Monday, May 30, 2016

බ්ලොග් වසන්තය නි(ය)මයිද?


බ්ලොග් වසන්තය ෆේස්බුක් පේජයට අනුව ඡන්දයට එක් කල සියලු සටහන්වල එකතුව 223 කි.

ඒ අප බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා ඉතා ඉහල අගයකි. වැස්ස, ගං වතුර සහ කකුල් මාට්ටු මැද වසන්තය පිටුවෙහි මෙතරම් ලිපි දැකීමට ලැබීම සතුටුයැයි යලි කිවිය යුතුද?

ඡන්ද ලද ගණන හෝ ලැබූ ඡන්ද ගණන නොව ඔබ ලියූ සටහන් ගණන ඉහල යාම, කලක් සිසිර නින්දේ හුන් බුද්ධි, සඳරු, බින්දි, ටොපිය මෙන්ම පසුගිය දිනවල බ්ලොග් අමතක කල සෑමා, ශාකුන්තල, රාජ්, දේශා, වැන්නවුන් යලි එක්වීමත්, බෝධිනී, මාරයා ආදීන්ගේ සටහන් යලි දකින්නට ලැබීමත් වසන්තයාගේ උපරිම සතුටට හේතූන් වේ.

ඉදින්, මේ වනතෙක් වසන්තය ෆේස්බුක් පිටුවෙහි අප දුටු සියලු සටහන් ඡන්ද පිටුවට එක් කලෙමු. මැයි 31 වෙනි හෙට රෑ ලන්කාවෙ වෙලාවෙන් 12.00 ඡන්දෙ දීම නැවතේ. එතෙක්, ඔබේ අවසාන මනාපය දෙන්නට බලා හුන් අයට අවස්ථාව.

ජයග්‍රාහකයින් කවුදැයි කාටත් පැහැදිලි නිසා, පළවෙනිදාට තෑගි සහ ඉදිරි පියවර ගැන කියන්නම්.

වසන්තය වසන්තයක් කරගන්න එක් වූ ඔබ සැමට තවත් වසන්තයකදි හමුවන තුරු දිනපතා රසවත් ලිපි ලියන්නට ජය හා ශක්තිය.

ප/ලි, වසන්තයා පිටුවෙහි වැඩිම ලිපි ගාණක් පළ උනේ කාගෙ බ්ලොගයෙන්ද කියා දුටුවෙහිද? 

40 comments:

  1. කවුරු මොනවා කරන්න ගියාත් කකුල් මාට්ටු,බෙලි කැපිලි අඩුවක් නැතිව තියෙන එක අපේ අන්‍යාතාවක්නේ.ඒවැනි දේවල් වලින් නොසැලි ඉලක්ක සපුරා ගැනිම ගැන අපේ සුබ පැතුම්...

    වැඩිම ලිපි රසිකගේ බ්ලොග් එකෙන්වත්ද ?

    ReplyDelete
    Replies
    1. ඒව එහෙම තමා. වැඩිම කාගෙද කියල හෙට කියන්නම්.

      Delete
  2. තරගය හෙටින් ඉවර උනාට බ්ලෝග් වසන්තය පිටුව දිගටම කරගෙන ගියානම් හොදයි කියලා හිතෙනවා

    ReplyDelete
    Replies
    1. පිටුව දිගටම තියෙනව. දිගට ලියන්න.

      Delete
  3. කකුල් මාට්ටු ?????

    ReplyDelete
    Replies
    1. ඔව් බන්, දන්නැද්ද ඉතින්...

      Delete
  4. බ්ලොග් වසන්තය කාලේ මම නිවාඩුවට ලංකාවේ. බ්ලොග් වසන්තය නිම උනත් නියමයි කියල තමයි කියන්නේ.

    ReplyDelete
    Replies
    1. වසන්තය පහුවෙලා ලියන්න. ඩිනේෂ්ගෙ පොත ආවමවත් ගන්න බලන්න ඕන.

      Delete
  5. මම ටික් කරනවා කරනවා වෙන්නේ නැහැනේ. බ්‍රව්සර් එකේ ලෙඩක්ද?

    ReplyDelete
    Replies
    1. දන්නෙ නෑ, වෙන එකක් ට්‍රයි කරහන්. අද කට්ටිය ඡන්දෙ දාල තිබ්බ.

      Delete
  6. ඔන්න අපිත් අන්තිම මොහොතේ ඡන්දය දැම්මා... ජයග්‍රාහකයන් පැහැදිලියි? ඒ කොහොමද?

    ReplyDelete
    Replies
    1. ඇයි බොල එක එකා ගත්ත ඡන්ද ගාන ඒකෙ දාල තියෙන්නෙ.

      Delete
    2. තිසරගෙ ඡ්න්දෙ මෙච්චරකල් දැම්මෙ නැද්ද... ප්‍රසා හරි

      Delete
  7. අපි රසිකට... රසික අපිට... කියලා කට්ටිය කියනව කියන්නේ..

    ReplyDelete
    Replies
    1. අපි රසිකට නොවේ අපි කකාට.

      Delete
  8. ජය වේවා !!!!! ( වසන්තයට )

    ReplyDelete
  9. ආ.............. ඒ කියන්නේ එහෙම එකක් තිබුණැයි.......????????? දැන් ගිම්හානයද බං...... (විහිළුවට හරිය)

    ReplyDelete
    Replies
    1. ඔව් පේන්නැද්ද රස්නෙ.

      Delete
  10. සිංහල බ්ලොග් කලාවේ උන්නතිය උදෙසා උඹල කල මේ දේ විශිෂ්ටයි.
    ජයවේවා !

    ReplyDelete
    Replies
    1. අනිව, උඹෙන් මේ අවුරුද්දෙත් පෝස්ට් එකක් ගත්තු එකම මදිද. උඹෙ සහයෝගයට ස්තූතියි

      Delete
  11. මචං මටත් ගහල හරි සම්මානයක් දියං අර *රි සඳරුවට නොදී.. හැක්

    මේ පාරත් රසික තමා වැඩිම පෝස්ට් ගාන. මැයි මාසෙටත් විසි පහක්ද කොහේද?? ඉතිං අපි නැට්ට හපාගෙන ගියත් පොරව අල්ලනව බොරු.

    කකුල් මාට්ටු. කව්ද බං ඕවා ගනං ගන්නේ.. හැබෑටම මේක අවුරුද්දෙන් පස්සේ පටන් ගත්ත එක ලොකු වටිනාකමක් එකතු කලා. ඊටත් වඩා වටින්නේ බුද්ධිල වගේ උන් නැගිට්ට ගන්න හැකි උන එකටයි.. උඹලගේ පෞද්ගලික කරදර අටෝරාසියක් මැද්දෙ අපි වෙනුවෙන් කළ මේ මෙහෙයට උඹටත් අර කුඩු දුමියටත් ස්තුතියි.. ජය

    ReplyDelete
    Replies
    1. ඉඳහං අර ශ්‍රංගයට කියල ගහල වලින් සම්මානයක් හදල දෙන්න.

      Delete
    2. දේශ,, හෙහ් හෙහ්.. උඹ ඕක මට ඉන්බොක්ස් කරානම් ඉවරනෙ. ඒ නැත්තන් අර තොගෙ මැස්මරයිස් වෙන කෙටි කතාවක් ලිව්වනම් අනිව ලැබෙනව. ඒත් අවුල ඕක දෙන්නෙ කොහොමද කියන එකයි. මොකද උඹ සදාකල් ගෝස්ට් රයිටර් නෙව

      Delete
  12. මං හිතුවා අමතක උනා කියලා.....

    ReplyDelete
    Replies
    1. උඹල හිතන විදිහයි අපි කරන විදිහයි වෙනස් බන්.

      Delete
  13. මොනවද බං කකුල් මාට්ටු බෙලි කැපිලි.

    ReplyDelete
    Replies
    1. ජාතික අනන්‍යතාවනෙ බන්. උඹ හැමදාම මගෙ බ්ලොගේ කමෙන්ට් කරනව, ඒ පැත්තෙ මම ආව, නාව. මේ ස්තූතිය ඒකටයි.

      Delete
  14. මොන මගුලක්ද මංදා. ඔය වැඩේ මීටරේට වැටෙන්නෙම නැහැනෙ. කොහෙ තියෙන ඡන්දයක්ද...දාන්නෙ කොහොමද..
    මං වගේ මැට්ටො වෙන නැද්ද මංදා.

    ReplyDelete
    Replies
    1. ඇයි අර උඩ දකුණු කෙරෝලෙ තියෙන්නෙ යන පාර ඊතලයක් ගහල.

      Delete
    2. හෙන්‍රි, ඔව්ව ඔහොම තමා, කාලය මැව් වෙනසක අරුමේ. ඔය ප්‍රසා කිව්ව වගේ උඩ දකුණු පැත්තෙ තියෙන ඊතලේට කොටන්න.

      Delete
  15. ගෑණියේ ඔය කඩළ මුට්ටියක් තම්බපන්...ඒයි කොලුවො ඔය මාටිං මාමාටත් බෝතලයක් අරන් මෙහේ එන්න කියපං. අද ඡන්දෙ..

    ReplyDelete
    Replies
    1. බෝතලෙ ගනින් මචන්, අඩියක් ගහමු මචන්
      බයිට් එකක් ගෙනෙ මචන්, සිගරට් එකක් දියන් මචන්

      එහෙනම් මචන් ගහමු මචන්
      චියර්ස් මචන්..චියර්ස් මචන්

      ගහමු මචන් අපි පොල් බෝතලේ
      සැන්ඩි එක තමයි සෝඩ බෝතලේ
      කොච්චර කෑවත් බිව්වත් මචන්
      කැත වැඩ හොඳ නනෙ මචන්

      බෑන් චූන් එක හරි ජාති
      කවුරුත් නැටවෙන පද වයති
      අපි ඔක්කොම එක රටේ මචන්
      සහෝදරයො වගෙ නටමු මචන්

      නන්ගිල මල්ලිල නටන නිසා
      අම්මල තාත්තල බලන නිසා
      සින්දුවකුත් අපි කියමු මචන්
      හැබැයි.. කැත වචන නැතිව මචන්


      පද/ ගායන/ සන්ගීතය - එම් එස්.

      Delete
    2. https://www.youtube.com/watch?v=MilQlalzT4g&feature=youtu.be

      Delete
  16. එකෙන්ම වසන්තයාට ජය වේවා !!!!

    හුරේ ……

    ReplyDelete
  17. කෝ ඡන්ද ප්‍රතිපල? කෝ මම ඊයෙ දාපු කමෙන්ටුව?

    ReplyDelete
  18. චන්දෙ ඉවරද? දැන් ඒකාබද්ද විපස්සයක් නැගිටියිද?

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails