Tuesday, September 20, 2011

ලිං කටින් සෙවූ විමුක්තිය...III


කියවන්න - ලිං කටින් සෙවූ විමුක්තිය...II

පුංචි sms එකක් නිසා හිතට ආපු තිගැස්ම දන්නෙම නැතුව මහ දිග කතාවක් ලියන්න පටන් අරන්.
මෙගා එකක් බලන්න වගේ පිරිස නැතුවට හිතේ තීන අමුතු හැඟීම තුනීවෙන්නකල් හරි ලියනව කියල හිතුව.
මතක තියාගන්න මේක ආදරේ හිතෙන ආදර කතාවක් නෙමෙයි, වෙන මොකක් හරි එකක්..

මුල එපිසෝඩ් දෙක ඔන්න පහල තීනව, බැළුවෙ නැති අයට!

වෙනදටත් වඩා පරක්කුවෙලා අම්මගෙ කටේ සද්දෙට නැගිට්ට ඉස්කෝලෙ යන්න ලෑස්තිඋනේ හරකෙක් මස් මඩු ගෙනියන ගානට. වෙනදට උදේට බස් හෝල්ට් එකේ ගිහාණිගෙ සුන්දර මුහුණ දකින්න යන්න කොයිතරන්නං සැරසිලද එළියට බහින්නෙ. ඒත් අර හිත ගුටිකාපු හින්දද මන්ද ඇඟට කිසි ෆිට් එකක් නෑ.

තාත්ත කියපු කතාව ඇත්ත වෙන්න පුළුවන්ද? කොල්ලො පස්සෙ මට විහිළු කරයිද, මම නිකං මොඩයෙක් වෙයිද වගේ ප්‍රශ්ණ ගොඩක් අස්සෙ ගොළුමඩම හන්දියට ආවද එවුනද මන්ද.

බන්ඩාරයයි හසිතයයි මං එනකල් කෙල්ලොන්ගෙ ගවුංවල හැඩ බලනව.

මුන් දෙන්නට ඉස්කෝල් යන කෙල්ලොන්ට වඩා ඔෆිස් යන උන්නෙ පේන්න බැරි. අනික අක්කල මල්ලිලගෙ විහිළුවලට ඇඹරෙනවත් වැඩිනෙ, ඉති හැමදාම උදෙම්ම ඇවිත් ස්කූල් බස් එක එනකල්ම එක එක කෙල්ලොන්ගෙ බ්‍රෙසියර් වල හක් ගලවන විදියයි, කළිසම ඇඳන් චූ කරන හැටියි, හුළං වදින කියුලට් ගැනයි කියෝ කියෝ ඉන්න එක තමයි වැඩිපුරම කරන්නෙ.

වෙන්දට මුන්ගෙ වැඩ අස්සෙ පැණි පිරිච්ච පෙම් බැලුන් බල බල ගිහාණි පස්සෙන්ම එන මං තනියෙං මොකද කියල උන් අහනකල් මටවත් හිතුනෙ නෑ.

“එතකොට එයත් අද ඉස්කෝලෙ යන්නෙ නැද්ද…..?”

මගේ අවුල් වෙච්ච මූණ ටක්කෙටම බන්ඩ කියෙව්වෙ "ගිහාණිලගෙ අම්මට උඹලව මාට්ටුද" කියල!

“ගිහාණිලගෙ විතරක් නෙමෙයි බං අපේ තාත්තටත් මාට්ටු…..!”

“හුxxx...%#$%^$*&^%(^%(”

හසිතයගෙ සොඳුරු සුන්දර වදන් සෙට් එකට මුංගෙන් කිචිකවා ගන්න අක්කල දෙන්නෙක් මල කනේ ගහං හැරිල බැලුවට ඌට වගේ වගක් නෑ!

උඹ අම්බානෙකට කන්න ඇති එහෙනං. ඒකයි මූ මේ වැනි වැනි ආවෙ. කෝ කට ඇරපන් බලන්න දත් අඩුද කියල..

“කෑ ගහන්නෙ නැතුව හිටපන් හුxx...ගුටි කෑවෙ නෑ..”.

“අනේ පළ යකෝ බොරු නොකිය...උඹලගෙ තාත්තගෙන් මෙහෙම එහෙකට ගුටි නොකන්නනං ඉතින් අංකල්ට කොටියෙක් වෙඩි තියල අම්බානෙකට උන වෙන්න ඔනෙ...”

“නැත්තං උඹ ඊයෙ රෑ ගෙදර නෙමෙයිද හිටියෙ...”

දැං මු දෙන්නගෙ පැණ විසඳුම් මුළු හෝල්ට් එකේම උන් අහගෙන...ඇයි ඉතින් දෙන එක දෙන්නෙත් දොඹෙන්නෙ...ඒ උනාට හදිසියෙවත් මුන්ට රැස්වීමක කතා කරන්න කිව්වොත් චන්ඩි කියන ඒව ඇහෙන්න ඈම්ප් දෙක දෙක දාන්න ඕන..!

“මෙහෙම කියන්න බෑ...වරෙන් අපි ගල්කිස්සට යමන්කො සීන් එක කියන්න...”
කියල කිව්වෙ මේ සෙනඟ ගොඩේ මුන් එක්ක මුළු විස්තරේම කියෝන හරි නැතිවේගෙන යනබව තිරුන හින්දයි. තව හිටියොත් මින් පස්සෙ බස් එකට නගින්න කඳවල පාර ගාවට බඩගාන්න වෙනව ෂුවර්, මොකද අපේ කාඩ් අපිමනෙ ඉතින් මේ පොලේ ගහගන්නෙ කුඩු කරගන්නෙ..!

“හරි යමන්කො එහෙනං...”කිව්වට අපිට ඕන ඕන වෙලාවට් සීටීබී බස් තීනවැයි, අනික තිබ්බත් නවත්තන්නෙ උන්ට ඕන විදියට මිසක් අපිට ඕන විදියට නෙමෙයිනෙ.

“ඒ අන්න සයන්ස් එකේ බස් එක එනව ඒකෙ නැගල ගල්කිස්සට යමන්...”හසිතය පාරෙ එහා පැත්තෙ ලේන් එකේ ආව හිස් බස් එක දැකල කෑ ගැහුව විතරයි වැඩි ඇහිල්ලක් බැලිල්ලක් නෑ, සෙට් එකම ෆුල් ස්ටන්ට් පාරක් දාල දඩ බඩ ගාල එල්ලුනා..

බස් එකට නැග්ගට මොකෝ එක ඉස්කෝලෙ ළමයෙක් නෑ, ඔක්කොම පාට පාට සූට් ගහපු ලොකු අය්යල අක්කල...

ඒ අස්සෙ හිටපු කැහැටු පොරක් එකපාරට උගෙ රැවුල් හිටවන්නගත්ත මූණ පුප්පල කියපි... ”ආ..ආ මල්ලි මේක මෙඩිකල් කොලෙජ් බහින්න බහින්න...” කියල..

“හුටා මේක සයන්ස් නෙමෙයි මෙඩිකල්නෙ බං...”හසිතයට කියවුනෙ ඌ දැන් ඉඳල ඉවරයි අපි මේකෙන් බැස්සුවොත්නං කියල හිතල වෙන්නැති..
එකපාරටම මූ...

“හරි හරි අය්යෙ විද්‍යා විද්‍යාලෙ මොකද වෛද්‍ය විද්‍යාලෙ මොකද අකුරු දෙකේ වෙනසනෙ, ඔන්න ඔහේ දාගෙන යන්න...”

කියල කියපු විදියට මුළු බස් එකේම උන්ට හිනා..

අර අය්ය කාරය උගෙ කැහැටු මූණත් අරන් නිකං සජිකල් ස්ප්‍රීට් වගේ වාෂ්ප උනා.

හොඳ වෙලාවට බස් එක අවුල් නිසා අරුන් දෙන්නත් සද්දෙ වහගෙන හිටිය, මගෙන් මුකුත් ඇහුවෙ නෑ, මාත් අර වමාර කන ගොනා වගේ මුළු සීන් එකම රිවයින් කර කර බල බල ගල්කිස්සටම ගියා.

බස් එකෙන් බැහැපු ගමන් සුපර් මාර්කට් එක එහා පැත්තෙ නවත්තල තිබ්බ එකසිය පණස් හතරකට රිංගුවෙ සීන් එක නිදහසේ දිගාරින්න.

කතාව මුල ඉඳල අගටම අරුංගෙ ප්‍රශ්ණ, ගැටපද ලිහ ලිහ කියල ඉවර උන් ගමන් දෙන්නම දුන්නෙ එකම අවවාදය.

“උඹලගෙ තාත්තට පිස්සු බං. උඹට ඒකි ආදරේ එනං ඒකි උඹට ආදරේ නං වෙන මොනාද බං. අනික මේ කමල ඇන්ටිව උඹ කර උඩ තියන් ඉන්නවද. අනික ඔය පරණ කතා මොන මඟුලට ගනං ගන්නවද, පිස්සුද බං ඕගොල්ලො ඔහොම තමයි, මොන බයිල කිව්වත් අන්තිමට අපි සෙට් කරගන්න ඒවට කවදාවත් කැමතිවෙන්නෙ නෑ..ඕව ඔක්කොම හරියනව බං කාලෙත් එක්ක...අම්මල තාත්තල ඔහොමම තමයි උඹ කියපන් තාත්තටත් නැවැත්තුව කියල, ඒකිටත් එහෙමම කියන්න කියල ඕක සීක්‍රට් එකේ කරන්පලයන් පාර දිගේ පැණි හල හල චාටර් වෙන්නැතුව ...”

වගේ බොහොම සිත දිරිගන්වන, කළ්‍යාන මිත්‍ර උපදෙස් ටිකක් සහ අපේ තාත්තගෙ සහ සියළුම තාත්තලාගේ මොඩ වැඩ ගැන් දොෂාරොපන කිහිපයක් තමයි.

මගේ අතිජාත මිත්‍රයන්ගෙන් ලැබිච්ච වටිනා උපදෙස් නිසා හිතට ලොකු ගැම්මක් එක්ක මාර ගටක් ආවෙ.

“හරි..තාත්තටයි උන්ගෙ අම්මටයි xx ගන්න කියල මං මේක කරනව...”එහෙම කියල අපි සෙට් එක බස් එකෙන් බැස්ස යන්න කිට්ටු පනස් හතර සීටීබී එකකට නගින්න හිතං.

ඔන්න ඔය අස්සෙ එකපාරටම හරෝපු දෙසිය පනස් පහක ඉඳල බැහැල එන සුදු ගවුන් ගොඩක් දැකල අරුන් දෙන්න ස්ලෝ උනා, අර පුරුදු දණිස් අමාරුවටදත් මන්ද.

“ආ… ඉන්දික අය්යෙ...මේ...”

කවුද බොලේ ඇලිස් කියල බලනකොට මෙන්න ගිහාණිගෙ යාළුව සුමුදු මං ඉන්න පැත්තට පෙරළෙනව ඇස් බෝල කරකර. පොළව හොල්ලන් ආව අර තඩි සරීඉරෙ යන්තන් මං ගාව නැවතුනා...


කෝ ගිහාණි...

“එයා එනව...අද එහා හෝල්ට් එකෙන් බහිනව කියල පිටකොටු බස් එකක නැග්ග. ඔයාට මේක දෙන්න කිව්ව...දවල්ට එයා එනකල් ඉන්න එපා කියන්නත් කිව්ව...”

කියල පොඩියට නවපු ලස්සන සුදු කොළයක් අර වංගෙඩි කකුල් වහගත්ත ගවුමෙ සාක්කුවකි ඇදල අරන් දුන්න..

ලියුමෙ තිබ්බ ටික හෙට නිද්දට...බනින්න එපාල. අමෙහෙ ආයි කරදර...රෑ වෙන්න කලින් ගෙවල් වල යන්න ඕන...

ලිං කටින් සෙවූ විමුක්තිය...අවසාන කොටස!

29 comments:

  1. ෂික් .කතාවෙ හොඳම හරියට එනකොට තමයි මුන්ට ගෙවල් තියනව කියල මතක් වෙන්නෙ.:D
    අපරාදෙ කියන්න බැහැ..කතාව නම් නියමෙට ලියලා තියනවා...ඇත්ත සිද්ධියක් වුනත් මේ වගේ ප්‍රාණවත්ව ලියන්න හොඳ හැකියාවක් තියෙන්න ඕන....

    ReplyDelete
  2. බනින්නැතුව කෝමෙයි.....
    ලස්සනට කතාව නම් යනව....ඕම යං ඕම යං...

    ReplyDelete
  3. හප්පා.... ඒක තමයි, ඔය වයසෙ ලමයි අහයිද තාත්තලා කියන දේවල්? :)

    ReplyDelete
  4. මොකද්ද බං මේ කුජීත වැඩේ .. හොඳම හරිය කාලා .. අනේ බං මේක ලියාපංකෝ ඉක්මනට

    ReplyDelete
  5. කතාවේ හොදම ටික කියවන්න ඉතින් හෙට අනිද්දා වෙනකන් බලන් ඉන්න එපැයි.....

    ReplyDelete
  6. අඩො %&*@&@))&@__@^%#* අනේ ලියපන් අයියේ..හැමතැනම බලාපොරොත්තු කඩවීම් වලින් හෙම්බත් වෙලා ඉන්න ජනතාවට බ්ලොග් එකකෙනුත් මෙහෙම කරන්න එපා දෙයියො,...හිකිස්

    ReplyDelete
  7. මන් හිතුවේ තාත්තට කීකරු වුනා කියලයි. කෙල්ල බැහැ කිව්වා නේද

    ReplyDelete
  8. //පුංචි sms එකක් නිසා හිතට ආපු තිගැස්ම දන්නෙම නැතුව මහ දිග කතාවක් ලියන්න පටන් අරන්. //

    මේක මුල කොටසක තිබුනු කෑල්ලක්ද? නැත්නම් කතාව කියන්ට පටන් ගත්තේ, මේ හන්දද?

    පිරිමි ලමයින්ගේ දෙබසුයි, එයාලා හිතන විදියයි (අපූරු උදාහරන ) කොච්චර වෙනස්ද කියලා තමයි මම මේ කල්පනා කරන්නේ.

    කතාව ලස්සනට ගලාගෙන යනවා. ඒක කඩන්ට එපා අනේ.....

    ReplyDelete
  9. එහෙනම් කෙල්ලටත් හොඳ ලෙක්චර් එකක් හම්බෙලා වගේ. හයියෝ ඔය දේශනා නම්. බ්‍රේන් වොශ් කරනවා.

    ReplyDelete
  10. අනේ තාත්තා අච්චර හොදින් කියලාත් අහලා නෑ නෙ. ඕකට කියන්නෙ ඉතිං වයසෙ වැරැද්ද කියලා.

    ReplyDelete
  11. 2 සහ 3 කොටස් දෙකම දැන් කියෙව්වෙ...

    සිංහ බාහු මොකද කියන්නෙ ඉක්කෝලෙ ගැන... ?

    තාත්ත දීපු ටෝල්ක් එක නම් මසුරන්... ඒ කාලෙදි ඕකෙ වැදගත් කම නොපෙනුනාට වයසත් එක්ක ඒ උපදෙස් මොන තරම් වටිනවද කියල තේරෙනව.

    ඒකට වසවර්ති යාළුවො... හක් හක් මතක් වෙද්දිත් හිනා යනව උන්ගෙ උපදෙස්.. අපි දීපු උපදෙස් ඒ කාලේ.

    ඉක්මනට දාපන්කො බන්... හොඳම ටිකේ නවත්තනව.

    ReplyDelete
  12. බ්ලොග් මෙගා.. නැගලම ගොයින්..
    එළ ඈ.....

    ReplyDelete
  13. ලකී,

    කතාව ලියාගෙන ලියාගෙන ලියාගෙන යනකොට ඔන්න හාමිනේගෙන් මිස් කෝල් එකක් :))

    ස්තූතියි වර්ණනාවට...මං හිතුවෙ මම ලියන ඒවත් අපේ උන්දැගෙ මැල්ලුං වගේ මෙලෝ රහක් නෑ කියලයි...:))

    ReplyDelete
  14. පිසාචය,

    බයින්නෙපා බං...ඔන්න ඔහෙ හිමීට යං...

    ReplyDelete
  15. සයුරි,

    හප්පේ ජපන් බෝනික්කිට ආයිබෝන් කිව්ව මෙන්න...

    දැං කියලත් ඉතින් වෙනසක් නෑ බැළුවම...:))

    ReplyDelete
  16. සඳරු,

    උඹ නං කියයි මලේ,, මගේ කෑම පර්මිට් කැන්සල් වෙනව මේ රෑ වෙනකල් කන්තෝරුවෙ ඉඳන් ලිව්වෙ මේ ඉස්ටෝරිය කියල උන්දැ දැනගත්තනං...

    ReplyDelete
  17. ඩිනේෂ්,

    ඔය වයසට ඉවසන්න පුරුදුවෙන්න ඕන...

    ReplyDelete
  18. පැන්ඩො,

    උඹෙ වචනවලට මට දුක හිතිලයි මල පැන්නෙ...මයෙ දෙය්ය හෙට වෙනකල් හිටහන්කො චුට්ටක්..

    ReplyDelete
  19. බින්දි,

    ඔයා තාම කොල්ලො ගැන දන්නෙ නෑ, කෙල්ලො ගැන දන්නව උනාට නේද? දුවෙක් ඉන්න අම්මෙක්නෙ ඉතින්..

    ReplyDelete
  20. කුමාරිහාමි,

    "මේක මුල කොටසක තිබුනු කෑල්ලක්ද? නැත්නම් කතාව කියන්ට පටන් ගත්තේ, මේ හන්දද? "

    මේක හින්දයි ලියන්න ගත්තෙ. එක පාර පොල්ලෙන් ගහනව වගේ කතාව පටන් අරන්ගන්නැතුව නිකං නම් දාන්න වගේ ඕක ලිව්වෙ..:))

    "පිරිමි ලමයින්ගේ දෙබසුයි, එයාලා හිතන විදියයි (අපූරු උදාහරන ) කොච්චර වෙනස්ද කියලා තමයි මම මේ කල්පනා කරන්නේ."
    තාම තනිකඩද:))

    ReplyDelete
  21. පිණි නඟා,

    හපෝ මෙන්න මෙයත් කාල වගේ අළුව...:))

    ReplyDelete
  22. නිසුපා,

    අහල නැද්ද කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි කියන කතාව..

    ReplyDelete
  23. පිස්සා පළාමල්ල,

    කොහෙද සහෝ ගිහින් උන්නෙ?

    සිංහබාහුගෙ ඉස්කෝලෙ කතා එමටයි, මේක ඉවරවෙලා පෝස්ට් එකක්ම දාන්නනං..

    පොඩි ඇඩ් එකක් දානවනං ඒකට එන අම්මල ටික දැක්කම මට එතන සිකුරිටි ජොබක් ඉල්ලගන්න හිතෙනව බං :))

    ඒ දවස්වල අපිට වැඩිය කවුද බං දන්නෙ..!

    ReplyDelete
  24. මාතලන්,

    කොහෙද වහං වෙලා උන්නෙ?

    මෙගා කිව්වට මෙගාම නෑ, නිකං මෙගා වගේ...

    ReplyDelete
  25. ඔය ලොකුවට පේන තාත්තලා වැඩියම සැර නෑ. එකයි කියන්නේ... අයේ ජීවිතේටම....

    (කියවලා නම් යනවා හැමදාම. කොමන්ට් කරන්න මට කම්මැලියි අනේ..)

    ReplyDelete
  26. හෙට ලියනවා නේද ඉතිරිය ?

    ReplyDelete
  27. එන්නත් පරක්කු වෙච්චි එකේ ඉතිරි කොටස ගැන අහන්නත් මොකක්ද වගේ,, ඔය ඉඳල තියෙන්නෙ සෝයි මිත්තරයො ටිකකුත්,, හැබැට ආයෙත් කළබළද ඔහෙ? පරිස්සමින් !!!

    ReplyDelete
  28. අද කතාව දාන වෙන්නෙ නෑ. අපේ දූපතට යන පාරත් වහලලු! කලින් ගෙදර යනව, හෙට අවුලක් නොතිබ්බොත් ලියන්නම්.

    ReplyDelete
  29. අඩේ උඹ බස්සෙකට නගින්නේ ගොලුමඩම හන්දියෙන්ද බං. එතකොට ගෙවල් කොහෙද? බොරුපනද? කල්දෙමුල්ලෙද? කල්දෙමුල්ලේ නම් උඹයි මායි එක බෝට්‍ටුවේ...... :D

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails