අවුරුදු දෙකහමාරකට පස්සෙ අලුත උපන් පැටියයි පරණ පැටියයි උංගෙ අම්මයි එක්ක අපි තුන්දෙනා හතරක් වෙලා ලංකාවට එනව නිවාඩුවකට.
මං හිතන්නෙ මේ වගේ නිවාඩුවලට වෙන්නැති සිංහලෙන් "අන්වයින්ඩ්" කරගන්න එනව කියන්නෙ.
මුහුදෙ නාල,
කුරුම්බ බීල, කොස් සමග කරවලයි කුරිඤ්ඤං කොල මැල්ලුමුයි කාල හිතේ හැටියට නිදා ගන්න හික්කඩුවෙ මහ ගෙදර යන්න, බබා හම්බ වෙන්න කලින් හාමිනේට ඉටු කොරගන්න බැරි උන කිරිය කෑමේ දොළ සංසිඳුවගන්න ( සහ පොඩි නමටත් බෙදා ගන්න ), ළමා නිවාසෙක පොඩි උන් ටිකක් එක්ක පැටව් දෙන්නගෙ උපන්දිනේ සමරන්න, අපි නැතුව පාළුවෙන් ඔහේ ඉන්න බලු තඩිය එක්ක පොඩ්ඩක් සෙල්ළං කරන්න, අළුතින් හදාපු පාර දිගේ දහ අට වංගුව බැහැල මහියංගනෙන් ආය කෙනෙකුත් අරන් මදුරුවො කාපුවට බෙහෙතුත් කරන් ආපහු
එන්න කලින් අම්මගෙ උකුලෙ ඔලුව තියං හොඳට ටිකක් නිදා ගන්න...එක අතකට මොන තරමක් දේ තීනවද මේ සති තුනට කර ගන්න!
බලා පොරොත්තු තබා ගත යුත්තේ කඩවීමෙන් වෙන දුක විඳගත හැකිනම් පමණි කියල කවුදෝ කීවට අපිව ජීවත් කරන්නෙත් ඉස්සරහට ගෙනියන්නෙත් සිහිනත් බලාපොරොත්තුත් මිස වෙන මොනවද?
ලංකාවෙ ඉන්නකල් රට යන්න සිහින දැකල, රට ගියාම ලංකාවට එන්නේ දකින සිහින අපිව ඉස්සරහට ගෙනියනව වගේම ඒ හීන බිඳුනම අළුත් හීන මවා ගන්නත් උදව් කරනවයි කියලයි මට හිතෙන්නෙ. ඒ නිසා හීන හැබෑ නොවුනට වඩා මටනම් දුක හිතෙන්නෙ එව්ව මවා ගන්න බැරිවෙනකොටයි.
මවා ගත්ත හීන සැබෑ කරගන්න මහන්සි වෙන එක තමයි මගේ නම් ජීවිතේ.
ඒ හින්ද ලංකාවෙ මදුරුවොයි,
දුමයි, ට්‍රැෆිකුයි හින්ද ආයි මෙහෙ ඇවිත් සැප පුටුවෙ නිදාගෙන සිංහල ටෙලියක් බලල, නිව්සුත් පොඩ්ඩක් කියවල රට යන අත ගැන කම්පාවෙන්න හීන මවනතුරු...
... " මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න"....
මගේ සිහින බෙදා ගන්න හැමදාම එන හැමෝටම ජය!
සුබ ගමන් යාළුවා...............
ReplyDeleteගාලු ආවොත් කියන්න........දකින්න ආසයි කවුද මේ කියලා...
මට හිතෙන විදිහට ඔයා එන්නෙ ලංකාවේ මදුරුවො ටික බලල යන්න...... හෙ හේ.......
ගොටු කොළ සම්බෝලයි,මාළු ඇඹුල් තියලුයි, පරිප්පුයි ,පපඩනුයි බතුයි කන්නත් අමතක කරන්නෙපා.
සති දෙකකට කලින් ලංකාවෙන් හම්බ උනා රසම රස අලුත්ම මාලු ඇඹුල්තියල් පාර්සලයකුයි ගොටුකොලයි මෝජුයි කලු දොදොලුයි...පරිප්පු උයල පපඩම් බැදල මිරිස් කරල් බැදල කෑව බඩ පැලෙන්න..අම්මෝ අක්කේ ඒවල රස....!!!!!
Deleteමදුරුවො කාළ, ඩෙංගු වලට බයේ පැනල ගිහින් හපුතලේ ලස්සන තැනක දවස් ගානක් ඉඳල යන්තන් ගිය සුමානෙ දේය්යනේ කියල ආව. ගාල්ල හරහ ගියත් මේ කමෙන්ට් දැක්කෙ තංගල්ලටත් ගියාට පස්සෙ නෑනගෙ ගෙදරදි හින්ද ලබන පාරවත් හම්බුවෙමු.
Deleteමගෙ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න..
ReplyDeleteජයවේව කිව්ව !
සිහිනෙන් මිදුන! ඇත්තටම ඇස් ඇරුන. ඒත් ඒ කරදර මැද සිහිනය වින්ද.
Deleteදෙයියන්නෙ නාමෙට ළමයි මදුරුවංගෙං පරිස්සං කරගන්ට.
ReplyDeleteආයි නිවාඩු යන්න එපා වෙන තරම් දුක් වින්ද ඒ වැඩේ හින්දනම්.
Deleteමම මේකට කමෙන්ට් කරන්න ඕනද එපාද ඉන්දික...
ReplyDeleteඑපා!
Deleteඅනේ.... මේ දෙන්නගේ පෙම් කෙලිය බලපල්ලකො ... LOL
Deleteඊ මේල් කවිකාරි කිව්ව කතාවට එකඟයි . මේ දවස්වල ලංකාවේ ඩෙංගු වගේම ඩෙංගුවලට හුඟක් සමාන වෛරස් උණක් පැතිරේනවා. කෝකටත් පරිස්සම් වෙන්න අයියා
ReplyDeleteඅපේ එහා ගෙදර මලයෙක්ට ඩෙංගු. මිනිහගෙ අම්මට වෛරස් උන. හිතාගත්තෑකි නේද තිබ්බ භය.
Deleteසුභ ගමන් යාලුවා. වාසනාවන්ත නිවාඩු කාලයක් වේවා. අපිටත් ඔය වගේම ලැයිස්තුවක් තියෙනවා. කියවලා බලන්න. ”අපි ගෙදර එනවෝ”
ReplyDeletehenryblogwalker the Dude
ලැයිස්තුවෙන් භාගයක් කරගත්ත, ඉතුරිටික ඊළඟ අවුරුද්දට!
Deleteරට ගිය ඇත්තන්ගේ සිහින...!
ReplyDeleteරටේ ඉන්න ඇත්තන්ගෙ සිහින තරම් බරපතල නෑ නේ?
Deleteසුභ ගමන් සිංහයෝ...බබාලව පරිස්සම් කර ගන්න මදුරුවන්ගෙන්..ඊයෙත් ආරංචියක් ආව අපේ නෑයො බබාල දෙන්නෙකුට තුන්දෙනෙකුටම උණ...:(
ReplyDeleteකුරුළු උණද..!!??
Deleteමේ බුරාට මට පරිස්සමින් ගිහින් එන්න කියන්න අමතක උනාට කිරිල්ලියන්ටනං නම් මොනා මොනා හරි කියලම තමයි යන්නෙ නේද?
Deleteකුරුළු බබාලට හැදෙන්නෙ කුරුළු උණ නැතුව ඩෙංගුද?
සුභ වේවා අයියේ... පරිස්සමින් ගෙහින් එමු.. :)
ReplyDeleteඕන්න ආව. කියන්න විස්තර ගොඩයි සහ කිව යුතු වුනත් නොකිය ඉන්න එක හොඳ එව්වත් එහෙමටයි. හිමීට ලියමු.
Deleteහින තියෙන්නේ දකින්න විදින්න සැබැ කරගන්න නේවැ
ReplyDeleteඅයියේ...කුරින්යා කොල කිවේ මඤ්ඤෝක්කා කොල වලටද..
ලංකාවෙද ළමයො ඉන්නෙ? කුරිඤ්ඤ කොළ කිව්වෙ වෙනම කොල ජාතියක්. හික්කඩුවෙ පොළේ නම් වරදින්නෙ නෑ. හරිම රසයි, අපේ පොඩි උනුත් කන්න කැමති ජාතියක්.
Deleteකූරිඤ්ඤ; කොළ අමු මැල්ලුම හරි සුවඳයි රසයි.
Deleteසමහරු මස් බැද්ද කියන්නෙත් ඒවට.
"ලංකාවෙ ඉන්නකල් රට යන්න සිහින දැකල, රට ගියාම ලංකාවට එන්න සිහින දකින අපි"...
ReplyDeleteසහතික ඇත්ත... :)
සුබ ගමන්!!!
ස්තූතියි. ඔය නම සන්ධි කරල ලිව්වොත් කොහොමට හිටීද?
Deleteඅපි කවුරුත් ගමණක මැද!
ReplyDeleteගමණක් යනවා...පොඩි ගමණක් යනවා..
Deleteහ්ම්ම් ඔයාගෙ දරු පවුල එක්ක ඇවිත් හොදට විනෝද වෙලා යන්නකෝ එහෙනම් .
ReplyDeleteහොඳටම විනෝද වෙන්න තව අවුරුද්දක්වත් ඉන්න වෙනව. ඔය උඩ නිදියන් ඉන්න පොඩි හාදයට අවුරුදු දෙකක් වත් උනානම් තමයි අපි හැමෝටම මීට වඩා ඇවිදින්න කරන්න පුළුවන් වෙන්නෙ. ඒත් ඉතින් එහෙම කියල මේ පාරත් ඇරියෙ නෑ..
Deleteවාසනාවයි!! දෙන්න තුන්දෙනා, හතර දෙනාම සාදරයෙන් ලංකාවට පිළිගන්නවා. නුගේගොඩ පැත්තේ එනව නම් දුරබණු ඇමතුමක් දෙන්න. මොනව හරි කොටාබාන්න යමු.
ReplyDeleteමේ හිත-වත්-කම ට සලකල හරි කතා කොරන්න නොලැබුනාට සමා වෙන්න ඕන. අනිව ලබන පාර එනව.
Deleteසුබ ගමනක් වේවා. පැටියන්ව පරිස්සම් කරගන්ට. මදුරු කරදරේ ගැන මාත් ඇහුවා. ආසාම උනු ටික තමයි අම්මගේ උකුලේ හිස තබාගන්න ටික. ඔය කොල ජාතිය මාත් කාලා නෑ. කාපු, බීපුවා ගැන ආපුවාම පෝස්ට් දාන්ටකෝ.
ReplyDeleteඅද පොඩ්ඩි පියාඹනවා අනික් පැත්තට. අපි දෙන්නා අහසෙදි මුන ගැහෙයිද දන්නේ නෑ.:D
අහසෙදි මුන ගැහෙයිද දන්නේ නෑ......
Deleteකියන්න බෑ, ඔය ප්ලේන් එක මගදි තේ බොන්න නැවැත්තුවාම එහෙම.. ;)
Deleteකාපු කෑම සහ කටු ගැන මිසක් බීපුව ගැනනම් කියන්න තියෙන්නෙ දුමියයි අවංක පැට්ටයි එක්ක ගහපු කොකා කෝල එක ගැන විතරයි. ඔයගොල්ලොද එතකොට අර ආකාස කඩේ අපි තේ බොන්න නවත්තනකොටම බනිසුත් අරන් පිටත් උනේ?
Deleteසුබ ගමන් සිංහයා!
ReplyDeleteස්තූතියි මලයා...
Deleteසාදරයෙන් පිලිගන්නව! පරෙස්සමින්.
ReplyDeleteපිළිගත්තට විතරක් වැඩක් නෑනෙ බං..:D
Deleteසුභ ගමන්. එන්ජොයි ද වැකේෂන්.
ReplyDeleteගමණ පටන් ගත්තෙ මම නෙමෙයි නඟේ උඹ. ඒ නිස ඔයාට සුභ ගමණ්
Deleteසැහැල්ලුවෙන්ම කාලය ගතකරලා සැහැල්ලුවෙන්ම ආපහු යන්න.
ReplyDeleteසැහැල්ලුවෙන් එන්න හිටියට මොකද පොඩි බරකින් තමයි ආවෙ ( වැසිකිළි ප්‍රස්නයක්ම නෙමෙයි ).
Deleteසුබ ගමන්..........
ReplyDeleteThanks!
Deleteඑහෙනම් සති තුන ප්‍රීතිමත්ව ගත කිරීමට ලැබේවා....
ReplyDeleteස්තූතියි. ඇත්තටම ඒක දැන් හිතුවම ප්‍රීතිමත් කාලයක් තමයි
Deleteපරිස්සමට සිංහයා, මේ දවස්වල උණ වර්ග හතර පහක්ම තියනව. පොඩි පැටව් පරිස්සං කරගන්න බලන්න. ප්‍රීතිමත් නිවාඩුවක් සැමට !!
ReplyDeleteඅපිට ඔක්කොටම වඩා උණනෙ, රට ඉඳ ඇවිල්ල. ඒකයි මම භයේ උන්නෙ :D
Deleteපරිස්සමින් ගිහින් වරෙන් . . .
ReplyDeleteඋඹේ ඒ වචන තුන මට මහ කතාවක් කියනව දුකා.
Deleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteකොල්ලන් දෙදෙනෙකුගේ පියෙක් යනු රජෙකි. ස්තූතියි සහෝ!
Delete//ලංකාවෙ ඉන්නකල් රට යන්න සිහින දැකල, රට ගියාම ලංකාවට එන්නේ දකින සිහින අපිව//
ReplyDeleteතදින් හිතට දැනුනා...
සුභ ගමන්
ඇත්ත ඒක නෙමෙද? ගිහින් ආවම ආවම ඒ ගතිය වැඩිපුර දැනෙනව.
Deleteඋඹ ආවේ නැද්ද? ආවනම් කෝ බන්.....?
ReplyDelete"Sadaryan piliganwa" welawak tibunot "blog" yaluwo munagahila yana.
ReplyDeleteJyawewa.....
Sajith Mendis.
"යාළුවෝ" එකෙක් දෙන්නෙක් හම්බෞනා. ඒ ගැන සතුටුයි.
Deleteහරි, එහෙනං උඹත් ලංකාවෙ.... අපිත් එනවා 20 දිහාවට....! හම්බවෙමු එහෙනං....!
ReplyDeleteඋඹ එදා ඩෝප් සීන් එකේ කියපු කරපුව හිමීට කියන්නම්..ඔහොම යමු මචං.
Deletehttp://dukaa.blogspot.com/2012/07/blog-post_22.html?showComment=1343033621836#c2985136438410321745
ReplyDeleteඋඹ ලියන ඒව බොරු කියලා අපි දන්නව බන්..... ඌ ගැන දැන් ලියන්නේ හැමෝම ඌට බනින නිසාද?
රන්ග උඹට කීයක් දුන්නද?
නිකන් දියුවෙන්න හදන මිනිහෙකුට මඩ ගහන්න එපා....උඹලා ගොඩ ගියාට ඌ තාම පොඩි මිනිහෙක්...
මගේ ගාව බොරු නැත. මා මුදල් ඒ දත් දොස්තරගේ නමට, ඔහුගේම බැංකු ගිණුමට යැවූ ස්ලිප්, සල්ලි ඉල්ලූ හා ලැබුනු බව සහතික කල සහ ප්‍රමාදයට සමාව ඉල්ලූ සියලු එස් එම් එස්, ස්කයිප් කතා බහ, ඊ මේල් පණිවුඩ සහ තවත් නොයෙක් සාක්ෂි මා සතුය. එහෙත් නීතිමය ක්‍රියමාර්ගයකට යෑමට වුනොත් යයි සිතා දැනට ඒවා ප්‍රසිද්ධ නොකරණු ඇත ( අද ණය නොබේරුවොත් එය තව දින දෙකක් ඇතුලත වනු ඇත. ඉන් පසු ප්‍රසිද්ධ කරමි ).
Deletehttp://tikakhinawenna.blogspot.com/2012/07/blog-post_18.html?showComment=1342631344166#c7195689174346374682
ReplyDeleteමෙකේ තියෙන්නෙ බොරුද?.....
උඹ ඔච්චර උඩ පනින්නේ පුලුවන්නම් දාපන්කො එලියට....නැත්නම් කියපන් බමුණො එවා විනාස කරා කියලා....
ඌ සල්ලි ගත්තට එවා ඉල්ලන ඉල්ලන වෙලාවට දෙන්නේ කොහොමද?
පොලීසි ගිහින් කොරයි උඹ...
ඇනෝ,
Deleteඋඹේ කමෙන්ට් වලට මට ටිකක් හිනාය.
ඔය කියූ කමෙන්ටුවේ ඇත්තේ බොරුය. එය මට පමණක් නොව බැන්කුවකටද කරන ලද බොරුවක් බව බැංකුවේ හැඟීමයි. සාක්කි මම එළි කරන්නේ මට ඕන වෙලාවට මිස කාටවත් ඕන වෙලාවට නොවේය. මම සල්ලි දුන්නේ ජූනි දහහසය දෙන පොරොන්දුව පිටය. අද ජූලි විසි තුනය. බොරු පොරොන්දු මහ ගොඩක් ඉවසමින් නිහඬව සිටියාට මේවා අපිටත් පාඩම්ය. අද නොගෙව්වොත් තවත් චාන්ස් නැතිය.
මේවාට පොළිසි ගොහින් පමනක් බැරිය. උසාවි යා යුතුය. තව ලක්ස දෙකක් හරි යොදවා වංචා කලවනුට පාඩමක් ඉගැන්විය යුතුය.
දවස් 7ට ඔච්චර අඩන උඹ ගැන මට දුකයි....
ReplyDeleteයාලුකම උඹට වටින්නේ මේ විදිහටද?
එක එකාට කියලා බොරු පොස්ට් දම්මවලා පබ්ලිෂ් කරනවා කියලා තග දාලා කමෙන්ට් කරලා සල්ලි ගන්න බෑ....
දුකාව කඩේ යැව්වෙ ඌ බ්ලොග් අවකාසේ පොර කියලා හිතාගෙන ද?
උසාවි යන්න උනත් ඌ රෙඩි.... අපි ඌ එක්ක ඉන්නවා... මේ කතාව මෙතනින් ඉවරයි.... හැබැයි ලන්කාවෙ අපහාස නීතිය ගැන පොඩ්ඩක් හොයල බලලා බ්ලොග් අවකාසේ රගපාන්න වරෙන්...
උගේ ඉන්ටර්නෙට් බේස්ඩ් බ්ස්නස් ඩවුන් වෙන්න මේ වගේ පොස්ට් එකක් ප්‍රමාණවත්....
ජූනි දහසය සිට ජූලි විසිතුනට දවස් හතද තියෙන්නෙ?
Deleteයාළුකමට කරල කෙලවගත්ත හොඳටම ඇති.
මට කලින් රැවටුන දුකාව කඩේ යැවුවෙ මම නෙමෙයි ඒ අදාල පුද්ගලයමයි.
ලංකාවෙ අපහාස නීතිය යටතට වැටෙන්නෙ මම නොකල දෙයකට කල අපහාසයක් නම් විතරයි. අනික කෙහෙල්කැන් වැට පැන්නට මම තාම නම ගම කියල නෑනෙ. ඒ නිසා ඉල්ලන් කන එව්වට මට කරන්න දෙයක් නෑ. අනික මගෙත් එක්ක හැප්පෙන්න එනවනම් තව සල්ලි ටිකක් ණයට අරන් එන්න කියපන්.
ඉන්ටනෙට් බේස් බිස්නස් විතරක් නෙමෙයි තව දේ නැතිවෙන්න පුළුවන්. මොකද මණුස්සකමට කරපු උදව් අරන් මටම කෙලවන්න ආවොත් ඒකට අදාල දේ නොකර මම පස්ස බලන්නෙ නෑ.
ඉන්දික කරලා බලමු එහෙනම්. උඩ comment දාපු එකා වගේ බොරු talks ඔන නෑ. අපි බොක්කෙන්ම Abee එක්ක.
ReplyDeleteමුන් ඔක්කොමලා ලංකාවට ගිහින් ට්‍රිප් යනවා මම විතරක්ද කොහෙද මෙහේ ගෙම්බෝ හපනවා.
ReplyDeleteමේ අන්තිමට තියෙන කොමන්ට් එක දැක්කම ටිකක් ඔළුව අවුල් වුනා.
ඒත් හිතා ගන්න පුළුවන්. යාළුකමට සල්ලි දීලා ඒ කියන වෙලාවට ආපහු නොදැනුනාම තියෙන දුක මාත් දන්නවා. ඇත්තටම එතකොට අර දීපු සල්ලි ගැන නෙමෙයි අවුලක් දැනෙන්නේ. මේ වගේ ඒවා අසූ හාර දාහක් වෙලත් තවත් අවුල් වෙන්නේ අපිමයි. ඒ ඔක්කොටම හපන් මචන් මුන් අන්තිමට ඇවිත් දාන පාට් දැක්කම පොලව පලාගෙන යන්න හිතෙන්නේ....
මම නම් මචන් මටම ඔළුවට ගහ ගන්නවා ඔය වගේ දේවල් වුනාම. අනුකම්පාව සානුකම්පාව වුනාම වෙන කරන්න දෙයක් නෑ.
ඒත් දැන්වත් මේ සයිබර් ලෝකෙ හරහා වෙන අකටයුතුකම් නතර වෙන්න ඕනේ කියලා මාත් තදින් හිතනවා. අර සයිබර් ක්‍රයිම් ලෝ එක දන්න එක්කෙනාට පොඩ්ඩක් වැරදිලාද කොහෙද?
මචන්, පොඩ්ඩක් ඉවසීමෙන් හිතලා උත්තර දීපන් . .
ReplyDeleteමේ ඇනෝ කොමෙන්ට් බුවාගේ තරහා කාරයෙක්ගේ වෙන්නත් පුලුවන් . . .
හදිසි වෙන්න එපා මචං . .
umbata wada tharaha kaarayek innawada uoota?
Deleteමම උගේ තරහ කාරයෙක් නෙමේ . . ඔයාට වැරැදිලා
Deleteමචන්, මමත් ඔක්කොම කියෙව්වා... දත් දොස්තරලට උඹලා අහුවෙලා ඇති.. ඒත් උඹලගේ ගණුදෙණු මේ බ්ලොග් අවකාශෙන් එළියෙ තියාගත්තානම් හොඳ.. ඒව පුද්ගලික දේවල් නිසා... අහක ඉන්න නයි දාගෙන කෑවෝ කියලා බෙරිහන් දෙන්නෙ නැතිව තම තම ගණුදෙණු පාඩුවේ විසදගත්තානම් තමයි හොඳ... ඌ පොලු කාරයා කියලා කවුද බන් නොදන්නේ.. දැන් උඹත් පෝස්ට් එකක් දාලා හිට් ටිකක් වැඩි කරගනින්.. බ්ලොග් අවකාශය පජාත කරලා දාපල්ලා...
ReplyDeleteමම අද තමයි මේ බ්ලොග් ඔක්කොම කියෙව්වේ... අභියා ඉල්ලන්න ඇති.. උඹලා දෙන්න ඇති... ඒක මේ බ්ලොග් අවකාශෙට වටිනවද? මීට කලිනුත් ඌ ගැන ඕන තරම් කසු කුසු තිබ්බා.. මටත් ගොඩාක් දෙනෙක් කිව්වා.. මම ඒ නිසා උගෙන් පරිස්සම්.. වෙන එකක් තියා ඌ ලෙසටම ඇරපු ඕනයාත් මට කිව්වේ සල්ලි සීන් නැත්නම් ඌ හොද මිනිහෙක් කියලා... දැන් පෙරහැර ගිහින් ඉවරයි.. උඹලගේ සිද්ධි උඹල පොඉසියත් එක්ක උසාවිත් එක්ක බේරගන්නවානම් හොදයි මෙතන කක්කා කරන්නේ නැතිව.. මෙච්චර සිරාවට බ්ලොගක් කරගෙන ගිය දුකා, උඹත් වැටුනනෙ මේ මඩ ගොහොරුවට..
ReplyDeleteමම අභියගෙන් මේ සිද්දිය ගැන ඇහුවා ,දැනට දවස් දෙකකට කලින් අභියා කියන විදියට අභියා සල්ලි දීලා තියෙනවලු මම එකේ ඇත්ත නැත්ත දන්නේ නැහැ ,නමුත් මම බ්ලොග් අවකාශයේදී අහලා තියෙන කරුණු නිසා විතරක්ම නෙමේ මම මගේ ප්‍රතිපත්තියක් විදියට කාටවත් සල්ලි නයට දෙන්නේ නැහැ මොකද සල්ලි මැදට ආවහම යාළුකම් නැතිවෙනවා එක මම හොදින්ම දැකල තියෙන දෙයක් .මෙතැන ප්‍රදාන වශයෙන්ම කියන්න තියෙන්නේ දැන දැනම වැරදි කරානම් තම තමන් ඒවා තනි තනියෙන්ම විසදා ගන්නවානම් හොදයි මේ වගේ වැඩ වලින් වෙන්නේ සිංහල බ්ලොග්කරුවන් අතර තියෙන එකමුතුකම දැනට තියෙන තත්වයටවත් නැතිවෙලා යන එකයි .
ReplyDeleteදුකා අයියේ ..
සල්ලි දීපු අයටයි සල්ලි ගත්ත අයටයිම මේවා බේරගන්න දීලා අපි බලාගෙන ඉමු නේද ?
මචං රොබින් උඹ සමහර විට මේවා දකින්න නැතිව ඇති. මේක වසංගතයක්. හැදෙන එකෙක් නෙවෙයි.
Delete1 මාරයා
2 වැප්
3 ඕන මැන්ටල්
4 සෝරෝ
1 සහ 2 ගැන නම් දන්නේ නැහැ මචන් නමුත් 3 සහ 4 සිද්දි ගැනනම් දන්නවා ...
Deleteරොබින්,
Deleteමේ මොහොත වනතුරුත් මේ ප්‍රස්නෙ විසඳිල නෑ. මේක බ්ලොග් අවකාශෙට ගේන්න ඕන වගේම තව කෙනෙක්ට මෙහෙමනොවෙන්න නම ගම ඇතුව මේ ගැන කියන්න ඕන. මොකද මේ හිතවත්කම් ඇති උනේ බ්ලොග් නිසා සහ මට සල්ලි දෙන්න කලින් ඕන නම් විස්තර අහපන් කියල රිෆර් කලෙත් තව බ්ලොග් කාරයො කීප දෙනෙක් ( දුකත් ඇතුළුව ). ඒ වහේම මේ වැඩේ තව පිරිසකටත් මේ විදියටම කරල තියෙනව. ඒත් ඒ කවුරුත් නම ගම ඇතුව මේක නොකිව් නිසා තමයි පුදගලිකව චැට් නොකරන, බස් නොපදින සහ මූණු පොතේ බ්ලොග් කරුවන් ඇසුරු නොකරන මම මෙයට අහු උනේ. මං වැට්න වලේ වෙන උන් වැටෙන්න දෙන්න එක හරිද? බ්ලොග් නමින් අඳුනගෙන හිතවත් කමින් අයුතු ප්‍රයෝජන ගන්න එක හරිද? ඒවට ඉඩ දීමද හරි බ්ලොග් කලාවක් කියන්නෙ. දැන් මම ටිකක් බිසී, ඒ නිස හෙට උදේට කට්ටියගෙ රෙදි ගලවන්නම ( අද සල්ලි නුදුන්නොත් )
ඒ කියන්නේ අද සල්ලි දුන්නොත් අවුලක් නෑද?
Deleteඅනේ උඹලගේ අවංක කම ගහගනින් පශ්චාත්භාගයේ. මේක දැන් ට්‍රෙන්ඩ් එකක් වෙලා. අබීතයගෙන් සල්ලි ගන්න තියෙන උන් මෙහෙම පෝස්ට් එකක් දැම්ම ගමන් ඌ තව කාට හරි කොලේ වහලා ගාන හොයං ඒ නය පියෝනවා. අන්න එතකොට කලින් බුදු ටෝක් දුන්න සාධාරණත්වය ගැන අවංකකම ගැන ඇගේ මයිල් කෙලින් වෙන්න කියාගෙන ආව අය සද්දේ වානවා. ඕක තමා බං එදත් උනේ.අදත් උනේ. උඹලා කටයි අනිත් පැත්තයි වාගෙන හිටාල්ලා.ඌ හෙටත් කාට හරි පොල්ල තියයි.මේක දැන් අබීතයාව බය කරන මංතරේ වෙලානේ ඩෝ
ඉන්දික,
Deleteඅනෙකුත් බ්ලොග්කරුවන් මෙවැනි දෙයක ගොදුරු වීම වැලැක්වීම ඔබගේ ලිපියේ පරමාර්තයනම් එය මහගු කාර්යයකි ,
ඔබට සුදුසු යැයි සිතෙන යමක් කරන්න එය ඔබේ අයිතියයි ,තමන්ගේ මතය හා අදහස් තමාගේ බ්ලොගයේ පල කිරීමේ අයිතිය එහි හිමිකරුවට හිමිවිය යුතුබව මම තරයේ අදහමි
මම හිතුව ඕක අහයි කියල.ඌ සල්ලි දුන්නොත් මම මොකටද එස් එම් එස් ඊ මේල් පබ්ලිෂ් කරන්නෙ? ඒත් මට උන කරදරය සහ රස්තියාදුව ගැන කියනව. සල්ලි නුදුන්නොත් මට කල වංචාව ගැන කියනව. දෙකේ වෙනස එච්චරයි.
Deleteමම හිතුව ඕක අහයි කියල.ඌ සල්ලි දුන්නොත් මම මොකටද එස් එම් එස් ඊ මේල් පබ්ලිෂ් කරන්නෙ? ඒත් මේ ගැන දුකාගෙ පෝස්ට් එක සහ මගේ කමෙන්ට් නිසා තව කෙනෙක් අහු නොවෙන තැනට වැඩ කෙරිල නැද්ද? හැබැයි සල්ලි නුදුන්නොත් මට කල වංචාව ගැන සියලු විස්තර සාක්කි ඇතුවම කියනව. වෙනස එච්චරයි.
මට කාවවත් භය කරන්න පෝස්ට් දාන්න ඕන නෑ. තව සලී ටිකක් විසි කරානම් භය කරන්න ඕන මිනිස්සු ගන්න එක මහ දෙයක් නෙමෙයි. ඒ නිසා මේ ගැන මෙතන කියන්නෙ ගත්තු එකාව භය කරන්න නෙමෙයි දෙන්න ඉන්න උන්ව භය කරනයි.
උඹෙන් කීයක් ගත්තද?
ReplyDeleteඅභියා බය වෙලා....... හැබැයි මචන්ලා ඌ උගේ ජීවිතයට මොකක් හරි කරග්ත්තොත් මේ අවකාසෙ රගපු ඔක්කොම වගකියපල්ලා....
ReplyDeleteතමුන් වපුරපුවා තමයි දරුවෝ තමුන්ට නෙලා ගන්න වෙන්නේ
Deleteඅම්මට උඩු අබියා බය වෙලා?හීනෙන් තමයි පුතා.උඹ ඌ ගැන දන්නේ නැහැ.ඌ මේ වෙනකොට මේකට තව ගැටයක් ගහලා ඇති. තව එකෙකුට මොනවා හරි කලාට ඌ උගේ මයිලකටවත් මොනවත් හානියක් කර ගන්න එකෙක් නෙවෙයි.
ReplyDeleteකොට කොට යනකොට කොට්ටෝරුවා උනත් ජීතේට හිතන්නෙ නැතිව ඇති ඌට කෙසෙල් ගසුත් හම්බවෙයි කියලා.....!
ReplyDeleteබ්ලොග් අවකාශේ සක්විත්තා - උඹට මේවා හොඳ පාඩම්.....!
අභිත මිසින් වගේ.... මට පේන හැටියට ඉන්දිකට හුලන් වගේ...
ReplyDeleteඅපි අබේ කලුපාටයි කියලා කියද්දී සුදු පාටයි කියුව බ්ලොග් මහත්වරුනි, මහත්මියනි, දරුවනි, දැරියනි, අම්මේ, තාත්තේ, අක්කේ, අයියේ,නන්ගියේ, මල්ලියේ තොප සියල්ල දැන් නිහඩ ඇයි.
කෙල උනේ තමන්ට නොවෙන නිසා අධින සිහල කැනහිලුන් සේ කට පියන් සිටීම තොපේ ගතිය බව අපි දැන සිටියෙමු.
අනේ ඔයා කෝ අබේ.... ඔයා හැන්ගිලා පිප්පි කරනවාද? ඔන්න අපි හොයන්න පටන් ගන්නවා සීයට ගැනලා...... එකායි.....දෙකායි....
ReplyDeleteඕකා ගැන අපි කොච්චර කියද්දිත් අර බඩ තඩි දුමියා තමයි ඌ පව් කිය කියා තව චාන්ස් දෙමු කිය කියා ඌව නැලෙව්වෙයි ඌව ගිහාන්ස් එකේ තියාගෙන බොන්න දුන්නෙයි.
ReplyDeleteඋඹ නඩු දානවන් බඩ තඩි දුමියටත් එක්ක නඩු දාපන්.