Wednesday, June 1, 2016

බ්ලොග් වසන්තය 2016 - මෙන්න ප්‍රථිපල



දින 44ක අවසන බ්ලොග් වසන්තය හමාර වන විට අප ව්‍යායාමය ඉතා ඉහලින් මල් පල දරා සුවඳ විහිදුවා ඇති බව දකින විට දැනෙන්නේ අපමණ සතුටකි.

සිoහල බ්ලොග් මඟින් නව මිතුරන්, දැණුම සහ රසය පිරි නව මානයක් කරා අප ගෙනයන්නට පසුගිය වසර හය හතක් තුල කෙරුනු මෙහෙයට සවියක් සහ එදා බ්ලොග් වල පෙරළිකල එහෙත් අද නිහඬ රචකයින් හා මෙදා බ්ලොග් පෙරළිකාරයින් අතරෙහි යම් බ්ලොග් සටහන් පාළමක් තනන්නට අප ගත් සුළු උත්සාය සිතුවාටත් වඩා සාර්ථක වී ඇත.

පසුගිය වසරේ, කට කහන කතා ලියන දුමියාගේ සoකල්පයක් මත ඇරඹි බ්ලොග් වසන්තයට සටහන් 81 එක්ව තිබිනි.

මෙවර එය 222 කි! කෙතරම් සතුටක්ද?

බ්ලොග් වසන්තය සාර්ථක වූයේ ඔබේ කැපවීමත්, සහයෝගයත් නිසා මිස, අප කල කිසිවක් නිසා නොවේ. එයට ගෞරවය ඡන්ද එකක්වත් හිමි නැති ලිපි සහ වැඩිම ඡන්ද ගත් ලිපි යන දෙකොටසටම සමව හිමිවිය යුතුය.

දින 44 තුල, ලිපි 222 යනු, සිංහලෙන් ලියැවුනු සියලු බ්ලොග් සටහන් ප්‍රමාණය නොවේ. ඒ බ්ලොග් වසන්තය පිටුවෙහි පලවූ සටහන් පමණි. මෙය වඩාත් ඉහල සහ සතුටුවිය හැකි තත්වයක් වන්නේ, සිංහල බ්ලොග් ජනප්‍රිය වීම සහ ලේඛකයින් වැඩි වීම බ්ලොග් කලාවේ උන්නතියට ඉතාම වැදගත් සාධකයක් බැවිනි.

ඉදින්, අපේ ඉල්ලීමට ප්‍රථිචාර ලෙස සිය සොඳුරු හැකියාවන් මෙහෙයවා වැඩිම පාඨක ඡන්ද දිනාගත් රචකයන් හා කමෙන්ට් කරුවන් ඇගයිය යුතුමය.

එබැවින් අප බ්ලොග් වසන්තය ඇරඹුමේදීම පැවසූ පරිදි, ජනප්‍රියතම බ්ලොග් රචකයින් තිදෙනෙකුද, ජනප්‍රියම කමෙන්ට් කරුවන් තිදෙනෙකුද ඔබ විසින් ලබා දුන් ඡන්ද අනුව තෝරා ගෙන ඇත.

ජහග්‍රාහී මිත්‍රයිනි, ඔබ කල කැපවීම සහ සොඳුරු හැකියාව අගයනු වස්, සොඳුරු සමරු සිහිවටනයක් සමඟ මුදල් ත්‍යාගයක් ලබාදීමට අප විසින් කටයුතු සූදානම් කර ඇත.

එහිදී ජනප්‍රියතම බ්ලොග් රචකයින් තිදෙන, ජනප්‍රියතම කමෙන්ට් කරුවන් තිදෙන සහ අමතරව තවත් විශේෂ සමරුවක් පිරිනැමීමට අප තීරණය කලෙමු.

මේ සමරු තිළින සහ මුදල් ත්‍යාග මමත් දුමියාත් ලංකාවෙ සිටින එලඹෙන අගෝස්තු මස පළමු සතිය තුල ගල්කිස්සට නුදුරු තැනෙක, සොඳුරු සවසෙක, කුඩා හමුවක ඔබට පිරිනමන්නට අදාල කටයුතු මේ වනවිටත් සැකසෙමින් පවතී.

