
දිනය..ජූනි විසි එකවන දින පාන්දර තුනට ආසන්නය..
තඩි ලේලන්ඩ් බස් නලාවක සද්ද සමඟ කුචිම කුචි කිහිල්ල හිල්වෙන්නට ඇණුනු පාරකින් මා උඩ නොගොස්ම බිමට වැටිනි.
“...මේ..මෙහෙ එනව....නැඟිටල එනව ...”
ලයිට් එලියට තවම ඇස් නිලංකාර වී ඇතත් නියොගය පිළි පැදිය යුතුමය.. ඒ නිසා ඔහේ අත ගා ගෙන හෝ යන්නට ( බිත්ති හොඳේ ) පස්සෙං වැටුනෙමි (ඇවිදං ).
“පේනවද?...බලනව මේ ලියල තීන ඒව..!”
ඇස් පෙනෙනට පටං අරන් තුබූ නිසා ගමණාන්තය වූයේ මේ ජාමේ මැද හීනෙනුත් නොසිතූ කම්පීතර රාජයා අභිමුඛව බව වැටහුනි. ඒත් කියන අණ්ඩර දෙමළනම් තාම තේරෙන්නේ නැති තරම්ය.....!
"හොඳට බලනව ඔය කබ කඩල...මොනාද අනේ මේ කියල තීන කතා..."
ඇස් පිසදමා බැලූ විට දේවයන් සිහිවුනි...දැන්නම් චාන්ස් එකක් ඇත්තේම නැති ගානය. වැඩේ කර මුලටම හිරවී ඇති නිසා කියන්නට කටට උත්තර එන්නේත් නැත.
“මට තව තප්පරයක්වත් මෙතන ඉන්න බෑ.. මාව දැම්මම එක්ක යනව..මේව බල බල මෙහෙම කටපියන් (මාර කට පියා ගැනීම ) හිටියොත් මට මොනවයින් මොනා වෙලා නවතීද දන්නෙ නෑ.. ඒ නිසා මාව වහාම ගිහින් දාන්න.."
ඉල්ලීම් නැති අණ කිරීමකි. එහි මටද ඉල්ලීම් වලට ඉඩක් නැතිබව දන්නා නිසා කට පියාගෙන ටොයිලට් එක පැත්තට ඇදුනේ කට රැකගන්නට දත් ටිකවත් මැදගෙන එන්නය.
“කෝ...මොකද ඔතන පැළ වෙලාද...ඉක්මනට එනව මෙහෙට.."
ආෆ්ටර් ෂොක් නම් එමටය..!
දත කෙසේ වෙතත කට නම් යන්තං මැද කාමරයට වැදී බිත්තියේ හේත්තු කර තිබූ ඩෙනිමට පැන්නෙමි. යන්තම් කොන්ඩයට පනාව පෙන්නා ටී ෂර්ටයත් සපත්තුත් දා විනාඩියෙන් එලියට පැන්නද කෙඳිරිය නම් අඩුවක් නැත..
“හා හා යං මෙතන හරියට එහෙ ගෑණු ඉන්නව වගේ මෙයාව ඉඹල පිළිගන්න"
මේව වචන නෙමි උල් කටු...මොනා කරන්නද..වරද මගෙනෙ...ඒ නිසා කටපියාගෙන මගේ දඬු පෝඩයේ දොර ඇයට ඇර දුන්නෙමි.
ගෙදර සිට මහ මගට යන පාරේ පළවෙනි හම්ප් එක පසුකලා පමණි..
“මොකද මේකෙ තව පොඩ්ඩක් හෙමින් යන්න බැරිද ඒ වගේ තැන් වල..”
උත්තරය යුත්තේ ඊළඟ හම්ප් එකේදි වැඩ පෙන්වීම බව අත්දැකීමෙන් දන්න නිසා තේක පීරිසියට දා බී හැකි පමණට ලාවට පන්න ගතිමි. ප්‍රශන්සා නැත. කමක් නැත් මන්ද ගෝසාද නැති බැවිනි..මට ඒ ඇතිය.
පාරේ බලු බල්ලෙක් නැතිය. මෙහෙ පාරවල් වල බල්ලෝ යනු ස්වදේශිකයන් මිස අපේ වැනි දඩාවතේ යන කකුල් හතරේ උන් නොවේ...පාන්දර හතරයි චුට්ටයි වගේ වනවිට ඇයට උවමනා තැනට ළඟා විය..
දොර ඇරියා පමණි ඇගේ සනුහරේ උන්ටික දිව විත් මා පැත්තකට දමා ඇයව බදා වැළඳගෙනම වාහනයෙන් පිටටහ්ට ගත්තෝය.
වාහනය දොරකඩි මෑත් කර නවතා දමා මමද පස්සෙන් වැටෙන්නට වීමි.
“ඔයා ඔහොම ඉන්න...ඇතුලට නාවට කමක් නෑ...” මේ පාර සනුහරේ එකියක්ය..
මේ සේරම මගෙම වැරදියයි කියා හිත හදාගෙන ඔහේ දොරකඩම නැවතුනෙමි..
කමක් නෑ ඒත් මෙතනින් නං එලෙව්වත් නොයමියි සිතා ඔහේ බලා උන්නෙමි.

පැයකට විතර පස්සෙ මෙන්න ඔය වගේ ලොකු දොරක් ඇරගෙන මල් සූට් එක ඇඳපු සිස්ටර් වීදුරු පෙට්ටියක් තියපු ට්රොලියකුත් තල්ලුකරන් එළියට එනව..
Congratulations..! this is your son..!
මිනිහෙකුට මීටත් වඩා සතුටදෙන යමක් අහන්නට තිබේද?
ජරා, සම තැන් ඉල්ලා කරදර කරන, තෝරා ගෙන මිස ලඟට නොගත යුතු, චපල ගැහැණු ජාතියේ මගේ බිරින්දෑ මා වෙනුවෙන් දස මසක් කුසේ දරා උන් මැණික පැය තුනකටත් වඩා වෙදනාවෙන් තටමමින් උත්සාහ කලද බැරි උන තැන සිය බඩ කප්පවා එළියට ගෙන මා වෙත එවා ඇත. සහතික ඇත්තය. ගෑණු නම් ජරාම ජාතියකි. ඒ උන් අම්මලා වන විට දින තමන් ගැන නොසිතන නිසාවෙනි.
මේ ඉන්නෙ අපේ කැදැල්ලෙ අලුත්ම සාමාජිකය වෙච්චි "තෙනුක් තේමිය" පුංචි පැටිය උපන් දවසෙ. ( කැමරාවෙ ලියවෙන දින ගැන හිතන්න එපා )
මේ අයිය මෙච්චර කල් ආසාවෙන් බලන් ඉඳපු මල්ලි බබාට තමංගෙ වැඩ පෙන්නනව.
ප/ලි
හාමිනේ මාව ඇහැරුවෙ එයාගෙ වෝටර් බෑග් එක ලීක් වෙන්න ගත්ත නිසා.
අර කොම්පීටරේ ගාවට ගෙනිහින් පෙන්නුවෙ මට කියන්න කලින් එයාම ගිහින් ඕපන් කරල බලපු "ඒ වගේ අවස්ථාවක මොකද කරන්නෙ" යන්න ගැන තිබ්බ සයිට් එකක්. ඒ අනුව අවශ්‍ය පියවර අරගෙන අපි වහාම රෝහලට ගියා.
මෙලොව එළිය දුටු පුංචි පුතාට දුමී මාමාගෙන් සුභපැතුම්....!
ReplyDeleteපුංචි කැදැල්ලට තෙරුවන් සරණයි !!
මොකක්ද සීන් එක කියල හිතා ගන්න බැරුව හිටියෙ. මගේ සුභ පැතුම්!
ReplyDeleteකලින් හිතාගන්න බැරි වුනා මොකක්ද වෙන්නේ කියලා...සුභ පැතුම්
ReplyDeleteඅර'' ජරා ''කියන වචනේ ඉල්ලා අස් කර ගන්න . ඔච්චර රත්තරන් තෑග්ගක් ලැබිලා තියෙද්දී . සුබ පැතුම් ..පුංචි පුතාට . ඒ වගේම තාත්තට ..අම්මට ඇයි අර ආදරණිය අය්යාට ත් තෙරුවන් සරණයි
ReplyDeleteඔන්න අයියා මගෙනුත් සුභ පැතුම්... මුල් ටික කියවද්දිනං මටත් වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව හිටියේ මම හිතුවේ බ්ලොග් එකක ලියපු කුප්ප කතාවක්වත් නෝනා දැකලා කියලා....
ReplyDeleteහික්ස් මාර හිනා. මුල සිට අගටත් අග සිට මුලටත් කියෙව්වාම
ReplyDeleteවැඩේ තේරුනේ..ඔන්න පේනවනේ ජරා ජාතිය කිය කියා බැන බැන හිටියා. ඔය දක්ෂකම ඔයාලට කරන්න බෑනේ..
සුබ පැතුම්!!!
මම නම් මුලින් හිතුවෙ අයියට ගුටි කන වැඩක් සෙට් වෙලා කියලා පහුගිය දවස් වල දාපු පෝස්ට් හින්දා. පුතු පැටියටයි අම්මටයි බුදුසරණයි.
ReplyDeleteඅඩේ මම හිතුවෙත් අර පෝස්ට් එක පෙන්නලා උඹන් ගේම ඉල්ලනවා කියලා . . .
ReplyDeleteඅලුත් සාමාජිකයෙක් එක්වීම ගැන මගේත් උනුසුම් සුභ පැතුම් පිලිගන්න මිත්‍රයා . . . .
සියළු දෙනාට තෙරුවන් සරණයි . . .
අහ් මේ පාරත් පුතෙක් කියන්නේ ඉතිං තව අවුරුදු දෙක තුනකින් ආයේ දුවෙක් වෙනුවෙන් ට්‍රයි එකක් දෙන්න වෙනවා කියන ඒක නේද ?
ජය වේවා
හි හි... මම අදමද කොහෙදෝ ආවෙ... ඒත් හොඳට සීතල වෙච්චි පෝස්ට් එකක් කියවලා අන්තිමේට ශේප් වුනා හිනා වෙලා...
ReplyDeleteඔන්න පුන්චි පවුලටම තෙරුවන් සරණයි....
ජය!!!!
මම් මුලින් හිතුවේ වෙන දෙයක්.පස්සෙ නේ තේරුනේ.
ReplyDeleteලස්සන මල්ලි බබෙක්.සුබ පැතුම්!
Congrats
ReplyDeleteඅපරාදේ කියන්ට බෑ ලස්සනට ලියලා තියනවා. ගෑනුන්ට බැන්නට බලන්ට දීලා තියන තෑග්ග. ලස්සන, වටිනා තෑග්ගක්...:D
ReplyDeleteමුලු පවුලටම සුබ පැතුම්!!!
මගෙනුත් උණුසුම් සුභ පැතුම් අයියා !!!!
ReplyDeleteචූටි පැටියා ඇතුළු හැමෝටම තෙරුවන් සරණයි,,,
ReplyDeleteහැබැයි ඉතින් වැරැද්දකුත් තියෙනව, අතින් ඇදං ගිහින් පෙන්නනකම්ම හදිසියකදි කරන්න ඕන දේවල් ගැන සොයා නොබලපු එක අන්තිම වැරදියි. බොරුවටද ලිව්වෙ? එහෙම වෙන්නත් බෑනෙ අවුරුදු හතරක තව පුතෙක් ඉන්නකොට... කිව්වත් වගේ අයියලා දෙන්නට නංගි පැටියෙක් ගේන්න අක්කට ආයෙ යන්න වෙයි එහේ,සුභ පැතුම් හොඳේ
ඒ . . . සුභ පැතුම් මචෝ . . . උඹ එහෙනං දැං දෙපියෙක් . . . . එලම එල . . . .
ReplyDeleteඅපේ ගෙදරත් මල්ලි බබෙක් ඉන්නවා!
ReplyDeleteමල්ලියාට වාසනාවන්ත අනාගතයක් පතමි.
පුංචි මල්ලියාට මගෙනුත් සුබ පැතුම්.මටත් මුලින් හිතා ගන්න බැරි වුණා දෙයියනේ මොකක්ද මේ කියලා
ReplyDeleteඋණුසුම් සුබ පැතුම් මගෙනුත්.... වෙන්නේ මොකක්දැයි අවසානය තෙක් හිතා ගන්නට බැරිව ඉද්දි අවසානේට දැක්ක දෙයින් පට්ට නේ කියල හිතුනා....
ReplyDeleteවාසනාවන්ත අනාගතයක් පැටියට....
දුමී, කසුන්, දීප්, කුරේර,ගොඩය, ඇතුළු හැමෝගෙම සුභ පැතුම් වල ගොඩක් ස්තූතියි.
ReplyDeleteගිම්හාණි, අපි නැතුව ඕක ඔයාලටත් කර ගන්න බෑ නේද?
ReplyDeleteබින්දි ආයි පෝස්ට් එක කියවල බලන්න, මීට කලින් පෝස්ට් එකට මං දුකාට දාපු කමෙන්ට් එකත් පොඩ්ඩක් බලන්න.
ReplyDeleteකිඩෝ,පිස්සා පලාමල්ල, කඩේ හාමිනේ ,ගලායන ජීවිතය,ජීවිතේ මල්,
ReplyDeleteපිණිබිඳු සහ සැමට
මම මොනා ලීවත් කීවත් අපේ හාමිනේ ගණං ගන්නෙත් නෑ, උන්දැට මේ විකාර බලන්න වෙලාවකුත් නෑ. එයාට තීබ්බ එකම ප්‍රශ්ණෙ මං ගෙදර ඉන්න වෙලාවට මේව ලියන එක. දැං ඒ ප්‍රශ්නෙත් හරි. කන්තෝරුවෙ ගොන්පීතරයට සිංහල දාගත්ත!
දුකා, උඹ අනුන්ට කිය කිය ඉන්නෙ, අර "ට්රස්තවාදිය" හැමදාම තනියෙන් තියන්නද කල්පනාව?
ReplyDeleteකුමාරිහාමි,
ReplyDeleteමම කවද්ද ගෑණුන්ට බැනල තීන්නෙ?
පිණි පලස,
ReplyDeleteලොකු පුතා හම්බවෙනකොට නෝන ලංකාවෙ. දීපු දිනේටම එයා ඇඩ්මිට් වෙලා පහුවෙනිද සීසර් කරල බබා ගත්ත, කිසි ප්‍රශ්ණයක් නෑ. ඒත් මේ පාර මෙහෙ ඩොකටර් දීපු දිනේට දවස් තුනකට කලින් පාන්දරම නොහිතපු විදියට වෝටර් බෑග් එක ලීක් උනේ! ඒත් මුලින් ටික ටික ගිය නිසා එයා මාව මොකට නැගිට්ටවනවද කියල හිතල කොයිකටත් තනියමම ඇවිත් බලල. මගේ නින්ද ඒ වගේ වෙලාවකත් නොකඩන්න තරන් උන්ද මං ගැන හිතනව කියල මන් දන්නව. ඒත් එහෙම කරපු එකට මාත් පස්සෙ ටිකක් සැර දැම්ම.
මේ පාර හාමිනේ විඳපු දුක නිසා තව ඕනෙ නෑ කියල මන් එයාට ඊයෙ පෙරේද දවස්ක කිව්ව. එයා කැමති පුත්තු දෙන්නෙක්ම ඉන්න එකේ මං කැමති දුවෙකුත් කොහොමහරි හදමු කියන්නෙ. ඒකයි මං කියන්නෙ, ගෑණු අම්මල වෙනකොට නොහිතන්නෙ තමං ගැන විතරයි කියල ( ගෑණු මද මන්ද, මොකද හැමෝමත් එහෙමම නෑ නෙ, නේද? )
ඕනය,
ReplyDeleteතැන්කූ මලේ,,,මේ කොහොමද අලුත් ජොබ?
කතන්දර,
ReplyDeleteඅපේ ගෙදරත් මල්ලි "බබෙක්" ඉන්නවා?
උන හපුළුවට උගෙ පැටිය මැණිකක්ලු නෙ! ඇත්තටම තාත්ත කෙනෙක් වෙන්න ඕන දරුවො හැමදාම පොඩි උන් වගේ පේන්නෙ ඇයි කියල තේරෙන්න.
ස්තූතියි සුභ පැතුමට..!
ආයෙ මොනවද ඉතිං මෙන්න අපෙනුත් සුභ පැතුම්!!!! :)
ReplyDeleteසමාවෙයන් මචෝ.. කොන්ග්‍රැට්ස්..
ReplyDeleteක්‍රිකට් ටීම් එකකට වාසනා වේවා....!!!!
ඩීංගිත්තක් ප්‍රමාද වුනා...
ReplyDeleteඋණුසුම් සුබ පැතුම්..!
උඹ එහෙනම් තාත්තල දෙන්නෙක් වුනා..:D
මේ වගත් එසේම... කැරපොත්තෙක් දැක්කහම ගම් හතකට ඇහෙන්න බෙරිහන් දෙන කුලේ වෙලත් මේ වගේ extreme වෙලාවක සිහියෙන් යුතුව කල යුතු දේ කලයුතු පිලිවෙලට කල අපේ සහෝදරියට Hats off !!!..
චන්දික,
ReplyDeleteස්තූතියි මලේ..
මාතලන්,
ReplyDeleteගණං ගන්න එපා ලොක්ක.
එච්චර බෑනෙ.මොකද දැන් දෙන්නෙක්ම සීසර්ගෙනෙ!
කොහොමද ගිය ගමණ එළද?
සපතේරු උන්නැහේ,
ReplyDeleteතාත්තල දෙන්නෙක්! හික්ස් ගුටි කන කතාවක්නෙ බං....
උන්දැලගෙ හිත් හිතනවට වඩා හයියයි බං!
test
ReplyDeleteCONGRATS.............
ReplyDeleteමුලිං කියවනකොට හොල්මන් වගේ... දැන් නේ තේරුනේ.... සුභ පැතුම්.....
ReplyDeleteමම මේ බලන්නේ පරක්කු වෙලා කියලා දන්නවා නමුත් පරක්කු වෙලා උනත් මගේ උණුසුම් සුභපැතුම්. ඔයාල හැමටම බුදුසරණයි
ReplyDeleteකෝරලේ වලව්ව