සාහිත්‍ය මාසය ඇරඹෙනවත් එක්කම සිංහල බුකි කරුවන් අතරෙ අලුත්ම රැල්ලක් හමා ගියා. මේ කවුරු කවදා පටං ගත්තදැයි කියන්න නොදන්නාමුත්, එය අනෙක් රැළි වලට සාපේක්ෂව ඉතාම සුන්දර සහ වටිනා රැල්ලක්.
"ඔබේ ජීවිතයට වඩාත්ම බලපෑමක් කල පොත් දහය නම් කරන්න"
මේ අභියෝගය සමහරු නිවැරදියට තේරුම් ගත්තදැයි සිතුන අවස්ථා සහ අවංක වූයේදැයි සිතෙන අවස්ථාද ඉඳ හිට දුටු මුත්, බහුතරය තමන්ට "බලපෑමක් සිදු කල" පොත් නම් කරත් තවත් අය "තමන් ප්‍රිය කරන/ කල පොත්" නම් කරල තිබ්බ.
මටත් ඔය අභියෝගය අපේ හිතවත් නලින් දිල්රුක්ෂ පු.ක තුමා හරහා එල්ල වුනා.
බුකියෙ විකාර මැද ආපු ඒ සොඳුරු අභියෝගය මම බාරගත්තෙ ඉතාම සතුටින්. ඇත්තටම ඒක මට මගේ ළමා කාලෙට ගිහින්, ඉතිහාසෙ මම හැරුණු, නැවතුනු තැන් ගැන හොයල බලන්න පෙළඹුව. ඒක හරිම සුන්දර අත්දැකීමක්. ඒ ඉතිහාස සාගරේ කිමිදිල බලත්දි අපි පහුකරගෙන ආපු, මිණි මුතු දාස් ගානක් අතරෙ, බොහොම අපහසුවෙන් වඩාත්ම සාධාරණ තෙරීමක් හැටියට මට සෑහෙන්න පුලුවන් පොත් දහයක් නම් කරල ඒ පොත් ලිස්ට් එක බුකියෙ ප්‍රසිද්ධ කරාම, අපේ හිතවත් හෙන්රි වර්ණකුළසූරිය සහෝදරය කියල තිබ්බ " මට හිතෙන්නෙ පොත් තේරීමේදී වඩාත් අවංක වුණ කෙනා තමයි Indika Kodithuwakku" කියල.
මේ සුන්දර පොත් නම් කිරීමෙ අභියෝගය බුකියට ගෙනාවෙ කවුදැයි නොදන්නාමුත් ඒක සිංහල බ්ලොග් වලට ගෙන ඒමේ ගෞරවය අපේ මාතලන්ට හිමිවෙනව, ඔහු අද තමන්ගෙ පොත් ලැයිස්තුව බ්ලොග් එකේ පලකිරීමත් එක්ක.
ඇත්තටම ඒක ඉතාම හොඳ ප්රවනතාවයක්. එක පැත්තකින් වෙනස් පිරිසක් අතරෙ කතා බහ කරන්න වගේම, බ්ලොග් වලට බුකියෙන් එල්ල වෙන අභියෝගයට පිළිතුරක් දෙන්නත් ඉතාම සුදුසු ක්‍රමයක්.
සාහිත්‍ය මාසෙ මාතලන් පටන් ගත්තු ඒ ව්‍යායමයට එකතුවෙන්න, බ්ලොග වලින් බුකියට උත්තර දෙන්න එකතුවෙන්න ඔන්න නැවත පලකිරීමක් උනත් මගේ පොත් ලැයිස්තුවත් වඩා සවිස්තර සටහනක් එක්කම මමත් බ්ලොග් ගත කරා.
1. ප්‍රගති වාර්ථා පොත - මේක මගේ ජීවිතේට කරේ පුදුම බලපෑමක්. අපේ ප්‍රාථමික ඉස්කෝලෙ ඉන්න කාලෙ මම මේක ගෙදර ගෙනිච්චී වීරය වගේ. මොකද හැමදාම පන්තියෙ මුල් අංක තුනෙන් එකක් මටත් තිබ්බ නිසා.
ඒත් පස්සෙ ලොකු ඉස්කෝලෙට ගියාම උනේ ඒකෙ අනෙක් පැත්ත. එතන මම වගේ නෙමෙයි වැඩ්ඩො පිරිල. උන් එක්ක නිකන් ටීචර් කියන පාඩම අහගෙන ඉඳල විතරක් ගොඩ එන්න අමාරුයි. ඒකෙන් උනේ මුල්ම අවුරුද්දෙ, ඒ කියන්නෙ හයේදි එක දෙක උන්නු එකා විසි ගණං වලට වැටිච්චි එක. ඉන් පස්සෙ කාලයක් ආඩමබරෙන් ගෙදර ගෙනිච්චි ඒ පොත, පෙරලන්න-පෙන්නන්න භයානක, දකින්න අකමැතිම පොතක් උනා.
ඒ විතරක් නෙමෙයි, ඉස්සර ලොකුවට ලකුණු තිබ්බ ගණිතය වගේ ඒවට තිස් ගනං වෙච්චි ලකුණු අසූ ගනං කරල අම්මට පෙන්නල ජීවිතේ මුල්ම පොටෝෂොප් පාඩම් ඉගෙනගත්තෙත්, ගාන වෙනස් කරාට ප්‍රතිශත වෙනස් කරන්න බැරි නිසා අම්මට බොරුව මාට්ටු උනාම, බොරුවෙන් ජීවිතේ ගොඩ යන්න ට්‍රයි නොකර ඇත්ත කියල පුලුවන් විදියට දියුණු වෙයන් කියන, අම්මගෙ කඳුළෙන් උරච්චි කරල ගිල්ලවපු ඒ වටිනා බෙහෙත ලැබෙන්නත් මුල් උනේ ඔන්න ඔය ප්‍රගති වාර්ථා පොත. ඒ නිසා මගේ ජීවිතේට බලපෑමක් කල පොත් අතරෙ හැමදාම මුලට ඒ පොත තියෙවි.
2. ලිහිණි පොත් - 50 දසකයේදී එම්ඩී ගුණසේන සමාගමේ ගුරුළුගෝමී ලාංඡනය දරා, තනි වර්ණ, රූප කිසිත් නැති කවරයකින් වැසුණු, එතරම් පිටු ගණනකුදු නැති, එහෙත් රස නොඅඩු මේ කෘති, අපටත් කලින් පරම්පරාවල කුඩා උන්ටද කියැවීම හුරුකල, අගනා රසවත් පොත් රැසකින් යුක්තය.
පසුව බොහෝ ප්‍රසිද්ධ ගත් කතුවරුන් තම මුල් පැන්සල් උල් කොටගත්තේ ලිහිණි පොත් ලිවීමෙනැයි මා අසා තිබේ. රැයිපියෙල් තෙන්නකෝන්, සයිමන් නවගත්තේගම වැන්නවුන් ලිහිණි පොත් කතුවරුන් අතර විය.
කවුරුන් කවදා ගෙනාවේදැයි නොදන්නා මුත්, අපේ ගෙදරද මෙයින් කීපයක්ම තිබුනි. ඒවායින් සමහරකගේ ඉතා රසවත් කෙටි කතාද, තවෙක අද බ්ලොග් ලිපි මෙන් ජීවන අත්දැකීම්ද, තවෙක ඉතා රසවත් උපහාසාත්මක ලිපිද තිබිණි.
එකල රට පුරා පැතිරුනු මැලේරියාව වැලඳී පවුලේ සියල්ලන්ම මිය යමින් ඇති මොහොතක, සියලු බර උසුලා සිටි එකම පුතාටද මදුරු ප්‍රහාරයෙන් බේරීමට නොලැබුනු සැටිත්, ඉන් පසු රජයෙන් දෙන ක්විනීන් සමග බොන්නට නියම කරන බාර්ලි වතුර, මෝල්ටඩ් මිල්ක් වැනි ශක්ති ජනක පානයන් මිලට ගැනුමට නොහැකි දුක්පත් තරුණයෙකු ක්විනීන් බෝතලයම විසිකොට දමා තැඹිලි ගෙඩි දෙකක්ද බී සීතල වතුර නා සිය දිවි නසා ගන්නට කල උත්සාහයම ඔහුට මැලේරියාවෙන් ගැලවෙන මගක් වීම වැනි හද තෙත් කල කතාද, එකලද බහුලව පැවති ගුප්ත විද්‍යා කරුවන්ගේ කටයුතු පිළිබඳ උපහාසයෙන් ලියැවුනුණු "පිල්ලුකොටියේ ගුප්ත විද්‍යා සමුළුව" වැනි රසවත් සහ උපහාසයෙන් නොඅඩු කෙටි කතාද වසර තිහකට පමණ පෙර කියැවූ ඒ පොත් වල පිරී තිබුනි. රචකයන් කවුදැයි මතක නැති, අද වන විට පිටපතක්වත් දකින්නට නැති ලිහිණි පොත්, ප්‍රාථමික පන්තිවල සිටි මගේ කියවීමේ පිපාසය ඇතිකිරීමට ප්‍රභලතම සාධකයක් වූ බව මට ඉතා විශ්වාසය
3. රිදී නිම්ණය - මට ලැබුනේ අපි අර නැට්ටට කිරි උරනවාය කියන, අවුරුදු දහයෙ දොළහෙ කාලයේය. සිල්ලර එළිය විනාස කරන සොයිසලාට වෛර කරත්දි, කුසලලා, ජෝතිරත්නලා මගේ ලෝකෙ වීරයො විය.
කරුණාසේන ජයලත්ගෙ දේශපාලනය මුහුකොට ලිවූ ඒ සුන්දර නවකතාවෙ චරිතයක් වෙන තරමටම මම සිල්ලර එළිය ගමේ කතාවට ආදර කලේ එය බොහෝ වාර ගනනක් කියැවීමෙනි. හරි සහ වැරදි මිනිස්සු ගැන මගේ හිතේ සැදි රාමුව මුලිම්ම ඇඳුනෙ රිදී නිම්නයෙ අකුරු වලිනි.
නමුත් මා ඒ තම් මෝහනයට පත් කරපු ඒ සුවිශේෂ කෘතියේ නම රිදී නිම්ණය බව මම දැනගන්නෙ ඊට ගොඩක් කාලෙකට පසුවය. හේතුව මා සතුවූ සිල්ලර එළිය ගමේ කතාවේ මුල සහ අග පිටු කිසිවක් නොතිබූ නිසාවෙනි. පසු කලෙක ගල්කිස්ස නාහරික පුස්ථකාල පොත් අස්සට වැද සාමාන්‍යපෙළ ගන්ධබ්බ අවධිය ගෙවන විටයි ඒ මා මෝහනයට පත කල සිල්ළර එළිය ජනදයෙ කතාව රිදී නිම්ණය බවත් කතෲ කරුණාසේන ජයලත්ය යන්නත් දැන ගන්නේ.
4. මල්ලසේකර ශබ්දකෝෂය - අපේ ගෙදර තිබ්බ ලොකුම පොත තමයි මේ.
මේ පොතේ අපි මුලිම්ම කෙරුවෙ අන්තිම පිටුවල තිබ්බ කෙටි යෙදුම් පරිවර්ථන කියවපු එක. ඒකෙන් හරි අපූරු දේ අපි ඉගෙනගත්ත. මලලසේකර ශබ්ධකෝෂය යනු මා හට ඉංග්‍රීසි භාෂාව මොනතරම් යෙදුම්, වදන් පිරිච්චි අපූරු දෙයක්ද කියන හැඟීම ඇතිකරල, එකට තිබ්බ චකිතය මගේ හිතෙන් අයින් කරන්න මූලික වෙච්චි දේ.ඒ වගේම භාෂාවක් කියන්නෙ මොනතරම් සංකීර්ණ දෙයක්ද කියන කුතුහලය ඇතිකරෙත්. ඒ නිසා ජීවිතයට බලපෑමක් ඇතිකල පොත් ගොන්නෙන් මුල්පෙලේ අසුනකට මේ පොත හිමිකම් කියනව.
5. ලෝනිගේ ශුද්ධ ගණිතය පොත - ලෝනිගෙ පොත යනු එස්. එල් ලෝනි නම් විශිෂ්ඨ ගණිතඥයගෙ කුමණ පොතදදැයි මා තවම හරියට දන්නේ නැත!
එහෙත් මෙය නිසා මාගෙ ශුද්ධ ගණිතයට යන්තම් හෝ තිබූ උනන්දුව හේදීම ගියා බව විශ්වාසය. එයට වගකිවයුත්තේ ඒ වටිනා පොතෙහි කරුණු නොව, එය වැරදි අයකු අත පත්වීමය. එකල අප උසස්පෙළ පන්තියෙ ශුද්ධ ගණිත ගුරු, මා උසස්පෙල හැදෑරූ පාසැලේ උපවිදුහල්පති තැන්පත් මාරයා නම් ලද එතුමන්ට "ලෝනිගෙ පොතෙ" බයිබලයක් වූ නිසා පසුව අප විසින් ඔහුවම "ලෝනි මහතා" ලෙස බෞතීස්ම කෙරිනි.
සුන්දර ගණිතයෙහි ගවේෂනාත්මක හැකියාවන් වර්ධනය කරමින් ගැටළු විසඳනවා වෙනුවට එතුමන් කලේ ලෝනි මහතාගේ පොතෙහි ඇති පිළිතුර පිටපත් කර දීම හෝ එයට සමපාත වන පිළිතුරක් නොවෙන තැන වැරදි යැයි නම් කිරීම විය. එකල ගණියතයට යන්තම් දක්ෂ අප වැනි අයට ඔහුගේ මේ විකාරය පන්ති වර්ජනය කිරීමට කදිම හේතුවක් සපයා දී තිබිනි. එහි අවාසනාව නම්, තම පන්තිය පමණක් වර්ජනය කිරීම නිසා "ලෝනි මහතා" අප කෙරෙහි ඇතිවූ අප්‍රසාදයෙන් සිටීම හා අදාල වන හෝ නොවන සියළු විනය චෝදනා මේ "ඇස් ඇල් ලෝනිට" බියේ පැන යන්නන් මත දමා ගැසීමයි.
මෙහි අවසානය ඉතා කණගාටුදායක වූ අතර, ඉතා හොඳ "මිනිසෙකු" වූ "ලෝනි මහතා" නිසා අර තරම් වටිනා "ඇස් ඇල් ලෝනිගෙ" "නම නොදන්නා" ශුද්ධ ගණිතය පොත ජීවිතයට ඉතා විශාල බලපෑමක් කල කෘතියක් බවට විය.
6. සිංහල සාහිත්‍ය පොත 10/11 වසර- සාහිත්‍ය රසවින්දනය ගැන මුල්ම අත්පොත මෙය විය.
නළ දමයන්ති, සද්ධර්මරත්නාවලිය වැනි ගද්යද, ගුත්තිලය සහ අය්යනායක වැනි පද්‍යද රස විඳින්නට,මුසපත් කරන්න හේතු වූ ඒ අපූරු කෘතිය සහ එය අපට පහදා දුන් පීබී දිසානයක නම් ගුරු දෙවියන් අප මේ ලියන කියවන සෑම දෙයකම හොඳක් වෙත්නම් එහි සම හිමිකරුවෝ වෙති.බ්ලොග් ලියන කියන අප සම වයස් බොහෝ වෙත් හෙයින් මේ කෘතිය ගැන වැඩි විස්තර අමුතුවෙන් කියාපෑමට මහන්සි විය යුතු නැත
7. බාලදක්ෂ ලොග් පොත - ලොග් පොතක් යනු කුමක්දැයි හඳුනා ගත්, පිලිවෙලකට කාලයක් පුරා ලියූ සහ පරෙස්සම් කරගත් ජීවිතයෙ එකම පොත මෙය විය.
ජීවිතයෙ ඉතාම සුන්දර වූ අත්දැකීම් සහ කිසි දිනක කල් ඉකුත් නොවෙන දැණුමකින් පිරි, ශිෂ්‍යයෙකු හට අනිවාර්යෙන්ම තිබිය යුතුයැයි මා විශ්වාස කරන මෙය මගේ ජීවිතයට සිදුකල බලපෑම අති විශාල විය. අදටත් නිවාඩුවට මගේ පැරණි පොත් පෙට්ටියෙන් එලියට ගෙන පිටු පෙරලන විට මා ඒ අතීතය හරහා ගෙනගොස් සිහිනයක අතරමංකරවන අපූරු කාළයන්ත්රය! මේ ලැයිස්තුවට එක් කිරීම එයට මා කල ගෞරවයක් ලෙසද සිතනෙමි.
8. ගුණසේන සිතියම් පොත - රුපියල් පණහකට අසූ අටේදී පමණ අම්මා මිලට ගෙන දුන් මේ පොත හිමිකරුවෙකු වීම ආඩම්භරයට කාරනාවක් වූයෙ එකල එය අපට විශ්වකෝෂය වූ නිසාවෙනි. කිසි දිනෙක අසා නොතිබූ රටවල් පමනක් නොව, ආහාර බෝග වගාවන්ද, සත්ව පාලනයද ලොව පුරා ව්‍යාප්ත වූ ආකාරය ඉතා සරළව දක්වා තිබූ මේ සුන්දර වෛවර්ණ පොත් රාජයා, අපට ලෝකය මුලින්ම විවර කර දුන් කවුළුවයි.සිත් රූ අඩවියේ රුක්ෂිලා සොයුරිය බුකියේ කියා තිබූ ලෙසට, ද මෙන් ටැබ් සහ ෆෝන් නැති එකල මෙය අපට දැණුම පමණක් නොව "සියයට ගනින්නට පෙර රටක් සොයමු" වැනි ක්‍රීඩා සඳහාද, රට රටවල කොඩි සෙවීමේ තරඟ සඳහාද මෙවලමක් විය.
9. මගේ සරසවි සහ මිනිසුන් අතර කෘති ද්විත්ව. - ගෝර්කිගේ ජීව්ත කතාව ඇසුරෙන් ලියැවූ කෘති ත්‍රිත්වයෙන් එකල මට ලැබුනේ මේ ද්විත්වය පමණි.
සැබැවින්ම මේ කෘති ජීවිත කතාවකට වඩා වීර චාරිකාවක් මැවීය. එය මට එකල කියවන්නට ලැබුනු ඉතාම උසස් නිමාවෙන් යුතු වූ පොත් අතරින් මා සිත් ගත් එකම කෘතීන් කට්ටලය විය. එකල රතු කමිස කාරයකු වූ අය්යා විසින් ගෙන ආ ලෙනින්ගේ වෙළුම් වැනි මෙලෝ දානයක් නොතේරෙන පොත් වලට වඩා මේවාගේ සිටි තරුණයාගේ ජීවිතය මා තුල විශ්මයත් රුසියාව නම් විශාල දේශයට ආදරයයක් සහ අශාවක් ඇති කරන්නටත් හේතු විය. සැබැවින්ම මට මතක ඇති ඉතිහාසයෙ මුල්ම සුන්දර රුසියානු කියැවීම් වන "මගේ සරසවි සහ මිනිසුන් අතර" යනු ලෙනින්ගේ වෙලුම් වලට වඩා රසවත් බෝහෝ රුසියානු පොත් ඇති බව දැන ගැනීමටත්, ඒවා කියැවීමටත් මා පොළඹවන ලදින්, මා හට බලපෑමක් කල කෘති ගොන්නට මෙයද ඇතුල් විය යුතුමය.
10. ඉතිරිකිරීමේ පාස් පොත - මේ එකල අප සතුව තිබූ වටිනාම පොත වූ අතර ධනපතියකු වීමේ හීනයේ මුල මෙය විය.
නැවත වරක්, නලින් සහ මාතලන්ට ස්තූතියි මේ පොත් අභියෝගයට මට දුන් උත්තේජනයට!

මේ පෝස්ට් එක කියවලා මම පුදුම රහක් වින්දා.. ඒක මොකක්ද කියලා වච්නයකින් විස්තර කරන්න බැරි තරම්..
ReplyDeleteඋඹට ස්තූතියි ඉන්දික.. මට විග්රහ කරන්න පුළුවන් උනොත් පස්සෙ ලියන්නම්.. නිකං බ්ලොක් උනා වගේ එකක් උනා..
තෑන්ක්ස් මාතෙ. මේක දිග වැඩි වෙච්චි නිසා මම හිතුව නීරස වෙයිද කියලත්.
Deleteගොඩක් දෙනෙක් විඳපු බව පහල කමෙන්ට් වලිනුත් දැණුන. ඒ ප්‍රීතියෙ කොටසක් උඹටත් අයිතියි!
ලෝනිගේ ශුද්ධ ගණිතය පොත, නඩරාසර් ගේ මුලික කලනය(නම මතක විදියට) ශුද්ඩ ගණිත ගුරුවරුන්ගේ බයිබල්.
ReplyDeleteඇයි ජීවිතේ වෙනස් කල පාස් පේපර් පොත් අමතක වුනාද?
අපිනම් කලේ ව්‍යවහාර ගණිතය. මෙන්න ගණන් ප්‍රහාරයක්.
මාතලන් පලකල චානුක වත්තේගම ගේ කැත බොරුව
පාස් පේපර් පොත් කිව්වම මුලිම්ම මත් වෙන්නෙ "සතර ශිශ්යත්ව පොත".
Deleteමම දැක්ක ඒ පොතේ කතාව, එන්නං යමක් කියල යන්න.
පෝස්ට් එක හොඳයි ඉන්දික.මාතෘකාවත් ලස්සනයි.අකුරු වැරදි හදාගත්ත නං තවත් හැඩයි.
ReplyDeleteමගේ යාලුවෙක් හරි වැරදි පෙන්නල මලා
Deleteහැලපප්පා බහුශ්‍රුත පඬිතුමා බව හැමෝම දන්නවා නෙව , ඒත් මේ වගේ සුන්දර පෝස්ට් එකකදීත් තමුන්ගේ ලොකුකම පෙන්නන්න ගිහින් බෙට්ටක් නොදා ,හරි හමන් කමෙන්ට් එකක් දැම්මනම් නේද වටින්නේ .
Deleteස්තූතියි හැළපෙ. මම ටිකක් හදිසියෙ ලියල දැම්මත් පුළුවන් තරමින් වැරදි හැදුව. තම නැණ පමනින් කියනවනෙ බං. අඩුපාඩු අඩු බසේ රස දැනෙන පෝස්ට් ලියන්න මාත් අසයි, ඒත් අපිට ඔයින්ද ඩියුලක්ස් බල්ලො.
DeleteAnonymousSeptember 11, 2014 at 5:30 AM, මම හිතුවෙ උඹව හයිජැක් කරල මැරුව කියල පැරාගෙ සයි එකේ ඇනෝ සෙට් එක.
AnonymousSeptember 11, 2014 at 7:18 AM, එහෙම කියන්න එපා බං, ඒක් ඌ හිතවත් කමට දීපු උපදෙසක්. මුකුත් නොකිය නොඩැක්කවගේ යන සිය ගානක් අතරෙ හැලපෙල උඹල වගේ මොනාම හරි කියල දෙන උන් නිසානෙ මේක කරන්න හිතෙන්නෙ. ("බහුශෘත" මෙහෙමද ලියන්නෙ?)
ඇනෝ@7.18 AM
Deleteඅනේ බං බහුශ්‍රැත කියල ලිව්ව නං මසුරං
@AnonymousSeptember 11, 2014 at 5:30 AM-
Deleteඅර එඩ්වඩ් මල්ලවාඅරච්චිගෙ චාතුර්ය පොතෙ ඉන්නෙ කොල්ලෙගෙ කෙන්දරෙ ගැනි මැරෙනව කියල තිබුන වගෙ බොගෙ කෙන්දරෙත් යාලුවො මැරෙනව කියල තියෙනවද සත්තරනේ.හොද වෙලාවට උබ අපෙ යාලුවෙක් නොවුනේ.
උඹේ FB status එකට වඩා මේ පෝස්ට් එක මාර රහයි.. මාවත් අතීතයට ඇදන් ගියා.. මොකද ඔය කියාපු පොත් බොහොමයක් ඒ කියාපු විදියටම මටත් සමීපයි..
ReplyDeleteප්‍රගති වාර්ථා පොත - උඹ කියාපුවා ඒ විදියටම වලංගුයි. පුංචි කාලෙ 1-2-3 අතර හැමදාම හිටිය එකා, ශිෂ්‍යත්වෙ පාස් වෙලා කොළඹ ඇවිත් හතේ පන්තියෙ මුල්ම වාර විභාගෙදි හත්වෙනියා වුනා. ඒ තමා මම කොළඹදි ආපු වැඩිම උඩ. ඊට පස්සෙ තව තවත් පල්ලෙහාට ගියා මිසක් උඩට නම් ආවෙ නෑ.
ලිහිණි පොත් - එමමය
සිංහල සාහිත්‍යය පොත 10/11 වසර - අපට සිංහල උගන්නපු නිලවීර මැඩම්ට පිංසිද්ද වෙච්චාවෙ. සාහිත්‍යය රස විඳින්නෙ කොහොමද කියලා අපට ඉගැන්නුව එකම ඇති එතුමියට නිවන් දකින්ට. පංතියෙ සාහිත්‍ය විචාරය ලියද්දි මාත් එක්ක හැරෙන්ටවත් එකෙක් හිටියෙ නෑ. විචාර ලියන්නෙ පිටු ගනං.
බාලදක්ෂ ලොග් පොත - මම ස්කවුටින්ග් කලේ මාස 3ක් වගේ කෙටි කාලයක්. ඒ නිසා මේක එච්චරම සුන්දර වස්තුවක් නෙවෙයි.
ගුණසේන සිතියම් පොත - එය උඹේ ආකාරමයි. "සියයට ගනින්නට පෙර රටක් සොයමු" නෙවෙයි අපි කලේ රට ඇතුළෙ නගර හොයන එක. (අඩේ රටවල් හොයන එක නිකං කජු කනවා වගෙනෙ. සීයට ඕන නෑ 10ට ගනින්ට කලින් හොයන්නං). ඔය වැඩේටම පාවිච්චි කරපු පිටු තිබුනා. උතුරු ඉන්දියාවෙ මැප් එකකුයි, තව රුසියාවෙ මැප් එකක්ද කොහෙද තමා ජනප්‍රියම.
පලි: මේ මගේ පොත් ලැයිස්තුව නොව, උඹ හා සමපාත වූ තැන් පෙන්වා දීමක් පමණි. :-)
බුර් ගෙ ලැයිස්තුව කොහෙද පල කරන්නෙ/ කර තියෙන්නෙ?
Deleteඑහෙම එකක් පල කරන්ට අදහසක් නොමැත..
Deleteබුරා, මේ උඹ ඉතිහාසෙ මගේ පෝස්ට් එහෙක දාපු සවිස්තරාතමකම, සහ දිගම කමෙන්ට් එක. මට නිළවීර මැඩම්ව සඳහන් කරන්න අමතක උනේ කොහොම්ද කියලයි මේ කල්පනා කරේ!!
Deleteඋඹ මීට කලිනුත් මැඩ්ම් ගැන මුහුදුගෙද කොහෙද සයිට් එකේ ලිව්ව නේද?
සිතියම් පොතේ මුලිම්ම හෙව්වෙ රටවල්, නගර හෙවිල්ලට සෙට් උනේ දහයෙදි විතර. ඒකට ගත්තෙ අර පිටු දෙකක් පුරා තිබ්බ ඉන්දියාව තමයි. සමහර ඒව මලාට හොයන්න බෑ. ඒකනං මාර එක්ස්පීරියන්ස් එකක්.
ඔය ප්‍රගති වාර්ථා පොතේ සීන් එක අපි වගේ "සමහර සබ්ජෙක්ට්" වලට ආස/දක්ස උන්ට කෙල වෙච්චි පොදු පොතක්.
Bura, ආනන්දෙ නිලවීර මැඩම් ගැනද කිව්වෙ? අන්න ගුරුවරු. බුරතිනොගෙ හපන්කම් ඔයාගෙ පොත් 10 අතර නැද්ද?
Delete@ Ano,
Deleteඔවු. එතුමිය තමා. අපේ 9-10-11 වසරවල පන්ති භාර ගුරුතුමිය සහ අපේ සිංහල ගුරුතුමිය.
මගේ එහෙම පොත් ලැයිස්තුවක් නෑ ඇනෝ. හේතුව, කියවපු පොත් අතරින් එහෙම 10ක් තෝරන එක හරිම අමාරු වැඩක්.
කොයි කාලෙද 9-10-11 හිටියෙ.මම 88-90 කාලෙ එතුමියගෙන් ඉගෙනගෙන තියෙනව.අපේ පන්ති භාර ගුරුතුමිය ජානකී මැඩම්
Deleteමම හිටියෙ 91-93 කාලෙ.
Deleteමේක මම අතීතයට අරන් ගිගින් අතරමන් කරපු පොස්ටුවක් ඉන්දික. ඔබේ ලයිස්තුවේ මගේ ජීවිතේට බලපෑම් කරපු පොත් කීපයක්ම තියෙනවා. අදටත් මම පුදුම ආශ්වාදයෙන් මතක් කරනවා ගෝර්කිගේ තුන් ඇදුතු නවකතාව. අම්මේ ලිහිණි පොත් කියලා වැඩක් නෑ. අගේ ඇති පොත් ටිකක් ගැන රසබර සටහනක්.
ReplyDeleteලිහිණි පොත් කියන්නෙ බලාගෙන ගියම පුදුම පොත් ජාතියක්නේද.
Deleteතිලකෙව අතීතෙට ඇදං යන්න පුලුවන් උනා කියන එක මට කරපු ලොකු අගය කිරීමක් විදියට සලකනව. ස්තූතියි!
බුකියේ දැම්ම මම කැමති පොත් දහය...:D
ReplyDeleteමගේ පොත් ලිස්ට් එක ගොඩක් දිගයි. ඒ වගේම හොඳම පොත මොකක්ද කියලා හිතාගන්ට අමාරුයි. ගොඩක් කර්තෘවරුන්ගේ මුල්ම පොත වැඩියම ලස්සණයි කියලා හිතන කෙනෙක් මම. හොඳ පොතක් හම්බ වුනාම එයාගේ පොත් හොය , හොයා කියවන පිස්සුවකුත් මට තියෙනවා. මෙන්න ඉතින් මේ වෙලාවේ, කැමති කියලා ඔලුවට ආපු පොත් දහය.
1. My Sister’s Keeper-Jodi Piccoult
2. A Thousand Splendid Suns-Khaled Hosseini
3. Miss Peregrine’s Peculiar Children-Ransom Riggs
4. Mandela-Richard Stengal
5. Prey-Michael Crichton
6. The Da Vinci Code-Dan Brown
7. Red Mist-Patricia Cornwell
8. The Shadow of Your Smile-Mary Higgins Clark
9. Twilight-Stephenie Meyer
10. Games of Thrones-George R.R. Martin :D
This comment has been removed by the author.
Deleteපොත් ලිස්ට් කරන්න මටනම් අමාරුයි එනිසා කතෘවරුන් (ඉස්සර හිටපු සමහර අය අභිබවා වෙනත් අය පැමින ඇතිනිසා මේ ලැයිස්තුව පස්සෙ වෙනස් වෙයි සමහර විට ) ( (ප්‍රියතම අනුපිලිවෙලින් නොව හිතට එන විදිහට ) (සමහර කතෘවරුන්ගේ එතරම් ආස නැති පොතුත් ඇත. මෙය සාමාන්‍ය වශයෙනි ) අම්මෝ මේක ලේසි වැඩක් නෙමෙයි. ඔන්න ඔහෙ ලියල දානව පටන් ගත්ත නිසා - කවුරුවත් නඩු දානෙ නෑ නෙ. කවුරුවත් ගණන් ග්න්නෙවත් නෑ නෙ -
Delete1. Colleen McCullough
2. Tom Sharp
3. Rene and Goscinny
4. Gerald Durrell,
5. James Herriot,
6. Bill Bryson,
7. Morris,
8. Bernard Cornwell
9. Nigel Tranter
10. Henry Treece තව ඉන්නවනෙ මොකද කරන්නෙ?
හොඳවෙලාවට පොත් නම් කලේ නැත්තෙ, ඒක ඊට වඩා දිගයි
කුමාරිහාමි සෑහෙන්න කියවනවනෙ. කණක් ඇහිල ඉන්න නැතුව ඇති උන්දැට නේද? මේ පොත්ද කුමාරිහාමිගෙ ජීවිතේට වැඩිම බලපෑමක් කල පොත් වෙන්නෙත්? මම නම් ඔය සෙට් එකෙන් එකක්වත් කියවල නෑ, අඩු ගානෙ පරිවර්ථන විදියටවත්. තව විස්සකට පස්සෙ කියවන්න ඉන්න පොත් ලැයිස්තුවට ඔයින් දෙක තුනක් දාගෙන තීන්නෙ. අනෙක්වනං ඉතිං අර මම අකමැති ජාතියෙනෙ.
Deleteප්‍රා, ඔතනින් මම දන්න සහ කියවපු එකානෙ ඉන්නෙ. ෂෙහ්, අපි බලනකොට මොනාද අප්ප කියවල තියෙන්නෙ!
Deleteපොත් නම් කරානං, තව පොතක් ගහන්න තිබ්බ, නැද්ද?
කැමති සිංහල පොත් ටික පස්සේ දාන්නම්. :P
ReplyDeleteඔව් ඔව් දැන් මහන්සියි උඩ ලිස්ට් එක ලියල
Deleteනං ටික ලියල මෙහෙම මාන්සිනං මෙයාට කියෙව්වම කෝම මාන්සි ඇද්ද? ( මක් කීව ප්‍රා, ඉස්ත්රියන්ට කියවනකොට මහන්සි එන්නෙ නෑ !!)
Deleteඇයි ඉන්දික සම්පූර්ණකරන්නෙ නැත්තෙ?
Delete" අහන් ඉන්න ඉන්න එකාටයි මහන්සි"
Pra, මහන්සියිද අහන් ඉන්න එකා හාන්සීයිද?
Deleteමගේ හිතේ මම දැක්ක හිතට වැදුනම පොත් ලිස්ට් එක මේකද කොහෙද..
ReplyDeleteයකෝ මේ පොත් දහයෙන් හිත්ට එකක් වැදුනම බරපතළ තුවාල සිදුවෙන්න පුලුවන්. විශේෂයෙන් අර මලලසේකර එක එහෙම. අර ගෑණු ළමයට ඇහුනොත් උන්දැට හාට් මොකද්ද එකක් එයි
Deleteමලලසේකරට වැඩිය ඉතිරි කිරීමේ පාස් පොතනම හිතට සෑහෙන්න තදේට වදිවි තුවලා වෙලා අඬන්නම..
Deleteමං හිතන්නේ ඉන්දිකගේ පොස්ට් එක පොත් ගැන කතාකරාට වදාදෙයක් කළා, කමෙන්ට් වලිනුත් පෙන්නේ නොකිව්වට එක්කෙනෙකුට දෙන්නෙකුට හැර අනික හැමෝම මේ පොස්ට් එක හදවතින්ම රසවිඳලා කියලා.
ReplyDeleteඑල්.එස්. ලෝනිගේ පොත ගැන මම හිතන්නේ මටත් මතක නැතිවෙලා තිබ්බේ , ඒත් මේ පොස්ට් එකෙන් ඒක මතක් වුනා . ඉන්දික ට වෙච්ච දේ අනික් පැත්ත අපිට වුනේ , අපේ නම් ශුද්ධ ගණිතය උගන්නපු රාජපක්ෂ ගුරුමහතා ඒ පොතටම හරියන පුද්ගලයෙක් , අනෙක් පාසල් වල ශිෂ්‍යයෝ ශුද්ධ ගණිතය එපා වෙලා ඉන්නකොට අපේ පාසලේ අය ශුද්ධ ගණිතයට ආස කළා, ඒ වසරේ වැඩිම සමත් ප්‍රතිශතය ශුද්ධ ගණිතය , එක විෂයක් විතරක් පාස් වෙච්ච ගොඩ දෙනෙක් පාස් වෙලා තිබ්බේ ශුද්ධ ගණිතය . ඔය වගේම තවත් පොතක් තමයි ආචාර්ය සියඹලාපිටියගේ පොත .
බාලදක්ෂ ලොග් පොත ගැන මගේ මතයනුත් එසේමයි . පදක්කමෙන් පදක්කමට ලොග් පොත පිරුණේ හිතත් එක්කම . සිතියම් පොත ගැන කතාව එමමයි .
ඊට අමතරව මගේ පුංචිකාලේ අමතක නොවෙන පොතක් තමයි හත්පෙති මල , පුංචි කාලේ ඒ පොත අවධානයෙන් ආසාවෙන් කියෙව්වනම් ජීවිතේ ගොඩක් දේවල් ආයාසයකින් තොරවම හිතන්න පුරුදු වෙනවා,
මගේ ඉතින් ප්රියතමසහ ජීවිතේට වැඩියෙන්ම බලපෑ පොත තමයි වානේ පන්නරය ලැබූ හැටි , පාවෙල් කෙනෙක් වෙන්න ඒ කාලේ උත්සාහ කරපු හැටි මැවිලා පේනවා , ආදරය ගැන මුලින්ම කියවන්නේ ඒ පොතෙන් , ආදරය කරන්න ආදරය විතරක් කවදාහරි මදිවෙන බව ඉගෙන ගන්නේ පාවෙල්ගෙයි තෝන්යගෙයි ආදරය කියවලා .
අනික් පොත් තමයි ජයසේන ජයකොඩිගේ අරලිය මල් ආරාමය පොත් ත්‍රිත්වය . මහා විසාල අභියෝග වලදී උපේක්ෂාවෙන් ඒ දිහා බලන්න ඕන කියලා හිතන්න හුරු කෙරුවේ (ඒ දේවල් ඇත්තටම පිලි නොපද්දත් ) ඒ පොත් තුන .
ස්තුතියි ඉන්දික මේ සටහනට
මම හිතුවෙ ලෝනිගෙ පොත අපේ ගුරා ගාව විතරයි තිබ්බෙ කියල. බලද්දි ඒක හෙන ප්‍රසිද්ධ පොතක්නෙ. පියෝ කියන්නෙ නිකං සම්භාව්‍ය සංගීතෙ වගේ. රස අහු වෙcචි එකා ඉතින් කිමිදෙනව.
Deleteමම වානේ පන්නරය ලැබූ හැටි පොඩි කාලෙ කියෙව්වෙ නැත්තෙ හේතු දෙකක් නිසා. එකක් ඒකෙ නම. අනික තමා ඒක සාපේක්ෂව සයිස් එකෙන් පොඩි, කොලිටිය අඩු පොතක් අර අනික් රුසියන් පොත් එක්ක බැලුවම. අන්න ඒ සරළ හේතු නිසා තමයි පොඩි කාලෙ ඕක මම නොබැලුවෙ. ඒ ලේවල් කරාටත් පස්සෙද කොහෙද තමයි අන්තිමට කියෙව්වෙ.
ජයසේන ජයකොඩිගෙ ඒ පොත් සෙට් එකේ පිච්ච මල විතරක් කියෙව්ව. අනික්ව අතෑරිය නිකං මෙගා ටෙලියක් වගේ වෙච්ච නිසා. හැබැයි සෑහෙන්න හොඳ පොත් සෙට් එකක් තමයි.
ස්තූතියි උඹල ඇවිත් මේකෙ අගය වැඩි කරල දුන්නට!!
සමාවෙන්ට ඕන ඉවාන් මම මෙහෙම කියනවට.. ඒත් මට නම් පාවෙල් කොර්චාගින් කියන්නෙ අමුම අමු මෝඩ ගොබ්බයෙක්..
Deleteඅප්පට සිරි මං මේ බයේ නොකිය ඉන්න ඒව බුරෝත්තමය ඇදල අරිනවනෙ.
Deleteගොබ්බයෙක්ද මං දන්නෙ නෑ Pavel බොහොම naïve පාටි මෑන් කෙනෙක් කියල දෙවනි පොතේ පේනව. කොහොමත් ඔය ඔක්කොම propaganda නෙ. වානේ පන්නරය , සැබෑ මිනිසෙක්ගේ කතාව, අම්මා පොඩිකාලෙ කියවල රස වින්දට, ඒ මිනිසුන් ගැන දුක හිතුනට, සමහරුන්ව අගය කලාට කවදාවත් සෝවියට් දෙශය මගෙ ප්‍රියතම රට වුනේ නෑ. ඒකාලෙත් හිතුනා මේව දේශපාලනයට සම්බන්ද කතා කියල
( ඉවාන් තරහ නොවෙයි කියල හිතනව. මන් බුර් වගේ නිර්භීත නෑ)
බුරා,
Deleteමෙහෙමයි බුරා,පාවෙල් කොර්චාගින් ගොබ්බයෙක් කියල කෙනෙක් දකින්න පුළුවන්.තමන්ගෙ අරමුණ කරා අනන්තවූ කැපවීමෙන් ජීවිත පරිත්‍යාගයෙන් ගිය වීරයෙක් කියල තව කෙනෙක් දකින්න පුළුවන්.ඒ අද අපි ඔහු දෙස අපේ ඇහෙන් බලන ආකාරයයි.කොහම උනත් පාවෙල් කොර්චාගින් දෙස අප බැලිය යුත්තේ ඔහු ජීවත්වූ කාලයට සාපේක්ෂව නොවේද?
ඒක ඇත්ත හැලපෙ. කෙනෙක් පාවෙල්ව දකින්නෙ කොහොමද කියන එක සාපේක්ෂයි.
Deleteඒත් මට නම් එයා ජීවත් වුනු කාලෙට සාපේක්ෂව බැලුවත් පාවෙල් කියන්නෙ තමන්ගෙ ජීවිතේ අසාර්ථක කරගත්ත මනුස්සයෙක්.
හොඳයි බුරා පාවෙල් අසාර්ථක චරිතයක්ය කියල මොහොතකට හිතමුකො.බුරා හිතන හැටියට පාවෙල්ට වැරදුනේ කොතනද?ඒ කියන්නෙ ඔහුගෙ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය මොකක්ද?විප්ලවය හා සමගාමීව තම පුද්ගලික ජීවිතය සාර්ථක කරගැනීම අරභයා ඔහු කළ යුතුව තිබුනේ කුමක්ද?
Deleteහුටා! මේකට උත්තර දෙන්ට දැන් ඉතින් ආයෙමත් වතාවක් පොත කියෝලා එන්ට වෙනවා. :-D
Deleteමටත් එහෙමමයි,දැන් ගෙදර ගිහිං ආයෙම පොත කියවන්න වෙනවා.
Deleteරායි, හිටහන් මාත් ඕක තීනවද බලන්න, ආයි කියෝල ඉවානයට දෙන්න ඇඬෙන්න :P
Delete@බුරා,
Delete//ඒත් මට නම් එයා ජීවත් වුනු කාලෙට සාපේක්ෂව බැලුවත් පාවෙල් කියන්නෙ තමන්ගෙ ජීවිතේ අසාර්ථක කරගත්ත මනුස්සයෙක්.//
ඒක නිසා එයා ගොබ්බයෙක් වෙනවද බූරෝ?
පොත කියවලා නැති හන්දා වැඩිය කියන්ට බෑ. නැත්නම් බුරාත් එක්ක ෆයිට් කරන්ට තිබ්බා...:P
අම්මට හුඩු මෙන්න සෙට් වෙනව නම් වලි!
Deleteපාවෙල් ගැන බුරා සහ ප්‍රා කියපු කතාවට මමත් හරය වශයෙන් එකඟයි. කියන්න ඕන හැබැයි මම අන්තිමට ඔය පොත් කියෙව්වෙ වයස 13දි විතර වගේ කියල, ඊට පස්සෙ පොතක් ඇහැට වත් දැකල නෑ. ඒ කාලෙත් මට හිතුනෙ පාවෙල් කියන්නෙ romantic idealist කෙනෙක් කියල, පොඩ්ඩක් වත් නම්ය නැති. අනෙක ෂෝලහොව් ගෙ "පෙරලූ නැවුම් පස" ට සාපේක්ෂව "වානේ පන්නරයෙ" චරිත කළු/සුදු පැතලි චරිත කියලා. (නිකන් වීරයගෙ පෙනුමත් ලස්සනයි දුෂ්ඨයට වඩා වගේ - මට හරි උදාහරණ දෙන්න මතක නෑ).
උඹලට මතක ඇති කොර්චාගින් කියන්නෙ ඇත්තටම ඔස්ත්‍රොව්ස්කි. ඔය කතාව සියේට සීයක්ම ප්‍රබන්ධයක් නෙවෙයි. ඉතින් පොරගෙ වේදනාව චරිත ගැන ලියපු දේට බලපාන්න ඇති.
හැලපේ, හැලපෙ ට මතක ඇති ඔය වගේම inflexible චරිතයක් වුනු මකාර් ව ෂෝලහොව් කොච්චර සාධාරණව පේන්ට් කරනව ද කියලා. මට නම් වානේ පන්නරයෙ ප්රචාරක ගතියත් පොඩ්ඩක් වැඩියි.
ඔය වගේම මට දිරෙව්වෙ නැති කතාවක් තමා ලංකාවෙ පට්ට ජනප්‍රිය ගුරු ගීතය.
මම කියන්නෙ රොමැන්ටික් අයිඩියලිස්ට් කෙනෙක් වීම නරකයි කියන එක නෙවෙයි, ඒත් සමහර විට වැඩක් කරන්න ගියාම රොමැන්ටික් අයිඩියලිස්ට්ලා "ලෙඩා මලත් කමක් නෑ අපේ ප්‍රතිපත්ති වලට එකඟව බඩ හරියටම සුද්ද වෙන්න ඕන" වගේ අන්ත වලට යන්න පුලුවන්.
ප්‍රොපයිල් ඇනෝ,
Deleteපෙරලූ නැවුම් පස අතිශය සාහිත්‍ය වටිනාකමක් ඇති කෘතියක්.එයත් එක්ක වානේ පන්නරය සංසන්දනය කරන්න වත් බැහැ මන්ද වානේ පන්නරය තරමක ප්රචාරකවාදී කෘතියක්.පාවෙල් ගැන අනුකම්පාවක් පාඨකයා තුළ ඇතිවන්නේ විප්ලවය කෙරෙහි ඔහු කරන අසීමිත කැපවීම නිසායි.
නමුත් ෂෝලහොව් ගෙ මකාර් කොතරම් දැඩි පුද්ගලයෙක් වුවත් අතිශය ආදරණීය චරිතයක් ලෙස පාඨකයාගේ ආදරයට ලක්වන ලෙස කතුවරයා සිතුවම් කරනවා.
ගුරු ගීතය සටහනට ඔබත් එක්ක එකඟයි.ඒක පිටු කීපයක කතාවක් නිසා ලංකාවෙ ඔපමණ ජනප්‍රිය වුනා කියලයි මගෙ අදහස.
අපි හැමෝටම බලපෑම් කරපු පොත් දෙකක් තමයි "මහින්ද චින්තනය සහ මහින්ද චින්තන ඉදිරි දැක්ම"
ReplyDeleteමාත් ලියනව මගේ ලිස්ට් එක.
ඔව් තංගල්ලෙ උඹලගෙ ජීවිත වෙනස් කරපු පොත ඒක තමා, අන්තිමට මාර පොතක් විදියට පෙරලුවෙ. ලිව්ව වගේ නෙමෙයි ඕන් සම්පත්ගෙ සුදු වෑන් එක ආවොත් එහෙම පුතේ!
Deleteපට්ට ඈ....
ReplyDeleteමේ පොත් අභියෝගයට විස්තර කිරීමකුත් එක්ක ලෙසටම ලියල තිබ්බ පොස්ට් එක්ක කියල කියන්න පුලුවං...
මේං මං බුකියෙං අහුලපු එකක්...
කූපන් පොත-කර්තෘ නොදනී (මේක තිබුනෙ නැත්නම් පොඩි කළෙ කාල හමාරයි)
2.සිංහල මුල් පොත-අධ්‍යාපන දෙපාර්තමේන්තුව (මගේ කියා මට ලැබුනු මුල්ම පොත)
3.ජෝතිපාලගෙ සින්දු පොත(ට්‍රිප් යනකොට එහෙමසින්දු කියන්න උදව් වුනේ මේක තමයි)
4.රසවාහිනී සඟරාව (මුලින්ම කියවපු සඟරාව)
5.සමරු පොත (මිතුරන්ගේ අත්සන ගන්ඩ)
6.බාලදක්ෂ ජම්බෝරි ගීත පොත (ජම්බෝරිවල පම්පෝරි ගැසීමට)
7.කටු සටහන් පොත (කුරුටු ගෑම සඳහා)
8.දින පොත (ආඩම්බරෙන් ළඟ තබා ගැනීමට)
9.මහින්ද චින්තනය (රස විඳීම සඳහා)
10.මුහුණු පොත (කාලය කා දැමීම සඳහා)
කතෘ ආරියවංස හිටිහාමු නැමැත්තෙකි....
හිහි
මාත් දැක්ක ඕක බුකියෙ. ඔය වගේම එළ සෙට් එකක් ලියල තිබ්බ මනෝරම වීරසිංහත්. ඔය හිටිහාමු කියන්නෙ, මිනිහගෙ සීය වෙන්නැ නොහිටි හාමු?
Deleteමචං උපේ... මම මෙතැනදී උඹල ඔය දාන සමහර පොත් වලට විරුද්ධයි.. අපට බලපෑම් කරපු පොත් කිව්වම මට හිතෙන්නේ කතෘ කෙනෙක් ඉන්න පොතක් දාන්න ඕන කියලයි.. පාස් පොත්, ජම්බොරි පොත් කියන්නේ පොත් වලට එහා ගියපු ක්‍රියාකාරකමක් නෙවද?? (හා හා දැං ඉතිං මඩු වලිග අරන් එන්න එපා යකෝ..)
ReplyDeleteපිස්සුද බං, එහෙමත් තලනවද? ඔන්න ඔහොමනෙ මිනිස්සු උනාම ඉන්න ඕන, හොරාට බලල යන්නෙ නැතුව "සමහරු බැනල දුවනවා" කියල සුනිල් කියන්න වගේ මොනා හරි කියන්න ඕන.
Deleteදැං උඹ පොතක් කියන්නෙ මොකද්ද කියල ඉස්සරවෙලා නිර්වචනය කරහන්, ඉන් පස්සෙ පුලුවන් දිගට කතාව ගෙනියන්න.
හැබැයි දේශා කියන කතාවෙත් ලාවට ඇත්තක් නැත්තෙම නෑ... සාහිත්‍යය මාසයට සමගාමීව මේ වැඩේ යන්නේ සාහිත්‍යය පොත් උලුප්පන්න නේ...
Deleteඒත් ඉතින් මේවත් ප්‍රශ්නද නැට්ට පිටින් අලි මැරෙන්නේ... :)
බීට, ඔය මම ගිහින් අනං මනං අහල ඕකගෙ ලිය්න ඒවට ගේම ඉල්ලනවටනෙ ඔය. හුහ්...අපි අහුවෙයි ඕවට!
Deleteමේ ලිපිය මාර රහයි බං.. හිත පුංචි කාලෙටම ඇදිල ගියා...
ReplyDeleteසන්තෝසයි අහන්නත්!! ස්තූතියි කමෙන්ටුවට. උඹෙ බ්ලොගේ පැත්තෙ එන්නත් බැරි උනා කලෙකින්.
Deleteනියම පොත් සැට් එකක් ගැන රසවත්ව ලියල තියෙන්නෙ.
ReplyDeleteශුද්ධ ගණිත පොතක්නං මට අහුඋනේ නෑ හොඳ වෙලාවට. අර සිතියම් පොත ගුණසේනද ලේක් හවුස් ද?
ප්‍රසා අහපු ප්‍රශ්ණෙට උහ්තර බුරා දෙයි ටක්කෙටම. මට මතක ගුණසේන විදියට.
Deleteගුණසේන-ෆිලිප්ස් සිතියම් පොත.. ලේක්හවුස් සිතියම් පොත ඊට වඩා පිටු ප්‍රමාණයෙන් අඩු, ගුණාත්මක බවෙන් අඩු, ගානත් අඩු එකක්..
Deleteගුණසේන ෆිලිප්ස් එකක් මා ගාව තාමත් තියෙනව. නමුත් අපි ඉස්කෝලෙ යන කාලෙනං පාවිච්චි කළේ ලේක්හවුස් එක තමයි.
Deleteමටත් මතක ලේක් හවුස් එක තමයි ඒ කාලෙ ස්ටෑන්ඩර්ඩ්.
Deleteෆිලිප්ස් ඔරිජිනල් ඇට්ලස් නම් මරු - හාඩ් කවර් එන්නෙ, සිතියම් විතරක් නෙවෙයි වලාකුළු ගැන, පොළොවෙ ඇතුල ගැන එහෙමත් විස්තර තියනව ෆොටෝස් එහෙම එක්ක.
ගුණසේන පිලිප්ස් සිතියම් පොත මුලිම්ම ආවෙ 85 හරි 86 දි හරි. එහෙනං උඹල දෙන්න ඉස්කෝලෙ ගිහින් තීන්නෙ අර අරූ සහ කකා වගේ හැත්ත ගණං වල වෙන්නැති :P
Deleteඅපූරු පොත් ලැයිස්තුව....
ReplyDeleteඅපූරු කමෙන්ටුව!!
Deleteඅතීතෙට ගියා.
ReplyDeleteලිහිණි පොත් මතක් කරපු එක ලොකු දෙයක්. ඒ වගෙම ඊයෙ කවුරු හරි ඇනෝ භවතෙක් මතක් කරල තිබුන වී ඩී ද ලැනරෝල් මහත්තය. අපේ පරම්පරාවෙ ඇත්තට පොත් කියවපු එකෙක් වුනා නම් කියවන්න තිබුනු ලොකුම කලෙක්ෂන් දෙකක් තමා ඔය.
ලෝනි සාමාන්‍යයෙන් පිලිගත්තෙ කර්කෂ කියවන්න අමාරු පොතක් හැටියට. නඩරාසර් තමයි "ලේසි" පොත. කොහොම වුනත් ප්‍රසිද්ද පොත ලෝනි නිසා, තෑගි උත්සවේට පොත් ඉල්ලන කොට මම ඉල්ලුවෙ ලෝනි පොත. නොදන්නා කමට ඉල්ලුවත් ඒකෙන් යමක් ඉගෙන ගත්ත විතරක් නෙවෙයි පේපර් වල තියන ගනන් හැදීමෙන් පියෝ ඉගැන්වීම ස්ටයිල් එක කරගත් ගුරු තුමෙක් එක්ක තර්කයක් දිනන්නත් වතාවක් පුලුවන් වුනා. (එතුමට අපහාසෙකට කියනව නෙවෙයි අපි මේ තැන් වල ඉන්නෙ ගුරුවරු නිසා)
සිංහල සාහිත්‍ය පොත ගැනත් එකඟයි. ඒ පොතෙන් ඇත්තටම ලොකු සේවයක් වුනා ප්‍රොපර් සාහිත්‍ය රස වින්දනය කියන්නෙ මොකක්ද කියන එකට පොඩි උන් ගෙ ඇස් අරවන්න.
සිතියම් පොතේ ඔය සෙල්ලම් අපිත් කරනව. මට මතකයි පිටු දෙකක් පුරා තිබ්බ පත ලංකා සිතියමේ ආණමඩුව තිබුනෙ පොතේ පිටු දෙකක් අහු වෙන දාරයක් අස්සෙ.
හොඳම පොත් දහයක් ගැන කතා කරන එක නම් ඇත්තටම කියවන මනුස්සයෙක්ට ප්‍රායෝගිකව කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඊට වඩා ලේසියි කතුවරු දහ දෙනෙක් ගැන කතා කරන එක, නැත්නම් උඹ/මාතලන් කරා වගේ මාතෘකාවට අදාල නැති නොස්ටැල්ජික් දේවල් කතා කරන එක.
තව එකක්, සුන්දර නිහතමානි හරි කවුරු හරි කෙනෙක් කියල තිබුන (පොර ගෙ තාත්ත ලාල් ප්‍රේමනාත් ගුණසේන එකේ මැනේජර් කෙනෙක්) මලලසේකර එකෙන් ගුණසේනල කොච්චර හම්බ කළත්, කතෘ ට දීල තියෙන්නෙ රුපියල් එක්දාස් පන්සීයක් ද කොහෙද කියල.
ReplyDeleteමළලසේකර උන්නැහේ අවංක සිංහල බෞද්ධ නායකයෙක් වුනත් බැන්දෙ සුද්දියෙක් :) (අපහාසෙකට කියනව නෙවෙයි)
අතීතෙ රවුමක් ගහල එන එක මොන තරං සුන්දර දෙයක්ද. ඔය ලෝනිගෙ පොත් හෙන සෙට් එකක් තිබ්බ නේද? මට ඕක වැරදි පැත්තෙන් අහුවෙච්චි එක හරි අපරධයක් කියල තාම දුක් වෙනව. ඒ කලෙ මාරෙ සර්ගෙ පිට දාල මාරු උනාට වැරැද්ද අපේම තමා බං. ඒත් ඉතිං තේරෙනෙකොට කෝච්චියත් ගිහින් ගේට්ටුවත් ඇරල.
Deleteඔය ලැනරෝල් ඉතිහාසෙ උඹ අහල ඇතිනෙ. ඔක්කොම කට්ටිය එන්නෙ ප්රංසෙන් ආව ලැනරෝල්ගෙන් කියලනෙ කියවෙන්නෙ. ඔය පවුලෙ අපි හොඳටම දන්න, ඒත් ලැනරෝල් කියල හුඟක් අය නොදන්න කෙනෙක් තමා ඇන්ජලීන් ගුණතිලක.
ඩික්ෂනරියෙ කතව මන් අහල තිබ්බෙ නෑ. ඒ ගැන මුකුත් හෝඩුවාවක් තියෙනවද කියල බලන්න නෙට් එක පීරනකොට මේක දැක්කෙ. මොන හේතුවක් නිසා හරි, සන්න කරල තීන්නෙ මාර වැඩක්. අනික් පැත්තෙන් මිනිහට "පාඩු" වෙච්චි එකම බිස්නස් එක වෙන්නත් පුලුවන්.
ඔය මලලසේකර උන්නැහෙගෙ සුද්දි අප සිංහල කුළ කාන්තාවන්ට වඩා බොහොම වැදගත් බොදු කුළ කතක් උනාය කියල මට අමරෙ අංකල් කියල තීනව ;-)
සන්නා කරපු දේ ගැන මෙහෙම දේකුත් තියනව, කරුමෙට වගේ මට මූලාශ්‍ර පෙන්නන්න බෑ පරන කතාවක්.
Deleteසන්නා ඒ ලෙවල් ප්‍රශ්න පත්තර හොරකම් කරා කියල බොහොම බරපතල චෝදනාවක් කළා රාවයෙ, (මට මතක හැටියට සිරිල් එඬේරමුල්ල මුල් වෙලා) ඒ චෝදනා බැලූ බැල්මටම සාධාරනයි. ඔය වලිය ඇවිලිලා ගියා. නොයෙක් ලොජිස්ටික් හේතු නිසා මට ෆලෝ කරන්න වුනේ නෑ.
පස්සෙ කාලෙක මගෙ යාළුවෙක් කිව්වා ඔය සිද්දිය වෙලාවෙ සන්නව සුද්ද කරන්න මාර කඩේ යාමක් ගියා ගම්ලත් කියලා. මේක ඇත්තද දන්නෙ නෑ. හැබැයි මගේ යාලුව ඕක මට කිව්වෙ ගම්ලත් ගෙ ඩික්ෂනරිය ගහන්න සන්න ස්පොන්සර් කරා කියල මම කිව්වම. (එතකන් පොර ඒක දැනං හිටියෙ නෑ.)
සිද්දියෙ අග මුල හොයා ගන්න මමත් ඉන්නෙ පුළුවන් දවසක මේ පොත හොයං කියවන්න.
ගම්ලත් ගැනත් මගේ පමණට වැඩි ගෞරවයක් නෑ, විශේෂයෙන්ම පියසීලි ඇන්ටි එක්ක වලිය වෙලාවෙ හැසිරුණු සක්කිලි තග් ඇටිටියුඩ් එක නිසා.
මචං, ඔය පොත සහ සන්නගෙ ප්‍රශ්ණ පත්තර සීන් එක මටත් මතකයි. ඒත් මම හිතන්නෙ නෑ ඌ එහෙම හොරකමක් කරා කියල. හේතුව, ඔය සිංහල වල අර පොතේ මේ පොතේ විචාර වගේ ටිපිකල් ප්‍රශ්ණ තමා නිතර කැරකිල එන්නෙ. සන්නගෙ කරුමෙට උගෙ ගෙසින් කීපයක් ඒ පාර එකට වැඩ කරා වෙන්න පුලුවන් ( මේ ලඟදි මට ඔය සිත් රූ බ්ලොග් එක ලියන රුක්ෂිලා කිව්ව එයා ඉතිහාසෙ උගනපු ලමයින්ට දීපු ප්‍රශ්ණ 4ක්ම ඇවිත් තිබ්බලු එහෙමම. මැත්ස් වලට වාඩා කටපාඩම් සබ්ජෙක්ට් වලදි එහෙම වෙන්න තීන චාන්සස් වැඩියිනෙ )
Deleteඅනික සිරිල් එඬේරමුල්ල කියන්නෙත් සිංහල ගුරුවරයෙක්. මිනිහගෙ වෙන අවුලකුත් තියෙන්න ඇති සන්න එක්ක. ඒකයි අන්තිමට සන්න ඔය පොත ගස්සවල, එලිදක්වන දවසෙ සිරිල්ට කතාවකුත් දුන්නෙ :-)
ගම්ලත්ට කෙල උනේ පැමිණීම හොඳ උනාට හැසිරීම අන්තිම නිසා තමයි :D
උබ කියන කතාව ඇත්ත වෙන්න පුලුවන්. අනික ආට්ස් ප්‍රොෆා ල කටපාඩම් කරපු දේම රෝල් කරනව කියල චෝදනාවකුත් තියනව නෙ.
Deleteශබ්ද කෝෂ ගැන කියනව නම්, ලක්ෂ 500ක් වියදම් කරල ශබ්ද කෝෂයක් ප්‍රින්ට් කරන එකාට "ගොන් බූරුවෙක්" මිසක් වෙන කියන්න දෙයක් නෑ කොච්චර හොඳ අදහසකින් කළත්.
වෙන දේවල් වගේ නෙවෙයි ශබ්දකෝෂ විශ්ව කෝෂ කියන්නෙ අවුට්ඩේට් වෙන දැනුම. ඒවට පොතක් ගත්තම ඒකෙ වටින කමත් කාලයත් එක්කම අඩු වෙනව. ඉතින් හොඳ මාකටිං කේස් එකක් නැත්නම් (ඔක්ස්ෆර්ඩ් වගේ), පොත ප්‍රින්ට් කරනවට වඩා හොඳයි ඉලෙක්ට්‍රොනික් ෆෝමැට් එකකින් ඩිස්ට්‍රිබියුට් කරන එක. එහෙමත් නැත්නම් කොපීස් ටිකක් විතරක් මුලදි ගහන එක. මුල විදියට කරා නම් ඉන්ක්‍රිමන්ටල් අප්ඩේට් එකක් ගන්න වුනත් ලේසි. දැන් එන්සයික්ලොපීඩියා බ්‍රිටැනිකා එක ප්‍රින්ට් පබ්ලිකේෂන් නවත්තල තියෙන්නෙ ඔය හේතුව නිසා.
ඔය ඩික්ෂනරි එකේ ගාන කීය ද? කොපි 10,000ක් ගැහුව කිව්වත් ගාන කවර් කර ගන්නත් 5000ක් වෙන්න ඕන. 5000ක් දීල ඩික්ෂනරි එකක් ගන්න තරම් සීරියස් එකා කෙලින්ම ඔක්ස්ෆර්ඩ් එකක් ගනී මොකද එහෙම එකෙක්ට බොහෝවිට සිංහලෙන් ඉංග්‍රීසි තේරුම් ගන්න ඕන නැහැ නෙ. මළලසේකර එකේ මාකට් එක ඉංග්‍රීසි ඉගෙන ගන්න උන්, උන්ට ඕන සාපේක්ෂව වෙනස් නොවෙන බේසික් වචන විතරයි. අනික ඕකෙ කවරේජ් එක කොහොමද? 'selfie', 'spooning' වගේ කන්ටෙම්පරරි ජනප්‍රිය සුලභ වචන තියද? මම හිතන්නෑ selfie එකක් කියන්නෙ මොකක්ද කියල වත් ගම්ලත් දැනං හිටිය කියල. ගම්ලත් ගෙ එක මට හිතෙන්නෙ මාකට් කරන්න වෙන්නෙ බරසාර ඉංග්‍රීසි වචනෙකට හරිම සිංහල වචනෙ ඕන කරන, (තනියම හොයා ගන්නත් බැරි?) ඇකඩමික් niche එකකට.
පොත ගහල ඉවර වෙලා විකුන ගන්න බැරි එකට මාකට් එකට බැනල හූල්ලල වැඩක් තියද?
පොර ටෝක් නොදී හිටහන් නොදන්න කම පෙන්නන්නෙ නැතුව
DeleteBinge watching, Hate watching වගෙ වචනත් ඔක්ස්ෆර්ඩ් එකේ තියෙනව ගොනෝ.
This comment has been removed by the author.
Deleteප්‍රිය ඇනෝ,
Deleteතියනවා තමයි.
Binge watching
Hate watching
ඉලෙක්ට්‍රොනික් මීඩියා වලින් පබ්ලිෂ් කිරීමේ වැදගත් කම ගැන කියපු ටික තේරුම් ගත්තා නම් මෙහෙම කුජීත වෙන්න වෙන්නේ නෑ!
ඔයාගේ මෝඩ මොලේට නොතේරුනාට මෙතන පොයින්ට් එක හැබැයි ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරියේ ඔක්කොම වචන ඇති බව නොවේ. ඔක්ස්ෆර්ඩ් වැනි පිලිගත් ශබ්දකෝෂයක **වසරේ වචනය හැටියට සලකපු තරමේ** වචනයක් වත් තනි මිනිහෙක් හැටියට ගම්ලත් ට කවර් කිරීමට බැරි වීමයි. ඒක නිසා ගම්ලත් ගේ ඩික්ෂනරියත් සදාකාලික උත්තරයක් නොවේ. ඉතින් මහ ගානක් දී ඒක ගැනීම ලොකු තේරුමක් නැත.
ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි ගන්නේ සිංහලයන් පමණක් නොවේ. ඉතින් ප්‍රින්ට් එඩිෂන් එකට උනත් මාකට් එක ලොකුයි.
මචෝ, ඔය ඩික්ෂනරිය පබ්ලිෂ් කරන එක පාඩු වැඩක් කියන එක ෂුවර් එකටම සන්න දැනගෙන ඉන්න ඇති. ඒත් ඌ ඒක කරේ මූල්‍ය වාසියකට එහා ගිය දෙයක් හිතාගෙන වෙන්න ඕන. නමුත් එතනදි ගේම වැරදුනා.
Deleteමගේ හොඳ ක්ෂේත්රයෙ හිතවතෙක් කිව්ව සන්න තනි තටුව ෆිල්ම් එකේ ඩිරෙක්ටර් විදියට නම දාගත්තෙ හඳය ඒ වෙනකොට වැඩ ඉවර කරපු ෆිල්ම් එක පෙන්නනකොට පබ්ලිසිටි වලට වියදං කරන්න ඕන ලක්ෂ 30 විතරක් දීල කියල. සන්න එහෙම කරන්න ඇත්තෙ සල්ලි හොයන්න නෙමෙයි ඊට වඩා එහා ගිය ප්‍රචාරයකට. හරියට අර බන්දුල ඒ කාලෙ ධර්මසිරි බණ්ඩාරනායකව අල්ලන් හිටිය වගේ සන්නත් හඳයව අල්ලගත්ත. සමහරවිට බන්දුලය තමන්ගෙ ෆිල්ම්ස් වල සම්මානවල කීර්තිය විකුනල පාර්ලිමේන්තු පාර සුද්දකරා වගේ සන්නටත් වෙන අරමුණක් තියෙනව කියල මම හිතනව. මිනිහ ඔය ඩික්ෂනරිය ගැහුවෙත් ඒ හින්දයි කියල ෂුවර්.
කරුමෙට වැඩේ හිතුවෙ තරන් නැගල ගියෙ නෑ. අනික සන්න ඔය ලක්ස පන්සීයක් කිව්වට මට විස්වාස නෑ. මිනිහ ඉන්දියාවෙ ගිහින් අගස්ති මාල බෙදුව එකානෙ. තව එකක්, මිනිහ කියනව අපි මේක ප්‍රින්ට් කරේ ඉන්දියාවෙලු කොලිටියට කරන්න. පබ්ලිෂින් කරන උන් දන්නව, ලංකාවට කොල ගේනකොට ටැක්ස් ගැහුවට පොත් වලට නැති නිසා, ඉන්දියාවට සීඩි එක ගෙනිහින් පොත් ගහන් එන්නෙ ප්‍රින්ටින් කොස්ට් එක අඩු කරගන්න මිසක් උලව් කොලිටියක් හින්ද නෙමෙයි කියල.
අන්තිමේ මිනිහ හිතුවෙ නැති විදියට සම්පූර්ණ ප්‍රොජෙක්ට් එකම ලොස්ට් උනා, මොකද වැඩේට හිතපු තරම් ලොකු ඇප්‍රිසියේෂන් එක නැති වෙච්චි නිසා. නැතුව උඹ හිතනවද ඌ නොදැන ගොනා වගේ ඕකෙ ඉන්වෙස්ට් කරා කියල. එහෙම කරා නං ඒ අම්මත් ගානට විකුනන සන්න වෙන්න බෑ බං :)
හැබැයි නිකන් කාලෙ වියදං කරල ඔහොම මෙලෝ වටිනාකමක් නැති ශබ්ධකෝෂයක් ලියල මලලසේකර වගේ අමරනීය වෙන්න ගිය ගමලත් නං කරේ පට්ට ගොං වැඩක් තමයි. ලෝකෙ පුරාම වම්මුන්ට තීන අවුලක්නෙ අප්ඩේට් නොවීම.
ඉන්දික අයියා ප්‍රගති වාර්තා පොතට දුන්නු විචාරය නම් ඉස්තරම්, මොනවා කියන්නද කියලා හිතා ගන්න බැහැ, මම හිතන්නේ ඔබට එපා වුනේ ඇස් ඇල් ලෝනිගේ ත්‍රිකෝණ මිතිය පොත් වෙන්න ඕන, මගේ නම් ආසම පොතක්, පොත් වලට ඔබ හදුන්වා දීම ඉස්තරම් වගේම හරිම රසවත්, මේ ලිපිය නම් ඇත්තටම රහයි.
ReplyDeleteත්‍රිකෝණ මිතිය පොත නෙමෙයි, මිනිහගෙ තිබ්බ ඇල්ජිබ්රා පොතක් අන්න ඒක. කූඹි වහනව මේ මොනිටරේට බොලා ඔහොම කියල දැන් ඉතින්.
Deleteබාලදක්ෂ ලොග් පොත.. අමතක වෙලා තිබ්බේ ආයේ හොයල ගන්න ඕන.. ස්තුතියි ඉන්දික..
ReplyDeleteජ ය වේ වා !!!!
බාලදක්ෂ නොකල එකාගෙ බාල කාලෙ අසම්පූර්ණයි :D
Deleteඇත්තටම් ආඩම්බරයි. සාහිත්‍ය මාසය වෙනුවෙන් , ප්‍රගති වාර්තා පොත, පාස් පොත වගේ ඒවා නම් කිරීම අනුවේදනීයයි. උම්බෑ කියන්න ලයිසොන් ඔනේ නැහැ නේ.
ReplyDeleteබලල, හිතෙන් බැන බැන යන උන්ට වඩා මෙහෙම හරි උඹල අදහස් දක්වල යන එක වටිනව මචෝ. ඒ නිසා උඹෙ යුනිකෝඩ් ටිකට බොහොම ස්තූතියි!
Deleteඋඹට මේක කියෝනකොට ආවෙ උම්බෑ සද්දයක් නම්, හදවත පොඩ්ඩක් චෙක් කරගනින් මචෝ, මොකද හෘදය සාක්ෂිය කපාටයක් අස්සෙ හිරවෙලා බයිපාස් කරන්න වෙන්න කිට්ටු කාලෙට තමා එහෙම දැනෙන්නෙ.
හැක් හැක් උබ ලොනිගෙ පොත් අයෙමත් මතකෙට ගෙනාව නේ.හයියො මටත් පියො නම් පෙන්නන්න බැරුව හිටියෙ.ඇප්ලයිඩ් පිසික්ස් සෙට් වෙද්දි ඔක පට්ට අවුල් වුනා නේ.
ReplyDeleteමගෙ ජිවිතෙට ඇටිටියුඩ් එකට මුතුහර මනහර සගරා දෙකනම් මාර බලපැමක් කලා.
හෙහ් හෙහ් මෙන්න තවත් පියෝ අප්රියෝ වෙච්චි එකෙක්. මොනා උනත් මට ඇප්ලයිඩ් නැගල ගියා.
Deleteමුතුහර ඇත්තටම සිංහලෙන් විතරක් කියවපු අපිට ලොකු අලුත් දැනුමක් ගෙනාව ඒ කාලෙ.
මේක කියවලා හිතුනා අනේ මටත් බ්ලොග් එකක් කියලා තිබුණා නම් මං කියවපු පොත් ගැනත් ලියන්න තිබුණා නේද කියලා.
ReplyDeleteඉතාම අනුවේදනීය කොමෙන්ටුවක් - පාඨය ඇනෝවකුගේය.
Delete"සිව්වසරක් මරදානේ" පොත ගැන මේ කවුරුත් කියල නැහැනේ.. බලන්න මුංගේ හැටි.. - කාකා, බ්ලොග් එකක් තිබුනනං කියවපු පොත් නෙවෙයි ලියපු පොත් ගැනත් ලියන්න තිබ්බා (තවත් ඇනෝවෙක්)
Deleteමට මගේ නොවන ...
Deleteමගේම බොලෝගක් තිබුනා ....
මීට ...කකා
ඇඬෙනව කියන්නෙ කකාගෙ වගේ කමෙන්ට් දැක්කම තමයි.
Deleteඅපේ බැච් එකේ හිටපු ලස්සනම සහ ධනවත්ම කෙල්ල බැඳපු එකා මේ ලඟදි මට කියනව "අපරදෙ බං මම කලබල උනේ" කියල.
Anna Balanna kaka,aththatama Obe blog eka thibunanam koitharam Apitath prayojanada kiyala.(ranjan)
ReplyDeleteකියල වැඩක් නෑ රංජන්. බ්ලොග් කාරයොත් දැං හරියට ප්‍රෙස් ක්ලබ් එක වැහුවට පස්සෙ පත්තරකාරයො වගේ සෙට් වෙන්න තැන් හොයනව.
Deleteහිතට දැනුන ලිපියක් ..මේක කියවද්දී අතීතයේ ඉඳන් මං ආසාවෙන් කියවපු ,ළඟ තබා ගත්තු ,මතකයේ රැඳුනු පොත් එකින් එක මතකෙට ආව .
ReplyDeleteස්තූතියි! හංසිගෙ ප්‍රොෆයිල් පික් එකට මොකද බව්වෙක් ඉන්නෙ?
Deleteපොත කිව්වම කොයි පොතත් අයිතියිනෙ නේද. කොළපොත ගැනත් සමහරු ලියල තිබ්බා.
ReplyDeleteඅයිත් අහල. ඇයි බං ලොක්ක ජනතාවට දාන පොත?
Deleteඔන්න මමත් ඇවිත් ගියා.
ReplyDeleteඅන්න එහෙම, නැත්තං සීයට අසූව අඩුවෙලා තියෙයි.
Deleteමේ පොත් වලින් වැඩි හරියක් අපි කවුරුත් කැමති පොත්. මේ හැම එකක්ම වගේ මට විශේෂ බලපෑමක් කල තවත් පොතක් තියෙනවා. ඒ සීබිල් වෙත්තසිංහ නැන්දාගේ, "රාවණා රැවුල" කියන පොත. ඒක මට බලපෑමක් උනා කියන්නේ ඇයි? ඒ පොත් නිසා මට චිත්‍ර අඳින්න ආසාවක් ඇතිවුනා. පොත් කියවන්න ආසාවක් ඇතිවුනා. මහ පාන්දර මුහුදු වෙරලේ ඇවිදින්න යන එක, බේකරියෙන් ම උණුවෙන් බනිස් ගන්න එක වගේ බොහොම සාමාන්‍ය දේවල් වල තියෙන අපූර්වත්වය කතාවකට හරවලා අලුත් අත්දැකීමක් විදිහට රසිකයන්ට බෙදලා දෙන්නෙ කොහොමද කියන එක, ඒ අතරේ රාවණා පුරාවෘත්තය ගැන, රාවණා රැවුල කියන ශාකය ගැන වගේ ගොඩක් කරුණු රසවත්ව ඉදිරිපත් කරලා තිබුනා. පස්සේ කාලෙක මවුස් එකෙන් බලි කුරුටු අඳින්න වගේම, ඒක දැකලා නවීන පන්නෙ ග්‍රැෆික් අහවල් එකක් තෑගි ලැබීමටත් වගකිව යුතු මූලිකයා ඔය පොතයි. අසා සිටි ඔබ සැමට ස්තුතියි.
ReplyDeleteඅපි නම් අහගෙන හිටියේ නැහැලු...:P
Deleteඑදා "ඔයා කියන්ට, මම අහගෙන ඉන්නම්...." කියලා කිව්වේ බොරුවට ද එතකොට. :D
Deleteඔව්, ඒ ඔබේ හදවත්...වත්..වත් පිනා.. පිනා.. පිනා.. යවමින්...වමින්...වමින්...තම අතීතිය...තය...තය... සිහිකලේ...කලේ.. කලේ....
Deleteකෙසෙල්..සෙල් ..සෙල් කොරටුවේ...ටුවේ..ටුවේ..චූටීඊඊඊ මහත්තයාආආ....!
කෝ..දෙන්න මල්ලිල ඔය අත්දෙක උඩට උස්සල....නියම අප්පුඩියක් බලන්න....
ඉන්දික,මම ආයෙත් පොඩි කාලෙට ගියා වගේ .අපේ අම්මා මට ඒ දවස් වල නිතරම බනිනවා මගෙන් මොනාහරි ඇහුවොත් උත්තර දෙන්නේ නැ කියලා.මොකද මට පොඩි පිස්සුවක් තිබුනා පොතක් කියවන්න ගත්තාම එක කියවලා ඉවරකරන්න ඕන.ඉතින් ඒ වෙලාවට වට පිට දේවල් මට ඇහෙන්නේ නැ.දැන් නම් කියවන්න වෙලාවක් නැ .මේ පොස්ට් එක බැලුවට පස්සේ ආයෙත් කියවන්න අසාවක් ඇති උනා වගේ .
ReplyDeleteස්තුතියි ඉන්දික...
හීං සැරේ..........
ඉගෙන ගනිමු මේ බලගතු පුදුම මන්තරේ
ඕං රීං රීං රීං හීං සැරේ.........
ඇඟ පත තිබුණට මොකටද
මහ අලියොත් දනින් වැටේ
මහ සැරයට වඩා සැරයි හීං සැරේ...
මතක නැද්ද රාළෙ නුඹට
කටුසුහාමි දුන්න වැඩේ
ඔලුව වන වනා හෙමිහිට හීං සැරේ....
ඕං රීං රීං රීං හීං සැරේ............
ඇහැට ද නොපෙනෙන වේගය
ලෙඩ දුක් වළඳන කාටත්
මහ අය වුව තලා පෙළන හීං සැරේ....
කළ යුතු යුතුකම මේකයි
පොඩි අයට ද ලෙඩේ නොදී
කිවිසුම වුව පිට කළ යුතු හීං සැරේ...
ඕං රීං රීං රීං හීං සැරේ.............
නව වසරේ සංතෝසය ගලා ගලා යන්න ගියා
දන්න නැටුම් හොඳට නටමු
රස කර කර ගීත ගයා..................................
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය : සෝමපාල රත්නායක
ගායනය : දීපිකා ප්‍රියදර්ශණී සමඟ ලා තණකොලපෙත්තාස්
ඔය අම්මල පොත් බැනිල්ලට බනින එක, මුගෙ ඔලුවෙ මෙලෝ දෙයක් නෑ පොතක් ගත්තම කියන එක, ඒව මාර මතක මචෝ. ඒවගේම අපේ ගෙදර ඊලඟ පරපුරෙ උන් දැන් ආයි ඒ අත්දැකීම විඳිනව්, මම උපේක්ෂාවෙ අපේ තාත්ත වගේඅ බලා ඉඳල අතීතෙ මතක් කරන් සතුටු වෙනව.
Deleteමගෙ හිත හිස් කඩදාසියකී
එහි නැත ගී පද මිහිරි වැකී
ඔබගෙ නම එවු සොඳුරු අකුරු පෙල
ගී මිණියක ලෙස නැවත ඇසේ...
පළමුව පෙලටම දිගට ලියා
දෙවනුව එය උඩු අතට ලියා
ඔබෙ නම ලියනෙමි..කොලයම පුරවමි
සැතපෙන තුරු නෙත් යුගල පියා...
මගෙ හිත හිස් කඩදාසියකී..
ආදර සුව විඳ මව් සෙවනේ
මාදුර ඈතක ජනිත උනේ
අද ඔබෙ හද තුල මිහිදන් වන්නෙමි
ඔබ පමනයි මගෙ පිළිසරනේ..
ගැයුම - එච් ආර් ජෝතිපාල
පද - කරුණාරත්න අබේසේකර
මූනුපොතේ මේ අබියෝගයට මූනදෙන්න මටත් ආසා හිතුනත්, යලට මහට පොත් කියවන්නෙක් හින්දා කරන්න විදියක් තිබුනේ නෑ... ඒකටත් හරියන්න මම නිතර චිත්‍රපටි බලන හින්දා, මට පුළුවන් දේ විදියට පොත් අනුසාරයෙන් නිර්මාණය වුන මගෙ ප්‍රියතම චිත්‍රපටි දහයක් නම් කරන්න මට ඕනේවුනා... අවාසනාවකට මේ ටිකේ ගොඩක් වැඩ තිවුන නිසා ඒක කරගන්නත් බැරිවුනා...ඒ තියා බ්ලොග් පොස්ට් ගොඩකුත් මගෑරුනා...
ReplyDeleteබීට, බලපු හොඳම පොත් දහය කියන්න කියල කවුරුහරි කිව්වොත් මම කියන්නෙ, ඒක කරන්න බැරි දෙයක් කියල. මේ "පොත්" අගට එන අයිටම් දහයක් මිසක් සැබෑ පොත් දහයක් නෙමෙයිනෙ. ඒත් ෆිල්ෆ් ඊට වෙනස්. දහයක් නම් කිරිල්ල ලේසි වෙන එකක් නෑ, ඒත්බැරි නෑ මම හිතන්නෙ. ලියහන්, අපි ඉන් පස්සෙ කමෙන්ට් වලින් කැටය්ං දාල හැඩ කරමු.
Deleteජීවිතේටම වීරයෙක් උනේ එකපාරයි, ඒ පොතක් පිහිටෙන්. A/L දෙවෙනි පාර සබ්ජෙක්ට් මාරු කරල දේශපාලන විද්‍යා වට ජීවිතේටම පංතියකට නොගිහින් ඇට්ලස් හෝල් පොතේ පරණ ප්‍රශ්න සහ උත්තර විතරක් බලල A එකක් අරන්.
ReplyDeleteමම ආසම පොත් දහයක් දැම්මොත් ඒ ඔක්කොම ඉතිහාස පොත් වෙයි. ප්‍රයෝජනවත්ම පොත් දහය ගත්තොත් ඉස්සල්ලාම තියෙන්නෙ මාර්ග සිතියම් පොත, ඊලගට ෂුගර් චෙක් කරල රෙකෝඩ් තියන පොත.
ඔය සබ්ජෙක්ට් මාරුව මාත් කරා. ඒක උඹෙ අනෙක් පැත්තට. ෂුගර් රෙකෝඩ් තියන පොත කූඹි කන්නෙ නැද්ද?
Deleteමාර්ග සිතියම් පොත කිව්වෙ මොකද්ද?
පොත නෙමෙයි මාවනම් කූඹි කනව. මාර්ග සිතියම් පොත කියන්නෙ හැම නගරෙකම පාරවල්, වැදගත් ස්ථාන වගේම රටේම මාර්ග සිතියම් තියන ඒ වගේම off road track තියන මම හදපු පොතක්.
Deleteඔය පොතේ කොපියක් ගහ ගන්න බැරිද බං?
Deleteමොකෝ බැරි, ආව වෙලාවක අමතපන් ෆොටෝ කොපි හරියන්නෙ නෑ. ඔර්ජිනල් එකක්ම හදමු.
Deleteබොසා .. ඇබිත්තක් පරක්කුයි නෙවැ මං . චැහ්
ReplyDeleteඇබිත්තක්..හුහ් අර නාහෙ කිව්වට නාහෙට ඇබිත්තක් පහලින් ක්නව් වගේනෙ බං!
Deleteඅමුතු බත් දීම අත ඇල්ලුමෙන් දැනේ. ******
ReplyDeleteපත්තරේ මේ සාහිත්‍ය මාසේ , ප්රබුද්ධ වෙලා වරෙන්. :D
ඕ යේස් , මේ ඉන්නේ රජ පැටිය වගේ .:D
Deleteඋඹ පොත් ටික තෝරලා තියෙන්නෙ හරි අපූරු ක්‍රමයකටම තමා.. මොකද කාටවත් ඔඉය රිපොර්ට් පොත, බැංකු පොත එහෙම පොතක් කියුවට මලාට මතක් නොවෙන දේවල්..
ReplyDeleteඅර පන්තියෙ අන්තිමයා වෙච්ච කෙල්ල ලියපු ලියුම දන්නවනෙ.. ආන්න ඒ වගේ වැඩ තමා කරන්න ඕනා රිපොර්ට් එක පල්ලම් බැස්සම.. ඒක පුංචි කතාවක් වුනාට ජීවිතේ ඕනෑම භයානක අවස්තාවකදි නොවරදින ප්‍රතිඵල ලබා ගත හැකි ට්‍රික් එකක් කියලයි මට හිතෙන්නෙ..
ලිහිණි පොත් අපේ ගෙදරත් තිබුනා තාත්තා ගෙනාපුවා.. වෙසන්තර දෙවෙනිපුතා ඒවා දන් දීපු හින්දා අද ඒ එකක්වත් නෑ..
මට මතක් කරගන්න අමාරුයි.. මෙ වෙලාවෙ මොනද මගේ ජීවිතේට බලපෑම් කළ පොත් දහය කියලනම්... සමස්තයක් වශයෙන් ගත්තමනම් බලපෑම කෙසේ වෙතත් පොත් කියන්නෙ කියවන්න පුළුවන් වෙච්ච දවසෙ ඉඳලා මගෙත් එක්ක හිටපු යාළුවො.. කොච්චර බ්ලොග් කියෙව්වත්, උන් අදටත් මාත් එක්ක ඉන්නවා... ඉඳිරියටත් ඉඳියි කියලා හිතනවා..
//අර පන්තියෙ අන්තිමයා වෙච්ච කෙල්ල ලියපු ලියුම දන්නවනෙ.. //
Deleteනෑනෙ බං!!
//කොච්චර බ්ලොග් කියෙව්වත්, උන් අදටත් මාත් එක්ක ඉන්නවා... ඉඳිරියටත් ඉඳියි කියලා හිතනවා..//
එමම තමයි.
ආදරණීය අම්මේ !
Deleteඅම්මා මේ ලියුම කියවනකොට මම අම්මලාගේ කැදැල්ලෙන් නික්මිලා මගේම කැදැල්ලන් තනන්න ගිහින් ඉවරයි. මම දන්නවා අම්මලා අපේ සම්බන්දෙට කීයටවත් කැමති නොවන විත්තිය. මානාලියෙක් වගේ සැරසිලා පෝරුවේ නැගලා අශ්ඨක කියලා අම්මලා මාව හොඳ වැදගත් මනාලයෙකුට දෙන්න සිහින මවන බව මම නොදන්නවා නෙමේ. ඒත් වෙන්න තියන දේ මේක තමා. අපිට මේ හදිසි තීරණය ගන්න වුනේ මම දැන් ඔහු නිසා මාස දෙකක ගැබිණියක් නිසයි. ඉතින් අපිට තවත් මේක කල්දාන්න පුළුවන් කමක් නෑ. මම ගැන සොයන්න එපා. අම්මලා අපිට සමාව දුන්නොත් මේ කුසේ ඉන්න දරු පැටියත් එක්ක අපි අනාගතේ දවසක අම්මලාව බලන්න එන්නම්. මගේ නංගියාව හොඳින් බලා ගන්න. අක්කා ගිය අඩි පාරේ එයා යනවට අක්කා කැමති නෑ කියන්න. අම්මලාගේ සිහිනය අඩුම ගානේ එයාගෙන්වත් ඉශ්ඨ වෙනවට මම කැමතියි..
මීට අකීකරු ලොකු දුව..
ප.ලි;
අම්මේ මම ඔය උඩ කියපු ඔක්කොම බොරු. මෙදා පාර මම පන්තියේ අන්තිමයා.. රිපොර්ට් එක අන්න මේසෙ ඉටි කොලේ යට ඇති. ඒක බලලා ප්‍රශ්ණයක් නැත්නම් මට කතා කරන්න. මම එතකොට ගෙදර එන්නම්. මම ඉන්නෙ වැඩි දුරක නෙමේ අල්ලපු ගෙදර නැන්දලගෙ ගෙදර...
(ඔන්න ඔය වගේ ලියුමක් බන්. මට හරියටම මතක නෑ ඒකෙ තිබුන වචන.. හැබැයි සන්දර්භය ඕක තමා. කොහොමද ඒකෙ සයිකොලොජිකල් එෆ්ෆෙක්ට් එක.. හෙහ් හෙහ්.. )
ෂෙහ්...පට්ට සීන් එකක්නෙ. හොයල කසාද බඳින්න ඕන අන්න එහෙම කෙල්ලො. (Y)
Deletehappy to see that.. we share this on-- https://www.facebook.com/groups/ScoutingBloggers/
ReplyDelete