“කෝ පුතේ උඹේ බ්‍රැන්ඩි බෝතලේ” කියාගෙන අපේ කන්තොරුවට ගොඩවී මා ඉදිරිපස හිඳ විමළසේන නම් වූ අපේ ආයතනයෙ කෝකටත්
තෛලය කොහිදැයි සෙවූ අමරෙ අංකල්
නොහොත් අමර හේවා මද්දුම මහතා ඊයෙ නික්ම ගොස් ඇත.
අමර හේවාමද්දුම මහතාගෙ අයියාගේ පුතා වූ නාලක සමඟ ඔහුගේ ආයතනයේ
රාජකාරි කල කාලයේ මට හමුවී පසුව පවුලේ හිතවතකු වූ අමරෙ අංකල් මට හමු වූ ඉතාම සුන්දර
මිනිසුන් කිහිප දෙනාගෙන් කෙනෙකි.
මාතර නූපේ ගොවි පවුලක උපතිස්ස සහ ධර්ම යන දෙබෑයන්ට මැදිව
ඉපිද පරිපාලන ලොව දික් විජය කල මේ සොඳුරු මිනිසාගේ දින ගනනක් කියන්නට තරම් වන රස කතා, අතීත ඕපාදූප, ඉතිහාස කතා සහ දේශපාලන සිද්ධිවලින් ගහන මතක පොත ඇවිස්සීමට හොඳම ක්‍රමය තරමක්
කෝප ගැන්වීම බව මා සොයාගත්තේ ඔහු අප හමුවන්නට ආ මුල් කාලයේදීමය.
අමරෙ අංකල්ගෙ කතා මල්ලෙහි එවකට රට කරවූ ලොක්කන්ගේ නොයෙක්
පුද්ගලික තොරතුරු විය. ඔහු ඉතිහාසය පිළිබඳ උපාධිදරයකු නිසාම නොව, වඩා පොත පත ගවේෂනය කරන්නකු නිසා ඉතිහාසයෙ
අඳුරු තැන් පිළිබන්ද තමාගේම විවරන තිබිනි. එමෙන්ම පාලි සිංහල, ඉන්ගිලිසි සහ සංස්කෘත මැනවින් හසුල භාෂා
පරමේශ්වරයෙකු විය.
අමරෙ අංකල් දක්ෂ පරිපාලකයකු, හොඳ දිසාපතිවරයකු වීදැයි මම නොදනිනිමි.
එය දන්නේ ඔහුගේ සමකාළීනයන් සහ සේවය ලබාගත්තවුන් පමණි. එහෙත් ඔහු හා ඇසුරු කල කාලය තුල
මා හඳුනාගත්තේ අමර හේවාමද්දුම යනු අද රජයේ ඉහල නිළධාරියකුගෙන් දැකිය නොහැකි තරම් පුළුල්
දැණුමකින් හෙබි, ඉතාම සොඳුරු සහ
අහිංසක නිර්ව්‍යාජ නියම මාතර මිනිහකු බවයි.
ඒ සියල්ලටම වඩා පොඩි එකෙකු මෙන් රසවත් කතා කියමින් විනෝදකාමියකු
විය. අමරෙ අංකල් 90 දශකය මුල වනතුරුම පාවිච්චි කලේ 5 ශ්‍රී පර්ජෝ කාරය වූ අතර ඉන්පසුව කුඩා
ටර්සෙල් රථයකට මාරු විය. කළුබෝවිල නිවසේ තම ප්‍රාණ සම බිරිඳ සමඟ පසුව තනිවම විසූ අමර
හේවාමද්දුමයන් ඉතාම විශාල සහ අනගි
පුස්ථකාලයකට හිමිකම් කීය. ඒ අනගි පොත්ගුලෙහි ඉඳ හිට පහස ලබන්නට දුලභ අවස්ථාවක්
ලද කිහිප දෙනාගෙන් එකකු වීමට මටද භාග්‍ය ලැබුනි. එහෙත් මේ වටිනා මිනිසාගේ තරම නෝතේරුනු
ඔහුගේ පසු පරපුර ඒවාට කුමක් කරාවිදැයි ඇසිය යුත්තේ දෙවියන්ගෙනි.
අනුරාධපුරයේ දිසාපති,
ලංගම සභාපති, අධිකරන අමාත්‍යාංශයේ උපදේශක යන මොන තනතුරු දැරුවද, පාසැල් කාලයෙන් පසු විසුවේ ගමෙන් පිටම
වුවද ඔහුගේ දෙඩුම ඔහේලැයි මක්කටෙයි බසින් මිස සමහර දිසාපති හාමුදුරුවරුන්ගේ උද්දච්ච
කැඩුණු සිංහලයෙන් නම් නොවීය.
ඔහු මා ඉදිරිපස හෝ මට එහා මේසයේ සිටි නාලකගේ බිරිඳ ඉදිරිපස
හිඳ ගත්විට ඒ පසුපස ගොඩ වදින්න විමලේ "සර් තෙකක් ගේන්නද" යැයි විමසන්නේ උවමනාවට
වඩා පුරුද්දට මෙනි. "ඔව් ඔව්, මේ ලංකාවෙ හැම ගෑනිම මට දැන් තේ හදන්නෙ සීනි නැතුවනෙ, ඒ නිසා උඹවත් සීනි දාපු තේකක් ගෙනෙන් බං"
යයි සුපුරුදු ලෙංගතු ස්වරයෙන් කියමින් පසුව විමලේ ගෙනෙන රසවත් තේ කෝප්පය තළු මරා රසවිඳ
තරමක් වෙලා අප පිනවමින් රස කතා කියා පිටව ගිය ඒ සොඳුරු මිනිසා අද සදහටම නික්ම ගොසිනි.
අතිශය ඉන්දියානු විරෝධියකු වූ මා හට ඔහුම කී පරිදි තමන් ලංගමයේ
සේවය කරන කල දුටු ඉන්දියානු කුවේරයන්ගේ ජීවිත ලොව අන් කවර රටකවත් ධනවතකුගේ ආඨ්‍යට සමකල
නොහැකි බවත්, එනිසා තම එකම පැතුමද
එවන් මැඳුරක යළි ඉපැදීම බවත් ය.
තමා දකින්නට එනවානම් ඉහල ගනයේ බ්‍රැන්ඩි බෝතලයක් රැගෙන මිස
නො එන ලෙස තරවටු කර පසුව ගෙන ආවිට බියර් බෝතලයක්වත් භාර නොගන්නා, අවංකව රාජකාරියෙන් කීර්තියට වඩා යමක් උපයා
නොගත් ඒ සොඳුරු මිනිසාට පැතූ සුව පිරි නව ආත්මයක් පතමි!
අමරෙ අංකල් නොහොත් රටම හැඳිනූ අමර හේවාමද්දුමයන් ගැන රස කතා
සහ කියුම් බොහෝ ඇති මුත් ලියන්නට කාලයක් නැති කම පරහක් වී ඇත. මේ ලියා ඇත්තේ ඔහුගෙන්ඇසු එක රස කතාවකි. මෙයට වඩා රසවත් තව බොහෝ කතා එතුමන් නොකියාම රැගෙන ගොස් ඇති බව මා
දනිමි. වියෝවක දුක එයයි.
අමරෙ අංකල්, අපි ආයි හම්බුවෙමු!
අමරෙ අංකල්ට උපහාරයක් වෙන්නට ඒ රස කතා ඉදිරියේදී ලියවේවා.
ReplyDeleteවරදක් නොකරන හිත හොද උන් එක තැනක දී හමුවේවි.. !
මේ දවස්වල නං යමරෙට බිසී. මොකද මම බ්ලොග් ලියන්නෙ කන්තෝරු කාලෙ නිස වැඩ වැඩි නම් නෝ බ්ලොග්. ඒකනෙ උත්තර දාන්නත් පමා.
Deleteහිත හොඳ උන් හම්බුවේවි, ඒක ඇත්ත.
එයා ගැන මාත් අහල තියෙනවා හොඳ පරිපාලන නිලදාරියෙක් කියල . මම පොතක් කියෙව්ව කෙනෙකුගෙ එයාගෙ වාසගම තියෙන. ඒ පුතාද දන්නෙ නැ.
ReplyDeleteහොඳ මිනිහෙක් නිසා ඔහු හොඳ ලෝකයකම ඉපදේවා කියල ප්‍රාර්තනා කරමු.
ඔයා කියෙව්වෙ නාලක හේවාමද්දුම කියන නමින් ලියපු පොතක් නම්, ඒ අමර අංකල්ගෙ අයියගෙ පුතාගෙ පොතක්. අමර හේවාමද්දුම සහ නාලක හැර ඒ පවුලෙ අනික් අය මම දන්න තරමින් සිංහල පොත් ලියල නෑ.
Deleteපුද්ගලිවකව අබ මල් රෙනුවක් නොදැන උන්නට රූපවාහිනියෙන් පොත් පත් වලින් දැකල මගෙත් බොහොම සිත් ගත් පුද්ගලයෙක්..අපේ ගෙදර අයගෙත් ගෞරවාදරයට පත් වුන බොහොම අපුරු කතා ශෛලියක් ජීවන ශෛලියක් තිබ්බ මනුස්සයෙක් කියල දැනුන..
ReplyDeleteඑතුමාට නිවන් සුව..
මේ ඔය නාලක කිව්වෙ ටිවි එකෙ ඒ දවස් වල නිතර දැකපු බොහොම සිත් ගන්න සුලු නාලක හේවාමද්දුම ද ? ඒ අමර හේවා මද්දුම මහත්තයෙගෙ නැයෙක් ද
ඔව් ඒ නාලකයි මේ නාලකයි එකයි. ඒ නාලක කියන්නෙ ඔබ දකින කාලෙදි අවුරුදු හතලි පහක විතර "පොරක්". දැං ඉන්නෙ කැනඩාවෙ, අමර හැර ඒ පවුලෙ අනෙක් සිරා චරිතෙ තමයි නාලක. අමර හේවාමද්දුමගෙ මලයත් අයිය වගේම පරිපාළන නිළධාරියෙක්, ඒත් දක්ෂ නිසා වැඩිය කවුරුත් දන්නෙ නෑ!
Deleteඅපි කාටත් දවසක යන්න වෙනවා.
ReplyDeleteආයුබෝවන් ඉන්දික අංකල් කියාත් දිනයක ලියවේවි!
මම වෙනුවෙන් මෙහෙමවත් ලියවෙන්න හිතෙන මට තව ගොඩක් හොඳ සහ දක්ෂ වෙන්න වෙනව කකා.
Deleteමෙතුමාගේ ස්වයං චරිතාපදානයේ පහුගිය අවුරුද්දේ මට කියවන්න ලැබුණා. හරිම රසවත් තවමත් ඉද හිට ඒ පොත මම කියවනවා. ගන්න ආදර්ශ බොහෝමයි
ReplyDeleteඑතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා
එතුමගෙ පොත් කිහිපයක්ම තියෙනව. අමර සමර තමයි රසවත්ම. එයිට අමතරව ත්‍රිපිටකය සි'න්හලෙන් ලියල නැදිමාලෙ බෞද්ධ මධ්‍යස්ථානෙ එක්ක එකතුවෙලා. පොත් සෙට් එක ගනන්, ඒත් වැඩේ මසුරං පහට කරල තිබ්බ, කොටිම්ම මැදපු කොලවල අච්චු ගහල, හම් බැම්මෙන් බැඳල, බසෙහි, මුද්‍රණයෙ වැරදි නැතුව එහෙම.
Deleteඒ මතකයන් පුළුවන් නම් ලියන්න. මමත් ඔහුගේ ළිපි ඉහළින්ම රස විඳපු කෙනෙක්..
ReplyDeleteඉඩ තීන විදියට බලමු බං. මේ දවස් වල පට්ට බිසී.
Deleteමමත් ඔහු ඔය සති අන්ත පුවත් පත් වලට ලියපු කොලම් වලින් තමයි ඔහුව දන්නේ. මමත් ප්‍රිය කරපු වරිතයක්. ඔහුට නිවන් සුව පතනවා.
ReplyDeleteඒ ලිපිපෙල මාර රසයි තමා ඩූඩ් අයියේ , මට කටහඩ අහන්න ලැබුනා එතුමා කල දේශණයක කැසට් එකකින් ( මතක හැටියට ඒක සිරකරුවන්ට කරපු දේෂනයක්)
Deleteඩුඩ්,
Deleteසූරියප්පෙරුම තරම් ජනප්‍රිය නොවුනට ඊට වඩා රසවත් කතාවෙහි, ලිවීමෙහි දක්ෂයෙක්. ඒත් ඌ එම් පී නිසා තැනක් තිබ්බෙ නෑ මේ ආන්ඩුවෙන්
ඔහු වැනි මිනිසුන්ගේ සමුගැනීම යුගයක අවසානයත් සනිටුහන් කරනවා ඉන්දික.
ReplyDeleteසහතිකවම. ගල් යට ගිහින් ගොම රිටි මතුවෙනව. ඉන් පස්සෙ මේ අතීත දක්ෂයො ගැන කියනකොට අපේ පොඩි උන් අපිටත් කියයි අතීතකාමෙන් පෙලෙනවයි කියල.
Deleteඅසා ඈතිවිදියටත් ඔබ කිවු ආකරයටත් අපුරු මිනිසෙක්
ReplyDeleteසත්තකින්ම. කට ඇති එකාට වැඩ බෑ, වැඩ ඇති එකට කට නෑ කියන කතාව බොරු කල කෙනෙක්.
Deleteඅමරහේවා මද්දුම යනු මෙරට එක්තරා යුගයක සිහංල සාහිත්‍ය සේවනයෙහි රසවතකෙි. මහරු විද්වතෙකි. සාහිත්‍ය රසකාමියෙකි.
ReplyDeleteමේ සටහන පවසන්නේ අතීත පුවතයි.
ඇත්ත. ඒ වගේම මේ සියළු ගුණාංගයන්ගෙන් හෙබි කීර්තිමත් රාජ්‍ය සේවකයෙක්. අන්න ඒකයි වෙනස.
Deleteමේ වගේ ලිපි සියයක් ලිව්වත් එතුමා ගැන කියලා ඉවර කරන්න බහ. ඒ කාලේ ගුවන්විදුලිය්ව් 'ශාස්ත්‍රීය සංග්‍රහය' නමැති වැඩසටහනට ඇවිල්ලා එතුමා කියපු දේවල් පොත්වල ලිව්වානම් තව පරම්පරා හතකට කියවන්න දේවල් අපට ඉතුරු වෙනවා. අපට අහිමි වුනේ මහා දැනුම් කෝෂ්ඨාගාරයක්. එතුමාට නිවන්සුව ලැබේවා.
ReplyDeleteඅසමි දකිමි සොයමි ලියන විචාරක
අපිට දැනුම තියෙන මිනිස්සු නැති වෙලා බයිල කියන උන් ඉතුරුවෙනව. විචාරක කියපු එක හරි.
Deleteකෝ බං මගේ කොමෙන්ට් එක...
ReplyDeleteඔය තියෙන්නෙ යකෝ උඩින් බැබලි බැබලි!
Deleteසුභ ගමන් අමරේ අංකල්.. ඉන්දික වාසනාවන්තයි ඒ තරං අත්දැකිම් ඇති රාජ්‍ය නිලධාරියෙකු හා ගැවසීමට තරම්..
ReplyDeleteඔව් දේශකය. ඒත් දුක මම යන්න හිටිය වැකේශන් එක ජුනි විස්ස ගියානම් අන්තිම මොහොතෙ හරි මනුස්සයව දකින්න තිබ්බ නේද කියල හිතෙනකොටයි ( වැඩ වැඩි නිසා නිවාඩුව කල් ගියෙත් කරුමෙට ).
Deleteඅපූරු මිනිසෙක් වෙන්න ඇති
ReplyDeleteඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා!
ඉතාම අපූරු මනුස්සයෙක්. ඒත් මිනිහගෙ දරුවො විතරක් ඒ වටිනාකම දැනන් උන්නෙ නෑ.
Deleteමමත් කාලයක් බොහොම ආසාවෙන් රිවිර පත්තරේ පළ වුණ "අමර සමර" විශේෂාංගය කියෙව්වා. නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.
ReplyDeleteඅමර අංකල් විහිළුවට කියන්නෙ කිව්වෙ "නිවන් යන්න ඉස්සෙල්ල තව රට රටවල ඉපදිල සැප ජීවිතයක් ගතකරන්න ඔනේ බං, බලහං බුදුහාමුදුරුවො අන්තිම පාරත් කරන්න තීන සේරම කරලනෙ එතනට ගියෙ" කියල.
Deleteලංකාවට ආවද? ඔබේ මුදල් ලැබුනාද?
ReplyDeleteහැබැහින් නුදුටු...වදනින් දුටු..ඒ සොඳුරු මිනිසාට නිවන් සැප ලැබේවා...!!
ReplyDeletepirunu kale diya nosale..........marayage post 1kiyawala me patthata awe ...
ReplyDelete+++
ReplyDelete