Friday, April 15, 2011

අලුත් අවුරුද්ද..





සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!

පහුගිය දවස්වල තිබ්බ හැටියට හිතුනෙ මේ පාරත් අවුරුද්ද ලංකාවෙ සමරන්න වෙයිද කියල! කොහොම උනත් බහරේන් ආන්ඩුව මොලේ ඇතුව "සිරිමාවො" තාලෙ ගේමක් දීපු නිසා තත්වෙ වෙනස්වෙලා බය හැක නැතුව ආයි ජීවිතේ ගලාගෙන යන්න පටන් අරං. පොඩි පොඩි සිද්දි නැතුවම නෙමෙයි, ඒත් ඉතිං ඒවයිං අපිට එච්චරම අවුලක් බලපෑමක් නෑ.

ඊයෙ වැඩ දවසක් නිසා නැකතට බැරි උනත් කොහොමහරි අපි හවස නැකතං පස්සෙ ටිකක් රෑ වෙන්න කිරිබත් කාල අවුරුදු සැමරුව.

පහුගිය දවස් ටිකේම රෑට රෑට හාමිනේ වැඩ ඇරිල ඇවිත් බැදපු කොකිස් මුංකැවුම් ටිකයි මං අපේ පන්සලේ සුමිත්ගෙ අසල්වාසියෙක්ගෙන් ගත්තු කොණ්ඩ කැවුම් ටිකයි කනකල් අපේ පොඩි උන්දැට තිබ්බෙ පුදුම නොඉවසිල්ලක්.

අපි පොඩිකාලෙ විඳ අවුරුද්ද තරමටම නැතුවා වගේ උනත් පුංචි එකාට මේ තමටම හරි අවුරුද්ද ගැන අත්දැකීමක් හැඟීමක් දෙන්න තමයි අමාරුවෙන් හරි හරි මාස හතේ අලි බඩගෙඩියත් උස්සං හාමිනේ මේ තරමිං හරි කෑම ටිකක් හැදුවෙ.

එකක් පැහැදිලියි. ලෝකෙ කොහේ හිටියත් සිංහලයෙක්, ශ්රී ලාංකිකයෙක් විදියට හිතනවනං සහ උවමනාවක් තියේනං "අවුරුදු උදාවෙන" බව.

එහෙනං අලුත් අවුරුද්දෙ අලුත් කතා ටිකකින් හමුවෙමු.....!!

LinkWithin

Related Posts with Thumbnails