Sunday, November 9, 2014

සුපර් මාර්කට් එකේ හමුවූ ශ්‍රී ලංකන් ජම්බුගෙඩිය. The Diver's wife..!



අපේ ගෙදර සතියට අවශ්‍ය බඩු මුට්ටු අරගන්න කඩේට යන්නෙ මම. නෝන ලැයිස්තුව දුන්නම, බදාදා හවහට "ලුලු" එකට ගිහින් බඩු ටික අරගෙන එන එකත් මගේ රාජකරි ගොන්නට අයිති එකක්. ඔය ආගිය වෙලාවට නොයෙක් බවලත්තු, බලවත්තු මුණ ගැහෙනව.

දවසක් ඔහොම ගිහින් බඩු ගන්න ගිය වෙලාවක, ඔය ෂවරමා, ග්‍රිල් චිකන් වගේ කෑම තියෙන කවුන්ටරේ ගාව මම මගේ ඇණවුම එනකල් ඉන්නව. මට පිටිපස්සෙන් පුංචි අරාබි පෙණුම තියෙන කෙළි පැන්චෙකුයි, එයාගෙ අත අල්ලගෙන අමාරුවෙන් ආංබාං කරන ගෑණු ළමේකුයි ඇවිත් නතර උනා.

මේ කිව්ව ගෑණු ළමයත් එතන තිබ්බ කවුන්ටරේට වඩා යන්තන් උස, ඔන්චිල්ලාව වගේ පැද්දෙන කරාබු දෙකක් දා ගත්තු, පස්ස යට වැස්සට හෙවනට ඉන්න පුළුවන්, ඉස්සරහ කෝම්පිට්ටු දෙකක් වගේ පපුවකුයි, ඒ උසටම කලේ වගේ බන්ඩියකුයි තිබ්බ හරියට මිචලින් බබාගෙ නංගි විතර සයිස් එකේ, ඇඟටම හිර වෙන්න තෙල් ගාල ඇඳපු ඩෙනිමකින් සැරසිච්ච අලිම අලි පිනිජම්බු ගෙඩියක් වගේ තමයි පෙනුනෙ.

මෙයා එක්ක හිටපු කොන්ඩෙ කැරළි වෙච්චි නිල් ඇස් තිබ්බ කෙලිපැටිය අරාබි පෙනුමක් තිබ්බ කෙනෙක් උනාට මේ ළමය ටිකක් ලංකාවෙත් වගෙ!

කොහොම හරි ඔහොම ඉන්නකොට මට ගෙදරින් කෝල් එකක් ආව.

පුරුදු විදිහටම නෝනට අමතකවෙච්චි බඩු ටිකක් ලැයිස්තුවට දාගන්න ඕඩරේ ගන්න අස්සෙ මට පේනව අර ළමයත් මගේ කතාවට කණ දීගෙන ඉන්න ගතියක්.

ටික වෙලාවකින් කතාව ඉවර උනාම, අර ජම්බු ගෙඩිය මගේ දිහා බලල හොඳ ප්‍රසන්න හිනාවක් එහෙමත් දැම්ම.

ඉතින් කොහොම කොහොම හරි මගෙ වෙලාවට ඉල්ලපු කෑම ජාතියත් ලැබෙන්න පරක්කු නිසා, මං ගැන දුක හිතිලද, එහෙම නැත්තන් හිනා වෙවී ඉඳල ඇතිවෙලා හරි, ඒත් නැත්තං වෙන මොන මගුලකට හරි, ඒ ගෑණු ළමය මෙන්න මගෙන් අහනව "අය්ය ලංකාවෙද" කියල!

එතකොටයි මට මතක් උනේ සිංහලෙන් කතා කරන මිනිස්සු ලෝකෙ වෙනරටවලත් ඉන්නවනෙ කියල.

බලත්දි ඒ ළමය ගෙදරක "ගෘහ පාළිකාවක්". එයාගෙ ස්වාමිදූල ගිහින්ලු ෆිල්ම් එකක් බලන්න, බබාව මෙයාට දීල මෝල් එකේ සෙල්ලන් කර කර ඉන්න කියල.

ඔහොම පටන්ගත්තු ඔය කතාව රට ඉඳි ගස් උඩින්,  පොල්වතු උඩින් ලංකාවෙ ඉන්න ගමට ගිහින්, පවුලෙ අය හරහ ඇදිල යනකොට තමයි දැනගත්තෙ මෙයා කසාද බැඳල මහත්තය ලංකාවෙය කියල.

මෙහෙ ගොඩක් වෙලාවට ඔය වගේ අය ඊළඟට අහන ප්‍රශ්ණයක් තමයි, "අය්යෙ අපේ මහත්තයට මෙහෙ ජොබ් එකක් හොයල දෙන්න බැරිද" කියන එක.

මේ ළමයත් ඔය සුපුරුදු ප්‍රශ්ණෙ මගෙන් ඇහුව.

එතන ඉඳල දෙබස මෙහෙමයි.

මම - නංගිගෙ මහත්තය මොනාද කරන්නෙ

ඇය - එයා අය්යෙ ඩයිවින් කරන්නෙ


මම - ආ, එහෙනං හොඳයිනෙ. කොහෙද ඩයිවින් කරන්නෙ?

ඇය - කළුතර හෝටලේක තමයි ඉස්සර ඉඳන් වැඩ කරේ. එයා කියන්නෙ මෙහෙ ඇවිත් සල්ලි ටිකක් හොයාගෙන තමන්ගෙම බිසිනස් එකක් කරන්න කියල. මොකද හොටෙල් එකේ හින්ද සුද්දො එහෙමත් ගොඩක් දන්නව. ඉතින් ඒ අය ආයි ලංකාවට ආවම මෙයාට කෙලිම්ම සෙට් කරගන්න පුළුවන්ලු.


මම - ඉතින් එයාට ඩයිවින් වලට මොනාහරි ලයිසන් එකක් හරි සහතිකයක් හරි තියෙනවද?

ඇය - ඔව් අය්යෙ, එයාට ලයිසන් තීනව දැන් ගොඩක් කල් අරගෙන.


මම - එහෙනං හොඳයිනෙ. මෙහෙ මම දන්න කෙනෙක් ඉන්නව අල් දහෙන් කියල කම්පැනියක, මම කතා කරල බල්ලන්නං.

ඇය - ඒක මොනව කරන එකක්ද?

මම - ඒක බෝට්ටු හදන එකක්.

ඇය - එහෙමද, පඩි කොහොම වෙයිද දන්නෙ නෑ නේද අය්යෙ?

මම - මගෙ යාළුවෙක් ඩයිව කෙනෙක්, මිනිහට ඩිනාර් 300 විතර ( රුපියල් ලක්ෂයක් විතර ) ගෙව්ව.

ඇය - එහෙනං නියමයිනෙ!

මම - ඔව්, එයාට නිකන් ඉන්නෙ නැතුව ඔය එක්කම අන්ඩවෝටර් වෙල්ඩින් වගේ දේකුත් ඉගෙන් ගෙන තිබ්බනං හොඳට හොයන්න පුලුවන්.

ඇය - අනේ අය්යෙ එයා හරි කම්මැලියි වෙලාවකට. ඕකත් ඔය හොටෙල් එකේ නිසා කරනව.

මම - එහෙමද? කමක් නෑ මම එහෙනං යාළුවට කියල බලන්නං. සාමාන්‍ය ඩයිවර්ස්ලට උනත් එහෙ පඩි නරක නෑ!

ඇය - අනේ අය්යෙ එහෙනං පොඩ්ඩ්ක බලන්න, මොකද මෙහෙ අපෙ "මමා" ගෙන් ඇහුව මම. එයා කැමතියි ගන්න. ගෑණිගෙ අලුත් විසාල ජීපෙකක් තියෙනව, එයාට එලවන්න භයයි කියල ඩයිවින් වලට කෙනෙක් කෙනෙක් හොයනව. ඒ උනාට පඩිය ඩිනාර් 80ලු දෙන්නෙ. වැඩක් නෑ නේද අය්යෙ, මටත් 120 ගෙවනව, ඉතින් 80ට ඩැයිවින් කරල මොනාටද නේද?






මේ කතාවත්, තවත් දහම්පාසලේ කතාවකුත් සිහි උනේ දේශාගේ අලුත්ම පෝස්ට් කටුව දැකීමෙනි. ඔන්න දේශ එකක් හරි. අනික සතිය අගට.




121 comments:

  1. පව් වැඩ.. මෙහෙම මිනිස්සුන්ට හිනා වෙන එක තමයි බොහෝ දෙනෙක් කරන්නේ.. පෝස්ට් එකෙන් පේනවා ඉනදිකලා ඒ මිනිස්සු දිහා බලන විදිය.. කාට කියන්නද මේවා..

    ReplyDelete
    Replies
    1. +++++මෙතනදි ඉන්දික ටිකක් වැඩියෙන් බයිට් කරල වගේ.

      Delete
    2. පලවෙනි වතාවට මාතලංට එකඟ වෙනවා.

      Delete
    3. ඕක සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකික සදාචාරයනෙ. ඕ ලෙවෙල් ඉංග්‍රීසි පාස් වෙච්චි එකා ඕ ලෙවෙල් ඉංග්‍රීසි ෆේල් වෙච්චි එකාට හිනා වෙනවා. ඒකා අට පාස් නැති එකාට හිනා වෙනවා. පස් වෙනි ශේණියට විතරක් ඉංග්‍රීසි ඉගෙන ගත්තු එකා ඉංග්‍රීසි කොහෙත්ම බැරි එකාට හිනා වෙනවා. හැබැයි මේවා ඉංග්‍රීසි සම්බන්ධයෙන් විතරයි. මොකද අපේ මහන්තතතකම ඔක්කෝම තියෙන්නෙ එතැන.

