Wednesday, April 20, 2016

බ්ලොග් වසන්තයට කෙලිය නේද?



ලාංකික අපිට වසන්තය කියන්නෙ අප්‍රේල් මාසෙ. සෘතු වෙනස නොතිබුනාට ඒක එහෙම තමයි.

ඒ වෙනස දැනෙන රටවල අය දන්නව, වසන්තය කියන්නෙ තද ශීත, මිදුණු හිම සහිත අඳුරු කාලයකින් පස්සෙ, අර ඒ තාක් කල් කටුවට මැරිල වගේ හිටි ගහ්ස් වල අලුතින් දළු දාල මල්හට ගන්නෙ වසන්තයෙ කියල.

අන්න ඒ අරුතින් තමයි අපි කිහිපදෙනෙක් එකතුවෙලා 2015 අප්‍රේල් මාසෙ බ්ලොග් වසන්තය පටන් ගත්තෙ. ඒ කිව්වෙ ඉස්සර හොඳට ලියපු පැරණි බ්ලොග් ලියන්නො පුලුවන්තරමක් යලි ඇහැරවල, ඒ බ්ලොග් වල ලිපි මල් පිපෙන කාලයක් උදා කරවන්න ගත්තු පොඩි උත්සාහයක්.

අපි හිතුවටත් වඩා 2015 බ්ලොග් වසන්තය සාර්ථක උනා. ලිපි 81 වසන්තය එක්ක ලියැවුනා. ඒ හැමෝම පරණ ලියන්නො නෙමෙයි, නමුත් බහුතරය.

ඒත් ගිය පාර අපිට තේරුන දෙයක් තමා අවුරුදු නිවාඩුවට බ්ලොග් කියවෙනව අඩුයි කියන එක. ඒ නිසා මේ වර බ්ලොග් වසන්තය අවුරුදු පහුවෙලා පටන්ගන්න තීරනය කරේ.

පරිසරයෙ වසන්තය ඉවර වෙලා බ්ලොග් වසන්තය එන එක ගැටළුවක් නෑ. අනික පහුගිය දවස්වල නෙළුම් යාය සම්මාන වලින් ලොකු කතාබහක් පිබිදීමක් ඇතිවෙලා තියෙන එක ඒ විදිහටම තව ඉදිරියට යන්න අවුරුද්දෙන් පස්සෙ එන නිදිමත රයිටර් බ්ලොක් ගැලවෙන්න අපි හිතුව මේ පාර බ්ලොග් වසන්තය අවුරුද්ද පහුවෙලා පටන් අරගෙන මාසයක් පුරාවට කරගෙන යන්න.

බ්ලොග් වසන්තයෙ මේ අවුරුද්දෙ වෙන වෙනස්කම් ආරම්භක දිනය පමණක් නෙමෙයි.

මේ පාර අපි බ්ලොග් වසන්තය මත විමසුම සඳහා වෙනම බ්ලොග් අඩවියක් ආරම්භ කරල අප්‍රේල් 18 ඉඳන් බ්ලොග් වසන්තය ෆේස් බුක් පේජ් එකේ පෝස්ට් වෙන සේරම බ්ලොග් පෝස්ට් ඒකට ඇතුල් කරනව.

බ්ලොග් කියවන හැමටම එතකොට පුළුවන් තමන් කැමති ලිපි වලට ඡන්දෙ දෙන්න.

එහෙම වැඩිම පාඨක ප්‍රථිඡාර ලැබෙන ලිපි තුනට අපි වටිනා ත්‍යාග තුණක් දෙනව.

ඊට අමතරව, බ්ලොග් වල ජීවය වෙන කමෙන්ට් කරුවන්ටත් සලකන්න අපේ අදහසක් තියෙනව. එතනදි පාඨක ඡන්දෙන් තේරෙන හොඳම කමෙන්ට් කරුවාට/කාරියටත් විශේෂ තෑග්ගක් දෙන්න අපි බලාපොරොත්තු වෙනව.

කමෙන්ට් කරු හැටියට මුලින් සoවිධායකයන් නම් තුනක් ඉදිරිපත් කරනව, ආරම්භයක් විදිහට විතරක්. නමුත් එයිට අමතව ඔබ ඉදිරිපත් කරන ඕනම නමක් අදාල මත විමසුමට අපි ඇතුලත් කරනව.

කවුද ජනප්‍රිය කියල තේරෙන්නෙ ඔබේ ඡන්දෙන්.

හරි එහෙනම් අදට මේ විස්තර ඇති. නෛල වශයෙන් වැඩේ පට්ටාන් ගන්නෙ අප්‍රේල් 22.

එතකල්, අද වගේ දවසක මිය ගියපු, හෙළයේ අසහාය ගී පද රචක කරුණාරත්න අබේසේකරයන් තමන්ට රයිටර් බ්ලොක් එක ආ වෙලාවේ සරස්වතියට ලියූ ගීය අහල, ආයි ලියන්න වචන එකතුකරගමු.



75 comments:

  1. අම්මේ.. ඇති යන්තං.. :) බ්ලොග් වසන්තයට ජය වේවා!

    ReplyDelete
    Replies
    1. ජයවේවා වසන්තයේ නව නියමුවාටත්

      Delete
  2. වසන්තම් කම්ස් එහෙන්ං..

    අර කිව්ව එකේ විස්තර ටික මුණුපොතෙන් එවහං.. මං ඕවා ගැන දන්න එකකුත් නැ. අනික් උම මගේ යාලුවෙකුත් නෙමෙයි නෙහ්.. හැක්..

    කොන්ක්‍රිට් බාස්ගේ නම තියේද අතන...

    ReplyDelete
    Replies
    1. උඹ මොකටද ඒක අහන්නෙ. නෙළුං යායෙ වගේ ආයි පාරක් නම කපල දාන්නද? හැක්... ටෙක්ස්ල.

      Delete
    2. අර කෙමෙන්ට් වලට දෙනා තෑගි වලින් දෙකක් අපි දෙන්නගේ අපි දෙන්නට තියෙන්නේ ඒ දෙක බෙදා ගන්න විතරයි.
      මේවා අපේ බ්ලොගනේ.

      Delete
    3. දේශ, හරි හරි, ඔන්න රිව්වෙස්ට් එකක් එවනව ඇස්සෙප්ට් කරහන්.

      බාස්ලගෙ නං මොනාටද බන්.

      ප්‍රසා,ටෙක්ස්ල නෙමේ යකෝ ටෙස්ල ටෙස්ල. දන්නැත්තන් සහනගෙන් අහගන්.

      බ්‍රා, බලං හිටු දෙනව බ්‍රාඅ එකක්, කප් දෙක දෙන්නට ගන්න.

      Delete
  3. Replies
    1. පට්ටයි. ලියහල්ල ලියහල්ල.

      Delete
  4. උදාවූ වසන්තේ සදාකල් රැදේවා.....!!!

    ReplyDelete
    Replies
    1. වසන්තයේ මල් කැකුලයි දසන්තයේ නල රැල්ලයි

      Delete
  5. හොඳයි හොඳයි. ඔහොම යංකො බලන්න. අර ලටපටෙත් මොනව හරි ලියවෙයිද කියල බලමු හිටං.

    ReplyDelete
    Replies
    1. මොකෝ නැතුව, මේ පාර වසන්තය එනවා සත්තයි

      Delete
  6. ජයවේවා.ආයෙත් වසන්තය උදාවේවා....

    ReplyDelete
    Replies
    1. ජය ලැබෙන්නට ලියාපල්ලා

      Delete
  7. ජයෙන් ජයම වේවා

    ReplyDelete
    Replies
    1. ජය ලැබෙන්නට ලියාපල්ලා

      Delete
  8. බ්ෙලාග් ෙලා්කයට ජයෙව්වා

    ReplyDelete
    Replies
    1. ලිපි වැඩිවේවා නව වසරේ

      Delete
  9. ලියාපල්ලා....ලියාපල්ලා.....දන් තොපේ කාලය ඇවිල්ලා......

    ReplyDelete
    Replies
    1. අරූ, ලියාපන් මිත්‍රයා අර ඉතුරුටික.

      Delete
  10. විඳගනිමු වසන්තය...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ලියමු වැල සහ වරක දෙකෙන්ම

      Delete
  11. ඔය වසන්තයව තමා බං සෑහෙන කාලයක් මං හෙව්වේ , මෙච්චරකල් නිදි වැදිලා හිටියද

    ReplyDelete
    Replies
    1. උබ හොයලා තියෙන්නේ කඩුවෙල ඒකාවා

      Delete
    2. ඌ උන්න සිසිරය ටිකක් ඈතට යනකල් එලියට එන්න.

      Delete
  12. කිව්වත් වගේ අලුත් කික් ස්ටාර්ට් එකක් ලැබිලා වගේ හැමෝටම. ඒක හොඳ දෙයක්..
    දැන් උඹලා අපිවගේ කියවන, කොමන්ට් නොකරන අයටත් සම්මාන දෙනවාද?

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එක පාලු කරල කමෙන්ට් වල කාලෙ කන උන්ට සම්මාන නැත

      Delete
  13. /* අපි හිතුවටත් වඩා 2015 බ්ලොග් වසන්තය සාර්ථක උනා. ලිපි 81 වසන්තය එක්ක ලියැවුනා. */

    Someone posted 10% of that......!!!

    ReplyDelete
    Replies
    1. බ්ලොග් වසන්තය 2005 - මගේ සම්මාදම මෙසේ විය!

      1. (අප්‍රියෙල් 8) - වසන්තය කියන්නේ ඌටයි, බොටයි - Wasantha Vs Vasntha in Australia

      2. (අප්‍රියෙල් 9) - මගේ ගම පරකන්දෙනිය යි - It is worth 150 Rs. for an undergraduate...!

      3. (අප්‍රියෙල් 10) - ග්ලෙන්මෝ පාක් නමැති මගේ ඕස්ට්‍රේලියානු ගම - Grass for my feet

      4. (අප්‍රියෙල් 11) - වසන්තයේ අග දවසක - End of Spring is not end of life

      5. (අප්‍රියෙල් 12) - පිං සංඝනායකලා සහ කුසල් සංඝනායකලා - Dont be misled by this title

      6. (අප්‍රියෙල් 13) - සිඩ්නි නගරයට අළුත් නමක් - Sydney renamed...!

      7. (අප්‍රියෙල් 14) - තේකක් බොමු ද? - Any time is tea time

      8. (අප්‍රියෙල් 15) - දෙවෙනි තේ කෝප්පය - Afternoon tea time?

      මෙවර නම් ඒ සෙල්ලම් අමාරුයි. මගේ අවුරුදු නිවාඩුව අහවර වෙන්නේ ම අප්‍රියෙල් 25 දා ය!

      Delete
    2. ඒකනෙ ලොක්ක අර සම්මානයකුත් දුන්නෙ. ට්‍රයි කොරන්න, ඔබට මේවා ටොයිස් වැඩනෙව.

      Delete
  14. හොඳයි එහෙනං ලියමුකො..............

    ReplyDelete
    Replies
    1. අංකල් තමා ලියන්න ඕනේ

      Delete
    2. ලියමු ලියලවමු බලමු බබලවමු

      Delete
  15. Replies
    1. මෙන්න පළමු ත්ගය දිනාගන්න කෙමෙන්ටුව

      Delete
    2. විදානෙ කොමෙන්ට් මලදානෙ අතෑරල ලියහන් අර පට්ට පට පට කෙටිකතාවක්

      Delete
  16. Replies
    1. මෙන්න දෙවන ත්ගය දිනාගන්න කෙමෙන්ටුව

      Delete
    2. අඩෝ මේව කුමන්ත්‍රණ හිටං. දෙක දෙක දාල වැඩියෙන් තෑගි ගන්න මූ හදන්නෙ.

      Delete
    3. දිනන්නෙ පාඨ්ක ඡන්දෙන් නිසා මේක වෙන්නත් පුලුවන් තමයි. සිරා ජනා කල බොලා එහෙම නොකරයී කියල අපි කොහොම හිතන්නද?

      Delete
  17. ඒත් මචං අර නන්දා මාලිනී කියන විදිහට, වසන්තයෙත් නිදාගෙන ඉන්න යොවුන් කෝකිලයන්ට මොකද කරන්නේ? :)

    ReplyDelete
    Replies
    1. ඒකනෙ වසන්තය හේමන්තය අතර මැදට ගෙනාවෙ :P

      Delete
  18. මගේ නංගී ගේ පොඩි එකා උදේ ඉදලා රැ වෙනකන් නෙට් එකේ ඒ උනාට ඌ බ්ලොග් ගැන දන්නේ නැහැ බ්ලොග් කියන්නේ මොනතරම් දැනුම එකතු කරන්න පුලුවන් තැනක්ද ඒ වයසේ එවුන්ට මේක කියවන්න හුරු කරන්න ක්‍රමයක හදන්න අපිට බැරිවෙයිද

    ReplyDelete
    Replies
    1. ඌ වැල බලනව ඇතිනෙ. එහෙනම් බ්ලොග් ගැන නොදැන ඉන්න බෑ. මේක ජනප්‍රිය කරන්න පුලුවන් ලිවිල්ලෙම්ම තමා.

      Delete
  19. බජට් එක ඉල්ලයිද දන්නෙ නෑ....

    ReplyDelete
    Replies
    1. බජට් ඉල්ලන්න ආවොත් ගැජට් කපල එල්ලනව

      Delete
  20. බ්ලොග් වසන්තය වසන්තයක්ම කරමු. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ජයවේවා, ලියමු අලුත් චාරිකාවල වත ගොත

      Delete
  21. This comment has been removed by the author.

    ReplyDelete
  22. මොකක්ද බොලල්ලා මේ බ්ලොග් වසන්තය....කවුරු හරි කියා දෙනවද...ඇත්තටම දන්නෙ නැති නිසයි අහන්නේ..

    ReplyDelete
    Replies
    1. බ්ලොග් ජනප්‍රිය කරන්න සහ පරණ වැඩිය නොලියන ලියන්නන්ට උත්තේජනයක් දෙන්න කරන තවත් පොඩි වැඩක්.

      Delete
    2. ඉතිං... පොඩිවැඩේ මොකක්ද නොලිව්වේ ඒව අපි දැනගන්න ඕනෙ නැති රහස්ද....මේ බ්ලොග් එකෙත් වසන්තය පටන්ගන්නව කිව්වට වසන්තය මොකක්ද..ඒකෙ නීති රීති මොනාද...සහභාගි වෙන්නෙ කවුද යනාදී දේවල් ලියල නැහැනෙ..

      Delete
    3. කිසිම රහසක් නෑ. අප්‍රෙල් 18 ඉඳන් මැයි 18 වෙනකල් ලියන හැමෝගෙම පෝස්ට් අපි බලාපොරොත්තුවෙනව පාඨක ඡන්ද විමැසීමකට ලක් කරන්න. ඒ අතරින් වැඩිම ඡන්ද ගන්න ලිපි තුනට තෑගි දෙනව. සහභාගීත්වය විවෘතයි, ඔබෙ ලිපි මඟ නොහැරෙන්න බ්ලොග් වසන්තය ෆේස් බුක් පේජ් එකේ පෝස්ට් කරන්න.

      මමත් කමියත් දුමීත් දුකාත් මාධවත් තමා නයුවෝ.

      Delete
    4. ප්‍රශ්නම අහල මළ පනීද මංදා...
      ඔය එෆ්.බී පේජ් එකට යන්නෙ කොහොමද...ලින්ක් එක දැමොත් ලේසියි නේද...ඕව හොයන්න කම්මැලියි අප්පා.

      Delete
  23. මමත් ලියනවා මේ පාර

    ReplyDelete
    Replies
    1. මෙන්න තවත් එක් ප්‍රථිඵලයක්.. ජයවේවා, ලිව්ව ගමන් අපේ එෆ් බී පේජ් එකේ ලින්ක් එකක් දාන්න.

      Delete
  24. වසන්තය කොහොම වෙතත් උඹ ලියන්න ගත්තු එක ලොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඇයි බන් මන් දැන් මේ මාසෙට ලිපි දෙකක්ම දැම්මෙ... :D

      Delete
  25. වසන්තේ නිදාඋන්..
    යොවුන් කෝකිලාවන්.
    ගයන්නේ කොවුල් ගීත
    හේමන්තයේදී..

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒකයි වසන්තය අප්‍රේල් 18 හිටං පටන් ගත්තෙ

      Delete
  26. එළකිරි. ජයවේවා ඉන්දික.

    ReplyDelete
  27. අඩා එල එල.. ඔන්න පටන්ගත්ත දවසෙම නාත් ලිව්ව කාලෙකින්..

    ReplyDelete
    Replies
    1. ම යන්න හලලද බන් ලිව්වෙ. හැක්

      Delete
  28. ගිය පාර වසන්තෙට මමත් ටිකක් සම්බන්ධ උනානෙ. නමුත් මේ පාර කිසිම දෙයක් හිතන්නවත් බැරි තරම් බිසී. නමුත් කොහොම හරි මොනා හරි ලියන්න ඕනෙ.
    බ්ලොග් වසන්තයට ජය වේවා!!!.

    ReplyDelete
    Replies
    1. ඔව් මට තේරුනා මාධව බිසී වෙලා කියල. ඒත් මොනා හරි ලියමු

      Delete
    2. බිසී කියන්නෙ ගෙදරදි ලැප්ටොප් එක දාන්නෙත් සතියකට සැරයක් වගේ දැන් මාස දෙකහමාරක ඉඳල. ගෙදර ආවට පස්සෙ පොඩ්ඩගෙ වැඩ වලට නෝනට උදව් කරන එක තමා ෆුල් ටයිම්ම වගේ. :)

      Delete
  29. වසන්තයේ මල් පිපෙනවා, ඒ මල් නෙලා ගන්න එන්න.

    වසන්තයට මෙතනින් පිවිසෙන්න

    ReplyDelete
  30. ඔබගේ වටිනා මනාපය ඔබ කැමති ලිපියකට ලබා දෙන්න

    ඡන්දය දෙන ස්ථානයට මෙතනින් පිවිසෙන්න

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails