Sunday, March 29, 2015

රෙද්දෙ යහපාළනේ...



නාටක අංක එක -

"හොඳ වෙලාවට xxතො අපේ තාත්ත මේ ආන්ඩුවෙ අගමැති තියා ඇමති කමක්වත් නොගත්තෙ.."

අනුරාධයගෙ කතාවට කට ඇරිච්චි පාර මගේ කටේ හිටිය දැල්ල සුරුස් ගාල බඩට රිංගුවෙ උගුරෙවත් නොගෑවි. ඌට පාර වැරදුනනං එහෙම ස්කයි බාර් එකේම මාත්  අවසන් ගමන් යනව.

"අර මොකෝ බං? "

දැල්ලට ඉක්මනට යන්න මම විස්කි වීදුරුවම එකපාර උගුරට දාගත්ත.

"ඇයි කියන්නෙ යකෝ..එකෙක් ජනාධිපතිගෙ මල්ලිට පොරොවෙන් කෙටුව එහෙන්. මෙහෙන් ඒක දෙක කරල ෆේස් බුක් එකේ සිරාගෙ ඇටේ මයිලුත් ගලෝනව බුලත්විට කාල පයින් ගිහින් බඩුගහන්න ගියාය කියල. අදහෙට ඉම්පීච්මන්ට් එහෙකුත් එන්න බැරිනෑ!"

අනුරාධයගෙ ටෝන් එක වැඩිවෙලා, එහා ටේබල් එකේ උන් ඇස් පේන්නැති ගානට ඇරපු කටවල් වලින් මේ පැත්ත බලාගෙන.

"යකෝ  කොහොමද මම එහෙම මේ වගේ කාලෙක එම්.එස්.ඩී එකත් එක්ක ගිහින් බඩුවක් උස්සන් ආවනං ඉස්සර වගේ. අම්මට හැමිනිල තියෙයි නේද? තාත්තට අංස නෙමෙයි ෆුල් භාගෙ හැදිල මහය්යාවෙ තමයි නවත්තන්න වෙන්නෙ. බඩුවක් ගහන්න ෆ්‍රීඩම් එක නැති ෆකින් බුල්ෂිට් යහපාලනේ."


...............................................................................................................................................................

නාටක අංක දෙක -

අඩෝ පොන්නය, තෝ ලැජ්ජ නැතුව ආවනේ ආයි.  අද උඹෙ වෙලාවට පැන්නට ආයි මේ පැත්තෙ ආවොත් දෙන්නෙ පොරෝ පාර ඔළුව පළු වෙන්න.... කාලකන්නිය..


තාත්ති...කෑ ගහන්න එපා.. අර එහා ගෙදර අයත් රූෆ් ටොප් එකේ ඉඳන් වීඩියෝ කරනවද කොහෙද...


ඉතින් කරගත්තදෙන්...හෙහ්... ඌ හිතන්නැති ඉස්සර සෙල්ලං ආයි දාන්න...

අඩෝ...පොන්නය..මේක යහපාළනේ...දැනගනින්..දැන් තීන්නෙ අපේ ආන්ඩුව.. තොපිට දැන් මගෙ ගෙටම රිංගල, එස්.ටී.එෆ් එක වටේට පාන අල්ලන්න දාල මගේ ගෑණිට හැමිනිල ගිය කාලෙ ඉවරයි. දැන් ඉතින් මයෙ ගෑණිට බලෙන් කෙලින්න එන උන්ට බයේ මාද්දිය සාකච්ඡා දීල හැන්ගෙන්න ඕන්නෑ...හිටං..කෙලිනව පොරෝ පාර ආයි බොරැල්ලෙම නවතින්න.

අඩෝ..හුලා...හූ....





Wednesday, March 18, 2015

වෘත්තීය ගරුත්වයද, වෙන මොකක් හරිද?

දෙදාස් තුනේ මැයි මාසෙ මම කටුණායක එයාපෝට් එකෙන් එළියට ආවෙ බෑග් දෙකතුනකුත්, ප්‍රශ්ණ ගොන්නකුත් අරගෙන.

කර්මාණ්තශාලා කළමණාකරු කියල යන්න කලින් කිව්වට, ඒක මිනිස්සු විසිපහක විතර මඩුවක්. මම නොකලෙ වඩු වැඩෙයි අතුගාන වැඩෙයි විතරයි. ඉන්න තිබ්බ කාමරේ ජනේලෙට තිරයක් දාගත්තෙත් මගේ සල්ලි වලින්. පඩි ලැබුනෙ මාස දෙක තුනකට වරක් සලාකෙට. ඔය ඔක්කොම අතරෙ, යන්තං ක්‍රෙඩිට් කාඩ් ණය ටික ගෙවල ඉවර වෙච්චි ගමන්, මාසෙක හිඟ පඩියත් නැතුව මම ලංකාවට ආවෙ එහෙ ඉන්දැත්දි මෙහෙ ප්‍රශ්ණ වැඩිවෙන නිසා.

නිශානිගෙ තාත්තත් වකුගඩු අමාරුව වැඩිවෙලා මියෑදුනෙ මම ගිහින් මාස හයකින් විතර. තාත්ත බලා ගන්න කියල රස්සාවෙන් අස්වෙච්ච මල්ලිත් ගෙදර. ඉතින් අම්ම තාත්ත දෙන්නම නැති අක්කටයි මල්ලිටයි තව කල් තනිව අල්ලන් ඉන්න අමාරුයි කියල හිතුන නිසා, හිටියත් වැඩක් නැති තැනින් මමම අකුලගෙන ආව.

ණයත් ගෙවාගෙන, අනෙක්වත් කරගෙන කොහොම කොහොම හරි ඒ අවුරුදු දෙකට මම පොඩි ගාණක් ඉතුරුත් කරගත්ත. ඒක අද පොඩි උනාට එදා මට මහ ගාණක්. ලක්ෂ එකයි විසිපන්දහක්!

ඒ ඉතුරුකරගත්තෙ අපි දෙන්නගෙ හීනෙ වෙච්චි, සුන්දර ලස්සන වෙඩින් එකකට.

අපිට උවමනා වෙලා තිබ්බෙ ණය නොවී, සුන්දර සහ සරළ උත්සවයක් අරගෙන සමීපතමයො ටික දෙනෙක් එක්ක සතුට බෙදාගන්න.

මගේ අතේ තිබ්බ එක්ලක්ෂ විසිපන්දහට අමතරව නිෂානි ගාවත් තවත් විසිපන්දහක් විතර තිබ්බ.

එක්ලක්ෂ පණස්දාහකින් විතර මගුලක් කන්න, සීයකට විතර එන්න කියල!

ඒ විතරක්ද, එන සීයෙන් හැටක්ම බොනව ෂුවර්. මෙන්න මේ නිසා, අවුරුදු දොළහකට කලින් උනත්, මේ කතාව නිකන් විහිළුවක් වගේ වෙන්න තිබ්බ කෙනෙකුට.

ඒත්, මට සල්ලි වලින් උදව් දෙන්න හය්ය නොතිබ්බ, නමුත් සල්ලි වලට ගන්න බැරි, මිළ කරන්න බැරි යාළුවො රොත්තක් උන්න.

මහේෂ් දන්න තැනකින් වැඩ කුළිය අන්තිම අඩුවට, පංකාදු මාලෙකුයි, ලස්සන රවුම් මුදු දෙකකුයි හදවගත්ත.

ලයිට් බිලයි, බදුයි, කෑම බඩු සමග පඩි නඩි වලට පොඩි ගාණකුයි දාල, එකෙකුට රුපියල් හාරසීයක් විතර වෙන්න රොෂාන් උගෙ පිළියන්දල පැරඩයිස් හෝල් එක දුන්න. ඒ විතරක් නෙවෙයි, හනිමූන් එකට කිතුල්ගල රෝයල් රිවර් රිසෝට් එකත් උගෙ ගානෙ රෑ දෙකකට නිකම්ම. මස්සිනාපොඩ්ඩගෙ යාලුඑකුගෙ බෑන්ඩ් එකක් සවුන්ඩ් ටිකට කුළිය ගෙව්වම ඇවිත් සංගීතෙ දෙන්න බාරගත්ත. අමිලය හින්ද සල්ලි නොගෙව බියර් බෙදන මැෂින්, ගෑස්, ටැප් ලැබුන ට්‍රාන්ස්පෝට් එක්කම, මට තිබ්බෙ කෙග් වලට තොග මිලට බොරලැසමුවට සල්ලි දෙන්න, ඒකත් වෙඩිමෙන් පස්සෙ. බෝපෙගෙ ගානෙ ඌරො දෙන්නෙක් මරල බයිට් එකයි, කඩල කිලෝ පහයි. රොෂාන්ගෙ ගෝලයො සෙට් එකක්ම යන්තන් පෝරු මඩුවකුත් අටෝල දුන්න  උගෙ ගානෙ. සුනිමල්ගෙ සුමාලි ට්‍රාන්ස්පෝට් එකෙන් ගමන් පහසුකම් එහෙට මෙහෙට.

හාමිනේගෙ ඔෆිස් එකෙන් කාරෙකක් ලැබුන සරසගෙන හරස්කරගන්න. උෂාන්තයගෙ මාමට කියල පෙන්ත්හවුස් අයිලන්ඩ් එකේ බෝට්ටුව ඩිස්කවුන්ට් රේට් එහෙකට ගත්ත ගොයින් අ වේ එකට.

මල්කුමාරියන්ගෙ, යාළු ළමයින්ගෙ සාරි ගවුම් වලට රෙදි අපි පිටකොටුවෙ පීරල හොයල අරගෙන යැව්වම, මස්සිනාගෙ ගෑල්ලමය වැඩ දාල හදල එව්ව.

ඔය වගේ, ඒවෙනකල් අපි දෙන්න එකතුකරන් උන්න මිත්‍රයො, අපේ මගුල් ගෙදර මහා මංගල්ලයක් කරන්න ඕන හැම දේම කරා. සේන අය්යල අපේ ගෙදර මිදුල සුද්ද කරල, තීනත ගාල, දෙවෙනි දා රෑ පොඩි පාටියක් දාන්න පිළිවෙලක් කරල දුන්න.

ඔය සේරටම අතරෙ විශේෂ තවත් කිහිපයක් දේ තිබ්බ.

මණමාලිව අන්දවන්න පානදුරේ සමන්පාල උන්නැහෙ ගත්තෙ රුපියල් පාළොස් දාහයි. ඒ දෙවනි ගමණට අඳින්න කියල ලස්සන අලුත් සාරියකුත් කුළිය නොගෙන දීල, අර තැලි මාල එහෙමත් එයාගෙ ගානෙම දීල. ඒ අපේ යාළුවෙක් නිසා නෙමෙයි, අම්මයි තාත්තයි දෙන්නම අකාලෙ අහිමිවෙච්චි ධෛර්‍යවන්ත තරුණ ගෑණු ළමයෙකුට කරන උපකාරයක් විදිහට.

ඊලඟට පින්තූර. අපේ නංගිගෙ කැම්පස් මිත්‍ර කොල්ලෙක් හොයාගත්ත ඒකට. මිනිහ කැළණියෙ ඔය සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න කෙනෙක්. පොඩි එකා කැමති උනා කැමරාවට රීල් ටිකයි, අර පිටි පස්සෙ එල්ලන තිර ලයිට් ටිකයි දුන්නම, බත් කටක් විතරක් කාල වැඩේ කරල දෙන්න.

වෙඩිම දවසෙයි, අපි පැණි කාල ගෙදර එන දවසෙයි ඒ පොඩි එකා අර බඩු ටික තඩි මලු දෙකක දාල උරපත්තෙ එල්ලගෙන, අමිලයගෙ බයික් එකේ පිටිපස්සෙ ඇවිත්, යස අගේට පින්තූර ගහල දීල ගියා. මගෙ හිතේ සන්තෝසෙට, වෙඩිම දා ලැබුන ලියුම් කවරෙකින් දාහෙ පටි තුනක් ඇදල උගෙ අතේ තිබ්බ දෙවෙනි දා රෑ අපේ ගෙදර පාටිය ඉවරවෙලා රීල් ටිකත් දීල යන්න පිටත්වෙච්චි වෙලාවෙ.

වීඩියෝ වැඩේට, අනුරාධපුරේ රුවන් මල්ලි ආව.  බඩුටික කලුබෝවිල තැනකින් කුළියට අරන් දුන්න. වැඩේ ඉවර කරල ඌ ඒ කැමරාවත් ටියුලිප් මල්ලක දාගෙන, බස් එකේම ගිහින් ආපහු බාරදීල, ඩිපෝසිට් එකට තිබ්බ රුපියල් දෙදහ විතරක් අරගෙන ගෙදර ගිහින් වැඩේ ඉවර කරල සී ඩී එකත් ගෙනත් දුන්න, අමුතුවෙන් මගෙන් කීයක්වත් නොඉල්ල. කොටිම්ම දුප්පත් අපේ හීනෙ හැබෑ කරගන්න, කාළය, මහන්සිය සහ තමන්ගෙ වෘත්තීය ගරුත්වය හෝ වෙනත් මගුල් කිසිවක් නොසළකා උදව් කරපු ඒ හැමෝම නොවෙන්න, අපි ඒ කල දේ හීනයක් විතරයි.

ඒත් මට උන්නු යාළුවො නැති, මම තරම්වත් වාසනාවන්ත නොවුන, තව කී දාහක්, අඩුවටම තියෙන කඩෙන් ඇඳුම් ටික කුලියට අරන්, කාට හරි කියල අන්දවගෙන, ප්‍රජා ශාලාවක හරි ගේක හරි ස්තුටින් මගුල් කනවද?

එහෙම මට වගේ යාළුවො නැති උනොත් ඒ අය බලන්නෙ රුපියල් දෙතුන් දාහට හරි තමන්ගෙ වෙඩිම යන්තන් කවර් කරල පොඩි ඇල්බම් එකක්, සීඩී එකක් හදල දෙන මිනිහෙක් මිසක්, ප්‍රොෆෙෂන් ඈන්ගල් අල්ලන සිරා ස්ටුඩියෝ එකක් නෙමෙයිනෙ.

එදා මට උනත්, අර යාළු සම්බන්ධකම් නොතිබ්බනම්, කරන්න වෙන්නෙ ඒටිකම තමයි. මොකද ලෝකෙ හැම සේවාවක්ම, භාන්ඩයක්ම, එක් එක් මිනිස්සුන්ගෙ මිළදීගැනීමේ සහ රුචිකත්වයේ සීමාව මත තමයි අළෙවි වන්නෙ. හැමෝටම එක කොලිටිය දෙන්න බෑ වගේම, හැමෝටම එකම මිළ ගෙවන්නත් බෑ!

ඉතින්, අන්න එහෙම, අපි වගේ පොඩි උන් වෙනුවෙන් අඩුවට යමක් කරල දෙන මිනිහෙක්ව මෙහෙම පාච්චල් කරන එක, ක්ෂෙත්‍රයෙ ප්‍රවීණයෙක්ට තරම් වෙයිද?

ප/ලි.
මේ පින්තූරෙ ඔය අඩුමිලට වැඩ්කරනව කියන අදාල පුද්ගලය දැක්කොත් මොනව හිතෙයිද? මම ඉස්කෝලෙ යන කාලෙ ඔහොම සිදුවීමක් උනා. එදා මොණරාගල ඉස්කොලෙට ඉස්කෝලෙට යන්න හිත් දෙන්න ඒ සිදුවීමත් බලපෑව. ඒත් අදාල සිද්ධිය වෙලාවෙ දැණුන හැඟීම අදත් තියෙනව. ඒ නිසා, මිනිස්සුන්ගෙ බැරිකම්, නැතිකම් සහ අඩුපාඩු ගැන යමක් කියන්න කලින් දෙපාරක් හිතන්න කියලයි මම මගේ දරුවන්ටත් උගන්නනෙ.





Saturday, March 14, 2015

කට වහගන්න ඇතුලට මැස්සන් යනවා...!

මට ඔබ කරපු දේ ඔබටම යළි වූවා
වට යක් ගොසින් යළි මා ඉහලට ආවා
රට අද ඔබට දුන් පාඩම සිහිවේවා
කට වහගන්න මැස්සන් ඇතුලට යනවා


ඡායාරූපයක් වචන දහසකට වඩා ප්‍රභලයැයි කියනු ලැබේ. මේ ලංකා දේශපාලනය තුල කලෙකින් දුටු එවැනි පින්තූරයකි.

මේ පින්තූරය දුටුවිට ඔබට නැගෙන අදහස, සම්මත භාෂාවක ශිශ්ඨ ශිෂ්ඨ ශිෂ්ට වචනවලින් ලිවීමට කාරුණිකව ආරාධනා කරමු.

LinkWithin

Related Posts with Thumbnails