      Delete
    4. මට නම් සින්හල වැරදුනත් හිනායනවා, ඉන්ග්‍රීසි වැරදුනත් හිනායනවා -හාස්යජනකනම්.
      මට වැරදුනාමත් මටම හිනායනවා, අනුන්ට වැරදුනත් හිනායනවා.( ඒකට අනුන්ට තරහ යයි කියල හිතුනොත් හිනාව තදකරගෙන ඉන්නව.) හිනායන්නෙ කාගෙවත් නොදන්නාකමකට නෙමෙයි - කියන වැරදි දේ හාස්යජනකනම් විතරයි . පුද්ගලයා ගැන අනුකම්පාවක් හෝ දුකක් ඇතිවෙනවා. හිනායන්නෙ වැරද්ද funny නම් ඒක ගැන මිසක් පුද්ගලයෙක් හෝ පුද්ගල කොටසක් ගැන නෙමේ

      Delete
    5. ඩොටේ කේස් හැම වෙලාවෙම තමන්ගෙ ඩොටේ ගතිය වහගන්න බලනවා. සමහර ඩොටේලට ඉංගිරිසි බෑ. ඒ ඩොටේල කරන්නේ දේශප්‍රේමීව් එලා සුද්දට පළු යන්ඩ බණින ක්‍රියාව. සමහර ඩොටේලට ඉංගිරිසි පුළුවන්, ඒත් කතා කරන කොට ඩොටේ ගතිය පේනවා. මේ ඩොටේලට සුද්දට යන පඩත් මන්මත් වෙන සුගන්ධය සහිතයි. සමහර ඩොටේලට ඉංඉගිරි සුද්දට වගේ කතා කරන්ඩ පුළුවන්. ඒත හිත තාම ඩොටේ. මේ ඩොටේල පිටරටවල් වල පදිංචියට ගිහින් රටේ හැම එකම හම ගහනවා. දොස්තර, ඉංජිනේරු හරි පස්තාච්චි කියල නෑ, ඩොටේ එකා ඩොටේමයි. ඩොටේ එකාලගේ ඇත්ත ඩොටේ අතිය පෙන්නන කොට මේ ඩොටේල වර්ග කීපෙටම රිදෙනව.

      Delete
    6. ඩොටේ සාපේක්ෂයි. අද කොළඹ 7 ඉන්නෙත් ඩොටේ උන්මයි. උන්ගෙ තාත්තා, සීයා, මුත්තා නැත්තං කොයික හරි ඩොටේ ඉපදුනු හද්ද පිටිසර ඩොටාලා.

      Delete
    7. ඇත්ත තමයි. අර කොළඹ 7 රජ්ජුරුවන්ගෙ ඉස්කෝලෙට ගියපු මාතලනුත් අපේ සීයට බක් පියට් එකක් තිබුණා කියන්නෙ.

      Delete
    8. මාතලන්, උඹෙ කෙලින් කතාවට ස්තූතියි! මම මොනව කිව්වත් උඹෙ ස්ථාවර්ය වෙනස් වෙන්නෙ නැති බව දන්නව. ඒත් මේ ටික කියන්නැතුව බැහැ.

      මම සාමාන්‍යෙන් මිනිස්සුන්ගෙ නැති/බැරි කම් වලට හිනාවෙන මිනිහෙක් නෙමෙයි. නමුත් හිනා යන වැරැද්දක් දැක්කම හිනා වෙන එක නැත්තෙ නෑ. එහෙම කරත් ඒ නැති/බැරි කම් හදා ගන්න උදව් කරනව මිසක් තනියම මගේ දැණුම ශක්තිය මත, ඒව විකුණගෙන කන, ඒ නැති බැරි කම් ප්‍රසිද්ධකරල උන්ව පාච්චල් කරන ජරා ගතිත් මගේ නෑ!

      මේ ළමය මා එක්ක කතා කරත්දි ඇත්තටම මම රැවටුනා! සාමාන්‍යෙන් ඔය ගං ගොඩේ ළමයි "ඩැයිවින්, ඩයිවර්" වගේ කිව්වට, පොඩි දරුවෙක් එක්ක විසාල හයිපර්මාකට් එහෙක දරුවෙක් දීල තනියෙන් තියන්න තරන් කාරණා කාරණ තේරෙන, එතන කුකාගෙන් යසට ඉංග්‍රීසියෙන් කෑම ජාති ඕඩර් කරපු, පිළිවෙලට ඇඳල හිටිය සහ පැහැදිලිව ගොඩේ නොවන විදියට ඒ වෙනකල් බස වහරපු එහෙම ලස්සන කෙල්ලෙක් "ඩයිවින්" කිව්වම පැටලෙන එක ඉතාම සාමන්‍යයි.

      ඒක හරියට "මාතලනුත් ඔය බාර් එහෙකදි හම්බුවෙන පරණ ආටිස්ට් කෙනෙක්ගෙන් "දැන් සෝස් එහෙම නැද්ද" කියල ඇහුවොත් සෝස් බෝතලෙ ලඟට කරල දෙනව වගේ තමයි.

      රාජ්, උඹට වැරදිල!

      ඇනෝ, ඕක ශ්‍රීලාංකික සදාචාරෙ කියන්නෙ අපී ලිං ගෙම්බො.

      මෙන්න මේක දැක්කද? එංගලන්තෙ සුද්දොත් එක එක පලාතෙ උන්ගෙ බසට හිනා වෙනව. ඒ විතරක් නෙමෙයි මෙන්න මූගෙ "ෂෝස්" වලට දාස් ගනන් යුරෝපෙ, ඇමරිකාවෙ කළු සුදු ඔක්කොම එන්නෙ "එක එකා කතා කරන විදිය පෙන්නල ඒකට හිනාවෙනව" බලන්න. ඒ නිසා, මෙතන සිදුවීමට හිනා යන එක අමුතු දෙයක්වත්, කම්පාවෙන්න එන දෙයක්වත් නෙමෙයි.

      ප්‍රා, සම්පූර්ණයෙන්ම එකඟයි! හිනාවෙන එක හුඟක් අයට කරන්න පුලුවන් උනාට, හැමෝටම හිනායන්නෙ නෑ. ඒකට හොඳ රසවින්දනයක් තියෙන්න ඕන. මිනිස්සුන්ගෙ වැරදි වලට හිනා ගියාට, ඒක හිනාවෙන් එහා අපහාසයකට ගෙනියන සමහර මුග්ධ මෝඩ මිනිස්සුන්ට ඕව කියල තේරුමක් නෑ.

      Delete
    9. ඉන්දික කියන්නෙ ඇත්ත තමයි. මටයි වැරදුණේ. ඔය වගේ ඉංග්‍රීසි බැරි 'මෝල්ලුන්ට' (ඉන්දිකගේ වචනයක්) හිනාවෙන එක ශ්‍රී ලාංකික සදාචාරය නෙවෙයි. මම දන්න ඉංග්‍රීසි මහාචාර්යවරු එහෙම ඉන්නවා ඔවුන් කවදාවත් තමන්ගෙ ශිෂ්‍යයින් වැරැදි උච්චාරණයක් කළාට හිනා වෙන්නෙ නැහැ. ඒවා ගැන වෙන වෙන තැන් වල කිය කියා යන්නෙත් නැහැ. කරුණාවෙන් වරද පෙන්නා දෙනවා. ඔහොම අනුන්ට හිනා වෙන්නෙ ශ්‍රී ලාංකිකයින් අතරින් සුළු කොටසක් විතරයි. ඒ තමන්ටත් හරියට ඉංග්‍රීසි බැරි පිරිස. අනුන්ට හිනා වීම තුළින් ඔවුන් එළි දක්වන්නේ තමන්ගේම හීන මානය. මේ සුළු කොටස කරන දේවල් වලට සමස්ත ශ්‍රී ලාංකිකයින්ට බනින්න ඕනැ නැහැ තමයි. ඉන්දික හරි.

      දැන් ඉන්දික අර ගෑණු ළමයගෙ වරද පෙන්නලා නොදීපු නිසා එයා නැවත ඒ වරදම කරලා අනෙක් අය එයාට හිනා වෙයි. ඒකටත් කමක් නෑ ඉතින්. අනුන්ට හිනාවෙලා අපේ ළිං මැඩි නොවන කම පෙන්නන්න තවත් පිරිසකට අවස්ථාව ලැබෙනවනෙ.

      Delete
    10. මිත්‍රය, ලොකු කතාවක් කෙටියෙන් කිව්වොත්, මේ සිද්දියම සහ මට වෙච්චි සංගෙදිය ඒ කෙල්ලගෙ සැමිය දන්නව. වැරැද්ද හදාගන්න හෝ නොගන්න එක ඒ අය තීරණය කරන්න ඇති, මට ආයි ඒ වචනෙ ඇහුනෙනං නෑ!

      Delete
    11. ඉන්දික උඹ තර්කනයේ බොහෝම දස්සයා.. ඒකේ ආයේ කතා දෙකක් නෑ.. මම කලින්ම දන්නවා උඹ මේ උත්තරේ දීලා.. මගෙනුත් ප්‍රශ්ණයක් අහනවා කියලා.. එක නිසාම තමයි මම උඹට කලින්ම කියන්න ඕන කතාව කිව්වේ..

      මේ තරම් ප්‍රශ්ණ අහලත්, මේ මනුස්සයා කියන්නේ මක්ක්ද කියලා නොතේරෙන්න .. එහෙම නම් උඹ හරකෙක් වෙන්න ඕන.. එහෙම නැත්නම් ...

      උඹ බබා..

      Delete
    12. බබා නෙමෙයි මචෝ හරක. දැන් හරිද?

      Delete
    13. ඕන් දැන්නම් හරි..

      ඒත්... හරක නෙමෙයි හරකා (මොකෝ මෙවත් උඹට මාර පොයින්ට්)

      කතා දෙකක් නෑ හොඳ බාස්...

      Delete
    14. ඉන්දික උපශාන්ත තමන්ගෙ පහල ඉපදීම සනාත කොට ඇත

      Delete
    15. Ano, වැස්ස නිසා වේලෙනව වගේ මේදවස්වල.. හික්ස්..

      Delete
    16. අභීත මාර ෆන් එකක් දුන්නා අපිට. කොහෙද ඩෝ වෙලෙන්නෙ?

      Delete
    17. AnonymousNovember 11, 2014 at 9:10 AM මම ඉන්දික උපශාන්ත

      Delete
  2. පට්ට පට පට කියුවලු

    ReplyDelete
  3. බලාගෙන ගියාම ඔය දෙකේ වැඩි වෙනසක් නෑ.. දෙකම ඩේන්ජරස් ජොබ්ස්!

    ReplyDelete
    Replies
    1. ඩයිවින් කියන්නේ අති ඩේන්ජරස්.. ඒත් ඉන්ටරෙස්ටින්..

      Delete
    2. කැන්ඩියන්, ලංකාවෙදි ඩයිවින් වලට වඩා ඩ්‍රයිව්න් ඩේන්ජරස්

      Delete
  4. අර ජීප් කතාව නොකියුවා නම්. ඉන්දික මිනිහට ජොබ් එකක් සෙට් කලානම් තමයි වැඩේ

    ReplyDelete
    Replies
    1. ජීප් කතාව නොකිව්වනං ඩයිවින් ලයිසන් එක එනකල් ඇඳගෙන ඉන්න තිබ්බ.

      Delete
  5. ෂවර්මා කන්ට බැරිවුනා කාලෙකින්.. මතක් කරාට තැන්කූ..

    පලි: ෂවර්මා මතක් වුනා ඇරෙන්ට වෙන එහෙමට ගන්ට දෙයක් නෑ මේ පෝස්ට් එකෙන්.. ඒ කියන්නෙ මාතලන් කියාපු දේ එක්ක එකඟයි යම්තාක් දුරට.. එහෙම මිනිස්සුන්ට හිනාවෙන එක පවු..

    පපලි: දැන් උඹ කියයි නෑ එහෙම හිනාවෙන්ට කියාපු කතාවක් නෙවෙයි මේක කියලා.. ඒත් ඒක එහෙම තමා කියලා උඹත් දන්නවා, මාත් දන්නවා.. :-)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් බුරා උඹෙ අවංක අදහසට!

      "එහෙම මිනිස්සුන්ට හිනාවෙන එක පවු.." අනිවාර්‍යෙම්ම එකඟයි!

      මචෝ, මේ කතාව ලියන්න හේතුව, වැරදි සන්නිවේදනය නිසා වෙන අපහසුතාවයන් ගැන මතක් වෙච්චි නිසා දේශගෙ පෝස්ට් එක බලත්දි.

      මෙතන ඒ කෙල්ලට හිනා වෙන්නෙ වැරදි උච්චාරනයට කියල හිතනවනම්, උඹ වැරදියි. මෙතන හිනා වෙන්න ඕනෙ, ඒ වැරැද්ද නිසා මුලාවෙ වැටුන මටයි.


      //එතකොටයි මට මතක් උනේ සිංහලෙන් කතා කරන මිනිස්සු ලෝකෙ වෙනරටවලත් ඉන්නවනෙ කියල.//

      හැබැයි මෙන්න මේ ටිකනං ලිව්වෙ, සිංහලෙන් කතාකරන එකෙක් දැක්ක ගමන් එහෙම අහන සියළුම ලාංකිකයන්ට හිනා වෙන අදහසින්. මොකද තත්වෙ උස් පහල වෙනසක් නැතුව ඔය ප්‍රශ්ණෙ අහන මෝල්ලු මට අනන්ත හම්බුවෙලා තියෙන පහුගිය අවුරුදු 10 ට.

      Delete
    2. තව එකක්, ඒ කෙල්ල බෝලයක් වගේ උනාට හරිම ක්‍යුට් පෙණුමක් තිබ්බෙ. ඒකයි මම "පිණිජම්බු ගෙඩියක්" වගේ කිව්වෙ.

      Delete
    3. // මෙතන ඒ කෙල්ලට හිනා වෙන්නෙ වැරදි උච්චාරනයට කියල හිතනවනම්, උඹ වැරදියි. මෙතන හිනා වෙන්න ඕනෙ, ඒ වැරැද්ද නිසා මුලාවෙ වැටුන මටයි. //

      එහෙම දෙයක්නං, මම උඩ කියාපුවා undo කරලා දාන්ට. ඒත් ඒක කියවපු ගමන් මගේ හිතට ගියේ අර විදියටයි. ඒකයි මම අරහෙම කිවුවෙ. No worries buddy.. :-)

      Delete
    4. මෙතන තියෙන්නෙ වැරදියට කියපු දෙයක් නිසා ඉන්දිකට වුන හාස්යජනක අකරතැබ්බයක්. වැරදි ඉන්ග්‍රීසියකට හිනාවීමක් නොමෙයි. ලෝකෙ හුඟක් රටවල වෙනස් උච්චාරන නිසා වන මේවගේ දේවල් ගැන ජෝක්ස් තියනවනෙ. ප්‍රශ්නෙ තියෙන්නෙ ලංකාවෙ අය ඉන්ග්‍රීසි වැරදියට කියල හෝ ඇහිල වෙන ඩ්ජේවල් ගැන ජෝක් එකක් කිව්වහම එකපාරටම හුඟ දෙනෙක් හිතන්නෙ සමාජයේ කොටසකට අපහාසයක් කියල. එහෙම නෙමෙයි මේක හාස්යජනක සිදුවීමක් පමනයි.

      සින්හල වචනයක් වැරදියට කියල/ ඇහිල මෙහෙම දෙයක් වුනොත් ඔක්කොම හොඳ ජෝක් එකක් කියල හිනාවෙයි. ඒත් ඉන්ග්‍රීසි ගෑවුනහම සමාජමය ආකල්ප ආදී එක එක දේවල් හිතනව ජෝක් එකක් කියන එක අමතක කරල. සින්හල ගැන ජෝක් කරන්න පුලුවන් ඉන්ග්‍රීසි ගැන ජෝක් කරන්න බය හිතෙනව මොකද ජෝක් කරන එකාට බනින නිසා මිනිසුන්ට අපහාස කරනව කියල. ඒකත් එක reverse discrimination එකක් නේ බුර්?

      Delete
    5. බුරාස්,
      ආවොත් රස ෂවර්මා එකක් අරං දෙන්නං.

      Delete
    6. දී කිරට බලල්ලුත් සාක්කි කිව්වලු.. මෙතන තියෙන්නේ අකරතැබයක් නෙමෙයි.. දැන දැන් කරන මැඩවීමක් හා ඒ තුලින් ආතල් ගැනීමක්.. මෙතන පළකරලා කරන්නෙත් ඒකමයි..

      යාළුවා උනත් මට හිතෙන දේ මම කියන්න ඕන.. මේවා බලු වැඩ.. එහෙම කරලා සාධාරණිකරනය කරන්න යාම ඊට අන්තයි.. ලැජ්ජයි.. උගත් කමට..

      Delete
    7. @Maathalan,
      ඇත්තම කියනවනම් මං දන්නෙ නෑ ඉන්දිකගෙ අදහස මැඩවීමක්ද කියල. එහෙමනම් ඉන්දික වැරදියි.
      මට තේරුන විදිහට මේක හාස්යජනක වැරදීමක් දෙන්නටම.
      එතන ඉන්දිකත් අපහසුතාවයකට පත්වෙලා වගේ මට පෙනුනෙ. තව ටිකක් වෙලා ඉන්දික කිමිදුම්කරුවන් ගැන කිව්වනම් මිනිහ තවත් නෝන්ඩිවෙනව. මාතලන් වගේ ඉන්දිකව මං පුද්ගලිකව දන්නෙ නෑ ඒනිසා ඔහු කතාකල සහ ලියූ අදහස හරියටම කියන්න මට බැරිවග පිලිගන්නව. හැබැයි එකක් තියනව සිංහල වචනයක් වැරදිහට ඇහිල වෙන ජල්බරිවලට අපි හිනාවෙනව, ඇයි ඉන්ග්‍රීසි එහෙම නැත්තෙ?

      මං වැරදි ඇති සමහරුන්ට පේන විදිහට ඒත් මගෙ හැම සෙන්ස් එකටම වැඩියි සෙන්ස් ඔෆ් හියුමර් !! එයින් සමහරවෙලාවට සමහරුන්ට තරහයනව , පසුව සමාව ඉල්ලන්නවෙනව ;-D

      Delete
    8. P.S. මං දන්නව ෆීනික්ස් (phoenix) කොම්පැනියෙ නම පීනිස් (penis) කියල වැරදියට නොදන්නකමට මිනිහෙක් උච්චාරනයකරල වුන අකරතැබ්බයක්. ඒ කතාව ඇහුවහමත් මට හිනාගියා , මීට වඩා.
      මොනව කරන්නද බොස් හිනායනවනේ. එයින් වරද්දපු එක්කෙනා පහත්කරන්න හිතුවෙ නෑ. ඒත් හිනා ගියා.

      Delete
    9. /හැබැයි මෙන්න මේ ටිකනං ලිව්වෙ, සිංහලෙන් කතාකරන එකෙක් දැක්ක ගමන් එහෙම අහන සියළුම ලාංකිකයන්ට හිනා වෙන අදහසින්. මොකද තත්වෙ උස් පහල වෙනසක් නැතුව ඔය ප්‍රශ්ණෙ අහන මෝල්ලු මට අනන්ත හම්බුවෙලා තියෙන පහුගිය අවුරුදු 10 ට./

      සිංහලෙන් කතා කරන මිනිස්සු ඉන්නෙ ලංකාවෙ විතරද? අර රසික කියල ගොබිලෙක් ඉන්නෙ ඔසී වල. ඒ වගේ තව අය ඉන්න බැරිද?

      Delete
    10. ප්‍රා ඉන්දික දන්නේ නෑ වගේම මැද පෙරදිග ඉඳලත් නෑ කියලා මම හිතනවා. ඒත් ඉන්දික මැද පෙරදිග අවුරුදු දහයක් ඉඳලා තියෙනවා.. අපිත් හිනාවෙනවා මේ වගේ වැරදි වලට ඒත් අපි වගේම යාලුවෙක් හරි අපේ අතින් හරි උනා නම්. ඒත් මෙතන තියෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්.. මම මේ ගැන ළිපි කීපයක්ම ලිව්වා..

      මේ අහිංසක මිනිස්සු.. ඩයිව් කරන එකෙක්ගේ වයිෆ් මැද පෙරදිග හවුස් මේඩ් ජොබ් එකකට එන්නේ නෑ කියලා නොදන්න බබෙක් වෙන්න බෑ ඉන්දික.. ඒත් ඌ එහෙම කියනවනම්, මට කියන්න තියෙන්නේ..

      අනේ ඉන්දික... උඹ බබා කියලා විතරයි..

      Delete
    11. මම ඉන්දික නම් , මේ කතාව ලියන්නම ඕනේ නම්, මේ ටෝන් එකෙන් නෙමේ ලියන්නේ. මේක කියවන කොට මේ ගැන හිතන්න වෙන්නේ මාතා කියන විදිහට තමයි. උඹට මේක කියන්න ඕන වුනේ ඒ අදහසින් නෙමෙයි වෙන්න පුලුවන්. ඒත් කියවන මට හිතුනා හරි sarcastic කියලා.

      Delete
    12. මාතලන්, මැදපෙරදිග හවුස්මේඩ් ජොබ් වලට එන්නෙ කන්න බොන්න නැති නන්නත්තාර වෙච්චි අය විතරක් නෙමෙයි. විශේෂයෙන් දන්න අඳුනන අය හරහ එන්නෙ ගොඩක් වෙලාවට "රට උන" තියෙන අය. අනික ලංකාවෙ "ඩයිව" කෙනෙක් කියන්නෙ කෝටිපතියෙක් නෙමෙයි. මේ පාර මට ට්‍රින්කොවල හම්බවුන එකා කියනව, අවුරුද්දෙ මාස හතරක් පහක් මාළු රස්සවෙන්, ඉතුරු ටික සුද්දො හින්ද කියල ජීවත් වෙන්නෙ. ඌ හිටියෙත් පොඩි ලෑලි ගේක, වැල්ල අයිනෙම. රට වටේ යන මිනිහෙක් වෙච්චි උඹ මේව නොදන්නව නෙමෙයිනෙ.

      අරූ, මම එකඟයි උඹ එක්ක. නමුත් මට එහෙම වෙනස් කරල ලියන්න නොහිතුනේ මම කලේ සරළ වාර්ථාකරනයක් වගේ සිද්දිය ඉදිරිපත්කරපු එක විතරක් නිසා මිස, වෙන මගුලක් නොතිබ්බ නිසා.

      ප්‍රා,
      ඔය වගේම තව අවුලක් මට වෙලා තියෙනව මීට අවුරුදු හයකට විතර කලින්. ඒකත් මේ පිටටම ලියනව කියල හිතුව :)

      Delete
    13. @Pra Jay

      Discrimination by not considering for discrimination? :)

      Delete
    14. සැකයේ වාසිය ඉන්දිකට දෙනව. අරූ කිව්ව වගේ ලිවිල්ලෙ පොඩි අවුලක් තියනව.

      Delete
    15. AnonymousNovember 11, 2014 at 7:26 AM තෑන්ක්ස් මචෝ!

      මාරයි කියන්නෙ, එතන මාතලන් කමෙන්ට් කරල නෑනෙ!

      Delete
    16. ඔව් මාතලන්, මං මැදපෙරදිග පැය කීපයකට වඩා ඉඳල නෑ. එනිසා ඔය ගැන තීන්දුවක් ගන්න මට බෑ.

      ඒත් බුදු අම්මෝ ලන්කාවෙ අයට ඉන්ග්‍රීසි මාර සංවේදී දෙයක් නේ. හිනාවුනොත් ගුටි ! මටනම් මං දන්නා සහ මං කැමති භාෂා දෙකෙන් එකක් පමණයි. මං මේ සංවාදයට ආවෙ ඉන්දිකගේ අදහස ගැන කතා කිරීමට වඩා ඉන්ග්‍රීසි ගැන ජෝක්ස් මේතරම් සෙන්සිටිව් වෙන එක ගැන ඔබලාගේ අදහස් දැනගන්න.
      එහෙම වෙන්නේ එයට හුදෙක් භාෂාවකට වඩා සමාජමය බලපෑමක්, යටි බලපෑමක් ඇති නිසා නේද?
      සිංහල වැරදුනොත් වැරැද්දට හිනා වුනා වෙනව, ඉන්ග්‍රීසිවලට එහෙම කලොත් ඒක පුද්ගලයෙකුට හිනාවීමක් වෙනව?
      කාට හරි මේක ගැන පෝස්ට් එකක් ලියන්න පුලුවන්- මාතලන්, කකාලොජිස්ට් සහ පිරිස?

      Delete
    17. මම කලින් ලියලා තියෙනවා ප්‍රා.. ඔබ වැනි උගත් කෙනෙකුටත්.. මෙය නූගත් කෙනෙකුන් මැඩවීමක් ලෙස නොපෙනීම ගැන් අතිශයින් කනගාටුවට පත් වෙනවා.. අපිත් හිනා වෙනවා.. ඒ අපි වගේ සම මට්ටමේ අයගේ දේවලට.. මේවා ඇවිල්ලා අර මීරීයබැද්දේ මැරුණේ දෙමළු නිසා ගානක් නෑ කියනවා වගේ දේවල්..

      ඔව් මෙතන මාර "සංවේදී" සමාජමය ගැටීමක් තියෙනවා.. ඒක දන්නේ මැද පෙරදිග සිටින හා සිටී මැදිහත් සිතින් බලන්න පුළුවන් කෙනෙකුට පමණයි.. මේ වගේ දෙයක් ගැන ලියපු වෙලාවේ මා හිතවත් හැලපෙත් සරම කරට ගන්නේ ඒකයි..

      Delete
    18. තවත් ඉතා අමිහිරි දෙයක් සිඳූවූවා ඒ ගැන කතා කරන්න කැමති නෑ. ඒක ඒ තරම් අප්පිරියයි..

      Delete
    19. මාතලන් ඔබට අප්‍රසන්න දෙයක් කියවුනානම් සමාවෙන්න.
      මැඩවීමක් නම් වැරදියි.

      ඇත්තෙන්ම මෙතන මගේ ඉන්ටරෙස්ට් එක තියෙන්නෙ භාෂාදෙක ගැන අපි හිතන දෙවිදිහ හා එයට හේතු. ඒය ගැන ඔබ ලියනවනම් මම කැමතියි.

      (ඒක නෙමෙයි, ඒ තරම් උගත්කමක් මට නෑ. ඇත්තටම මං නිලවශයෙන් උගත් දේ ( formal/professional/academic education) ගැන මගෙ ඉන්ටරෙස්ට් එක අල්පයි . මගෙ විවිධාකාර ඉන්ටරෙස්ට්ස් නිසා හුඟක් කියවනව එච්චරයි. ගොඩක් දේ ගැන් පොඩ්ඩ පොඩ්ඩ දන්නව . Little knowledge is dangerous කියනවනෙ. ඒක ඇත්ත, මට බැනුම් අහන්නවෙනව අඩුවෙන් දැනගෙන හැමදේම හොයන්න යාමෙන් :-DDDDD )

      Delete
    20. මාතලන්, තලියෙ කිඹුල්ලු දකින්නෙ මානසික අසහනයෙන් අසනීපෙන් ඉන්න මිනිස්සු. මෙතන උලව් මැඩවීමක් නෑ. අනික මෙතන අර කමෙන්ට් හිඟා කනව කියල පාච්චල් කරා වගේ, වැඩේට නැත්තත් ළමයින්ට කන්න කීයක් හරි දියන් කියල කෙනෙක්ගෙ ආත්මගරුත්වය පෑගුව වගේ මහා අපහාසයක් වෙලත් නෑ. ඒ නිසා ඔච්චර නටන්න දෙයක් නෑ.

      මන්දා නාලනී ඔබ කවදා වෛරයෙන් අත්මිදේදැයි කියල!

      Delete
    21. @ප්‍රා....මේවා ඔක්කොම බත් හැලිය ඉදෙනකම් විතරයි :D

      සිනහා වෙනු මැන වේදනා පිසදා...කියලා සෝමතිලක ජයමහත් කිව්වානේ :D

      Delete
    22. නාලිනී කියන්නෙ කවුද? මට නොතේරෙන දෙයක් තියනව වගේ අරූ මෙතන. වේදනා කොහොමවෙතත් අත පිසදාගෙන මාරුවුනොත් හොඳයි වගේ. Coming colours not good, I'm out of my depth here මට පොව්වන්නෙ නැති ගැඹුරු දිය. මං කොහොමත් ඩයිවර් කෙනෙක් නොව හුදෙක් ඩ්‍රයිවරයෙක් පමණි. Heh heh

      Delete
    23. ////වේදනා කොහොමවෙතත් අත පිසදාගෙන මාරුවුනොත් හොඳයි වගේ. Coming colours not good, I'm out of my depth here මට //////

      උඹත් හරි ආතල් පොරක් බං!!!!!!!!!!!!!!

      Delete
    24. අපි මේක මෙතනින් නවත්තමු නේ.. මොකෝ ඉන්දික නැවතත් කිසිම හරයක් නැති ගේමක් පැත්තට යන්නේ.. මාන්සික ලෙඩේ තියෙන්නේ කාටද කියලා ඒ ලිපියෙන්ම මනාව ඔප්පු උනා..

      Delete
  6. දෙබසට හිනාගියා. :D

    ReplyDelete
    Replies
    1. එච්චරයි වෙන්න ඕන. ස්තූතියි!

      Delete
  7. සිරාවට පව් බං.. ඩයිවින් කරන්න නං මම හැදුවේ හැන්රියට සෙට් කරන්න. එහේ ඉදගෙන පැඩි ලැයිසමත් ගන්න බැරියැ.. දැං ඉතිං මොකෑ කරන්නේ. අන්ඩර්වෝටර් වෙල්ඩින් කරන්න වෙන්නේ වාහනේ තෙල් ටැංකියේ තමා. හැක්.. බොට කියන්න අපේ අක්ක කෙනෙක් හිටියා. ගෑනි හැම චයිනීස් කියන වචනෙම කියන්නේ චීනස් කියලා. මම අද චීනස් එකෙන් රයිස් කෑවා.. ඔන්න ඔාහොම.. හැක්..ජය වේවා.. ලබන සතියේ හමු වෙමු..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම පව්. ඌ දැන් මෙහෙ ආව කොහොම හරි. ආතල් බුවෙක්, දුන්නොත් පුකත් වැල්ඩින් කරන සයිස්.

      Delete
    2. හැන්රියා කිව්වෙ අපේ හෙන්රි අයියද ?

      Delete
    3. නැතිව ඉතිං අපිට වෙන හැන්රිලා ඉන්නවැයි.. ඩැයිවින් පාරක් දාලා හෙමින් සීරුවේ සපාන් එකේ සපාරියකුත් ගහල එන්න බැරියැ.. හැක්

      Delete
  8. අපේ රටේ මිනිස්සු කොච්චරනම් අසරණද.

    ReplyDelete
    Replies
    1. ඩයිවින් හරි ඩ්‍රයිවින් හරි හොයාගෙන නොරටුන් මෙරටට එන්නෑනේ. අපේ ඉන්දියන් සාගරයේ %රි ඇටය ගැන කොච්චර ආඩම්බරද.

      Delete
    2. එහෙම කියන්නෙපා බන්, ඔය ඕන තරන් ඉන්දියන් කාරයො වෙළඳාමටයි, පක්කො දේශපාලන රැකවරණයි හොයන් එන්නෙ.

      Delete
  9. උච්චාරණ දෝෂ යක් නිසා ඇතිවුණ වැරදි වැටහීමක්...
    සමාර වෙලාවට අර ගෑල්ලමය ටිකක් රජරට හෝ දකුණ පැත්තට වෙන්න ඇති ඒ අයගෙ උච්චාරණය කෝමත් ඒ වගේ ගති ලක්ෂන දරණව ඒක දුර්වලතාවක් නෙවී හදන්න බැරි දෙයක්

    ReplyDelete
    Replies
    1. ඒ ළමයගෙ ගම රත්නපුරේ.

      Delete
    2. හුටා ඒනං මැණිකක් හිරවෙලා හිහි

      Delete
  10. මටත් එක පාරටම මීටර් උන්නෑ නොවැ මොකක්ද මේ කියන්නෙ කියල..

    ReplyDelete
    Replies
    1. විවෘත මනසින් බැලුවම එහෙම තමයි.

      Delete
  11. ඕක මොකක්ද බන් මම දන්නා ආයතනයක ඉහල නිලධාරිනියක් ඉන්නවා "සර් ශීට් එකේ නෑ" කියන

    ReplyDelete
    Replies
    1. මෙහෙ ඉන්න ග්‍රීක් උන් ඔයිට හපන්. උන් වඩ්ඩොන්ට කියන්නෙ "කාබෙන්ටර්".

      Delete
  12. බලන්න ඇලපිල්ලක වෙනසක මහිමය - ඩයිවින් Vs ඩැයිවින්.
    තවත් මේ වගේ වචන තියෙනවා!

    ReplyDelete
    Replies
    1. අනිව, අපේ වයසක ග්‍රීක් කාරයෙක් "ං" දාල ඕනෙ නැති තැනකට තව ටිකෙන් මහ අවුලක් වෙන්න ගිහින් නුලෙන් බේරුනෙ. ඒ කතාව ඊලඟට.

      Delete
  13. බඩ අල්ලාගෙන හිනා වෙන්න සිංහලේ එදිනෙදා විහිලු කතන්දර.

    මේ ලියන්නේ කාලයක් තිස්සේ දැකපු අහපු විහිලු කතන්දර කීපයක්. මේ වාගේ බොහෝමයක් කතා වයසත් එක්ක අමතක වෙලා ගිහිල්ලා. මතක තියන කීපයක් තමයී ලියන්නේ.

    කුඩු කාරයා

    නුගේගොඩ කිට්ටුව අලංකාර පන්සලක් තියනවා. ඔය කිට්ටුව මමත් හිටියා කාලෙකට උඩදි. හැම පෝයටම ලව්ස්පීකරේ පිරිත්. කටින පින්කම කාලේට හැමදාම පිරිත්. බොහොම සිංහල ගමක්. දවසක් ඔය ගමට කුඩු කාරයෙක් හොරකමේ ඇවිල්ල. දන්නවානේ උන්දෙලාගේ කතාව. වැලක රෙද්දක් දාලා තියන්න බැහැ හොරකම් කොරනවා. ලිදේ බාල්දිය බොලොක්කෙ එක්ක හොරකම් කොරනවා. ගමේ උන්දෙලා මේකව අල්ලාගෙන, ඇදගෙන ඇවිල්ල පාර ලගට. ගමේ පිරිමි සරන් ඇද ඇද දුවගෙන එනවා. එකෙක් නිදාගෙන හිටපු ඇදේ ඇද පොල්ලත් ගලෝගන ඇවිල්ල. සමහරුන් කකා හිටපු ගමන් අතේ ඉදුල්. කට්ටියම වටකරගෙන මේකට ගහනවා. පොලුවලින් ගහනවා. පයීන් ගහනවා. එකෙක් ඌගේ කෙස්සෙන් අල්ලාගෙන. කට්ටිය වට වෙච්ච තරමට සමහරුන්ට ගහන්න යන්න ඉඩ නැහැ. උඩින් අත දාල ඔලුවට ගහනව. ගෑනු, ලමයී අතේ එල්ලාගෙන පාරට ඇවිල්ලා කැ ගහනවා. ඕකට ගැහුව ඇති, දැන් ඕකා මැරෙයී. එකෙක් කියනවා. හොදවැඩේ කුඩුකාර හැත්ත. තව ගෑනියෙක් කියනවා. අන්තිමට ගුටි කෙලිය ඉවර වෙනකොට කුඩු කාරයා බාගෙට මැරිලා. ඇදුම් ඉරිලා. සිහිය නැහැ. ත්‍රීවීල් මල්ලි ත්‍රීවීල් එක කරකවගෙන ඇවිල්ල බිම වැටිලා උන්න එකා ඇදලා, පිටිපස්සෙ බිමට දාලා පොලෝසියට ගෙනිච්චා. වටවෙච්ච ගමේ කට්ටිය කුඩු කාරයාට කෙලපු හැටි ගැන කිය කියා හිනාවෙනවා. ඌට ගහනකොට ඌ බෙරිහන් දුන්නු හැටි කිය කියා හිනා වෙනවා. හිනා ගොඩයී.

    ඉතුරු හිනා කතා ටික මෙතැනින් කියවන්න.

    ReplyDelete
    Replies
    1. මේකට හිනා වෙනවද නැද්ද කියලයි මම කල්පනා කලේ..

      Delete
    2. ඇයි ඔය හිරේ ඉන්න සද්ගුණවත් අහිංසකයි ස්ත්‍රීදූෂක අපරාධකාරයන්ගෙ ඇට තලන්නෙ. හිනා වෙන්න දේද ලොක්ක මේ රටේ නැත්තෙ?

      Delete
    3. මේකෙ හිනා යන කෑල්ල තව ඉස්සරහද කොලුවො....

      Delete
  14. ඔය දෙකම දැනගෙන ඉන්න ඕන තැන තමයි ලංකාව. මොකට හොඳට වාහනේ එලෝගන ගිය පාරවල් හිටි හැටියෙම ජලාශ, ඇලවල් බවට පත්වෙනව වහින කාලෙට. ඒ වෙලාවට වාහනේ එලවන්න ඩ්‍රයිවින් වගේම ඩයිවිනුත් දැනගෙන ඉන්න එක වටිනව.

    ReplyDelete
  15. දැනට ටික කලකට ඉහතදී මට අහම්බෙන් අහන්න ලැබුනා මැදපෙරදිග රැකියා සඳහා (විශේෂයෙන් ගෘහ සේවිකා වැනි) ගිය ශ්‍රී ලාංකිකයන් (වැඩිපුරම කතාකළේ කාන්තාවෝ) වෙනුවෙන් අපේ රටේ එක්තරා ගුවන්විදුලි නාලිකාවක ප්‍රචාරය වුන සජීවී වැඩසටහනක්. ඒ වැඩසටහනට මැද පෙරදිග සිට කතාකල කාන්තාවන් බොහොම දෙනෙක්, කියපු දේවල් අහගෙන හිටියම, මට 'අනේ පව්' කියලා හිතුනේ, ඔවුන්ට, ලෝකය, ජාත්‍යන්තර සරල නීති, ආගමන විගමන නීති, ලංකාවේ සාමාන්‍ය පරිපාලන නීති, වැනි කිසිවක් පිළිබඳව සතුටුදායක අවබෝධයක් නැති හැටි නිරීක්ෂණය වූ විටදීයි.

    ReplyDelete
    Replies
    1. මැදපෙරදිග නෙමෙයි විචාරක ලංකාවෙ ඉන්න උගත් බුද්ධිමත් කියන මහ ගොඩක් උනුත් තමන්ගෙ අයිතීන් දැනගෙනයැ ඔය එක එක දේසපාලුවන්ටයි රාළහාමිලටයි වැඳ වැටෙන්නෙ?

      කොටිම්ම තමන්ගෙ සල්ලි ගෙවල යන බස් එකේ තම්න්ගෙ අයිතිය පාවිච්චි කරන්නෙ නැති මගියො ඉන්න රටනෙ.

      Delete
  16. ඔය තත්වය හරි කනගාටුදායකයි. ලංකාවේ කමට නොදන්න කෙනෙක්ගෙන් හරි උදව් ඉල්ලනවා. ඊට පස්සේ ඕවා නොයෙකුත් වැරදි දක්වා දුර දිග යනවා. හරි ලේසියෙන් අන්දන්න පුලුවන් කොටසක් තමයි ඔය කැටගරිය.

    බොක්කෙන් උදව්වක් කරන්න ගියත් අකුරක් වැරදිලා ගම කෑවනේ.

    ReplyDelete
    Replies
    1. අරූ, එහෙම ලේසියෙන් ඔය කැටගරියෙ අය උදව් ඉල්ලන්නෙ නෑ. ඉල්ලන ප්‍රධාන කොටස් දෙකක් ඉන්නව. එකක් තමයි ඉල්ලන්නෙ කාගෙන්ද කියන එක දැනගෙන උදව් ඉල්ලන එක. අනෙක් කොටස තමයි ඉල්ලන් කන්න බලාපොරොත්ත්වෙම්ම උදව් ඉල්ලන කට්ටිය. ඒ දෙවෙනි කොටසෙ අය ලංකාවෙ සිංහල මිනිහෙක්ගෙන් උදව් ඉල්ලනව ඉතාම අඩුයි. හේතුව තමයි අපේ උන් ණයට කන අය වීම.

      මේළමය මම වයිෆ් එක්ක කතාකල බව දැනගෙන, කරත්තෙ තිබ්බ ඩයපර්ස් පැකට් දැකල ඉන් පස්සෙයි මා එක්ක කතා කරේ.

      තව පොඩ්ඩෙන් උඹ කිව්ව වගේ "ඇදයක්" නිසා ලොකු කුදයක් හැදෙන්න තිබ්බ ( දැන් මේ කතාව බ්ලොග් එකේ දාලත් එහෙම එකක් තමයිමම කරගෙන තියෙන්නෙ බලත්දි )

      Delete
    2. /////ඒ දෙවෙනි කොටසෙ අය ලංකාවෙ සිංහල මිනිහෙක්ගෙන් උදව් ඉල්ලනව ඉතාම අඩුයි. හේතුව තමයි අපේ උන් ණයට කන අය වීම.//////

      මම ඔමාන් ඉන්න කාලේ අපි දන්න ටිකක් නොටෝරියස් ගෑණු කෙනෙක් හිටියා බංගලි, පකිස්තාන් එවුන් එක්ක තමයි ගමන. මම දවසක් කිව්වා ලැජ්ජ නැද්ද හලෝ මේ යක්කුත් එක්ක පාරවල්වල යන්න කියලා. "පිස්සුද අයියේ අපේ එවුන් *කලා ** ටිකවත් පිහිදලා යන්නේ නැහැ. මුන් එහෙම නෙමෙයි" කියලා කිව්වනේ බං. මට හිතුනා වහ පැණි රස ඇති කියලා.

      Delete
    3. ඕක ඉතිං මැදපෙරදිග විතරක් නෙමෙයි බොහෝ තැන් වලට පොදු කථා බහක් නේද...මට මැලේසියාවෙදි ලංකාවෙ තරුණියො මහ මගදි හමුවෙන්නෙ අඩුවෙන්...මොකද ඒ අය බහුතරය සෝනි වැනි විශාල කර්මාන්ත ශාලා වල සේවය කරන නිසා. නිවසක සේවය කරන වැඩිහිටි කාන්තාවන් තමයි ඉදලා හිටලා හමුවෙන්නෙ....ඒ අයත් ඔවැනිම තමයි...තමන් සේවය කරන තැන් වල අඩුපාඩු තවත් කෙනෙක් එක්ක කියද්දි බස් එකටම ඇහෙනවා.

      Delete
    4. // මට හිතුනා වහ පැණි රස ඇති කියලා.//

      අපේ උන් එක්ක ගියාම වහ නෙමෙයි ඊටත් එහා. කාලෙකට ඉස්සර අපේ ගෙදර උදව්වට ආව ලංකාවෙ ගෑණු කෙනා හිටියෙ බංගලියෙක් එක්ක. උන්දැ කලින් හිටපු ලංකාවෙ එකා ඒ ගෑණු කෙනාගෙ රත්තරන් බඩුයි ෆෝන් එකයි සේරම අරං නිවාඩු ගිහින් ගල් වෙලා. ඒ උනාට අර බංගලිය මෙයා නිවාඩු යත්දි රත්තරං උගෙ සල්ලිවලින් අරන් දෙනවලු.

      මෙහෙ ප්නල "ෆ්‍රී වීස" ඉන්න ගෑණු ඕව හොඳට දන්නව.

      සිරා, ඉතින් අවුලක් නෑනෙ, සිංහල තේරෙන්නෙ නෑනෙ අනික් උන්ට.

      Delete
  17. අපේ මේ කැන්ගරු රටට ආවහමත් ඔහොම වෙලා තියනවා අනන්තවත්. මෙහෙ එවුන් මගදි දැක්කහම අහන දෙයක් තමයි "how is going... ?" කියලා. ඕක උච්චාරණය වෙන්නේ "හ'ස් ගෝවිං?" කියලා. ගොවිං කෑල්ල නම් ඔන්න අල්ල ගත්තා... ඒත් "හ'ස්" එක ගොඩක් වෙලාවට ඇහෙන්නේම නෑ... ඉතින් අපි කියනවා "ගොයින් හෝම්, ගොයින් ටු ක්ලාස්" වගේ දේවල්....

    තව හොඳ වර්ෂන් එකක් තියනවා. සුද්දෙක් ඇහුවලු... "How are you going today?". ලංකාවේ එකා මල පැනලා කිව්වලු "I am not going to die" කියලා.

    මේකත් බලන්න

    ReplyDelete
    Replies
    1. Thisara sama venna.
      Oka "how is going... ?" neme..... " how is it going....? neda???

      Delete
    2. ඉන්දික එන්න, මෙන්න පැල් බැඳගෙන හිනා වෙන්න. තිසර ඉංග්‍රීසි වරද්දලෝ! හූ හූ හූ හූ හූ හූ

      Delete
    3. තිසර,

      මට අරාබියට ආ මුල් කාලෙ ලිවර්පූල් වලින් ආ ප්‍රොජෙක්ට් මැනේජරයෙක් එක්ක වැඩ කරන්න උනා. උන් කතා කරන ඉංග්‍රීසි වලට කිව්වෙ "ස්කෞෂ් (scouse accents) " කියල. බාගෙට භාගයක් තේරෙන්නෙ නෑ! හැබැයි ඒක ලොකු වටින අත්දැකීමක් වගේම පාඩමක් උනා පස්සෙ.

      ඔස්ට්‍රේලියන් කාරයො "ටුඩේ" කියන එක "ටු-ඩයි" කියල කීම ගැන ඉංග්‍රීසි කාරයො යාන්ස් එහෙමත් හදල තියෙනව නේද!

      ඇනෝ November 11, 2014 at 4:20 AM, හරි හිනා ගියා මෙයා.

      Delete
    4. උඩ ඇනෝ... මම දැන් දැක්කා ඕකේ හරි එකට it තියනව කියලා.. හැබැයි කතා කරනකොට නම් කට්ටිය කියන්නේ නෑ ඒක.. එහෙම නත්නම් මට ඇහිලා නෑ... how's කියලා තම සාමාන්‍යයෙන් දෙබසක් ලියනකොට උනත් කියන්නේ.. ඒ වුණාට වැරැද්ද පෙන්නලා දීම ගැන ස්තූතිය....

      Delete
    5. Indika,

      G'dai might, you're light ! ( Thisara, translate pl :-D )

      Delete
    6. සමහරවෙලාවට හිනා යන්නේ නැති අවස්තාත් තියෙනවා...

      මේක බලලා තියෙනවානේ....?

      Delete
    7. ප්‍රා, ඔය කියන්නෙ "ගුඩ් ඩේ මේට් යු ආර් ඕල් රයිට්" කියලද? ඒත් ඒක ගැලපෙන්නෙ නෑනෙ!

      බීටලේ, ඒවට තමයි කියන්නෙ "ඇඬෙනව" කියල.

      Delete
    8. Indika,

      Good day mate, you are late !!

      Delete
    9. (sama wanna sinhala akuru walin liya dakweemata nohaki uwata)

      Thisara mama me oba keewa uda ano :D

      api boho wita dakinne, danuwathwa ho nodanuwathwa karana lada waradak, thawkeku penwa dun wita eya pili nogena noyek tharka witharka karana eka. numuth Thisara, oba niyama mahatheku lesa warada pilibada soya bala pili aran thiyenawa.
      oba thula athi ema udara gunangaya agaya kirema sadaha thama mema komentuwa liyanne.

      Ow Thisara oba hari. apa jeewath wana mehi (Canada) bahu tharayakuth oya "IT" kotasa pavichchi karanne nahe. dadas gala kiyanakota oya "IT" eka ahenneth nadda manda. (ma athinuth oka kiyaveneth nadda manda. :)

      habay mehe inna Jamaican wage gorosu kata hadak thiyena Caribbean kalapaye udawiya nam oya "IT" eka etha pahadiliwa kiyanawa.

      Indika mahathagenuth itha karunikawa illa sitinawa, mge pera comment ekata yatin thiyena "mati ano" ge dwesha saha gatha mada comment // November 11, 2014 at 4:20 AM// eka athuru dahan karana lesata.

      Thisara nawathath obge NIRAHANKARA + MAHATHMA gunangayata menna mal mitak. obata jayen jaya !

      Delete
    10. @ ඉන්දික
      ඒ වගේ "ඇඬෙනවා" කියන්න පුළුවන් අත්දැකීමක් මටත් තියෙනවා...

      එක දවසක් අපේ ඔෆිස් එකේ හැමෝටම අලුතෙන් ෆර්නිචර් දුන්නා... ලන්ච් ගන්න වෙලාවෙදී එක ගෑනුකෙනෙක් කියනවා එයාගේ අලුත් ඔෆිස් චෙයාර් එක හරියට එජස් වෙන්නේ නෑලු... මම කිව්වා ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ සොෆ්ට්වේයාර් එක තියෙනවා ඒක ඩවුන්ලෝඩ් කරලා පුටුව යූඑස්බී කේබල් එකෙන් කනෙක්ට් කරලා වාඩි වුනාම ඔයාගේ බරේ හැටියට සොෆ්ට්වෙයාර් එකෙන්ම අර්ගොනොමික් විදියට එජස් කරලා දෙනවා කියලා... මෙන්න හවස මේ ගෑනුකෙනා පෙන් ඩ්‍රයිව් එකකුත් අරගෙන එනවා වෙබ්සයිට් එකේ සොෆ්ට්වෙයාර් එක හෙව්වා හම්බුනේ නෑ පොඩ්ඩක් ඩවුන්ලෝඩ් කරලා දෙන්න පුළුවන්ද කියලා..

      එදා යාලුවෙක් මට අවවාද කලා කෙනෙකුගේ නොදන්නාකම බයිට් එකට ගැනීම නරකයි කියලා... ඒ පාඩම මම හොදින්ම ඉගෙනගත්තා... අර බුද්ධි එකපාරක් කිව්වෙ සමහර විහිළු තියෙනවා කියලා හිනාගියාට පස්සේ ඇඬෙන... ඒ මේවගේ විහිළු වෙන්නැති...

      Delete
    11. ඇනෝ කෙනෙක්ගෙන් බරපතල ප්‍රශංසාවක්..... එච්චර වැඩිද මං දන්නේ නෑ...

      කොහොම හරි මට මේ කතාවත් ලියන්න හිතුණා. මාතලං කියන දේ එකතරා දුරකට විතරක් හරි. සුද්දෙක් මල්ට 'කල්ලා' කියලා කිව්වොත් මට කේන්ති යනවා. ඇයි ඒ?. මම කලුයි, ඉතින් මම ඌට සුද්දා කියනවා වගේ ඌ මට කල්ලා කිව්වහම මොකද? නමුත් අපිට රිදෙන්නේ එතන වෙන දෙයක් තියන නිසයි. ඒ අවුරුදු ගානක් තිස්සේ කලු හම නිසා මිනිස්සුන්ව පහත් කරපු ඉතිහාසයක් ඒ ආමන්ත්‍රණය තුල අඩංගු වෙන නිසා.

      කෙනෙක් ඉංග්‍රීසි වැරැද්දුවට හිනා වෙන එක වැරදියි කියලා කියන්නේ, භාශාවේ වැරදීමකට වඩා, ඉංග්‍රීසිය බැරි නිසා අන් අය පහත් කරලා විශේෂ වරප්‍රසාද ලබන පැලැන්තියක්, ඉංග්‍රීසි බැරි කම නිසාම සමාජයේ පහල ස්ථරයකට කෙනෙක්ව තල්ලු කරන්න පුලුවන් කාලයක් රටේ තිබ්බ නිසා තාමත් තියන නිසා. ඒ නිසා ඒ සිද්ධියට එතන සිද්ධ වෙන දේට වඩා වැඩි බරක් ලැබෙනවා.

      නමුත් යම් අවස්ථා වලදී මේක අදාල වෙන්නේ නෑ... කියන පුද්ගලයාගේ ස්වභාවය හැසිරීම... කල්ලෙක් කල්ලෙකුට කල්ලා කිව්වට අවුලක් නැහැනේ. ඒ වගේම කෙනෙකුගේ ඉතිහාසයේ එහෙම අන් අය පහත් කරන ගති ස්වභාවයක් නැත්නම් සැකයේ වාසිය දෙන්න වෙනවා. ඊළඟට, ලියපු කෙනා කියනවා නම් එයාට කිසිම විදිහකින් එහෙම අරමුණක් තිබ්බේ නෑ කියලා, ඒකත් අපිට පිළිගන්න වෙනවා, එහෙම නෙවෙයි කියලා පෙන්නන්න බැරිනම්. අනිත් එක මේ වගේ අවකාශයකදී, අර ඉතිහාසය විසින් පටවලා තියන අමතර බර අයින් කරලා දෙයක් ගැන කතා කරන්න තරම් විවෘත බවකුත් අපිට තියෙන්න ඕනේ... ඔය කාරණා ඔක්කොම සලකලා බැලුවහම මට නම් මේකේ අවුලක් නැහැ.

      Delete
    12. @බීට්ල්, සිරාවටම? එහෙම පුටු තියනවද? මරුනෙ බං.....

      Delete
    13. //ඉතිහාසය විසින් පටවලා තියන අමතර බර අයින් කරලා දෙයක් ගැන කතා කරන්න තරම් විවෘත බවකුත් අපිට තියෙන්න ඕනේ...//

      මට හැමදාම හිතෙන ඒත් කෙටියෙන් කියන්න දන්නෙ නැති දෙයක් තිසර ඉතා සංක්ශිප්තව, පැහදිලිව කියනව මෙතන. ස්තුතියි

      Delete
    14. AnonymousNovember 11, 2014 at 8:45 PMමිත්‍රය, මේ අවකාෂය සරසන්නෙ ඔබ වැනි මිණි+මිනිසුන්!

      කෙනෙකුට වැරැද්දක් සද්බවින් යුතුව පෙන්වා දීම, පෙන්වූ විට එය නිහතමානීව නිවැරදිකරගැනීම සහ එම නිවැරදිකරගැනීම අගය කිරීම, මේව හැමෝටම බැරි, හැමෝ ගාවම නැති උසස් ගතිගුණ. ඒ නිසා උඹල දෙන්නටම මගේ උපහාරය පිනිස මම මේ කමෙන්ට් එක කාටත් පහසුවෙන් කියවන්න ආයි ලිව්ව. ( අර කමෙන්ට් එක මකන ඉල්ලීම විතරක් කරන්නෙ නෑ, හේතුව කණක වඩා පැහැදිලිව දිලිසී පේන්නෙ පොට්ට කාසිත් තිබ්බම නිසා ) ජය!

      (සමා වන්න සිංහල අකුරු වලින් ලියා දැක්වීමට නොහැකි වූවාට )

      තිසර මම මෙ ඔබ කීව උඩ ඇනො :D

      අපි බොහො විට දකින්නෙ, දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන ලද වරදක්, තවකෙකු පෙන්වා දුන් විට එය පිලි නොගෙන නොයෙක් තර්ක විතර්ක කරන එක. නුමුත් තිසර, ඔබ නියම මහතෙකු ලෙස වරද පිලිබඳ සොයා බලා පිලි අරන් තියෙනව.
      ඔබ තුල අති එම උදාර ගුනාංගය අගය කිරීම සඳහා තමා මෙම කොමෙන්ටුව ලියන්නෙ.


      ඔව් තිසර ඔබ හරි. අප ජීවත් වන මෙහි (කැනඩාවෙ ) බහු තරයකුත් ඔය it" කොටස පාවිච්චි කරන්නෙ නැහැ. දඩස් ගාල කියනකොට ඔය "it" එක ඇහෙන්නෙත් නැද්ද මන්ද. (මා අතිනුත් ඕක කියවෙනෙත් නැඩ්ඩ මන්ද. :)

      හැබැයි මෙහෙ ඉන්න ජැමෙයිකන් වගෙ ගොරෝසු කට හඩක් තියෙන කැරිබියන් කලාපයෙ උදවිය නම් ඔය "it" එක ඉතා පැහැදිලිව කියනව.

      ඉන්දික මහතාගෙනුත් ඉතා කාරුනිකව ඉල්ලා සිටිනව, මගෙ පෙර කොමෙන්ට් එකට යටින් තියෙන "මැටි Ano" ගෙ ද්වේශ සහ ගත මඩ කමෙන්ට් //AnonymousNovember 11, 2014 at 4:20 AM// එක අතුරු දහන් කරන ලෙසට.

      තිසර නැවතත් ඔබ්ගෙ නිරහංකාර+මහත්මා ගුණාංගයට මෙන්න මල් මිටක්. ඔබට ජයෙන් ජය !

      Delete
    15. බීට,

      ඔහොම වැඩ වෙනව. සමහර වෙලාවට ඒව කරන්නෙ කැත හිතකින්ම නෙමෙයි, පොඩි විහිළුවක් විදිහට. ඒත් සමාන්‍ය දැණුම හෝ විහිළුව නෝතේරෙන සරණයො මුලා වෙලා අපිට "ඇඬෙන්න" රිටන් එක එනව!

      අනික තමයි, අපි සාමාන්‍යෙන් කරපු "හිනයන විහිළු" අමතක උනාට, ඔහොම "ඇඬෙන විහිළු" ලේසියෙන් අමතක වෙන්නෙ නෑ!

      ප්‍රා, තිසර ලොකු කතා කෙටියෙන් කියන්න අති දක්ෂයෙක්! ඒකනෙ "ඉන්දික = තිසර" කිව්වම මම සතුටෙන් හිටියෙ. පොඩි ගෞරවයක්ද?

      Delete
    16. @තිසර

      එහෙම පුටු නැතුව ඇති බන්...(සමහරවිට තියෙනවද දන්නෙත් නෑ).. කොහොමහරි අපිට දුන්න පුටු එහෙම ඒවා නෙමේ... මම බයිට් එකට කිව්වේ...

      Delete
    17. තිසර,

      උඹෙ සෙන්ස් ඔෆ් හ්‍යුමර් එක හොඳ නිසා මමත් සද්දෙ වහල ගියාට, බීටගෙ කමෙන්ට් එක දැක්කම යමක් කියන්න හිතුන.

      ඔය "අභ්‍යන්තර අළංකරනය" කියන සබ්ජෙක්ට් එකට සම්බන්ධ නිසා මම දන්නව, තාම එහෙම පුටුවක් හදල නෑ සහ හැදෙන්නෙත් නෑ. හේතුව උස වෙනස් වෙන්නෙ බර අනුව නෙමෙයි, පාවිච්චි කරන්නගෙ උස අනුව.

      හැබැයි, ඉඳ ගත්තු කෙනාගෙ අවශ්‍යතාවයන්, ඒ කියන්නෙ බර උස අනුව සීට් එකේ හැඩය, උස, උණුසුම වගේ දේ කලින් ප්‍රොග්‍රෑම් කරල තිබ්බම, අදාල අංකය එබුව ගමන් සීට් එජස්ට් වෙනව ඒ විදියට අලුත් ලක්ෂරි කාර් වල.

      ඊට අමතරව එක එක නිවැසියට, තමන්ගෙ අවශ්‍යතාව අනුව වතුර පහරෙ වේගය, උණුසුම සහ විදින තත්පර ගණන වගේම, සීට් එකේ උණුසුම වගේ දේ ප්‍රොග්‍රෑම් කරල පාවිච්චි කරන්න පුලුවන් ටොයිල්ට් සීට්ස් තියෙනව.

      Delete
    18. Bohoma sthuthi Indika comentuwa nawatha sinhelen akuru kalata. :)

      Postuwa ekke etharam durata nogiyata, ma wetha lada parana rasawath e-mailayak copy - paste kireemata awasara. (atham wita obalata meya meeta kalin dakinna labilath athi.... sorry a,,,)

      -----------------------------------------------------------------------------------------------------------

      ONLY THE ENGLISH COULD HAVE INVENTED THIS LANGUAGE

      We'll begin with a box, and the plural is boxes,
      But the plural of ox becomes oxen, not oxes.
      One fowl is a goose, but two are called geese,
      Yet the plural of moose should never be meese.
      You may find a lone mouse or a nest full of mice,
      Yet the plural of house is houses, not hice.

      If the plural of man is always called men,
      Then shouldn't the plural of pan be called pen?
      If I speak of my foot and show you my feet,
      And I give you a boot, would a pair be called beet?
      If one is a tooth and a whole set are teeth,
      Why shouldn't the plural of booth be called beeth?

      Then one may be that, and three would be those,
      Yet hat in the plural would never be hose,
      And the plural of cat is cats, not cose.
      We speak of a brother and also of brethren,
      But though we say mother, we never say methren.
      Then the masculine pronouns are he, his and him,
      But imagine the feminine: she, shis and shim!

      Let's face it - English is a crazy language.
      There is no egg in eggplant nor ham in hamburger;
      neither apple nor pine in pineapple.
      English muffins weren't invented in England.
      We take English for granted, but if we explore its paradoxes,
      we find that quicksand can work slowly, boxing rings are square,
      and a guinea pig is neither from Guinea nor is it a pig.

      And why is it that writers write but fingers don't fing,
      grocers don't groce and hammers don't ham?
      Doesn't it seem crazy that you can make amends but not one amend.
      If you have a bunch of odds and ends
      and get rid of all but one of them, what do you call it?

      If teachers taught, why didn't preachers praught?
      If a vegetarian eats vegetables, what does a humanitarian eat?
      Sometimes I think all the folks who grew up speaking English
      should be committed to an asylum for the verbally insane..

      In what other language do people recite at a play and play at a recital?
      We ship by truck but send cargo by ship.
      We have noses that run and feet that smell.
      We park in a driveway and drive in a parkway.
      And how can a slim chance and a fat chance be the same,
      while a wise man and a wise guy are opposites?

      You have to marvel at the unique lunacy of a language
      in which your house can burn up as it burns down,
      in which you fill in a form by filling it out, and in which an alarm goes
      off by going on.

      And, in closing, if Father is Pop, how come Mother's not Mop?

      AND IF PEOPLE FROM POLAND ARE CALLED POLES THEN PEOPLE FROM HOLLAND
      SHOULD BE HOLES AND THE GERMANS, GERMS.

      And lets not forget the Americans, who changed s to z, but that's another
      story............

      Delete
  18. දෙබස දැකලා යම් සිනහවක් පහල වූ බව නොකීවොත් බොරුවක්. ඒත් උඩ තියෙන අදහස් දැකල, මේක ලිව්වෙත් බයෙන්. ඇත්තටම අපි අතරෙ අධ්‍යාපන තල වල වෙනස්කම් තියෙනවා. ඉන්දික, අන්තිමේදි හරි ඒ ළමයට වචනවල වෙනස කියාදෙන්නට ඇතැයි විශ්වාස කරනවා. නොකලානම් අන්න වැරැද්ද.

    ReplyDelete
    Replies
    1. මධු,

      හැම කෙනෙකුටම ආත්මාභිමානය කියල එකක් තියෙනව. ඒ ළමයටත් එහෙමයි.ඒ හින්ද ඒ වෙලාවෙ අමුත්තෙක් විදිහට මට ඒක එයාට පැහැදිලි කරන්න බැහැ. නමුත් පස්සෙ දවසකදි ඔය වෙච්චි සිදිධිය එයාගෙ සැමියට" කිව්ව. ඌටත් හෙන හිනා.

      Delete
  19. එල ද බ්‍රා..
    මට නම් අපහසයක් පෙනෙන්න නෑ..විහිලුවක් විතරමයි...

    ReplyDelete
    Replies
    1. අපහාසයයි උපහාසයයි අතර වෙනස තුනී උනාට හැමෝටම පේන්නෙ නෑ!

      Delete
  20. මොන මගුලකටද නංගිගේ මහත්තයා කරන එක අහන්න ගියේ .....?
    අම්මපා අර මොකක්ද එක මොකක්ද එකටත් වඩා උසයි කියනවනේ...
    (මොකක්ද එක කිවුවේ අමතක නිසා ඔන්න..)

    ReplyDelete
    Replies
    1. රස්සාවක් හොයල දෙන්න පුලුවන්ද ඇහුවම කරන දේ නොඅහ පුලුවන්ද බන්?

      Delete
  21. කතාවට ලොකු හිනාවක් නම් ගියේ නැහැ.

    අර කාන්තාව ව විස්තර කරලා තිබ්බ විදියට අච්චර ට අසරණ කෙනෙක්ද කියල හිතෙනකොට පුදුම හිතෙනවා..

    මම ඉතින් ඔය මැදපෙරදිග රවුම් ගහල නැහැ නෙව...

    ReplyDelete
    Replies
    1. උඹට එහෙම දැනෙනවනං, ඒක මගේ ලියැවිල්ලෙ අසාර්ථක බව. මෙහෙ සාමාන්‍ය "ගෘහ සේවිකාවකට" ගෙවන්නෙ ඩිනාර් 60 ත් 80 ත් අතර. ඒ කෙල්ලට 120 ලැබෙනව ( ඩිනාර් එකක් රුපියල් 345 ). මෙහෙ ගෙදරක ගෘහසේවිකාවක් තනියම විසාල ෂොපින් මෝල් එහෙක දාල යන්න "පුදුම විශ්වාසයක්" තියෙන්න ඕන. සාමාන්‍යෙන් ඒ අයට බාහිර අය එක්ක කතා කරන්නවත් දෙන්නෙ නෑ. ඒ අතින් බලත්දි හොඳ වැටුපකට, හොඳ පවුලකට සේවය කරන හොඳ පෙඋණුමක් තිබ්බ ඒ කෙල්ල මටනම් අසරණයි කියල හිතුනෙම නෑ. නමුත් ඇයට තිබ්බ ප්‍රශ්ණෙ තමන්ගෙ සැමිය එහෙ තනියම දාල එන්න වීම විතරයි. ඒ ඇයි කියල මම පස්සෙ තේරුම් ගත්ත.

      Delete
  22. ඔන්න බොහොම ඉස්සර එක හාමුදුරු කෙනෙක්ගෙ ගිණුමෙ නම තිබ්බලු ‘තල්දූවේ රේවත‘ කියලා (ඉංග්‍රීසියෙන්) හරිය. ඉතිං අපේ පියන් මහත්තයෙක් මාසෙ අන්තිමේ ගිණුම් ප්‍රකාශන යවන කොට කවරෙ නම ලිව්වලු ‘ටී. රේවතා මිය‘ කියලා, පන්සලේ ඇඩ්රස් එක දාලා. හාමුදුරුවො වැඩ්ඩලු වැඩිල්ලක් වටරැක උන්නාන්සෙ ප්‍රාදේශීය සබාව වටේ වැඩ්ඩට වඩා හයියෙන්. ඇයි යකෝ, ලිංග විපරියාසෙයි, සිවුරු ඇරවිල්ලයි, ගෑනු නං දාලා පන්සලේ ඇඩ්රස් දැමිල්ලයි, චෝදනා කප්පරයි. බෝම අමාරුවෙන් තමා බේරගත්තේ සියලු වන්දනා මාන කරලා.
    මේක සීරියස් කේස් එකක් නෙමේ මගෙ හිතේ. වැරදීම් වෙනවා. හිනාත් යනවා. ඒ වැරදි හදා ගන්නවා. ඉන්න ඩිංගෙනෙ අප්පා මේ සේරම.

    ReplyDelete
    Replies
    1. "නෝනා හා මීගේ පිටුපස නරියා නටයි" කියල ලියපු කවරයක් ඉස්සර කන්තෝරුවකට ආවලු. බලත්දි "නෝනහාමිගෙ ගේ පිටුපස නවරියන්ටයි" කියලලු වෙන්න ඕනෙ.

      //වැරදීම් වෙනවා. හිනාත් යනවා. ඒ වැරදි හදා ගන්නවා. ඉන්න ඩිංගෙනෙ අප්පා මේ සේරම. // +++++++++

      Delete
  23. උඹට විතරක් නෙමෙයි කතාව කියවගෙන යද්දී මටත් හිතුනේ මේ ඇත්තටම ඩයිවින් සීන් එකක් කියලා....
    අනිත් එක නිකම්ම නිකං නෙමෙයි, පට්ට කෑල්ලක්නෙ.
    කවුද හිතන්නේ මෙහෙම සීන් එකක් වෙයි කියලා

    හැබැයි ඉතින් එයාගේ මනුස්සයව උඹට හම්බ උනේ කොහොමද කියන එකත් මේ එක්කම කිව්වනම් තමයි හොඳ.

    ReplyDelete
    Replies
    1. ලොකූ,

      ඒ කොල්ල මෙහෙ වැඩ දැන්. ඌ සිරා ආතල් බුවෙක්, ඒ කෙල්ල ඒකව එහෙ තිබ්බනං බීලම නැසෙනව!

      Delete
  24. කෝ මේකේ අන්තිම ටික .."පස්ස යට වැස්සට හෙවනට ඉන්න පුළුවන්, ඉස්සරහ කෝම්පිට්ටු දෙකක් වගේ පපුවකුයි" ඕක බලල නිකන්ම හිටියද?

    නංගි මම මගේ යාලුවගෙන් අහල ඔයාට පණිවිඩේ දෙන්නම්.මට ඔයාව කන්ටැක් කරගන්න විදියක් කියන්න.
    අහ්හ් අයියා 010102010
    හරි නංගි..මම බලල කියන්නම්
    දවස් 2කකට පස්සේ
    නංගි මම අර එදා ශෝපින්ග් මෝල එකේදී හම්බ උන අයියා..මම නංගියේ වැඩේ ගැන කතා කළා..
    අද හවස නංගි ෆ්‍රී ද??

    ReplyDelete
    Replies
    1. අඩේ වීරකෝන්, උඹද එතකොට අර ඒ කෙල්ලගෙ ගෙදර පූල් එක සුද්ද කරන්න එන ලංකාවෙ නාකි මනමාල ගොබිල? මට කිව්ව වයසක අංකල් කෙනෙක් එනවය, එයාගෙ එක්ක මං ගැන විස්තර කිව්වය කියල :P

      Delete
    2. 23 කියන්නේ නකිද බෝල...අස්සයා පදින ගමන් මොකක්ද කිඋව ඔවුවා මතක තියාගන්න මට වෙන වැඩ නෑ නොවෑ

      Delete
  25. අමු මිරිස් සල්ලි පිල්ලි ගියාද

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails