Showing posts with label sinhala songs. Show all posts
Showing posts with label sinhala songs. Show all posts

Monday, October 20, 2014

සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ... His Master Jobs..!



ඔබේ ප්‍රියතම සිංහල සංගීතඥය, ගී තණු නිර්මාපකය කවුද?

කේමදාස මාස්ටර්ද, අමරදේව මාස්ටර්ද? සමහරවිට රෝහණ වීරසිංහ වෙන්නත් බැරි නෑ. හැබැයි මට විස්වාසයි, මේ කියවන අති බහුතරයක් දෙනාගෙ ප්‍රියතම සිංහල සංගීතඥය, ගී තණු නිර්මාපකය මේ කථා නායකය නොවෙන බව!

පිළිම නෙළු, බලෙන් නෙලා ගන්නා විරුවන් අතරෙ ඔහු නිහඬ මහා පිළිමයක්. ඒ අපිට අමතක වෙලා ගිය, නැතිනම් නොතකා හැරුනු. එහෙත් එහි වගකීම ඔබ හෝ මගේ පමණක් නොව ඔහුගේත්. මන්ද ඔහු එතරම්ම සරළ, සම්මාණ බහුමාණ පිළිකෙව් කරන්නෙක් වන නිසා.

තම අපිස් දිවියේ ලද දෙයින්, සතුටෙන් සරළව ජීවිතය දිය කරගෙන යන මේ කුඩා, වචනයේ පරිස්මාතාර්ථයෙන්ම අහිංසක අපුරූ මිනිසා තම සංගීත චාරිකාව ආරම්භ කරන්නෙ බටනලාවකින්.

පාසැල් මිතුරෙකුගෙ බටනළා වාදනය දැකීමෙන් ඇතිවන ඇල්ම, ඒ ආසාවට ඔහුත් බටනළාව වයන්න උත්සාහ කරනව. මේ උත්සාහය අගය කල පාසැලේ සංගීත ගුරුතුමා, ඔහුට බටනළා වාදනය උගන්වනව.

පසු කලෙක තමන්ට ලැබිල තිබ්බ පාසැල් ශිශ්‍යත්වය අහිමි වීම නිසා කැලේ ලී ඉරන්න යන මේ ගැටය, තමන්ගෙ බටනළා වාදනය අමතක කරන්නෙ නෑ. අහම්බෙන් දකින ගුවන්විදුලි අනියම් වාදක තනතුරට බටනලා වයන්න අයදුම් කරන්න ඔහු කොළඹ එනව.

දක්ෂ ලෙස තම වාදනය ගුවන්විදුලි වාදක මණ්ඩල තේරීම් කමිටුව ඉදිරියෙ වාදනය කරත්, ඔහුව තේරෙන්නෙ නෑ. හේතුව, ඔහු වාදනයකරන්නෙ හඬට, එහෙම නැතිනම් ඉයර් එකට මිස ස්වර ප්‍රස්ථාර අනුව නොවීම.

තම පාසැල් ගුරුතුමාගෙන් අසාවට ඉගෙන ගත් ශිල්පය සම්පූර්ණ නොකිරීම වගේම කිසිම සංගීත ගුරුකුළයකට නැති වීම, සංගීතය පිළිබඳ උසස් අධ්‍යාපනයක් නැති කම නිසා මේ තරුණ වාදකය ගුවන් විදුලියෙන් ඉවතට විසිවෙනව.

කොළඹින් ඉතාම දුර බැහැර, අලි කොටි ගැවසුන කැලේ ගමෙන් ආ තරුණය මේ අවනඩුව කියන්නෙ හෙළයෙ මහා සංගීතඥ අමරදේවයන්ට.

වඩුවෙකුගෙ පුතෙක් වූ, ශිශ්‍යත්වයක් නිසා සංගීතඥයෙක් වුනු අමරදේවයන් මේ තරුණයගෙ හැකියාව හඳුනගෙන, ඔහුව අගය කරල බඳවගන්න නිර්දේශ කරනව. ඒත් එක්කම අපේ කථා නායකයට හමුවෙනව තමන්ගෙ ඈත ගමේ පාසැලේ කලක් ඉතිහාස ගුරුවරයෙක් වෙච්චි සිනාමාකරු වසන්ත ඔබේසේකරයන්ව.

වෙච්චි අවනඩුව අහන ඔබේසේකරයන් මේ තරුණයව ගන්න කියල රෙකමදාරුවක් දෙනව ගුවන් විදුලි පාළනයට.

එදා අනියම් වාදක රැකියාවෙන් ඇරඹෙන ගමණ,  ඔහුව තම ස්වොත්සාහය සහ ජන්ම හැකියාව මගින් ඉතාම විශිශ්ඨ සංගීතඥයෙක් තත්වයට ගෙනෙනව.

අද ඔබත් මමත් අතිශයින් ප්‍රිය කරන ගී විශාල සංක්‍යාවක් සඳහා තනු හදා දුන් මේ අපූරු මිනිසා, පාසලෙන් මතු කිසිම සංගීත අධ්‍යාපනයක් නොලද්දකු බව ඔබ පිළිගනියිද?

එහෙත් යථාර්ථය එයයි.

ඔහුට වඩා සංගීතය හැදෑරූ ප්‍රබුද්ධයන් ගයන, මේ සොඳුරු මිනිසා සංගීතවත් කල, ඔබ අප අතර නිතර රැව්දෙන ගී කිහිපයක් මම කිව්වොත් සමහරවිට ඔබ ඔහු හඳුනා ගනීවි, නැතහොත් මේ ඔහුගේ "වැඩදැයි" සිතා පුදුමයට පත් වේවි.


හෙළයේ මහා ගායක අමරදේවයන් ගයන,
සඳ තරු නිහඬයි..
මුළු ළොව නිසලයි..
සිතුවිලි විතරක් අවදිවෙලා...


සුනිලුන්ගෙ,

මිනිසෙකු පිට නැගි අසරුවෙකී...
මිනිසෙකු පිට නැගි අසරුවෙකී...
සියල්ල ඉදිරී ගරා වැටුන දා ඇයතින් නොමැරුණු මගේ මිනිස්කම..
සයුරක් නොදුටු ගඟුලක් කිසිදා ගලන්නෙ නෑ.....
කැලෑ මල් පිපෙයි සුවඳ දිදී තුරු වදුලේ වනන්තරේ..

සංගීත් නිපුන් සනත් නන්දසිරි ගයන,
එක යායට මල් පීදුනු බිම් තීරේ..
වාසනා වේවා...වාසනා වේවා...

නන්දා මාලිනිය ගයන,

මධුර ප්‍රෙම කල්පනා..
ඔබයි රම්‍ය සඳ කිරණ..
කඩමණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනේ..

විශාරද ගුණදාස කපුගේ ගයන,

බිංදු බිංදු තාරකා කඳුළු මල් විලේ..
කවුරුත් එන්නැති කවුරුත් දැන්නැති මල්පෙති හිරුණු මල් පාරේ..

කරුණාරත්න දිවුල්ගනේ ගයන,


මාල ගිරවියේ...මාල ගිරවියේ...

ටී එම් ජයරත්න ගයන,

රත්තරන් නෙත් දෙකින් සලා සිහිල් පවන්..
මේ පුංචි රටේ.

ක්‍රිෂාන්ත එරන්දක ගයන,


වී පැදුරෙන් ඉගිලී යන..

රොහාන් ශාන්ත බුලේගොඩ ගයන,

සඳක් නම් බැසයන්න තිබුනා..

ජානක වික්‍රමසිංහ ගයන,


කිරුළ මුතු ලිහී..

බන්ඩාර අතාවුද/නිරංජලා සරෝජනී ගයන,

සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ..

මාලනී බුලත්සිංහල ගයන,

රජ මැදුරක ඉපදී සිටියානම්...
මා එක්කලා අමනාප වී දබර..
වසන් කරන්නට බෑ මගෙ සිත අද...

ඒ ඔහුගෙ නිර්මාණ ගඟුලෙන්, අප නිතර අසන, ඇසෙන සහ ප්‍රිය කරන ගී කිහිපයක් පමණි.

තමන්ට හොඳම චිත්‍රපට පසුබ්ම් සංගීතයට ලද ජනාධිපති සම්මානය සහ හොඳම චිත්‍රපට පසුබිම් ගීයට ලද ජනාධිපති සම්මාණය, ඒ වසරේ වඩා උසස් නිර්මාණයක් කර තිබෙන වෙනත් සංගීතඥයෙකුට වඩා හිමිකක් ඇතැයි කියා ප්‍රතික්ෂේප කල මේ උතුම් මිනිසා ගැන, ලාල් ආනන්ද අබේධීරයන් අපූරු කතාවක් කියනව.

"සොෆොක්ලීස් වෙන්න තිබුනු ඒත් එහෙම නොවුනු කෙනෙක් හිටිය ඒ යුරිපිඩීස්, ෂේක්ස්පියර් වෙන්න තිබුනු ඒත් එහෙම නොවුනු කෙනෙක් හිටිය ඒ ක්‍රිස්ටෝපර් මාව්ලෝ, කාළිදාස ගාවට එහෙම වෙන්න පුලුවන් නුමුත් උනේ නැති කෙනෙක් හිටය ඒ භාරවී, වගේම ලංකාවෙ කේමදාස වෙන්න තිබුන එහෙම නොවුන කෙනා තමයි එච් එම් ජයවර්ධන"

සියඹලාන්ඩුවේ සිට පස්සර මහා විද්‍යාලය හරහා ගුවණ්විදුලියට ආ එච්. එම්, ඔබ වෙනුවෙන් මෙරටේ පාරවල් නම් නොකෙරුනාට, ඔබ නමට ආචාර්‍ය උපාධි පිරිනොනැමුනාට, ඔබ මැවූ ඒ සොඳුරු ගී, සදා අප තුල ජීවත්වේවි!


එච්එම්ගේ අනාගත අපේක්ෂාව මොකක්ද?

මොකවත්ම නැහැ. මම ඉන්නේ කුලීගේක. දහඅට දාහක් කුලිය. වීරවංස ඇමතිතුමාගෙන් ගෙයක් ඉල්ලූවා. එයා කහතුඩුවෙන් ගෙයක් දුන්නා. ලක්ෂ 49කට. ලක්ෂ 7ක් මුලින් ගෙවන්න ඕනෑ. මට කොයින්ද ඕවට සල්ලි. ලක්ෂ 30ක් විතර මට තිබුණා නම් දැන් ඉන්න අවටින් පොඩි ගේ කෑල්ලක් ගන්නවනේ. මේ ළ`ගදි රියැලිටි එකකින් ගෑනු ළමයෙක් දිනුවානේ. ඇයට කෝටි 2 1/2ක ගෙයක් ලැබුණානේ. කමක් නැහැ. ඒත් බලන්නකෝ මේ ළමයා කියපු ගීය ලිව්වේ මොකාද? මියුසික් කළේ මොකාද? කියලා නමවත් සඳහන් කළේ නැහැනේ. අඩුම ගානේ ඒවා ලියපු හදපු එවුන්ටවත් කීයක් හරි ගෙවන්න එපායැ. ගෝඨාභය රාජපක්ෂගේ සංකල්පයක්නේ ඕක. කමක් නෑ. හැබැයි මේවායේ මුල් කර්තෘගේ නමක්වත් කියන්නේ නැති එක ගෝඨාභයටවත් කාටවත් පේන්නේ නැහැනේ. මේ නාලිකා සේරම අද දුවන්නේ ගීත රචකයෝ ගායකයෝ හා සංගීතඥයෝ නිසයි. අඩුම වශයෙන් උන්ට සාධාරණයක් වෙන්න ඕනෑ. ඒ කියන්නේ කර්තෘ භාගයක් ගෙවන්න ඕනෑ. නන්දලා, සෝමතිලක ජයමහලා මට එහෙම කර්තෘභාග කියලා චෙක් එකක් දීලා යන දවස් තියෙනවා. තව සමහර එවුන් ඉන්නවා අපි දන්නෙත් නැහැ අපේ සිංදු විකුණලා ඩයලොග්ලගේ රි`ගින්ස් ටෝන්වලට. ඒ වගේ අසාධාරණකම්වලටයි අපි මුහුණ දෙන්නේ. 
එච්එම්ගේ අනාගත අපේක්ෂාව මොකක්ද?
මොකවත්ම නැහැ. මම ඉන්නේ කුලීගේක. දහඅට දාහක් කුලිය. වීරවංස ඇමතිතුමාගෙන් ගෙයක් ඉල්ලූවා. එයා කහතුඩුවෙන් ගෙයක් දුන්නා. ලක්ෂ 49කට. ලක්ෂ 7ක් මුලින් ගෙවන්න ඕනෑ. මට කොයින්ද ඕවට සල්ලි. ලක්ෂ 30ක් විතර මට තිබුණා නම් දැන් ඉන්න අවටින් පොඩි ගේ කෑල්ලක් ගන්නවනේ. මේ ළ`ගදි රියැලිටි එකකින් ගෑනු ළමයෙක් දිනුවානේ. ඇයට කෝටි 2 1/2ක ගෙයක් ලැබුණානේ. කමක් නැහැ. ඒත් බලන්නකෝ මේ ළමයා කියපු ගීය ලිව්වේ මොකාද? මියුසික් කළේ මොකාද? කියලා නමවත් සඳහන් කළේ නැහැනේ. අඩුම ගානේ ඒවා ලියපු හදපු එවුන්ටවත් කීයක් හරි ගෙවන්න එපායැ. ගෝඨාභය රාජපක්ෂගේ සංකල්පයක්නේ ඕක. කමක් නෑ. හැබැයි මේවායේ මුල් කර්තෘගේ නමක්වත් කියන්නේ නැති එක ගෝඨාභයටවත් කාටවත් පේන්නේ නැහැනේ. මේ නාලිකා සේරම අද දුවන්නේ ගීත රචකයෝ ගායකයෝ හා සංගීතඥයෝ නිසයි. අඩුම වශයෙන් උන්ට සාධාරණයක් වෙන්න ඕනෑ. ඒ කියන්නේ කර්තෘ භාගයක් ගෙවන්න ඕනෑ. නන්දලා, සෝමතිලක ජයමහලා මට එහෙම කර්තෘභාග කියලා චෙක් එකක් දීලා යන දවස් තියෙනවා. තව සමහර එවුන් ඉන්නවා අපි දන්නෙත් නැහැ අපේ සිංදු විකුණලා ඩයලොග්ලගේ රි`ගින්ස් ටෝන්වලට. ඒ වගේ අසාධාරණකම්වලටයි අපි මුහුණ දෙන්නේ. 
- See more at: http://ravaya.lk/?p=3857#sthash.SEjACTyO.dpuf

Tuesday, September 23, 2014

රෑට යළි ඉර පාන නැඟ එන වග නම්...!!





ගීතයක් ඔහේ  නිකම්ම අසන්නට දීමෙන් එහා ගොස්, එහි යම් අවස්ථාවක් හෝ සමස්ථ ගීතයම තම ජීවිතයේ පුද්ගලික සිද්ධියකට සම්භන්ධ කර, එම සම්භන්ධය පොදු අත්දැකීමක් ලෙස සියළු රසිකයන්ට දැනෙන්නට සැලැස්වීම ලෙහෙසි පහසු කාර්‍යක් නොවේ.

කොටින්ම එවැන්නක් ලාකීය ගුවන්විදුලි ඉතිහාසය තුල එතෙක් අත්හද බලා තිබූවක්ද නොවේ.

එවන් වටපිටාවක, ප්‍රවීන ගීත රචක බන්දුල නානායක්කාරවසම් අප වෙත ගෙන ආ රෑ ඉර පාන, අපූරු සහ අමුතුම අත්දැකීමකින් ශ්‍රාවකයන් මෝහනය කරන්නට සමත්විනි.

වර්ථමාන එෆ් එම් කරච්චල් සංස්කෘතිය නිසා ගුවන් විදුලිය එපා වූවෝ මෙන්ම, කොත්තුරොටි සංගීතය යනු සංගීතයයැයි රැවිටී සිටියෝද, නැති කමට දෙන දේ වළඳා වෙන දේ බලා උන් අති බහුතරයක් වූ රස කුමදැයි දන්නා රසවතුන්ද රෑ ඉරපාන මුල් රැස් දහරේ සිටම ඒ වටා රොද බැඳෙන්නට වූහ.

එය සැබැවින්ම රාත්‍රිය එළඹ අඳුරුව යමින් තිබූ සිංහල ගී ලොවට පෑයූ රෑ ඉර පානක්ම විය.

ගාල්ලෙ බන්දුලගේ කුඩා කල ගෙවුනු මහ ගෙදර, නිවෙස පිටුපස වෙල්යාය, රිච්මන්ඩ් විද්‍යාලය, පොල්ඉන්දුහේන්නේ නිවස පමණක් නොව ඔහුගේ බැංකු ශාඛාවද යන ඈ මේ සියල්ල අපිද ආ ගිය, යන එන තැන් බවට පත් වුනි.

බන්දුලගේ ළමා කල සිදුවීම් අපේ සහ පෙර පරම්පරාවල බහුතර දරුවන්ගේ පොදු හැඟීම් වූ නිසා, ඔහු ඒ හා ඉදිරිපත් කල ගීත අපේම ගීත විය.

ගීයක් පසුපස ඇති සොඳුරු කතාවක්, එයට සම්බන්ධ කවියක් හෝ වෙනත් සිද්ධි දාමයක් සමඟින් ඉතාම දුලබ, මිහිරි ගී රැසක් එක් කල තැනූ රෑ ඉරපාන, FM ගුවන්විදුලි ඉතිහාසයේ මුල් වරට දෙහෝරාවක් එක තැන හිඳ විඳින්නට අතිශය සොඳුරු අත්දැකීමක් අපට දුනි.

එවන් රෑ ඉර පාන, වසර ගණනක් සඟවා සිටි රසික රස හිත් සනහමින්, එතෙක් සුභාවිත සිංහල ගීතය කෙරෙහි වූ වූ තම උන්මාදනීය රසිකත්වය සඟවා සිටි  දහසක් දනන් කළඹවන්නට විය.

එය කලක් කතරක අතරමංව හුන් සිටි සිංහල සුභාවිත ගී රසික දනට පවස නිවන සිසිල් දිය කඳක්ම විනි!

මෙවන් සොඳුරු සහ දනන් හද කුල්මත් කල රෑ ඉරපාන කෙතරම් රසවත් වූවත්, එහි අන්තර්ගතය එතරම් වැදගත් වූ මුත්, එය ශ්‍රාවකයින් අසන්නන් පිළි ගන්නෙ නැතිනම්, එහි ඇති ඵලය කුමක්ද?

රෑ ඉර පාන ඇසූ කිසිවෙකුට, එයට පෙම් කල සහ ඒ වටා එක්වූ දහස් ගණනක් වූ රස හඳුනන රසික ප්‍රජාවට, ඒ තම සොඳුරු ලබැඳියා වූ ඉරපානට මෙම තත්වය ඇතිවිය හැකියැයි විස්වාස නොකරන්නට ඇත.

එහෙත්, ඒ ආදරණීය රෑ ඉරපාන සිය වැඩසටහන් සියයේදී, එනම් තම ජනප්‍රියත්වයේ හිණි පෙත්තේදී නවතා දමන්නට යෝජනා කල බවක්, අවසන් කිරීමට දැඩි බලපෑමක් තිබුණු බවක් මා කියුවෝතින්?

එය කිසිසේත්ම කිසිවෙකු පිළිනොගන්නවා ඇත.!

සත්‍ය සැම විටම ප්‍රභන්ධයකට වඩා විශ්මයජනකය.!!

කිසිවකු විශ්වාස නොකරන මුත්, දෙරණ නුහුලන ඒ බලපෑම ඉරපානට සිදුව තිබුනි. ශ්‍රාවකයන්ගේ වාසනාවට, මෙහෙයවන්නාගේ කැපවීමට සහ අනුග්‍රාහකයාගේ කාරුණිකත්වයට පින්සිදුවන්නට එදින එම කඩුල්ල පැන ආ මුත්, ඉරපානට වූ බලපෑම් එයින් නොනැවතිනි.

ඔවුන් මුලින්ම සෙනසුරාදා උදෑස ඉරපාන නැවත විකාෂය කපා දැමූහ. ඒ 2013 දෙසැම්බර් මුල සිටය.

කපා දැමීම නොව කපා හෙළීම ඉන් පසුව විය! අවසන, එතෙක් මෙතෙක් සිංහල ගී රසික ලොව එකළු කල ඒ මහා තාරකාව, රෑ ඉර පාන 2013 දෙසැම්බර් 22 දින නිවී යන්නේ, එහි කාලය අවසන්ව නොව රුදුරු ලෙස අවසන් කර දැමූ නිසාවෙනි.

රෑ ඉරපාන අවසන් වැඩසටනෙහි බන්දුලයන් පවන ලෙසින්ම, ලංකාවේ ගුවන්විදුලි නාලිකාවන්හි ජනප්‍රියත්වය මනිනා "රේටින්" කොම්පැණි කරුවන්ට අනුව ඉරපාන පල්ලම් බැස ඇත. ඔවුනට අනුව ඉරපාන තව දුරටත් ජනප්‍රිය, මිනිසුන් "අසන සහ ප්‍රිය කරනන" වැඩ සටහනක් නොවීය.

මේ අතිශය දරුණු චෝදනාවේ ප්‍රථිඵලය දෙසැම්බර් 22 දිනෙන් පසු ඉරපාණ නිවී යෑමයි.

ඒ ඉරපාන නිවී යාමේ ඔබ නොදත් කතාන්දරයෙන් කොටසක් පමණි. මෙහි මාද නොදන්නා සහ දන්නා තවත් බොහෝ අප්‍රසන්න සිදුවීම් වැළලී ඇත.

ඒ සියල්ල අමතක කර ඉර පාන නැවතත් උපදින්නට, ගී රසික පිරිසට එළිය දෙන්නට එයට හැකි පමණ උත්සාහ ගන්න ලදි.

ඒ, කිසිදිනෙක සැබෑ කළාකරුවන් මර්ධනය කල නොහැකි බැවිනි.

රෑ ඉරපාන ගුවන් විදුලි විකාෂය දෙසැම්බරයේ අවසන් කෙරූ  මුත්, නොසැලුනු ඉරපානේ හිතවතුන් අප්‍රේල් මස කොළඹදී හමුවී, එකට එකතුවී ඉරපාන වෙබ් පිටුව ඇරඹීය.

ඔබ බොහෝ දෙනෙක් නොදන්නවා ඇති මුත්, ඉර පාන කෙටි වැඩ සටහන් ලෙස බීබීසී සංදේශය හරහා විකාෂය විය.


එහෙත් ඒ කිසිවකින් සම්පූර්ණ දෙපැයක ඉරපාන වැඩසටහනකින් තරම් ශ්‍රාවක පිපසාව සංසිඳවන්නට නොහැකි බව රෑ ඉරපාන නිර්මාපකයාගේ සහ ඒ වටා එක්ව සිටි සැමගේ පොදු අදහස වී තිබුනි.

ඉර පාන ඇසූ, එයින් වශීව සිටි සැමගේ එකම බලාපොරොත්තුව එය යලිත් සිය පූර්ණ කිරණ දෙපැයක් තුල විදා හරිමින් අඹර අරා පායනු දැකීමම විය.

සුභාවිත සිංහල ගීතයට, රෑ ඉරපානට ආදරය කල සැමගේ සිත් පුබුදුවමින්, ඒ දිනය යලි උදාවන පෙරමග ලකුණු පහලවෙමින් ඇත! ඒ, එළඹෙන ජනේරුවේ සිට වෙනත් නාලිකාවක රාත්‍රියට ඉරපාන පායන්නට නියමිත බැවිනි.

නාලිකාව, දිනය සහ අනෙකුත් විස්තර ඔබට නුදුරේදීම දැනගන්නට ලැබෙනු ඇත. එසේනම්, නැවත වරක්, රෑට පායන ගී ඉරපානේදී හමුවෙමු!!




මෙන්න රෑ ඉරපාන යලි ඉපැදීම ගැන එහි සොඳුරු නිර්මාපකයාගෙ සටහන.

"චැනල් එක හොඳම එකක්....මට කරන්න කීවෙ වහාම ක්‍රියාත්මක පරිදි, මම ජනවාරියට දමාගත්තෙ,,කම්මලිකම ඇරගන්න....සමාවෙන්න එයට...පටන් ගත්තම දිව් හැටි පෙනෙනව නේද සති 115 ක්...ඔබේ ආදරයට තුති"

_________________________________________________________________________________

පසු සටහන - ඊයේ මධ්‍යම රාත්‍රියෙහිදි බන්දුල නානායක්කරවසම් මහතා විසින් පහත සටහන යොමුකර තිබුනි.

ඉන්දික 

මෙය බ්ලොග්  සටහන් කල විට  MOST  CHARACTORS  කියා  ගණනක්  විත් COMMENT  එක PUBLISH  නොකරයි 
කරුණා කර මෙය එහි දමන්න රෑ  ඉරපානට  ලැබෙන  හැම  ප්‍රතිචාරයක්ම  එහි වර්ධනයටත්  වඩා  හොඳ  ගී  අගයන්න  අද  සමාජය  පොළඹවන්න පිටුවහලක් වේවි 

මේ  ලිපිය  මගේ  වැඩසටහන  ගැන  ඇතිවුණු  හැගීමෙන්  ලියු  බව පෙනෙනවා 
ලිපියේ  සදොස්  තැන නිදොස් කරන්නට  සිතා සිටියත්  අධිකව  මේ දිනවල  රාජකාරියේ  පැටලී  සිටින නිසා  මඟ  හැරුනා 

මෙන්න  ඒ සමහර  දෑ 
-----------------------------

1. "රෑ  ඉරපාන " අදාළ  නාලිකාව  විසින්  කපා  දැම්මේ  නැත 
    සෙනසුරාදා  ප්‍රති විකාශය  2014 ජනවාරියේ  සිට නතර  කරන්නට එහි  කළමනාකාරීත්වය  තීරණය කොට  ඇතයිද , ඉරිදා  මුල්  වැඩසටහන  පමණක්    එම ජනවාරියේ  සිට  ඉදිරිපත්  කරන ලෙසත්  දැන්විණි.  දෙසැම්බර්  මුල්  සතියේ දැන්වීම  අනුව තීරණය  මගේ විය. දෙසැම්බර්  22 දාට පෙර  තීරණය  ලෙස මම ඔවුනට  කීවෙ එනම්  ඉරිදා ට  වඩා  ප්‍රති විකාශයට  සෙනසුරාදා  මහා  ශ්‍රාවක  පිරිසක් ඇති නිසා එය නොකපන ලෙසය 

නමුත්  දෙසැම්බර් 20 වන විට  මට දැනුම් දුන්නේ  ඉරිදා  රෑ  ඉරපාන  අවශ්‍ය  බවත්  ප්‍රති විකාශය  නතර  කරන බවත්ය 

මම ඉඳුරා  එරෙහි වීමි 

එක සෙනසුරාදාවක්  හෝ නොකැපෙන  සේ 29 වැනිදාට ප්‍රතිවිකාශයෙන්ම  අවසාන  වනසේ  සමු ගතිමි. හරි නම්  මා   දෙසැම්බර්  30 වැඩ සටහන  කල හැකිව තිබුණි. නමුත් එහි ප්‍රති විකාශය  නියමිත  ජනවාරි 5  වැනිදාය. ජනවාරි 1 වෙනිදා සිට  ප්‍රති  විකාශය  නතර කරනවායි කියූ  නිසා  එක වැඩසටහනක්  හෝ කප්පවා  ගැනීමට අකමැති වුනෙමි 

රේටිං  ගැන කීවේ  ඇත්ත  ක්‍රමය සොයා බැලූ  විට  ඇතිවූ  අප්පිරියාව  නිසාය ; මේ රේටිං  බොරුව ලොවට කිව යුතු නිසාය 

කපා  දැමීමක්  හෝ 'පල්ලම් බැසීමක් ' තිබුනෙම නැත අනික  'එය ශ්‍රාවකයන්  අසන්නන්  පිලි ගන්නේ නැත්නම් '  කියන  වැකිය  නොගැලපේ

මෙම  වැඩසටහන  සඳහා  අදාළ  අනුග්‍රාහකත්වය  එම ආයතනය  ලබා  දුන්නේ  මුළුමනින්ම  මා  හා  ඔවුන් අතර  වූ  දැඩි  සම්බන්දය  මතයි.  ශ්‍රව්‍ය  නාලිකාවක්  ලෙස ඔවුන්  නොදැන  සිටි  නිසා  වඩා  ආකර්ෂණයක්  හා පැකේජයක්  දීම  තුලින්       නාලිකාවට  මෙම  අනභිබවනීය අනුග්‍රාහකත්වය ලබා ගැනීමට  එවක   නාලිකා ප්‍රධානි  මා මිත්‍ර  නිලේන්ද්‍ර  දේශප්‍රිය  මහතා විසින්  මෙම      සෙනසුරාදා  ප්‍රති  විකාශය ලබා දීමේ  ප්‍රතිඥාව අදාළ ආයතනයට  දී සැනින්  රෑ  ඉරපාන  සැබෑවක්  කළේය 

2. තවත්  මෙහි රසවත්  කතාවක් වෙයි 


    මුලින්ම  මෙය  ඉරපාන  විය 
    ලබා දුන්  කාල සීමාව  ඉතා  ආකර්ශනීය  දැඩි  ඉල්ලුමක්  සහිත  සෙනසුරාදා  උදේ  8 - 10  විය 
    හරියටම  නිහාල්  වික්‍රම  මිතුරාගේ  'සති අග  සාදය ' විකාශය වුයේ  ඒ කාලයේදීය 
    මම මාධ්‍ය  රැකියාවෙහි  නියුතු වුවෙකු  නොවන නිසාත් , මිත්‍රත්වය  හා නිහාල්ගේ වැඩසටහනට  නිබඳ  සම්පත්  දායකයෙකු  ලෙස  සම්බන්ධ  වූ
    නිසා එම  වටිනා  කාල අන්තරයට  අකමැති  වීමි  ; ඒ අන්‍ය  නාලිකාවක් වුවත්  සදාචාරය  වෙනුවෙනි ; නිහාල් එය දනී 
    නිලේන්ද්‍ර  කීවේ "එහෙනම් තියෙන්නේ ඉරිදා  රෑ  7 - 9  පමණයි " කියාය ; එය කව්රුවත්  අහන්නේ නෑ  කියාය 
    මම අභියෝගය  බාර ගතිමි 

   'ඉරපාන "  "රෑ  ඉරපාන " ලෙස නම් කලෙමි   
   අනුග්‍රාහක  ආයතනයට  යන අතර  තුර නිහාල්ට  මා කල සත් ක්‍රියාව  ගැන කීවෙමි 
   " අය්යෝ  බන්ධු  තේරුමක් නෑනේ , මම  හැමදාම  ඒක  කරන්නෙත් නෑ 
      අනික  උඹයි  මමයි  එකම  වෙලාවේ  ගුවන් විදුලියෙන්  කතා කරන එක  කොය්  තරම් හොඳද ?"

     නිහාල්  එසේ  කීවත්  මම වෙනස් නොවුනෙමි 

     එම  දෙබස ඇසූ  කෙනෙකු ලෙස  නිලේ  පෙරකී  යෝජනාව  අනුග්‍රාහකයනට  කළේය 
     ඔවුහු  එදාම  එමොහොතෙදීම  කැමැත්ත දුන්නේ  අපගේ ප්‍රථම  වැඩසටහන  අසා  හැගීම්බරවය 
     එවන්  දුකසේ  ලබා  ගත්  වටිනා  අනුග්රාහකත්වයකට  පයින්  ගැසීමයි  මට ඇතිවූ  මුල්ම  කම්පනය 
අද කාලේ  දරුවන්  මරුවන් කරන බිහිසුණු  දෙයට  මුදල්  යොදවන  අය  අනන්තය , නමුත් මෙවැන්නකට  හංසයෙකු  දියට බසින්නා  සේ  උදව්  කරන  ආයතන  නැත 

දවසින් දවස  නොව නතර කර  මාස  9 ක්  ගිය තැන  අදද  ලැබෙන ප්‍රතිචාර  පුදුමය 
E  MAIL  ලිපින පමණක් 10,000 අභිබවා ඇත 

ඉන්දික මේ සියල්ල  කලේ  හදවතින්මය 
ඔහු මගේ  නිවැරදි  කිරීම් බලා පොරොත්තු  විය 
මගේ වරදින්  ඒවා  නොකිරීම  නිසා ඔහු  එලෙසම  එය පල කළේය 
දැන් නිදි මරාගෙන  උත්තර  දිය යුත්තේ  නිවැරදි කරන්නටය 
එයද ලෙහෙසි නැත 
ලියු  ටිකෙන් යමක්  ප්‍රකාශ  වන්නට ඇත 
රෑ  ඉරපාන  2013  හොඳම  සංගීත  වැඩසටහනට  හිමි   රාජ්‍ය  ස්වර්ණ  සම්මානය  හිමි විය 
වදනින්  විස්තර කල නොහෙන , ඉතා දීර්ඝව  වෙලාව  යන සිදුවීම් අනන්ත  ඇත 

ඒවා  කුමකටද ඔබට කියන්නේ ?

ඔබ බලාපොරොත්තු  දල්වා ඉන්න 

මම ඔබ හඳුනමි 
මම ඔබ  සුරකිමි 
මම ඔබ සනසමි බිලිඳු  වයසේ සිටින දරුවන්ගේ  සිට පරිනතයා  දක්වා මට නන්   දෙසින්  ලැබෙන ප්‍රතිචාරය විස්තර  කල නොහේ 
එබැවින් ඔවුන්  වෙනුවෙන්  මම නොකඩවා  ගුවනින් කතා කරමි 
කියන්න බැරිවුණු ගී හා ජීවිතය   පිලිබඳ  සම්න්ධය  නැවත පහදා දෙමි 
හොඳ දෙයට ඇති ඉල්ලුම  පැහැදිලිය 
මා සමග  ලගින් ඉන්න 
එවිට  කවුරු තනි කලත්  ඔබ ඇති සිතේ 

බන්ධුල

LinkWithin

Related Posts with Thumbnails