එසේනම්, වසන්තයට උදව් කල, වසන්තය වෙනුවෙන් ලියූ සහ නොලියූ ඔබ සැමට අපගේ ගෞරවණීඅය ආචාරය.


අතිශය සොඳුරු තරඟයකින් පසු ජයග්‍රාහකයෝ - 

වසන්තය විමැසීමට එක් කල තම ලිපි සියල්ලට ලද සම්මුච්ඡිත ඡන්ද ප්‍රමාණය අනුව ජනප්‍රියතම බ්ලොග් රචකයින් තිදෙන ලෙස සැමරුම් ලබන්නේ -

සඳරු - හිස් අහස

බුද්ධි ප්‍රසාද් - සයිබර් යාය 

කීර්ති කුළසේකර - සොඳුරු අතීතයෙන් බිඳක්

බ්ලොග් කලාවේ පැවැත්මට අතිශය වැදගත් සාධකය වන කමෙන්ට් කලාවේ ජනප්‍රියතමයන් තිදෙනා වන්නේ...

ප්‍රා ජේ - නිට්ටෑවා

ප්‍රසන්න - දෙමළ ණ යා

රවී - මාගල්


බ්ලොග් වසන්තය 2015 ශ 2016 දෙවසරෙහිදිම වැඩිම ලිපි සoක්‍යාවක් පල කරමින්, බ්ලොග් වසන්තයටත් සමර්ථ සිoහල බ්ලොග් ක්ශේත්‍රයටත් කරන ලද අමිල මෙහෙවර උදෙසා සoවිධායක මඩුල්ලේ විශේෂ ස්තූතිය සහ සමරු සම්මාණය ; රසිකොලොජි - රසික සූරියආරච්චි.




සබඳ අපි කඳු නොවෙමු...උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන



බ්ලොග් වසන්තය 2016 - පසු සටහන.

සියළු ජයග්‍රාහකයින් පාඨක ඡන්දයෙන් තෝරා ඇත. 
බ්ලොග් වසන්තය ෆේස් බුක් පිටුවෙහි පළවූ ලිපි වලට අමතරව පාඨකයඉන් ඡන්ද පිටුවෙහි/ ෆේස් බුක් පිටුවෙහි යෝජනා කරන ලද ලිපි පමණක් ඡ්නද විමැසීමට ඇතුලත් කරගන්නා ලදි.

සංවිධායක මණ්ඩලයෙහි සාමජිකයින්ගේ ලිපි ඡන්දයට එක් කර නැත.

සංවිධායක මඩුල්ල - දුෂාන්, ඉන්දික, කළණසිරි.

ෆේස් බුක් පිටුවෙහි ඇඩ්මින් මඩුල්ල - ඉහත තිදෙනට අමතරව මාධව හබරකඩ.

ත්‍යාග සහ සමරු තිළින සඳහා අනුග්‍රයහ - දුෂාන් සහ ඉන්දික.

83 comments:

  1. සියළු ජයග්‍රාහකයින්ට හද පිරි සුබ පැතුම් !
    ජයවේවා !!!

    ReplyDelete
  2. ජයග්‍රාහකයින්ට උණුසුම් සුභපැතුම්..!!
    සංවිධායක මණ්ඩලයටත් ඉස්කෝතු වේවා..!
    ජයවේවා..!!

    ReplyDelete
  3. උණුසුම් සුභ පැතුම් සියල්ලන්ටම.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. සියලුම ජයග්‍රාහකයන්ට සුබපැතුම්!

    ReplyDelete
  6. දහසක් වැඩ රාජකාරි මැද මෙවැනි දෙයක් සංවිධානය කිරීම ගැන ගොඩක් ස්තුතියි....අපි දැක්කනේ ඉන්දික හෙම කොච්චර බිසිද කියල. .දිනපු අයට මගේ උණුසුම් සුබ පැතුම්. මම හුඟක් ලිපි කියෙව්වා. ඒ වගේම බ්ලොග් නොකියවන කිහිප දෙනෙක්ට බ්ලොග් කියවන්න පුරුදු කළා..වසන්තයේ වගේම දිගටම හොඳ ලිපි ලියවෙවා.

    ReplyDelete
  7. මම වසන්තයට මොනවා හරි ලියනවා කියලා හිතන් හිටියත් බැරි වුණා... දැන් අපිට ශීත කාලය... නිද්‍රාවට වැටෙන කාලය... ඒත් ඉතිං අපි ගුරු ගීතය පිටු දියවෙනකං අයනේ... "වසන්තය එනවා සත්තයි" කියලා ඉවසමු....

    - මීට, වසන්තේ නිදා උන් යොවුන් කෝකිලයෙක්

    ReplyDelete
    Replies
    1. අයිරොනික් නේද?
      ලෝකල් දුයිෂෙන් බ්ලොග් ලෝකයට ආවේ වසන්තය නිමවුණු පසු ගිම්හාන යේ දී යි!
      http://duishengeadawiya.blogspot.com/2016/05/blog-post.html

      Delete
    2. ඒකනේ රසික කියන්නේ. දුයිෂෙන් පලමු බ්ලොග් එක දැම්මේ වසන්තයේ අන්තිම දවස්වලද මන්දා.... මමනම් දුයිෂෙන් ගැන ලිව්වා වසන්තයේ අග ඔහු එන බව කියලා..
      http://helmalu.blogspot.com.au/2016/05/blog-post_15.html

      Delete
    3. දුයිෂෙන් ගේ ලිවිල්ල බලමු. මිනිහා ගැන උනත් ඕන නැති දේ වැඩක් නැහැ..

      Delete
  8. ජයවේවා!! (අඩේ මාත් ඉන්නවා සංවිධායක මණ්ඩලයේ... :)

    ReplyDelete
    Replies
    1. බොට තිබ්බ ප්‍රශ්ණ එක්ක ඔහොම හරි කලා මදෑ.

      Delete
    2. අෑ උඹත් ඉන්නවද? ඔව් ඉතිං බලං ගියාම උඹ නැත් සංවිධානයක් තියේයැ.. හැක්

      Delete
  9. කප්පරක් වැඩ මැද්දේ මෙවැනි දෙයක් කිරීම ලේසි නැහැ, මැරතනය අවසානයේ ලොකු සතුටක් හිතට දැනෙන්නේ.

    තරඟයේ ජය හිමිකරගත් සහෘද බ්ලොග්කරුවන්ට සුබ පැතුම්!

    අපේ බ්ලොග් අකුරු ගෙතුම් කියවන, වටිනාකමක් එකතු කරන, දිරිය දෙන කොමන්ට් කරුවන් සැමට ගෞරවණිය ස්තුතිය පුදන්න මෙය අවස්ථාවක් කර ගන්නවා. තරඟයෙන් ජය ලද කොමන්ට් කරුවන්ට සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. උඹල තමා වසන්තයේ කෝකිලයෝ. බොහොම ස්තූතියි විතරක් කියල මදි, ඒත් ඉතින් බොන්නෙ නැතුවට මොකෑ කරන්නෙ..හෙහ් හෙහ්

      ගල් මල් මාර ෆයිට් එකක් දීල මාරය එක්ක ඡන්ද කීපෙන් බොලා දෙන්න කීර්තිට පරාද උනේ ඈ.

      Delete
    2. වසන්තය පටන් ගැනීමේ ඉඳන්ම ඩීන් විසින් පුබුදුවපු බ්ලොග් ගල් මල් වලට බොහොමත්ම ස්තූතියි.......!

      Delete
  10. පළමු වතාවට මමත් සහභාගී වුණා. ඡන්දය දැමීමෙන්. ජයග්‍රාගකයින්ට ඉත සිතින් සුභ පැතුම්

    ReplyDelete
  11. ලිපිවල කොලිටිය නොසළකා කොන්ටිටියට සම්මාන දෙනවා මේ දැක්කාමයි.

    කොන්ටිටියට මත පදනම්ව ඒ "විශේෂ ස්තුතිය සහ සමරු සම්මානය" දෙන්නේ මේ සංවිධායක මණ්ඩලයේ කොන්ටිටි සර්වේයරයෙකුවත් ඉන්නවාද මන්දා?

    ;-)

    ReplyDelete
    Replies
    1. https://upashantha.blogspot.com/2013/12/blog-post.html

      Delete
    2. සංවිධායකයෙක්ගේ හාමිනේ නම් කොන්ටිටි සර්වේයර් කෙනෙක්.... නිකන්ම නිකන් කොන්ටිටි සෙර්වේයර් කෙනෙකුත් නෙමෙයි, ඩුබායි පොලීසියේ කොන්ටිටි සර්වේයර් කෙනෙක්.....!

      Delete
  12. සැහ්.. නිට්ටැවා දිනුවද?? අපේ අයියා තමා අන්තිම මොහොත වෙනකම්ම උඩින් හිටියේ.. ජිල්මාට් එකක් වත් දාන්න තිබුනා සැහ්..

    බ්ලොග් වල පිබිදිමක් ඇති කරපු වැඩ පිළිවෙළක්.. මාත් බෝම සන්තෝස උනා. ජය වේවා.. සම්මානලාභීන්ටත් උණුසුම් සුභ පැතුම්.. ඒ අතරින් නිදාගෙන හිටි දෙන්නෙක්ම ඉන්න එක කොයි තරං වටිනවද කියල තේරෙනවානේ. අර ගල්කිස්ස කිට්ටුව තියෙන සම්මාන ප්‍රදානොත්ත්සවයට අපිටත් ආරාධනා පත්තර එවනවයි?

    උඹල හැමෝටම ජය

    ReplyDelete
    Replies
    1. මගේ එක උඹම ගනිං. හැක්..

      Delete
    2. මාත් හිතන්නෙ අයියා උඩම තමයි. මොකක් හරි ජිල් මාට් මුද්‍රණ දෝෂයක් හෝ කුමණ්ත්‍රනයක්. කෙසේවෙතත් මගෙ එකත් ලැක්චරර්තුමා ගන්න මොකද මාත් මුලටම චන්දෙ දුන්නෙ ඔබතුමාට.

      Delete
    3. ඇස් පේන්නැති නාකිනෙ බොලන් මෙතන ඉන්නෙ. යකෝ අපි මෙතන එක දෙක තේරුවෙ නෑ, තෝරන්නෙත් නෑ. වැඩිම ඡ්න්ද ලාභී තුන්දෙනා තමයි ගත්තෙ. මොකද එක දෙක කියල උඹලගෙන් කවුරුත් අනෙකට වඩා හොඳ හෝ නරකයි කියල කියන්න බෑ. එහෙම කරන එක අසාධාරණයි. ඒ නිසා කලබල නොවී හිටාල්ල, කමෙන්ට් කාරයො තුන්දෙනාටම එකම තෑග්ග. පෝස්ට් කාරයො තුන්දෙනාටම එකම තෑග්ග...හෙහ් හෙහ්

      Delete
    4. කමෙන්ට් කරුවන්ට දෙන සම්මාණෙ දෙන්න තිබ්බෙ මට , මම විතරයි ඩබල් දැම්මෙ , මෙතන මොකක් හරි කුමන්ත්‍රණයක් තියනව. හරියට ජනප්‍රියම පාසැල් ක්‍රිකට් ක්‍රීඩකය තෝරනව වගේ.

      Delete
    5. කම්මල් සුලඟ හමයි. කම්මල සමග නැගිටිමු. කම්මලගේ ආරක්ෂාව අඩු නොකරනු

      Delete
    6. එකම දෙකපාර දාල හොර චන්ද ගන්න බැලුවට පාක්ෂිකයො ඒවට රැවටෙන්නෙ නෑ හිටං. හැක්..

      ප්‍රා, 'කම්මලගේ දෙක රැක ගමු' කියන එක නැද්ද?

      Delete
    7. මේව කරල අපිවව වට්ටන්න බෑ අපෙ හාමුදුරුවනේ. අපි ආයෙත් දෙක කොහොම හරි දානව.

      Delete
    8. කම්මලේ. උඹල වැඩක් නෑ අපිට.. තුන දාන අයත් ඉන්නවා හරිය අපිට.. හැක්..

      ප්‍රා..

      බලපං බං මට චන්ද කීයද තියෙන්නේ. මං හිතා හිටියේ මොන තරං චන්ද මට වැටෙයි කියලද?? සමාර පෝස්ට් වලට එකක් වත් නෑ.. හෑ.. ඒවට මං දාපු මගේ චන්දෙත් අර සිංහයා නිරික්සිය කරල නෙහ්.. හැක්

      Delete
    9. උඹ කියන්නෙ මම අවුරුද්දටම ලියපු එකම එකටවත් එකම ඡන්දයක්වත් නෑනෙ. හැක්..

      Delete
  13. මට ලියාගන්න බැරිවුණා නොවැ.මොනාද බං ආයෙමත් අනවශ්‍ය මහප්‍රාණ.ප්‍රතිපල,ප්‍රතිචාර කියල ලියන්න හෙරෙන්නේ නැද්ද.

    ReplyDelete
    Replies
    1. මේ.. ‍ඔහේ කකුළෙන් අදින්නැතුව ඉන්නවද. හැක්...x 2

      Delete
    2. ගියපාර අර කකුල් මාට්ටු ගැන සිංහයා කිව්වේ මේකා ගැන වෙන්ටෝනේ.. හැක්

      Delete
    3. අමුඩෙයි පුකයි දෙකම ඇවිත්.

      Delete
    4. මුන් දෙන්න තමයි මෙතන ජිල්මාට් කාරයො දෙන්න

      Delete
    5. ඉස්සෙල්ලම බලන්න ඕනෙ සම්මානයක් ගන්න අවශ්‍ය කෙනෙක්ද කියල

      Delete
    6. //ඉස්සෙල්ලම බලන්න ඕනෙ සම්මානයක් ගන්න අවශ්‍ය කෙනෙක්ද කියල//

      හේ හේ.. බරපතල හිනාවක් ගියේ හොදේ.. ඕක අදාළ නෑනේ..

      Delete
    7. මේ දේශකයා වගේ වයසක මිනිස්සු කියන ඒවා හැලපයියා කනකට ගන්න එපා...ඊලග වසන්තයා ආපු දෙන්කො...

      Delete
  14. බොහොම සතුටුයි,සියල්ලන්ට සුබ පැතුම්...!

    ReplyDelete
  15. එළකිරි..... සියල්ලන්ටම සුපැතුම්...

    අර බීච් පාටියට අපිට එන්න බැරිද....?

    ReplyDelete
    Replies
    1. එන එකනං මොනාද බං , ආපහු යන එකනෙ ප්‍රශ්නෙ .

      Delete
  16. කස්ටියටම සුබපැතුම්!
    උඹලට ස්තුතියි, මටත් ලියමං පහක් හයක් ලියන්න හිතුනෙ උඹලගෙ මේ ව්‍යායාමය නිසා.

    මගේ මනාපයත් අන්තිම මොහොතෙ දුන්නෙ. සඳරුවගෙ බස් කතාවට. (කලබලේට‍ ඒකට විතරයි ගැහුවෙත්) කමෙන්ට්කරුවන්ගෙන් තිසර, ප්‍රා සහ ප්‍රසන්නට දුන්නෙ.

    ReplyDelete
    Replies
    1. ආං බලපන් උඹල මාව මුරුංග අත්තෙ තියල. මම සම්මාණෙ ගන්න යන්න අලුත් සූට් එකකුත් මැහුව

      Delete
    2. උගන්ඩාවටවත් යන්න බලමු කම්මල්තුමා

      Delete
    3. උඹ අලුත් සූට් එක ඇඳල ජනේලීකට නැගල කතාවක් කරහන්. අපි එන්නන් පඩිකපනාරාමෙ මඩුවක් ගහල ඔෆිස් එකක් දාන්න.

      Delete
    4. ආං බලපන් උඹල මාව මුරුංග අත්තෙ තියල. මම සම්මාණෙ ගන්න යන්න අලුත් සූට් එකකුත් මැහුව//
      මොකක් ගැනද කියන්නෙ?

      Delete
    5. මරල හරි ගම්මු කම්මලේ. අරින්න එපා.

      Delete
    6. රාජ්, මට අපේ අමනදාස කියපු හින්ද මේ කමෙන්ට් කරුවන්ගෙ චන්දෙට මම ඉදිරිපත් උනා , අන්තිමට මට ඉතුරු වෙලා තිබ්බ දෙකත් නැති උනා, මාත එක්ක එක මුරුක්කුව කාල ෂොට් එක දැම්ම එකා ගොඩ ගියා..

      Delete
    7. මුරුක්කු කාල කාටද හරි ගියේ, ආප්ප කන්ට ඕනෙ.

      ඔබතුමා සම්මාන ගන්න අවශ්‍ය කෙනෙක්ද කියල චෙක් කර ගත්තද මුලින්ම?

      Delete
    8. හැක්.. හැක්.. දැං තමයි ප්‍රාගෙ උඩ අවශ්‍ය කොමෙන්ට් එක තේරුනේ.

      Delete
    9. ඇයි මම අට පාස් , විලි ලැජ්ජාව කියන එක ඇත්තෙම නෑ. ඔය මදිද සම්මාණෙ ගන්න ප්‍රාජේ තුමනි.

      Delete
  17. ඉන්දික, උඹලගෙ දහසක් වැඩ රාජකාරි මැද්දෙ සිංහල බ්ලොග් වෙනුවෙන් මේ කරපු කැපකිරීම ඉතාමත් අගය කරනව. අලුත් කට්ටිය, පරණ කට්ටිය සෑහෙන ප්‍රමාණයක් අලුතෙන් ලියන්න පටන් ගත්ත උඹලගෙ මේ වැඩේ හින්ද.

    ජයග්‍රහණය ලබපු බ්ලොග් ලියන්නන්ටත්, කොමෙන්ට් කරුවන්ටත් සුබ පතනව. ඒ වගේම මාව ජයග්‍රහණය කරවන්න චන්දෙ දීපු හැමෝටම හදවතින්ම ස්තුතිය පුද කරනව.

    ReplyDelete
    Replies
    1. මම දුන්නෙත් නෑ බොට චන්දෛ්.. ඒත් උඹ දිනල නෙව.. කෝමද බං ඒ...

      Delete
    2. මං සිංහයට කුට්ටියක් දුන්න.

      Delete
    3. ජයග්‍රහණය කලා වගේ නෙමෙයි ඕං, දැන් ඉතින් පක්ෂ විපක්ෂ හැමෝටම වැඩ කරන්න වෙයි, තමන්ගේ ෆොටෝ ගහලා අනුන්ගේ සහනාධාර බෙදනවා එහෙම නෙමෙයි ඕං.....!

      Delete
    4. අපි ඉතිං ඔය කෙසෙල් ගෙඩියක් වගේ එකක් බෙදුවොත් මිසක වෙන ඒව බෙදන්න යන්නෑ.

      Delete
  18. ඉන්දික එනවයි දැනගැනීම සතුටක්. කොහොමහරි Mr. Long-mat Heroic-lion වත් අරගෙනම එන්න

    ReplyDelete
    Replies
    1. මම හිතාගෙන හිටියේ ප්‍රා ඉන්නේ පිට රටක කියලා!

      Delete
    2. මොකෙක්වත් වර්ක් පර්මිට් එකක් දෙන්නෙ නෑන

      Delete
  19. මෙහෙම දෙයක් තියෙනවා කියල දුමී කිව්වා තමා.. ලිපි ලියන්න කියලත් මට ඇරයුම් කළා.. ඒත් ලියන්න තියා මෙයාල ලියපු එකම ලිපියක්වත් කියවන්න බැරි උනා.. ජන්දය දුන්නෙත් නෑ.. සුභපතනවා (ජයග්‍රහණය කළ, නොකළ, සංවිධානය කළ, ජන්දය ප්‍රකාශ කළ, අනුග්‍රහණය කළ) හැමෝටම!!

    ReplyDelete
    Replies
    1. 'අනුග්‍රහණය' ඒ මොකක්ද අප්ප ඒ.

      Delete
  20. වසන්තය නියමයි!!! හැමෝටම සුබ පැතුම්!!!!!

    වසන්තට පස්සේ හසන්ත කියලාවත් එකක් පටන් ගන්නයි තියෙන්නේ....සංවිධානය කරපු එවුන්ට ස්තූතියි!!!!!

    ReplyDelete
  21. අඩේ...අඩේ..ප්‍රතිපල ලිස්ට් එක දැක්කෙ දැනුයි...

    මට මනාපය දුන් සියළු දෙනාට මගේ ස්තූතිය!!!! බලපන් ඉතින් අපිත් ගරු ජහමන නියෝජිතයෝ වගේ ස්තූති කිරීමේ වටය කරන්නත් එපැයි.

    ReplyDelete
    Replies
    1. ජයවේවා !!
      -ජහමනයා-

      Delete
    2. කාටද ආඩම්බර ..එක පැත්තක අරූ ,අනිත් පැත්තේ රසික ...හැක් හැක්
      මගේ මනාපේ මටම දාගන්න තිබුනා ..හැක් හැක්

      Delete
  22. බ්ලොග් පවත්වාගෙන යන්න ඉහළම මෙහෙය කරන්නේ කොමෙන්ට්කරුවෝ. ඔවුන්ට දුන්න තැන ගැන බොහොම ස්තූතියි . ඒ වගේම තමයි ලොවට අණබෙර නොගසා රටට දැයට දැනෙන සේවාවක් ඉටුකරන "කවිඳු" දොස්තර මහත්තයාට දෙන තෑග්ගත් ගොඩක් වටිනවා. ලැබිය යුතු තැනටම ලැබී තිබේ.

    ReplyDelete
  23. මෙවර වසන්තයට ලියන්න බැරි උනාට ගියවර වසන්තයට ලියන්න හැකි උනා...ඊලග වසන්තයට ලියන්න ෆුල් ට්‍ර‍යි එකක් දෙමි...සංවිධායකයන්ට ස්තූතිවන්ත වෙන්න ඕනෙ මේ වගේ තරගයක් සංවිධානය කලාට..ජයගත් හැමටම සුභ පැතුම්!

    ReplyDelete
  24. වසන්තයට විතරක් නෙමෙයි කාලෙකින් මුකුත් ලියන්න බැරි උනා...
    හැබැයි වෙලාවක් හොයාගෙන ඇවිත් ජන්දේ දාල ගියා, එව්වා අපේ යුතුකම් නොවැ...

    ජයග්‍රහණය කල සෑම දෙනාටම මගේ උණුසුම් සුභ පැතුම්...
    දැන් ඉතින් තියෙන්නේ "දිනු දේ රැක ගන්න එක" තමයි, හෙහ් හෙහ්... ;)

    ReplyDelete
  25. ජයවේවා හැමෝටම .....

