Thursday, April 5, 2012

ඇත්තටම අතේ ගහල තීනවද?



ඉස්සර ඉස්කෝලෙ අල්ලෙ වලවල්, මයිල් තියෙන එව්වො ගැන කියනකොට හිමීට අත බලන උන් අල්ලං බයිට් කරාට තමයි. ඒ වගේම අල්ලෙ රේඛ අඩු උංවත් දැම්මෙ ඒ ගොන්නටමයි.

ඒත් පස්සෙ කාලෙක මහැදුරු නන්දදාස කෝදාගොඩ මහත්තයම කියාපු විදියට එහෙම වලක් නැති අල්ලක් තියෙන්න පුලුවන් "කොල්ලෙක්" ඉන්න විදියක් නෑ වගේම හරි හමන් කොල්ලෙකුගෙ අල්ලෙ එකම රේඛාවක්වත් තියෙන්න විදියක් නෑ.

අපේ අම්මල එහෙමනං අතේ රේඛ නැතිවෙනකොට කිව්වෙ රේඛ අඩු වෙන්නෙ පවුල් බර අඩු අයගෙ කියලයි.

කොහොම හරි ඉතින් ඔය කියන විදියට එහෙම ලේසියෙන් මැකිල නොයන නිසා වෙන්නැති එව්වයිං කට්ටිය සාත්තර කියන්නෙ.

ඔය අත බලා කියන සාත්තර ඒ කාලෙ ඉඳල අපිත් පාවිච්චි කොරා අතේ මහපට ඇඟිල්ල යට බලල ලැබෙන ළමයි ගාන ගනං කර ගන්නයි, ධන රේඛාවෙ දිග මැනල සල්ලි කාරයෙක් වෙන නොවෙන එක කියන්නයි.

ඊට අමතරව තව ට්‍රිප් එහෙම යනකොට ලස්සන කෙල්ලොන්ගෙ අත බලල සාත්තර කීමේ සේවාවකුත් කරගෙන ගියා, මොකද සුමුදු සුදු අත් අතගාන්න ලේසිම ක්‍රමේ ඒක් නිසා.

ඕක අල්ලෙං පටං අරං මල්ලෙං තමා නංගි නවතින්නෙ කියල අපේ උං කෑ ගැහුවත්, මම හොඳට අඹරල දුන්න ගුලි ගොඩක් වෙලාවට ඒ ළමයි කාපු එකේ, ඔය ඉන්න විල්ලියල, වල්ලියල, සෝභිතලගෙ වෘත්තීමය බොරු සාත්තර වලට ගෑණු අහුවෙන එක එක අතකට මොන කජ්ජක්ද.

මම දැකපු බොහොම සාර්ථක අත බලා සාස්තර කියන්නෙක් තමයි "කුමා ඉද්දමල්ලෙන" කියන්නෙ.

අද වෙනකොට මිනිහ මහා ලොකු පොරක් උනාට, ඉංග්‍රීසි පන්ති කරපු ඒ කාලෙ අත බලා සාස්තර කීමෙන් උන්දැට ලැබිච්ච සමහර දේ ගැන ඉරිසියා නොහිතුනා නොකිව්වොත් බොරු. හැබැයි මිනිහත් එහෙම කිව්වෙ මං වගේ අතේ රෝල්ද නැත්තං නියම විද්‍යාත්මක ක්‍රමේකටද කියල නං හරියටම දන්නෙ නෑ. මොකද ඒක දන්නෙ එයාම විතරක් නිසා. ඒත් මිනිහගෙ අනාවැකි සහ ඵලාඵල ගොඩක් හරි බවනං මතකයි.

ඉස්සර ඔය මහපොළ වගේ ප්‍රදර්ශන වලත් අත ස්කෑන් කරල බලල සාස්තර කියන හුටපටයක් තිබ්බට දැං එහෙම එකක් තියෙනව කියල අහල නෑ. සමහරවිට අතට වඩා හඳහන දැං ප්‍රභලව අදහන නිසා වෙන්නත් පුළුවන්.

අත බලන සාත්තර කාරයො මල වදයක් උනේ ඉස්සර බීච් එකේ ගලක් උඩ පෙම් සුව වි ඳපු කාලෙයි.

ගඳ ගහන දෙමළ ගෑණු එකා පස්සෙ එකා එනව " මේ මාතියාගෙ මූනෙං පේනව හරි මනමාලය කියල, නෝනනං හරිම පිංවංතයි තමා" කියාගෙන.

ඉත්ං ඔය ළණු ගිලින එකියක් උන්නොත් තව රුපියල් විස්සක් හමාරක් එතනත් ඉවරයි. උං ඉතින් හැමදාම හැම කපල් එකටම කියන්නෙ ඕකම තමයි අනේ කියපු ගෑණු ළමයිනං සාත්තරෙන් නැතිව සූත්තරෙන් සාක්කුවට විදිනව සාත්තර කාරය ගියාට පස්සෙ.

මේ ඊයෙ පෙරේද අපේ සිංහබාහුව අහපු ප්‍රස්නයක් නිසා තමයි ඇත්තටම මට ඔය මාතෘකාව හිතට ආවෙ.

කොලු පැටිය අහනව "ඇයි තාත්තෙ අපේ අතේ ඉරි තීන්නෙ" කියල.

මිනිහට යංතං පොඩි විස්තරයක් කියල ශේප් උනාට පස්සෙ මට හිතුනෙ, ඇත්තටම ඔය කියන්න වගේ උපදිනකොටම අපේ ජීවිත කතාව අතේ ගහල එවනවද කියල!

මේ අවකාසෙත් ඔය සාත්තර කාරයො කීප දෙනෙක් ඉන්න නිසා සහ දාස් ගානක් එහෙ මෙහෙ යන නිසා මට හිතුන පොඩි අභියෝගයක් කරන්න.

ඔය පහල තීන්නෙ මගේම අත. සාත්තර කියන්න දන්න උන් කිව්වට කමක් නෑ, ඒත් පොඩ්ඩක් තම තමන්ගෙ රේඛ එක්ක සසඳල බලන්න මොනාහරි වෙනසක්, අමුත්තක් පේනවද කියල?

LinkWithin

Related Posts with Thumbnails