Tuesday, April 12, 2016

නැකතක් මොකටද ගිණි මොළ වන්නට ..?



කලකට පෙර අවුරුද්ද කියන්නෙ කොළඹ උන්ට බඩගින්නේ ඉන්නට වෙච්චි කාලයක්. කොළඹ අවට බේකරි සහ කෑම කඩ, සිල්ලර කඩ වැහිල, ගෝලයො ගම්බිම් ගියපු පාලු නුවර පාරවල් දිගේ රතිඥ්ඥා බඹර චක්කර කැරකුනු ඒ කාලය තාමත් එහෙමද කියල දස වසරකින් අවුරුද්දකට ලංකාවේ ඉන්න බැරි වෙච්චි අපි කොහොම දැනගන්නද?

මාත් මල්ලිලා දෙන්නත්, නංගීත් එක්ක අම්මා තාත්ත අපි ඔක්කොම අන්තිම පාරට අවුරුදු සැමරුවේ 2006 දි. ඉන් පස්සෙ මම එක රටකටත්, නංගි තව රටකටත් ගියා ගියාම තමා.
දරුවන්ගෙ ඉස්කෝලෙ, අධ්‍යන සහ රාජකාරි, ටිකට් සහ සෘතු නිවාඩු වගේ නොයෙකුත් හේතු නිසා මටවත් නංගිටවත් අවුරුද්දට ලංකාවට එන්න ඉන් පස්සෙ ඉඩ ලැබුනෙ නෑ.

ඒ කොහොම උනත් අපි තාම අවුරුදු සමරනව. අවුරුද්ද ලබන දාට කැවිලි හදල, කිරිබත් හදල පොඩි උන්ට අලුත් ඇඳුම් අන්දල, පුලුවන් විදිහට අපි පොඩිකාලෙ ඉඳල වින්ද ඒ අලුත් අවුරුද්දෙ අලුත්වෙන සතුට වින්ද ගන්නව.

අපෙ පොඩ්ඩ කැමති මුං කැවුම් වලට. ලොක්ක කන්නෙ කොකිස්. මම කැමති කොණ්ඩ කැවුම්. අපේ දේවිට කොණ්ඩ කැවුම් බැරිවට අනෙක් දෙක හදා ගන්න පුලුවන්. ගෙදර උදව්වට ඉන්න කෙනා කොණ්ඩෙ ටිකක් කොටට කපාපු කැවුම් හදනව.

ඉස්සර අම්ම කැවිලි හැදුවම නැකත් වෙලාව වෙනකල් අත තියන්න දෙන්නෙ නෑ.

අපිත් මෙහෙදි පහණක් පත්තු කරල අවුරු නැකත් ලබන දා හරි පහුවෙනිද උදේ හරි අපි ඒ කැවුම් කෑවට, ඊට කලින් පොඩ්ඩො දෙන්න ඒව ටේස්ට් කරල ඉවරයි දවසට දෙක තුන ගානෙ.

ඒ කාලෙනම් කෑමෙන් පස්සෙ තමා ගණු දෙනු වෙන්නෙ. කොටිම්ම තාත්තගෙ දාඩිය වලින් හෝදල තීන කාසි අපිට සූදු කෙලින්න දෙන්නෙ එදාට.

ඊටත් පස්සෙ පිඟන් අරන් ගම වටේ යනව. මුලිම්ම යන්නෙ කෙල්ලො ඉන්න ගෙවල් වලට. වටෙන් එන හොඳ කෑම පිඟන් වල තියෙන ඒව ගෙදර තියාන, නැත්තන් ඒ වෙලාවෙම බඩේ දාල ආරස්ස කරගෙන අනික්ව වටේ යවනව.

ඒත් ඉතින් මේ නොරට ඉන්නෙ නෑයටයි යාලුවටයි ලඟ ඉන්න අර තඩි දුමියයි, දුරින් ඉන්න සපයි දුකයි විතරනෙ. ඒ නිසා නෑ ගං යාමකුත් නෑ.

ඒ කාලෙ අපි අවුරුද්දට කැට ගහනව, කාගෙ හරි වත්තක තීන ඔන්චිල්ලාවක් පදින්න සෙට් වෙනව, ඒත් නැත්තන් මැච් එකක් හරි ගහනව. ඒත් මේ කාන්තාරෙ ඉන්න අපේ පොඩි උන්ට වුරුදු දැනෙන්නෙ කැවිලි වලින් සහ ඇඳුමෙන් විතරයි.

ඇත්තටම එහෙම බැලුවම අපිට මොන අවුරුදුද? ඒක එහෙම උනත් කවද හරි අපේ පොඩි උන් ඔය සමරණ විඳින දේත් කවද හරි රස කරල කියාවිද, විඳීවිද?


නැකතක් මොකටද ගිණි මොල වන්නට
නිරතුරුවම ගින්නේන් දැවෙනා මට
හැළියක් මොකටද කිරි උතුරන්නට
ඉඳුල් බතින් බඩ වියත රකින මට....

නැකතක් මොකටද ......

ගල් ගෙඩි මොකටද ලිප බැඳ ගන්නට
අහුලාගත් ගල් හිසට වදිනකොට
මොහොතක් මොකටද වැඩ අල්ලන්නට 
හැම මොහොතෙම කැපවී සිටිනා විට

නැකතක් මොකටද ......

නානු තවරලා කුමටද දියනා
දූවිල්ලෙන් ඉපදී සිටිනා මට
කදමලු බැඳගෙන නෑගම් යන්නේ
කුමටද තුන් හෙළයම නෑයින් කොට

නැකතක් මොකටද.....


පළි - වසන්තය එනවා සත්තයි.

20 comments:

  1. සුබ නව වසරක් වේවා! සිංහයාටත්

    ReplyDelete
  2. සුබ නව වසරක් වෙවා!

    ReplyDelete
  3. අවුරුදු නැති පස්වෙනි වසර මේ අවුරුද්දෙ සමරනවා.ඔබට සහ දරු පවුලට සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  4. සුබ අලුත් අවුරුද්දක් වේවා...!

    ReplyDelete
  5. සුබ අලුත් අවුරුද්දක් වේවා ඉන්දික ඔබට සහ පවුලේ සැමටත්.

    ReplyDelete
  6. සුභ අලුත් අවුරුද්දක් වේවා!!! මචං ඕකේ "අලුත්" කියන වචනේ තියනවනේ... ඉතිං අලුත් අවුරුද්ද පරණ අවුරුදු වගේ වෙන්න ඕනේ කියලා කවුද කියන්නේ... සමරපං අලුත්ම තාලෙට අවුරුද්දක්... වසන්තය බඩු සුවර් එනවා සත්තයි.

    ReplyDelete
  7. තාම බහරෙයින් ද? ගිය නැද්ද අවුරුදු උත්සවලට?

    ReplyDelete
  8. දැන් තමයි නොනගතය පටන් ගත්තෙ.
    සුභ අලුත් අවුරුද්දක් වේවා !!කැලෑ පූසාට ,දරු දෙදෙනාට සහ හාමිණේට.

    ReplyDelete
  9. ගිණි මොළවන්න ලිපක් නැතුව, ගනුදෙනු කරන්න ළිඳක් නැතුව මොන අවුරුදු ද ? මම හිතන්නේ අලුත් අවුරුද්ද පරණ වෙලා ඉවරයි.

    සුබ අලුත් අවුරුද්දක් වේවා !!

    ReplyDelete
  10. ඉන්දික ඇතුළු පවුලෙ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා!

    අපි පොඩි කාලෙ අවුරුදු කාලෙ ගතකරපු හැටියට වඩා ටිකක් වෙනස් විදියට තමා අපේ බාල පරම්පරාවෙ අවුරුදු කාලෙ අත්දැකීම්. අපිටත් වඩා සුන්දර ළමා කාලයක්, අවුරුදු සිරියක් අපේ දෙමව්පියන් ළමා කාලෙදි තිබිල තියෙනව. දැන් ඉන්දිකලගෙ දරුවන් තවත් ආකාරයකට අවුරුදු ගතකරනවා. ඕක තමා ඉතින් ලෝක ස්වභාවය.

    ReplyDelete
  11. ලෝකයේ කොහේ හිටියත් අපේකම අත නොහැරුණු ඔබටත් පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  12. සුබ අළුත් අවුරුද්දක් වේවා....!

    ReplyDelete
  13. සුබ නව වසරක් ඔබ සැමට ඉන්දික!!

    ReplyDelete
  14. සුබ නව වසරක් ඔබ හැමට

    ReplyDelete
  15. කාලෙන් කාලෙට, පරිසරයෙන් පරිසරයට වෙනස් වෙවී යන අපේ සංස්කෘතිය. අඩු ගානෙ කොණ්ඩෙ කොට කැවුම් හදන එකත් මදෑ. :D සුබ අලුත් අවුරුද්දක්

    ReplyDelete
  16. මමත් ආසම කොණ්ඩ කැවුම් තමයි.එත් අපේ ගෙවල්වලත් වැඩි දෙනා ආස වගේම හදන්නෙත් මුං කැවුම්නේ ඉතින් ඔය කොයි කැවුමත් එකයි කියලා එව්වාටත් දීලා අරිනවා.

    ඉන්දිකටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා...!

    ReplyDelete
  17. සුභ අලුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
  18. දැන් උන් අවුරුදු කන්නේ නෑ..අවුරුද්ද කනව...සුභ අලුත් අවුරුද්දක් වේවා මචෝ

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails