Monday, October 6, 2014

පෙරේතයාගේ ගල් ගැසීම..!!

"එවං මෙ සුතන්‌ති ආටානාටියසුත්‌තං. තත්‍රායමපුබ්‌බපදවණ්‌ණනා – චතුද්‌දිසං රක්‌ඛං ඨපෙත්‌වාති අසුරසෙනාය නිවාරණත්‌ථං සක්‌කස්‌ස දෙවානමින්‌දස්‌ස චතූසු දිසාසු ආරක්‌ඛං ඨපෙත්‌වා. ගුම්‌බං

ඨපෙත්‌වාති බලගුම්‌බං ඨපෙත්‌වා. ඔවරණං ඨපෙත්‌වාති චතූසු දිසාසු ආරක්‌ඛකෙ ඨපෙත්‌වා. එවං සක්‌කස්‌ස දෙවානමින්‌දස්‌ස ආරක්‌ඛං සුසංවිහිතං කත්‌වා ආටානාටනගරෙ නිසින්‌නා සත්‌ත බුද්‌ධෙ

ආරබ්‌භ ඉමං පරිත්‌තං බන්‌ධිත්‌වා ‘‘යෙ සත්‌ථු ධම්‌මආණං අම්‌හාකඤ්‌ච රාජආණං න සුණන්‌ති, තෙසං ඉදඤ්‌චිදඤ්‌ච කරිස්‌සාමා’’ති සාවනං කත්‌වා අත්‌තනොපි චතූසු දිසාසු මහතියා ච

යක්‌ඛසෙනායාතිආදීහි චතූහි සෙනාහි ආරක්‌ඛං සංවිදහිත්‌වා අභික්‌කන්‌තාය රත්‌තියා…පෙ.… එකමන්‌තං නිසීදිංසු"

..දඩස්.....ඩහ්..ඩක්....ඩක. ඩකස්..ඩක්...

උස් හඬින් නැඟී ආ ආටානාටිය පිරිත එක්වරම නතරවිය.

එතෙක් සාලයේ බිත්ති වලට පිටදී සත්‍යාවබෝධය ලබමින් සිටි වියපත් කිහිපදෙනෙකුන් නින්දෙන් ඇහැරවීමටද, කුස්සියේ සිට සාලය තෙක් එමින් සිටි ගාමිණිගේ බිරින්දෑ සිටි තැනම ගල් කිරීමටද, මන්ඩපය දොරකඩ සිටි ගාමිණීගේ ඇස් තම කන්නාඩි කොටු වලින් එලියට පැන්නවීමටද පමණක් නොව, කුස්සියේ දෙකට නැමී පොල් ගෑ ගැහැනුන්ගෙ කොඳු කෙලින් කිරීමටත්, පාන් වල බටර් තවරමින් සිටි ඊයෙ පෙරේදා මල්වර වූ ළමිස්සියකගේ ඇස් වලින් ගලා ගිය ප්‍රේමාරාධානාව වෙනුවට බිය පිරැවීමටත්, ඇගේ දෑසේ කාන්තියෙන් මත්ව, සැමන් ටින් එකක් මත කටර් එක තබාගෙන භාවනා කල ගැටයාගේ ඇඟිල්ල කැපී යාමටත්, ඒ වනතෙක් නද දුන් අවට සියල්ලක් නිහඬ කරමින් කිසිවෙකුට නෑසුනු බිත්ති ඔරලෝසුවේ ටික් ටික් හඬ සියල්ලන්ටම ඇසෙන්ට සලස්වන්නටත් අනාරාධනයෙන් වහල මතට පිනූ ඒ ගල් කැටයට හැකිවිය.

"අන්න අන්න ..අපේ හාමුදුරුවනේ......ඕක තමයි මම කලිනුත් කිව්වෙ.."

ගාමිණිගේ හඬ හාමුදුරුවන්ට ඇසුනේ නැත. ඇසෙන්නට එය උගුරෙන් එලියට පිටවූයේ නැත.

මහා ජාමේ දාඩිය දැමූ තම මුඩුහිස අතගෑ හාමුදුරුවන්ගේ ශාන්ත හඬ, මන්ඩපයෙන් පිටතට වඩින්නට විය.

"ගාමිණී මහත්තයො..."

හෝරාවක් වැනි තත්පර කිහිපයකට පසු ඔරලෝසුවේ ටික් ටික් හඬ පරයා හඬක් නැගිනි..

"ආටානාටිය පිරිතට අමනුෂ්‍ය බලවේග කලබල වෙනව.. මම කිව්වනෙ...ඔය ඇත්තො ඔහොමම ඉන්න තැන් වල ඉන්න...මේ පිරිතත් එක්කම ඔය කරදර නැතිවෙලා යාවි.."

හාමුදුරුවන්ගේ ශාන්ත හඬ ගාමිණීගේ සිත අස්වැසීය. මහල්ලන් යලි බිත්තිවලට පිට දුන් අතර..කුස්සියේ සෙල්පිළිමවලට පන ඇවිත්, එතෙක් දෑත්වල වූ කාර්‍යබහුලත්වය කටවල් වලට මාරුවිය.

"ඉතිං බලන්නකො..පිරිත් දවසෙත් ගල් ගහනව කියනෙ..මහ දරුණු පෙරේත බැල්මක්..හරියටම ආටානාටිය කියනකොටමනෙ පටන්ගත්තෙ.."

"මගෙ පපුව ගැහෙනව තාම..." ලමිස්සිය අසලට පැමිණි කාන්තාවක් සිය අතෙහි වූ පොල්බෑය මේසය මත තබමින් කීවාය

ඇයි මගෙත්..ළමිස්සිය නොකීවාට, දෑසෙ ලියැවී තිබුනි.

"අනේ දුවේ එහෙනං ඕක ඉවරකරල ඔය අය්යත් එක්ක පොඩ්ඩක් අපේ ගෙදරට දුවල එමුද..අරෙහෙ අපේ පොඩි උන් දෙන්න තනියම නිදිනෙ.."බිය පහව ප්‍රේමය ඒ සිත්වලට යන්තම් නැවත පිවිසුනේ, ඒ අනපේක්ෂිත ආරාධනයත් සමඟිනි


------

ගාමිණිගේ නිවස ඇත්තේ ගමක ගොඩේ නොව කොළඹ මායිමේ ගල්කිස්සේය. නිවසේ සිට කොළඹ කොටුවටම දුර හැතැප්ම අටක් නැත.

පිරිවෙන පාරේ, වැදගත් අසල්වැසියන් මැද, නාගරික පරිසරයක අඩුවට ලැබුනු අගනා ඉඩමේ බැංකු ණයක් ගෙන අලුත සැදූ දෙමහල් නිවසේ, ඉහල මාලයේ වැඩ නිමවී කෙටිකලකින්ම කරදරය ඇරඹින.

ඉඳහිට සවසට වහලට කුඩා ගලක් දෙකක් වැටුනු හඬක් මුලින් ආමුත්, එය නොසලකා හැරීමට බැරි වූයේ දිනපතාම සවස් වන විට ගල් එක දෙක වහලට වැටෙන්නට පටන්ගැනීමත් සමඟය.

අසල්වැසි නිවසවල වෙසෙන්නන් ගැන සිතනවිට, මෙය කිසිසේත්ම ඊර්ෂ්‍යාවට මනුස්ස අතකින් කෙරෙන්නට ඉඩක් නැත. උගත් වෘත්තිකයන්, ධනවත් ව්‍යාපාරිකයන් වැනි තමන්ගේ පාඩුවේ සිටින්නන් අතරේ තම වහලට ගල් ගසන්නෙකු?

එය සිදුවිය නොහැකි දෙයක් මෙන් පෙනෙන නිසා, වැඩි කතාවකින් තොරවම අමනුෂ්‍ය බලවේගයක් වෙතට ඇඟිල්ල දිගුවිය.එයට අනෙක් ප්‍රභල හේතු වූයේ නව නිවසේ පදිංචියට පැමිණි ගාමිණීගේ මහලු පියාය.

ඉතා තදින් මෙවැනි දේ විශ්වාස කරන ඔහු, තම පුතා සිටි ඉඩම කට්ටි කරන්නට පෙර එහි තිබී බිම හෙලනු ලැබූ විසාල නිවසේ සිටි අයෙකු විසින් මෙම කරදරය කරන බවට දැඩිව විස්වාස කලා පමණක් නොව, එය තම පුතා සහ ලේලියටද ඒත්තු ගන්නවන්නට සමත් විය.

මේ අමනුෂ්‍ය කරදරයට පළමු ප්‍රතිකර්මය ලෙස, සිය ගමෙන්, මාතරින් කට්ටඩියෙකු කැඳවාගෙන ආවේද පියාගේ මූලිකත්වයෙනි.

මහරෑ, මල් බුලත් තටු සාදා,  බෙර නැතිව පහන් දල්වා, ජාමයක් වනතුරු මහා ආරස්සාවක් කල යකැදුරා සිය ගෝලයාත් සමග පසුදා පිටව ගියෙ යලිත් ගල් නොවදින ලෙස තමන් ටක්කෙටම වැඩේ කල බවට පූචානම් කියමින් පමනක් නොව රුපියල්ම හාරදාහකටද තට්ටු කරමින්ය.

දිනක් දෙකක් යනවිට කට්ටඩියා පූචානම් කාරයකු නොවෙන බව සියල්ලන්ටම වැටහුනි. සැබෑවටම දෝෂය නැවතී ඇත.

පසුගිය දින කිහිපයේ ගල් නොවැටීම නිවසේ අයට මහත් සහනයක් සමග සැනැසිලිදායක නින්දක්ද ගෙනැවිත් තිබිනි.

එතෙක්, අමනුෂ්‍ය බලවේග ගැන යම් කුකුසක් තිබූ ගාමිණීද සිය පියාගේ වදන් පිළිගන්නා තත්වයටත්, තමාට වඩා පියාගේ දැණුමෙහි සහ දැක්මෙහි ඇති පුළුල් බව අවබෝධ කරගනිමින්ද සිටියහ.

මසක් පමණ ගතවුනි. සියල්ල හොඳින් සිදුවූ අතර, කරදරය සැමට අමතක වෙමින් තිබුනි.

----------------

එය වසරාවසානය වූ අතර ගාමිණීට සිය නත්තල් දින රෑ කෑමකට පවුල සමඟින්ම මොරටුවේ මිතුරෙකුගේ  පිහිටි නිවසකට ආරාධානා ලැබිනි.

සාදය අවසන්, මඳක් හවස් වී ගොම්මනත් සමගින් නිවසට පැමිණි ගාමිණී, පාවහන් පිටින්ම සාලයේ සෙටියකට ඇදවැටුනේ, දහවල් ගත් විස්කි වීදුරුවල බලය තැපෑලෙන් එමින් තිබූ බැවිනි.

රෑටත් ඇතිවෙන තරමට ගිල දමා පැමිණි අනෙක් සාමාජිකයන්ද තම තමන්ගේ මුළු වලට වැදුනේ කෑමෙහි බර ඇඳ, පුටු වෙත පවරමිනි.

ඩහ්....දඩ..දඩස්..දඩස්...දඩස්..

ගාමිණී නැගිට්ටා නොව උඩ ගොස් බිම වැටුනේ වෙරි සිඳුන දෙපා මත සෘජුව සිටගනිමිනි.

ගල වහලයට නොව සිය හිස මත වැටුනු බව් ඔහුට පසක් වූයේ එම ගල් කැටයේ හඬ පසු පස ආ සිය පියාගේ බොරළු වැස්සත් සමඟමය.

"තොපි මේ ආගංකාරයන්ගෙ ගෙවල්වල ගිහින් බීල බීල ඌරු මස් ගිලල මේ ආරක්සවක් කරපු ගෙට එනකොටම මට හිතුන මහ නස්පැත්තියක් තමයි කියල.."

පියාගේ වචන වලට ඉඩදී ගාමිණීගේ වෙරි මත පලා යන්නට විය.

සිය පියාගේ ගෝරනාඩුව මැදම නානකාමටරයට රිංගා, බිරිඳ ගෙන දුන් කහ දියරෙන්ද පිරිස්දුව එළියට පැමිණි ගාමිනී, යකැදුරා දුන් සුවඳ දූපය දුම් කබලකට දමා පියා සමග මිදුල වටේත් ගෙයි අහුමුලුවලත් ගෙන යනවිට, ගාමිණීගෙ කුඩා පුතු පමණක් කැස්ස නවතා ගන්නට මිදුලට බැස විනෝද වෙමින් සිටියේය.

මහරෑ වනයක අතරමංව, කොයිවෙලාවේ වන මෘගයකුගේ ආක්‍රමණයක් ඇතිවෙදැයි සැකයෙන්, තම හඬ සතුරන් කැඳවීමක් යැයි නිහඬව සිටිනා බියපත් කුඩා පවුලක් එදින කොළඹ ආසන්නයේ ජනාකීර්ණ ගල්කිස්සේ නිවෙසක වූහ.

නැඟ ආ හිරු සමගම ගෙනා ආ සහනය එම නිවසේ බතක් උයන්නට තත්වයක් ඇති කර තිබුනි. දුරකතනයෙන් ඇමතිය නොහැකි යකදුරා සොයා, යන්තම් බත් කටක් දෙකක් බඩට දා ගත් ගාමිණී පිටවූයේ, සවසට පෙර යම් විසඳුමක් සොයාගැනීමේ අටියෙනි.

මිනිසුන්ට කරදර එන විට එන්නේ එක පිටටයැයි කියති. සිය නිවසේ ආරක්ෂාව කල යකැදුරා බස් රථයකින් වැටී එක්තැන්ව ඔත්පලව ඇති ආරංචියත්, තවත් බිය පිරුණු රැයකුත් ගාමිණීත් සමඟම ගෙට වැදුනේ එකටම වගේය.

වාසනාවකට හෝ අවාසනාවකට ඒ රාත්‍රිය වැසි සහිත එකක් විය. එක්කෝ ගල් නොවැදිනි, නැත්නම් කිසිවෙකුට ඒ හඬ නෑසිනි.

මෙතෙක් වට ගල් විසින් හිල් කල වහලයෙන් ගලා ආ දිය පහරවල් සාලයේ මවන රටා බලන්නට නොසිටම සියල්ලෝ නිදි ගත්හ.

"දැං ඉතින් කරන්න දෙයක් නෑ, අපි ගිහින් පිරිවෙනේ ලොකු හාමුදුරුවොත් වත් හම්බුවෙමු"

පියාගේ හඬ කලකට පසු බිඳී තිබුනි. එහෙත් විධානයක් නොවූ ඒ අදහස හැර වෙනත් දෙයක් නොමැති බව සියල්ලන්ගේම පොදු, නිහඬ අදහස විය.

-------

"ජයසිංහ මහත්තයො, ඔය පැරණි ඉඩකඩවල ගේ දොර අලුතෙන් හදාපුවම, පුළුවන් තරංඉක්මනට පිරිතක් කියල, දානයක් දීල මළගිය පරානකාරයන්ට පින් පෙත් පමුනුවන්න ඕනෙ

කොහෙද, අපේ මහත්තුරු සේරටම කලින් කරන්නෙ, පුලුටු එක්ක මහ පාටි දාන එකනෙව."

ඔය වගේ කාරණා කාරනා කීපයක්ම මේ අවට සිද්ධ උනා

මම හෙට උදේම එන්නං පිරිත් ටිකක් කියල යන්න. අපි පුලුවන් තරං ඉක්මනට, සර්ව්‍රාත්‍රික පිරිත් දේශනාවක් කරල, දානයක් දීල, පින් ඉල්ලන ඇත්තොන්ට ඒ රාජකාරි කොරල ඉමු, එතකොට කාට කාටත් නිදහසේ තම තමන්ගෙ රාජකාරි කොරගෙන යන්න ඇහැකි"

ගමේ කොලු ගැටවුන් ඉබ්බා නමින් හඳුන්වන, විපුලසාර ලොකු හාමුදුරුවන්ගේ දෙවැනියා නොහොත්, ධම්මදින්න පණ්ඩිතහාමුදුරුවන්ගෙ වචන, ගාමිණීගේ පියාට සැනසීමක් ගෙන ආ මුත්, ගාමිනීටනම් තවත් බරක් දුන් සෙයකි.

මේ ඉලව් පෙරේත ගලක් නිසා ආරස්සාවලටම විසාල මුදලක් ගොස් අවසනය. වහලේ සීට් දෙකතුනක් මාරු කල යුතුය. ඊට අමතරව දැන් පිරිතකි!

තවත් තිස් හතලිස් දාහක් සොයා ගන්නේ කෙසේදැයි ගාමිණීට සිතෙනවිට, ගල් ගහන එකා මොන මල යකා උනත් මරාගෙන කෑ හැකි තරමට කේන්තියක්ද ඔහුගේ සිත පුරා පිරී තිබුනි.

බැංකුවටද ණය වී, ලක්ෂ ගණනක් වැය කර තැනූ නිවස නිසා මිස නැතිනම්, මෙලහකටත් තමන් මෙම බඩකඩුත්තුව අතැර ගොස් බව ඔහු දිනක් දෙකක්ම බිරිඳට කියා තිබුනි. එල්ලෙන්ට වෙනත් වැල් නැති නිසා කෙසේ හෝ මෙය මෙතැනදීම විසඳා ගත යුතුව ඇත.

පොරොන්දු වූ ලෙසම පසුදින උදෑසන ධම්මදින්න හාමුදුරුවන් පැමිණ, පිරිත් කියා, ගිළන්පස වීදුරුවකද වළඳා පිටව ගිය පසු, සියල්ලන්ටම යම් සහනයක් දැණුනි.

පිරිත සති තුනකට පසු එළඹෙන සෙනසුරාදාවකට යොදාගත් අතර, එතෙක් සෑම සෙනසුරාදාවකම පැමිණ පිරිත් කීමට හාමුදුරුවන් පොරොන්දු විය.

බුදු ගුණ අනන්තය, බුදුගුණෙහි බලය ඊටත් අනන්තය.! සති තුනක් තිස්සෙ, එනම් පිරිත් පිංකම දින තෙක්ම කිසි හැල හොල්මනක් නැත. සියල්ල නිහඬවී පවුලේ සැහැල්ලුව පමනක් නද දෙමින් තිබුනි.

එහෙත්, එතෙක් තිබූ නිහඬ බව බිඳිමින් පිරිත් පිංකම දින මහ රෑ, ආටානාටිය පළමු කොටසේදී යලිත් අමුන්ශ්‍යයින් පැමිණ ඇත.

ධම්මදින්න හාමුදුරුවන්ගේ පැහැදිලි හඬ සියල්ලන්ම සන්සුන් කල අතර, පිරිතත් දානමය පිංකමත් සාර්ථකවත් අවසන් විය.

"මහත්තයලට දැං ඉතින් භයවෙන්නට හේතුවක් ඇතෙයි කියල මම හිතන්නෙ නෑ. කොහොම උනත්, මොනාම හරි වෙනසක් උනොත් ඇවිත් කියන්නකො" යැයි ධම්මදින්න හිමි පැවසූවද සති දෙක තුනක් ගොසිනුත්, උන් වහන්සේ හමුවීමට යාමට තරම් ගැටලුවක් නොවිනි.


....

මිස්ට, මට පොඩි වැදගත් කාරනාවකට, පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද

සවස තම වාහනය සෝදමින් සිටි නිමල් අය්යා, වතුර බාල්දියටම රෙදි කෑල්ල දමා, සරම වළාපට පහතට දමමින් සිය තඩි බඩ කෙලින් කරනා අතරම අතකින් එය වසා ගනිමින්මින්ම "ඔව්...මොකද්ද වෙන්න ඕන" විමැසීය.

"මට පොඩි කතාවක් තියෙනව, මෙතන ඉඳන් කියන්න අමාරුයි "

අමුත්තාගේ පෙණුම, ඔහුට ගේට්ටුව විවර කරන්නට බාධාවක් නැති බැවි කියා පෑය.

"මිස්ට...? "

"මම නිමල්...එන්න ඇතුලට"

ඉස්තෝප්පුවේ වේවැල් පුටු දෙකක් කිරි කිරි ගා වේනාවෙන් හඬ දීම මේ දෙදෙනාගේ බර දරාගති.

නිමල් දෙසට මඳක් නැවී, රහස් හඬින් නොවූවත් පහත් හඬින්, අමුත්තා සිය සතරකන් මන්ත්‍රණය ඇරඹීය.

ඕ මයි ගෝඩ්..නෑ...වැනි වචන එලියට පනින්ත්දී නිමල්ගෙ මුහුණට රිදීදෝ, තොල් කලුවෙමින් ඇස් උඩයන්නට විය.

ඉතින් කොහොමද ඕක ඔප්පු කරන්නෙ?

ලැජ්ජාවට වඩා නිමල්ගේ හන්ඩේ එවර තිබුනේ කෝපයකි.