    ඕ අදුන ගන්න කිව් පිරිස මෙන්න 
    උන්නත් මැරුණත් එක වාගේයි 
    අප හට මේ ලෝකේ ...
    අද අප අතේ නැත තඹ සතේ
    හෙට මේ අතේ මිණි මුතු ඇති 
    උතුවන් කන්දෙන් පිටවී එන්නේ 
    රජකම් කරමින් අප මෙහි ඉන්නේ ..
    කාටද බය වෙන්නේ ...
    අද අප ඇති කඳුලැලි නැති 
    ලොව කඳුළු මේ මුතු කැට වුනි 
    සිව්රඟ සේනා ආවත් රොක් වෙලා 
    සිත බිය සැක නැත ඉන්නෙමු එක්වෙලා 
    සිත එකවගේ බැඳිලා ...
    බය නෑ හිතේ මැරුණත් අපි 
    ඉතිහාසයේ අපේ නම තිබේ 
    දිනුම ලබනු මිස පැරදුම නැ හිතේ 
    අඬ අඬ ඉන්නට කල්මදී ජිවිතේ 
    පෙරටයි ගමන අපේ ...
    ගායනය - එම් .එස් ප්‍රනාන්දු 
    ගී පද - කරුණාරත්න අබේසේකර 
    සංගීතය - පි .එල් .ඒ සෝමපාල 
    (හින්දි තනුවකි )
    ( රත්තරන් අම්මා චිත්‍රපටියෙන් - 1975 )

    ReplyDelete
  26. සියළු ජයග්‍රාහකයින්ට හද පිරි සුබ පැතුම් !!!!

    ReplyDelete
  27. බොහොම සතුටුයි. කොහෙද ඉතින් අපිට තරඟ මතක් වෙද්දි ඒවා ඉවර වෙලා සම්මානත් දීලා නෙව.

    ජයග්‍රාහකයින්ටත් සුභ පැතුම්.
    අනුග්‍රාහකයන්ටත් බොහොම ස්තුතියි

    ReplyDelete
  28. ගිය අවුරුද්දේ වසන්තයට ලියපු ලියුමෙන් පස්සේ හරියට අවුරුද්දක් විතර කිසිම දෙයක් ලිව්වේ නෑ. ඉන්දිකලා දුමීලා සහ අනෙකුත් මේ ගැන උනන්දු පිරිස නිසා නැවත බ්ලොග් එක ගැන පොඩි අවධානයක් යොමු වුනා. බ්ලොග් ලෝකය දැන් ටිකක් වෙනස් වෙලා. විස්ථාරණය වෙලා. මගේ බලාපොරොත්තුවත් පුලුවන් හැටියට මාසයකට ලිපි දෙකක් පමණ ඉදිරිපත් කරමින් බ්ලොග් එක දිගටම කරගෙන යන්න.

    බ්ලොග් වසන්තය වෙනුවෙන් ඉදිරිපත් කළ ලිපි වලට ඡන්දය ලබා දුන් සියලු දෙනාට ම අනේක වාරයක් ස්තූතියි. ඒ ප්‍රථිපලය මට හැබෑම දිරිමක් කිරීමක් වුනා.

    ඒ වගේම දුමී, ඉන්දික ඇතුලු සංවිධායක මණ්ඩලයටත් අනේක වාරයක් ස්තූතියි.

    (ඒක නෙමෙයි....සල්ලි කීයක් හම්බෙයිද දන්නෑ - නේ! :D )

    ReplyDelete
    Replies
    1. කෙහෙල් කොටුවේ චූටි මහත්තයා, සඳරු වගේ රහට ලියන උන් මාසෙකට එකක් හරි බ්ලොග් ලිපියක් ලියනවා කියන තැනට ගේන්න සමත් වෙච්ච එකම වසන්තයේ සමත්කම ගැන සන්තෝස වෙන්න කාරණාවක් !

      Delete
    2. මේ කවුද උඹට මුදල් තෑග්ගක් දෙනවා කියලා බොරු කියපු එකා....? උඹලා තාමත් ටොයියෝ කියන ඒවා විශ්වාස කරනවනේ......!

      Delete
  29. සියල්ලන්ටම උණුසුම් සුභ පැතුම්
    ජයෙන් ජයම වේවා...

    ReplyDelete
  30. අඩේ සඳරු මලයා.... මගේ සුබ පැතුම්...... මගේ මනාපෙත් ඔබටයි දුන්නේ

    ReplyDelete
  31. wasantha kale puraama karadara walak , wasanthaya matanam thapayath nathiwuna ekak , dinapu hamotama suba pathum .

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails