Tuesday, May 1, 2018

ගුරු දෙගුරු හමුව...

එදා එර්ෂාඩ් එයාගෙ හෝම් වරක් කරලත් නෑ, පාඩම පටන් ගන්න කලින් ප්‍රශ්ණ ඇහුවම කලින් දවසෙ කියල දීපුව මතකත් නෑ.

ඒ නිසා මම කිව්ව "එර්ෂාඩ්, ගිහිල්ල ජනේලෙ ගාව හිටගෙන අද පාඩම අහනව. ඉන් පස්සෙ, සම්පූර්ණ පාඩමම ආයි කියවල හෝම් වර්ක් කරනව ඉස්සෙල්ලාම, ඊලඟට අද අහපු ප්‍රශ්ණ ටික ලියල ඒවට උත්තරත් ලියනව".

එහෙම කියල මම අලුත් පාඩම පටන් ගත්ත.

ඒක ඉවර වෙලා කට්ටියට ප්‍රශ්ණ වගයක් දුන්න එදා ඒ පාඩම ඇසුරෙන් උත්තර ලියන්න.

හැමදාම වගේ සෙතික තමයි ඉස්සෙල්ලාම උත්තර ලියල පොත ගෙනත් දුන්නෙ බලන්න.

මම කට්ටියගෙ පොත් බලන අතරෙ යන්තමට පෙනුන සෙතික ගිහින් එර්ෂාඩ් ගාව හිටගෙන කතා කරනව ජනේලෙ පැත්ත හැරිල.

මට හොඳටම තරහයි..

"සෙතික මොකද ඔතන කරන්නෙ..?"

දෙන්නම හිමීට ආපහු හැරිල, බයෙන් මගේ දිහා බලල හොරාට බිම බලා ගත්ත..

"වැඩ ඉවරනං පාඩුවෙ ඉන්නෙ නැතුව ඇවිදින්න එපා කියල කියල තීනවනෙ. පීරියඩ් එක ඉවරවෙනකල් දෙන්නම ඉන්නව හිටගෙන..."

සෙතික නිස්සද්දවම ඔලුව වනල ආයි බිම බලාගත්ත..එර්ෂාඩ්ගෙ මූනෙ තිබ්බෙ තරහ

ටිකකින් මට පේනව දෙන්න ආයි කුටු කුටු ගගා කතාව..

මම සද්ද නොකර නැගිටල ලඟට ගියා බලන්න...

සෙතික එර්ෂාඩ්ට ඊයෙ පාඩමෙන් මම කලින් අහපු ප්‍රශ්ණ ටික මතකෙන් කියනව, එර්ෂාඩ් ඒක පොතේ ලියනව..

තමන්ට දඬුවම් ලැබෙන බව දැන දැනම විතරක් නෙවෙයි ඒක නිහඬව විඳගෙන යාලුවෙක් වෙනුවෙන් උදව් කරන්න ඉදිරිපත්වෙච්චි ඒ උතුම් ගතිය ගැන මම හැම පන්තියකම ළමයින්ට කිව්ව.

"ඇතතටම ඔබ තුමා ආඩම්භරවෙන්න ඕන මෙහෙම වටින දරුවෙක් ඉන්න එක ගැන...."
.
.

මං හිමීට කණ්නාඩිය අස්සෙන් ආපු කඳුලු බින්දු ටීචර් ඉස්සරහම පිහිදගත්ත..


ප/ලි.

ඔය උඩ පින්තූරෙ තියෙන්නෙ පුතා පහුගිය අවුරුද්දෙ ලැබුන ලොකුම ඇගයීම. 

Winner of the General Proficiency Award - Grade IV

LinkWithin

Related Posts with Thumbnails