Tuesday, July 24, 2012

ටිකක් හිනා ගස්සන්න එන්න කියා බ්ලොග් කරුවන් අන්දන "බ්ලොග් සක්විති” - අභීත හෙවත් අබේ පාල මාමා "big theft Abheetha Edirisinghe who cheated me for Rs. 150,000.000 "



මීට මාස දෙකකට පමණ පෙර එක් සිකුරාදා දිනෙක මට ලැබුන ඇමතුමකි.

"මචං ඉන්දික, මට ලොකු උදව්වක් ඕන මචං, මම හදිසි වැඩකට හිර වෙලා ඉන්නෙ. උඹට පුළුවන්ද මට සල්ලි ටිකක් දෙන්න"

එක් වරම උඩ බිම හිතා ගන්නට බැරි උනේ මේ හදිසියේ මූ මොකාට එන්න හදන්නේදැයි සිතාගත නොහැකිවය.

"මචං මම ටැක්සි දෙකක් දානව, ඒකට පොඩි ඩිපෝසිට් එකක් තියන්න ඕන. මගේ පේමන්ට් එකක් හිර වෙලා, සඳුදට ඒක එන්නෙ. නිසා මට දවස් දෙක තුඅනකින් දෙන්න ලක්ෂ හයක් විතර ගන්න පුළුවන්ද c"

කිසි දීනක දැක නැත කිහිප වතාවකට වඩා කතා කර නැති මේ මිනිසාට ලක්ෂ හයක් දෙන්නට මසිත නොනැමුනද, වන විටත් බහ්රේන් සිට සංචාරකයින් ලංකාවට යැවීමට ඔහු හා එක්ව යම් සාකච්ඡා කර තිබූ හෙයිනුත්, මොහු සාර්ථක වන්නට වෙර දරණා ව්යාපාරිකයකු ලෙසත්, බ්ලොග් ලොව හොඳ මිනිසකු ලෙසත් ඇතිවී තිබු ( වැරදි ) වෑටහීම නිසාත් මා දීර්ඝ සංවාදයක් අවසන ඔහුට ක් දෙකහමාරක් පමණ දෙන්නට එකඟ විය.

මා සිතන්නේ මෙම මුදල දීමට මා පොළඹවන්නට ඇත්තේ ඉන් පෙර දිනෙක ස්කයිප් කතා බහකදී මොහු ඔබා මාමගෙන් ක් විස්සක් ගත් බවත් එය ඔහු මියගිය පසු ගෙවා දැමූ නිසා රෝල මදක් හිරවී ඇති බවත් හා එම බොරුව මා විස්වාස කිරීමෙන් ලත් උත්තේජනයත් විය හැක. එමෙන්ම එමෙන්ම කතා බහේදීම, ඔහුගේ ව්යාපාරයට එම මුදල (2 million ) යොදවන්නේ නම් මාද එහි කොටස් කරුවකු කරගන්න අතර මුදල සඳහා නීතිමය ලියවිලි සමග චෙක් පතක් දෙනු ලබන බවටද පැවසිනි. එහෙත් එවන් මුදලක් එසේ නිකන්ම ආයෝජනය කල නොහැකි බව දන්වා එදා එයින් ගැලවුන ද මෙදා අසුවිය.


මුදල් ඉල්ලු දින නිවාඩු දිනයක් වුව්ද එය නොතකා ATM එකෙන් ගත් ඩිනාර් පන්සීයම අභීතගේ නමට නොව ඔහුගේම බැංකු ගිණුමට යැවීමට මා වග බලා ගත්තේ යම් හෙයකින් මොහු යම් වංචාවක් කලහොත් එයට විරුද් ක්රියා කිරීමට සාක්ෂි ලබා ගත යුතු නිසාය.

මෙසේ මුදල් ලබා ගත් විගස මා හට අප්‍රමාණව ස්තූති කරමින් SMS පණිවුඩ ලබා දුන් එවකට මිතුරා පවසා සිටියේ මා නිවාඩුවට ලංකාවට පැමිණෙන දින මා හට පාවිච්චියට මෝටර් රථයක් සමග මුදල්ද ගෙන ගුවන්තොටට පැමිනෙන බවයි.

ඒත් ඔහුගේ කබල් රියට වඩා හොඳ රථයක් ගැනීමට හැකිවූ බැවින් මා එම පැමිණීම අවලංගු කර පසු දින ගල්කිස්සට මුදල්ද ගෙන එන ලෙස පැවසූ මුත් නොයෙක් බේගල් කියා එම හමුවද අවලංගු කරන ලදි. 

ඉන් දින කිහිපයකට පසු දුමියා හා තවත් බ්ලොග් කරුවන් කීප දෙනෙකු අතර හමුවක් සංවිධානය කොට එයට එන විට මුදල් ගෙන එන බව පැවසීය. එහෙත් එදින ඕනයා රිය අනතුරකට ලක්වීම නිසා ඔහුව බැලීමට ගිය බැවින් බැංකුව වැසීමට පෙර මුදල් ගත නොහැකි වූ බව පවසා පසු දිනට කල් දමන ලදි.

ඉන් පසු මාගේ පසුපස පැන්නීමෙන් ගැලවීමට මෙන් 2012 – 06 – 24 දින පානදුර කර්ගිල්ස්  ඉදිරිපිටට රුපියල් අසූ දහසක් ගෙන පැමිනෙන බව පවසා රුපියල් හැත්තෑ දහසක් ගෙනවිත් පැමිණ ඉතිරිය දින දෙකක් ඇතුලත ගෙන එන බව පවසා වසං විය.

ඉන් පසු ගෙවුන හැම දිනක්ම බාලගිරි පමණක් වූ අතර බ්ලොග් කරුවන් සමග මන්නාරම් ගිය දින කිතුල්ගල වැඩකට ගිය බව පවසමින්ද තවත් නොයෙකුත් බොරු පවසමින්ද ඉතා සටකපට ලෙස මග හරින්නට විය. 

දවස් විසි එකේ නිවාඩුවට ඇති දහසකුත් එකක් වැඩ නිසා ඇති අවිවේකය ගැන හොඳින් දත් මේ දත් දොස්තර අභීත තෙමේ මා රටින් පිටවන තුරුම ඉතිරි මුදල් නොදී රස්තියාදු කල අවස්තා බොහෝ ගනනකි.

එක් දිනක් ඔහුගේ සේවකයකුට මුදල් දී ඔහු මා සොයා එන බව පැවසීය. සේවකයාද මා අමතා කීවෙ මග ඉන්නා බවයි. නමුත් ආ එකෙක් නැත. තව දිනක මුදල් ගෙන එන බව පවසා මා මඟ රස්තියාදු කරවා අන්තිමේදී රටේ නැති බොරු කියා නොපැමිනි. 

මේ හැම විටකම මා ඔහුට බැන වැදුන විට පැවසූයේ “උඹට මාව අවිස්වාසනම් දුමියගෙන් හරි දුකාගෙන් හරි අහපන්” යනුවෙනුය. මගේ කරුමේට එවන් අවස්තාවල මට උන්ගෙන් අහන්නට සිත් නොදුනි. එය එසේ වී නම් මා පිටව එන්නට පෙර අභීත භීතියට පත් කර මුදල් ටික ඉල්ලා ගත හැකිව තිබිනි.

මේ විස්තරය මෙහි පල කෙරන්නේ හිට්ස් මගුලකට නොව, මා මෙන්ම බ්ලොග් ලොව බහුතරයක් හා පුගලික සඳතා නොපවත්වන, හිතවතකුට දුකේදී පිහිටක් වීම මිතුරුකමයයි සිතන මගේ ජාතියේ තවත් උන් අමාරුවේ වැටෙන්නට පෙර ඇස් පෑදීමෙ අරමුණිනි.

මන්ද මේ ගැන මා පසුව දුකා හා පැවසූ විට ඔහු කියා සිටියේ තමන්ද මොහුට මුදල් දී ඉතාම අපහසුවෙන් සහ දුන් මුදලටත් වඩා වියදමක් දරා දුරකථන ඇනවුම් ලබා දී එම මුදල් ආපසු ගත් බවයි. එලෙසම මින් පෙර නම් නොකියා කිව්වාට ඕනයා වැපාසෝරෝ, මාරයා ආදින් ඔය ලියා තියෙන්නේද අභීතගේ අභීත වැඩ ගැනය. තවද එකට කන බොන දුමියාටද වංචා කර ඇති අතර ඔබා මාමා මොහුගෙන් යන්තම් ගැලවී ඇත්තේ කුලියට ගත් කාරය ආපසු නොදෙන බව පවසමිනි.


එමෙන්ම මුදල් ගත් සැමට ඔහු කල පොදු වංචාවක් නම බැංකුවට ගොස් බොරු චෙක් අංකයක් ලියූ ස්ලිප් එකක් පමණක් ඩිපෝසිට් බොක්ස් එකකට දමා ඉන්පසු එම ස්ලිප් එක අපට ඊ මේල් කර අන්න මම සල්ලි දැම්මා යයි කීමයි. මෙය මට, දුමීට මෙන්ම ඔබාටද කර ඇත. එහෙත් මා හට කල එම වංචාව පිළිබඳ මවිසින් ලිඛිතව බැංකුවට දැනුම් දීමෙන් පසු ඔවුන් ඒ පිළිබඳව නීතිමය පියවර ගන්න බව දන්වා මාගේ හිතවත් කොමාර්ෂල් බැංකු කළමණාකරු විසින් සතික කරන ලදින්, ඒ මාර්ගයෙන්ද හැකි උපරිමය කරමි.

මේ වනවිට මගේ මුදල ලබාගත හැකි එකම මඟ අධිකරණ ක්‍රියාමාර්ගයක් පමණක් වන නිසා ඒ සඳහා අදාල පියවර ගනිමින් සිටිමි. එහෙත් ඉන්වත් මේ වංචාකරු පාඩමක් ඉගෙන ගනියිදැයි සිතෙනා තරමට ඔහු වංචාවට බොරුවට හුරු වී සිටින්නෙකි.

එනිසා මෙවැනි ඉහඳ පණුවන් හට බ්‍රහ්ම දණඩයට වඩා දෙයක් බ්ලොග් ලොව තුල නැති මුත් දිය හැකි ඉහලම දඬුවම ඉන් පිටතදී දිය යුතුය.

 ප/ලි

ඔය ඉහලින්ම ඇත්තේ අභීත මම මේ ගැන පෝස්ට් එකක් දාන බව කී විට එවූ පණිවිඩයයි.පහල ඇත්තේ මා ලද සමහරක් බොරු පොරොන්දුයි.




















මා මුදල් යැවූ රිසිට් පත.



 
මට ඔබා වික්ක හැටි.

 
අභීතගේ මට සල්ලි කී පාරක් දී තිබේද බලන්න. එහෙත් බැංකුවල අවුල් නිසාදෝ ඒවා මට නොලැබුන හැටි. 




මෙහි යටින් කළුවට ඇති කමෙන්ටුවේ කතාව තවත් ඔහුගේම හිතවතකුගේ දස්කමකි. ඒ ගැන පසුව කතා කරමු.



 
බොරු ස්ලිප් කතන්දරය
















LinkWithin

Related Posts with Thumbnails