Wednesday, March 18, 2015

වෘත්තීය ගරුත්වයද, වෙන මොකක් හරිද?

දෙදාස් තුනේ මැයි මාසෙ මම කටුණායක එයාපෝට් එකෙන් එළියට ආවෙ බෑග් දෙකතුනකුත්, ප්‍රශ්ණ ගොන්නකුත් අරගෙන.

කර්මාණ්තශාලා කළමණාකරු කියල යන්න කලින් කිව්වට, ඒක මිනිස්සු විසිපහක විතර මඩුවක්. මම නොකලෙ වඩු වැඩෙයි අතුගාන වැඩෙයි විතරයි. ඉන්න තිබ්බ කාමරේ ජනේලෙට තිරයක් දාගත්තෙත් මගේ සල්ලි වලින්. පඩි ලැබුනෙ මාස දෙක තුනකට වරක් සලාකෙට. ඔය ඔක්කොම අතරෙ, යන්තං ක්‍රෙඩිට් කාඩ් ණය ටික ගෙවල ඉවර වෙච්චි ගමන්, මාසෙක හිඟ පඩියත් නැතුව මම ලංකාවට ආවෙ එහෙ ඉන්දැත්දි මෙහෙ ප්‍රශ්ණ වැඩිවෙන නිසා.

නිශානිගෙ තාත්තත් වකුගඩු අමාරුව වැඩිවෙලා මියෑදුනෙ මම ගිහින් මාස හයකින් විතර. තාත්ත බලා ගන්න කියල රස්සාවෙන් අස්වෙච්ච මල්ලිත් ගෙදර. ඉතින් අම්ම තාත්ත දෙන්නම නැති අක්කටයි මල්ලිටයි තව කල් තනිව අල්ලන් ඉන්න අමාරුයි කියල හිතුන නිසා, හිටියත් වැඩක් නැති තැනින් මමම අකුලගෙන ආව.

ණයත් ගෙවාගෙන, අනෙක්වත් කරගෙන කොහොම කොහොම හරි ඒ අවුරුදු දෙකට මම පොඩි ගාණක් ඉතුරුත් කරගත්ත. ඒක අද පොඩි උනාට එදා මට මහ ගාණක්. ලක්ෂ එකයි විසිපන්දහක්!

ඒ ඉතුරුකරගත්තෙ අපි දෙන්නගෙ හීනෙ වෙච්චි, සුන්දර ලස්සන වෙඩින් එකකට.

අපිට උවමනා වෙලා තිබ්බෙ ණය නොවී, සුන්දර සහ සරළ උත්සවයක් අරගෙන සමීපතමයො ටික දෙනෙක් එක්ක සතුට බෙදාගන්න.

මගේ අතේ තිබ්බ එක්ලක්ෂ විසිපන්දහට අමතරව නිෂානි ගාවත් තවත් විසිපන්දහක් විතර තිබ්බ.

එක්ලක්ෂ පණස්දාහකින් විතර මගුලක් කන්න, සීයකට විතර එන්න කියල!

ඒ විතරක්ද, එන සීයෙන් හැටක්ම බොනව ෂුවර්. මෙන්න මේ නිසා, අවුරුදු දොළහකට කලින් උනත්, මේ කතාව නිකන් විහිළුවක් වගේ වෙන්න තිබ්බ කෙනෙකුට.

ඒත්, මට සල්ලි වලින් උදව් දෙන්න හය්ය නොතිබ්බ, නමුත් සල්ලි වලට ගන්න බැරි, මිළ කරන්න බැරි යාළුවො රොත්තක් උන්න.

මහේෂ් දන්න තැනකින් වැඩ කුළිය අන්තිම අඩුවට, පංකාදු මාලෙකුයි, ලස්සන රවුම් මුදු දෙකකුයි හදවගත්ත.

ලයිට් බිලයි, බදුයි, කෑම බඩු සමග පඩි නඩි වලට පොඩි ගාණකුයි දාල, එකෙකුට රුපියල් හාරසීයක් විතර වෙන්න රොෂාන් උගෙ පිළියන්දල පැරඩයිස් හෝල් එක දුන්න. ඒ විතරක් නෙවෙයි, හනිමූන් එකට කිතුල්ගල රෝයල් රිවර් රිසෝට් එකත් උගෙ ගානෙ රෑ දෙකකට නිකම්ම. මස්සිනාපොඩ්ඩගෙ යාලුඑකුගෙ බෑන්ඩ් එකක් සවුන්ඩ් ටිකට කුළිය ගෙව්වම ඇවිත් සංගීතෙ දෙන්න බාරගත්ත. අමිලය හින්ද සල්ලි නොගෙව බියර් බෙදන මැෂින්, ගෑස්, ටැප් ලැබුන ට්‍රාන්ස්පෝට් එක්කම, මට තිබ්බෙ කෙග් වලට තොග මිලට බොරලැසමුවට සල්ලි දෙන්න, ඒකත් වෙඩිමෙන් පස්සෙ. බෝපෙගෙ ගානෙ ඌරො දෙන්නෙක් මරල බයිට් එකයි, කඩල කිලෝ පහයි. රොෂාන්ගෙ ගෝලයො සෙට් එකක්ම යන්තන් පෝරු මඩුවකුත් අටෝල දුන්න  උගෙ ගානෙ. සුනිමල්ගෙ සුමාලි ට්‍රාන්ස්පෝට් එකෙන් ගමන් පහසුකම් එහෙට මෙහෙට.

හාමිනේගෙ ඔෆිස් එකෙන් කාරෙකක් ලැබුන සරසගෙන හරස්කරගන්න. උෂාන්තයගෙ මාමට කියල පෙන්ත්හවුස් අයිලන්ඩ් එකේ බෝට්ටුව ඩිස්කවුන්ට් රේට් එහෙකට ගත්ත ගොයින් අ වේ එකට.

මල්කුමාරියන්ගෙ, යාළු ළමයින්ගෙ සාරි ගවුම් වලට රෙදි අපි පිටකොටුවෙ පීරල හොයල අරගෙන යැව්වම, මස්සිනාගෙ ගෑල්ලමය වැඩ දාල හදල එව්ව.

ඔය වගේ, ඒවෙනකල් අපි දෙන්න එකතුකරන් උන්න මිත්‍රයො, අපේ මගුල් ගෙදර මහා මංගල්ලයක් කරන්න ඕන හැම දේම කරා. සේන අය්යල අපේ ගෙදර මිදුල සුද්ද කරල, තීනත ගාල, දෙවෙනි දා රෑ පොඩි පාටියක් දාන්න පිළිවෙලක් කරල දුන්න.

ඔය සේරටම අතරෙ විශේෂ තවත් කිහිපයක් දේ තිබ්බ.

මණමාලිව අන්දවන්න පානදුරේ සමන්පාල උන්නැහෙ ගත්තෙ රුපියල් පාළොස් දාහයි. ඒ දෙවනි ගමණට අඳින්න කියල ලස්සන අලුත් සාරියකුත් කුළිය නොගෙන දීල, අර තැලි මාල එහෙමත් එයාගෙ ගානෙම දීල. ඒ අපේ යාළුවෙක් නිසා නෙමෙයි, අම්මයි තාත්තයි දෙන්නම අකාලෙ අහිමිවෙච්චි ධෛර්‍යවන්ත තරුණ ගෑණු ළමයෙකුට කරන උපකාරයක් විදිහට.

ඊලඟට පින්තූර. අපේ නංගිගෙ කැම්පස් මිත්‍ර කොල්ලෙක් හොයාගත්ත ඒකට. මිනිහ කැළණියෙ ඔය සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න කෙනෙක්. පොඩි එකා කැමති උනා කැමරාවට රීල් ටිකයි, අර පිටි පස්සෙ එල්ලන තිර ලයිට් ටිකයි දුන්නම, බත් කටක් විතරක් කාල වැඩේ කරල දෙන්න.

වෙඩිම දවසෙයි, අපි පැණි කාල ගෙදර එන දවසෙයි ඒ පොඩි එකා අර බඩු ටික තඩි මලු දෙකක දාල උරපත්තෙ එල්ලගෙන, අමිලයගෙ බයික් එකේ පිටිපස්සෙ ඇවිත්, යස අගේට පින්තූර ගහල දීල ගියා. මගෙ හිතේ සන්තෝසෙට, වෙඩිම දා ලැබුන ලියුම් කවරෙකින් දාහෙ පටි තුනක් ඇදල උගෙ අතේ තිබ්බ දෙවෙනි දා රෑ අපේ ගෙදර පාටිය ඉවරවෙලා රීල් ටිකත් දීල යන්න පිටත්වෙච්චි වෙලාවෙ.

වීඩියෝ වැඩේට, අනුරාධපුරේ රුවන් මල්ලි ආව.  බඩුටික කලුබෝවිල තැනකින් කුළියට අරන් දුන්න. වැඩේ ඉවර කරල ඌ ඒ කැමරාවත් ටියුලිප් මල්ලක දාගෙන, බස් එකේම ගිහින් ආපහු බාරදීල, ඩිපෝසිට් එකට තිබ්බ රුපියල් දෙදහ විතරක් අරගෙන ගෙදර ගිහින් වැඩේ ඉවර කරල සී ඩී එකත් ගෙනත් දුන්න, අමුතුවෙන් මගෙන් කීයක්වත් නොඉල්ල. කොටිම්ම දුප්පත් අපේ හීනෙ හැබෑ කරගන්න, කාළය, මහන්සිය සහ තමන්ගෙ වෘත්තීය ගරුත්වය හෝ වෙනත් මගුල් කිසිවක් නොසළකා උදව් කරපු ඒ හැමෝම නොවෙන්න, අපි ඒ කල දේ හීනයක් විතරයි.

ඒත් මට උන්නු යාළුවො නැති, මම තරම්වත් වාසනාවන්ත නොවුන, තව කී දාහක්, අඩුවටම තියෙන කඩෙන් ඇඳුම් ටික කුලියට අරන්, කාට හරි කියල අන්දවගෙන, ප්‍රජා ශාලාවක හරි ගේක හරි ස්තුටින් මගුල් කනවද?

එහෙම මට වගේ යාළුවො නැති උනොත් ඒ අය බලන්නෙ රුපියල් දෙතුන් දාහට හරි තමන්ගෙ වෙඩිම යන්තන් කවර් කරල පොඩි ඇල්බම් එකක්, සීඩී එකක් හදල දෙන මිනිහෙක් මිසක්, ප්‍රොෆෙෂන් ඈන්ගල් අල්ලන සිරා ස්ටුඩියෝ එකක් නෙමෙයිනෙ.

එදා මට උනත්, අර යාළු සම්බන්ධකම් නොතිබ්බනම්, කරන්න වෙන්නෙ ඒටිකම තමයි. මොකද ලෝකෙ හැම සේවාවක්ම, භාන්ඩයක්ම, එක් එක් මිනිස්සුන්ගෙ මිළදීගැනීමේ සහ රුචිකත්වයේ සීමාව මත තමයි අළෙවි වන්නෙ. හැමෝටම එක කොලිටිය දෙන්න බෑ වගේම, හැමෝටම එකම මිළ ගෙවන්නත් බෑ!

ඉතින්, අන්න එහෙම, අපි වගේ පොඩි උන් වෙනුවෙන් අඩුවට යමක් කරල දෙන මිනිහෙක්ව මෙහෙම පාච්චල් කරන එක, ක්ෂෙත්‍රයෙ ප්‍රවීණයෙක්ට තරම් වෙයිද?

ප/ලි.
මේ පින්තූරෙ ඔය අඩුමිලට වැඩ්කරනව කියන අදාල පුද්ගලය දැක්කොත් මොනව හිතෙයිද? මම ඉස්කෝලෙ යන කාලෙ ඔහොම සිදුවීමක් උනා. එදා මොණරාගල ඉස්කොලෙට ඉස්කෝලෙට යන්න හිත් දෙන්න ඒ සිදුවීමත් බලපෑව. ඒත් අදාල සිද්ධිය වෙලාවෙ දැණුන හැඟීම අදත් තියෙනව. ඒ නිසා, මිනිස්සුන්ගෙ බැරිකම්, නැතිකම් සහ අඩුපාඩු ගැන යමක් කියන්න කලින් දෙපාරක් හිතන්න කියලයි මම මගේ දරුවන්ටත් උගන්නනෙ.





192 comments:

  1. ලස්සන වචන ටික ඉන්දික අයියේ.
    කියන කතාව නම් සහතික ඇත්ත.

    මාත් ඔය සිද්දි මාලාව අත්දකිමින් ඉන්නේ

    ReplyDelete
    Replies
    1. වචන ලස්සන උනාට වැඩේ එහෙම නෑන් බන්. සුබ පැතුම් සියල්ල හොඳින් සිද්ද වෙන්නට!

      Delete
  2. හ්ම්.....................යාළුවො හෙවත් නියම කල්‍යාන මිත්‍රයෝ නැත්තං මේ ලෝකේ එකම අපායක්. මම දැන් ඇඟ හිරිවැටිලා ඉන්නේ මගේ කෙල්ලෝ දෙන්නගේ මගුල් වියදම් කොහොම තියෙයිද කියලා හිතුවම. හැබැයි මේ මතකයන් අද කොයිතරම් සුන්දරද? එදා කඹේ උඩ පිනුම් ගහනවා වගේ මේවා කලාට මොකද, ඔහොම නැතුව සියල්ල මුදලට කරන අය තුළ පසුකාලයේදී තෘප්තියක් නැහැ.

    ReplyDelete
    Replies
    1. විචා, අර බුකියෙ එකෙක් කියල තිබ්බ වගේ "දෙමාපිය අනුමැතියට යටත්ව පැණලා යාම" තමා හොඳම විකල්පෙ. හාට් ටෑක් එකක් කලින් ඕනෙමනම් සිරසෙ "සුභාසිරි" කියන ප්‍රෝග්‍රෑම් එක බලන්න.

      Delete
  3. ඇත්තටම ඒ ප්‍රවීණ ගුරුවරයාගේ ඒ සටහන මාවත් කම්පා කරා. සමහර විට එච්චර හිතන්නැතිව ඒක පල කලා වෙන්න පුළුවන්....!

    අපිත් ඔය හිටපු ගමන් අල්ලපු රටේ එවුන්ට බනිනවනේ මේ රටවල් වලට ඇවිත් චායි එකටයි පරාට එකටයි වැඩ කරනවා කියලා....!

    ඒ කැමරාව යන්තන් ඉටිකොල බෑග් එකක ඔතාගෙන ඉන්න මනුස්සයත් උඹයි මමයි වගේම තාත්තා කෙනෙක් වෙන්න ඇති.... දරුවන්ගේ තියෙන මහ මෙරක් ඕනෑ එපාකම් ඉටු කරන්න, උන්ට වේල් කීපයකට හරි සැරයක් කටට රහට මොනවා හරි කෑමක් ගෙනැල්ලා දෙන්න ඉඳලා හිටලා වත් තමන්ගේ ගෑනිට අළුත් ඇඳුම් කෑල්ලක් අරන් දෙන්න, ඒ තාත්තත් මෙහෙම දුක් විඳිනවා ඇති.....! දවසින් දවස තාක්ෂණයෙන් දියුණු වෙන ආම්පන්න අරගෙන ලක්ෂ ගණන් අයකරලා පොෂ් වෙඩින් දයක් පහලොවක් කරන්න තරම් වැඩ ඒ මනුස්සයට හම්බවෙන්නෙ නැතිව ඇති.....! ඒත් ඒ තාත්තත් ඉඳලා හිටලා හරි ලැබෙන වැඩේ කරලා තමන්ගේ දරුවන්ගේ පුන්චි ඕනෑ එපා කමක්වත් ඉටු කරගන්න වලි කනවා ඇති.....!

    කල්ප කාලයක් - පරපුර දුන්නු දන් ඇතත් සිත තුල
    මාසෙකට වරක් ලැබෙනුයෙ - සොච්චමක් බැවින්
    කන්ට ගත් ගමන් බත් පත - කවුරුවත් එතැයි බිය වැද
    දොර ජනෙල් වසා තනියම - බුදිති බෝ දුකින්..

    ReplyDelete
    Replies
    1. ඔව් දුමිය, සමහරවිට හිතල නොකිව්ව වෙන්න පුලුවන්. නමුත් ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙ වචනවලට තියෙන අවධානම ඕක තමයි.

      මේ මනුස්සයත් කොහුවල හන්දියෙ කොත්තු කඩේ වගේ. ගිහාන්ස් එක විකුණන අයට නෙමෙයි මේ කෑම. දෙක පන්ති දෙකකට විකුණන්නෙ.

      උඹ අය මතක් කල පද ටික මේ වගේ මිනිස්සුන්ගෙ ජීවිත කතාවම කියලදෙනව.

      Delete
  4. මමත් මේ වෙඩිම් කොරන්න ගිහින් පිස්සු පීකුදු වෙලා ඉන්නකොටම තමයි මේ පෝස්ට් එක දැක්කෙ. මඟුල් වලට සල්ලි යන හැටි දැක්කම එපාවෙනවා. නොකරත් බෑ.

    ඒ අස්සේ මේවගේ අය හිටියම කැමති කෙනෙකුට තෝරාගත්තැකි. එපා අයට වැඩි ගානෙ අයව හොයාගත්තැකි.

    ReplyDelete
    Replies
    1. නොකර බෑ තමා. ඒත් දැන්නං මේ තීම් කෙහෙම්මලක් එක්ක තනි විකාරයක් කෙරෙන්නෙ. සල්ලි ඕනපදන් ඇති උන්ට කිසි අවුලක් නෑ, ඒත් ණය වෙලා තීම් මගුල් කාල පස්සෙ හිඟා කන එකයි දුක!

      ඒ හින්ද කට්ටිය එක්ක කතා කරල ගැලපෙන මට්ටමෙන් හොඳ දෙයක් කරහන්. සුභ පැතුම් වැඩේ හොඳටම කෙරෙන්න!!

      Delete
  5. අනේ ඔය පොරගේ අලි ටෝක් තමා තියෙන්නේ. පොරට සර් කියාගත්ත රොත්තකුත් Photo Talk Facebook එකේ ඉන්නවා.
    පොර හිතන් ඉන්නේ ලංකාවේ ෆොටෝ ගන්න පුලුවන් පොරට සහ පොරගේ ගෝලයන්ට විතරයි කියලා.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ වැඩිපුරම තියෙන්නෙ පිළිම වන්දනාවනෙ.

      Delete
    2. මම දන්න විදියට එතුමා ආලෝකකරණය පිළිබද උපරිම වැඩ කරුවෙක්...නමුත් ඡායාරූප ශිල්පියෙක් විදියට ගත්තොත් එයාට වඩා ඉස්සරහින් ගොඩාක් අය ඉන්නවා.

      Delete
  6. හොඳ ලිපියක්. අන් අය අනුකරණය කිරීමට උත්සාහ කරන අද පෙම්වතුන් පාඩමක්. ණය නොවී ඒ සරලතම විවාහ ආශිර්වාදයක්....

    ReplyDelete
  7. ඒ මනුස්සයගේ තියෙන්නේ පුදුමාකාර කුහකකමක්. ඒ මනුස්සයා බුකියේ ඡායාරූප ගෘප් වලට වෙලා ඉන්නේ අත හිත දෙන්න නෙවෙයි. දන්න දෙයක් කියල දෙන්න නෙවෙයි පොරගෙ තියෙන පොරත්වය පෙන්නගන්නත් එහෙයියෝ ටිකක් හදාගන්නත්. කවුරුහරි පොඩි එකෙක් හොඳ ෆොටෝ එකක් දැම්මාම ඒකෙ දාහක් ඇද කියල උට ඡායාරූපකරණය එපා කරලා දානවා. ඒ යකාට වඩා දන්න එකකේ නෑ කියල හිතාගන ඉන්නේ. කැමරාවත් එක්ක නාකි උනත් ගන්න ෆොටෝ වල මෙලෝ රහක් නෑ.
    එක පාරක් කැමරා කඩේකින් පිනට ස්පොන්සර්ෂිප් පාරක් අරගෙන ලංකාව වටේ ඇවිද්දා ලයිට් පේන්ටින් කර කර. ඒක මාකට් කරේ ලෝකෙ පලවෙනිවතාවට ලයිට් පේන්ටින් ෆොටෝස් ගත්තෙ ඌ වගේ..

    ReplyDelete
    Replies
    1. ඔබ කියන දේ මාත් දැක තියෙනව. ඒත් අපි පුද්ගලයව විවේචනය කරල පලක් නෑ මිත්‍රය, නිකන් මොකටද අපිත් ඒ තත්වෙටම වැටෙන්නෙ.

      Delete
    2. අනේ මේ ඉන්දිකයා. ඔය හාදයා ගැන කොටන යුනිකෝඩ් අපරාදේ. ඕක පළවෙනි වතාව නෙවෙයි. ඉස්සර මම හෙන කැමති මනුස්සයෙක්. දැන්නම් සතේකට ගණන් ගන්න හිතෙන්නෙ නෑ. මිනිහෙක්ගේ දක්සතාවය තිබ්බට මදි. ඇටිටියුඩ් හොඳට තියෙන්නත් ඕන. කොහෙද ඉතින් මෝඩ වාහෙල සෙට් එකක් ඉන්නවනේ සේර් සේර් ගාගෙන පස්සෙන් යන්න. දැන් ඉතින් කටුස්සගෙ කරේ රත්තරන් බැන්ද වගේ තමා.

      Delete
    3. කවුරුහරි පොඩි එකෙක් හොඳ ෆොටෝ එකක් දැම්මාම ඒකෙ දාහක් ඇද කියල උට ඡායාරූපකරණය එපා කරලා දානවා.
      // ඇත්තෙන් ම @ඉන්දික, මම ඡායාරූපයකට හොඳක් කියලා ම නැද්ද..??
      ඕන්න මං ඡායාරූප ගැන අඩුපාඩු කියන එක සහමුලින් ම නැවැත්තුවා. දැන් ඔබ දෙනොට ම හොඳට නින්ද යාවි...!! //
      එක පාරක් කැමරා කඩේකින් පිනට ස්පොන්සර්ෂිප් පාරක් අරගෙන ලංකාව වටේ ඇවිද්දා ලයිට් පේන්ටින් කර කර. ඒක මාකට් කරේ ලෝකෙ පලවෙනිවතාවට ලයිට් පේන්ටින් ෆොටෝස් ගත්තෙ ඌ වගේ..
      // මම කරපු විදිහට, ඒ තාක්ෂණික ක්‍රමයට ලෝකෙ කවුරුහරි ලයිට් පේන්ටින් කරල තියෙනවාද මහත්මයා..
      තියේනං ඒ පිළිබඳ විස්තරයක් මටත් එවන්න...//

      Delete
    4. ඉන්ද්‍රනාථ, ඔබ ඡායාරූපයකට හොඳ නොකියනවානම් ඔබට මේ තරම් සිසු පිරිසක් වන්දනා කරන්නෙ නෑනෙ. නමුත් මම මෙතන කිව්වෙ, ඔබ මූණු පොතේ ආධුනිකයන්ගෙ ඡායාරූප වල වැරදි කියමින් බැට දෙන අවස්ථා මාද දැක ඇති බවයි.

      ලයිට් පේන්ටින් ගැන වාදය මම නොදන්න සහ අදාල නොවෙන දෙයක් නිසා, ඒ ඇනෝවරුන්ම මේ ගැන අදහස් දක්වාවියැයි සිතනව.

      Delete
  8. අනිත් දේ තමා ඔයා යකා ෆොටෝ ගෘප් වල කැරකෙන්නේ පොරගෙ පන්තිවලට ගෝලයෝ ටිකක් හදාගන්න. උන්ට දෙනවා රොම්බ තෙලක්. උන් ටිකත් ඊටපස්සේ ගෙදර ඉන්න බල්ලො ටික වගේ.. කවුරුහරි මේ යකාගෙ වැරැද්දක් පෙන්නපු ගමන් හරි වැරැද්ද බලන්නැතිව චැයි චැයි ගාගන එනවා.

    ReplyDelete
    Replies
    1. ඔය සාන්තුවරු ගොඩ දෙනෙක් බලන්නෙ තමන්ගෙ කට්ටිය කපාගන්න තමා අන්තිමට.

      Delete
  9. ඔය සෙල්ලම මීට කාලෙකට ඉස්සල්ලත් දැක්ක,ආයෙත් පටන් අර ගත්තා,ලගදී මගේ හිතවතෙක් විවාහ උනා,පොටෝ,වීඩියෝ ගාන අහලම වැඩේ අතෑරියා,පස්සෙ උගෙ යාලුවෙක් පොටෝ ටික ගහලා එඩිට් පාරක් දාලා ඇල්බම් එකක් හදලා දුන්න,වීඩියෝ නෑ

    ReplyDelete
    Replies
    1. ඔය වීඩියෝ කාරයො කරන්නෙත් කොහොමත් විකාරයක්නෙ, නිකන් ෆිල්ම් එකක් වගේ. එකපාරක් බැලුවම ඒක එපා වෙනව. එහෙම නෙමෙයි, වෙඩින් එක වාර්ථා කරන්නයි ඕන, සැබෑ ව්දිහටම. මොකද එතකොට තමයි ඒ දකින අවුල්, සුන්දර සිදුවීම් වලට පස්සෙ බලල සතුටුවෙන්න පුලුවන්. නැතුව ටෙලියක් වගේ උනාම මෙලෝ රහක් නෑ. ඒහින්ද හැන්ඩිකැම් එහෙකින් ගොඩදාගත්තත් මදෑ!

      Delete
  10. අපිත් අපේ වියදමින් වෙඩිම ගොඩදාගත්ත කපලක් තමයි. හැබැයි ඔච්චර ජාති නම් තිබ්බේ නෑ.. කොටින්ම බොන්නත් නෑ... යහපාලනේ වගේ තමයි, කිසිම හැපනිං එකක් නෑ...

    ReplyDelete
    Replies
    1. බොන්න නොදෙනවට වඩා පැනල යන එක සැපයි අපේ උන් ගෙන් බේරිල. හෙහ් හෙහ් කෑ ගහන්න එපා බං, අර පිල්ලියත් මේ පැත්තෙ එනව.

      Delete
  11. /* මණමාලිව අන්දවන්න පානදුරේ සමන්පාල උන්නැහෙ ගත්තෙ රුපියල් පාළොස් දාහයි. */

    එතකොට මනමාලයාට අන්දවන්න කීයක් ගියාද?

    ආ. අමතක වුනා, මනමාලී නොමිලේම මනමාලයාට අන්දනවා නේ!

    ReplyDelete
    Replies
    1. හැබැයි දැන් ඉන්න මනමාළයොනං හොඳ හොඳ පොරවල්ට කියල ආයි ඇඳගන්නව.

      Delete
  12. උඹට සෑහෙන ගානක් ගිහින්.. අපි දෙන්නාටම කසාද බඳිනවා කිව්වාම සැලින්කෝ එකෙන් මාසෙක පඩියක් .. බැන්දේ 1992 දී. දෙන්නටම හම්බ උනේ රුපියල් 8000 ට අඩු ගානක්. පොරු නෑ. නැකත් නෑ. රෙජිස්ටාර් අත්සන් කරන වෙලාව් ඇහුවා දැන් වෙලාව හරිද කියලා. මම ඔරලෝසුව බලලා ත්ව විනාඩි තුනක් දෙනවාතියෙනවා කිව්වා. අම්මටයි තාත්තටයි මැරෙන්නේ හිනා. මල්ලිලගේ ගෲප් එකයි. මගේ යාළුවෝ සෙට් එකකුයි එලිවෙනකන් සංගීතයක් දැම්මා. ගල් සෝඩා ඇන්ඩ් කෝක්. කැමරාමන් ෆ්‍රී. සවුන්ඩ් ෆ්‍රී. කෑම හැදුවේ අම්මයි. පුංචියි. ඉස්සරහා ගෙදර අක්කයි.

    150 ක් විතර ආවා.. මැක්සා ගත්තා.. හනීමූන් යන්න දෙයක් නෑ.. කලින් ගිහින් තිබුනනේ.. කන පැලෙන්න නිදාගත්තා.. ඊට පස්සෙන්දා රට වටේම ටුවර් එකක් ගියා.. වාහනේ ෆ්‍රී.. පැස්ටෝල් ෆ්‍රී.. නවාතැන් ෆ්‍රී.. සියල්ලම මිතුරු මිතුරියන්ගෙන්.. ඒකයි යාළුවන්ගේ වටිනාකම..

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් පට්ට! මම බැන්දෙ දෙදාස් දෙකේ. වෙඩිම තුනේදි ගත්තට. ඒක උනේ මෙහෙමයි. එයාලගෙ තාත්තට අමාරු නිසා, මට ඇවිත් යන්න ලැබුන පෙබරවාරි මාසෙ අග සතියෙ දවසක අපේ ගෙදර අයයි, හාමිනේගෙ තාත්තයි මලයයි එක්ක ගියා රෙජිස්ටර් ගාවට, අස්සන් කරා ආව. ඒ මනුස්සය එතනදි අහපි "මොකෝ මේ මේ තරන් හදිසිය" කියල. හරියට බබා බඩේ වගේ :) අඩුමාසෙ බැන්ද කියල නෑ ඔය ඉන්නෙ බැඳල යස අගේට දෙන්න.

      යාළුවො වගේ ආ එකෙක් දෙන්නෙක් කෙලෙව්ව්ට, අදටත් මගෙත් හය්ය නියම යාළුවොම තමා.

      Delete
    2. උන් තමයි නියම යාළුවෝ කියන්නේ.. උඹට විතරක් නෙමෙයි අපිටත් මතක හිටින පාඩමක් කියලා දුන්නා...

      Delete
    3. හෙහ් හෙහ් ඒකත් ඇත්ත. උඹ දන්නව ඇතිනෙ ඌ පොඩි මෑන්ටත් පාඩමක් කියල දුන්න විස්තරේ?

      Delete
    4. මමත් එහෙම තමා බං , ඔය අපේ උන්දලගේ ගෙදරනං හෙන පාටියක් දැම්මා එකම කෙල්ලනේ කියල හාරසීයකට විතර කියල . මයේ හිතේ අපේ උන්දැ ලොකු වෙච්ච දවසේ ඉදන් සල්ලි එකතු කරලද කොහෙද.

      එහෙමයි කියල මට පාං යැ. මං එහෙමට නැටුවේ නැ , එකෙක් ගහල දුන්නා දවස් දෙකේම පොටෝ පන්සීයක් විතර , පස්සේ අපේ උන්දැ ඔය පත්තරයගේ වෙඩිම කරපු සෙනරත් කාරයට කියල ඇල්බම් එකක් හැදුවා , තව එකෙක් කැමරාවක් අරං ඇවිත් වීඩියෝ කලා , එක තියනව බල්ලෙක්වත් බැලුවේ නැ , කොල්ලන්ට කියුවහම බොන්ඩ දෙන්නේ නැ කියල , අම්මට %*$* ගන්ඩ හදන්ඩ එපා කියල , අරක්කු බෝතල් හතලිහක්ද කොහෙදයි බියර් වගයකුයි ගෙනත් දැම්මා ,

      මස්සිනා අම්පාරෙන් වල් ඌරෙක් ඇරං ආවා , තව බයිට් එකට මාළුයි , කජුයි අනං මනං ඌ ගානේ , බයිටි හැදිල්ල මල්ලි තමා කරේ , සෝඩා කොකා කෝලා ගෙනාවේ චූටි මාමද කොහෙද , මං දන්නෙත් නැ ජයමංගල ගාතා කියන්ඩ කෙල්ලො හතරදෙනෙකුත් ගෙන්නල . උන්ට දෙන්ඩ ලියුංකවරත් මිට මෙලෙව්වා පොඩි අක්කා . ලොකු අක්කා විසිපන්දාහක් දුන්නා ,

      හනි මුන් එකට හෝටලෙත් යාලුවෙක් ගානේ , වාහනත් සරසල එහෙම යාලුවෝ ගෙනත් දුන්නා . සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව මං සිකරට් කාටුන් දෙකක් ගෙනත් දැම්මා කලින්ම කොල්ලන්ට බොන්ඩ , වෙඩිම දවස වෙන කොට ඒවා ඉවර වෙන්ඩත් ලං වෙලා පස්සේ කොල්ලො කඩේ ගිහින් ගෙනාවද කොහෙද , කොටින්ම කිසිම බරක් මට දැනුනේ නැ බදිනව නේද යකෝ කියල මට , කොටින්ම සරසන්ඩ බැලුමක්වත් මම ගෙනාවේ නැ , කේටරින් වලටත් දීල , මුදුත් හදල , මට කොරන්ඩ වෙච්චා මක්කොමත් කරල , හම්බෙච්ච ඇන් ලොප් ටිකත් කඩල ඒකත් වියදං කරපු ගානෙන් අඩු කලහම මට විසි පන්දාහක්වත් වියදං වෙලා නැ බං

      , බෝතල් හතකුයි , බියර් දොලහකුයිත් ඉතුරු වෙලා තිබුනා මට තනියම බොන්ඩ , ඒ උනාට බලහං මේ කැරි කොල්ලෝ සිකරට් පැකට් එකක් ඉතුරුකරල තිබුන් නැනේ , පහුවදා උදේ මට රෙන්ඩ කලින් කඩේ යන්ඩ උනා.

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. අපිත් මේ වගේ වෙඩින් එකක් ගන්න ඕනේ ;D

      Delete
    7. අටමා අට පාරක් බයිසිමොටෝ එකේ කඩේ ගියාලු මගුල අස්සේ මෙගා සයිස් සෝඩා ගේන්න. එක බෝතලයයිලු එක පාරට ගෙනාවෙ.

      Delete
    8. මොකක්ද සැර් මැකුවේ

      Delete
    9. //අටමා අට පාරක් බයිසිමොටෝ එකේ කඩේ ගියාලු මගුල අස්සේ මෙගා සයිස් සෝඩා ගේන්න. එක බෝතලයයිලු එක පාරට ගෙනාවෙ.//

      ඔය කියන්නේ වෙන එකක්නේ

      තුන්පාරයි ගියේ , හතරවෙනි පාරත් ගියානං , කඩේ අක්කා ( අක්ක කියුවට ඇන්ටි ) මට ගහනව දෙවනි තුන්වෙනි පාර කුල් පෙට්ටියට මෙගා දැම්මේ නැ කියල මම දාපු අඩෝවැඩියාවට

      Delete
    10. //කොටින්ම සරසන්ඩ බැලුමක්වත් මම ගෙනාවේ නැ // මොන බැලුං ගැනද මේ කියන්නෙ. :D

      Delete
    11. අටම්, ඒ රාජ්ගෙ බ්ලොග් එකට දාන්න ඕන කමෙන්ට් එකක්, වැරදිල මෙතන දාල.

      මට ආරංචියි උඹල සෝඩ ගේන්න කඩේ ගිය හැටියි, ඩිස්කවරි එකේ වයිපර් දාගෙන ඇරල ආ හැටියි සහ තව ගොඩක් කතා. ඕව ඇදල ඝාතනය වෙච්චි චරිත ආයි මොකට මරනවද ඉතින්.

      ප්‍රසා, ඒ වෙත්දි බැලුන් වලින් සරසන සයිස් එකක්ද එතකොට තිබිල තීන්නෙ?

      Delete
  13. ඔය හොදා.....ඉංදික අයියේ...හැම දේම කරලා..කොච්චර ලස්සනට තිබිලද...අපිත් පුංචිවට කියල වෙඩිමක් ගත්ත . ඒ වෙන මොකවත් හිංද නෙමේ..වයිෆ්ගෙ පැත්තෙන් බේරෙන්න බැරි කමට...නැත්තං අපි දෙන්න හදපානක් අල්ලලා හෙමින් සීරුවේ කූඩු වෙනා..මගෙත් ගමේ උන්නු යාළුවො ඔක්කොම උදව් කලා..වෙඩින් එක ගමේ ‍රෙජිස්ටර් කරන්නයි පොටෝ ටිකක් ගන්නයි විතරයි නගරෙට ගියේ.....අන්තිමේදී ස්ටූඩියෝ එකකික් ගත්තු පොටෝස් ටික ඇරෙන්න එකම එක පොටොවක්වත් නෑ...කාටත් මතක නැති වුණා....ඒක...ඒත් මගෙ දුප්ප්ත් එක යාළුවෙකුට හරි කැමරාවක් තිබ්බනං උන් පොටෝ එකක් ගන්නව කියල මම දන්නව......ඒත් ‍මගුල හරිම ලස්සනට තිබුණ ඕං.....

    ReplyDelete
    Replies
    1. ස්ටුඩියෝ එකෙන් ගත්තු ටිකම මදෑ බං. අපේ මලයෙක් හඳපානෙ කැන්ද ඇවිත්, පස්සෙ කාලෙක ස්ට්ඩියෝ එකේ ෆොටෝ ගහල ෆුල් වෙඩිමක් මැව්වෙ හෙහ් හෙහ්..

      Delete
  14. ඔහොම යාලුවෝ නැත්නම් ඉතිං ලක්ෂ 10 ක්වත් ඕනි මේ පැත්තේ.
    අර පින්තූරෙ ගැන නම් කියන්නෙ තියෙන්නෙ, තමන් දන්න මිනිස්සුන්ට ජොබ් එකක් දෙන්නෙ නැති එවුන් ඒ මිනිස්සුන්ගෙ අඩුපාඩු, වැරදි හොයන්නෙ ෂර්ලොක් හෝම්ස් වගේ. ඒවා පතුරවන්නේ සන්ඩේ ටයිම්ස් වගේ.

    ReplyDelete
    Replies
    1. දැං ලස්ස විස්සක් නැතුව වෙඩිමක් කරන්න බෑලු බං, මට අපේ මිත්‍රයෙක් කිව්වෙ! පිස්සු හැදෙයි සඳ බබලයි ඒ ගානට මගුල් කෑවම.

      ඔය පින්තූරෙට හේතුව කදිමට පහල ඇනෝ කෙනෙක් කියල තිනව.

      Delete
  15. මං ඊයේ ස්ටේඩියම් එකේ "හිටං" වත්පොතට දාපු මේ ෆොටෝ එක දැක්කාද?
    https://www.facebook.com/photo.php?fbid=10153230210383793&set=a.10150097068108793.297210.683613792

    ReplyDelete
    Replies
    1. දුටුවෙමි. අපරාදෙ ඌ වෘත්තීය ගණිකා වෘත්තියේ යොදවනව!

      Delete
  16. මාත් ඔය ෆොටෝ එක දැක්ක... මට හිතුනෙ ඔයිට වඩා වෙනස් කතාවක්...

    ඉන්දිකල වගේ අමාරුවෙන් මඟුල් ගත්ත අයට මේක ටිකක් අමන කතාවක් වගේ පේන්න පුළුවන්... ඒත් මේ ඔය ප්‍රශ්නෙ එක පැත්තක්.. මම ඉතිං කේක් කතන්දරේ සහ තව නිර්මාණ කරන නිසා මේ වැඩේ දන්නෙ.. ෆොටොග්‍රැෆි වලටත් බොහෝ දුරට අදාළයි...

    මේ වගේ බිස්නස් වලදි නියම කරගත් මිලක් නෑ නේ... එක එක්කෙනා කැමති කැමති ගනං කියනව.... දිය යට කැමරා, අහස උඩ කැමරා, හොම්බ දිග කැමරා, හොම්බ නැති කැමරා තියෙන, ඒසී කරපු හයිෆයි ස්ටුඩියෝ එකේ වෙඩිමක ගාන ලක්ෂ 2කට එහා පැත්තෙ වෙද්දි, අපේ ගමේ ස්ටුඩියෝ දෙක තුනේ වෙඩිමකට සම්පූර්ණ ගාන විසිදාහෙ ඉඳල පනස්දාහ විතර වෙනව... ඔය ෆොටොග්‍රැෆි වලට ආස ඩිජිටල් කැමරාවක් තියෙන පොඩි එකෙක් අල්ලගත්තම ඔය වැඩේ රුපියල් දෙතුන් දාහකට කරගන්නත් පුළුවන්... ( ඒ වැඩේදි ෆොටොග්‍රැෆි ගැන තියෙන දැනුමට හා පළපුරුද්දට අමතරව, ස්ටුඩියෝ එකේ නම ගහපු හයි එස් වෑන් එකකින් එනවද, කැමරා ආම්පන්න ටික බයික් එකේ දාගෙන එනවද, නැත්ත ටියුලිප් බෑග් එකක දාගෙන බස් එකේ එනවද කියන එක තමයි ඔය ගානෙ වෙනසට බලපාන්නෙ..) ඔය විදිහට හෙන වෙනසක් තියෙනව ඔය ෆිල්ඩ් එකෙදිත්... එක පැත්තකට ඒක ඉල්ලුමට අනුව සැපයුම කියන්නත් පුළුවන්.. හි හි...

    පාරිහෝගිකයට වාසි තත්වයක් උනත් සැපයුම්කරුවන්ට මේක ටිකක් හොඳ නැති තත්වයක්... එක පැත්තකින් වැඩේ විතරක් නෙවෙයි ෆීල්ඩ් එකේම කොලිටි තත්වය හොඳටම බහිනව... අනිත් පැත්තෙන් නියමිත මිලක් ගන්න බැරි නිසා සැපයුම්කරුවන්ට අවාසි වෙනව.. ( හාල් වගේ තමයි.. මට වඩා ඉකොනොමික්ස් දන්න අයට මේ වැඩේ පැහැදිලි කරල දෙන්න පුලුවන්..)

    ඔය ස්ටේටස් නං වැඩි උනන්දුවකින් බැලුවෙ නැති මට, මේ ෆොටෝ දැක්කම හිතුනෙ ඔය ටික...

    ReplyDelete
    Replies
    1. හිරූ ගෙ කේකුත් හරි ගනං වගේ.. :-)

      Delete
    2. හි හි.. මගේ නෙවෙයි.. අපේ අම්මගෙ... ඔව් ඔව්.. ‘හරි‘ ගනං...

      Delete
    3. හිරු, මම එකඟ නෑ. මාකට් ජාති දෙකක් තියෙනව. එකක් අඩු කොලිටි, අඩු මිල. අනෙක හයි කොලිටි මිල වැඩි. මෙන්න මේ දෙවනි එකේ ලාබෙ වැඩියි, නමුත් පවතින්න අමාරුයි. ඕනම කෙනෙකුට වැඩි මිළට විකුණන්න පටන් ගන්න පුලුවන්. නමුත් ඒ වැඩි මිළ ගෙවන්නෙ, එකට ගැලපෙන දෙයක් ලැබෙනවනම් විතරයි.

      ලෝකෙ මොනතරම් ලාභ බාල ෆෝන් තිබ්බත් ඇපල් ෆෝන් කොම්පැනිය තම්න්ගෙ මිළ අඩු කරන්නෙ නෑ. හෙතුව ඒ අයට තමන්ගෙ ප්‍රඩක්ට් එක ඊට අඩුවට දෙන්න බෑ. කොලිටි දෙයක් ගන්න හොයන, ඒකට වියදම් කරන්න පුලුවන් කෙනෙක් ගාන වැඩියි කියල ඇපල් නොගෙන ඉන්නෙ නෑ.

      මේ කියන කෙනා මල්ලක කැමරා දාගෙන, 8000 ට වීඩියෝ කරල ගානක් හොයාගන්නෙ එයාගෙම පන්තියෙ අයගෙන්. ඒ අයට ඔය මහා ඇදුරන්ට ගෙවන්න සල්ලි නෑ. තිබ්බනම් ඔය 8000 මනුස්සයට එන්න කියන්නෙත් නෑ.

      මට සල්ලි තිබ්බනම් මමත් යාළුවන්ට කරදර කරන්නෙ නෑ. කෙලිම්ම ගල්කිස්සෙ රවි ස්ටුඩියෝ එකට ඕඩරේ දෙනව, මවුන්ට් ලැවීනියා හොටෙල් එකේ වෙඩින් එක ගන්නව, මල්කි එකෙන් කාර් රෙන්ට් කරනව.

      සල්ලියි යාලුවොයි දෙකම නොතිබ්බනම්, පානදුරෙ අස්සක පොඩි හෝල් එකක් බුක් කරනව, ඔය වගේ අටදාහෙ පොරකට ඇල්බම් බාර දෙනව, ටැක්සි කාර් එකක් පැයට සරසන්න ගන්නව...

      ඔය ගාන අඩු කරන එකෙන් මාක්ට් එක වැටෙනව කියන්නෙ බොරු කතාවක්. තම්න්ගෙ ප්‍රඩක්ට් එක හොඳ තත්වෙන් තියාගන්න කෙනාට බිස්නස් අඩු වෙන්නෙ නෑ. මොකද ඕනම දෙයක තත්වය පවත්වගන්න යන මූලික වියදම එකයි. වෙන කෙනෙක් ලාබෙට දුන්නත් ඒ මූලික ගාණට අඩුවෙන් හරි, නැත්තන් ලාභ අඩු කරල හරි, එයා රැඳෙන්නෙ නෑ. මොකද පාඩුවට බිස්නස් වැඩිකල් කරන්න බැරි නිසා.

      Delete
    4. "ඔය ගාන අඩු කරන එකෙන් මාක්ට් එක වැටෙනව කියන්නෙ බොරු කතාවක්. තම්න්ගෙ ප්‍රඩක්ට් එක හොඳ තත්වෙන් තියාගන්න කෙනාට බිස්නස් අඩු වෙන්නෙ නෑ. මොකද ඕනම දෙයක තත්වය පවත්වගන්න යන මූලික වියදම එකයි. වෙන කෙනෙක් ලාබෙට දුන්නත් ඒ මූලික ගාණට අඩුවෙන් හරි, නැත්තන් ලාභ අඩු කරල හරි, එයා රැඳෙන්නෙ නෑ. මොකද පාඩුවට බිස්නස් වැඩිකල් කරන්න බැරි නිසා."

      මාත් මේක විස්වාස කරනවා මචං.

      Delete
    5. ඔව් උඹලත් තමන්ගෙ හැකියාව අළෙවි කරන තඟකාරී බිසිනස් එකක් කරන මිනිස්සු හැටියට දන්නව ඇතිනෙ මේ දේ ගැන වැඩිය හොඳට.

      Delete
    6. මචං මාත් දැතේ රස්සා කාරය හන්දයි කියන්නේ ඔය ලාබෙට දෙන සර්ව්ස් එකේ පොඩි අවුලක් තියනවමයි ,

      දැන් මෙහෙම හිතහංකෝ , මම කොහෙට හරි ලග තියන මෙෂින් එකක් බලන්න ගියොත් අනිවා අටසිය පනහක් ගන්නව , දුර ගියොත් දුරේ හැටියට සහ ගතවෙන කාලයත් බලල තව පොඩි ගානක් එකතු කරනව , අපි හිතමු නීඩ්ල් බාර් ටයිමින්ග් අවුට් වෙච්ච එකක් කියල ,

      මම ඒක විතරක් හදල එන්නේ නැ , තව ටික දවසකින් කඩලයන වීල් එකක් , වෙන පාට් එකක් , බෙල්ට් එකක් දැක්කොත් අයිතිකාරයට කියල ඒක මාරු කරනව , පොට අවුල් ඔලුව අවුල් ඇණයක් දැක්කත් ඒක තියන්නේ නැ මාරු කරනව , වැඩේට යන්න කලින් මෙෂින් මොඩල් එක අහගන ඒකට නිතරම අවශ්‍ය වෙන පාට්ස් ඇරගනයි මම යන්නේ ,

      ඒයා බාල ඉදිකට්ටක් පාවිච්චි කරනවනං මම හොදම එක ( මම මිලදී ගත්ත වෙළද පොල වටිනාකමට ) දීලා ආයේ බාල ඒවා දාන්න එපා කියනව , එයා වැරදි විදිහට මෙෂින් එක පාවිච්චි කරනවනං , ඒකත් හරියට කරන්න කියල දෙනව , එයා කරන වැඩේ මහන විදිහ වැරදිනං , ඊට වඩා හොද ක්‍රමයක් ඒ වැඩේට තියනවනං ඒකත් කියල දෙනව , මට තව වැඩකට යන්න හදිස්සියක් නැ , කස්ටමර් සම්පුර්ණයෙන්ම දැනුවත් වෙනකං සහ , මෙෂින් එක 100% ක් හරි යනකං මම එතන ඉන්නව .

      ආයේ කවද්ද සර්විස් කරන්න ඔන . කොච්චර කලෙකින්ද සර්විස් කරන්න ඕන ,

      කියලා ඇහුවහම

      ආයේ අමුතුවෙන් කරන්න දෙයක් නැ , මෙෂින් එක කැඩුන දවසට කොල් කරන්න කියල එනව ,

      බොරු කියනව නෙමෙයි මචං ආයේ උන්දැ අවුරුදු එක හමාරකට දෙකකට කතා කරන්නේ නැ .


      සමහරක් අය ඉන්නව ටයිමින්ග් විතරක් තියල තුන්සීයක් අරගන එන , උෟ වෙන කිසි දෙයක් බලන්නේවත් නැ , වෙන ලෙඩක් දැක දැක උනත් කට පියාගන එනව , තව මාසයක් යන්නේ නැ වෙන ලෙඩකට ආයෙත් ගිහින් තව ගානක් ගන්නව , ඊ ලගට තවත් ලෙඩක් මාස දෙක තුනක් ඇතුලත පොර මටත් වඩා ගානක් කපල ,

      තුන් වෙනි පාර ගියහම කස්ටමර්ට කියනව ඔයාල සර්විස් කරන්නේ නැති හන්දයි මේ අවුල , එක්දාස් පන්සීයක් දෙන්ඩ ඊලග පාර මං හොදට සර්විස් කරල දෙන්නං කියල , අනේ නිකං නිරපරාදේ කෑලි කෑලි ගලවල ගෙදර ගෑනිව කඩේ ඇරල භුමි තෙල් ගෙන්නල , මැසිම හෝදල , ඇණ ටික මාස හතරකින් පහකින් බුරුලු වෙන විදිහට තද කරල ඒනව ,

      ඔහොම අන්දපු මිනිස්සු තුන්සිය හැට පහක් හිටියහම හැමදාම අනිවා එක්දාස් පන්සීයක් ඌට තියනව , පිට වාසි ටිකකුත් ඇල්ලුවහම දවසට තුන් හාරදාහක් ෂුවර්,

      ෆොටෝ කන ෂින් එකත් ඔහොම්ම තමා මචං ,

      සල්ලි ගොඩක් ගන්න බුවාල බහින්නේ දෙන්නෙක් හරි තුනක් හරි , සෙකන්ඩ් තර්ඩ් ඉන්න බුවාල මහදැන මුත්තට ලයිට් සෙන්සර් එහෙම ලයින් කරල . කැරමාවත් කරගහගන හරි තුරුල් කරං හරි ගේමට බහිනව . ලොක්ක කැප්චර් කරන ඈංගල් එකට විරුද්ධ ඈංගල් දෙකක ගෝල බට්ටෝ කැප්චර් කරනව ,

      මෝඩ ජෝඩුව ( බදින්නේ මෝඩයෝ බං ) පොටෝ සිලෙක්ට් මංගල්ලෙට සෙට් උනහම ( ඒකත් දැං මංගල්ලයක් වගේ . ගාන ඇරං ගියහම කැමරා බුවාගෙන් වෙලාවක් ගත්තා කියන්නේ කිරිබත් උයන සීන් එකක් ) සමහරක් විට ඕකේ වෙන්නේ ෆොටෝ ගුරා ගත්ත මනමාලය මනමාලිගේ යටි තොල හපන ෆොටෝ එක නෙමෙයි , තර්ඩ් කැමරාමන් ( හරි බං හරි ඌ වැන් එකේ ඩ්‍රයිවර් තමා ) ගත්ත මනමාලි මනමාලයගේ දීව උරා බොන ෆොටෝ කෑල්ල ,

      විඩියෝ එකත් ලස්සයක් හමාරක් ගන්න උන් එන්නේ කැමරා දෙකක් හරි තුනක් හරි අරගන , එකක් කැඩුනත් තව දෙකක් හරි එකක් හරි තියනව, පුල් සීන් එකම කවර් වෙනව , ලෝකේ තාලෙට වැඩේ වෙනව ,

      ලාබෙට එන බුවා සොරි මල්ලි කියුවොත් මක් කොරන්ඩද

      ඌ අහවල් එකෙන් කවර් කරන්ඩද

      හැබැයි ඉතින් , සල්ලි නැති කෙනෙකුට , අවධානමක් තිබුනත් . ලෝකේ තාලෙට නැතු උනත් වටිනව තමා , අඩු මුදලකට වැඩේ කෙරෙන එක .

      හැබැයි වැඩේ වැඩේ විදිහට කෙරෙන්නේ නැ.

      මේ සීන් එක ( පෝස්ට් එකට වස්තු බීජය සපයපු බුවානං ) මුල අමතක පොරක් , කොටින්ම විසිල් විතරක් තියන බල්ටි නැති පොරක්





      Delete
    7. අටං ++++++++++++++++++++++++++++++++++++++++++++
      රෙස්පෙක්ට් ඈ

      Delete
    8. මගේ කමෙන්ට් එකේ මං ඕක වැඩිදුර පැහැදිලි කරන්න ගියෙ නැත්තෙ වෙඩින් ෆොටෝග්‍රැෆි වලදි බලන කොලිටිය ගැන ගොඩක් අයට තේරුම් ගන්න අමාරු නිසා... මගෙ වෙඩිමත් පනස්දාහකට දුන්නෙ දන්න කෙනෙක් හින්ද... ඒත් අත්සන් කරපු සාක්ෂිකාරයො දෙන්නගෙන් එක්කෙනෙක්ගෙ එක ෆොටෝ එකක්වත් නෑ අන්තිමට බලනකොට... තැන්කියු කාඩ් ප්‍රින්‌ට් කරගන්න මේ මනුස්සයා එළියට ගිය වෙලාවෙ තමයි මට ඕනෙම කරන පිස්සු නැටිලි ටික තිබ්බෙ.. එක ෆොටෝ එකක් නෑ අද.. අඩුම ගානෙ සෙකන්ඩ් කැමරාමන්වත් ඒ පැත්ත පළාතෙ ඉඳල නෑ.. මං මුලදි පැහැදිලි කරලම කිව්ව ගස් ගල් බදාගෙන ගන්න ෆොටෝ වලින් මට එච්චර වැඩක් නෑ.... කට්ටිය එක්ක කතා බහ කරන වෙලාවෙ ෆොටෝ ටික අනිවාර්යයෙන් ගන්න කියල.... කොටින්ම අන්තිමට ඇල්බම් එක ඩිසයින් කළෙත් මමම ගිහින්... මොකද හැමදාම කරන එකම විදිහෙ ඇල්බම් ටෙම්ප්ලේට් වලින් එහාට එකක්වත් කරන්න දන්නෙ නෑ.. ග්‍රැෆික් ඩිසයිනින් ගැන හොඳ දැනුමක් තියෙන කෙනෙක් ඒ ස්ටුඩියෝ එකේ නෑ... ඊට පස්සෙ ඇල්බම් හදල ගෙනාවට පස්සෙ බලනකොට, පේජස් කට් වෙලා තියෙන්නෙ ඇදට... ඇල්බම් එකේ මුල පිටුව ගානට තියෙනව. .ඇතුලෙ පිටු රුයිතෙට ගිහින්... තව ගානක් දීලා ආයිමත් ඇල්බම් දෙකම හැදුව.. කාටවත් පෙන්නන්න පුළුවනෑ ඒක..

      Delete
    9. වැඩ දන්න එකෙකුට ඔය ඩ්‍රැයිවර්ලයි අරුනුයි මුනුයි දාගෙන කැමරා තුන හතර දාගෙන ඉවෙන්ට් කවර් කරන්න ඕන නෑ. උෘ දන්නව ගන්න ඕන ෂොට් එක මොකක්ද කියන එක. ඔය හිරු ගෙ ෆොටෝ ගහපු එකා අදාල ඉවෙන්ට් එක තියෙන වෙලාව ගැන දැනුවත් වෙලා ඉඳල නෑ. නැත්තං උෘ ඒ වෙලාවෙ රෝන්දෙ යන්නෙ නෑනෙ. මගේ ෆොටෝ ගහපු එකානං තනියෙංමයි ගේම දුන්නෙ. ඒ අතරෙ උෘ ගෲප් එකත් එක්ක සින්දු කියනව වගේ දේවලුත් කළා.
      ඔය ඉන්දික දාල තියෙන ස්ටේටස් එක තියෙන තැනත් සමහරු කියල තිබුණ ඒ මනුස්සයට ඔරලෝසුව විකුණල හරි කැමරා බෑග් එකක් ගන්න තිබුණනෙ කියල. ඒකට උත්තර හැටියට දාල තිබුනෙත් ඔය වගේ ඉවෙන්ට් එකක් කවර් කරන එකෙකුට වෙලාව තරං වෙන මොකුත් වටින්නෙ නැති එක.

      Delete
    10. ///මට සල්ලි තිබ්බනම් මමත් යාළුවන්ට කරදර කරන්නෙ නෑ. කෙලිම්ම ගල්කිස්සෙ රවි ස්ටුඩියෝ එකට ඕඩරේ දෙනව,///

      ඒයි... සිංහයෝ උඹ මේ කතාව කියන්නේ රවී ස්ටුඩියෝ එකේ ගහපු ෆොටෝ ඇල්බම් එකක් ඇස්දෙකෙන් එහෙම දැකලද. ෆොටෝ එකක කොලිටි එකක් බලන්න නොතේරෙන සල්ලි තියෙන උන්ට හොඳයි උන්ගේ ෆොටෝ.
      මගේ යාළුවෙක් දවසක් උන්ගේ ඇල්බම් එක පෙන්නුවා. ඒකෙ ෆොටෝ ටික දැක්කම මට මගේ යාළුවා ගැන දුක හිතුනා. ඒ 2007 වගේ. උන් ඒ කාලෙත් ලක්ෂෙකට වඩා දීල තිබ්බා ෆොටෝ ඇල්බම් එකට.

      සමහර ෆොටෝ අඩු Shutter Speed වල වැදිලා රූප දෙක දෙක එකපිට වැදිලා. තව ඒවායේ Focus වෙලා තියෙන්නේ මිනිස්සුන්ගේ අමුතු අමුතු තැන්.
      අයියෝ සල්ලි කියල හිතුනා.

      Delete
    11. //සමහර ෆොටෝ අඩු Shutter Speed වල වැදිලා රූප දෙක දෙක එකපිට වැදිලා. තව ඒවායේ Focus වෙලා තියෙන්නේ මිනිස්සුන්ගේ අමුතු අමුතු තැන්.//
      ඔය 8000 ට කරන අය වගේ නෙමෙයි ඒ ගොල්ලන්ට ගරහන ප්‍රබුද්ධ අය ෆොටෝ ගහපුවාම ඔහොම තමයි වදින්නෙ. අපිට ඒකෙ කලාත්මක බව තේරෙන්නෙ නෑ. :D

      Delete
    12. අටම, ලාබෙට නොදී එහෙම හොඳ සර්විස් එකක් දෙන එක තමයි නියම වෘත්තීය ගරුත්වය රැක ගැනීම කියන්නෙ. ඒ එක්කම උබෙ ජීවිතේ රැක ගන්න ඕනනම්, ඒ දෙන සර්විස් එක හරියට මාකට් කරගන්න ඕනෙ. ඒ කියන්නෙ, ඔය මගුල් ටික කරල විතරක් ඇවිත් බෑ, තමන් කරපු දේ නිසා පාරිබෝගිකයට වෙච්චි වාසිය සහ එහි වටිනාකම ගැන ඒ අය දැණුවත් කරන්න ඕන. එතකොට උන්දැල තව කෙනෙක් ගාවට යන්න කලින් දන්නව, අරූ මොනාද දුන්නෙ, මූ ගාව තියෙන්නෙ මොනාද කියල හිතල බලන්න.

      --------------------------------------------------

      හිරු,

      වැඩක් බාරදෙනකොට, කලින් කරපු වැඩ, ඒ කස්ටමර්ලගෙ අදහස් දැනගන්න ඕන. දැන් අපි හෝටලේක නවතින්න යනවනම්, ඒ කාමරේ ගාන විතරක් බලන්නෙ නෑ, මීට කලින් ගිය අයගෙ අදහස් හොයල බලනව. එහෙම නැතුව නිකන්ම යාලු කමට දීල අතපිහදාගත්තම ඔහොම ප්‍රශ්ණ වෙනව. දැන් හිරුගෙ වගකීම තමයි ඔය පුද්ගලය තමන්ව හ්ඩපු අමාරුව ගැන දන්න හැමෝමව දැණුවත් කරන එක. ඒක තමා පාරිබෝගිකයගෙ වගකීම.

      --------------------------------------------------

      ප්‍රසා, හරියට හරි. මනුස්සය ඉවෙන්ට් එක ගැන ප්ලෑන් එකක්, අදහසක් නැතුව තමා වැඩේට බැහැල තියෙන්නෙ. 8000ට වගේ ලාබෙට කරන කෙනෙකුගෙ එහෙම වැරැද්දක් පිළිගත්තත්, ලොකු ගානක් දෙනකොට ඒ වගේ දේ භාරගන්න නරකයි. මොකද වැඩිපුඅර ගෙවන්නෙ හොඳ යමක් බලාපොරොත්තුවෙන් නිසා.

      -------------------------------------------------------

      ලොකු පුතා, අපේ වෙඩිම ගත්තු කාලෙ හැමෝම කතා උනේ රවී එකේ සිරා වැඩ ගැන. මගෙ යාලුවො දෙන්නෙකුත් ගත්ත උන්ගෙන්, හොඳට තිබ්බලු.

      --------------------------------------------------------

      ප්‍රසා, සීතම්භර ෆොටෝ සළු.

      Delete
    13. අටමෝ.. උඹ හරියටම කතාව කිව්වා..

      Delete
  17. කැමරාව ටියුලිප් කවරෙ කතාව දකිනකොටම මට ඔය ‍ස්ටේටස් එක මතක් උනා. පස්සෙ තමයි යට ෆොටෝ එක දැක්කෙ.

    ඇත්තටම මේක හරිම කුහක කමක්. පහුගිය කාලෙ බුකියෙ කට්ටිය උඩ දාපු දෙතුන් දෙනෙක්ම ඕක දාපු මනුස්සය සාධාරනය කරන්න කතා කරල තියෙනව මම දැක්ක.
    මමනං කියන්නෙ එයා කියල තියෙනව වගේ කැමරාවලට හා තමන් පාවිච්චි කරන උපකරණ වලට වැඳගෙන ඉන්න ඕන කියන එක ගෝත්‍රික අදහසක් කියලයි. කාලෙකට කලින් කොම්පියුටර් තිබුණ රූම් වලට සපත්තු ගලෝල යන්න ඕන උනා වගේ. අනික වෘත්තීය ගරුත්වය කියන තුරුම්පුව ගහන්නෙ ඔය වගේ එක ජොබ් එකකට ලක්ෂ ගාණක් කඩාගන්න පුලුවන් එක මේ මිනිස්සු හින්ද නැතිවෙන හින්ද එක කට්ටියක් අතේ මේ වැ‍ඩේ තියාගන්න ඕන නිසා කියලයි මම හිතන්නෙ.
    මගේ වෙඩින් එකේ ෆොටෝ ගත්ත එකත් මගේ හොඳ යාලුවෙක්. මිනිහ ෆොටෝ ගැනිල්ලට අමතරව වෙඩින් එකේ ගොඩක් දේවල් හොයල බලල කරල දුන්න. කාර් එක හිට සැරසුවෙ මිනිහ. ඔච්චරටම නැති උනත් වෙඩිම දවසෙ ආවතේව කටයුතු කරන්න සෑහෙන යාලුවො පිරිසක් මටත් හිටිය. ඔය වගේ 8000 ට වීඩියෝ කරන්න එකෙක් හිටියනං මාත් වෙඩින් එක වීඩියෝ කරගන්නව.

    ReplyDelete
    Replies
    1. මම ඊයෙ පාන්දර මේ ස්ටේටස් එක දැක්කෙ. මට හරි පුදුම හිතුන පස්සෙ හිතුන සල්ලි වලට ඔයිට වඩා යකඩ නැවුන අපි දැකල තියෙනවනෙ, අර කකා කිව්ව වගේ මිළ ආවම කවුරුත් විකිනෙනවනෙ කියල.

      ඕක වෘත්තිය ගරුත්වය රැකගන්න කෙහෙම්මලක් නිසා නෙමෙයි, තමන්ගෙ කොටස නැතිවෙනවට භය!

      Delete
  18. ඔය පොටෝ එකේ ලොකු කතාවක් තියෙනවා මම හිතන්නේ විට එය මතුකරන අදහසින් //මේ අර රු. 8000ට වෙඩින් වීඩියෝ කරන හාදයා, වෙඩිමට යන ආකාරය...!!
    වසර 23ක් ම වැඩ කළා ය කියන මේ හාදයාට මෙසේ වූයේ ඇයි...?// කියා ලියන්න ඇති. රුපියල් 8000 කියන්නේ මේ වැඩේ කරන්න පුළුවන් අවම මුදලක්. මුදලට කරනවා නම් ඉල්ලුම වැඩි වෙන්න එපයි එහෙම නම් පොරට වැඩ වැඩිවී පොර දියුණු වෙන්න ඕන එසේම ඉල්ලුමට සැපයුම දෙන්න අමරුවී ඔහුගේ මිල වැඩිවිය යුතුයි. නමුත් මොහු අවුරුදු 23 වැඩ කරලත් තවම දියුණු වී නැත්තේ ඇයි කියන එකට ගොඩක් හේතු තියෙන්න පුළුවන්. මට නම් පෙන්නේ රුපියල් 8000 වැඩකරනවා කියා ඔහු පහත හෙලීමක් නොව මෙතන සිදුවී ඇත්තේ අවුරුදු 23 වැඩ කරලත් තවම දියුණු නොවුයේ ඇයි කියන එකයි.

    ReplyDelete
    Replies
    1. මිනිස්සු දියුණු වෙනවා කියන එක කොහොමද මනින්නේ? මෙයා බස් එකේ නොගිහින් වාහනයක ගියොත් ඒක දියුණුයිද?

      අනිත් එක දෙයියෝ දෙන්නෙක්ගෙම නම් තියන මේ හාදයාට අටදාහට වීඩියෝ කරන්න යන එකා එක්ක තියන ගේම මොකද්ද කියලා මම නම් දන්නේ නෑ. ඕනේ එකෙකුට අවශ්‍ය නම් කරව ගන්න අටදාහටත් වීඩියෝ කරන එකෙක් හිටියහම මක් වෙනවද?

      Delete
    2. මෙහේ පෙර පාසල් වල ෆොටෝ ගන්න පොරක් ඉන්නව. මිනිහත් අවුරුදු ගානක් ඒ වැඩේ කරනව. ගෲප් ෆොටෝ එක හදන වැඩේ, දෙමාපියන්ට ඕන වෙනත් ෆොට‍ො ගන්න වැඩ ඔක්කොම කරන්නෙ මිනිහ තමයි. අවුරුදු ගානක් වැ‍ඩේ කළත් තාමත් මිනිහ යන්නෙ පයින් කැමරා බෑග් එක අතේ අරගෙන. හැබැයි මිනිහගෙ ෆොටෝ කොලිිටි වල කිසිම අවුලක් නෑ.

      Delete
    3. විශ්ව, පහළ මම රාජ්ට දාපු මේ කමෙන්ට් එක දැක්කද? අනෙක ලෝකෙ හැමෝටම දියුණු වෙන්න ඕන නෑ. සමහරුන්ට කාල ඇඳල උන්නම ඇති. ඒක ඒ අයගෙ කැමැත්ත. අපි ඒක පහත හෙලල කතා කරන එක හරිද?

      Delete
    4. තිසර සහ ප්‍රසා, ඔය තර්කෙන් බැලුවොත් මේ කතාව කිව්ව මහ ඇදුර මෑතක් වෙනතුරු ගියෙ අර සිග්‍රා ට්‍රයි කාර් කියන දොරවල් දාපු ත්‍රීවීල් එකේ. ලඟදි තමා එයත් පරණ බෙන්ස් කාර් ලඩීයක් ගත්තෙ! එතකොට එයත් දියුණු වෙලා නෑනෙ :D

      Delete
    5. @තිසර
      //මිනිස්සු දියුණු වෙනවා කියන එක කොහොමද මනින්නේ?// මිනිසෙකුගේ දියුණුව වර්ග කිහිපයකට වෙන් කරන්න පුළුවන්. ආර්ථික දියුණුව, සමාජ තත්වයේ දියුණුව, දැනුමේ හෝ හැකියාවේ දියුණුව සහ අධ්‍යාත්මික සහ ආකල්පමය දියුණුව. මෙතනදී අධ්‍යාත්මික දියුණුව හැර අන් දේවල් විවිධ නිර්ණායක මගින් මැනිය හැක.

      //මෙයා බස් එකේ නොගිහින් වාහනයක ගියොත් ඒක දියුණුයිද?// බොහෝවිට ඔහු වාහන හිමියෙක් හෝ වාහනයක් කුලියට හෝ ගෙන තම ව්‍යාපාරික කටයුතු සඳහා යොදා ගන්න හැකියාවක් ඇත්නම් ඔහු බසයේ ගිහින් ඒ වැඩේ කරන කෙනාට වඩා ආර්ථිකව දියුණුයි. මෙතන මම බොහෝ විට කියා ලියුවේ වාහන භාවිතයට හැකියාව ඇතත් බස් එකේ යන අය සිටින නිසාවෙනි. නමුත් වෙඩිමක් වීඩියෝ කිරීම වැනි කටයුත්තකට යන කෙනෙකුට වාහනයක් භාවිතා කිරීමෙන් තම කාර්යය පහසුවීමට අමතරව තම මිල ඉහල දැමීමට හේතුවක් වන තම තත්වය වර්ධනය වීම සිදුවේ. එවැනි කෙනෙක් හැකියාවක් ඇත්නම් වාහනයක් අනිවාර්යෙන් භාවිතා කරයි.

      //අනිත් එක දෙයියෝ දෙන්නෙක්ගෙම නම් තියන මේ හාදයාට අටදාහට වීඩියෝ කරන්න යන එකා එක්ක තියන ගේම මොකද්ද කියලා මම නම් දන්නේ නෑ. ඕනේ එකෙකුට අවශ්‍ය නම් කරව ගන්න අටදාහටත් වීඩියෝ කරන එකෙක් හිටියහම මක් වෙනවද?// ඉන්දික කියපු විදියට මුලින් ඔහු දාලා තියෙන්නේ "මේ අර රු. 8000ට වෙඩින් වීඩියෝ කරන හාදයා, වෙඩිමට යන ආකාරය" කියා එහෙම තිබුණු බව ඔහුගේ ප්‍රකාශයට දැමු මුල් කමෙන්ට් වලින් පේනවා. ඔහුගේ වාර්තීය කුහකත්වය එතනින් පේනවා ඔහු එය වහන්න "වසර 23ක් ම වැඩ කළා ය කියන මේ හාදයාට මෙසේ වූයේ ඇයි...?" කියා ලියා තියෙනවා එබැවින් දැන් එය කියවන විට එන්නේ වෙනත් අදහසක්. මම මෙහි කමෙන්ට් කලේ එම අදහසට වේ.

      Delete
    6. @Praසන්ன
      අනිවාර්යෙන්ම කොතරම් වාර්තීය දක්ෂයෙක් වුනත් තම හැකියාව අලවිකරණ හැකියාවක්, උවමනාවක් නැත්නම් සමහර විට වාසානාව නැත්නම් කෙනෙක් ඉදිරියට නොයයි. ඔබට මෙන්ම මටද වඩා අදක්ෂ අය සමහර විට අපට වඩා ඉහල තනතුරු වල සිටීමටත් අපට වඩා දක්ෂ අය පවා සමහර විට අපට වඩා පහලින් සිටීමටත් හේතුව එය වේ.

      Delete
    7. @ඉන්දික උපශාන්ත
      "වසර 23ක් ම වැඩ කළා ය කියන මේ හාදයාට මෙසේ වූයේ ඇයි...?" කතාව පොර පස්සේ දැම්මා කියන්නේ මුලින් පොර දක්වපු අදහසෙන් පොරගේ කුහකත්වය හෙළිදරවු වනවා. මට එහි සියලු කමෙන්ට් කියවූ පසු තේරුණා.

      මම වෙඩින් එක ගත්තෙත් ජොබ් එකට ගිය අලුත. ලක්ෂ දෙකකට අඩුවෙන් තමයි වියදම් කලේ. කැමරා කරුට 7500 දීල ෆොටෝ ගහන්න කියලා රීල් ටික ඉල්ලා ගත්තා ඇල්බන් එක පස්සේ හදාගන්න. එම ෆොටෝ සුද්ද කරලා නෙගටිවූ එක scan කළා. වසර 8 විතර ගියත් තවම ඇල්බන් එකනම් හැදුවේ නැහැ.වීඩියෝ එකත් එසේමයි. මට ඕන වීඩියෝ එකයි ඇල්බන් එකයි මමම හදා ගන්න නිසා වැඩේ පහුවෙනව විතරයි.
      වෙඩින් එකට ආරාධනා පත්‍රය පවා මමම තමයි හැදුවේ. සාමාන්යෙන් හදන ක්‍රමයට වෙනස්ව නිසදසකින් ආරාධනා කළා කාඩ් එක පොටෝ ප්‍රින්ට් කළා. නිසදැස ලියුවේ මලදානේ ලියන විදානේ.

      Delete
    8. හායි විශ්ව අයියා... කාලෙකින්,,
      පෝස්ට් එක කියවන්න පැයකට වඩා ගියා කමෙන්ට් ඔක්කොම එක්ක පෝස්ට් කීපයක් වගේනේ...

      රූපය ගැන මගේ අදහස විශ්වගේ කමෙන්ට් තුල තියෙනවා .. හරිම පහසු තර්කයක් ..

      Delete
    9. විශ්ව, මගේ කාඩ් එකත් මමම ඩිසයින් කරල, අපේ යාලුවෙක්ගෙ ගෙදර කලර් ප්‍රින්ටරේකින් ප්‍රින්ට් කරල හැදුවෙ මමමයි. නමුත් ඒක මාර ලස්සනයි, යුනික් කියල ගොඩක් අය කිව්ව. අපි පොඩි ලේස් වගේ රෙදිකෑල්ලකින් තමා කවරෙ හැදුවෙ. කවි සහ කතා මගෙමයි :)

      ඇත්තටම වෙලාව සහ උදව් තියෙනම් වෙඩිමක් සාමන්‍ය ගානෙන් භාගෙට අඩුකරගන්න එක මහ දෙයක් නෙමෙයි. අර ඇල්බම් එක තුන්වෙනිය ඉපදෙන්න කලින් හදා ගන්න බලන්න :)

      ---------------------------------------------------

      ඔමා, ලිස්සුව නේ ආඳ වගේ?

      Delete
    10. // ඉන්දික උපශාන්තMarch 19, 2015 at 12:36 PM

      තිසර සහ ප්‍රසා, ඔය තර්කෙන් බැලුවොත් මේ කතාව කිව්ව මහ ඇදුර මෑතක් වෙනතුරු ගියෙ අර සිග්‍රා ට්‍රයි කාර් කියන දොරවල් දාපු ත්‍රීවීල් එකේ. ලඟදි තමා එයත් පරණ බෙන්ස් කාර් ලඩීයක් ගත්තෙ! එතකොට එයත් දියුණු වෙලා නෑනෙ :D //
      ඉන්දික,
      මම ගත්තෙ පයනියර් බ්‍රෑන්ඩ් එක. ඒක රු. ලක්ෂ 5යි. ඒක ගත්තෙ මගේ ෆොක්ස්වාගන් කැඩී වැගන් එක විකුණලයි. හේතුව ෆොක්ස් එක පෙට්‍රල් කරන්නෙ ලීටරේට 6යි. දිනපතා කොළඹ යන්න එන්න කිමී 60ක වියදම දරන්න අමාරුයි. ඒ නිසා පයනියර් කාර් එක (ඒක ලියාපදිංචි කරන්නෙ කාර් කියලයි) ලීටරයට කිමී 25ක් අවම කරනවානෙ ඒ හින්ද ඒක ගත්ත. ඒක ගන්න අවස්ථාවෙත් අපේ ගෙදර අන්රෙජිස්ටඩ් ගත්තු ටෙයෝටා විස්ට් එකක් තිබ්බ. දැන් ඒකෙ අලුත් මොඩල් එක තියෙනවා සහ කිමී 25,000ක් පමණක් දුවපු බ්‍රෑන්ඩ් නිව් මෝටර් සයිකලයකුත්, ජපන් ෆුට් සයිකලයකුත් තිබුණා.
      බයික් එක පදිනවාට දුවයි පුතයි විරුද්ධ නිසා තාම ඒ මගුල ගෙදර කා පෝච් එකේ දිර දිර තියෙනවා. දැන් මගේ ළඟ තියෙන්නෙ 14වෙනි අටමගලෙ..!! බුකියෙ මගේ රතගායට වෙනම ඇල්බම් එකක් තියෙනවා. මේ බැණ බැණ ඉන්න අස්සෙ ඒවත් ගිහිං බලන්ටෝන හරිය..!!

      Delete
    11. ඉන්ද්‍රනාථ,

      ඔබගෙ ට්‍රයිකාර් එකේ වර්ගය වැරදියට සඳහන් කිරීම මා අතින් වෙච්චි වැරැද්දක්, කණගාටුයි ඒ ගැන.

      මිනිසෙකුගෙ දියුණුව කියන්නෙ ඔහුගෙ භෞතික සම්පත්වල ප්‍රමාණය නොවෙයි කියන එක ඔබ මට වඩා හොඳට දන්නව ඇති කියල හිතනව. මම ඒකයි කිව්වෙ "ඔය තර්කෙන් බැලුවොත් " කියල.

      ඔබගෙ වාහන තෝරාගැනීම ගැන මගේ විවේචනයක් නෑ, ඒක ඔබගෙ අයිතිය. නමුත් අපි පුද්ගලික මිතුරන් වුනානම්, මම ඔබ කියල තියෙන ඔය එක වාහන වර්ගයක්වත් ගන්න ඔබට අනුබල දෙන්න නෑ, මගේ රථගායෙ අත්දැකීම් අනුව.

      මම එන්නම්, රථගාය බලන්න අනිවාර්යෙන්ම.

      Delete
  19. උඩ ෆොටෝ එකනම් දැකල පුරුදුයි අර හනිමූන් ට්‍රිප් එකේ විස්තරෙදී.. පහල ෆොටෝ එකත් ඊයෙ බුකියෙදි දැක්ක අහම්බෙන් වගේ ඒත් වැඩි අවධානයක් දක්වන්න වෙලාවක් තියුනෙ නෑ.. කතාව කියෙව්වමයි ඒකෙ බරපතල කම තේරුණේ. මගේ වෙඩිමත් 2004 දි ගත්තේ ඔය වගේමයි. හික්කඩුවේ හෝටලේට මං ඉස්සෙල්ලම ගියේ වෙඩිං එක දවසේ උදේ.. අපේ උන්දැගේ බොක්කෝ තමයි මුල සිට අගටම ඇදල තිබ්බේ. අදටත් ගොඩක් දේවල් වලදී උන් තමයි පිහිටට එන්නේ.. මමත් මගේ පොකට් එකේ ගානට කොලිටිය හොයන එකෙක්.. අර ඉන්දියාවේ සාරි තෝරන්න ගියාම වගේ.. එකම කඩේ තට්ටුව උඩ යන්න යන්න මිල වැඩිවෙනවා.. පහලම 250/-,මැද හරියට යනකොට 25000/- මුදුනට කිට්ටු වෙන්කොට 250000/- තමන්ට සුදුසු හැකි අයුරින් සේවා ලබා ගන්න පහසුකම් තියෙන්න ඕනි.. ඔය මහ ලොකු මුදල්වලට විකිනෙන බොහෝ දේවල මිල වැඩි වෙන්න එක හේතුවක් තමයි ඒවා මිලට ගන්න එකාගේ හීනමානය.. හොඳ මාතෘකාවක් උඹ ඇදල ගත්තේ..

    ReplyDelete
    Replies
    1. ආයි ෆොටෝවක් ස්කෑන් කරන්න වෙලා නැති නිසා ඒකම දැම්ම. අනෙක මූණ පෙන්නල බෑනෙ බන්, දැක්කම භ්ය වෙනවනෙ. යකෝ අපෙ හාමින්ත් හික්කඩුවෙ, තොටගමු පන්සල කිට්ටුව, වැල්ලවත්තෙ. උඹලගෙ හාමිනේත් එහෙමද?

      මේක විවෘත ආර්තිකයනම්, ඕන එකෙක් ඕන විදිහට වික්කම මොකෝ, තමන්ගෙ බඩු හොඳනම් ගනියි, නැත්තන් අහක බලාන යාවි. මෙතන තීන්නෙ එහෙම එකක් නෙමේ, සිද්දිය පහල ඇනෝවෙක් දාල තීන්නෙ ගානට.

      Delete
    2. ඔව් මං කියෙව්ව.. මගේ බඩු හොඳයි ඒක නිසා ගන්න කියල විකුණන එකාගෙයි අරූගේ බඩු හරි නෑ ඒක නිසා මගෙන් ගන්න කියල විකුනන එකාගෙයි වෙනසක් තියෙනව.. මං බඩු ගන්න කැමති මුලින් කී එකාගෙන්.. ඒත් වැඩි දෙනෙක් ඉන්නෙ දෙවෙනියට කී ජාතියෙ එවුන්.. මේ කියන නාථත් ඒ ජාතියෙ එකෙක් මට පේන්නේ.

      අපේ උන්දෑ ඊටත් ටිකක් දකුණට වෙන්න.. බූස්සේ.. වැල්ලබඩ.. වත්ත මොකද බඩ මොකද ඉතින්? හැක් හැක්.. (දැන්නම් වැල්ලක් දකින්නේ තුන් හාර මාසෙකට සැරයයි.. මාළු කන්නේ අයිස් පෙට්ටියේ තියං..)

      Delete
    3. හෙහ් හෙහ් ඔව් බං, වැඩි හරිය ඉන්නෙ තමංගෙ බඩු කොලිටියට හදල විකුනන්න නෙමේ, අනිකගෙ එකට වඩා පොඩ්ඩක් අටෝල ඇඟේ ගහන්න.

      බොලාගෙ හාමිනේ හෙනං දැන් මූදෙන් ඇදල ගොඩ දාපු මාලුව වගේ ඇති බදුල්ලෙ.

      Delete
  20. උඹගේ පෝස්ට් එක කියවලා මම උඹ ගැන දැන නොහිටි තවත් පැත්තක් දැක්කා. කට්ට කාලා අමාරුවෙන් ගොඩ එන්න දඟලන තවත් එකෙක් හැටියට උඹට මගේ ප්‍රණාමය.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඩුඩ්. මම අද යම් තැනක ඉන්නවනම්, ඒකට එක හේතුවක් අපේ පවුල හරි පාරෙ තියාගෙන යන්න උඅදවෙවෙන හාමිනේ. අපි දෙන්නම බින්දුවෙන් පටන් ගත්තු උදවිය.

      ඔය වෙඩිමෙන් පස්සෙ ට්‍රිපක් ගිය කතාව ලිව්ව උඹට මතක ඇති. විශේෂය ඒක නෙමේ. මේ වෙඩිමට ලෑස්ති වෙන අතරෙ මට ආයි ලංකාවෙ පරණ බොසා එන්න කියල ජොබ් එකක් ඔෆ කරා. තනතුර හිටියට වඩා උසස්. මගෙන් ඇහුව කීයක් ඕනෙද කියල, මම කිව්වෙ මට හැට දාහක් පඩියයි, ෆුවල් සමග කාර් එකයි දෙන්න කියල. මිනිහ පහුවෙනිදම අපොයින්මන්ට් ලෙටර් එක ලෑස්ති කරා ( පස්සෙ දැනගත්තෙ, ඒ වෙලාවෙ එයා වැටිල තිබ්බ තත්වෙ අනුව මිනිහ තව ගානක් දීල හරි මාව ගන්නව ) .

      දැන් ආයි ජොබක් ලැබුනනෙ, ණය වුනත් ගෙවන්න භය වෙන්න ඕන නෑ කියල හිතල අපි අපේ අල්පේච්ඡ ප්ලෑන් එක වෙනස් කරේ නෑ. අර විදිහටම කරා. ඒකෙ ප්‍රථිඵල අපි වින්දෙ පස්සෙ. වෙඩිමෙන් පස්සෙ බෝම සැහැල්ලුවෙන් ඉන්න ඉඩ ලැබුන, මොකද ණයත් නෑ, භයත් නෑ.

      අන්න ඒ කාලෙ පූනාගල පිල්කින්ටන් පොයින්ට් එක ගිය ගමණකදි ගත්තු පින්තූරයක් තමා ඔය බ්ලොග් එකේ උඩම දාල තීන්නෙ.

      Delete
    2. //මම අද යම් තැනක ඉන්නවනම්, ඒකට එක හේතුවක් අපේ පවුල හරි පාරෙ තියාගෙන යන්න උදව් වෙන හාමිනේ ///

      දණ ගහලා .…පෙරලි පෙරලි … කියන විදියකට

      බොක්කෙන් කොළ බොක්කෙන් කොන්දේසි විරහිතව එකඟයි බොසා …… !!!!!

      Delete
    3. බොලා අපේ මහා පොදු සාධකය නේහ්?

      Delete
    4. එකගයි..
      එල ද බ්‍රා
      බ්‍රෑන්ඩ් එක ගල්

      Delete
  21. අමාරුවෙන් බුකිය පීරල කතන්දරය හොයාගත්ත.
    ස්ටේටස් එකෙන් මුලින්ම මතුකරන්න හදපු කාරණාව මට නං මහලොකු අවුලක් නෑ. මචං බුවා එතන කියන්නෙ "අවුරුදු විසි තුනක් කරලත් මෙහෙමයි" වගේ අදහසක්. ඒ වගේම ඊට වැඩිය අවුල් සහිත තැන් කිහිපයක් එයාගෙ කමෙන්ටු වල නං තිබුන. උදාහරණයක් විදියට අන්ෆ්‍රෙන්ඩ් කරන්න ඕන කතා වගේ දේවල්....
    ඒ වගේම "අටදාහට වීඩියෝ කරන" වගේ තැන් වලින් (ගානක් සඳහන් කිරීම තුලින්) යම් පහත් කිරීමක් සිදුවෙන්නෙ නෑ කියන්නත් බෑ. ඒ වගේම කැමරා වලට සැලකීම වගේ ගල් යුගේ කාරණා ඔලුවෙ තියාගත්ත බුවෙක් කියලත් හිතන්න පුළුවන්.
    අනේ මංද!

    ReplyDelete
    Replies
    1. රාජ්, ඔය පින්තූරෙ ඊයෙ උදේ තිබ්බ හෙඩිම උනේ අර මුලිම්ම තිබ්බ "මෙන්න අර රු. 8000ට වීඩියෝ කරන හාදයා වෙඩිමට යන ආකාරය..!!!" කියන ටික විතරයි. ඒත් ඕක දැකපු අනෙක් මිනිස්සු ඒ මහත්තයව නාවපු නිසා හෙම්බිරිස්සාව වැඩි වෙලා තමයි පස්සෙ හවස් වෙනකොට ඔය අවුරුදු විසිතුනේ කතා ලියල පොඩි පැහැදිලි කිරීමක් දාල තිබ්බෙ. මම ස්ක්‍රීන්ෂොට් එක ගත්තෙ හවහ, ඒක එඩිට් නොකරම දැම්ම.

      Delete
    2. @රාජ්March 19, 2015 at 7:31 AM
      නොදන්නා දේශපාලනය වගේම කැමරා ගැනත් කතා නොකර ඉන්නවා නං කොච්චර දෙයක් ද. කැමරා වලට වඳින්න ඕන නැති බව ඇත්ත. නමුත් දැන් කාලයේ පාවිච්චි කරන බොහෝ වෘත්තියමය කැමරා දුවිල්ලට , ජල වාෂ්ප වලට සහ ලුණු සහිත පරිසරයට නිරාවරණය වූ විට ඉක්මනින්ම සවුත්තු වෙනවා. DSLR වල සෙන්සරයේ දුවිලි බඳුනම ඉවත් කරන අමාරුව දන්නේ කරපු එකෙක් විතරයි.

      වෘත්තියමය චායාරුප ශිල්පින් ඔවුන්ගේ උපකරණ ලොකු ගානක් වියදම් කරලා ගත්ත ඇසුරුම් වල දාල අරං යන්නේ පිස්සු තද වෙලා වත් කැමරා ආම්පන්න දෙයියෝ කියල හිතං ඉන්න හින්දවත් නෙවෙයි. අවශ්‍ය නිසා.

      @ඉන්දික
      ලක්ෂ එකයි විසි පහ උඹට පොඩි ගානක්ද ?
      අනේ මටත් දියන්කෝ ණයක් එහෙනං

      About this Guy
      ඉල්ලුමට සැපයුම. Nothing More. Nothing Less

      Delete
    3. ඇයි බන් මසොපි කවුරු හරි එකෙක් කැමරාවක් අරන් ඒක පෝර කොට්ට උරේක දාගෙන ගිහිල්ලා හරි වැඩක් කරනව නම්... ඌටයි උගේ සර්විස් එක ගන්න එකාටයි ඒකට අවුලක් නැත්තම් අහක ඉන්න ගස්ලබ්බන්ට මොකක්ද අමාරුව....

      Delete
    4. කිසිම අමාරුවක් නැහැ.

      ඒ වගේම , තවත් එකෙක් උගේ කැමරාව පරිස්සමට පාවිච්චි කරන එකටත් අහක ඉන්න ගස්ලබ්බන්ට කිසිම අමාරුවක් තියෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ.
      :)

      Delete
    5. mahasona kalubowilindha kohedha?

      Delete
    6. මසොපි, උඹ කාලෙකින් මෙහෙ ආ නිසයි උඹට රිප්ලයි කරන්න මුල්තැන දෙන්නෙ. ඔන්න ඔහොම බැනල හරි පලයන්, එතකොට තමයි මොනා හරි ලියන්න හිතෙන්නෙ :)

      මේ තීන්නෙ සාමාන්‍ය වීඩියෝ කැමරාවක්නෙ. මේව DSLR තරන් අවුල් නෑ මං හිතන්නෙ. ඕව කුළියට දෙන තැන්වල පරෙස්සම් කරන විදිහ දැක්කොත් තේරෙයි.

      ණයක් දෙන්න බැරි මොකෑ, ඉස්සෙල්ල රසික ගාව ලක්ෂ දෙකක ඇපයක් තියල, මට කොපිය මේල් කරහන්, සල්ලි පට් ගාල දෙන්නං. ඒක නෙමෙයි මොකෝ මේ මරාට කඩේ යන හැම එකාම ණයම ඉල්ලන්නෙ?

      Delete
    7. උඹත් කාලෙකින් නේ කාට හරි බැන්නේ. අපිත් ආව ඉතිං..

      ඒවා එහෙම තමයි. කාර්යාලයෙන් දෙන ලැප්ටොප් එක තියෙන්නේ බූට් එකේ. වංගු ගන්නකොට එහෙට විසික් වෙනවා මෙහෙට විසික් වෙනවා. නමුත් පෞද්ගලික එක නං ඉස්සරහ සිට් එකේ තමයි තියෙන්නේ.

      කොතමල්ලි බිල , උඳු කාල ඉන්න බෑ නේ බං. හෙන සැරේට පඩ යනවා. 130 ට තියෙන බාල හාල් වලිං ලුණු කැඳ ටිකක් වත් හදා ගන්න කියල තමයි කීයක් හරි ඉල්ලුවේ. ටොයියන්ට මොකද ඉතිං. UNP ආණ්ඩුවෙන් සැලකිලි නැතෑ :)

      Delete
    8. මහසොහොන් පිල්ලියMarch 19, 2015 at 8:13 AM
      නොදන්නා දේවල් වලත් දන්න දේවල් තියනව. මම කතා කලේ ඒ ගැන. ජනවාරි නවවෙනිද වැදුනු පාරෙ සැරකමට තාම විඳවන බව පේනව තැන තැන හලන බෙටි වලින්. ඒ නිසා උඹල වගේ එවුන් එක්ක වැඩි කතාවලට එන්නෙ නෑ මම.

      Delete
    9. @ඉන්දික,
      ඒකත් එහෙමද?

      Delete
    10. ම.සො.පි, උඹලට පාඩු වෙලාද එතකොට රජයේ අනුග්‍රය ඇතුව ඒ කාලෙම බෝට්ටු වෙ දාල ඔහෙ එව්ව එකෙන්. එහෙමනං දැන් ඉතින් ඉවසල හිටන් පොඩ්ඩක් ආයි ජනේලෙන් පැනල බය්ය එනකල්.


      රාජ්, ම.සො.පි හෙන ගින්නෙ ඉන්නෙ. ඒත් මම ඌට කැමති, අර ට්‍රෆල් බටර්ල, අභීතල වගේ ආන්ඩුවෙ තුට්ටු දෙකට ලෝභ කමේ නැතුව, අතින් කාල මරාගෙ හරක් බලන නිසා.

      Delete
    11. අපි අතින් කාල හරක් බලන කොට වෙන එවුන් කුට්ටය කඩා ගන්න කොට නං ඇත්තටම ඇඩෙනව ඉන්දිකය , ඒත් ඉතින් ආයෙත් හිතෙනව අපි කෙරුවේ , හරක් අයිතිකාරයාවත් , වත්තේ අයිතිකාරයාවත් . බලාගන්න එක නෙමෙයිනේ හරකට පිට පනින්ඩ නොදි හොද තණකොල පෙන්නන්ඩ හදන එකනේ කියල , දුකක් නැ බං ... ඒ උනාට ඇඩෙනව අපි උඹල ගැන හිතල නෙමෙයි , උඹලගේ අපේ දරුවෝ ගැන හිතල ,

      මචං මං නං ලොකු කෙල්ල දෙමළ පන්තියකට දැම්මා ,

      Delete
    12. හඃ හඃ මම රිප්ලයි කරේ නැත්තේ කියන්න දේවල් නැති නිසා නෙවෙයි. උඹේ බ්ලොග් එකේ මේ වගේ ප්‍රමෝෂන් එකක් රටක් විනාශ කරන්න පහුගිය කාලේ කඩේ ගිහිල්ල දැන් පේන්නවත් නැති උන්ට කියන්න මට කටට එන්නේ කුණුහරප විතරක් නිසා දැම්මේ නැහැ . කොහොම නමුත් මම මගේ ස්ථාවරය වෙනස් කරා වගේම ගැසට් එකෙත් දැම්මා. මේ ඒක.

      මම යහපාලනයට පුල් සපෝට්. යහපාලනයට , මය්ත්‍රී ට ජයවේවා. සයලු යහපාලන ටොයියන්ගේ දෑත් මම ආදරයෙන් වැලඳ ගමි.

      Delete
    13. අටම්, දෙමළ කියන්නෙ ලෝකෙ බොහොම බහුලව භාවිත වෙන බසක් ( දෙමළ දන්නවනම් මලයාලම් අන්තිම ලේසියෙන් අල්ලගන්න පුලුවන්, ඔය දෙක කතා කරන පිරිස මිලියන සීයට වැඩියි. නෙක මීට අවුරුදු විස්සකට තිහකට එහා ඉඳලම කොළඹ වෙළඳ බස දෙමළ. ඒ නිසා ඒක ඉගෙන ගන්න එක ඉතාම හොඳයි.

      -------------------------------------------

      ම.සො.පි,

      මම දින සීය පණිනකල් දේශපාලනය ගැන නොලිය්න නිසා, උනුත් එන්නෙ නැතුව ඇති. ගිහින් බලහන්කො මාතගෙ බ්ලොගෙ පැත්තෙ ඔය ඉන්නෙ හෝ ගාල.

      මම උඹෙ පෙරළිය දැක්ක. වෙන එකෙක්ට නම් කියනව "යූ ආ රියලි සික් මෑන්" කියල. ඒත් උඹට එහෙම නොකියන්නෙ, ඒකෙ තීන සාකැස්ටික් ගතිය නිසාමයි.

      Delete
  22. ඇත්ත කතාව මචං....

    ReplyDelete
  23. බලන්න මේ සිඩ්නිවල වීඩියෝ කැමරාකරුවා තම වීඩියෝ කැමරාවට සලකන කැතම කැත විදිය!
    මොහුට කියා ඔබේ වෙඩිම වීඩියෝ කරගන්න ඔබ කැමතිද?
    https://www.facebook.com/suriyaarachchi/posts/10153232341258793

    ReplyDelete
    Replies
    1. අර එතන ප්‍රසා කිව්ව වගේ, මූට ෆියුනරල් එකක්වත් වීඩ්යෝ කරන්න දෙන්න හිතෙන්නෙ නෑ. පර සුද්ද වෘත්තිය කනව.

      Delete
  24. පෝස්ට් එක එචරම තේරුනේනම් නෑ ඇත්තම කියනවනම් ඉන්දික සහෝදරයා....
    මනමාල ජෝඩුවනම් ජැංඩි හතයි...
    අපි නම් තාමත් වෙඩිං එකක් ගත්තේ නැහැ දැන් එකට වෙලා අවුරුදු 32ක්නේ...!!!!
    අනික ඕව හරි වියදම් වැඩ...
    හැබැයි සප්තපාදිය දුවන්නේ නං ඔය සමාජ විස්සෝපෙට පිංසිද්ධවෙන්න..
    ඔන්න ඇත්ත ඇති සැටියෙන්...

    ReplyDelete
    Replies
    1. මනමාල ජෝඩුව.???????? ලංකාවෙ ඕව තහනම් හොදේ ,
      32 වෙලා වෙඩිම ගත්තෙ නැත්තම් දැන් ගමු කිසි වියදමක් නෑ. යාළුවො ඉන්නෙ හැම වැඩේටම කොටින්ම පලතුරු වලින්ම පෙරන්ඩ පුළුවන් එකෙකුත් ඉන්නව.

      Delete
    2. මනමාල ජෝඩුව කිව්වාම ටිකක් " ගේ " වගේ නේද ???? කොහොමද බං එහෙනම් කියන්නේ...
      අපෝ වෙඩින් නං බැරියෝ...

      Delete
    3. මනාල ජෝඩුව කියමු එතකොට ලිංග බේදයෙ අවුලක් නෑ වගේ. වෙඩිම ගමු ,දෙකක් දාල ජයමංගල ගාථ දෙන්නම් ඇශ්ටි හැලෙන්ඩ

      Delete
    4. චෙෆාකි, උඹට මතක ඇති, මීට අවුරුදු විස්සකට විතර කලින් ලංකාවෙ මිනිස්සු ආකියෙක් ගාවට යන්නෙ නෑ ගෙවල් ඩිසයින් කරගන්න. ගියත් මේ හෙන සිරා පොරක් මිසක. ඔක්කොම ඇන්දෙ ඉන්ජොයි ඩ්‍රාෆ්ට්මන්ලයි. නමුත් මේක අද වෙනස් වෙලා, පුලුවන් තරම් මිනිස්සු යන්න ට්‍රය් කරන්නෙ ආකියෙක් ගාවට. හේතුව දෙකේ වෙනස කාටත් පේන, කවුරුත් දන්න නිසා. අන්න ඒ වගේ, තමන්ගෙ ස්ටෑන්ඩඩ් එක ඒකේ ප්‍රඩක්ට් කොලිටි එකෙන් මිසක්, බාහිර සාධක වලින් පෙන්නන්න බෑ කියල මේ මිනිස්සු තේරුම් නොගැනීම හින්ද ඇති වෙච්චි දෙයක් තමා කතාව.

      සප්තපාදිය විතරක් නෙවි බං අද ගොඩක් හොටල් දුවන්නෙ ඕක නිසා තමා. ඒත් ඔය වැඩේ ගෙස්ට්ලට වදයක්.

      කම්මලෙ, මනමාල කං කරන නිසානෙ බං මනමාල ජෝඩුව කියන්නෙ...හෙහ්..හෙහ්..

      මුං දෙන්නව දැන් බන්දන්න වෙන්නෙ ගහක...අර එලෝලු කොටුවට විදින්න.

      Delete
  25. මෙහෙමයි.... දැන් කාලේ බහුතරයක් මගුල් කැඩෙන්නේ ම මගුල් කන්නැතුව මගුල් නටන හින්දයි... මේ විදිහට මයි මමත් කරේ.... දැන් අවුරුදු 5 කට කලින්... දැන් මතක් කරද්දි ඒ තරම් ගානකට කරාද හිතෙනවා....

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නෙ තවත් එල කොල්ලෙක්. ලාබෙට උනත් හරියට කල වෙඩිමක සුන්දර මතක බොහොමයි, නිකන් ප්ලෑනර් කෙනෙක්ට දීල ව්ඩිමක් සල්ලිවලට ගත්තට වඩා.

      Delete
  26. මාත් ඔය පින්තුරේ දැක්කා ඒත් ඒක හරියට බැලුවෙ නැහැ. උඹේ කතාවත් එක්ක ඒ ගැන දැනුනා.. මිනිස්සු විවිධාකාරයි බං ඒක නිසා හැම වෙලාවෙම හැම එකාගෙන්ම එකම උත්තරේ, එකම සංවේදනය ලබා ගන්න බැහැ.. උඹ කියපු කතා ටික මල් මසුරන්. මාත් වෙඩිම කෑවේ යාලුවෝ පිහිටෙන් බං..

    ReplyDelete
    Replies
    1. කනකොක් සුද පේන්නෙ ඉගිලෙනකොටය කියන්නෙ නිකංද බං.

      අපි කෑ හැටි ලිපා දනී කිව්වලු...හෙහ් හෙහ්

      Delete
  27. ඔතන තත්වය මෙහෙමයි.
    ඉන්ද්‍රනාථ පොඩි තැනකින් පටන්ගෙන අද වෙද්දි යම් කිසි තත්වයකට පැමිණි අයෙක්. මම යම් කිසි තත්වයක් කිව්වේ ඔහුගේ වයස, අත්දැකීම් හා ලැබී ඇති අවස්ථා අනුව ගත්තම ඒ දේවල්වලට සරිලන තරමේ උසස් තැනකට ගමන් කරලා නැහැ. ඇතැම් විට එය ඔහුගේ අල්පේච්ඡතාවය නිසා හෝ අලසකම නිසා හෝ විය හැකියි. එය ගැටළුවක් නෙවෙයි. කොහොම නමුත් අද වෙද්දි ඔහු තෝරාගෙන ඇති මාර්ගය වෙන්නේ ඡායාරූපකරණය ඉගැන්වීම. සරලව කිව්වොත් පොටෝ ගහන්න උගන්නන පොටෝ ගුරෙක්. ඔච්චරයි.
    නමුත් ඔහුට උවමනයි පොටෝ ගුරෙක් කියන සත්‍යයට එහා ගිහින් යම් කිසි ගරුත්වයක් පුහු ආටෝපයක් ඇති කරගන්න. ඒ ඔහුගේ පැවැත්මට බලපාන කාරණා කිහිපයක් නිසා.
    එකක් ඔහුගේ සමකාලීනයින් ඔහුට වඩා ආර්ථිකව හා සාමාජිකව දියුණු වී ඇති නිසා කෙසේ හෝ ඔහුත් ඔවුන් අතර සිටින බව මවා පෑමට.
    අනිත් පැත්තෙන් ඔහුගේ ඡායාරූපකරණ හැකියාව මේ වෙද්දි මොට වෙලා තියෙන්නේ. ඔහු ලග අද වෙනකොට තියරි තිබුනට ප්‍රායෝගිකත්වය හා කැමරාවක් එක්ක තිබියම යුතු “ඇහැ“ අද වෙද්දි නැතිව ගිහින් තියෙනවා. මේ ඇහැ ඔහු ලග පෙරදිත් තිබුනද කියා කියන්න මම හරියටම දන්නේ නැහැ. මොකද ඔහු කලාත්මක යැයි කිව හැකි ඡායාරූප වලට ඒ තරම් ප්‍රසිද්ධ අයකුත් නෙවෙයි. අමු ගතියෙන් යුත් ඡායාරූප මිසක් වෙනත් ආන්දෝලනාත්මක ඡායාරූපවල හිමිකරුවකු නොවෙයි. කලක් තිස්සේ සිනමා පත්තර ආදියට මුල් කවර සරසන්නට නළු නිළියන්ගේ පෝට්රේට් ගත්ත අයකු වශයෙන් සහ ප්‍රවෘත්ති සඳහා ඡායාරූප ගත් අයකු වශයෙන් සහ පිටු සැකසුම් හා වර්ණ සංයෝජක වැනි තාක්ෂණික පැත්තට නැඹුරු අයකු පමණයි. “ඇහැ“ කින් ගත් වටිනා දෙයක් ඔහු ලග ඇත්නම් ඒ අල්පයක් පමණයි. ඒ අල්පයම අද බිහිවන කිසිදු හැකියාවක් නැති අයගේ කැමරාවලින් වූවත් අහඹු ලෙසින් බිහිවෙන්න පුළුවන් දේවල් පමණයි. ඉතිං ඔහුට අද වන විට ක්ෂේත්‍රයේ රැඳී සිටින්නට නම් නම පවතින විදියට ජීවත් විය යුතුයි. මේ හරහා තමයි ඔහු තමන්ගේ පංති සදහා සිසුන් එකතු කර ගන්නේ.
    ඊ ළඟට ඔහු විසින් මාස තුනකට සැරයක්/ මසකට සැරයක් ආදී වශයෙන් එළියට දමන කැමරා කරේ එල්ලා ගත් ඔහුගේ ඇකඩමි සහතිකය මහ මෙරක් කරගත් සිසුන්ට යා හැකි පාරක් විවෘත කර දිය යුතුයි. එසේ නොවුනහොත් ඉදිරියේදී ඔහුට සිසුන් හිග තාවයකින් පෙලීමට සිදු වීම අනිවාර්යයි. මේ ක්ෂේත්‍රය අදික ලාබ ලැබිය හැකි සුවපහසු රැකියාවක් ලෙසින් හා සමාජය විසින් ගරුකරන මහා නම්බුකාර රස්සාවක් යැයි සමාජ සම්මත වී පැවතීම තමයි ඔහුගේ රඳාපැවැත්මට ඇති ලොකුම සාධකය.

    මෙය සරල රැකියාවක් වීමත්, හැම කෙනාම අඩු මුදලට කිරීමත් වැනි තත්වයකට පත් වූවහොත් වෙන්නේ හෙට වන විට අඩුවෙන් මහන්සි වෙලා වැඩියෙන් හම්බ කරලා ඉක්මනට ගොඩ යන්න හිතන අය මේ ක්ෂේත්‍රයට ආකර්ශණය නොවීමයි. ඒ කියන්නේ ඔහුගේ සිසුන් අඩු වී ඔහු බංකොලොත් වීමයි. ඉතිං ඔහු තමාගේ වෘත්තිය වෙනුවෙන් ගත හැකි සෑම ආරක්ෂිත ක්‍රියා මාර්ගයක්ම ගන්න සූදානම්. මේ තමයි එහි ප්‍රතිඵලය. ඔවුන්ගේ ලොකුම ගොදුර තමයි මංගල අවස්ථා. මංගල උත්සව හා බැඳුන බොහෝ ක්ෂේත්‍රවල ඉන්නා අයගේ අය කිරීම් හරිම අසාධාරණ ඒවා බව වෙළඳපොලේ භාණ්ඩ හා සේවාවන්ගේ තත්වය යන්තමින් හෝ දන්නා අයට පැහැදිලි කල යුතු නැහැ. ඡායාරූපකරණය, ඇන්දවීම,ආහාර පාන සේවා, වෙඩින් කේක් වෙලෙන්දෝ, මෙයට අමතරව නොයෙකුත් මේ හා බැදුනු තක්කඩින් රැලක් බලාගෙන ඉන්නේ මංගල අවස්ථාවක් යෙදුනු සැනින් ඔවුන්ගේ කුට්ටිය කපා ගන්න. මේක තනිකරම බලු පොරයක්. ඉතිං ඒ අතරින් එක් විටම අඩුවට වැඩ කරන කවුරු හෝ දුටු ගමන් අර අධික ලාභ ලබන උදවිය කුපිත වෙනවා. එයින් පසුව දැකිය හැකි තත්වය තමයි මේ.

    ReplyDelete
    Replies
    1. ඉතිං ඔය බොරු සොබ්බේ නැතුව මගුල කරගනිං කෝ. උං ගසා කන්න බලං ඉන්නේ උඹල උන්ට අවස්තාව දෙන නිසා නේ. යකෝ මේක හරි කෙලියක් නේ. උං බලෙන් ඇවිල්ල සල්ලි මංකොල්ල කාල යන්නේ නැහැ නේ ද? .
      උඹලට අහස උසට සොබ්බේත් ඕන. තුට්ටු දෙකට කර ගන්නත් ඕන ...

      Delete
    2. yako chandhe illapan...

      Delete
    3. @AnonymousMarch 19, 2015 at 9:04 AM,

      ඔබෙ අදහසට ස්තූතියි කියල කියනවට එහා දෙයක් ලියන්න ඉඩක් තියල නෑ. ඉතාම නිවැරදිව තත්වය දැකල, විග්‍රහ කරල තියෙනව කියල හැඟෙනව. ආයි පාරක් ස්තූතියි ඔබෙ අදහසට.

      නර්ස්ලට උපාධි නොදෙන්න දොස්තරලත්, එන්ඩීටී කාරයන්ට උපාධි නොදෙන්න ඉන්ජොත්, බාහිර උපාධි වහන්න කළා පීඨ සිසුවොත් වලිකන්නෙ ඔබ ඔය කිව්ව තමන්ගෙ කොටස ගැන තියෙන අනියත බිය නිසාම තමා.

      Delete
    4. මෙව්වනේ යකො කෙමෙන්ට් . නිදිමතත් නැතුව ගියා

      Delete
    5. මම කිසිදා ක ප්‍රවෘත්ති ඡායාරූප අරං නැහැ.

      Delete
    6. ඉන්ද්‍රනාථ, ඔබ ප්‍රතික්ෂේප කරන්නේ ඒ කොටස විතරද?

      Delete
    7. ඔව්. මොකද අනිත් ඒව ගැන තක්සේරු කරන්නෙ ඒව බලන කට්ටියනෙ.
      මගේ ඇහැ ගැන මට කියන්න බැහැනෙ..
      ඊ ළඟට මං ලොකු ගනන්වලට කරන පින්තූර එකක්වත් බුකියෙ දාන්නත් බැහැ සහ වෙන කාටවත් පෙන්වන්නවත් බැහැනෙ. ඒව කොන්දේසි සමග කරන ඒව නිසා.
      ඊ ළඟට ඇනුවල් රිපෝට් වගේ ඉහළ මිලකට කරන පින්තූරත් දකින්නෙ ඒ ඇනුවල් රිපෝට් එක දකින අය විතරනෙ. එයාලටනං මගේ ඇහැ ගැන තක්සේරුවක් තියෙනවා. මට ඒ ඇතිනෙ..
      // ඊ ළඟට ඔහු විසින් මාස තුනකට සැරයක්/ මසකට සැරයක් ආදී වශයෙන් එළියට දමන කැමරා කරේ එල්ලා ගත් ඔහුගේ ඇකඩමි සහතිකය // ඒකත් මං ගනං ගත්තෙ නැහැ. මොකද මගේ පන්ති මාස 6යි. ඒ ආපු පළියට කිසි කෙනෙකුට මං සහතික දෙන්නෙත් නැහැනෙ..!!
      ඊ ළඟට මට වඩා දක්ෂ අලුත් පරම්පරාවෙ කීප දෙනෙක් ම ඉන්නවා සහ මං ඔවුන් මගේ ඔලුවටත් උඩින් තියාගෙන ඉන්නවනෙ...!!

      Delete
    8. ස්තූතියි පැහැදිලිකිරීම පිළිබඳව!

      Delete
  28. ඔන්න රාජ් වගේ මමත් බුකියෙන් කතාව හොයා ගත්තා.ඒ සංස්කරණය කරපු කතාව ඇතුළේ නම් රාජ් කියනවා වගේ ලොකු අවුලක් මට පේන්නේත් නැහැ.නමුත් ඉන්දික කියන "සංස්කරණය නොකළ"කතාව නම් හොඳ නැහැ තමයි.
    ඔය කියන තුමා සිංහල බ්ලොග් එකකුත් ලියනවා හරි ලස්සනට "එයාගේ කතාව"කියලා.
    ඔය කියන තුමාගේ අයියා නම් සක්‍රිය සමාජ ක්‍රියාකාරිකයෙක්නේ.

    මගේ වෙඩිම ගන්න ඉන්නෙත් ඔය විදියට තමයි."වෘත්තීය ගරුත්වය" කියලා මට දහා අතේ ණය වෙන්න වෙයිද ?:D

    ReplyDelete
    Replies
    1. වෘත්තීය ගරුත්වය රකින එක කොහොම වෙතත් කොලිටි වැඩක් කරගන්න හොඳ දක්ෂයෙක් හොයාගන්න ලොකු ගාණක් ගෙවන්න වෙයි. හැබැයි සල්ලි දීහන් උගෙ වැඩේ කොලිටියට, නැතුව මල්ලටයි වල්ලටයි නෙවි.

      එයාගෙ කතාව අනුව එයත් දුප්පතෙක් හිමින් ඉහල ආව. ඒත් කැලේ හැම ගහම ඉහල නගින හොරගස් නෙවෙයි, වැඩිපුරම තියෙන්නෙ පොඩි පඳුරුය කියල එයාට අමතකයි.

      Delete
  29. මමත් මගේ වෙඩිම ගත්තෙ පුදුමාකාර සරල විදිහට. අපේ පවුලෙ උදවියයි එයාලගෙ පවුලෙ උදවියයි, ළඟම යාලුවො කීපදෙනෙකුයි විතරයි. ඔක්කොම උදවිය 30ක් වගේ. ෆොටෝස් ගත්තෙ මගෙ යාලුවෙක්. ෆොටෝස් වලට කී්‍යක් වත් වියදම් උනේ නෑ. ඇන්දුවේ නෝනගෙ යාලුවෙක්. එයා සල්ලි ගත්තේ රුපියල් එක්දාස් පන්සීයක්ද කොහෙද.
    යාලුවෙක් ඌ අලුතින් ගත්ත කාර් එක දුන්නා. මමම එලවගෙන ගියා :D. වියදම් ගියේ මුදු වලටයි, අපි දෙන්නගෙ ඇඳුම් වලටයි, ආපු අයට කන්න දෙන්න විතරයි.

    ReplyDelete
    Replies
    1. චැහ්..උඹ මංගල උස්සවේක තීන ගරුත්වය එහෙම පිටිම්ම කාලනෙ බං...හැක් හැක්..

      Delete
  30. සිංහයා මේ දවස්වල බැන්දානම් එහෙම යාලුවෝ කොහොම උදව් කරයිද? හනිමූන් එකට නොමිලේ පිටරට සවාරි එහෙමත් ලැබෙන්ට තිබ්බා...:P

    ReplyDelete
    Replies
    1. අයිත් අහල. ඕගොල්ලො වගෙ යළුවො ඉන්න තිබ්බෙ ඒ කාලෙනෙ අප්ප. අපරාදෙ.

      Delete
  31. මමත් වෙඩිමෙ මියුසික්, හෝල්, ෆොටෝ, පෝරු, මල් , බයිට් නොමිලෙම යාලුවන්ගෙන් ලබා ගත්ත එකෙක් තමයි. කාර්, හෝටල් ඔෆිස් එකෙන්.
    හොදම එක පැණි හදේ දවස් 5 ඉදල එද්දි, ග්‍රෑන්ඩ් ලෙවල් හෝම් කමින් එකක් ලැහැත්ති කරල තිබ්බ. මම පවුලෙ ලගම නෑයො යාලුවො 50 විතර ලැහැත්ති කරල ගිය එක, නෑදෑ සනුහරෙටම කියල සුපිරි එකක් ලැහැත්ති කරල තිබ්බ මගෙ බාප්පල තුන්දෙනා බරපැන දරල , යාළුවො ටික මහන්සිවෙලා අපේ අයිය ප්ලෑන් කරල.


    ප:ලි පූස් ගේ වෙඩිම වෙනුවෙන් දිවි දුන් චීන ඌරන් ගැන සාතිශය සංවේගය.
    ප:ප:ලි අර කාගෙද ස්ටේටස් එකට කියන්න තියෙන්නෙ අනේ #& තේ මහන් තත්වේ කියල තමයි.

    ReplyDelete
    Replies
    1. birds of a feather flock together කියනවනෙ. බලහං අද කමෙන්ට් කරල තීන අති බහුතර උඹල අපි වගේම තමා වෙඩිං කාල තියෙන්නෙ.

      ප.ලි උඹට දුක ඌර චීන නිසා බාල බඩුවක් කියල හිතල වෙන්නැති!

      Delete
  32. කතාවේ සුලමුල හොයන්න කොමෙන්ට් බරගානක් කියවන්න වුනා. ඒ තුලින් පුද්ගලයාද පුද්ගලයාගේ පෝස්ටුවද පොස්ටුවේ පස්සේ දැම්ම බව කියන විස්තරයද කොමෙන්ට් කීපයක් ද දැක්කා.

    කනගාටුදායක තත්වයක්. මගේ වෙඩින් එකේ වීඩියෝ කලේ අවුරුදු විස්සක විතර කොල්ලෙක්. එක්දාස් පන්සීයයි වගේ මතක. සැහැල්ලුවෙ ඉන්දිකයටත් පස්සේ කාලෙක . ඌ හොඳට කරලා තිබ්බා මොකද වයිෆ් ඇතුළු සියලු දෙනාම ඒකට මනාපයි. මම ඕකේ විනාඩි දහයකට වඩා බැලුවේ නැහැ. එදායින් පස්සේ අද වෙනකම් ඒක එහෙම්ම තියෙනවා. කොල්ලා කැමරාව ගෙනාවේ මොකේ දාගෙනද දන්නේ නැහැ. හෙව්වෙත් නැහැ. වීඩියෝවත් නොබලපු මට ඌ මොකේ දාගෙන ආවම මොකද?

    කෙසේ වෙතත් ම කතාවෙන් පේන්නෙත් අපි පොදුවේ දන්නා වෘත්තිකයන්ගේ ආරවුලක්. මම කෙලින්ම අදාළ පුද්ගලයාට නෙලන්නේ නැහැ. මොකද වෘත්තික අවශ්‍යතාවයකදී මිනිස්සු බොහෝ විට ඔහොම හැසිරෙන නිසා. ලංකාවේ විවි පාටමාලාවල උපාධි ඩිප්ලෝමා හුටපට, විවි වල කරන වෘත්තික කෙටි පාටමාලා වලට සිසුන්ගෙන් එල්ල වෙන කරදර, වෛද්‍ය අපොතිකාරී වලි, නර්ස්ලගේ යුනිෆෝම් වලි ආදී වලි දාහක මේ එකක්. ලෙෂර්ලි මේවා බලල කොමෙන්ට් කරන තරම් අපි මේවට මැදිහත් වුනාම හොඳ නැහැ. ඒ නිසා මම පැහැදිලි දුෂ්ටයාට නෙලන්නේ නැහැ [නෙලන්න දේකුත් කස්ටිය ඉතුරු කරලා නැහැ]. මොට්ට මහන්තත්ත කතාවක් එපමණයි.

    ඔන්න වතාවක් විදුලිබලමන්ඩලේ ඉන්ජෝ ස්ට්‍රයික් එකක් කලාලු වැඩි පඩි ඉල්ලලා. එදා ඉලෙක්ට්‍රිකල් ඉන්ජෙක් වෙච්ච එහෙත් විබමේ වැඩ නොකරන මගේ යාලුවෙක් ගියාලු අසනීපෙකට බෙහෙත් ගන්න. මූ ඉලෙක් ඉන්ජා බව දැනගත්ත ඉස්පිරිතාලේ මහා ඩොකා අම්බානට දොස්මුරෙලු, "බලන්න මේ මිනිස්සු ඉස්ට්‍රයික් කරලා ඉස්පිරිතාලෙට ලයිටුත් නැහැ. මිනිස්සුන්ට මොන අපහසුවක්ද, ලෙඩ්ඩු කීයක් මැරෙනවද" ආදී වශයෙන්. කතාව ඇත්ත තමයි, හැබැයි ලෙඩෙක් ගෙනාපු මිනිහෙක් රවලා බැලුවොත් සතියක් ඉස්ට්‍රයික් කරන දොස්තර මහත්තුරු ඔහොම කියන කොටයි අවුල.

    මෙතනත් එහෙම තමා. ඔහොම කිව්වට බොහෝ දෙනා වෘත්තියේ අගය සුරක්ෂිත කරගන්න ඔහොම වැඩ කරනවා. මේ වගේ මෝඩ උද්දච්ච තාලෙට කරන්නේ නැති නිසා පෙනෙන්නේ නම් අඩුවෙන්.

    ReplyDelete
    Replies
    1. සුජීවගෙ බ්ලොග් කමෙන්ට් එකක් දැක්ක කල්.. සන්තෝසයි..!

      තමන්ගෙ වෘත්තියෙ අගය රැකගන්න නොයෙක් දේ කරන එක සාධාරනයි සහ සාමාන්‍යයි තමයි, ඒත් ඔබ කිව්ව වගේ "මුග්ධ විදිහට නැතුව" ( දොස්තර නර්ස් අවුලත් එහෙම එකක් තමා ).

      මම උඩ චෙෆාකිට කිව්ව වගේ, තමන්ගෙ වෘත්තීමය සුකරක්ෂිතබව නිසි ක්‍රමයට රැකගත්තු එකම පිරිස ( මම දන්න ) ලංකාවෙ ආකිටෙක්ල.

      Delete
    2. එහෙම්මමත් නැහැ ඉන්දික උනුත් අලුත් එවුන්ට කපනවා. ඒ වගේම ස්ටාන්ඩර්ඩ් ප්‍රයිස් තියාගන්න ට්‍රයි කරනවා. හැබැයි මෙහෙම නිරුවත්ව නොවේ.

      Delete
    3. @ ඉන්දික...තමන්ගෙ වෘත්තීමය සුකරක්ෂිතබව නිසි ක්‍රමයට රැකගන්න පුල්වන් වෙන්න අපි පාර්ලිමන්ට් ඇක්ට් එක්කකින් අපේ කන්ස්ටිට්යූෂන් එක එස්ටැබ්ලිෂ් කරලා චාර්ටඩ් ආර්කිටෙක්ට්, ආර්කිටෙක්ට් සහ ලයිෂන්සියේට් කියන වෘතිමය නාමයන් ආරක්ෂා කරලා තියෙනවා. ඒ වගේම අපි එතික්ස් පුලුවන් තරමට ෆලෝ කරනවා, ඉන්ස්ටිට්යුට් එකත් වෘත්තියේ ඉන්ටග්‍රිටි එක රකින්න ඇස් ඇරගෙන වැඩ කරනවා. ආකියො සෙන්සිටිව් අය නිසා අවුල් නැහැ. මම දන්න තරමින් ඩොකාලටත් එවැනිම තද එතික්ස් ෆලෝ කරන්න වෙන විදියට තමා මෙඩිකල් බොර්ඩ් එක එස්ටැබ්ලිෂ් කරලා තියෙන්නේ..ඒකට උන් අපි තරම් සංවේදි නැතිනිසාද කොහෙද අවුල් කරගන්නව.
      උදාහරනයකට ගමු අපේ ප්‍රයිවට් ආර්කිටෙක්ට් ස්කූල් එක. කිසිම ස්ට්‍රයික් එකක් මරා ගැනිල්ලක් නැතිව පටන් අරන් දැන් බැචස් 20කටත් වඩා චාටර් එකත් එක්ක එලියට දාලා තියෙනවා. අපි සීනියර් ආකිටෙක්ට්ස්ලා හැටියට මොරටුවටයි, එස් එල් අයි ඒ ස්කූල් එකටයි යනවා විසිටින් ලෙක්චර්ස් වලට, ක්‍රිට්ස් වලට, ඩිසයින් ටියුටරින් වලට කිසිම බේදයක් නැතුව...ඒකට නිකන් හරි කතක් ඇරියොත් ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් එකක් ගැන සුම්මා තමයි...
      මකබාස් ආකිටෙක්ට්ස් පෝස්ට් එක ලියපු උඹම ඔහොම කියන එකට මෙන්න පහක්...

      Delete
    4. සුජීව, පෘතග්ජන හැඟීම් වලින් තොර වෘත්තිකයන් කොහෙවත් බලාපොරොත්තුවෙන්න බෑ, ඒත් සමස්ථයක් ලෙස ගත්තම ඔවුන් ඉතාම සාධනීයයි. පහල චෙෆාකි කියනව වගේ, මේ අයගෙ මම ඉතාම අගය කරන කරුන, එකම මට්ටමේ උපාධිඅය්ක් දෙන පුද්ගලික විද්යාලයක් පවත්වගෙන යාම. අනෙක තමයි තමන්ගෙ කලර්ස් පෙන්වීම මගින් අද ගෙයක් විකුණන ඇඩ් එකකට උනත් "අකිටෙක්ට් ඩිසයින් හවුස් ෆො සේල්" කියන තවයට, තමන්ගෙ මැදිහත්වීම වටිනාකමක් එක් කරන සේවයක් බවට සමාජයට ඒත්තුගැන්වීම. මේ වගේ දේ අනෙක් අයගෙ වෘත්තීන් වල දැකල නෑ!

      -------------------------------

      චෙෆාකි, හොඳ දේට හොඳයි කියන්න බැරි නම් ඌ කුහකයෙක්!

      ඉංජිනේරු ආකි සදාතනික වළිය කෙසේ වෙතත්, ආකියො ඉංජන්ට වඩා බොහොම නම්‍යශීලියි ගොඩක් තැන්වලදි.

      Delete
  33. හැමෝටම එක කොලිටිය දෙන්න බෑ වගේම, හැමෝටම එකම මිළ ගෙවන්නත් බෑ! (y)

    ReplyDelete
  34. කතාව නම් පට්ටය. ජීවිතේ සල්ලි වලින් මනින ලෝකයට මනා ආදර්ශයකි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුලා. කොහෙද බං ගෙහුන් හිටියෙ, ලියන්නෙ නැද්ද?


      සංස්කෘතිය වනසන මංගල ඡායාරූපකරණය (ඇඩ් එක මගෙ ගානෙ උඹට ආයි ලියන්න කියල).

      Delete
  35. අනේ අම්මේ එහෙමත් යාළුවො. ඔහොම කට්ටක් කෑවම ඉතින් ආයේ බඳින්න එපා වෙනවනේ. ඒ හින්දා තියෙන කසාදෙ රැකගෙන ඉන්න හිතෙනවා. ඒ නටපු නැටුම එක පාරක් මදැයි.
    මම නම් වෙඩිමට ආපදා ණය ගත්තා. ඇයි වදේ ඔයිට වඩා ආපදාවක් කොහෙද. ඔෆිස් වල ආපදා ණය ලිස්ට් එකේ මුල ඉන්න අය කසාද බඳින උන්ට චාන්ස් එක දෙනවා. අපේ ලැබ් එකේ හිතවතෙක් මටත් එයාගේ ආපදා ණය අවස්ථාව දුන්න.
    ෂාහ් වික් එන්ඩ් එකට වත් වීඩියෝ එක බලන්න ඕන. ඒ කාලේ කොච්චර හීනියට හිටියද කියල හුල්ලන්න වත් බැරිය.

    ReplyDelete
    Replies
    1. ඒ උනාට මම ආසයි ඒ වෙච්චි අඩුපාඩ් හදාගෙන ආයි වටයක් ට්‍රයිකරන්නත් :)

      අපේ හාමිනෙත් ඉස්සර ඔය ගානට උන්නට දැන් ඔය බෝට්ටුවෙ නගින්නත් ලේසි වෙන එකක් නෑ.

      Delete
  36. බුකියෙ මමත් ඔය ඡායාරූපය දැක්කා...එතැනදි ඒ ඡායාරූපයේ ඉන්න කෙනා ගැන නොදැනුන සංවේගයක් මේ සටහන කියෙව්වට පස්සෙ මට දැනුනා. මයෙ මලයත් වෘත්තීය ඡායාරූප ශීල්පියෙක් විදියට අඩියෙන් අඩිය උඩට එන්න වින්ද දුක මම දැකලා තියෙනවා...ඒ නිසා මෙවැනි මිනිසුන් අපහසුතාවකට පත් කරනවා නම් ඔහු ප්‍රවීණයෙක්දැයි දෙවතාවක් සිතීම වටීයැයි සිතමි.

    ReplyDelete
    Replies
    1. මේක අප්‍රසිද්ද කැමරාකරුවෙකු කිව්වට වඩා ප්‍රභලයි ප්‍රසිද්ධ ඡායාරුපශිල්පය උගන්වන කෙනෙක් කිව්වම.

      Delete
  37. අර පින්තූරෙට ඔහුගේම ප්රෝෆයිලේ දාපු කොමෙන්ටුව මෙතන දාන්නම් ඉන්දික සහෝදරයා..
    යමෙකුගේ හැකියාව ඔහු අඳින ඇඳුමෙන් වත් ඔහේ ගෙනයන ආම්පන්න වලින් වත් මැනිය යුතු නැත. 8000ට වෙඩින් කිරීම වැරද්දක්ද? බිරිඳගේ ආකල්පයට, " සිඟිතිආශාවට" ඉඩදීම යුතුකමක් ලෙස සළකා ඊට ඉඩ දුන්නා මිසක මොහුගෙන් මගේ වෙඩිම "කවර්" කරගත්තා නම් මා හට ඒදිනවල ලක්ෂයක් විතර අතේ ඉතුරු වෙනවාය. 8000න් වෙඩිමක් කවර්කරගැනීමට ලැබීම පුදුමාකාර භාග්‍යයක් ලෙස සලකන ආර්ථික මට්ටමේ සිටින්නන් හට මොවුන් ආශීර්වාදයක්මැයි. පුළුවන් එකා ලක්ෂගණනින් කරගගන්නාලොකු මහත්තුරුන්ගේ "කවර්කිරිල්ල"ම 8000ට මේ පොඩිමහත්තයා කිරීම ලොකු මහත්තයාගේ උදහසට හේතුව වී ඇතැයි සිතමි. ලොකුමහත්තයාගේ වෘත්තියට තර්ජනයක් වීමට තරම් මේ පොඩි මහත්තයා දක්ෂයෙකු වන්නට පුළුවන. ලොකු මහත්තයා ලොකු ආම්පන්නද සමග දානා ලොකු සෙල්ලම් පොඩි මහත්තයා සිලි කවරයෙන් ඔතාගෙන එන බඩු ටිකෙන්ම දානවා ඇත. " කබල්ගානා පරණ වංශයෙන්" ජීවත් වෙමින් ලොකු ගාණක් අයකරනා ලොකු මහත්තයාගේ උදහසට පොඩිමහත්තයා ලක්වන්නේ ඒ නිසා වියහැකිය.

    ReplyDelete
    Replies
    1. සජ්ජා, මිනිස්සු "තත්වෙ" රැක ගන්න බාහිර සාධක බාවිත කිරීම නම් මම හිතන්නෙ යටත්විජිත කාලෙ සුද්දො දිහා බලල සුද්ද වගේ වෙන්න ගිය අතීත වලිගෙ කොටසක් වෙන්න ඇති. ඉතාම දක්ෂ සහ උසස් වැඩක් කරනවනම්, ශිල්පිය එන්නෙ කොහොමද කියල හොයන්නෙ නෑ "ටේස්ට් එක" තියෙන මිනිහ.

      Delete
  38. හම්මේ වසරේ කමෙන්ට් මවුලි මංගල්ලය ...

    පෝස්ට් එකේ කතාව සහ පහත පින්තුරය එකට බැඳ ඔබ අතහැරීයේ පරමාණු බෝම්බයකි thats it.

    ReplyDelete
  39. හප්පේ හරි ලස්සන මඟුලක් නේ අරන් තියෙන්නේ.. හැබැයි ඉතින් දැන් නම් ඔහොම කරනවා බොරු.. සෙට් වෙලා හිටිය යාළුවෝ ටික නම් පට්ට..

    ReplyDelete
    Replies
    1. ඔව් උන් පට්ට, මම අදටත් ගියහම උන් එක්ක එක දවසක් ගෙවන්න වෙලාව හොයාගන්නවමයි. ඒ තරම් සුන්දර නියම යාළුවො.

      Delete
  40. නව යුගදිවියට මගෙන් සුබපැතුම්.

    ReplyDelete
    Replies
    1. කාගෙද බං ම.කලා? උඹ බීලද?

      Delete
  41. මචං ඉන්දික මේ ගැන ලොකු කතාවක් මටත් කියන්න පුළුවන්.
    කොටින්ම ඔය ෆේස්බුක් ස්ටේටස් එක මම දන්න කෙනෙක් මට පෙන්වලා ඇහුවා අක්කා මේකට මොකද කියන්නේ කියලා.
    ඉස්සර වගේ නෙමෙයි බං දැන් ඔය කොකු වලට යන්න හිතෙන්නේ නෑ. මොකද අපිට මිනිසුන්ව හදන්න පුළුවන් එක්තරා මට්ටමකට විතරයි. ඒක හින්දා ඒ මහත්තයා ගැන එයාගේ ගමේ කතා කියවල පොලොවේ පය ගහල ඉන්න මනුස්සෙක් කියලා තිබුන විශ්වාසය ගැන දුක හිතුනත් මම ඒ ගැන මොකුත් කීවේ නෑ.
    කොටින්ම ඒ මහත්තයා එහෙම කෙනෙක් කියලා කීප පාරක්ම ඔප්පු කලා.
    ඒත් පසු කොමන්ට්ස් වලින් මාත් දැක්කා ඔහු රිප්ලයි කමන්ට්ස් දාපුවා. ඒවා ගැන නම් දැණුනේ කළකිරීමක්.

    මචං මගේ ක්ලයන්ට්ස් ලා ඉන්නවා මෙහේ හිඟාකන ජොබ් කරලා වගේ රස්සාවල් කරලා ඔය ස්ටූඩියෝ 3000 යූ ස්ටුඩීයෝ වගේ ඒවට ලක්ශ හයේ හතේ වෙඩින් පොටෝ වීඩියෝ හදන එවුන්. ආයේ මෙහේ ආවම කන්න බොන්න සල්ලි නෑ. ටෙලිෆෝන් කාඩ් එකක් ගන්න සල්ලි නෑ. බෑන්ක් වලින් ලෝන් ගත්ත ඒවා ඇරියස් වෙලා. ක්‍රිබ් එකටත් කෙලගෙන ඉන්නවා.
    අන්තිමට වයිෆ් වීසා එක අරන් ආවම වීසා එක ඇප්ලයි කරන්න සල්ලි ගෙවන්න නැතුව ඉන්නවා. අපේ චාජස් ගෙවනන් බැරිව අඬනවා.
    උන් ලොකුවට උන්ගේ වෙඩින් ගැන කියවනවා. ඒකෙන් කියන්නේ අපි ඒකට හිනාවෙනවාවත් පහත් කරනව වත් නෙමෙයි මේ මඟුල් පිස්සු වැඩ ගැන හිස් කමක් දැනෙන එක.
    ඉතින් අර මහත්තයාල වගේ අයගේ මාකට් එක තියෙන්න ඔය වගේ මෝඩ මිනිස්සු ටිකක් ඉන්න ඕනේ.
    බැඳලා කසාදේ තිබුනේ නැතත් ලක්ශගානක් වියදම් කරලා ගත්ත ෆොටෝ ටික වීඩියෝ ටික තියෙනවානේ ඒ මදෑ බං. ඔන්න අපේ මහ ලොකු සෝබනේ.
    මම නම් මගේ රස්සාවෙදි ඇප්ලයි කරන රූල්ස් තියෙනවා. මනුස්සෙක් විදියට මම ඕනෙම කෙනෙකුට සලකන ස්ටයිල් එකක් තියෙනවා. ඒත් සල්ලි නැති අසරණ කියලා මට තේරුනොත් මම සල්ලි මගේ අතින් වියදම් කරලා හරි වීසා හදලා දෙනවා. හැබැයි එක බොරුවක් මට කලොත් එතනින් නොකවුට්. අම්මා තාත්තා වුනත් මම නීතිය නීතියම තමයි.
    මගේ රස්සාව පහත් වෙනවා කියලා වෙන අය කරන දේවල් වලින් මට ප්‍රශ්නයක් නෑ.
    ඔය වීඩියෝග්‍රැපර්ගේ ගෙදර පිඟන් කීයක් බඩගින්නේ බලන් ඉන්නවද අපි දන්නවද අටදාහෙන් හරි කෑම ගේනකම්.
    තමන්ගේ අතීතය බොහොම කටුකයි හිඟාකන්නවත් පුළුවන්කමක් නෑ කියන මිනිස්සුම කොහොමද මේ වගේ අනෙකාගේ අයිතිවාසිකම් වලට මහ පොර ටෝක් දෙන්නේ?
    අනික ප්‍රොෆෙසනල් කියන්නේ එයාලා විතරද ලෝකේ ඉන්නේ?


    ReplyDelete
    Replies
    1. අනික මචං ඔය අපි දන්න ඉන්ටර්නශනල් ලෙවල් එකේ ඉන්න ෆිල්ම් ඩිරෙක්ටර්ස්ලා, කැමරාමන් හා ඔය සබ්ජෙක්ට් එකේ එවුන් ඉන්නවා. උන්ගේ ඔය කියන පිළිවෙලක් නම් මම කවදාවත් දැකලා නෑ. එහෙම කියලා උන් රස්සාව පහත් කරනවා කියල ලෝකේ එක මිනිහෙක්වත් කියනවා ඇහිලත් නෑ අඩේ මූ මාර පොරක් කියනවා මිසක්.
      රශ්නේ රටක ඉන්න මිනිස්සු අඳින ඇඳුම් දැකලා අපිට නම් හිනහයි ඔය වෙඩින් මඟුල් වලට හෙම ගියාම. ඒ වුනාට ඉතින් මේ මහත්තයලාට අනුව එහෙම අය ක්ලැසී නෑ නේ නේද?

      Delete
    2. මාත් ඔය කියන කට්ටිය එක්ක වැඩ කරල තියෙනවා. අඩු තරමින් එයාල වෙන කිසි ම කෙනෙකුට කැමරාවට ඇහැ තියලවත් බලන්න දෙන්නෙ නැහැ.

      Delete
    3. බුරු,

      මචං, අපේ දකුණු ආසියාවෙ බහුල පුරුද්දක් තමයි ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ. ඕක බොහොම ප්‍රභල පිළිපීනෙ, මන් හිතන්නෙ ඉන් පස්සෙ ලංකාවෙ.

      ඔය උඹ දෙවනියට කිව්ව කරුන බැලුවොත්, මාර්ක් සකර්බර්ග්ව ටීෂර්ට් එක සහ ඩෙනිම නැතුව ඉන්න පින්තූරයක් හොයාගන්න උළුවන්ද බලහං ලේසියකට?

      ----------------------------------------------------

      ඉන්ද්‍රනාථ, හැබැයි එයාල ඒ ලෙවල් එකට ඇවිත් තියෙන්නෙ කැමරාව ආරස්සා කරපු නිසා නෙමෙයි නේද?

      Delete
    4. ඉන්දික, මම සිනමා කර්මාන්තයට සම්බන්ධ උනේනම් 80 ගණන්වල මුල හරියෙදියි. මෑතකනම් කිසිදු සිනමා කාර්යයකට දායක වෙලා නැහැ.
      නමුත් ඒ සිනමාවෙ ස්වර්ණමය යුගයේදිනම්
      කැමරාවට පමණක් නොවෙයි ලයිට් එකකට, ලයිට් ස්ටෑන්ඩ් එකකට පවා ඔවුන් දේවත්වයෙන් වන්දනාමාන ගරු බුහුමන් කළා.
      සෙට් එකේ අදාල පුද්ගලයින් හැර පිටස්තර කිසිවකුටවත් කැමරා ආම්පන්නයක් අල්ලන්වත් දෙන්නෙ නැහැ. සමහරවිට ඔවුන් ඉන්දීය ආභාෂය නිසා වන්නට ඇති.
      අද සිනමාකරුවන් කැමරාවට ගරු බුහුමන් නොකරනවා ය කියල ඔබ සහතික වෙනවානම්. අද ලාංකේය සිනමාව තියෙන්නෙ කොහේද කියලත් ඔබට ම හිතාගන්න පුලුවනි නේ....
      මම එයින් එගෙනගත් පාඩම් අති විශාලයි. ඔබටත් එවන් අවස්තාවකට සහභාගී වන්නට තිබුනානනම් බොහෝ දේ ඉගෙන ගන්න තිබුනා සහ මීට වඩා බොහෝ හරවත් දේ කරන්නට තිබුනා.

      Delete
    5. මට ඔබේ තර්කය පැහැදිලි නැහැ! ඔබ කියන්නට යන්නේ 70/80 දශකයේ සිනමාව දියුණු වෙන්නෙ ඒ වෘත්තිකයන් තම ආම්පන්න ආරක්ෂා කල නිසා කියලද?

      යම් වෘත්තිකයෙක් තම ආම්පන්න ප්‍රවේසම් කරන්න ඕන කැඩුන, අබලන්වුන ආම්පන්න වලින් හොඳ වැඩක් කරගන්න බැරිවෙන නිසා මිසක් ඒවට දේවත්වයෙන් සලකල, ඒ තුලින් තමන්ගෙ කුසලතාවන් දියුණුවේවා, වැඩිපුර වැඩ ලැබේවා කියන දේවත්ව සංකල්පයෙන් නෙමෙයි.

      සමහරු වාහනවල දෙහි ගෙඩි, මල්මාල පඬුරු ගැටගහන, උදේට වඳිනව, ඒත් සර්විස් එක ඩියු, ටයර් ලෙලි ගිහින්. අන්න එහෙම මිථ්‍යාවව මම පිලිගන්නෙ නෑ ( මගේ වාහනවලට මම වඳින්නෙත් නෑ, පඬුරු ගැටගහන්නෙත් නෑ ). නැතුව තමන්ගෙ ආම්පන්න පරෙස්සන් කරගන්න එක අදාල පුදගලයගෙ පෞද්ගලික කාරනාවක්.

      Delete
  42. අපි යාලුවන්ගෙන් කොච්චර පොහොසත්ද කියල මටත් මෙදවස්වල හොදට දැනෙනව.සල්ලිවලින් කොහොමවත් එව මනින්න බැ.අර කෙස් එක මමත් මුනුපොතෙ දැක්ක.කුහකයො ඉන්නවනේ හැම තැනම.

    ReplyDelete
    Replies
    1. හොඳ යාළුවෙක් තරං වටින දෙයක් හොයාගන්න අමාරුයි!

      Delete
  43. 01
    මේ අර රු. 8000ට වෙඩින් වීඩියෝ කරන හාදයා, වෙඩිමට යන ආකාරය...!!
    වසර 23ක් ම වැඩ කළා ය කියන මේ හාදයාට මෙසේ වූයේ ඇයි...?
    පළමුවෙන් ම මෙහි කොමෙන්ට් කළ සියල්ලන්ට ම ස්තූතිය පුද කරන්නට කැමැත්තෙමි. ලද අවස්ථාවෙන් හොඳහැටි මට “නෙළන්නට“ මග පාදා ගත් අය ද ඒ අතරට ම එකතු වෙයි. මෙතෙක් කළක් එවන් අවස්ථාවකට මග හසර පාදා නොදුන්නාට සමා වන්න.
    දෙවනු ව මගේ මිතුරු ලැයිස්තුවෙන් දෙතුන් දෙනෙකු හෝ එළවා දමන්නට හැකි වේයැයි සන්තෝස වුව ද, කොමෙන්ට් කළ බහුතරයක් දෙනා මිතුරු ලැයිස්තුවේ නැති වීම ගැන කණගාටු වෙමි. මන්ද මට වටිනා අය දෙතුන් දෙනෙකු හෝ එකතු කර ගන්නට ලැබුණු අවස්තාව මිස් වීම නිසා ය...ඒ අතර මට පඩත්තර ම කතාව ලීයු එකිය එළවා දමන්නට නොහැක්කේ ඈ මීට පෙර මෙවන් මෝඩ කතා මට නොකියා ඇති නිසා ය.
    ජීවිතේට ඡායාරූපයක් ගෙන නැති, වෘත්තිකයන් ද නොවන මාර පිරිසක් මට අම්මා මෝ නැති ව බැණ අඬ ගසද්දී හොඳ වැඩේයැයි කියූවන් අතර මගේ එක ම පුතා ද සිටියේ ය.. ඒ ඔහු ඡායාරූප ශිල්පියකු නොවන නිසා සහ අදටත් කිසිදු වෘත්තියක නොයෙදෙන නිසා ය. එමෙන් ම මේ කොමෙන්ටු අතරින් හදවත පාරන ම කතාව කියා තිබුණේ ද මගේ එක ම පුතාගේ යාලුවෙක් ම ය...! ඌත් කිසියම් හෝ වෘත්තිකයකු නොවන අතර උගේ (මෙහෙම කියන්නේ තරහට නොවේ,,) අම්මා තාත්තා ද වෘත්තිකයන් වන්නට බැරි ය...!!
    මේ ගෙවී යන 54 අවුරුදු ජීවිත කාලයෙන් 38 අවුරුද්දක් පුරා ම මට හමු ව ඇති පිරිසගෙන් වැඩි ම දෙනෙක් ඡායාරූප ශිල්පීන් ය. ඊ ළඟ පිරිස විවිධ කලා නිර්මාණ කරන නිර්මාණ ශිල්පීන් ය. වෛද්‍ය, නීතීඥ, ඉංජිනේරු, ව්‍යාපාරික, විධායක, දේශපාලන ආදී විවිධ තරාතිරම්වල අය ද මා සමග ඇසුරු කරන්නේ ඔවුන් ද කලාකරුවන් ම වන නිසා ය...!
    මේ ඡායාරූපය අද (2015 මාර්තු 17) උදේ පාන්දර ම මට එවා තිබුණේ ද ඡායාරූප ශිල්පියකු විසිනි. ඒ ඔහු එය මට එවා තිබුණේ මේ අබග්ගය ඔහුට ද ඍජුව ම බලපාන අවාසනාවන්ත තත්ත්වයක් නිසා ය.
    මේ ඡායාරූපයේ සිටින්නේ වීඩියෝ ශිල්පියෙකි. ජීවිතේ කිසිදාක හෝ ඔහු මට හමු වී නැත් වන්නට පුලුවන. එසේ කියන්නෙ මේ ඡායාරූපයේ ඔහුගේ මුහුණ නොපෙනෙන නිසා ය. මට ඔහු සමග පෞද්ගලික තරහක්, කෝන්තරයක්, තරගයක් ද නැත. මන්ද කිසියම් ම හෝ දවසක වීඩියෝ කරුවකු වන්නට මගේ මනාපයක් නැති නිසා ය...! මේ සියල්ල නැති භංගස්ථාන වී මහ පාරට ඇද වැටුණ ද වීඩියෝනම් කරන්නේ නැත...!!!
    1973 දී මා කොළඹට ආව් මෙලෝ දෙයක් නැති එකෙකු සේ ය. ඒ අපේ තාත්තාට එවන් දෙයක් කරන්නට වත් කමක් නොතිබුනු නිසා ය. ඕ ලෙවල් කරද්දී අනෙක් අය සිනා සෙද්දීත් කොට කළිසම ඇඳගෙන ගියේ වත්කම් නැති නිසා ය. ඒ ලෙවල් කරද්දී සුදු දිග කළිසමක් මසා ගත්තේ ද වාහන නොම්මර තහඩු ඇඳ ලබා ගත් මුදලිනි. එදාත් බඩට කන්නට කිසිවක් ම නැති අවදියේ, එදා වේල සරි කර ගන්නට සිතා තුට්ටුවට දෙකට ඒ කළේනම් අදටත් මා අඳින්නේ කොට කළිසමක් විය හැකි ය...!!
    1977 දී මා ජීවිතේ ප්‍රථම වරට කැමරාවක් මිල දී ගන්නේ ද නාම පුවරුවක් ඇඳි මුදලිනි. මා මුලින් ම ඡායාරූප කරණයෙන් මුදලක් උපයා ගත්තේනම් ඒ 1982 විය යුතු ය.
    ඡායාරූප ශිල්පය මගේ ජීවන වෘත්තිය බවට පත් වන්නේ 1988 වසරේ දී ය. එයිනුත් හරිහමං ආකාරයට මුදල් උපයා ගන්නට පටන් ගන්නේ ද 1992 අවුරුද්දේ ය. ඒ පූර්ණ කාලීන ව ඡායාරූප ශිල්පය ම පමණක් තෝරා ගන්නා නිසා ය. මා මුලින් ම මංගල්‍ය උත්සව ඡායාරූප ප්‍රදර්ශනය පැවැත්වූයේ 1997 දී ය. ඒ කාලයේ මට තිබුනේ Honda C90 මෝටර් සයිකලයකි. එයින් පසු මට නිකෝන් කැමරා ම 9ක් ද, ස්ටූඩියෝ ලයිට් 11ක් ද මමියා මීඩියම් ෆෝමැට් කැමරා 2ක් ද තිබුණේ ය. යන්නට එන්නට කාර් ද තිබුනේ ය.. ඒ සියල්ල ගත්තේ ඡායාරූප ශිල්පයේ යෙදී අනුන්ගේ බෙලි කඩා කෑමෙන් නොවේ. සාධාරණ ව හම්බ කළ බැවිනි.
    බස් එකේ යන්නට සත 50ක් නැති නිසා සැතැපුම් අටක් පයින් ගිය අයියාට ද මටද අද පයින් යන්නවත් වාසනාවක් නැත.. ඊරිසියා කාරයෝ ඒ තරමට ය...!!!
    එක්තරා අවුරුද්දක මා ද, මගේ අතිශය හිතවත් ම මිත්‍ර ඡායාරූප ශිල්පියෙක් ද නුගේගොඩ අනුලා විද්‍යාලයේ ඉවෙන්ට් එකක් ඡායාරූප ගත කළෙමු. එකළ මට මෝටර් සයිකලයක් තිබුනේ ය. මගේ මිත්‍රයා ආවේ බසයෙනි. අද ඔහුට නවීනතම බෙන්ස් මෝටර් රථයක් ද (මගේ මෙන් ලඩියක් නොවේ..!!) ලෑන්ඩ් කෘෘසර් ජීප් රථයක් ද කොළඹ ගාලු පාරේ බිලියන ගණනක් වටිනා ගොඩනැගිල්ලක් ද, වර්ණ රසායනාගාරයක් ද, ඕසෙට වෙඩින් ද තිබේ...
    එහෙත් මම ඔහුට ඊරිසියා කරමින්, පුපුරමින් පළි ගසමින් සිටින්නේ නැත.. ඉඳහිට දවසක හමු වූ විටෙක ඔහු සමග අඩියක් ද ගසමින් අතීතය ආවර්ජනය කරන්නේ හැබෑ ම සොඳුරු සහෝදරත්වයෙනි...
    නමුත් මෙහි කොමෙන්ට් කළ බහුතරයක් දෙනා අතර තිබුනේ එසේ හොඳ කළඑලියට සිටින නිර්මාණ කරුවන් ගැන වෛරයකි. ඒ වෛරය, ඊරිසියාව උතුරා ගලා යනු කණගාටුවෙන් යුක්ත ව බලා සිටියෙමි.

    ReplyDelete
    Replies
    1. මෙයාව පුද්ග්ලිකව අදුනන්නෙ නෙත්නම් කොහොමද 8000 ට වෙඩින් කරනවා කියල දන්නෙ? අවුරුදු 23ක් මෙ ෆිල්ඩ් එකෙ කියලා දන්නෙ ඔයා බබා

      Delete
    2. ඉන්ද්‍රනාථ, ඔබගෙ අදහසට ස්තූතියි!

      //මේ ඡායාරූපය අද (2015 මාර්තු 17) උදේ පාන්දර ම මට එවා තිබුණේ ද ඡායාරූප ශිල්පියකු විසිනි. ඒ ඔහු එය මට එවා තිබුණේ මේ අබග්ගය ඔහුට ද ඍජුව ම බලපාන අවාසනාවන්ත තත්ත්වයක් නිසා ය.
      මේ ඡායාරූපයේ සිටින්නේ වීඩියෝ ශිල්පියෙකි. ජීවිතේ කිසිදාක හෝ ඔහු මට හමු වී නැත් වන්නට පුලුවන. එසේ කියන්නෙ මේ ඡායාරූපයේ ඔහුගේ මුහුණ නොපෙනෙන නිසා ය.//

      ඔබ පසුව මෙහෙම කිව්වත්, මුලින් ඔය පින්තූරය උදේ පෝස්ට් කර තිබ්බෙ "මෙන්න අර රු. 8000ට වීඩියෝ කරන හාදයා වෙඩිමට යන ආකාරය..!!!...feeling crazy"

      යනුවෙන් පමණි. සියලු කතාවල මුල එම කැප්ෂනයයි. ඔබ මොහු අටදාහට වෙඩින් කරනා බව සහ පුද්ගලයාව දන්න බව එයින් නිසැකයෙන්ම හැඟේ. එවිට අප වැනි දුප්පතුන් උදෙසා "යම් පමණක" සේවාවක් දෙන කෙනා හෙලා දැකීමට එරෙහිවීම මේ සටහනේ අරමුණයි. කවුද නිවැරදි යන්න හෝ කුමක්ද සාධාරණ යන්න කියවන්නන් තේරුම් ගනීවි.

      Delete
  44. 02 කොටස

    අහා මේ බයිලා කතා නිසා මේ පෝස්ටුව ගැන කියන එකත් යට යනවානෙ...!!
    මේ පෝස්ටුව පළ කිරීමේ සැබෑ ම අරමුණ මගේ ඇඟ පුරා ඔඩු දුවන උප්පති කුහක කම එළියට දැමීම ය...
    මා මෙන් ම මේ වෘත්තියේ නියැලෙන තවත් එකෙක්, වාහනයක යනවාට, හොඳට අඳින පළඳිනවාට, හොඳ තැනෙකින් දරු මල්ලන්ට කෑම බීම අරන් දෙනවාට, හොඳ ඔපීසියක් පටන් ගන්නවාට, ගෙයක් දොරක් හදා ගන්නවාට මම එකහෙළා ම අකමැති ය. ඒ නිසා ම හැකි සෑම විටෙක ම මම උන් ව පහත් කොට, කිසි සේත් ම උඩට එන්නට නොදී, පාගානෙ සිටින්නෙමි. ඊරිසියා කරන්නෙමි. කුහක වැඩ කරන්නෙමි. උදේ හවා උන්ට හොඳක් යහපතක් සිද්ද නොවේවායි පත පතා සිටින්නෙමි... වෙන වැඩක් නම් කරන්නේ ම නැත...!!!

    අලුතෙන් එකෙක් මේ ක්ෂේත්‍රයට පිවිසෙන විට ම, ඌ සොයා ගොස් කුදලාගෙන මගේ පන්තියකට දමා ගන්නෙමි. ඉන්පසු උගේ මොළ සුද්ද කොට, ඌ නන්නත්තාර කර දමා, යන එනමං නැති කොට මාර ආහ්ලාදයක් විඳින්නෙමි...!
    අද මම වෙඩින් කරන්නේ නැත...ඒ අනෙක් අය කරන ඊරිසියාවට තරහට ය. නැතිනම් මගේ ගනං වැඩි නිසා එකෙක්වත් එන නිසා නොවේ...මා මාකටින් නොකරන නිසා ද නොවේ.. රටට පේන්නට පොෂ් විදිහට රඟපාන නිසා ද නොවේ...!
    අදටත් මට යන්නට එන්නට රු. ලක්ෂ 5කට අඩු වාහන ගන්නේ මගේ මාර නිහතමානී කමකටනම් නොවේ.. අවංකෙන් ම වාහනයකට ඊට වඩා මුදලක් වැය කරන්නට බැරි නිසා ය...!! හඩු කලිසමක් ඇඳ රබර් සෙරෙප්පු දෙකක් දමාගෙන, ත්‍රීවීල් රියැදුරන්ගෙන්, බස් කොන්දොස්තරලාගෙන්, මාකට් එකේ බඩු කිරන්නන්ගෙන් අයියා මචා කියා අසා ගන්නේ ද මුගේ ඇති නිහතමානී කමකට නොවේ කුණු පෙරේතකම සහ කූඩැල්ලා මෙට්ටේ තියන්නට බැරි නිසා ය...!!

    ඒ නිසා මොකෙක් හෝ වෘත්තිකයෙක් හොඳට ඇඳ පැළැඳ, සමාජයේ ගරු බුහුමන් ලබමින්, සිය වෘත්තීය ගරුත්වය ද, තමා නියෝජනය කරන සමස්ත වෘත්තිකයන් සියල්ලන්ගේ ම ආත්ම ගරුත්වය ද ආරක්ෂ කරමින් සිටින්නේනම් මට උන් දෑහැට පෙන්නන්නට බැරි ය... එසේ සිටිනවා දුටු විට මගේ ඇස් එළියට පණින්නට එයි.. හුස්ම හිරවෙයි.. අඟ මුණින් කන් නාසා කෙළවරින් දහඩිය මුගුරු වැගිරෙයි..
    ඒ නිසා එවන් ජේත්තුවට ඇඳ පැළැඳ සිටින වෘත්තිකයන් හැඳ ගෑවිලා ම පළ කියා අවංක ම චේතනාවෙන් මේ පෝස්ටුව පළ කළ විට මුං රාජ්‍ය රහසක් එළිදරව් කරයි.. ඒ මං කුහකයකු බව ප්‍රසිද්ධියේ ම කීම ය...
    ඔවු මං කුහකයි තමා...
    ඒ නිසා තමයි මේ හැම දෙයක් ම කරන්නෙ හරිය....!!!!
    — feeling crazy

    ReplyDelete
  45. මේ මා ගැන ලියූ සහ කතා කළ මෙතෙක් මගේ ජීවිතයේදී මා දුටු දිගු ම ලිපියයි සාකච්ඡාවයි.
    ඊට ඔබ හැමට බොහොම ස්තූතියි..!!
    ඒ වගේ ම මගේ බ්ලොගයවත් මේ තරම් දෙනා කියවන්නේ නැති එක ගැනනම් මාර ඊරිසියයි තමා..!!

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් කරුවන් බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුව තමාගේ කොමෙන්ටුවට සුලුවෙන් හෝ ප්‍රතිචාරයක් ලැබීමයි.

      Delete
    2. //ඒ වගේ ම මගේ බ්ලොගයවත් මේ තරම් දෙනා කියවන්නේ නැති එක ගැනනම් මාර ඊරිසියයි තමා//
      මම නම් එක හරියට රස විඳිමින් කියෙව්වා.එත් ඉතින් එක නිතරම ලියවෙන්නේ නැහැ නේ.
      http://magekathandara.blogspot.com/
      මෙන්න මගේ ගානේ ඇඩ්.

      Delete
    3. ඉන්ද්‍රනාථ, ඔබ වැනි අයකු ගැන හා පුරා කියා මෙවැනි සටහනක් තැබීමට සිදුවීම කණගාටුවක්, එහෙත් වැරද දුටු විට නිහඬව සිටීම අප සිරිත නොවේ.

      ඔබේ බ්ලොගය මගේ හිට්ස් ලක්ෂ දෙකහමාරක් නැති දුප්පත් බ්ලොගයට වඩා රසවත් ලිපි බහුල නිසා, ඔන්න එය මගේ රෝලට එකතු කලා. දිගට ලිව්වොත් බලන්න අය ඉඳීවි.

      Delete
  46. මම කතා කරන්නේ ඡායාරූපකරණයේ යෙදෙන්නන් වෙනුවෙනුයි.
    මේ ඛේදවාචකය ම ග්‍රැෆික් ඩිසයින්, ටයිප් සෙටින්, ඩිජිටල් ප්‍රින්ටින්, කලර් සෙපරේෂන්, ස්ක්‍රීන් ප්‍රින්ටින් වගේ ක්ෂේත්‍රවලත් සිද්ධ උනා. ඒ ගැන කවුරුවත් ම කතා කරන්නෙ නැහැනෙ.
    ඉදිරියේදි මෘදුකාංග සම්බන්ධ රැකිවාවලටත් වෙන්නෙ ඔය ටිකමයි.
    මෙහි අදහස් දක්වපු අය ඉන්නවද එහෙම වෘත්තින්හි යෙදෙන..??

    ReplyDelete
    Replies
    1. මම මෘදුකාංග සම්බන්ධ රැකියාවක යෙදෙන්නෙක්. ඒ සඳහා බහුලව මම යොදාගන්නේ ඇපල් මැක් බුක් ප්‍රෝ වර්ගයේ ලැප්ටොප් එකක්. ඒක මම ලැප්ටොප් බෑග් එකේ දාගෙන යනවා. පිටරටක යනවානම් ඇඳුම් දාන බෑග් එකෙත් දාගෙන යනවා. ඔෆිස් එකේ ඉඳන් කස්ටමර් කෙනෙක් මුනගැහෙන්න යනවානම් බෑග් එකක නොදා අතේත් අරගෙන යනවා. මේසේ උඩ තියනවා. ඔඩොක්කුවේ තියනවා. පාක්වලදී බිම තියනවා. ගුවන් යානයකදීනම් සීට් එක යටත් දානවා.

      මම මෘදුකාංග සම්බන්ධ රැකියාවක යෙදෙන්නෙක්...ඒ සඳහා බහුලව මම යොදාගන්නේ ඇපල් මැක් බුක් ප්‍රෝ වර්ගයේ ලැප්ටොප් එකක්...අවුරුදු ගානක ඉඳන් මගේ බඩ රස්සාව සරිකරන ඒක මම ලැප්ටොප් බෑග් එකේ දාගෙන යනවා... පිටරටක යනවානම් ඇඳුම් දාන බෑග් එකෙත් දාගෙන යනවා... ඔෆිස් එකේ ඉඳන් කස්ටමර් කෙනෙක් මුනගැහෙන්න යනවානම් බෑග් එකක නොදා අතේත් අරගෙන යනවා... මේසේ උඩ තියනවා... ඔඩොක්කුවේ තියනවා... පාක්වලදී බිම තියනවා... ගුවන් යානයකදීනම් සීට් එක යටත් දානවා...

      මගේ ගාවට මෘදුකාංග විසඳුමක් සොයාගෙන එන කෙනෙකුගෙන් අධික මුදලක් මම අයකරනවා... ඒ කොලිටි එකටම ඒ තරම්ම සාර්ථක විසඳුමක්, මගේ මුදලින් දහයෙන් එකක් වෙන මුදලට ලබාදෙන ඩිවලොපර්ස්ලා ඉන්නවා... නමුත් අධික මුදල ලබාගනිද්දී මම ලබාදෙන විශේෂ සේවාවන් තියෙනවා... RA phase එකෙ ඉඳන් ලයිව් යනකල්ම හැමදෙයක්ම Documentation කරලා Enterprise level ඇප්‍රෝච් එකක්... විසඳුමට වගකියන ක්ශේත්‍රයේ පලපුරුදු කන්සන්ටන්ට්ලාගේ රිවීව්ස් දෙනවා... අන්තර්ජාතිකව පිළිගත්ත ආයතන වලින් තත්ව සහතික ලබාදෙනවා... S&M ඇග්‍රිමන්ට්ස් අත්සන් කරනවා, තුන්වෙනි පාර්ශවයකට රහසිගත තොරතුරු පිටනොකරන බවට NDAs අත්සන් කරනවා... issue එකකදී අවදානමේ සාංවේදීතාවය අනුව රෙස්පොන්ස් කරන වෙලාවල් ගැන වගකියනවා...අදාල රටේ ඉඳගෙන සේවය සලසන්න පොරොන්දුවෙනවා... තවත් බොහෝදේ. මේ කිසිවක් අතයවශ්‍ය නැති, සොලුයුෂන් එක විතරක් අවශ්ය, අඩු බජට් එකක් අරගෙන ක්ලයන්ට්ස්ලා මගේ ගාවට එනවා...මගේ ජංගම දුරකතනයේ රටවල් කිහිපයකම අරවගේ අඩුමුදලට වැඩකරන සගයන්ගේ(මේ වැඩේ හින්දාම හඳුනාගත්) දුරකතන අංක තියෙනවා... ඒ වෙලාවට මම ඒ ක්ලයන්ට්ව අර එක්කෙනෙක්ට යොමුකරනවා... ඇත්තටම මම වටහාගෙන තියෙන දේ ඒවගේ අඩුමුදලට වැඩකරන ඩිවලොපර්ස්ලා හිටියොත් නෙමෙයි, නැතිවුනොත් තමයි අපේ ක්ෂේත්‍රය වැටෙන්න අවදානමක් තියෙන්නේ...මොකද බජට් එක මගේ නෙමෙයි ක්ලයන්ට්ගේ...ඒ බජට් එක මට කේටර් කරන්න බැරිනම්, කලහැකි කෙනෙක් ඉන්න ඕනේ...

      Delete
    2. //S&M ඇග්‍රිමන්ට්ස්//

      hmmmm

      Delete
    3. @Pra Jay ඇයි අවුල්ද?
      Support and Maintenance agreement

      Delete
    4. මමත් ඉන්නේ උඩ ඉන්න ඇනෝ සඳහන් කල ක්ෂේත්‍රයේ තමයි. මේ තත්වය තියෙන්නේ ක්ෂේත්‍ර කිහිපයක නොවෙයි උද්ගෝෂණ කර වැටුප් වර්ධනය නොකරන සැමටම ඔය තත්වය පොදුයි. යම් නිෂ්පාදනයක( හෝ සේවයක) මිල තීරණය කිරීමේදී එහි ගුණාත්මක භාවය වැදගත් එසේම යම් නිෂ්පාදනයක ගුණාත්මක භාවය යන්න එම නිෂ්පාදනය නිපදවීම අරමුණු කරන පාරිබෝගිකයන්ගේ මට්ටම මත රඳා පවතිනවා. සරලවම කියනවා නම් ලෑම්බෝගිනි වාහන හදන්නේ කොරොල්ලා හෝ ඇලියොන් ඉල්ලන පාරිබෝගිකයන් ඉලක්ක කර නොවේ. එසේම එකම ගුණාත්මක බව තිබුනත් වෙළඳ නමත් නිෂ්පාදන මිල තීරණය කරනවා(ඉන්ද්‍රනාත තේනුවර කියන්නේ ත් වෙළඳ නමක්). වෙළඳ නම මත වටිනාකම තීරණය වීමේදී බලපාන එකම සාධකය එම වෙළඳ නමින් එන භාණ්ඩවල ගුණාත්මක බව විතරක් නොවේ. ඒ සඳහා එම වෙළඳ නමට දෙන ප්‍රචාරණය සහ ඒ මත සහ වෙනත් හේතුමත ගොඩනැගෙන ඒ වෙළඳ නමට ඇති ඉල්ලුම කෙලින්ම බලපානවා. ඉන්ද්‍රනත තේනුවර මහත්තයාට එම නමට ඇති ඉල්ලුම අඩු වුනොත් අර 8000 වීඩියෝ කරන කෙනා මට්ටමට වැටෙන්න පුළුවන්. සමහර විට ඉල්ලුම අඩුවීම නිසා හෝ ඉල්ලුම වැඩි වුනත් තම ලද දෙයින් සතුටුවීම වැනි ගුණයක් නිසා හෝ අසාධාරණ මුදලක් අයකරන්න අකමැත්ත නිසා අර පුද්ගලයා 8000 වීඩියෝ කරනවා වෙන්න පුළුවන්. ඡායාරූපයක ගුණාත්මක හෝ කලාත්මක බව හැමෝටම අසුවෙන දේවල් නොවේ. එබැවින් මෙම අංශයීදී ශිල්පියා හෝ ආයතනයේ වෙළඳ වටිනාකමට පොටෝවල ගුණාත්මක බවට වඩා බොහෝ විට පඩ ෂෝ හේතුවෙනවා. වෙඩින් වලදී බොහෝවිට ශිල්පියා තෝරාගන්නේ ඔහුගේ වෙළඳ නම සහ තමන්ට දැරිය හැකි මිල මත. වැඩි මිලට කරත් ඉල්ලුම බහින්නේ නැත්නම් වැඩිමිලට කරන අය රඳා පවතිනවා. වැඩිමිලට කරන අයගේ මිල බැසීමට අඩුවට කරන අයගෙන් ලොකු තර්ජනයක් නැහැ. මරුටි 800, ටාටා නැනෝ වැනි වාහන නිසා ටොයෝටා වාහන මිලට ලොකු තර්ජනයක් නැහැ එසේම ටොයෝටා වාහන නිසා ලෑම්බෝගිනි වාහන මිල බහින්නේත් නැහැ. ඒ වගේම අධිමිල වාහන හදන ලෑම්බෝගිනි ආයතනයට වඩා මිල අඩු වාහන හදන මරුටී ආයතනයේ ආදායම සියගුනයක් පමණ වැඩිබවත් මතක තියා ගන්න. ඒක නිසා සාර්ථක වයපාරිකයෙක් වෙන්න නම් කල යුතුවන්නේ වැඩිමිලට වෙළඳපොල වැඩි ඉල්ලුම අනුව සේවය සැපයීමයි. අඩුමිල වාහන හදන මරුටී දෙස ලෑම්බෝගිනි ලා කුහකව බලන්නේ නැත.

      Delete
    5. //ඒක නිසා සාර්ථක වයපාරිකයෙක් වෙන්න නම් කල යුතුවන්නේ වැඩිමිලට වෙළඳපොල වැඩි ඉල්ලුම අනුව සේවය සැපයීමයි.// යන්න
      "ඒක නිසා සාර්ථක වයපාරිකයෙක් වෙන්න නම් කල යුතුවන්නේ වැඩිමිලට නොව වෙළඳපොල වැඩි ඉල්ලුම අනුව සේවය සැපයීමයි" ලෙස නිවැරදි විය යුතුය

      Delete
    6. ඇනෝට් සහ විශ්වට ස්තූතියි අදහස් දැක්වීම ගැන!

      //මේ ඛේදවාචකය ම ග්‍රැෆික් ඩිසයින්, ටයිප් සෙටින්, ඩිජිටල් ප්‍රින්ටින්, කලර් සෙපරේෂන්, ස්ක්‍රීන් ප්‍රින්ටින් වගේ ක්ෂේත්‍රවලත් සිද්ධ උනා//

      බොහොමයක් විට අළුත් තාක්ෂනයක්, භාන්ඩයක් වෙළඳපොළට එනකොට ඒක ඉතා මිළ අධික, සීමිත පිරිසකට දරන්න පුලුවන්, අධික ලාභ ගෙනදෙන දෙයක් විදිහට තමයි එන්නෙ.

      අද සුලභ මෝටර් සයිකල්, ගුවන්යානා වගේම ඩිජිටල් ප්‍රින්ටින්, ත්‍රීඩි ඇනිමේෂන් වගේ දේත් එහෙම තමයි. නමුත් කලක් යනවිට මේ සේවා/භාන්ඩ වලට ඇති අධි ඉල්ලුමත් ඉහල මිළත් නිස අබොහෝ දෙනා මේකට යොමුවෙනව. එහකොට තරඟකාරීත්වය නිස මිළ පහත වැටිල, යම් ස්ථාවර මට්ටමකට පත්වෙනව.

      ඒ ස්ථාවර මිළෙන් පහල දේ බාලයි, ඉහල දේ බොහෝ විට හොඳයි. මේක ඉතාම සරළ ආර්ථික විද්‍යාව. මෙතනට අදාල උපකරනවල ගරුත්වය හෝ වෙන දෙයක් බලපාන්නෙ නෑ.

      ඉස්සර කැමරාවක් ගන්න එක හැමෝටම සිහිනයක්. අද කැමරාවක් නැති කෙනෙක් නෑ. ඉස්සර SLR තීබෙ කීයෙන් කී දෙනාටද? රෝල සුද්ද කරනකල් පින්තූර දකිනකල් විස්වාස නැති ඒ කාලෙ වෙනස් වෙලා තාඛනය දියුණු වෙලා, කැමරා මිළ අඩුවෙලා. මේව අපිට පාළනය කරන්න බෑ!

      Delete
  47. මං ගිහිල්ල තියන වෙඩින්වලින් සෑහෙන ගානක් කරන එවුන්වත් ගෙස්ට්ලවත් හරියට එන්ජෝයි කරන ඒව නෙමෙයි. සමාජයට ඕන නිසා කරනව ඉන්වයිට් කරන නිසා යනව.
    ඉන්දික ලකී

    ReplyDelete
    Replies
    1. ලංකවෙන් පිට ඉන්න එකේ එක වාසියක් ඔබ කිව්ව වගේ විසූක දස්සනවලට කාලයත් මුදලත් වියදම් කරන්න නොලැබීම.

      Delete
  48. පෝස්ටු සේරම ආසාවෙන් කියෙව්වත්, මාස කිහිපයක් තිස්සෙ ඇවිත් ගියත් කොමෙන්ටුවක් නොදැම්මෙ මගේ බ්ලොග් එකක් අටවගන්නකම්. මමත් බ්ලොග් ලෝකෙ පැලපදියම් උනා. ඉඩ පාඩු ඇති වෙලාවක ඇවිත් යන්න එන්න...
    http://camarawenehalokaya.blogspot.com

    ReplyDelete
    Replies
    1. යශන්ත ( වැරදිනම් නිවැරදි කරන්න ),

      ඔබ ඉන්ද්‍රනාථයන් මතු කල කරුනම, වඩා සංයමයෙන් සහ වැදගත් ලෙස මතු කරනව. එකම පින්තූරය තැන් දෙකක වෙනස් අදහස් දෙකක් මවනව, හේතුව ඒ සමග එන මාතෘකාව/ පසු කතාව.

      වචනවල බලය මෙයයි. ඔබ මල්ල සහ වෘත්තියෙ ගරුත්වය ගැන මිස මිළ ගැන කතා නොකරන නිසා, මම ඔබ හා එකඟයි.

      අළුතෙන් බ්ලොග් ලියන්නට කෙනෙක් එකතු උනාට සතුටුයි! දිගටම ලියන්න. ටික කලක් යන තුරු ලින්ක් එක කමෙන්ට් යටින් දැම්මට, එය දිගට කරන්න එපා, වෘත්තිය හෑල්ලු වෙනව.

      මෙතනින් ගිහින් live link දමන කරන ක්‍රමය දැනගන්න.

      Delete
    2. ඔබ දුන් උපදෙස මා ක්‍රියාත්මක කලා... ස්තුතී ඔබට...
      කැමරාවෙන් එහා ලෝකය

      Delete
  49. ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ මම මගේ වියදම් පියවාගන්න බුලත් විටි බිස්නස් එකක් කළා..(දැන් කියලත් ඉතිං වෙනසක් නෑ තමා..!!) ඒකට බඩු ගත්තෙ පිටකොටුවෙන්. ඉස්කෝලෙ ඇරිල පොත් බෑග් එකත් පිටිං පිටකොටු ගිහිං බුලත්, පුවක්, දුංකොළ, හුණු අරං එනව. දවසක් දවාලෙක පිටකොටුවෙ මහ සෙනග මැද්දෙ යන්න බැරි ව, නවත්තල තිබිච්ච නාටාමි කරත්තයක් උඩින් පැන්නා.
    එතකොටම දුවගෙන ආපු නාටාමිවරයෙක් “අඩෝ පුංචි මහත්තයා... උඹෙ wuaug yqlkak fjaisf. mq;d'''තෝ දන්නවද යකේ මේක අපි හම්බකරං කන රස්සාව.. ඒකට උඩින් යන්න කාටවත් දෙන්නෙ නෑ..“ කියල බොහෝ ම කරුණාවෙන් කිව්ව.
    ඒ තමයි වෘත්තීය ගරුත්වය පිළිබඳ ව මා ඉගෙනගත් හොඳ ම පාඩම..!!
    අදටත් මම කැමරාවට අතිශයින් ගරු කරනවා. (වඳින්නෙ පුදන්නෙ නැති උනාට.) මං ඒක කිසි දාක බිම තියල නැහැ. කාටවත් බිම තියන්නෙ නැහැ.
    මොකද මේ කට්ටිය එක්කාසු වෙලා මා වෙනුවෙන් ම බ්ලොග් පෝස්ට් එකක් හදල, නිදි මරාගෙන, කාලෙ වියදම් කරගෙන මේ සංවාදෙ යෙදෙන්නෙ මං අම්පාරෙන් ආපු චිත්‍ර අඳින්න පුලුවන්, ලියන්න පුලුවන් ඉන්ද්‍රනාථ නිසා නෙමෙයි. ඡායාරූප ශිල්පී ඉන්ද්‍රනාථ නිසයි...!!
    ඒ නිසා මට සිවිල් ගමනක් ඇති කර දුන් මේ තාක්ෂණික උපකරණය බාල්දු කරන්නවත්, ඒ වෘත්තිය හෑල්ලු කරන්නවත් කිසි කෙනෙකුට ඉඩ දෙන්නෙ නැහැ.
    මගේ බරපතල විරෝධය තියෙන්නෙත් අර හාදයා කැමරාවට කරන (ඹං වීඩියෝනං මළාටවත් කරන්නෙ නැහැ හැබැයි..!) අගෞරවයටයි.
    මිල ගැන මගේ ලොකු ප්‍රශ්ණයක් නැහැ. නමුත් ඒ හාදයාට එහෙම වෙලා තියෙන්නෙ සදාකල් අඩු මුදලට වැඩ කරන නිසයි.
    ඒ හාදයා තව එක රු. 1000ක් වැඩි කළානම් කරන හැම වැඩකටම එක ගානෙ බෑග් ගන්න තිබුණා. මොකද පිළියන්දල සුමුදු බෑග් සෙන්ටර් එකේ කැමරා බෑග් මහල දෙන්නෙ රු. 1050ට නිසා. මං ගාව තියෙන්නෙත් එයින් දෙකක්.

    ReplyDelete
    Replies
    1. වෘත්තීය ගරුත්වය සැලකීමේදී අදාල උපකරණ සහ ආම්පන්න රැකගැනීම යන කාරනය වැදගත්ය යන්න බැහැර නොකරමි. නමුත්, එය මිළ හා ගැට ගසා අපහාසාත්මකව පැවසීම ඔබේ නවක ගෝලයකුගෙන් පිටවීම ගණන් නොගත යුත් එවැන්නක් "ඡායාරූප ශිල්පී ඉන්ද්‍රනාථ" පැවසීම සම්පූර්ණයෙන්ම වෙනස් තත්වයකි.

      //මිල ගැන මගේ ලොකු ප්‍රශ්ණයක් නැහැ. නමුත් ඒ හාදයාට එහෙම වෙලා තියෙන්නෙ සදාකල් අඩු මුදලට වැඩ කරන නිසයි.//

      මේකට හේතුව එයද, ඔහුගෙ නොසැලකිල්ලද, ඒත් නැත්තන් මේ පින්තූරෙ ගත්තෙ ඔවුන් යම් රූගත කිරීමක් කොහේ හෝ කරත්දි වැස්සක් නිසා අමාරුවෙ වැටිල ඉන්දැත්දිද කියල කවුද දන්නෙ?

      Delete
  50. This comment has been removed by the author.

    ReplyDelete
  51. වෙඩිමක් වීඩියෝ කරන්නේ අහවල් දෙයක් නිසාද යන්න මා හට නොතේරේ... ෆොටෝ ටිකක් අල්ලා ඇල්බම් එකක් හැදුවනම් වැඩිත් එක්ක...

    රු 8,000 ට වීඩියෝ කරනා පුද්ගලයා හට කැමරාව සහ ත්‍රිපාදිකය ඉටි කවර වල නොදා ආරක්ෂි ත ලෙස ඇඳුම් දැමීමට භාවිත කරනා බෑගයක හෝ බහා රැගෙන යාමට හැකියාව ඇත. කැමරාව ඔහුගේ වූවත් නැතත් එය බිම වැටී කැඩුනහොත් පාඩුව විඳදරා ගැනීමට සිදු වන්නේ ඔහුටය. අනෙක් අයෙකුට වඩා එය ඔහුට වඩාත් අසීරු වනු ඇත.

    ඔහු ගමන් ගන්නේ බසයේනම් මෙවැනි ඉටි මළු දෙකක් අත් දෙකෙන් එල්ලාගෙන සෙනග සිටින බසයකට නැගීම, එවැනි බසයක ගමන් කිරීම පවා කෙතරම් අපහසුවක්ද කියා සිතා බලන්න. වාඩි වී සිටින කෙනෙකුට ඒවා තබා ගැනීමට දීමෙන් ඔවුන් පවා අපහසුතාවට සහ අවධානමකට ලක්වීම වැලැක්විය නොහැක.

    ඔහු මේ සිදු කරන්නේ ලොකු අවධානමක් සහිත ක්‍රියාවකි. ඔහු ආර්ථික වශයෙන් දියුණු නොවීමට මෙම නොසැළකිල්ලද හේතු වන්නට පුළුවන.

    ඔහු රු 8,000 ට බැරිනම් නොමිළේ වීඩියෝ කලත් මා එය තකන්නේ නැත්තේ මා යැපෙන්නේ එයින් නොවන නිසා වීමටද පුළුවන. නමුත් වෘත්තියේ ගරුත්වය හැකි පමණින් ආරක්ෂා කරගෙන තමාත් ආරක්ෂා වන්නේනම් ඔහුට මෙන්ම අන් අයටද වඩාත් යහපත් වනු ඇත.

    ReplyDelete
    Replies
    1. ඔබ හිතනවද සිහිය ඇති මිනිසෙක් ලංකාවෙ බසයකට මේ ආකාරයට දෑතම පුරවගෙන නගින්න හිතයි කියල?

      වෙළඳපොලෙහි ඇති ඕනම සේවාවක්/ භාන්ඩයක් තෝරගන්නෙ පාරිභෝගිකය. ඔහු ඒක ගන්නෙ තමන්ගෙ මිළදීගැනීමේ හැකියාව අනුව.

      යන්තන් සල්ලි ටිකක් එකතු කරගෙන, දෙහිවල ජයසිංහ ශාලාවෙ පිටිපස්සෙ හෝල් එකේ වෙඩිමක් ගන්න වැල්ලවත්තෙ ෆ්ලැට් එහෙක මනුස්සයෙක්ට, ආසාවට වෙඩිම වීඩියෝ කරගන්න හිතුනොත්, හැන්ඩිකැම් එකකින් ඒක කරල දෙන්න කෙනෙකුත් නැත්තන්, එයා මෙහෙම කෙනෙක් තෝරගෙන ඒ දේ කරයි. ඒ මනුස්සයට කැමරමන් එන්නෙ මොකේද, අරවද මේවද වැඩක් නෑ, ඕනෙ සීඩී එකක් විතරයි සින්දු ටිකක් දාල පොඩි සරළ එඩිටින් පාරක් දාපු.

      එහෙම පිරිසකට විකුණන හැමෝටම ඥානම්ල වෙලා ඉහලට එන්න බෑ, හෝ උවමනාවක් නෑ.

      ඒ නිසා වෘත්තියෙ පුරෝගාමීන් වඩා අවධානය යොමුකරන්න ඕන එහෙම අය ගැන නෙවී, අඩු ගානෙ 50,000 වත් ගන්න, ලොකුවට පෙන්නගෙන ඉන්න අය කරන වෘත්තිමය හොර වැඩ, බාල වැඩ ගැන හොයන එකයි. ඒගොල්ලො තමයි ඉන්ඩස්ට්‍රි එක විනාස කරන්නෙ.

      Delete
  52. නැවතත් බොහෝම ස්තූතියි ඉන්දික මං වෙනුවෙන් මේ තරම් වෙහෙස උනාට.
    ඒ වගේ ම මේ ඡායාරූප ක්ෂේත්‍රෙය් තවත් ඡායාරූප ශිල්පීන් ලොකු පිරිසක් ඉන්නවානෙ. ඡායාරූප ශිල්ප වෘත්තියන්ට පමණක් පොදු කාරණා ගැන අඬ අඬ නමුත් ඒ ගැන වචනයක්වත් නොකියන සහ අබමල් රේණුවක දෙයක් නොකරන අය, තමන්ගේ පාඩුවේ රස්සාව කරගෙන යමක් කමක් හරිහම්බ කරගෙන පාඩුවේ ඉන්න අය, අලුත් තාක්ෂණික උපක්‍රම සහ නවීන උපකරණ භාවිතා කරමින් මාර නිර්මාණ කරන අය, ගැනත් බ්ලොග් ලියන්න. එයාල ගැනත් කතා කරන්න.
    මතක ඇති ව එහෙම කරල ලින්කුවකුත් මට දාන්න. නැතිනම් මිස් වෙන්න ඉඩ තියෙනවා.
    නැවතත් බොහොම ස්තූතියි ඉන්දික ඔබට සහ මෙහි අදහස් දැක්වූ හැමට..
    ආයෙ ටික දවසකින් ගොඩ වෙලා බලන්නම්.

    ReplyDelete
    Replies
    1. මම බොහොම අගය කරනව ඔබ මේ බ්ලොග් එකට ගොඩ වැදිල, සෘජු සංවාදයට එකතු උනාට.

      ඉන්ද්‍රනාථ, මම මේ සටහන ලිව්වෙ ඔබ වෙනුවෙන් නෙමෙයි, ඔබ විසින් උපහාසයට ලක්කරන ලද ඒ කැමරාකරුව වෙනුවෙන්.

      බොහොම ස්තූතියි ඔබටත්!

      Delete
    2. මේක මෙතෙන්ඩ අදාල නෑ. ඒ උනාට නිකං දාන්න හිතුන....

      ඇම්ඩන් මලය දවසක් පුදුමෙකට වගේ හරිම සාමකාමී විදියට බස් එකේ යනව...
      බස් එකට නගිනව පොරක්... ඇත්තටම ටිකක් දැක්කම බය වෙන්න හිතෙන ජාතියෙ බුවෙක්..
      බුවා: (හෙන සද්දෙන්...) 'ඕන්න සිංහයෙක් බස් එකට නැග්ගා... සිංහයට ඉඩ දීපල්ල ඉස්සරහට යන්න'
      අනේ ඉතිං බස් එකේ ඉන්න අහිංසක හුදී ජනතාව සිංහයා අයියට ඉඩ දුන්නලු...



      බුවා: 'කෝ ඉතිං සිංහයාට එතකොට සීට් එකක් නෑ??'
      කරුමෙට වගේ ඇම්ඩගෙ එහා පැත්තෙ සීට් එකේ හිටපු බුවා බයටම දුන්නලු සීට් එකත්..
      දැන් සිංහයා අයියා අපේ අහිංසක ඇම්ඩ ළඟ...

      බුවා: 'එතකොට සිංහයාට ජනේලෙ ළඟ සීට් එක නෑ???'
      ඇම්ඩත් මොකා වුනත් ටිකක් බය වුනා, ඒ නිසා ශේප් එකේ සිංහ බුවාට දුන්න ජනේලෙ ගාව සීට් එකත්.
      දැන් සිද්ධිය සාමකාමීයි... ඒත් ඇම්ඩට ටිකක් අසහන කාරීයි...

      ඇම්ඩා: ' සිංහයා අයියේ... පොඩි ප්‍රෂ්ණයක්...'
      බුවා : 'කියන්න මල්ලී සිංහයට ප්‍රශ්ණ නෑ'
      ඇම්ඩා: 'එක්කො ඕනෙ නෑ අයියෙ... අවුලක් නෑ'
      බුවා: ' ඔන්න ඔන්න මල්ලී සිංහයා කෝප කර ගන්න හදන්නේ... ප්‍රස්නේ මොකක්ද කියපිය!!!'
      ඇම්ඩා: (සීට් එකෙන් නැගිටල බස් එකෙන් බහින්න රෙඩි වෙලා එහෙම... මුලු බස් එකටම ඇහෙන්න...)
      'අයියා සිංහයෙක් වුනේ... අම්මා කැලේට ගිහින් ද? සිංහයා ගෙදරට ඇවිත් ද? '

      Delete
  53. මමත් දවසක් අහම්බෙන් වගේ බ්ලොගක් බලද්දී කියවන්න ලැබුන ලිපි පෙළක් සහ එහි තිබු කොමෙන්ට් නිසා එම පුද්ගලයට අයිති facebook පිටුවට ගියා ඔහුගේ රසිකයෙක් වෙන්න. නමුත් අවාසනාවට ඒ වෙද්දී ඔහුගේ wall එක මත තිබුනේ එකෙක් වටකරගෙන සෙට් එකක්ම නෙලන දර්ශනයක්. කොහේදෝ හුලුඅතු පත්තු කරන් ෆොටෝ අල්ලන්න යන්න ගන්න මුදල වැඩියි එය අසාදාරණයි කියපු එකෙකුට දුන්න සෙට් එකම මුකුත් නැ ..*&%^)(. පස්සේ වලිය ඉවර වෙනකන් බලන් හිටපු මට තේරුනා මේ මනුස්සයා කීයටවත් ගුරුවරයෙක් නම් වෙන්න බෑ කියලා. ඒ තරම් පහත විදිහට ඒ පිරිස හැසිරුනේ. පස්සේ මම wall එක සම්පුර්ණයෙන් වගේ බැලුවා. "මං විතරක් ....." කියන දේ ඉහට ගහපු මනුස්සයෙක් කියන එක තේරුම් ගත්තා.

    ReplyDelete
    Replies
    1. මං ගුරෙක් තියා මොකෙක් උනත්, කට්ටිය වටවෙලා ඒ “හීපාටුවාට“ නෙලපු එකනම් සාධාරණයි itnishantha,
      මොකද මම මගේ මුලු ව්‍යායාමය ම කළේ මගේ මුදල්වලින්. අඩු තරමින් මා සමග ගිය කිසිවෙක් ම සිගරට්වලට හැර තඹ සල්ලියක් වියදම් කරන්න මම ඉඩ දුන්නෙ නැහැ. කෑම බීම සහ හොඳ ම නවාතැන්. වාහනවලට ගෙවපු දැවැන්ත ධනස්කන්දය, රට පුරා කිසිවකු නොගිය තැන් සඳහා සවාරි, දහවල් විවේක කාලය තුළ අප ලැබූ අසීමිත විනෝදය ආදී සියල්ලට ම වියදම් කලේ මගේ පෞද්ගලික මුදල්. ඒකට මට රු. ලක්ෂ 10ක් වියදම් උනා.
      අදටත් එක හිකනැලෙකුගෙන්වත් මම සතයක් අරං නැහැ මගේ වැඩවලට...!!
      පසුව CameraLK ආයතනය ඊට අනුග්‍රහය දැක්වූවා වියදමෙන් අඩකට....
      අඩු තරමින් වෙන මුකුත් නැහැ එහෙම කලේනං "මං විතරක් ....." වෙන්න ඇති නේ..!!!

      Delete
  54. ගරුත්වය........... එක එක්කෙනා උපරිමයෙන් බලාපොරෙතු වෙන දෙයක්. නමුත් ඒ හිතේ මවා ගත් මාන්‍යයට සමානුපාතිකව වර්ධනය වෙන දෙයක් නේද.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ යාළුවා අභීත, එෆ් බී වල දී හමු උනා............

      Delete
    2. සහතික ඇත්ත. ගරුත්වය කියන්නෙ උපයගන්න ඕන දෙයක් මිස බලෙන් ගන්න බැරි දෙයක්. මගෙ යාළුව ෆේස් බුක් එකේ කුළියට ලියන්නෙ කියල දන්නෙ නැද්ද? මිනිහට ලක්ස ගණන් සහ ලැප්ටොප් ලැබ්ල තීන්නෙ ඒවට. දැන් ඒකතමා අලුත්ම බිස්නස් එක. අනෙක්ව සේරම ඩවුන්

      Delete
  55. මටත් හිටියේ යාලුවෝ ටිකක් විතරයි හැබැයි සමහර එවුන් බැලුවේ මාව මරාගෙන කන්න. වුන් හැමදේම අතටපයට බලාපොරෝත්තු වුනා ඒත් අපි බැන්දා.

    ReplyDelete
    Replies
    1. අර බුරා උන්නැහෙ වරක් කිව්ව "හොඳ යාලුවො ලැබෙන්නෙ හොඳ මිනිස්සුන්ටය" කියල :P

      Delete
  56. මාත් දැක්කා බුකියේ ඔය පෝස්ටුව..අපිත් වෙඩින් ෆොටෝග්‍රැෆි කරන අය තමයි.එතන වෘත්තීමය ගරුත්වය,කොලිටි එක පොඩි ගානකට කරන උදවිය නිසා නැතිවෙන බව ඇත්ත.ඒත් සල්ලි නැතිවෙන වෙලාවල් එනකොට කොලිටිය කෙසේවෙතත් වැඩේ කරගන්න සිදුවෙන අවස්ථා අපිට ඕනතරම් උදාවෙනවා.ඒ හින්දා කාටවත් මඩ ගහන එක හොද දෙයක් නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මලිත අවංක අදහසට!

      Delete

LinkWithin

Related Posts with Thumbnails