Tuesday, November 26, 2013

ටැලිපෝන් සිස්ටම්ස්! Sexy Phone 21+





ටැලිපෝන් කිව්වම ඉතින් කොච්චරක්නං ජාතිද? කොළඹ දිස්ත්‍රික්කෙ දෙහිවල ගල්කිස්ස නගර සභාවෙ උනාට ඉස්සර අපේ ගෙදරට විතරක් නෙමේ අපේ පාරට ලයිට් තිබ්බෙත් නෑ. ඒත් ඉස්සරහ ගෙදර උන්න සමරෙ අංකල්ගෙ ගෙදරට ටැලිපෝන් තිබ්බ. පොඩි බැටරියකින් විශෙෂ බලයකුත් දීපු, වදිනකොට පාරෙ මුලටම සද්දෙ ඇහෙන ඒ පතරංග ටැලිය එහෙට ලැබුනෙ අංකල් රාජ්‍යපරිපාලනේ ඔඩිටර් කෙනෙක් නිසා.

පස්සෙ කාලෙක ඒ තඩි ගෙඩිය අයින් කරල එතනට සුට්ටන් ඔබන ෆෝන් එකක් ආව. ඒ වෙනකොට අවුරුදු ගනන් පෝළිම් වල ඉඳල අපේ ගෙවල්වලටත් ඒ වගේම ඔබ එව්ව ඇවිත් තිබ්බ නිසා සමරෙ අංකල්ගෙ අර ලඩි පෝන් එකේ උජාරුව බැහැල ගියා.

ඔහොම කාලයක් යනකොට ආව සෙල්ෆෝන්. මම වැඩට ගිය මුල කාලෙම දුන්න කම්පැනියෙන් තඩි ෆෝන් එකක්. ඒ අනූ හතේදි. ඒ කාලෙ එන කෝල් වලටත් කපනවනෙ. ඒත් අපේ පැකේජ් එකේ එන එව්ව විනාඩියක් නිකන්. විනාඩිය බලල කෝල් එක කට්. මොකද බිල වැඩි උනොත් පඩියත් කැපෙන නිසා. ඒත් ඉතින් බස් එකේ යද්දි ඕකට කෝල් එකක් එනකල් බලන් ඉන්නෙ. රජා වගේ එළියට ඇදල දෙක වෙන්න කතා කරන්න.

ඉස්සර ඔය සෙල්ෆෝන් නැති උන්ට තිබ්බ ලොකුම දේ තමයි පේ පෝන් කාර්ඩ් අරන් කතා කිරිල්ල. කහ පාට පෙට්ටි එක්ක පාරෙ හයි කරපු මෙව්ව මම හිතන්නෙ දැන් නැත්තටම නැති වෙලා.

ඉස්සර අපේ යාලුවෙක් උගෙ ට්‍රයි කරපු කෙල්ලට මාසෙට රුපියල් පන්සීයෙ හයසීයෙ පේ ෆෝන් වලින් කෝල් ගන්නව. අන්තිමට කෙල්ල වෙන එකෙක් බැන්ද, මූට පාවිච්චි කරපු කාර්ඩ් ටිකයි අපි ගහපු කාර්ඩුයි විතරක් ඉතුරු උනා.

තව "වර්ල්ඩ් කෝල්" කියල පකිස්ථාන් කම්පැනියක් කඩවල ෆෝන් පෙට්ටි වගයක් හයි කරා සල්ලි ගෙවල කෝල් ගන්න. පස්සෙ ට්‍රයි ටෙල් ද මොකද්ද කියල තව පබ්ලික් ෆෝන් පෙට්ටි වගයක් ආව.

ඊටත් පස්සෙ තමයි හන්දි හන්දි ගානෙ කමියුනිකේෂන් සෙන්ටර් පටන් ගත්තෙ.

ඔය පබ්ලික් ෆෝන් සහ කමින්යුනිකේෂන් ගැන මරු කතාවක් තියෙනව.

ඇම්ඩගෙ අම්මයි තාත්තයි ලෑමට සෙට් වෙන්න උනාම සන්නිවේදනය කරේ "කෝල් එකක් ගමුද" කියලලු.

දවසක් තාත්ත ස්මෝල් වෙලා අම්මව හොයනකොට පෙන්න නැති නිසා ඇම්ඩ අතේ පණිවිඩයක් යැව්වලු "පුතේ පහලට ගිහින් අම්මට කියන්න තාත්තට කෝල් එකක් ගන්න කාමරේට එන්න කියනව" කියල.

ඇම්ඩ මෙසේජ් එක අම්මට කිව්වම අම්ම ඇම්ඩට කිව්වලු "තාත්තට කියන්න අද සිග්නල් නෑ" කියල.

මේ උත්තරේ අහල මල පැනපු තාත්ත" එහෙනං උඹලගෙ අම්මට කියාපන් මම පාරෙ ෆෝන් බොක්ස් එහෙකින් කෝල් එකක් ගන්න යනව" කියල.

ඇම්ඩ දඩ බඩ ගාල ඇවිත් සීන් එක අම්මට කිව්වලු. එතකොට අම්ම ගේ දෙක වෙන්න උඩ හිටිය තාත්තට ඇහෙන්න කියනවලු..

"තමුසෙ ගිහින් ඕන බොක්ස් එහෙකින්  කෝල් අරන් එනව, නෙට්වර්ක් ආවම මටත් මෙතන කොමියුනීකේෂන් එකක් දාගන්න බැරුවයැ ගමේම උන්ට ඇවිත් කෝල් ගන්න" කියල.

භය වෙච්චි ඇම්ඩ පියා පණිවිඩේ අතේ ලියල අදාල කෙනාට යැව්වලු.
 


Saturday, November 23, 2013

ඩේවිඩ් කැමරන් මෙච්චර ගේම ඉල්ලන්නෙ ඇයි? Discrimination to the world leader




ඩේවිඩ් කැමරන් නොහොත් බ්‍රිතාන්‍ය අගමැති තුමා චොග්ම් එකට ආවට මොකද හෙන මලෙන්නේ උන්නෙ.

කොටිම්ම සමහර රැස්වීමුත් මගෑරල, කැමරා කාරයො එක්ක යාපනේ මුඩුක්කු අස්සෙ රිංගල, මොන විළි ලැජ්ජාවක්ද කොරේ.

ඒ ඔක්කොම කරල අන්තිමට අපි නොකලොත් මිනිහගෙ එකක් දාල හරි අපේ අපරාධ හොයනව කියලත් මහ සත්තමක් දැම්මනෙ යන්න ඔන්න මෙන්න තියල.

කොටිම්ම මිනිහගෙ වැඩේ මට පෙනුනෙ නිකන් හරියට අර මගුල් ගෙවල් වලට ඇවිත් කාල බීල පස්සෙ මගුලෙයි, ගෙදර උන්ගෙයි වැරදි කියල ගේම ඉල්ලල්න ඩෝපර් කෙනෙක් වගේ.

ඒත් ඉතින් මේ හාදයට ඔච්චර මල පනින්න හේතුව මට හිතා බැරුවයි උන්නෙ.

සමහරු ඒක මිනිහ දෙමළ චන්ද ගන්න කරපු බොරුවක් වගේ කතා කිව්වට මම විශ්වාස කරේම නෑ. ඇයි අප්ප ප්‍රජාතන්ත්‍රවාදෙ මහ ගෙවල් දෙකෙන් එහෙක ලොක්කෙක් මේ අර දුමින්ද සිල්ව වගේ චන්දෙ කාලෙට විතරක් මුඩුක්කුවල ඇවිදල පොටෝ ගහන වැඩ හීනෙන්වත් හිතාවියැ!

ඒත් හැබැයි ඊයෙ මම වැඩෙට හේතුව හොයා ගත්ත.  

කොටිම්ම රාජ්‍ය බුද්ධි ඇංශයටත් බැරි උන වැඩේ මම ගොඩ දා ගත්ත.

සීන් එක මාට්ටු උනේ ඊයෙ මාතලන්ගෙ රැකමන්ඩේසම නිසා චොගන් සින්දුව බලන්න ගියාමයි.

කතන්දරේ මේකයි.

ඔය පහල තියෙන පිතූරෙ හොඳට බලන්න.


මේ කොමන් වෙල්ත් එක හදාපු, ලෝකෙ හත්වෙනි ලොකුම ආර්ථිකේ තීන, කොමන්වෙල්ත් එකේ ධනවත්ම රට වෙච්ච, න්‍යෂ්ඨික බලවතෙක් උන, කොටිම්ම ලෝකෙ සංනිවේදන මාධ්‍ය වෙච්චි ඉංග්‍රීසියෙ අයිතිකාර, අර තීජෝබලපරාක්‍රමැති එංගලන්ත මහා රාජිනියගෙ රටේ ඉහලම දේශපාලකය වෙච්චි, කොටිම්ම චාර්ලිට පස්සෙ උන්න නියමම සුද්ද වෙච්චි කැමරන් උතුමානන්ව වාඩි කොල්ල තියෙන්නෙ ගඳ බංගලි නෝනටත් පිටිපස්සෙ තිබ්බ තුන්වෙනි පේළියෙනෙ!

ඉතිං පලවෙනි දවසෙ මුලම උත්සවේ මෙහෙම කරාම මොන ලොක්කටද දෙය්යනේ හිත නොරිදෙන්නෙ!

අපේ ලොක්කනං ඔව්ව දන්න හින්දනෙ හයිවේ එකේ පටිය කපපු දවසෙ මර්වින් ලොක්කව ඉස්ස්සරහටම ගෙන ගත්තෙ. එහෙව් එකේ ෂුවර් එකට මේ කැත වැඩේ කරන්න ඇත්තෙ ආන්ඩුව අපහසුතාවයට පත් කරන්න බලං ඉන්න ජාත්‍යන්තර කුමන්ත්‍රණ කාරයන්ගෙ බළල් මයිල්ම තමයි!

මාතලන්, ලියහන් ලියුමක් ලොක්කට මේ ගැන කියල. කැමතිනං වාටියෙ මා ගැනත් සඳහන් කරහන්.

පලි.
මොනා උනත් අර මුල පින්තූරෙ ඉන්න කොලුව ඇඳ ඉන්නෙ ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකේ ටී ෂර්ට් එකක්. මුරලි දීලද දන්නෙ නෑ!

Sunday, November 17, 2013

මේ ගැටය (තෝර )ගන්න පුලුවන්ද?

කලින් පෝස්ට් එකේ කමෙන්ට් වලට උත්තර දෙන්නත් කලින් මේක දාන්නෙ කල් පැන්නොත් වැඩක් නැති නිසා.

මේ පින්තූර දිහා බලල හිතට එන වැදගත් අදහස් එක දෙක පිළිවෙලට කියන්න බලන්න.

බලමු කාටද වැඩේ මාට්ටු වෙන්නෙ කියල.


                                                                      පිංතූර අංක 1




පිංතූර අංක 2




පිංතූර අංක 3





පිංතූර අංක 4

Wednesday, November 13, 2013

ලිංගෙ අයින් කරපු රොෂාන්...අවසාන කොටස.


ඊයෙ හදිසියට දාල දුවල කතාව කියා ගන්න බැරි උනානෙ. දැන් ඔන්න මුතු සම්බන්ධය දාල පටන් ගමු. ඊයෙ ටික බලාගන්න බැරි උන අය ටක් ගාල ගිහින් බලල එන්න.


ඔය කාණුවෙන් මාලු අල්ලගෙන අපි ඉන් පස්සෙ යනව තව කාණුවකින් පණුවො අල්ලන්න. ඒක තිබ්බෙ ගල්වල පාරෙ මුල.

ඔය ගල්වල පාර කිව්වට දැන් එහෙම එකකුත් නෑ. ඒකත් වෙනස් වෙලා. දැන් තියෙන්නෙ උද්‍යාන මාවත කියල.

ඒකත් අපූරු සිද්දියක්. මොකද ඉස්සර ඔය පාරෙ තිබ්බෙ මහ වලක්. අපේ තාත්තල කියපු විදියට කොළඹ වරාය හදන්න ගල් කඩාපු වළවල් වලින් එකක්. පස්සෙ ඔය වල දෙ.ග.නස කුණු වල වෙලා.

අපි පොඩි කාලෙ දෙහිවල ගල්කිස්ස නගර සභාවෙ කුණු ඔක්කොම ආපු බේරුවල් බොක්ක තමයි ඔය ගල් වල. ඒක මහ විසාල හරිම ගැඹුරු වලක්. මම හිතන්නෙ අවුරුදු දහයක් වත් කුණු දාන්න ඇති වල පිරෙන්න. කුණු දාල අතර මැද පස් දාපු නිසා ඒ ලඟින් යන්න පුලුවන් උනා. ඔය වලේ කුණු පිරුනට පස්සෙ උඩින් පස් දාපු නගර සභාව එතන හැදුව පොඩි ළමා උයනක වගේ එකක්. සී සෝ ටිකක්, ඔන්චිල්ලාවක් එහෙම හයි කරල. පස්සෙ පාරෙ නමත් වෙනස් කරා උද්‍යාන පාර කියල. කොහොමද ටිකිරි මොළේ.

ඔය ගල්වලෙත් තිබ්බ පොඩි වලවල් වල අපේ ඉඳිආප්ප වත්තෙ සෙට් එක එහෙම මාලු බෑව. ඒත් වළ ගැඹුර නිසා අපිට යන්න තහනම් කලාපයක් ඒ කාලෙ. පස්සෙ අපි ලොකු වෙනකොට වළ ගොඩ වෙලා.

ඒත් ඕකට අපි වෙන විකල්පයක් හොයාගෙන තිබ්බෙ. ඔය පාර අයිනෙ තිබ්බ ප්‍රසිද්ධ ගල් වල තරම්ම ගැඹුඅර නැති තව පොඩි ගල් වලක් තිබ්බ ගල්වල පාරයි චක්කින්දාරාම පාරයි අතරෙ තිබ්බ අතුරු පාරක. අපි මාලු බෑවෙ ඒකෙ.

බිලී කොකු වෙනුවට නවාපු ආය කට්ටක් සරුංගල් අරින්න ගේන නූලක ගැට ගහල කොක්කට බත් ඇට අමුනල වතුරට දාන පරක්කුවට ඒ මොඩ මාලු ඇම කනව. මොකද පාලු තැනක තිබ්බ ඒ වලේ මාලුන්ට බත් වගේ කෑමක් හම්බ උනාම මෙලෝ සිහියක් නෑ.

හැබැයි එකේ දෙක් පන්ති වල උන්න අපි මාලු බෑවෙ උයන් කන්න නෙමෙයි, තනිකරම ආතල් එකට.

ඒ නිසා අල්ලන මාලුවො පරිස්සමින් ගලවල කලින් ලෑස්තිකරන් ඉන්න වතුර පුරෝපු ෂොපින් බෑග් එකට දාල අරගෙන ගිහින් අර ලුම්බිණි කානුවට හරි වෙන කානුවකට හරි දාල උන් යන දිහා බලන් ඉන්නෙ පුදුම සතුටකින්. ඉඳ හිට ඔය මාලු ගොඩේ ලස්සන එකෙක් අහු උනාම ඌව ගෙදර ගෙනාවත් පස්සෙ ඒක අතෑරල දැම්ම මොකද ඒ වල් මාලු අර ගප්පි ප්ලේටි එහෙමත් බුදින්න ගන්න නිසා.

ඉතින් ඔය වගේ නසරාණි වැඩ හැට හුටාමාරක් නැට්ටට කිරි උරන්නත් කලින් ඉඳන් කරන්න මාත් එක්ක සෙට් වෙලා උන්න එකෙක් තමයි රොෂානය.

ඌ කොහොමින් හරි අන්තිමට හේන විද්‍යාලෙ බාලාංශ පන්තියෙ මාත් එක්කත් එකට වැටුන. අපිට බාලාංශෙට හිටියෙ කාන්ති මිස්. එයත් සිරිමල් උයනෙමයි. අපේ අම්මලව අඳුනවත් එක්ක. ඒ හින්ද ටීචර් මට හරි ආදරෙයි කියලයි මට හිතුනෙ. ඒත් ගොඩක් පස්සෙයි තේරුනේ ඒ ටීචර් කොයි ළමයටත් එක වගේ ආදාරේ ගුරු මෑණියක් කියල.

කොටිම්ම මම ටීචර්ගෙ අත හපල මේසෙ යට රින්ගල හිටියම ටීචර්ම මට ටොෆියක් දීල එලියට ගත්තු බව අම්මට කියල තිබ්බෙත් ටීචර් නෙමෙයි. ඒකත් පන්තියෙ වෙන හාල්පාරුවෙක් උන්ගෙ අම්මට කියල ඒ ඇන්ටි තකහනියෙ ඇවිත් කෝප්පෙ හෝදල මගෙ වරුනනාව කියපු නිසා ගෙදරට ආරංචි උනා මිසක් ටීචර් කටක් හොල්ලල නෑ අම්ම ඇහුවමත්.  අනේ එතුමියට දීර්ඝායු ලැබෙන්න ඕන!

කොහොම හරි ඔහොම ඉඳල පහේ පන්තියෙන් පස්සෙ අපි එක එකා එහෙට මෙහෙට විසි උනා.

ඉතින් ඒ රැල්ලට අහුවෙලා රොෂානයයි මායිත් දහම අනුව වෙන්න ඕන විදියට වෙන් වෙලා ගියා. වෙලාවටම වගේ ඒ දවස්වලම උගෙ එච්චරකල් රට හිටිය කියපු තාත්ත ඇවිත් මුන්ව අර හිටපු ගෙයින් වෙන දෙහිවල පැත්තෙ ගෙදරකට එක්ක ගියා.

ඔහොමඔහොම කාලයක් ගිහින් සා පෙලට නුගේගොඩ පොඩි ගෲප් ක්ලාස් එකකට ගියාම මෙන්න අර ජිල් බෝල ගහපු රොෂානයත් එතන.

කාලෙකට පස්සෙ දැක්කම අඳුන ගන්නත් අමාරු සයිස් එකට මිත්‍රය වෙනස් වෙලා. ඒත් පරණ හිතවත්කම වෙනස් වෙලා තිබ්බෙ නැති හින්ද අපි දෙන්නම ආයි පුරුදු විදියට ඉඳ ගත්තෙ එක පේළියෙ.

ඔන්න ඔය පන්තියෙදි තමයි මාට්ටු උනේ මූ මේ නොදැක හිටිය අවුරුදු කීපෙට හිමීට ලිංගෙ හලල කියල. වැඩේ පත්තු උනේ මෙහෙමයි.

ඉගැන්නිල්ල ඉවර වෙලා යන්න කිට්ටුව සර් කාරය කාර්ඩ් බෙදනව නම කිය කිය.

ලස්සන අවලසන්න කෙල්ලොන්ගෙ කාර්ඩ් මුලින්. පස්සෙ අපේ.කොල්ලොනගෙ නම් එක දෙක කියල රොෂාන් විජේරත්න... කිව්වම මෙන්න මූ ටක් ගාල අත් ඉස්සුව!

මම ෆුල් කොර. කොටින්ම නැගිට ගන්න බෑ. ඇයි යකෝ දහම් පාසලේ රෙජිස්ටරේ, ඉස්කෝලෙ, හැම තැනම තිබ්බෙ මුගෙ නම "රොෂාන් ලිංගරත්නම්" කියල. එහෙම එකා එක පාරටම විජේරත්න වෙලා!

කොටිම්ම මුගෙ ලිංගෙ හැලිල, රත්න විතරක් ඉතුරුවෙලා.

පස්සෙ හිමීට ඇහුවමයි සීන් එක ඌම කිව්වෙ.

පොඩි කාලෙ අපිටගානක් නැති උනාට මූ ගිය ලොකු ඉස්කෝලෙ උන් නමේ ලිංගෙ කෑල්ල නිසා කොල්ලව බයිට් එකට අරන්. උන් නම වෙනස් කරල අර අහුබුදුගෙ බාප්පගෙ පුත මීජයා වගේ.

ශිෂ්‍යත්වෙට පොලිෂ් වෙලා හයේ වෙනකොට සිංහල ටිකක් හොඳට පුළුවන්නෙ.

ඉතින් කොල්ලො දන්න ශිල්ප දාල මේ අලුතින් ඉස්කෝලෙට අව එකාගෙ අමුතු නම සභ්‍ය විදියට ලිංග රත්න - මැණික් පකා කියල කටට පහසුවට වෙනස් කරල.

ටික දවසකින් මේක මැණිපකා වෙලා ආයි පස්සෙ මණිපකාවෙලා.

දැං ටීචර්ල ඉන්න තැන්වල "පනිමකා" නැති තැන මනිපකා.

ඉස්කෝලෙ කොල්ලො මූට මෙහෙම මණිපකා කිය කිය සවුත්තුව දාන නිසා කොළුව ගෙදරට කම්ප්ලේන් කරල.

පස්සෙ අම්මල ඉස්කෝලෙට ඇවිත් කතා කරලත් ටීචර්ලට කොල්ලොන්ගෙ වල් කටවල් වහන්න බැරි උන තැන, තාත්ත පතරේ ඇඩ් දාල මහ ගේමක් දීල මුගෙ නම අම්මගෙ වාසගමට මාරු කරල.

ඉන් පස්සෙ මූව වෙන ඉස්කෝලෙට දාල අර අලුත් නමත් එක්ක.

මොකද සිංහල සමාජෙට අර දෙමළ ලිංගෙ විහිළුවක් උන නිසා.

මට මේ කතාව මත් උනේ රසල් පීටර්ගෙ වීඩියෝවක් බැලුවම. මොකද මිනිහටත් ඉන්නවලු ඉන්දියන් යාලුවො දෙනෙක් එකෙක් "සක් දීප්", අනික "හාර්දික්". මේ නම් ඉංග්‍රීසියෙන් ලිව්වමවෙන දේ කියන්න ඕන නෑනෙ.

  

LinkWithin

Related Posts with Thumbnails