මිස්ට නිමල් කලබල නොවී, එයාට එන්න කියන්නකො.

"ඉන්දික...!!!"

අකුණක් පුපුරන්නක් වැනි හඬ නිසා, මුලින් ඉස්තෝප්පුවට ආවේ නිමල්ගෙ නැන්දණියයි. ඇය පසුපස සිය සැමියාගේ හඬ නිසා කලබලයට පත් නිමල්ගේ බිරිඳද, ඇගේ නෙරා ආ කුසට  මුවා වූ වයස 7 පමණ කෙසඟ කොලුගැටයෙක්ද විය.

අමුත්තාගේ මුහුනෙහි සරදම් සිනා ඉරක් ඇඳිනි. ඔහු සෙමෙන් නැගී සිටියේය.

ඒ මොහොතේ ඉස්තෝප්පුව සන්දර්ෂණය එළබෙන තෙක් ඇසිපිය නොහෙලා බලා සිටින මැජික් කරුවෙකුගේ කුඩා ප්‍රෙක්ෂකාගාරයක් මෙනි.

සිය සාක්කුවෙන් ගත් කුඩා යමක් ඔහු මුලින්ම පිරිස්ට පෙන්වන්නට විය.

නිහඬ බව බිඳිමින් හඬ අවදිවිය..

"මේක මට හම්බු උනේ පිරිතෙන් පස්සෙ වහලෙ ෂීට් මාරු කරන්න නැගපු බාසුන්නැහෙගෙන්. වෙච්චි දේ දැනගෙන හිටපු බාස් තමයි කිව්වෙ,මහත්තයො මේක මහ පුදුමයක් , යක්කු කවද්ද ටයිල් කෑලි වලින් ගැහැව්වෙ කියල"

"බාසුන්නැහෙ කිව්වත් එක්කම මගේ හිතේ තිබ්බ සැකේ ආයි ආව. මම කිසි කෙනෙකුට නොකිය, හ්මීට හෙව්ව මේ වගේ ටයිල් කැට අල්ලපු ගෙයක් තියෙනවද කියල"

" මගෙ යාළුවෙක්ට මේක ඔෆිස් එකේදි පෙන්නුවම මිනිහ කිව්වෙ, මේ මචං අර වොක්ෂෝල් ස්ට්‍රීට් එකේ රක්ෂනේ හෙඩ් ඔෆිස් එකේ එලියෙ තීන මොසැයික්ස් නෙ. මේව කොහෙන්ද බං භූතයොන්ට කියල."

"ඉන් පස්සෙ මම මේක පෙන්නුව මෙහෙ තැපැල් පියුන්ට. මිනිහ තමයි කිව්වෙ, අර මුණසිංහ මහත්තයලගෙ ගෙදර ඔයවගේ ජාතියක් තමයි අල්ලල තියෙන්නෙ කියල."

අමුත්තාගේ දෙශණය වෙනත් බසකින් මෙනි. සියල්ලෝ කටවල් වලින් බලාගෙන ඇස්වලින් අසා සිටිති!

"අපේ ගෙදර අල්ලල තිබ්බට, ඔය වගේ කැට ටිකක් අර ඉස්සර බැරල් එහෙක තීන්නෙ, ඕන කෙනෙක්ට ගන්න බැරිකමක් නෑනෙ..."නිමල්ගෙ හඬ සැර නැතත්, එහි තම නම්බුව රැක ගැණීමේ උවමනාව තිබුනි.

"මිස්ට නිමල් කියන එක හරි වෙන්න පුලුවන්, ඒත් මෙන්න මේක බලන්නකො"

මැජික්කාර අමුත්තා තම සාක්කුවෙන් තවත් බෝලයක් වැනි දෙයක් ගති. සිය සෝවුරියගේ බඩගෙඩිය අයිනේ සිට බලා සිටින පොඩ්ඩා වෙත ආ මැජික් කරු, තම අතේ තිබූ කුඩා බෝලය ඔහුගේ මුවට ලං කලේය..

"පුතා ඊ කියන්න.."

කොල්ලා ඊ කිව්වා නොව කියවුනේ සිදුවී ඇති දෙය ඌට ඉතා හොඳින් පැහැදිලි වී ඇති මොහොතක තවත් සෙල්ලම් දාන්නට බැරි බව තේරුනු බැවින් ඇතිවූ භයටද, උනේ කුමක්දැයි සිතාගත නොහැකිවීමේ අන්දමන්ද වීමෙන්දැයි කිසිවෙකුට සිතා ගත නොහැකි විය.

තම අත්හි වූ කුඩා බෝලය, කොළු ගැටයාගෙ මුවට ලං කෙරෙනි. යන්තම් දත් ගැසූ පේර ගැටය, පොඩි එකාගෙ පොල් දත් දෙකට හරියටම ගැලපුනේ අච්චුවකින් කැපුවාක්මෙනි.

ඊලඟ මොහොතේ, තමන් යන්ත්‍රකින් මෙන් ඉහලට එසවී, පාවී ගොස් බිත්තියක වැදුනු බව සහ, අවට සියල්ල කළු අඳුරුක ගිලී ගිය බව පොඩි එකාට දැණුනි.

අක්කාගෙ සහ අම්මාගේ හැඬුම් සහ කෑ ගෑසීම් මැද දියෙන් තෙත්වූ මුහුණින් යුත් පොඩි එකා සාලයේ සෝෆාව මත සිහි එළවගනිත්දී, අමුත්තා තම පැමිණිල්ල ලියා තබා, වැදගත් මහතෙකු මෙන් නිහඬවම පිටව ගොස් තිබුනි.

----

කුඩා දරුවාට තම හිසෙහි වූ ගෙඩියත්, අම්මාගෙන් ලද වේවැල් පහරවලටත් වඩා වේදනා දෙන්නට වූ යමක් විය.
එනම් පහේ ශිශ්‍යත්වයෙන් සමත්ව කොළඹ පාසැලකට යනතුරු සිය නිවසේ සිටි බින්දු අය්යාට මෙන් නොව කොතරම් ට්‍රයි කරත් තමාට ඒ වහලට උඩින් යන්නට කුඩා මොසැයික් කැටයක් වීසි කරන්නට නොහැකි වූ තරහට අතේ තුබූ පේර ගැටයෙන් දමා ගැසූයේයැයි කී කතාව, එය අඩුගානේ තමන්ගේ හොඳම යහළුවා වූ පොඩි අක්කාවත් පිළි නොගැනීමයි.

- මෙහි නම් ගම් සියල්ල සත්‍යය. කතාව, පොඩි එකා තම සත්‍ය අත්දැකීම අනුසාරයෙන් ගොතන ලද්දකි.



141 comments:

  1. පොඩිඑකා සිංහයාද?

    ReplyDelete
    Replies
    1. අයිත් අහල. රත්මලානෙ සිංහයා.

      Delete
  2. අයියන්ඩි කියන්ක දෙයක් නෑ එල ද බ්‍රා..අන්තිම වෙනකන් හිතාගන්න බැරැවුනා

    ReplyDelete
    Replies
    1. මටත් එදා ගුටිකනකල් හිතා ගන්න බැරිඋනා බං.

      Delete
  3. අර පොඩි එකාට 'ඉන්දික' කියලා කතා කරනකොටම මට තේරුනා මොකක්ද වෙලා ඇත්තෙ කියලා..

    'වැදගත් දෙමව්පියන්ගෙ නැහැදිච්චි දරුවො'... :-P

    ReplyDelete
    Replies
    1. මට තිබ්බෙ නම නොදා ඉන්න :P

      අපරාදෙ කියන්න බෑ, ඔය උඹ දුන්නු ගරු නාමෙ ඒ කාලෙ සෑහෙන්න හම්බු උනා :D

      Delete
  4. හප්පට සිරි ,භූත කතා ගොඩක් කෙලවර වෙන්නේ ඔය විදිහට තමා, අපරාදේ අර කට්ටන්ඩියා හොඳින් හිටියනම් තව ගානක් කපාගන්න තිබ්බා, අමනුස්ස දෝෂ සහ විශ්ව ශක්තිය ඔක්කොම එක වගේ තමා .

    ReplyDelete
    Replies
    1. අපි පොඩි කාලේ කුඩාගම පල්ලියක හිටිය යක්කු එලවන සුවාමි කෙනෙක්. අපේ ගම්වල මෝඩ හැත්ත බස් පිටින් යන්නේ. මං හිතන්නේ එකව පල්ලියෙන් පන්නලද කොහෙද. දැන් කිසි කතාවක් නෑ

      Delete
    2. @ ජීවන....මටත් මතකයි බං ඔය කුඩාගම මල ඉලව්ව.

      Delete
    3. ඉවාන්,

      ඔය කට්ටඩිය අසනීප උනාය කියන එක මගේ කතාවක්. හේතුව මට මතක නෑ/දන්නෙ නෑ උනත් ඒ මිනිස්සු කට්ටඩිය අතෑරල ඊට පස්සෙ පිරිතට මාරුවෙලා තිබ්බ.

      ජීවන,

      මචං ඔය කුඩාගම තියෙන්නෙ කුරුනෑගල පැත්තෙද? මම පොඩි කාලෙ අය්යල එක්ක ගියා වටෙ පඩි නැගල උඩට ගියාම තීන ලස්සන පල්ලියක ඔහොම යක් සීන් එකකට.

      අරූ, උඹත් නොගිය මළඉලව්වක නෑනෙ බං :D

      Delete
    4. කුඩාගම කියල එකක් තියනව තඹුත්තේගම නං. හැබැයි ඉන්නෙ අහිගුන්ටික ජනතාව බොසා !!!

      Delete
    5. කුඩා ගමේ මද්දහනේ අවු රස්නේ නිවා
      හුරී කඳු පෙතේ දඩ මං දිගේ ගියා මෙමා
      එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන සිතා
      නුඹේ කරට රිදී පොටක් පළඳන්නයි සොබා

      මගේ පැලට නුඹ කැන්දන් පැමිණි දොහේ
      එදා
      මල් ගෝමර පිපුණු ළමැද වසා ගනින් කියා
      මගේ අතින් දුන් සළුවෙන් ළමැද වසා ගියා
      රිදී පොටක් කර ලන්නට වරම් නැතුව ගියා

      ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකි
      රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකි
      ආලේ බිඳුණු දා කුමකට කඳුළු හෙළනු සකි
      ආල වඩන යන තේරුම බෝසත් කම සකි

      පද රචනය: ධර්මසිරි ගමගේ
      සංගීතය: වික්ටර් රත්නායත
      ගායනය.සුනිල් එදිරිසිංහ

      Delete
    6. අඩේ උඹට අපිව මතක්උනා එහෙනං :P

      ඔය සින්දුවයි අදාල කුළයයි ඒ ගමයි අතරෙ සම්භන්ධෙ මේ වෙනකල් ඔලුවට ආවෙ නෑ බං. බෝම ස්තූතියි!!

      Delete
    7. ඇයි පත්තරයෝ උඹ මේක දැම්මේ....මමනේ දාන්න හිටියේ :D

      හුලවාලී ෆිල්ම් එකේ ගීතයක්.

      Delete
    8. මේව මං දැක්කෙ නෑ :D

      Delete
    9. මගේ බොක්ක පත්තරේ බලාගෙන ගියාහම උඔත් උතුරැමැද කරක්නොගහපු තැනක් නෑ..කුඩාගම තියෙන්නේ තඔුත්තේගම..හවසට ගැනු මිනිස්සු එකට කෂියා ගහනවා..එයාලාගේ ළමයි දැන් නයිනටවන සාත්තර කියන කාර්මාන්තේට යොමු වෙනවා අඩුයි.

      Delete
    10. තඹුත්තේගම ඉස්පිරිතාලෙට දෙතුන්පාරක් ගියාට ඒ හැටි කරක් ගහන්න බ්‍රි උනා. අර මැටි පාරෙ ටිකක් ඇතුලට වෙන්න වගේ තමයි තිබ්බෙ.

      ඔහෙ ඉන්න උන් අර ගුරුකං කරන්නෙ නැද්ද මැනික් හින්නෙ වගේ?

      Delete
  5. ඇයි ඒ වගේ අලුකුත්තේරු වැඩක් කලේ...

    ජ ය!!1

    ReplyDelete
    Replies
    1. මට ආයි මතක කරන්න වෙන්නෙ "මහගෙදර" ෆිල්ම් එකේ අර සුප්‍රසිද්ධ දෙබස තමා.

      ඒ කාලෙ අපි එහෙමයි විදානෙ. පොඩි උන්ට තේරෙනවද වහලකට ගලක් ගහන එකේ බරපතල කම.

      Delete
  6. නියමයි මචං..
    ආයෙත් බලපං පොඩ්ඩක් ගල්කිස්සයි රත්මලානයි දෙක ටැපලිලා වගේ දැක්කා....

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචෝ, ඔන්න හැදුව. මෙච්චර කමෙන්ට් කරල තියෙනව, එකෙක් නෑ සාහිත්‍ය හරි ටෙක්නිකල් හරි වැරැද්දක් පෙන්නුවෙ. අවංකවම එහෙම යමක් පෙන්නන එක, ඒ ඔස්සෙ කතා කරන එක තමයි මචෝ ලියන මිනිහගෙ දියුණුව හදන්නෙ.

      ඔය දෙක මාරු වෙච්චි එකේ කතාවක් තියෙනව. දැං අපේ පිරිවෙන පාර පහු කරල තව මීටර් සීයක් විතර මොරටුව පැත්තට ගියාම තමයි පාර අයිනෙ "ගල්කිස්සෙ" පොළිසිය තියෙන්නෙ. ඉතින් ගොඩක් උන් ඉඩන් විකුනන්න, ඉන්නෙ පොෂ් ඒරියා එහෙක කියන්න, ගල්කිස්සෙ හන්දියෙ ඉඳන් ඔය පොළිසිය ගාවට එනකල්ම ගල්කිස්ස කියල හඳුන්වනව.

      හැබැයි ගල්කිස්ස පොළිසියට එක ඉඩමක් කලින්, ඒ කියන්නෙ ගල්කිස්ස පැත්තට වෙන්න තමයි "රත්මලානෙ" උප තැපැල් කන්තෝරුව තියෙන්නෙ. ඒ කියන්නෙ ගල්කිස්ස පොළිසියට ගල්කිස්සෙ ඉඳල යන එකා රත්මලානෙ තැපැල් කන්තෝරුව පහුකරන් යන්නෙ :)

      අනෙක් පැත්තෙන්, පිරිවෙන පාර තියෙන්නෙ ගල්කිස්ස පොළිසියටත් වඩා ගල්කිස්සට කිට්ටුව උනාට, තැපැල් ලිපිනය කියවෙන්නෙ, පිරිවෙන පාර - රත්මලාන කියල. හේතුව අපි අයිති "රත්මලාන උපතැපෑල් කාර්‍ය්ලයට" හින්ද.

      හැබැයි අපිටත් එහා මොරටුවට කිට්ටු අඟුලානෙ දුම්‍රියපොල හන්දියෙන් ( සීගිරි වීවින් මිල්ස් එක ලඟින් ) ගොඩ පැත්තට තීන පාරෙ කෙලවර ත්යෙන "තෙලවල" ගමේ උන්ගෙ ඇඩ්‍රස් ලියන්නෙ "තෙලවල - ගල්කිස්ස" :)

      Delete
    2. දැන් අපේ ඔෆිස් එක තියෙන්නෙත් රත්මලානේ.රත්මලානේ කොහේද කියලා ඇහුවොත් ගල්කිස්ස පොලිසිය ගාව කියලා තමයි කියන්නේ.:D

      Delete
    3. ඒ කියන්නෙ උඹෙ ඔෆිස් එක තීන්නෙ අහල පහලනෙ. මොකද්ද නම?

      Delete
    4. ඔෆිස් එකේ නම කිව්වාට දන්නේ නැහැ බං උඹලා.රාමනායක ඔටෝ මොබයිල් එකත් එක්කම පොලිසිය පැත්තට තියෙන බිල්ඩිම.

      Delete
    5. ඔය ඉඩමෙ ඉස්සර තිබ්බෙ පරණ ගෙයකුයි, බවුසර් හදන වර්ක්ෂොප් එහෙකුයි. පස්සෙ ඒක වික්කම රාමණායක කාරය කොටසයි ඔය උස බ්ලිඩින් කාරය ටිකකුයි ගත්ත. ඔය බ්ල්ඩිම හදල කාලයක් තිබ්බ කවුරුත් නැතුව නේද. මොනාද ඕකෙ කෙරෙන්නෙ?

      Delete
    6. අපි Engineer firm එකක්.ජල සම්පදානේ tender කරන්නේ.

      Delete
    7. බොලාද එතකොට කොළඹට වතුර කැපුව බටේ හැදුවෙත්?

      Delete
    8. අපිත් ඒ වගේ පයිප්ප ගෙන්වනවා,හැබැයි ඕක හැදුවේ නම් Maga හරි Sanken හරි වෙන්න ඕනේ.

      Delete
    9. මාගනං කොරේ අහන්න දෙයක් නෑ. අර පැණිලූෂ වෙන්නැති. ඕකගෙ ගෙවලුත් ඒ පැත්තෙමනෙ.

      Delete
    10. math kalayak galkisse hitiya

      Delete
    11. ඒ කොහෙද බොල, ගලක් අස්සෙ කෙල්ලෙක් එක්කද?

      Delete
  7. හ්ම්... විද්‍යාකුලපති මහත්මයාගේ මේ වගේ සිදුවීම් ගැන ලියවෙච්ච ලිපි මතක් උනා.

    කොහොමින් හරි අන්තිමේදී බිංදුවා කරපු වැඩෙන් පොඩි එකාට තමයි කෙල උනේ.

    ReplyDelete
    Replies
    1. ඌත් ඉතින් පොඩි කමට කරපු දෙයක්නෙ. අනික ඒක විතරයි ඒ වෙනකොට අපේ අවට තට්ටු දෙකේ ගේකට තිබ්බෙ. ඒ හින්ද තමයි ඔය ගේම ටාගට් උනේ.

      Delete
  8. උඹ නේද ඔය මැරෑටියා....

    මචං විපුලසාර ලොකු හාමුදුරුවෝ කිව්වේ මාපලගමද? අපේ මාමන්ඩිගේ හොඳ මිත්‍රයා ඒ කාලේ. දක්ෂ චිත්‍ර/මූර්ති ශිල්පියෙක් නේද? මමත් ඉස්සර පිරිවෙන පාරට එනවා. ඩිපෝ එක එහා පැත්තේ සෙන් රීටාස් රෝඩ් එකත් නියම වළ. උඹට මතකද එතන කඩයක් තිබුනා,,ෆ්‍රෙඩී සිල්වාගේ ෆේස් කට් එක තියෙන පොරක්ගේ. ගෝල්ඩ් ලීෆ් දෙකකට තාම ගෙවන්න තියෙනවා.

    ReplyDelete
    Replies
    1. වෙන කවුද බං!

      මචෝ, ඔව් මාලගම උන්නාන්සෙ තමයි. ඒත් අපි ඔය ගේ කිට්ටුව තිබ්බ පන්සල පහුකරල චකින්දාරාමෙට දහම්පාසැල් ගිය හින්ද හාමුදුරුවො එක්ක වැඩි හිතවත්කමක් නෑ.

      උඹ ඔය කියන ෆ්‍රෙඩීගෙ ඩයල් එක කරේ පොඩි හෝටලයක් ( තේ කඩයක් ). මිනිහගෙ දුව මාව හොඳට දන්නව. අපේ ගෙවල් පහලම තමයි හිටියෙ. මට උගෙ නම මතක් වෙන්නෙ නෑ. දැං ඒ කඩෙත් නෑ, උනුත් නෑ. ණය කෙස් එකක් නිසා ගෙවල් විකුණල යන්න ගියා.

      Delete
    2. //ණය කෙස් එකක් නිසා ගෙවල් විකුණල යන්න ගියා.//
      වෙන්නැතුව තියෙයියැ. ඔය අරූම කියල තියෙන්නෙ ගෝල්ඩ්ලීෆ් දෙකකට ගෙවන්න තියෙනව කියල. :D

      Delete
    3. ප්‍රසා, දවසේ කතාව (‍Y)

      _ _
      |
      <>

      Delete
    4. ණය කේස් අදින්නෙ නැතුවම බෑ!

      Delete
  9. එතකොට උඹද පෙරේතයා

    ReplyDelete
  10. යකඩෝ දැන් එතකොට පොඩිකාලේ බුතයොත් ලොකුවෙලා සිංහල බ්ලොග් ලියනවද

    ReplyDelete
    Replies
    1. ඔව් එකෙක් ලියනවා මැලේ රාළ කියලා

      Delete
    2. කමෙන්ට් කරන එකෙකුත් ඉන්නවා...එල ද බ්‍රා කියලා

      Delete
    3. මැලේ, මේකෙ ඉන්න තරමක් ඉන්නෙ ඒ කාලෙ භූතයො තමයි :D

      Delete
    4. ගල් ගහන භූතයො නං අපි !!

      බ්‍රෑන්ඩ් එක ගල්
      - ස්තුතියි -

      Delete
    5. තොපි ගල් ගහන පෙරේතයො :P

      Delete
    6. ඔි යේස් ගල් ගහන පෙරේතයෝ අපි.
      බ්‍රෑන්ඩ් එක ගල්
      -ස්තුතියි-

      Delete
  11. මචන් ඔය විදිහට මිනිස්සු කොයි තරම් නොපෙනෙන බලවේග වලට යට වෙලා තමන්ගේ ජීවිත කාලකන්නි කරගන්නවද? කේන්දර කාරයෝයි අනාවැකි කාරයොයි, සක්කිලි කපුවෝයි කොයි තරම් මිනිස්සුන්ව හූරන් කනවද? දැන් එකට අලුතින් එකතුවෙලා තියෙනවා වාස්තු විද්‍යා කාරයෝ සෙට් එකක්. කොයි තරම් ඉහෙන ගත්තත් තාම ඉන්නේ 16 වෙනි ශතවර්ෂයේ. මම ලඟදි දැක්ක ලංකාවේ ප්‍රසිද්ධම සමාගමක CEO ගේ මොන්ටෙරෝ එකේ දෙහියි මිරිසුයි එල්ලලා තියෙනවා.
    ඔය වගේ මටම වෙච්චි පෙරේත කතාවක් ලඟදි පොස්ට් එකක් දාන්නම්. පට්ට ෆන් එකක්.

    ReplyDelete
    Replies
    1. රටේ රජා හිටගෙන කරනකොට රටවැසියො දුව දුවා කලාම මොකද... :-D

      Delete
    2. ජීවන,

      ටෙලි හදන සිවගුරුනාදන්ද කොහෙද කියල තිබ්බ මිනිහ ඔය දෙහිගෙඩි එල්ලන එකේ වටිනාකම දැනගත්තෙ දවසක් පාලු රෑක කිරින්දෙ පොට් එහෙක බොනොකටොඅ කියල.

      මොකද බොන්න කට්ටිය මොනාද බයිටක් හදල, ඒත් දෙහි මිරිස් තිබිල නෑ ඇතිවෙන්න. වෙලාවට එතන තිබ්බලු අලුත්ම වෑන් එකක් සෙට් එක එල්ලල. ගලෝල අරන් වැඩේ ගොඩ දාගෙන:D

      බුරා,

      පිරිමි සංහතියට ඇස්වහ දෝස යන්න ඔය දෙහි මිරිස් පැකේජ් එක මැනුෆැක්චරර්ම ෆික්ස් කරල එවනවනෙ. ආයි මොනාට භය වෙන්නද ඉතින් :P

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ඒ අතින් ලංකාව අධ්යනය කරන්න තරම් වටින රටක්. අසූ ගණන් වෙනකම් මිත්යාවිශ්වාස ක්‍රමයෙන් අඩුවීගෙන ඇවිත් අනූ ගණන් සිට දැන් ඒවා සීග්‍රයෙන් පැතිරී යනව.
      අපි පොඩිකාලෙ උගත් යයි කියන අය ඒව විස්වාස කලත් ඒ බව කියන්න ලැජ්ජා වුනා. දැන් ඒ අය ප්‍රසිද්දියේ කියනව විතරක් නෙමෙයි ඒවාට ආගමික හෝ විද්යාත්මක පදනමක් තියනව කියල ඔප්පු කරන්න pseudo-science වගේ දෙවල් පාවිච්චි කරනව. ගස් වල කිරණ හා උල් කොල එල්ලෙන ගස් වලින් ලේසියෙන් කිරණ එනවා කියන එක, ශරීර උශ්ණත්වය (heat -scanning palm) , ආදී බැලූ බැල්මට විද්යාත්මකයයි පෙනෙන දේවල් මේ වංචාවට හෝ මෝඩකමට යොදා ගන්නව.

      හොඳම ක්‍රමයක් තමයි යමක් ඇත්ත යයි ඔප්පු කිරීමට වෙහෙස නොවී එය නැත්ත යයි කීමට නොහැකිබව කීම. " ඔව්වෑත් මොකක් හරි ඇත්තක් තියෙන්න පුලුවන්" කීම තමන්ගේ desperation එක නිසා මානසික සහනයක් ලබාගැනීමට හොඳ මාර්ගයක් වන අතර ඒවා බොහොමයක් නැත්තයයි ඔප්පුකල හැකිද නොවේ. කිව හැක්කේ ඒවා සත්ය නොවීමට වඩා ඉඩ ඇති බවයි. එහෙත් එවැනි විශ්ලේශන නොව බොහෝ දෙනාට අවශ්යවන්නේ මානසික සහනයක් පමණි. ඇත්තටම මටත් සමහර වෙලාවට හිතිල තියනව මේව විස්වාස කරන්න පුලුවන්කම මටත් තිබුනනම් මීට වඩා සතුටින් ඉන්න පුලුවන්ද කියල. ඒත්මේ මගුල් විශේශනාත්මක හිතීම් නිසා ඒවගේ සහනයක් ගන්න බෑනෙ.
      වැඩිය හිතන්න බැරිකම සහ අදෘශමාන බලවේග විශ්වාස කිරීමේ හැකියාව සතුටින් සිටීමේ එක් මාර්ගයකි

      Delete
    5. ප්‍රාගෙ ඓතිහාසික දීර්ඝ කමෙන්ට් එකට ආචාරය ;-)

      ඔව්, දැං ඕව විස්වාස කරන එක ෆැෂන් එකක් වෙලා. විශේශයෙන්ම තරුණ පරපුර මහල්ලොන්ට වඩා ඇබ්බැහිවෙලා. මේකට මුල අපේ අයගෙ තියෙන "කොන්ද පණ නැති නිවට ගතිය".

      //වැඩිය හිතන්න බැරිකම සහ අදෘශමාන බලවේග විශ්වාස කිරීමේ හැකියාව සතුටින් සිටීමේ එක් මාර්ගයකි//

      මේක, වැඩිය හිතන්න බැරිකම සතුටින් සිටීමේ එක් මාර්ගයකි කියල වෙනස් වෙන්න ඕන. මොකද ඔය මඟුල් විස්වාස කරන උන් ඉන්නෙම භයෙන්. පුදුම භයකින් කියන්නෙ මොන දේ කරත්, මොන දේ උනත් හිතන්නෙ ග්‍රහ අපලයක්, භූමි දොසක් මිසක් තමන්ගෙ වැරැද්දක් කියල නෙමෙයි.

      Delete
    6. //ඓතිහාසික දීර්ඝ කමෙන්ට් එකට //

      Huh ඇයි අපිට සීරියස් බෑ කියල හිතුවද?
      පෙන්නන්නද //මේ ඉලව් පෙරේත ගලක් නිසා // කියන එක විශ්ලේශනාත්මකව සාකච්චා කරල?
      හැබැයි අර PM, දේශක වගේ බහුපාදස්තෘත වියතුනුත් ඕන ඒකට

      Delete
    7. ප්‍රාගෙ වැඩේ හරියන එකක් නෑ. PM දැං සීරියස් කමෙන්ට්ස් දාන්නෙ චීත්ත අඩවිවල විතරයි. දේශකයනං ඔන්න උන්න දැක්ක "අරෙහෙ".

      ඒ හින්ද "සීරියස්" වෙනුවට "පැරලල්" තමා දාන්න වෙන්නෙ.

      Delete
    8. චැහ්.. හත්මුතු පරම්පරාවක එකෙක් මෙහෙම නෝන්ඩියක් කෑවෙ නෑ . අම්මපා !!

      Delete
    9. මහිලා සමිති අස්සෙ රිංගන්න කලින් ඔව්ව හිතන්න තිබ්බෙ, දැං කොරන්න දෙයක් නෑ!!

      Delete
    10. rajaath hama thanama yanne bole karakawa karakawane

      Delete
    11. නෑ බෝලෙ මිරික මිරික.

      Delete
  12. අම්මට සිරි! අන්තිමට පහත් තැනින් වතුර ටික බැස්ස. කොහොම නමුත් ඔයවගේ ගල් කේස් ඇතිවෙන්නෙ අදාල ගෙවල් වලින්මය්.

    ReplyDelete
    Replies
    1. //ගල් කේස්//

      කේස් ගනන් ඕන නෑ රාජ් බෝතලයක් තිබ්බනං හොදටම ඇති.....

      Delete
    2. රාජ්,

      ගල්කේස් නං බං පාලු ගෙවල් වලට තමා වැඩිපුරම උනේ. එකපාරක් සිරිසේන කියල අංකල් කෙනෙක්ගෙ ගෙදර දූත් එක්ක ගල්කේස් එකක් බාන්න ගිහින් නූලෙන් බේරුනේ. එදා අහු උනානං, මෙලාකට මම දෙවෙනි ආත්මෙ.

      Delete
    3. //ගල් කේස් //

      දණිස් පණ නැතුව ගියා !!

      Delete
    4. අයිත් හාල. දණ පන නැතිඋනා හාන්සිවෙලා ඉඳලත්.

      Delete
    5. //ගල් කේස් //

      කෙල ගිලෙනනේත් නෑ

      Delete
    6. ගල් කිව්වම මුන්ට හුස්මත් හිරවෙනනෙ යකෝ!!

      Delete
  13. මෙන්න මේ වගේ ඒවටනම් කට පුරා " හයියෝ සල්ලි" කියලා කිව්වැකි...

    දැන් ඔහොම කේස් වලට රක්ෂණයක් තියනවා.. භූත අවතාර රක්ෂණය කියලා... :D

    ලිවිල්ල පංකාදු පහයි...

    ReplyDelete
    Replies
    1. තෑන්ස්ක් මචෝ!

      භූත අවතාර රක්ෂණය ඉස්සරට වඩා දැන් තමා වටින්නෙ. අනික කෙන්දරාවරණ රක්ෂනය කියලත් තිබ්බනං මරු.

      Delete
    2. ඇයි ණයාවරණයක් එපාද ? හෙහ් හෙහ්...

      Delete
    3. දැන් ඒ වැඩේ අල්ලලදාල බං තීන්නෙ. ඒ නිසා වැඩක් වෙන්නෙ නෑ!

      Delete
  14. චැඃ.................ඔය පෙරේත බිස්නස් එක තව තව ගෙවල් වලට කරලා කපටි කට්ටඩියෙකුත් එක්ක සමාගමක් ගහගත්තානං කල්ල මරේ නේද?

    ඊයේ පෙරේදා දවසක අපේ ගෙදර ඉඳලා මීටර් 100 ක් විතර ඈතින් තියන ගෙදරක තොවිලයක් තිබුණා. මෑණියෝ කියලා හඳුන්වන කාන්තාවක් තමයි ප්‍රධාන කපුතුමිය. සාමාන්‍යයෙන් මගුල් ගෙදරකට අඳින එම්බ්‍රොයිඩර් කල මෙරූන් පාට සාරියක් ඇඳලා හිටියේ. තොවිලේ පටන් අරං ටිකක් වෙලා යනකොට (ඒ ගෙදර අය එන්න කිව්ව නිසා ගියේ) මට ආපහු එන්න ඕනෑවුණා තියන විකාර දැකලා හිනායන එක වලක්වා ගැනීම සඳහා. මෑණියෝ සාරිය බාගෙට අතට අරං කොන්දේ කඩලා දාලා නටන නැටිල්ල සුනිල් පෙරේරා දැක්කානම් ජිප්සීස්ලගේ මීළඟ වීඩියෝ එකට ගන්නවා. ඔන්න මෑණියෝ මහා ගෝරනාඩුවක් කළා රැස්ව සිටි අයට (25 ක් වත් නැහැ. ගම්වල වගේ නෙවෙයිනේ. උදේට කෝච්චිවල බස්වල එල්ලිලා වැඩට යන්ඩ තියන අය මේවා බලන්න එන්නේ නැහැ.) ඔන්න ගොටු පුදන්නයි යන්නේ කවුරුවත් මෙතනින් එලියට යන්න එපා මොනවා හරි වුනොත් මම වගකියන්නේ නැහැ කියලා. මම එලියට බැහැලා ආවා. දිගටම ගෙවල්වල ලයිට් පත්තුවෙනවා, වීදි ලාම්පු පත්තු වෙනවා. මීටර් 100 යි යන්ඩ තියෙන්නේ. ආසාවටවත් එක යකෙක් පෙරේතයෙක් හම්බවුනේ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. විචාරකතුමා, ඔහොම මෑණිවරු මාත් දැකලා තියෙනවා. ආරූඪ වෙන්නෙත් එසේ මෙසේ අය නෙමෙයි භද්‍රකාලි. මේක බොරු ලෝකයක්.

      Delete
    2. විචාරක,
      යන්න එපා කියලද නැතිනම් යන්න ක්‍රිලද කිව්වේ?

      Delete
    3. විචාරක,

      ඔය ගල් ගහල පස්සෙ හොඳ කරන එකම නොකලත්, කොඩිවින වලලල පස්සෙ ගොඩ අරන්දෙන එක කට්ටිය ජයට කරනව.

      මෑණියො කියල වවාගෙන කන එක ඖත් ට්‍රෙන්ඩ් එකක් තමයි. අපෙත් ඥාති සහෝදරියක් ඔය බිස්නස් එක කරා. හොඳට හම්බු කරා. ඒත් ඉතින් ඒකත් හොරකමක්ම තමා.

      Visitor V, ඔය කට්ටියට භද්‍රකාලිම ආරූඩ වෙන්නෙ, එයානෙ එකම ස්ත්‍රී පරානෙ ඔහොම සීන් කරන. ඔය සරා, පතී වගේ ඇන්ටිල අහින්සක ගෑණුනෙ.

      කකා, මෑණියො විචාරකට යන්න එපා කිව්වෙ වෙන සීන් එකක් හින්දද කවුද දන්නෙ.

      Delete
    4. අපෝයි ඔව්. ඔහොම මෑණියෙක් හිටියා ඉස්සර කොල්ලුපිටියේ වාළුකාරාමේ. මම ඔය තැන කාලයක් හිටිය නිසා ඒ ගැන කවර කතාද?

      Delete
    5. සෑර් මෑණියො කෙල්ලෙක්දෑ ?? :D

      අපරාදෙ ආවෙ . චැහ්

      Delete
    6. මෑණිවරු ගොඩක් හොඳ කළටි. ඒ උනාට (පල්) දෙය්යොන්ට විතරයිලු වට්ටිය අල්ලන්නෙ.

      Delete
    7. @ කකා. යන්න එපා කියලයි කිව්වේ. එයින් අදහස් කලේ කහ දියර ඉහලා ආරක්‍ෂා කර තිබෙන සීමාවෙන් පිටට ගියොත් ඒ පුද්ගලයා අමනුෂ්‍ය බලවේගයකට අහුවෙයි කියන එකයි.

      @ පත්තරේ. ඉන්දික කියලා තියන ආකාරයේම හොඳ වෑවරයක්. හැක්.

      Delete
    8. ඔන්න මම දවසක් කතරගම දේවාලෙ අයිනෙ බැම්මක වාඩිවෙලා ඉන්නවා. එතනදි දිස්ඨි වැටෙන දඟල උන් දැක්කම හිනා යනවා. ඔය කිව්ව ආකාරයේ මෑණි කෙනෙක් වගේ කෙනෙකුත් හිටියා. අත් දෙක ඔලුවෙ තියාගෙන වැඳගෙන උඩ පැන පැන කෑ ගගහා දේවාලෙ වටේ යන්නෙ. ඔන්න ඔහොම ආවේසයෙන් කෑ ගගහා මම ඉන්න ළඟින් යන්න ආවා. එච්චර ආවෙසෙන් ආපු ගෑණි එකපාරටම අහුවෙ නැතෑ 'මල්ලි සමන් දේවාලේ තියෙන්නෙ කොහෙද?' කියලා. ගෑණි ගියාට පස්සෙ මට මැරෙන්ඩ හිනා.

      Delete
    9. සිරා සීන් එක.

      එක පාරක් ඔය ගෑණියෙක් අපි ගිය වෙලාවෙ අර සෙල්ල උඩ දේවාලෙ නටනව. ඔහොම නටද්දි මේ උන්දැගෙ සාය බහින්න ගත්ත උඩ පනිත්දි. මෙන්න මෙයා හිමීට එක උස්ස ගන්නව. අපරාදෙ ලයිව් ෂෝ එක මිස් උනා දෙය්යොන්ටත්.

      Delete
  15. ශීට් පුපුරන්න පහරක් වදින්න නම් විසිකරලා තියෙන්නේ පොඩි ටයිල් කෑලි නොවෙයි නේ. ඔය ටයිල් කැල්ලක් කාගේවත් ඔලුවට වැටුනේ නැත්තේ කොළුගටයාගේ වාසනාවට.

    ReplyDelete
    Replies
    1. හොඳ ප්‍රශ්ණයක්!

      ඔය අපී ගෙදර තිබ්බ මොසැයික් කියන්නෙ අඟල් 2x2 විතර, සාමන්‍ය ටයිල් වලට ඝණකම වැඩි, වඩා බර සහ ශක්තිමත් ජාතියක්. ලේසියට කැඩෙන්නෙත් නෑ. ඉතින් තෙමුණු ඇස්බැස්ටස් එහෙකට දුර ඉඳන් ගිහින් වැටුනම හිල් වෙන්න පුළුවන්. සාමාන්‍යෙන් ගෙවල් අතර අඩු පරතරය නිසා සහ අඩු ජනඝහනය නිසා ඔළුවකට වැටෙන්න තිබ්බ සම්භාවිතාව හරි අඩුයි. කොහොම උනත්, එහෙම උනානං අනිව ඔළුවෙන් පැණි එනවම තමා. එහෙනං, තත්වෙ භයානක වෙන්න ඉඩ තිබ්බ!

      Delete
    2. ඔය කියන්නෙ තැඹිලි පාට දුඹුරු පාට වගේ පාට තියෙන පොඩි පිඟන් කටු කෑලි වගේ හතරැස් එව්වද?

      Delete
    3. mosaic කියල ගූගල් එකේ ගහල බලහන්, ඔය ජාතිවල ඒව පෙන්නයි

      Delete
  16. මුල හරිය කියවද්දි නම් පොඩි බයකුත් ඇතිවුණා.............. ඒත් කතාව වෙන එකක්... එලස්

    ReplyDelete
    Replies
    1. මේක කියවල, පුළුටු කාල තනියම එලියට යන්නෙ එහෙම නෑ!

      Delete
  17. ගල්කිස්ස/රත්මලාන ගැන කියද්දීත්.....කතාව ලියන රටාව අනුවත් සත්‍ය කතාවක් බවත් සිතුන........
    අවසාන වෙද්දී දැනුන ලියන්නගෙ ....... නස්කූනි වැඩක් බව වැටහුනා...... හෙක්....හෙක්....
    ලියවිල්ල මරු මචෝ.......

    ReplyDelete
    Replies
    1. ලියන මිනිහ ගැන දන්න උන් මුලිම්ම වැඩෙ අල්ලන් එතකොට ..හෙහ් හෙහ්...තැන්ක්‍යු උඹෙ අගය කිරීමට!

      Delete
  18. අපිත් ඒ කාලේ ගේ පස්සට ගිහිල්ල අනිත් ගෙවල් වලට ගල් ගහනවා. කාට පේනනද ඒත් අනේ මන්ද ගෙවල් දෙකක විතර තොයිල් එහෙමත් තිබුනා ඊට පස්සේ...

    ReplyDelete
    Replies
    1. මෙන්න තවත් බුතයෙක්

      Delete
    2. මෙන්න තවත් ගල් කාරයෙක්!!

      ඔය ගල් ගහන කොහෙත් හොය බැලුවොත් කතාව ඔහොම තමයි. උඹ පොඩි කාලෙ කොහෙද බොල පදිංචිය? ( මෙහෙම තමයි කියන එපා, ගම කියහං)

      Delete
    3. මචං අපේ ගමේ නේ..අපි හිටිය ගම අන්න එහේ..

      Delete
    4. යකෝ ගම කොහෙද කියහං (ගම ) කන්නෙ නැතුව!

      Delete
    5. ගම යටලමත්ත
      මීට
      දූසකයා.

      Delete
    6. හැළපෙ, යටලමත්ද නැත්තං යටවළත්ද?

      Delete
    7. ඔබ නිවරැදිියි හැලපයියෝ..

      Delete
  19. කතාව හොඳයි, අකුරු වැරදි හදාගත්ත නම් තවත් හොඳයි

    මීට
    හැලපයා

    ReplyDelete
  20. //පිරිත් දවසෙත් ගල් ගහනව කියනෙ//

    හැලපෙ?

    ReplyDelete
    Replies
    1. හැලපෙ නිවාඩු, භූතය ඇවිත් ඔය උඩ පණිවුඩේ දීල ගියෙ. හිටහන් හදන්න.

      Delete
    2. පිරිත් දවසේ ගැහුවත් බ්‍රෑන්ඩ් එක ගල්
      -ස්තුතියි-

      Delete
  21. අඩේ අදනෙ උඹ භූතයෙක් බව දැන ගත්තේ...

    ඒක නෙමෙයි කතාව බොහොම හොඳට කලාත්මකව පටන් අරං තියනවා. අර මුලින්ම සද්දේ ඇහෙන තැන එහෙම.. පස්සේ ඉතිං කතන්දරේට මුල් තැන දීලා ඔහේ කියලා දාලා...

    අන්තිම ඡේදය නම් තේරෙන්නේ නෑ බං .....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මචෝ! ඔන්න මම ඒ අන්තිම ඡේදෙ පොඩ්ඩක් වෙනස් කරා. දැන් බලහං.

      //පස්සේ ඉතිං කතන්දරේට මුල් තැන දීලා ඔහේ කියලා දාලා... // ඇත්ත. මට මේ කෙටි කරල කතා ලියන්න බැරි අවුලක් තියෙනව. දිග වැඩි වෙයි කියල විච්චූර්න අඩු කරල, කතාවෙ රසේ මැරිල එහෙනං. ඊලඟ පාර බලමු ඒ අඩුව හදා ගන්න.

      Delete
  22. ඉන්දික මමත් ඔයවගේ අත්දැකීමකට මුණ දුන්න ගල්කිස්සේදීම ...අපි බෝඩ් වෙලා හිටිය ගෙදරත් ඔය වගේ කේස් එකක් උනා .තොවිලයක් තිබුන දවසේ අපි පට්ට ආතල් එකක් ගත්තා ....පස්සේ බැරි තැන ඒ මිනිස්සු ගෙවල් විකුනලා ගියා . අපි අනාථ උනා ....

    ඕන් රීන් කට්ටු කට්ටු , දොළ පිදීනී තට්ටු තට්ටු.
    ඕන එකෙක් ඕන යකෙක් , මම කරනවා හොඳට මට්ටු...

    තරුණ ගැටව් මොහිණිගේ බැල්ම වැටිලා ඉවකරනවා
    තුන්මන්සල නාන තොටේ දුවට පෙරේතයෝ වැහෙනවා
    ඔලුව ලොකුයි බද මහතායි කෙහෙතා අපලය කරනවා
    දෙහි ගෙඩියෙන් ඇප නුලෙන් මේ ඔක්කොම දුරු කරනවා
    ආයුබෝවා ..
    යකුන්ට සොඳ දිය මස් සහ පෙරේතයට දෙමි අඩුක්කු
    ලොකු එවුන්ට ලොකු පන්දම් පොඩි එවුන්ට පොඩි විලක්කු
    සොරුන් සොයා ගන්නට හැක කැරකෙව්වම සුළු කනප්පු
    කාලේ ඇවිත් පන්නන්නට බැල්ම හෙලන සොහොන් යක්කු ...
    ආයුබෝවා ..

    ගායනය - බන්දුල විජේවීර

    https://www.youtube.com/watch?v=veyDKyGWiu4

    ReplyDelete
    Replies
    1. ඔය තොවිල් පිරිත් තීන කොට මලගෙවල් වගේ නෙමෙයිනෙ, ඉතින් හෙන ආතල් තමයි.

      මචෝ ඔය සීන් එක උනේ ගල්කිස්සෙ කොහෙද?

      උඹ ධනපාල උඩවත්තගෙ "කොම්පියුටර් තොවිලෙ" අහල තියෙනවද. මිනිහ මේක කිව්වෙ කම්පියුටර් ජනප්‍රිය නැති අසූවෙ අග.

      අබුද්දස්ස කාලෙ වෙච්ච් දෙයක් අසාපන්....කොම්පියුටර් තොවිල් පොලක් මෙන්න බලාපන්...

      Delete
    2. මචෝ මේක උනේ සුමණාරාම පාරේ ......
      මේ සින්දුව මට එච්චර මීටර් නැ මචෝ ...
      දැනුයි මේ අහන්නේ ...
      ස්තුතියි ලොක්කා ......

      Delete
    3. ඔන්න බලහන්, උඹ නොදන්න සින්දුත් තීනව එතකොට :)

      සුමණාරාම පාර කියන්නෙ අපේ ඒරියල් එකෙන් පිට. වැයික්කිය ඉවර උනේ වටරප්පල පාරෙන්.

      Delete
    4. සුමණාරාම පාරේ තම්යි සින්දුවෝ ඇම් ඇස් අය්යා හිටියේ. ඔය එක කාලෙක මගේ ඒරියල් එක. 1979-80 වගේ කාලේ.

      Delete
  23. මේ වගේ සිද්දියක් මටත් වුනා.

    තාත්තාට කාලයක් මාරුවක් ලැබිලා පිට පලාතක තැපැල් කන්තෝරුවව වැඩ කරන්න වුනා. අපිත් ඔක්කොමලා ගියා. අපි නැවතිලා හිටලු තැනට එහා පැත්තේ තිබුනේ පල්ලියක්. ඒක අපි දන්න සාමාන්‍ය පල්ලියක් නෙමයෙි වෙනම නිකායක්. සෙනසුරාදා ට හයියෙන් යාතිකා කරන හඬ ඇහෙනවා. දැන් ඔය කතාවේ වුනා වගේ ටික දවසකින් පල්ලියට ගල් ගහනවා. කව්ද කියලා හොයන්න බෑ. දවසක් පොලිසියෙන් ආවා. ගෙදර කව්රුත් නෑ. මම විතරයි. මෙන්න පොලිස් රාළහාමි මට බැනගෙන බැනගෙන යනවා පල්ලියට ගල් ගහනවා කියලා. ඇත්තටම මම ළමයෙක්ද කියලා වත් සලකන්නේ නැතුවයි බැන්නේ. එයා නිකම් රාළහාමි කෙනෙකුත් නෙමෙයි ඒ පොලිසියේ ලොක්කලු. ඒක නිසා ගමේ කව්රුවත් බයයි මිනිහට කියන්න මම එහෙම ළමයෙක් නෙමෙයි කියලා. අන්තිමේ ගමේම අය හොර රහසේ බලාගෙන ඉද්දි පල්ලියේ උගන්වන්න කියලා නවත්තගෙන හිටපු පොඩි උන් දෙන්නෙක් ගෙදර යන්න නොලැබුනු තරහට කරන වැඩැක් ඒක කියලා අතටම අහුවුනා. පොරවල්ලා දෙන්නා කොහොහ හරි වහලෙට නැගලා උන් ම ගල් උඩදානවා. ඊට පස්සේ උන් ම කෑ ගහනවා ගල් ගහනවා කියලා. ඒක වටේ ඔත්තු බලපු දෙතුන් දෙනෙකුට අතටම මාට්ටු වුනා. මම යාන්තම් ගල් ගැහැව්වා කියන චෝදනාවෙන් ගැලවුනා.

    ඒ වුනාට අපේ තාත්තා මං වෙනුවෙන් පේනි හිටියා. තාත්තා ගිහිල්ලා ෆාස්ටර් ට කිව්වා වහාම පොලිසියට ගිහිල්ලා මා ගැන තියෙන සැකය අයින් කරලා එන්න කියලා. අනේ ෆාස්ටරුත් එම තැන ගියා පොලීසි. මම ගැන මතය නිවැරදි කරන්න. ඒ අස්සේ ඊලග මැතිවරණයෙ දී අර පොලිස් ලොක්කට එක පක්ෂෙක කොල්ලෝ වගයක් ගහලා අත සම්පූර්ණයෙන් ම පණ නැති වුනා. ඒ පාර මම හොඳ හැටි සතුටු වුනා. මට කළ දේට මිනිහා වන්දි ගෙවනවා කියලා. එදා පාර දෙමව්පියෝ එකතු වෙලා කොහේවත් යන පව් මගේ ඇගේ දාගන්නැතුව ඉන්න කියලා පව් අනුමෝදන් වෙන හැටිත් කියලා දුන්නා. ඕන්න බලන්ඩ ගල් කෙරුවාව මට බලපාපු හැටි. ඒ අතින් බලද්දි ඉන්දික කොල්ලා කොච්චර වාසනාවන්තද?

    ReplyDelete
    Replies
    1. කියල කියනවනෙ. පොඩි කාලෙ උනත් මරුසි ඩයල් එකක් දැක්කම රාළහාමිට සැක හිතෙන්න ඇති (මටත් එහෙම සීන් වෙලා තීනව ) :P

      ඕකට කියන්නෙ අනුන්ගෙ පරිප්පු අපෙ පිඟානට වැටීම කියල.

      මාත් වාසනවන්ත උනේ, ඔච්චර දෙයක් වෙලත් පොඩි එකෙක්ගෙ වැඩක්නෙ කියල අර මණුස්සය ඒක අල්ලල දාපු නිසා. ඇත්තටම ඒ මිනිස්සු හරි හොඳයි.


      //ගල් කෙරුවාව මට බලපාපු හැටි// ඔය ගල්කෙරුවාව මට බලපාපු හැටි ලිව්වොත් මේක වැල සයිට් එකක් වෙයි :D

      Delete
  24. කොවුර් මහතාගේ කතාවක් මතක්වුනා කියවගෙන යනකොට..කතාව එල ,

    ReplyDelete
    Replies
    1. කොවූර් මහත්තය කිව්වෙ ඇත්ත. මලයාලං ගුරුකං වල බොරුව එලිකරපු මලයාලියෙක් විදියට එතුම බොහොම වටිනව. ඒත් දැං කොවූර්ල සිය ගානක් ඕන ආයි අපිට.

      Delete
  25. ඔබ ඔක සෙල්ලමට කලාට ඔයවගෙ සින් ගොඩක් තියෙනව මානසික ප්‍රෂන නිසා කරන.මගෙ යාලුවෙක් ඉන්නව ඔය සබ්ජෙක්ට් එක කරන.දැන්නම් මිනිහ හරි ප්‍රසිද්ධයි.ඉස්සර මමත් ගියා ඔයවගෙ සින් ගොඩකට.හැමතැනම ගෙදර ඉන්න පොඩීකෙක් හරි කෙල්ලෙක් හරි තමයිවැඩෙ කරන්නෙ.අවධානෙ අඩුනිසා ඇතිවෙන මානසික ප්‍රෂ්නයක්.හිස්ටිරියා කියල කියන්නෙ.අන්න එක.

    ReplyDelete
    Replies
    1. ආ ඔය මනොශ් කියල තියෙන්නෙ.ආන්න පොර

      Delete
    2. ඔව් ගොඩක් වෙලාවට තමන්ගෙ ගෙදරට එන බූතය ඉන්නෙත් ගේ ඇතුලෙම තමා. ඔය භුත දෝස හොන්ද කරන්න එන කට්ටඩි යන්නෙ කෙල්ලොන්ට වෙන තක්කඩි කමුත් කරලයි. දමිත් ගියෙ කට්ටඩි වැඩට නෙමේනෙ, නේද :D

      Delete
    3. නෑ කට්ටඩි වැඩේට නෙමෙයි කෙලින්ම අර සීන් එකට :D

      Delete
    4. කට්ටඩිවැඩට නෙමෙයි බොල එව බොරුකියල ඔප්පුකරන්න

      Delete
    5. නෑ මන් කිව්වෙ ගෑණු ළමයින්ට කට්ටඩි වැඩ කොරේම නැතිය?

      Delete
  26. යකෝ ඔක්කොම භූතයෝ,මල පෙර්තයෝ ඉඳලා තියෙන්නේ බලාගෙන ගියාම ගල්කිස්සේනේ.
    අපේ සියාටත් ඔය සින් එක තිබ්බා.මාස දෙකකට සැරයක්වත් තොවිලයක් කරන්න ඕනේ.නිකන් කට්ටඩි පොහොසත් කෙරුවා.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ කියන්නෙ "ගල්කිස්සෙ මූදුවෙරලේ ඉරිදට ගීන් බලන්න" කියල. භූතයො පිරිල.

      සීය කට්ටඩිය එක්ක ඩීල් එකක් දාලද දන්නෑ!

      Delete
  27. මට තියෙන ප්‍රශ්නෙ හාමුදුරුවො පිරිත් කියල ගියාමයි, කට්ටඩිය තොයිලෙ නටල ගියාමයි සති ගානකට වැඩේ නවතින්නෙ කොහොමද කියල.
    ඒ කියන්නෙ කොල්ල කට්ටඩියට බයවෙලා තියෙනව.

    ReplyDelete
    Replies
    1. මං බලං හිටපු ප්‍රශ්ණෙ.

      ඕක උනේ මෙහෙමයි. මුලිම්ම බින්දු අය්ය සිස්සත්තෙ පාස් වෙලා ඇවිත් ඉනකොට ගල් ගැහුව, ඒ ගේ හදාපු කාලෙ. ඉන් පස්සෙ මිනිහ ගියාම මම ගලක් දෙකක් ගැහුව කට්ටිය ආ ගමන්ම. පස්සෙ බින්දු ආයි ආව ඉස්කෝලෙ ඉන්ටර්වීව් හරි මොනාට හරි දවසකට දෙකකට, ආයි ගල් ගැහුව. මිනිහ ගියා, මට වැඩේ අමතක උනා. ආයි ඌ හොස්ටල් සෙට් වෙන්න කලින්ද කොහෙද ඇවිත් ටික දොහක් හිටිය, ආයි ගල් ගැහුව. පස්සෙ දෙසැම්බර් නිවඩුවට මම ගමේ ගියා. දෙන්න එක්ක නත්තල් දා ඇවිත්, නත්තල් දාට පහුවෙනිද ගල් ගැහුව.

      ඉන් පස්සෙ මට හිතුනාම ඉන්ද හිට ගහනව ගලක් දෙකක්. කෝම හරි ඔය පිරිත තිබ්බ සෙනසුරාද රෑ මම ගලක් ගහල. එක වෙන්නැත්තෙ, සෙනසුරාදට අහල පහල අංකල්ල සෙට් එකක් න්ටිල එක්කම ඇවිත් තාත්ත එක්ක කය්ය සහ කාඩ් ගහනව රෑ වෙනකල්. ඉතින් ඒ අය ගියාම මාර පාලුය්. එහෙම වෙලාවක වෙන්න ඕන මම ආයි ගලක් ගහල ගිහින් නිදාගෙන තියෙන්නෙ කියලයි මට පස්සෙ හිතුනෙ.

      Delete
    2. \\\පස්සෙ දෙසැම්බර් නිවඩුවට මම ගමේ ගියා. දෙන්න එක්ක නත්තල් දා ඇවිත්, නත්තල් දාට පහුවෙනිද ගල් ගැහුව.
      ඉන් පස්සෙ මට හිතුනාම ඉන්ද හිට ගහනව ගලක් දෙකක්. \\\

      හප්පා..මේක නෝටි විදියටත් කියවෙනවා මගේ වලත්ත කමට....!

      Delete
    3. කොහෙද ඉතිං, නාකි විසේ ගෙටත් උසේ කියන්නෙ ඕකනෙ :P

      Delete
  28. සිංහයා කතාව කියාගෙන යනකොට මේක නම් ඇත්ත වෙන්ට බෑ කියන හැඟීමෙන්මයි බැලුවේ...:P

    කතාවේ මුලින්ම ගල් කැට වැටෙද්දි, කට්ටිය කරමින් හිටි වැඩ නතර කරපු හැටි හරිම අපූරුයි. මට හිතුණෙම අර කුස්සියේ හිටපු ගෑනු ලමයව ගෙනියන්ට එතන හිටපු කොල්ලාගේ යාලුවෙක් කරපු වැඩක් කියලයි.

    ReplyDelete
    Replies
    1. සිංහය කවද්ද කුමාරිහාමි බොරුවක් කිව්වෙ?

      //මට හිතුණෙම අර කුස්සියේ හිටපු ගෑනු ලමයව ගෙනියන්ට එතන හිටපු කොල්ලාගේ යාලුවෙක් කරපු වැඩක් කියලයි.//

      ඔන්න බලන්(ට) මේ ගෑණු ලමයෙක් හිතල තියෙන කැත!!

      Delete
  29. නිවාඩු ඉවරයි.ආපහු බ්ලොගට වාර්තා කළෙමි.
    අපේ ගල් සෙල්ලං ඔක්කොම උනේ රෑ ටී වී බලන්න ඇවිත් හිටපු විසේකාර හිරිමල් යුවතියොත් සමගයි.අහුවෙන්න ගිහිං කීප සැරයක් නූලෙන් බේරිලත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ.. ඔය තියෙන්නේ. අර නලියගේ වයසක මාමා කෙනෙකුත් ඉන්නවලු නෙව පාරේ යන ගැල්ලමයින්ට පර්ෆුයුම් තෑගි දෙන..

      Delete
    2. නෙද්දකිං අපි ලොකු වෙද්දි පඳුරක් පඳුරක් ගානෙ ටී වී .. චැහ් . අපිට අතිං කයිට්

      ක්ලාස් ෆී ෆිල්ම් හෝල් වලට දුන්නම ක්ලාස් යන්නෙ $# න් යෑ ???

      Delete
    3. හැලපෙ, ටීවී බලන්න කට්ටිය එනකොට අපිට ඔව්ව ගැන දැනුමක් තිබ්බෙ නෑනෙ අප්ප. ඒ හින්දමද කොහෙද අම්ම පස්සෙ බෝඩිමක් දාල දුන්න අපි වෙනුවෙම්ම.

      දේශ, උඹ බබා එතකොට? ඔය ඉටිපන්දම පත්තු උනේ පල්ලියෙදිම විතරයි ඈ?

      ප.ම - අනේද බං කියන්නෙ. සමහර ගෑල්ලමයි කැමතිම නෑ බීච් එකේ ගල් අස්සෙ ඉන්න බයට. හැබැඉ ඒ කාලෙ බලමු ෆිල්ම් තොගේ විදියටම ඩිරෙක්ටර් කෙනෙක් හරි විචාරකයෙක් හරි නොවුනෙ ඇයි කියල තාම පුදුමයි.

      Delete
  30. මදැයි! එතකොට ටයිල් විසිකලේ පොඩි එකා නෙමෙයි ඒකාගෙ අයියද? අනේ පව්. :/

    ReplyDelete
    Replies
    1. ඒකනෙ බස්සියෙ කියන්නෙ. බොට විතරයි තේරුනේ. බිංදු අය්ය විසි නොකරනං මං ඔය අලුගුත්තේරු වැඩේ කීයටවත් කරන්නෙ නෑනෙ.

      Delete
  31. ඔය ගල් ගහන කේස් වලට ගොඩාක් වෙලාවට අහුවුනේ අමනුස්සයෙක් නෙමෙයි පොඩි එකෙක් හරි වෙනත් පුද්ගලයෙක් හරි තමයි...බත් මුට්ටි වලට වැලි ඉහින එක කලෙත් අමනුස්සයො නෙමෙයි. ඒ උනාට මෙහෙම දේවල් වලින් ගාන කපාගත්තෙ කට්ටඩියො..

    ReplyDelete
    Replies
    1. අපිනම් ගල් ගැහැව්වේ තිසාවැව බන්ටෙකේ වේස්සගිරියේ සෙන්ට්‍රල් පාලම යට බොරැනම් පතතරේගෙන් අහන්න

      Delete
    2. මම ආවම ආයෙමත් ගහමු ගල්...රාජාංගනේ වැව් බැම්ම උඩ....

      Delete
    3. සිරා හරි. ගල් කේස් වලට අහු වෙන්නෙම පොඩි උන්. ඒක ඇත්ත :)

      Delete
  32. මොකක්ද මේ විද්‍යාකුලපති ඩොක්ටර් කියන "හැලුසිනේශන්" ?
    ඇත්ත දැනගන්න
    මොකක්ද මේ විද්‍යාකුලපති ඩොක්ටර් කියන "හැලුසිනේශන්" ?
    ඇත්ත දැනගන්න...මෙවැනි සිද්ධීන් හුදු මානසික රෝග ලෙස ලෝකය ඉදිරියේ ප්‍රකාශ කරමින් විද්‍යාවේ මාන පදනම් කර පිළිතුරු සෙවීමට අපහසු බව නොපෙන්වා මෙරටේ වෛද්‍යවරුන් මෙවැනි අවස්ථා වලට මුහුන දුන් පුද්ගලයින් හුදු මානසික රෝගීන් පමනක් බව පෙන්වා මහජනතාව නොමග යැවීම එතුමන්ලාගේ දක්ෂතාවක් නොව තම අසමර්ත තාවය විදහා පෑමක් බව ප්‍රකාශ කල යුතුය.

    විද්‍යාත්මක තත්වය දැනගන්න පහත එකට යන්න
    https://www.facebook.com/JyotishLanka/

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails