Monday, April 25, 2016

වසන්තයාට ඔබේ මනාපය දෙන්න - මෙන්න විස්තරේ


දයාබර මිතුරු මිතුරියනි,

ඔන්න බ්ලොග් වසන්තයේ බ්ලොග් මල් පල දරන්න පටන් අරගෙන. අපි හැමෝටම බ්ලොග් වසන්තයේ සුන්දරත්වය විඳගන්න කාලය ඇවිදින්. බ්ලොග් වසන්තය පිටුවෙහි පළ වෙන සියළුම ලිපි අතරින් ඔබගේ සිත් ගත් ලිපියට ඔබගේ මනාපය පල කරන්න ක්‍රමයක් ඔන්න හඳුන්වා දීලා තියෙනවා. බ්ලොග් වසන්තය පිටුවේ පළවන සෑම බ්ලොග් ලිපියක්ම අප මේ මනාප විමසුමට ඇතුලත් කරනවා. මැයි මාසයේ අවසානය දක්වා අපි මෙය පවත්වාගෙන යන්න තමයි බලාපොරොත්තුව.
ඔබගේ සිත් ගත් ලිපි 5ක් දක්වා ඔබට මනාපය පල කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, බ්ලොග් අවකාශයේ ජීව නාලිය වන ප්‍රථිචාර දක්වන සහෘදයන්වත් අපි අමතක කරන්නේ නෑ. ඔයගොල්ලන්ට පුළුවන් ඔබගේ සිත් ගත් හොඳම කමෙන්ට් කරු නොහොත් හොඳම ප්‍රථිචාර දක්වන්නාටත් ඔබගේ මනාපයක් ලබා දෙන්න.
මෙන්න මේ ලින්කුව දිගේ චන්ද පොලට පිවිසිය හැක. ඇවැසි වන්නේ ඔබ ගුගුල් ගිණුමකින් සම්බන්ධ වීම පමණකි. අප ඔබගේ කිසිම පුද්ගලික විස්තරයක් ලබාගන්නේ නෑ....

පසුව පළවන ලද සිත්ගත් ලිපියක් නිසා ඔබට යම් අවස්ථාවක ඔබගේ මනාපය වෙනස් කිරීමට ඇවැසි නම්, නැවතත් මේ සබැඳිය දිගේ ගොස් ඔබේ මනාප වෙනස් කිරීමට හැකියාව තියෙනවා.

වසන්තය ඡන්ද ලැයිස්තුවට ඔබේ පෝස්ට් එක ඇතුලත්ව නැතිනම්, කරුනාකර බ්ලොග් වසන්තය ෆේස් බුක් පිටුවෙහිසටහනක් දමන්න, නැතිනම් බ්ලොග් වසන්තය ෆේස් බුක් ගිණුමට පුද්ගලික පණිවුඩයක් මගින් හෝ මෙහි පහත කමෙන්ට් කොට අපව දැණුවත් කරන්න කාරුණික වන්න.

අපට මෙම විමසුමට ඇතුලත් කල හැකි පෝස්ට් ගණනෙහි සීමාවක් ඇති නිසා සති දෙකකට පසු අඩුම ඡන්ද ලැබූ පෝස්ට් කිහිපයක් ඒ කතුවරුන්ට කෙරෙන පුද්ගලික දැණුම්දීමකින් පසු ඉවත් කෙරෙනු ඇත.

මේ පහත සඳහන් විජට්ටුව ඔබගේ බ්ලොග් අඩවියේ ස්ථාපනය කර චන්දය දැමීමට පැමිණෙන සියළුම දෙනාට චන්ද පොල වෙත පිවිසීමට සහය වනමෙන් ඉල්ලා සිටිමු.

http://goo.gl/forms/mjUZ37uPEX" target="_blank">http://i.imgur.com/8Iny3RA.jpg?1
" width="60%" height="60%"/>

64 comments:

  1. පහුගිය මාසය තුළ නොසෑහෙන්න නිවාඩු ගිය නිසා බ්ලොග් කියවීම අතපසු වුණා!

    ReplyDelete
  2. ඡන්දෙ දුන්නා. බොහොම ස්තූතියි

    ReplyDelete
  3. මචන්, කමෙන්ට් කරුවන් අතර ඉන්නම ඕනා, බොහොම පැරණි කමෙන්ට් කරුවෙක්ව අමතක වෙලා.. ඌව වහාම ඇඩ් කරපන්... ඌ නමින් බුරතිනෝය....

    ReplyDelete
    Replies
    1. බුරතීනෝව ඇඩ් කලා

      Delete
    2. බුරා මේ දවස්වල කොහෙ ගිහින්ද මන්ද

      Delete
  4. උලව් විජට් එක වැඩ නෑත.. හරි එක දාපාආඅන්...

    ReplyDelete
    Replies
    1. මෙන්න මෙතනින් විජට්ටුව ලබා ගන්න.

      "බ්ලොග් වසන්තය චන්ද පොලට විජට්ටුව" යටින් ඇති "HTML" code සම්පූර්ණ ලයින් එකම කොපි කර ඔබගේ "HTML/Javascript" විජට්ටුව ඇතුලත් කරන තැන පේස්ට් කරන්න.

      Delete
  5. විජට්ටුව ඇඩ් කරගන්නනං
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. විජෙට්ටුව වැඩ නෑනෙ ස්ක්‍රිප්ට් එකේ අකුරු ටික විතරනෙ පෙන්නන්නෙ
      අයිං නොකර තියන්නං.. බලන්නකො ටිකක්...
      මොකක් හරි අවුලක් වගෙයි

      Delete
    2. මෙන්න මෙතනින් විජට්ටුව ලබා ගන්න.

      "බ්ලොග් වසන්තය චන්ද පොලට විජට්ටුව" යටින් ඇති "" සම්පූර්ණ ලයින් එකම කොපි කර ඔබගේ "" විජට්ටුව ඇතුලත් කරන තැන පේස්ට් කරන්න.

      Delete
  6. මාත් ඡන්දය දුන්නා... ගැජට් එකත් එල්ලුවා.. ප්‍රථිපල බැලුවාම නම්.. මේක එක පිරිසකට පමණක් සීම උන් එකක් බව පේනවා.. මගේ අවංක අදහසයි මම කිව්වේ... ඊට වඩා උඹලා කතා වෙලා තීරණයක් දුන්නා නම් හොඳයි වගේ... නෙළුම් යාය වගේ... නැත්නම් මේක ස්කූල් බෝයි ක්‍රිකටර් තෝරන විකාරේ වගේ වෙයි..

    ReplyDelete
    Replies
    1. මාතෙ ගැජට්ටුවට ස්ක්‍රිප්ට් එක ගත්තෙ මෙතනින්මද..
      මං එල්ලුව එක වැඩ නෑනෙ...

      Delete
    2. මෙන්න මෙතනින් විජට්ටුව ලබා ගන්න.

      "බ්ලොග් වසන්තය චන්ද පොලට විජට්ටුව" යටින් ඇති "HTML" code සම්පූර්ණ ලයින් එකම කොපි කර ඔබගේ "HTML/Javascript" විජට්ටුව ඇතුලත් කරන තැන පේස්ට් කරන්න.

      Delete
    3. මාතලන් මාමාගේ අදහසට ගරු කරනවා. ඒත් අපිට අවශ්‍යය උනේ බ්ලොග් රසිකයින් විසින්ම තමන්ගේ රුචි අරුචි කම් අනුව ලියවෙන හොඳම පෝස්ටුව ඔවුන් විසින්ම තෝරා ගැනීමට සැලැස්වීම.

      නෙළුම් යායේ ක්‍රමවේදය සුවිශේෂයි. ඒ වගේ ටිකක් කම්ප්ලෙක්ස් ප්‍රොසෙස් එකකට යෑමට ප්‍රැක්ටිකල් ප්‍රශ්න කීපයක් අපිට තියෙනවා.

      හොර චන්ද දැමීමට හැකියාවක් නෑ. ඒ සඳහා අයිපී වැලිඩේට් කරන ක්‍රමවේදයක් ගුගුල් හී තිබෙනවා.

      Delete
    4. ඒකෙන් වෙන්නේ පුතේ මේ වැඩේ චා වෙනවා...

      Delete
    5. මාත, අපිටත් තියෙන සීමිත වෙලාව සහ සම්පත් වලින් තමා මේ කරන්නෙ. මේකෙන් හොඳම බ්ලොග් පෝස්ට් එක නොතේරුනාට ජනප්‍රියම එක තේරෙයි. මොකද මේකත් රියැලිටි වැඩක් නිසා.

      Delete
    6. අර ඉන්දික කිව්වා වගේ අපේ මේ ප්‍රයත්නය හොඳම බ්ලොග් අඩවිය හෝ හොඳම බ්ලොග් කරුවා තේරීම නොවෙයි. නෙළුම් යායෙන් ඒ කාර්‍යයභාරය උපරිමයෙන්ම සිදු වන නිසා ඒ සඳහා තවත් ප්‍රයත්නයක් දැරිම්ම අනවශ්‍යයි.

      අපි මෙතනදි හිතුවේ රයිටර් බ්ලොක් හැදිලා හෝ වෙනයම් හේතුවක් මත නොලියා ඉන්න බ්ලොග් කරුවන් දිරිමත් කර නැවත බ්ලොග් ස්පියර් එකට අරගෙන එන්න උත්තේජනයක් දෙන්න. එතනදි ඔවුන්ට තමන්ගේ ලිපි වර්ථමානයේ දක්ෂතා පෙන්වන බ්ලොග් කරුවන් හා සමතත්වය ලා සැසඳීමක් කර තමන් ගැන තක්සේරුවක් ලබා දීමයි. ඒ තක්සේරුව කිරීම බ්ලොග් කියවන රසික රසිකාවියන්ටම භාරදීමයි.

      මෙතනදී තේරෙන්නේ මේ කාලසීමාවේදී ලියවෙන ජනප්‍රියතම බ්ලොග් ලිපියයි. එය සමහර විට හොඳම බ්ලොග් ලිපිය නොවන්න ඉඩ තියෙනවා.

      Delete
    7. ගැජට් එක එල්ලුවා . පස්ස එකියවල චන්දෙ දෙන්නම්.

      Delete
  7. //වසන්තය ඡන්ද ලැයිස්තුවට ඔබේ පෝස්ට් එක ඇතුලත්ව නැතිනම්, කරුනාකර බ්ලොග් වසන්තය ෆේස් බුක් පිටුවෙහිසටහනක් දමන්න//

    දැම්මා දැම්මා

    ReplyDelete
    Replies
    1. අනේ උඹ ලියල ඉඳහංකො. වසන්ත ටෙක්ස්ල හැක්..

      Delete
    2. හිටින් උඹෙ ඒ පට්ට පෝස්ට් එක දාන්න ලැයිස්තුවට.

      Delete
  8. හොර ඡන්ද දාන්න බැරිද ලොක්ක.

    ReplyDelete
    Replies
    1. අමාරුයි, උඹෙ අයිපී එක ගූගල් දෙය්ය ට්‍රේස් කරගන්නවලු. හැබැයි කැන්වසින් කරල දන්න උන්ගෙ ඡන්ද දාගන්න පුලුවන්... හැක්.

      Delete
  9. Replies
    1. හොඳ වෙලාවට තුනෙන්ම නොවුනෙ. හැක්..

      Delete
    2. වසන්ත සමය ලං වෙලා
      කෝකිල නදින් මත් වෙලා
      සිසිල් සුළං යාවි - පා වෙලා :D :D

      Delete
    3. වසන්තයේ මල් පොකුරු නෙළා
      ඔබ මා දෝතට ගෙනෙන තුරා
      මඟ බලමින් මා සිටියා
      සොඳුරු වසන්තේ ගෙවෙන තුරා

      Delete
  10. චන්දෙ දැම්මා.
    වසන්තගෙ බ්ලොග් එක තිබුනෙ නෑනෙ

    ReplyDelete
    Replies
    1. එහෙනං සිසිරගෙ එකට ලයික් එකක් දාන්න.

      Delete
    2. සන්විධායකයන් තරඟයේ නැත

      Delete
  11. මෙන්න මෙතනින් විජට්ටුව ලබා ගන්න.

    "බ්ලොග් වසන්තය චන්ද පොලට විජට්ටුව" යටින් ඇති "HTML" code සම්පූර්ණ ලයින් එකම කොපි කර ඔබගේ "HTML/Javascript" විජට්ටුව ඇතුලත් කරන තැන පේස්ට් කරන්න.

    බ්ලොගර් වල ඇති එක අවුලක් තමයි මේ වගේ "HTML" කෝඩ් රෙෆරන්ස් එකක් විදිහට දෙන්න බැරි වීම. බ්ලොගර් විසින් ඒ ඛේතයන්හී ඇති ටැග්ස් ප්‍රොසෙස් කිරීම ඊට හේතුවයි. බහුතරයක් ෆෝරම් වල නම් මෙවැනි කෝඩ් කෑලි [code][/code] විදිහට ෆෝමට් කර ඇතුලත් කල හැක.

    ReplyDelete
  12. අපෝ චන්දෙ දීල අපි විලිලැජ්ජාවෙ ඉන්නෙ, ආයෙ චන්දෙ කියද්දිත් ලැජ්ජයි.
    වසන්තය හින්ද හරි කමක් නෑ කාලෙකින් කෂ්ටිය ලියනව දැකීම සතුටක්

    ReplyDelete
    Replies
    1. අනී මේ, නිකන් බබා වෙන්නෙ නැතුව ගිහින් උඹට එකයි, තව කාට කාට හරි දීහෙකුයි ගහල වරෙන්

      Delete
  13. අපෝ චන්දෙ දීල අපි විලිලැජ්ජාවෙ ඉන්නෙ, ආයෙ චන්දෙ කියද්දිත් ලැජ්ජයි.වසන්තය හින්ද හරි කමක් නෑ කාලෙකින් කෂ්ටිය ලියනව දැකීම සතුටක්

    ReplyDelete
    Replies
    1. ඔන්න කම්මලේ ඉතුරු එක මං දැම්ම :D
      ලබන පාර මතක ඇතුව දෙකම දාපිය..මට ආයෙ නං බෑ .. හැක් හැක්

      Delete
    2. දැන් කම්මලේ ස්ලීව් එකක් ගහල දෙක දෙක වැටෙන එක නවත්තගෙනලු

      Delete
    3. දෙක දැම්ම බල්ලට, දැන් දෙකෙන් වැඩක් නෑ

      Delete
  14. තාම ඔක්කොම කියෙව්වේ නැහැ. මාසයක්ම තියෙනවනේ. හිමිට කියෝලා මනාප දෙන්නම්. කෙහෙල් කොරටුවේ මානා එක්කහු කරන්න.

    ReplyDelete
    Replies
    1. අපෝ මෙයා අර ගෙදර වළන් කිළිටු රෙදි වගේ මේකත් කල් දාලනෙ

      Delete
  15. හැමිනෙනවා. ලියන්න ගත්ත විතරයි මෙන්න ඡන්දෙකුත් පටන් අරන්.

    ජය !

    ReplyDelete
    Replies
    1. හැමිනෙනවා ලියල කිටිය කොටිය වෙයි හරී

      Delete
    2. අර අටම කිවුව සෑමගෙ හනිමූන් වීඩියෝ එකත් මේ එක්කම අවුට් වෙයිද දන්නෑ. හැක්..

      Delete
  16. අර විජට්ටුව බ්ලොග් එකට දා ගන්න කිහිප විටක්ම උත්සහාගත්තා.එත් බැරි වුනානේ.

    ReplyDelete
    Replies
    1. දැන් හරි ගියා.ඔන්න එල්ලා ගත්තා ගැජට් එකත්.

      Delete
  17. දානවා....ආපහු ගන්නවා...දානවා.....ගන්නවා

    දවසින් දවස හොඳ හොඳ ඒවා දකින නිසා දාන ගන්න දාන ගන්න සෙල්ලමත් නැගලා යනවා. වෙනස් වෙනස් ඒවාට දාන්න තහනමක් නෑ නේද? අලුත් එකකට දාන්න ඕනවුනාම දැන් උඹ කීපාරක් එනවද යනවද කියලා වසන්ත බොසා බෙල්ලෙන් අල්ලලා එලීයට දායිද?

    ReplyDelete
    Replies
    1. ඒකෙ කිසි ප්‍රශ්නයක් නෑ. ඒ විදිහට තමයි විය යුත්තේ, අද ජනප්‍රිය පෝස්ටුව හෙට දිනයේ පල වෙන ජනප්‍රිය පෝස්ටුවට දෙවනි කරවීමට නිදහස ඡන්ද දායකයන්ට තිබේ.ඡන්ද දායකන්ට මනාප 5ක්ම ලබා දී තියෙන්නේ තමාගේ රුචිකත්වයට ඝෝචර වන හොඳම ලිපි 5ක් තෝරා ගැනීමටය.....

      මෙතන ඇත්තේ බ්ලොග් රසිකයන්ගේ පරම ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද අයිතිය. දි පවර් ඔෆ් වෝටර්ස්.....!

      Delete
    2. /////මෙතන ඇත්තේ බ්ලොග් රසිකයන්ගේ පරම ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද අයිතිය. දි පවර් ඔෆ් වෝටර්ස්...//////

      මේක දැක්කාම මතක්වුනේ මහින්ද දේශප්‍රියව :D

      Delete
  18. ඒයි අඩෝ අන්න ඡ්න්ද පත්‍රිකාවේ ලැක්චරයාගේ අනුකරණය පෝස්ට් එක තැන් දෙකක සටහන් වෙලා. මේවා ඡන්ද මගඩි. අපි නඩු දානවා :D

    ReplyDelete
    Replies
    1. උඹට ඕවම තමයි පේන්නේ.

      Delete
    2. අපි පැෆරල් ඩෝ....ඇයි මොකද...:D

      Delete
    3. හරි හරි ඩර්ටි හැරී. අපි ශේප්

      Delete
  19. බ්ලොග් වසන්තයට සුබ පැතුම්..තරඟ වලට ඉල්ලුම් කරල සහභාගි වෙන්නෙ නැති නිසා ලියන්න හිතන් ඉන්න බ්ලොග් එකට ලකුණු වැටෙන එකක් නෑ.

    ReplyDelete
  20. බ්ලොග් වසන්තයට සුබ පැතුම්..තරඟ වලට ඉල්ලුම් කරල සහභාගි වෙන්නෙ නැති නිසා ලියන්න හිතන් ඉන්න බ්ලොග් එකට ලකුණු වැටෙන එකක් නෑ.

    ReplyDelete
  21. අනේ අපි ජෝඩුව ලියන්න ගත්ත ගමන් මෙන්න වසන්තයක්. ඒත් කෝමද මේකට අපේ එක දාගන්නේ..
    https://storybox2016.blogspot.com/2016/05/blog-post_5.html

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails