tax පාවිච්චි වෙන්නෙත් ඔය ගමනටම තමා. :-p

    ReplyDelete
  2. ඇත්තටම කවුද හොඳ කියල හිතා ගන්න බෑ.එක පැත්තකින් හොඳ වෙනකොට අනිත් පැතිවලින් රට නැති කරණවා.ප්‍රේමදාස උන්නැහැගෙ කාලෙ මට හීනෙන්වාගෙ තමා මතක.ඒ උනාට ඒකාලෙ හිටියෙ කොච්චර බයකින්ද?කොයිවෙලාවෙත් ඇඳිරි නීතිය.කඩවල් වහල.ජේ.වී.පී එකේ උන් ඇවිල්ල අයිඩින්ටි කාඩ් ටික එකතු කරගෙන යනවා.ගෙවල්වල ඉන්න කෙල්ලො ,කොල්ලො බලෙන් උස්සගෙන යනවා.88දි මට අවුරුදු පහයි.ඒත් ඒ කාලෙ සමහර ටයර් කඳුවල පන පිටින් පිච්චුන මිනිස්සු දඟලනවත් මම ඇස් දෙකෙන්ම දැකල තියනවා.මත්කුඩු ව්‍යාපාරයත් ලංකාවෙ ජයටම කෙරුනෙ ඔය කාලෙ.දැන් කාලෙ සුදු වෑන් වලට වැඩිය ඒ කාලෙ කලු බළල්ලු,කොල කොටි ප්‍රබලව හිටියා.ආර්ථිකේ,සංවර්ධනය කොහොම උනත් දැන් මරණ බය නැති එක ගැන තියෙන්නෙ මටනම් ලොකු සතුටක්.(මේ සියල්ල උතුරේ ත්‍රස්තවාදයට අමතරව)

    ReplyDelete
  3. ඔය කොයි උන්නැහෙත් කලු සුදු තමයි...

    ප්‍රේමදාස උන්නැහෙ වැඩක් කරා... පේන්න.. දැනෙන්න.. ඒ වගේම රටේ ලොකු මොල ටිකක් අඩි 6ක් ඇතුලෙ යැව්වා...

    මහින්ද උන්නැහෙත් පරම්පරා 17 කට ගැහුවට යුද්දෙ ඉවර කරා..

    අනික් එව්වො එක්ක බලද්දි කමකුත් නැහ.. වැඩක් කරලනේ.
    ඒත් යන විදියට අපිට පනින්න වෙන්නෙ හම්බන්තොට වරායට තමයි නැවකවත් හැප්පෙන්න.

    ReplyDelete
  4. Well said.In my opinion Sri Lankans are the most ungreatful nation in the world.That is why people coments about SF as you mentioned.Because of every one is selfish and only thinks about them.If you look into the history Ven Anagarika Dharmapala wish to born in India not in Sri Lanka as he knew how Sri Lankans treat him.

    ReplyDelete
  5. "අවි ගත්තෝ අවියෙන්ම නැසෙති, බලයට කෑදර නිසා තමයි ඔහොම උනේ, අනුන්ගෙ ළනු ගිල්ලට හොඳ වැඩේ, මොනා කරන්නද හිතට අමාරුයි තමයි ඒත් ඉල්ලන්නෙ කෑවෙ"

    මේ කතා අපේ ගොඩක් අය කියනවා ඇහෙනකොට දකිනකොට මට හිතෙන්නේ ඒ හැමෝම එකතුවෙලා

    "විරුද්ධ මතවාදයක් දරන එකාව මර්ධනය කරව්"

    කියන එකට උඩ ගෙඩි දීලා සුන්දර ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය කියන මිනී පෙට්ටියට එක එක ගානේ ඇණ ගහනවා කියලයි.

    ඒ ඇණ, හෙට දවසේ මගේ දරුවාත් යුද්ධය නිමාවුනු ලංකාවේ නිදහස් පරිසරයක තමන්ට කැමති ඕනෑම දේෂපාලන මතවාදයක් දරමින් අනිත් එකාට ඕනෑම මතයක් දරන්න අයිතියක් ඇත කියල එකට ගරු කරමින් සිටිය යුතුයි කියලා හිතන මගේ හිතටත් වදින නිසා කට වහගෙන ඉන්න බැරි කමක් දැනෙනවා.

    අර බියෝන්ඩ් ෆ්‍රේම් කාරයා කිව්ව වගේ උත්සාහය අත හරින්න හොඳ නෑ මචන් . . .

    ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක හරි විදිහට ස්ථාපිත වෙනකම් අපි හැමෝම කරන්න ඇහැක් විදිහකින් සටන් කරන්න ඕන . . .

    ReplyDelete
  6. ලංකාවේ දැන් කතා කරලා වැඩක් නැති මාතෘකාවක් බවට තමා දේශපාලනය පත්වෙලා තියෙන්නේ. පාටි එකකට ගියොත් බෝතලේ හිස් වෙනකම් හරි කෑමට එන්න කියලා ආරාධනා කරනකම් හරි කියවන්න තියෙන එකක් බවට තමා දේශපාලනය පත්වෙලා තියෙන්නේ..........

    ReplyDelete
  7. මකර,

    රටේ වියදං කරන ඒවට ගැහුවට කමක් නෑ. ආන්ඩුවට රුපියල් ඕනිමනං අච්චු ගහගන්න බැරියැ ඕන තරං. ඒත් අත්යාවශ්ය ඩොලර්...ඒව එන මං නැවැත්තුවම තමයි යන්තමනින් හරි දැනෙන්නෙ.

    ReplyDelete
  8. ඩිනේශ්,
    ප්‍රේමදාස උන්නැහෙ හොන්ඳ මිනිහෙක් කියල මං කියන්නෙත් නෑ. ඒත් ඔබ කියපු සිදුවීම්වල පැති කීපයක් තිබුන. බළල්ලුන්ගෙ සංවිධාන ඇත්තටම වෙන අය වෙනුවෙන් කොස් ඇට බාපු කට්ටිය. ඒක වෙනම කතා කරන්න හොඳ මාතෘකාවක්!
    ආර්ථිකේ කොහොම උනත් මරණ බයවත් නෑනෙ කියන එක තාවකාලිකව තමං සනසගන්න කියන කතාවක්. හරියට අර පෙම්වතුන්ගෙ සම්බෝලයි බතුයි කාල හරි ඉමු කියන එක වගේ.
    අද ටයර් දාල ප්‍රසිද්දියෙ පිච්චුවෙ නැති උනාට විරුද්ධ මත දරන හැමෝම ඉන්නෙ පිච්චි පිච්චි තමා.

    ReplyDelete
  9. පිස්සා,

    කතාව මේකයි. ඔය හැමෝම කරේ නිකං එදා වේළ ටුවර්ස් භෞතික වැඩ විතරයි. රට, ජනතාව නියම සංවර්ධනයකට යොමුකරවන සැලැස්මක් කාටවත් තිබ්බෙ නෑ, ඇත්තෙත් නෑ, එහෙම දෙයක් කරන්න උවමනාවකුත් නෑ. පාරට තාර දාල, ලයිට් එකක් දාල, වගේ සිල්ලර වැඩට අමතරව දැන් දැන් ගමට වරායක් එයාර්පෝට් එකක් හදන තත්වෙට දියුනු දේශපාලකයො වෙලා, එච්චරයි.

    ReplyDelete
  10. Ano,
    Thanks for understanding.
    Ven. Dharmapala ddnt want to die facing Sri Lanka on his last days.
    It will be too late (as usual) when our people realize this.

    ReplyDelete
  11. දුකා..

    ඒත් ඒක කොන්දක් තීන්නෙ කීයෙන් කී දෙනාටද.
    අඩු තරමින් තමන්ගෙ වාසියට නැතුව හරි දේ හරි විදියට දකින්න ඇහැක්, මොළයක් තීන්නෙ කී දෙනාටද?
    ...මගේ රටට දළදා හිමි සරණයි..මගේ දැයට ...එහෙම එකක් නැත...

    ReplyDelete
  12. හසිත,

    උඹ කියපු කතාවෙ ලොකු අර්ථයක් තීනව මලේ..

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails