Tuesday, August 29, 2017

බ්ලොග් වසන්තය සම්මාන සාදය.!



වසන්තය නිමාවී ගිම්හාණය එළඹ ඇත. මේ ජයග්‍රහණයන් සමරන්නට, සතුටු සාමීචියට සුදුසුම කාලයයි.

පසුගිය අප්‍රේල් මැයි මාසයන්හි සිංහල බ්ලොග් රචක රචිකාවන්ගේ උත්තම සහභාගිත්වයෙන් සහ සහයෝගයෙන් පැවති බ්ලොග් වසන්තය ඡන්ද විමසුමේ ජයග්‍රණයන් සමරමින් සතුටු සාමීචියෙ යෙදෙන්නට, ගීයකින් රසවත් වෙන්නට බ්ලොග් වසන්තය සම්මාණ සාදයට එක්වන්නට ඔබට කෙරෙන ආදරණීය ආරාධනයයි මේ.

එන්න, එක්වන්න, ඈණුම් හරිමින් හරබර දෙසුම් අසන්නට, කිතිකවාගෙන හිනාවෙමින් කරන රැඟුම් බලන්නට, දේශපාලකයන්ගේ පූචානම් අසන්නට නොව, දිවා ආහාරයෙන් සැනහී සිස්ලි පැන් පොදක් තොල ගාමින් ඔබේ බ්ලොග් ලොව සමීපතයන් හා දොඩමළු වන්නට, ගීයක් ගයා රසවත් වන්නට, මධු විතක් ගෙන ජයග්‍රාහකයන්ට සවුදිය පුරන්නට..! 


තැන - හොටෙල් සප්තපාදි, රත්නපුර ( ගූගල් මැප් )

දිනය - සැප්තැම්බර් මස 3 වැනි දින උදේ 11 සිට සවස 4.00 දක්වා

ඔබගේ සහභාගීත්වය සැප්තැම්බර් මස පළමුවැනි දින, හෝ එයට පෙර පහත විජට්ටුව හරහා තහුවුරු කිරීම අත්‍යාවශ්‍ය බව කරුණාවෙන් සලකන්න. (සීමිත පිරිසකට නුගේගොඩ සිට රත්නපුරයට සහ ආපසු ඒමට ප්‍රවාහණ පහසුකම් සැපයිය හැකි අතර ඔබගේ සහභාගීත්වය තහවරු කිරීම ඒ සඳහා අත්‍යාවශ්‍ය වේ. )



47 comments:

  1. එනවද නැද්ද කියල මේ කල්පනා කලේ

    ReplyDelete
    Replies
    1. මැන්ටල් බුවාලා ආවත් දන්නෑ ගියත් දන්නෑ.. එනවත් දන්නෑ.. හැක්

      Delete
  2. ගොඩකවෙල ඉඳල ට්‍රාන්ස්පෝට් නැතෙයි.

    ReplyDelete
    Replies
    1. චාමර විදානපතිරණ නදීකා හේමමාලි මහතා හමුවන්න

      Delete
    2. ඊට වැඩිය හොඳයි වයිකිං එකකට බෙල්ල තියන එක. හැක්..

      Delete
    3. එදාට මට pole yanna තියනවා

      Delete
  3. ෆෝම් එක සබ්මිට් වෙන්නේ නැතෝ මම එනෝ.

    ReplyDelete
    Replies
    1. ඊමෙල් කන්ෆර්මේශන් එක ලැබුනා

      Delete
  4. birthday පාටියක් වගෙයි නේද?

    ජයවේවා

    ReplyDelete
  5. මං නැතුව කොහොම සම්මාන දෙන්න ද...?

    ReplyDelete
  6. ඉවාන් ලව්පූස් සෑහෙන කාලෙක ඉඳන් අර්ත් මයිල් එකතු කරනවා ඕකට එන්න

    ReplyDelete
  7. ඇනොපිලිස් එක්ක එනවා! - මීට තට්ටයා

    ReplyDelete
  8. මාත් එනවා.. ෆෝම් එක මගේ නමයි ඊමේල් එකයි ගන්නේ නැතෝ.. පුදුම යක්කු..

    ReplyDelete
    Replies
    1. ආයි දාපන්, නම්බර් එක දාන්න ලැජ්ජනං නම විතරක් දාහන්... කපටි නරිය

      Delete
    2. //නරිය//
      ඔතෙන්ට “න“යන්න ගැලපෙන්නෑ නේද?

      Delete
    3. බ්ලොග් වලම රැවුල් සුදු වෙච්චි මේ උපේලා වක්‍රකාර දෙයක් කිව්වම හිතන හැටි.. හැක්

      @ඕනයා
      නයන්න තමා ගැලපෙන්නේ.. හැක්

      Delete
  9. ඔය සප්ත්‍යපාදි eke lokkage මූනට දෙකක් අනින්න් දෙනවනං එනවා.... හැක් හැක්...

    ReplyDelete
    Replies
    1. ෆෝම් එක මගේ නමයි ඊමේල් එකයි ගන්නේ නැතෝ..

      Delete
    2. අයියේ මගේ තනියට හාමිනාව කැන්දන් වරෙන් හොදද...

      Delete
    3. ආයි දාපන්, බැරිනං වෙන ඊමේල් එකක් ට්‍රයි කරල බලහන්.

      ඊමේල් එකත්, යට කොටුවෙ නම ( සහ ෆෝන් නම්බර් ) එකත් දෙකම පුරවන්න ඕන.

      Delete
  10. ජයවේවා!! අපිට එන්න වෙන්නේ නෑනේ......."එන කට්ටියගේ අදහස් " එහෙම අරන් ඊලඟ පාර බ්ලොග් වසන්තේ ජයග්‍රාහකයෝ තේරීම ( චන්දය හෝ වෙන ක්‍රමයක් ) කරානම් හරි.....

    ReplyDelete
    Replies
    1. You are an award winner! Anyone going to represent you?

      Delete
    2. අපේ නියෝජිතයෝ ඔය පැත්තේ එනවා..

      Delete
  11. මටත් දැනට නම් එන්න පුලුවන් තත්වයක් තියෙනවා. සෙනසුරාදට හරියටම කියන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. හපෝ බං උඹ කීයටවත් යන්න එපා. වැට් බෝතල් පහයි තියෙන්නේ සේරටම.. පව් බං අහිංසකයෝ ටිකගේ හිත් තලන්න ලැහැස්ති වෙන්න එපා.. පැතුම් උඹ සබරගමුවෙද ඌවෙද?? මටත්ආසයි උඹව දකින්න.. අම්මප

      Delete
    2. //මටත්ආසයි උඹව දකින්න//
      කොලුකාරයා

      Delete
    3. දේශකයා උඹ බය නැතුව හිටපන්. මම ඇවිල්ල බයිට් කාලා කොකා කෝලා බොන සංගමයේ. වැට් බෝතල් වලට හානියක් වෙන්නේ නෑ.

      ෆුල් ට්‍රයි එකක් දෙන්නම් එන්න. මම දැන් ඉන්නේ කොළඹ බං. උපන්නේ නම් ඌවේ (හපුතලේ තියෙන්නේ ඌවේ ද?)

      ඕනයා,
      උඹවයි, තිස්ස අයියවයි විතරයි ද මන්ද මේ තාක් කාලෙකට මම හම්බවෙලා තියෙන්නේ. එක සැරයක් මහරගම තිබ්බ අවුරුදු උත්සවේදී කස්ටිය දැක බලාගෙන හීන් සැරේ මාරු වෙලා ආවනේ... ආස්සරයක් කලේ නෑ.. මේකට ආවත් ඉතින් එච්චර තමා.. හෙහ් හෙහ්



      Delete
  12. ඔය හෝටල් අයිතිකාරයා බ්ලොග් එකක් ලියන්න පටන් ගත්ත මහ ලොකුවට.කවදාවත් ලංකාවෙන් පිට ගිහින් නැති අපිත් කටවල් ඇරගෙන බලා හිටියා ඕමාන් විස්තර එහෙම දැනගන්න පුළුවන් වෙයි කියලා.පොර දැන් නිකං නාකි බල්ලෝ කොළඹ යනවා වගේ ඉඳලා හිටලා කවියක් දාලා ජාමෙ බේරා ගන්නවා.කලිනූත් කවුද කියලා තියෙනවා වගේ මිනිහට දෙකක් අනින්න වත් එන්න ඕනෑ කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. මේ වෙනකොට දෙන්නෙක් ඉන්නව චෙෆාට දෙකක් අනින්න. තව කී දෙනෙක් සෙට් වෙයිද බලමු. හැක්..

      Delete
    2. මැච් එකක් ඉවර වෙනකොට ග්‍රවුන්ඩ් එකට දානව කියමු.

      Delete
  13. හයියෝ චෙෆෝ මොනව හරි කොටල දැම්මනං ඉක්මනට ජාමෙ බේරගන්ට ?

    ReplyDelete
  14. Maawath daa ganin list ekata...
    Ara mokakda eka obala confirm karanawa wage loku weda me welaawe karanna baha ban...

    ReplyDelete
    Replies
    1. අර මොකක්ද එක එබුවා, ඒකට මොකක් උනාද මන්ද, එක පාර මිසින් උනා...

      Delete
    2. හදිසි තත්ත්වයක් මත සනභාගි වීමට නොහැකි බව දුකසේ දන්වා සිටිමි... ;(

      Delete
  15. සහභාගි වීමට පෙරුම් පිරුවෙමි.අහෝ අබාගයකි මග හරින්නම බැරි තුන් මාසේ බණක් එදාටමය.

    ReplyDelete
  16. Thank you
    Thank you for submitting your email!
    හුරෙයි...

    ReplyDelete
  17. Thank you
    Thank you for submitting your email!
    හුරෙයි.

    ReplyDelete
  18. මේ මේ වගේ එකකට නම් එන්න ආසයි. මොකද අර බ්ලොග් හිඟන්නෝ, පිට කසාගන්නෝ, බ්ලොග් හොරු, මම පොර කියල හිතං ඉන්න ඇවුන් එහෙම එන්නෙ නැති නිසා. ලබන අවුරුද්දෙ හමු වෙමු. සාර්ථක වේවා..!!

    ReplyDelete
  19. Thank you
    Thank you for submitting your email!
    හුරෙයි.

    ReplyDelete
  20. ආපහු නිවාඩුවක් දාලා යන්න හිතෙනවා ඕයි

    ReplyDelete
  21. හදවතින් සුබ පතනවා වැඩේට. බොක්කෙන් හම්බවෙමු දවසක. ඕල් ද බෙස්ට්!!!!!!

    ReplyDelete
  22. ජයග්‍රාහකයින්ට උණුසුම් නැතත් ඉතින් සුභ පැතුම්. මාත් අනිවා එන්ඩ ආසාවෙන් හිටියත් 3,4 දවස් දෙකේ ඇල්ල පැත්තේ සංචාරය කරන්න යළුවො සෙට් එක ට්‍රිප් එකක් සෙට් කරලා. දැන් ඉතින් නොගියොත් උන්ගෙන් වසන්න හම්බෙන් නෑ. මොනා උනත් ඊළග වසන්ත්යේදීවත් සෙට් වෙන්න හැකි වේවායැයි පතමි.......ජයවේවා..............

    ReplyDelete
  23. අපිවත් ඕකට කවුන්ට් වෙනවද?

    ReplyDelete
  24. බ්ලොග් ලියන කියවන ඕන කෙනෙක්ට එන්න පුලුවන්. අද රෑ 12 ට කලින් ෆෝම් එක ෆිල් කරලා එවන්න. කොළඹින් යන බස් එකෙත් සීට් තුන හතරක් තියෙනවා ඉතිරිවෙලා.....

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails